Wednesday 31 July 2013

පාලිත රංගේබණ්ඩාර සහ අශෝක් අබේසිංහ යළි එක්සත් ජාතික පක්ෂ වැඩ

Ashoka range 410px 01-08-13පාලිත රංගේබණ්ඩාර සහ අශෝක් අබේසිංහ යන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට කොන්දේසි විරහිතව පක්ෂ සාමාජිකත්වය යළි ලබා දීමට ඊයේ (31) පැවති සාකච්ඡාවකදී තීරණය වී ඇත.
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ අදාළ මන්ත‍්‍රීවරුන් දෙදෙනා අතර මෙම සාකච්ඡාව ඊයේ පැවැත්විණ.
අදාළ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව පැවැත්වෙන විනය පරීක්ෂණ ද සම්පූර්ණයෙන්ම නවතා දැමීමට එජාප නායකයා එහිදී පොරොන්දුවී ඇත.
එම සුහද සාකච්ඡාවේදී ගත් තීරණය අගෝස්තු මාසයේ පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගන්නා බවටත්, ඒ පිළිබඳව ලිඛිතව දැනුම්දෙන බවටත් රනිල් වික්‍රමසිංහ මහතා  ද එකඟ වී වූ  බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසිය.
පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයට පටහැනිව යමින්, එක්සත් භික්ෂු පෙරමුණ  විසින් කොළඹ හයිඩ් පිටියේ සංවිධාන කර තිබු, ජනහමුවකට සහභාගිවීම සම්බන්ධයෙන් මෙම මන්ත‍්‍රීවරුන් දෙදෙනාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විනය පරීක්ෂණයක් කැඳවා තිබු අතර, එහිදී මෙම මන්ත‍්‍රීවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබිණ.

එක්සත් ජාතික පක්ෂය නායකයින් පත් කරනු ලැබීය

මධ්‍යම වයඹ සහ උතුරු පළාත් සභා මැතිවරණ සඳහා ඒ ඒ දිස්ත්‍රික් නියෝජනය වන පරිදි කණ්ඩායම් නායකයින් දස දෙනෙකු එක්සත් ජාතික පක්ෂය (30දා) පත් කරනු ලැබීය. ඒ අනුව
 
*මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික් ණ්ඩායම් නායකයා ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී ලකි ජයවර්ධන

*නුවරඑළිය දිස්ත්‍රීක් කණ්ඩායම් නායකයා ලෙස කේ. කේ පියදාස,මාත‍ලේ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස රංජිත් අලුවිහාරේ යන මහත්වරු පත් කරනු ලබ සිටිති.

*වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා හිටපු විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා වන අතර

*පුත්තලම් දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා වන්නේ ශාන්ත අබේසේකර මහතාය.

*උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස කේ.කේ. මහේෂ්වරන්,

*මුලතිව් දිස්ත්‍රික්කය සඳහා දිනේෂ් රවිචන්ද්‍රරාජා

*වව්නියාව දිස්ත්‍රික්කය සඳහා කේ. කරුණාදාස,

*කිළිනොච්චිය දිස්ත්‍රික්කය සඳහා විග්නේෂ්වරන් මහේෂ්වරන් යන මහත්වරු පත් කරනු ලැබ සිටිති. මන්නාරම් දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා පසුවට පත් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.

වයඹ දි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා අමාත්‍ය සාලින්ද දිසානායක ගැටුමක්


කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා සමඟ පැමිණි පිරිසක් තමා ඇතුළු එජනිස මැතිවරණ අපේක්ෂිකා මංජුලා දිසානායක මහත්මියගේ ආධාරකරුවන් පිරිසකට පහරදුන් බවට ඉබ්බාගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි ප්‍රසාද් කුමාර රත්නායක මහතා කුරුණෑගල පොලිසියට පැමිණිලි කර ඇත.

විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රිවරයා කියා සිටියේ තමා ඇතුළු පිරිසක් (30දා) අලුයම් කාලයේ කුරුණෑගල පුත්තලම හන්දියේ මැතිවරණ අපේක්‍ෂිකා මංජුලා දිසානායක මහත්මියට සහාය පළකරමින් පෝස්ටර් අලවමින් සිටින විට එතැනට පැමිණි ජෙහාන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් තමන් ඇතුළු කණ්ඩායමට යකඩ පොලුවලින් පහර දුන් බවයි.

අදාළ පහරදීම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි ප්‍රසාද් කුමාර රත්නායක මහතා බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හැමදාමත් ප්‍රචණ්ඩත්වය වැපුරුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා බව දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පවසයි.

Photo: Target-news - වයඹ ගැටුම් ඇරැඹේ.................                                                                
සන්ධානයේ ප්‍රබලයින් දෙපිරිසක් අතර ගැටුමක්


කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා සමඟ පැමිණි පිරිසක් තමා ඇතුළු එජනිස මැතිවරණ අපේක්ෂිකා මංජුලා දිසානායක මහත්මියගේ ආධාරකරුවන් පිරිසකට පහරදුන් බවට ඉබ්බාගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි ප්‍රසාද් කුමාර රත්නායක මහතා කුරුණෑගල පොලිසියට පැමිණිලි කර ඇත.
 
"මව්බිම"ට විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රිවරයා කියා සිටියේ තමා ඇතුළු පිරිසක්  (30දා) අලුයම් කාලයේ කුරුණෑගල පුත්තලම හන්දියේ මැතිවරණ අපේක්‍ෂිකා මංජුලා දිසානායක මහත්මියට සහාය පළකරමින් පෝස්ටර් අලවමින් සිටින විට එතැනට පැමිණි ජෙහාන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් තමන් ඇතුළු කණ්ඩායමට යකඩ පොලුවලින් පහර දුන් බවයි.
 
අදාළ පහරදීම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි ප්‍රසාද් කුමාර රත්නායක මහතා බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හැමදාමත් ප්‍රචණ්ඩත්වය වැපුරුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා බව දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පවසයි.
 
ඇමැතිවරා මේ අදහස් පළ කෙළේ මැර ප්‍රහාරයකට ලක්ව කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රි ප්‍රසාද් කුමාර රත්නායක මහතාගේ සුවදුක් විමසීමට පැමිණි අවස්ථාවේදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය. මේ මැතිවරණ ව්‍යාපාරය පටන්ගත් දවසේ ඉඳලා, නාම යෝජනා දෙන්නත් කලින් විශාල පෝස්ටර් තරගයක් ඇතිවෙලා.
 
පෙරමුණේ කිසිම අපේක්ෂකයකුට පෝස්ටරයක් ගහන්න දෙන්නෙ නැහැ. බීමත් පිරිස්, අවි ආයුධ සහිත අය එළිවෙනකොට පෝස්ටර් වහලා. මේ දිස්ත්‍රික්කයට හැමදාම ප්‍රචණ්ඩත්වය ගෙනාවේ ජොන්ස්ටන් ඇමැතිතුමා. මේක ඉතා නරක ක්‍රියාවක්. අපි සාමකාමීව මැතිවරණ කරන්න හැදුවට ඊට අපට ඉඩදෙන්නෙ නැහැ. මේ විදියට අපි දිගටම කටයුතු කරන්නෙ නැහැ යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.


Anura S. Liyanage Target-news - 2013-07-31ඇමැතිවරා මේ අදහස් පළ කෙළේ මැර ප්‍රහාරයකට ලක්ව කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රි ප්‍රසාද් කුමාර රත්නායක මහතාගේ සුවදුක් විමසීමට පැමිණි අවස්ථාවේදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය. මේ මැතිවරණ ව්‍යාපාරය පටන්ගත් දවසේ ඉඳලා, නාම යෝජනා දෙන්නත් කලින් විශාල පෝස්ටර් තරගයක් ඇතිවෙලා.

පෙරමුණේ කිසිම අපේක්ෂකයකුට පෝස්ටරයක් ගහන්න දෙන්නෙ නැහැ. බීමත් පිරිස්, අවි ආයුධ සහිත අය එළිවෙනකොට පෝස්ටර් වහලා. මේ දිස්ත්‍රික්කයට හැමදාම ප්‍රචණ්ඩත්වය ගෙනාවේ ජොන්ස්ටන් ඇමැතිතුමා. මේක ඉතා නරක ක්‍රියාවක්. අපි සාමකාමීව මැතිවරණ කරන්න හැදුවට ඊට අපට ඉඩදෙන්නෙ නැහැ. මේ විදියට අපි දිගටම කටයුතු කරන්නෙ නැහැ යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.


සිංදු ජනප්‍රිය කරන්න ලිංගික අල්ලසක්






radio-mafia-31713
තම නිෂ්පාදනවල අඩංගු ගීත වැඩි වාර ගණනක් ප්‍රචාරය කිරීම වෙනුවෙන් අදාළ මාධ්‍ය ආයතනවල නිවේදකයකුට හෝ වැඩසටහන් නිෂ්පාදකවරයකුට අතයට මුදලක් හෙවත් අල්ලසක් ලබා දීම ඔවුන් දිගටම කරගෙන ගියේය. ඇතැම් විට තම ආයතනයෙන් ගෙවනු ලබන වැටුපට වඩා වැඩි මුදලක් වූ මෙම අල්ලසට ඇබ්බැහි වූ ඇතැම් නිවේදකයෝ මෙය ජාවාරමක් බවට පත්කර ගත්හ. ඒ අනුව ඔවුනට සලකන නිෂ්පාදන ආයතන නිකුත් කරන ගීත නිතර නිතර ප්‍රචාරය කරන්නට විය.

මෙසේ ජනප්‍රිය කෙරෙන ගීත නිසා අදාළ කැසට් පටවල අලෙවියට විශාල තල්ලුවක් ලැබුණු අතර අල්ලස් දීමට ඉදිරිපත් නොවූ නිෂ්පාදන ආයතනවල ගීත ප්‍රචාරය ඉතා මන්දගාමී ලෙස සිදු කෙරුනි. ඒ අනුව ජනප්‍රිය කරන්නේ කවර ගීතයද යන්න තීරණය කිරීම පවා සිදුවූයේ මෙසේ අල්ලසට පුරුදු වූ සන්නිවේදකයන් අතිනි. ඔවුනට ගායකයා කවුද එහි ප්‍රමිතිය කුමක්ද යන්න වැදගත් නොවූ අතර අත යටින් ලැබෙන මුදල මත සියල්ල තීන්දු විය. මෙය සිදුවූයේ ඉතා රහසිගත හා විශ්වාසවන්ත අයුරිනි. ආයතන හිමිකරුවන් පවා මෙය දැන සිටියේ නැත. එහෙත් මෙය කැසට් නිෂ්පාදකයන් අතරත්, බොහෝ නිර්මාණකරුවන් අතරත් ප්‍රකට රහසක් බවට පත්ව තිබුණි. එයට එරෙහිව හඬ නැගීම යනු තමනට එම මාධ්‍යවල තිබෙන කුඩා හෝ අවස්ථාව පවා නැතිවන තත්ත්වයක් බව දත් නිර්මාණකරුවෝ නිහඬ වූහ. තම අතේ ඇති මුදලින් ගීතයක් නිර්මාණය කළ තුරුණු නිර්මාණකරුවෝ තම නිර්මාණ ජීවිතය අතහැර වෙන අතක් බලා ගත්හ. මන්ද ඒවා ප්‍රචාරය කරගැනීමට අවැසි අල්ලස් මුදල් තමන් සතු නොවූ බැවිනි.

ගෙවුණ දශකයකට ආසන්න කාලය තුළ ඇතැම් පෞද්ගලික ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකාවල ගීත ප්‍රචාරය කිරීම 'ජාවාරමක්' ලෙස රූපාන්තරණය වූයේ මේ අයුරිනි. එය මෙරට සුභාවිත ගීතයට එල්ල වූ මරු පහරක් වූ අතර බොහෝ ප්‍රතිභාවන්තයෝ දුර්මුඛ වූහ. උසස් නිර්මාණ සඳහා අනුග්‍රහය දැක්වූ නිෂ්පාදන ආයතන කර්මාන්තයෙන් ඈත්වන්නට පටන් ගත්තේය. එහෙත් මෙම ජාවාරම ප්‍රසිද්ධ මාධ්‍ය තුළ සංවාදයට බඳුන් වූයේ නැත. එහෙත් පසුගියදා එකී ජාවාරමට සම්බන්ධ වූවකු පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකින් මෙහි නවතම තතු කරළියට පැමිණියේය. එම පුද්ගලයා හෙළිකොට තිබුණේ තමන් ලියූ ගීත එක්තරා ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවකට මුදල් ගෙවා ජනප්‍රිය කරවාගෙන ඒවා තමාට හිමි ආයතනයක් මගින් රිගින් ටෝන් සඳහා දුරකථන සමාගම්වලට ලබාදී වසර දෙකක් ඇතුළත ධනවතෙකු වූ බවයි.

ගීත ප්‍රචාරය කරගැනීමේ ජාවාරමට හවුල් වූවා පමණක් නොව එකී ජාවාරම පිළිබඳ ප්‍රසිද්ධ මාධ්‍යයක උද්දාමයෙන් යුතුව අදහස් පළකරන්නට තරම් මොවුන් සිය සංස්කෘතික මූලයන් සිඳගත්තේ කෙසේද? මෙවැනි ජාවාරම් හමුවේ සුභාවිත ගීතය උදෙසා දශක ගණනක් පුරා සිය ශ්‍රමය වගුල නිර්මාණකරුවන් සිත ඇති කරනු ලබන කම්පනය හා කලකිරීම කෙබඳු විය හැකිද? අල්ලස් මුදල් ගෙවාගත නොහැකිව දුර්මුඛව ලතවන ප්‍රතිභාපූර්ණ නව නිර්මාණකරුවන් වෙත මොවුන් රැගෙන එන බියකරු පණිවුඩය කවරක් වනු ඇද්ද? මෙරට සංගීත ක්‍ෂේත්‍රය හමුවේ ඇති බරපතළ පැනය එයයි.

ඉහත කී පුද්ගලයා මේ කියන්නේ කුමක්ද? අල්ලස් දිය හැකි නම් වසර දෙකක් ඇතුළත ගීත රචකයකු මතු නොව ධනවතෙකු බවටද පත්විය හැකි බව නොවේද? මේ ප්‍රවණතාව පිළිබඳ ප්‍රවීණ කිවියර රචක රත්න ශ්‍රී විජේසිංහයන්ගෙන් විමසා සිටියෙමි. ඔහු පළකළේ මෙවන් අදහසකි.


ඇත්තටම මේ ප්‍රවණතාව හරිම පිළිකුල් කටයුතු එකක්. අද ගීත රචකයෙක් වෙන්න අකුරු ලියන්න ඉගෙන ගත්තම ඇති. හැදෑරීම් කරන්න, අභ්‍යාස කරන්න ඕන නෑ. සංගීතඥයො ගත්තත් වැඩි වෙනසක් නෑ. මොකක් හරි ලී කොටයකට ගහන්න පුළුවන් වුණාම ඇති. ගොළුවෙක් ‍නෙවෙයි නම් ගායකයෙක් වෙන්නත් පුළුවන්. තොරතෝන්චියක් නැතිව මිනිස්සුන්ට බලෙන් අස්සවන ගීත දිහා බැලුවම ඒවයෙ උසස් නිර්මාණකරුවො, ශිල්පීන් දකින්න නෑ. මේක මේ ගීතය ජාවාරම්කාරයො අතට පත්වීමෙන් වෙච්ච විනාශයක්.

මේ වැඩෙන් සැබෑ දක්ෂයන්ට ඔළුව උස්සන්න හම්බවෙන්නෙ නෑ. මුදල් තමයි සර්වබලධාරියා වෙන්නෙ. ඉස්සර හොඳ නිර්මාණයක් ආයතනයට ලැබෙනකම් බොහෝ සන්නිවේදකයන් මග බලාගෙන හිටිය. අද මග බලාගෙන ඉන්නෙ හොඳම අල්ලස ලැබෙනකන්. මේක මේ කිහිපදෙනෙක් කරන වැඩක්. අති බහුතරයක් මාධ්‍ය ආයතන මේ වැඩේට සම්බන්ධ නෑ. මම හිතනව සංස්කෘතික අමාත්‍යංශයත්, ජනමාධ්‍ය අමාත්‍යංශයත් මේ වරද නිවැරදි කරන්න මීට වඩා සක්‍රීය දායකත්වයක් ලබාදිය යුතුයි කියල.

ඉහත කී තරුණ සංගීත ශිල්පියා විසින් කරන ලද හෙළිදරව්ව පිළිබඳ මතෛක් අදාළ ගුවන් විදුලිය ප්‍රතිචාර දක්වා නැත. ඉන් අදහස් වන්නේ ඔවුන් මෙය නිල වශයෙන් අරඹා ඇති වැඩ පිළිවෙළක් බවද...?

ගීතයක් ප්‍රචාරය කිරීමට අදාළ ගීතයේ 'අපූර්වත්වය' හැර වෙනත් සාධක සැලකිල්ලට ගත යුතු නැත. එහෙත් එවන් ශිෂ්ටසම්පන්න ආචාරධර්ම ඇතැම් මාධ්‍ය වෙතින් දුරස්ථ වීම කවර නම් අභාග්‍යයක්ද? ගීත ප්‍රචාරය සඳහා අල්ලස් නොගන්නා මාධ්‍ය ආයතන අනුගමනය කරනු ලබන නිද්‍රාශීලී ප්‍රතිපත්තිය හේතුවෙන් මෙම ජාවාරමට වැඩි වලංගුභාවයක් ලැබි තිබේ. බොහෝ විට ඔවුන් ද ප්‍රචාරය කරනුයේ මුදලට ගීත ප්‍රචාරය කරන ආයතනවල ගීතම වීම සිය බංකොළොත්භාවය ප්‍රකට කරන අවස්ථාවකි. කොතෙකුත් සාර්ථක නිර්මාණ බිහි වුවද ඒවාට අතවත් තියන්නට බියවන මෙම ආයතන එකම ගීත ගොන්නක් ප්‍රචාරය කොට දවස ගෙවා දමති. නැතිනම් තවකෙකුගේ වැඩසටහනක් අනුකරණය කොට කාලය කා දමති. ගුවන්විදුලි නාලිකා පනහකට ආසන්න ප්‍රමාණයක් ඇති රටක නිර්මාණාත්මක වැඩසටහන් පෙළගැස්මක් ඇති ගුවන් විදුලි නාලිකාවක් හොයා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තකි. එකී ඌණතාව 'මුදලට ගීත ප්‍රචාරය කරන්නන්ට' ආශිර්වාදයක් වී තිබේ. මන්ද ගීත ජනප්‍රිය කරවීමේ ඒකාධිකාරය එමගින් තහවුරු වන බැවිනි. එවිට 'පැකේජ්' ක්‍රමයට ගීත ප්‍රචාරය කිරීමේ හැකියාව ඔවුනට ලැබේ. ගීතයක් ජනප්‍රියවන්නට නම් තමන්ගේ 'පැකේජයක්' ලබාගැනීම හැර අන් විකල්පයක් නැති බවට මතයක් ඔවුහු ගොඩනගති.

කිහිපදෙනකු විසින් ක්‍රියාවට නගනු ලබන මෙම සදාචාර විරෝධී මාධ්‍ය පිළිවෙත හේතුවෙන් එකී ආයතන තුළම තම වෘත්තිය කරගෙන යනු ලබන ආචාරශීලී කුසලතා පූර්ණ සන්නිවේදකයෝ පවා අසරණ වී සිටිති. හිතට එකඟ නොවූවද තම වෘත්තිය රැකගනු වස් ඔවුනට ලැබෙන අණ පිළිපැදිය යුතු වෙයි. ඒ අනුව රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් ශ්‍රාවකයාට 'විහිළු කරන්නට' ඔවුනට සිදුවී තිබේ. සිය නම් ගම් සඳහන් කරන්නට අකමැති වූ ගුවන් විදුලි නිවේදකයන් රැසක් මා සමග සඳහන් කළේ 'කියන දෙයක් කරගෙන' රැකියාව බේරාගනු හැර අන් විකල්පයක් නොමැති බවයි. ඒ අනුව සංස්කෘතික ඝාතකයන්ගේ හා 'සිංදු ජාවාරම්කරුවන්ගේ' න්‍යාය පත්‍රය අනුව නටන්නට මෙම දක්ෂ සන්නිවේදකයන්ට සිදුව තිබේ.

ඇතැම් රූපවාහිනී නාලිකාවන්හි ගීත දර්ශකවල ගීත පෙළගැසෙන්නේද 'අත යටින්' ලැබෙන මුදල’ මතය. එක්කෝ ලිංගික අල්ලසක් දිය යුතුය. එසේ නැතහොත් ඔවුනට මුදලින් සත්කාර කළ යුතුය. ගීතයක් ගීත දර්ශකයට ඇතුළත්වීමේ සිට එය එහි දිගු කලක් ප්‍රචාරය කරවා ගැනීම දක්වා වූ ක්‍රියාවලිය සැකසී ඇත්තේ ඒ පිළිවෙළ අනුවයි. නිෂ්පාදකයා සතුටු කරන තරම අනුව ගීතය දර්ශකය තුළ පවතින කාලයද අඩු වැඩි වේ. සැලකීම අඩු වූ විට එය රසික මනාපයෙන් පළමු තැනට ආවා යැයි පවසා දර්ශකයෙන් ඉවත් කෙරේ. ඒ රසික මනාපය නිෂ්පාදකයාගේ 'අමනාපය' බව ප්‍රේක්ෂකයෝ හෝ ශ්‍රාවකයෝ නොදනිති. ඇතැම් ගීත සඳහා රූප රචනා කරනුයේද නිෂ්පාදකයාමය. ඒවා පෞද්ගලිකව සිදුවේ.

මාධ්‍ය ආයතනය විසින් උසස් ගීත තෝරාගෙන රූප රචනා කරන පිළිවෙත අද මුළුමනින්ම බැහැර කොට තිබේ. එනිසා අදාළ ශිල්පියාටම එහි පිරිවැය දරා එම කටයුත්ත කරගැනීමට සිදුව ඇත. ප්‍රස්තුතය කුමක් වුවද රූප රචනයේ 'ඵඥය' තිබිය යුතුය. ඒවාද ගීතය දර්ශකගතව වැඩි කලක් පවත්වා ගැනීමට අමතර සුදුසුකමක් වෙයි. කවර තත්ත්වයක් යටතේ වුවද මෙකී මාධ්‍ය ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්න නොකළ යුතුය. එසේ ප්‍රශ්න කිරීම තම ගීත කුණු කූඩයට තල්ලු කරවා ගැනීමකි. එපමණක් නොව අදාළ ශිල්පියාට උක්ත මාධ්‍ය ආයතනය 'තහනම් කලාපයක්' බවට පත්වන්නටද එයම හේතුවක් වන්නට පුළුවන.

එබැවින් වැල යන අතට මැස්ස ගසා හෝ 'තමන් මාකට් වනු මිස' ස්වාධීන මත පළකිරීමෙන් වැළකී සිටීමට බොහෝ කලාකරුවෝ පරිස්සම් වෙති. පෞද්ගලික මාධ්‍ය තුළ බහුලව සිදුවන මෙම සදාචාර විරෝධී භාවිතාවට විකල්ප ලෙස ගොඩනැගෙන්නට රාජ්‍ය මාධ්‍ය ආයතනයන්ට කොතෙකුත් භෞතික හා මානව සම්පත් පැවැතියද ඉන් වැඩක් නොගැනේ. ඒවායේ බොහෝ විට සිදුවන්නේ දක්ෂයන් මුල්ලට කර දේශපාලන බලපුළුවන්කාරයන් තම ආධිපත්‍යය පැතිරවීමයි. පවතින රජය කවරක් වුවද එයට වන්දිභට්ටකම් කිරීම හැර දක්ෂයන් බලාත්මක කොට වඩා ගුණාත්මක මාධ්‍ය මෙහෙවරක නිරතවන්නට ඔවුනට අවැසි නැත.

ජනප්‍රිය කරවන ලද ගීතයේ ඊළඟ නැවතුම 'රිගින් ටෝන්' වෙළෙඳ‍පොළයි. ගීතය ජනප්‍රිය වන තරමට එය තම දුරකථනයේ රිගින් ටෝනය ලෙස යොදාගන්නට පාරිභෝගිකයා කැමැත්තක් දක්වයි. ඒ සඳහා අදාළ දුරකථන ජාලයට එක් ගීතයක් වෙනුවෙන් රුපියල් 30ක මුදලක් පාරිභෝගිකයා විසින් ගෙවිය යුතුය. මෙහි ඇත්තේද ගීතයේ සැබෑ නිර්මාණකරුවන් සූරාකන මාෆියාවකි. ප්‍රවීණ ගේය පද රචක සුනිල් ආර්. ගමගේ මහතා සඳහන් කළේ මෙහි ගනුදෙනු සිදුවන ආකාරය නිරීක්ෂණය කරන විට එහි පවතින අසාධාරණය වටහා ගත හැකි බවයි. ඔහු ලබාදුන් තොරතුරු මත මවිසින් සකසන ලද 1 වගුව දෙස බැලීමෙන් මෙය පහසුවෙන් අවබෝධ කරගත හැකිය. එක් ගීතයක් වෙනුවෙන් ග්‍රාහකයා දුරකථන සමාගමට ගෙවනු ලබන මුදල රුපියල් 30කි.

එය බෙදී යන ආකාරය ඉහත වගුවේ පරිදිය.මෙම මුදලට අමතරව මෙම සේවාව සැපයීම වෙනුවෙන්ද දුරකථන සමාගම් විසින් පාරිභෝගිකයා වෙතින් රුපියල් 50ක අමතර මාසික ගාස්තුවක් අයකර ගනී. එම සම්පූර්ණ මුදල දුරකථන සමාගමට හිමිවේ.

ඉහත වගුව අනුව කලාකරුවා සිටින්නේ කොතැනදැයි ඔබට තේරුම් ගැනීම දුෂ්කර නොවේ. ඔහුගේ බුද්ධිමය දේපළ හා ශිල්පීය කුසලතාව සූරා කන මෙම ගොරතර මාෆියාව හඳුනාගැනීමට මෙයට වඩා උදාහරණ අවැසි යැයි මම කල්පනා නොකරමි. මෙහි ඇති අනෙක් භයානක තත්ත්වය වන්නේ නිර්මාණකරුවාට ඉතිරිවන සොච්චම් මුදල පවා අතරමැදි පාර්ශ්වය විසින් ගසාගෙන කෑමයි. බොහෝ විට මෙම ගීත අතරමැදියකු විසින් දුරකථන සමාගම් වෙත ලබාදී ඇති බව පවා නිර්මාණකරුවෝ නොදනිති. තම අනුදැනුම මත ලබාදුන් ගීත සඳහා වුවද දුරකථන සමාගම් විසින් උපයන ලද මුදල කොතරම් දැයි ඔවුන් දන්නේද නැත. ඔවුනට දැනුම් දෙන්නේද නැත. අතරමැදියා විසින් ගෙනත් දෙන මුදල නිහඬව බාරගත යුතුය. පසුගිය දිනක ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ පුතණුවන් මාධ්‍යයට සඳහන්කොට තිබුණේ දුරකථන සමාගම්වල අලෙවි කරන සිය පියාගේ ගීත වෙනුවෙන් මතෛක් සතයක් හෝ ලැබි නැති බවකි.
අප කළ විමසීමකදී ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන් පළකළේ මෙවන් අදහසකි.

මම වරක් මගේ ජනප්‍රිය ගීත කිහිපයක් එක්තරා අතරමැදියෙක් මාර්ගයෙන් දුරකථන සමාගමකට රිගින් ටෝන් සඳහා ලබාදෙන්න කටයුතු කළා. ඒත් ඒ ගීත පිළිබඳව දුරකථන සමාගමේ පිළිතුර හිතාගන්නවත් බැරි වුණා. ඔවුන් කිව්වේ එම ගීත කිහිපය ඒ වෙනකොටත් ඔවුන් උපරිම කාලයක් පාවිච්චි කරල ඒ ගීත ඔවුන්ට දීපු අතරමැදියට අදාළ ගෙවීම් පවා සිදුකරල ඉවරයි කියල. පස්සෙ මමම මේ ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දුන්නම ඔවුන් කිව්වෙ අදාළ දුරකථන සමාගම් තමන්ට ගීත ලබාදුන් අතරමැදි ආයතනවලට ගිවිසුම්වලට අදාළව මුදල් ගෙවීම් කරල තියෙනව නම් ඒ මුදල් නිර්මාණකරුවන්ට ලැබුණද නැද්ද යන්න සොයා බලන්න තමන්ට අයිතියක් නොමැති බව. මොකද දුරකථන සමාගම් ගිවිසුම්වලට ඇවිත් තියෙන්නෙ අතරමැදියොත් එක්ක.

නිර්මාණකරුවන්ට ඉන් අසාධාරණයක් වෙලා තියනව නම් ඒ පිළිබඳව අතරමැදියන්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන්න කියන එකයි ඒ අය සඳහන් කළේ. මේ අසාධාරණය කලාකරුවන් රාශියකට සිදුවෙලා තියනවා. දැන් සිද්ධවෙලා තියෙන්නෙ අපේ ගීත අවසරයකින් තොරව දුරකථන සමාගම්වලට දීපු අතරමැදියො හොයාගෙන ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගන්න. මේ ජාවාරමෙන් කෝටි ගණන් මුදල් උපයල තියෙන්නෙ නිර්මාණයකට කිසිම දායකත්වයක් නොකරපු දුරකථන සමාගම් සහ අතරමැදි ආයතන. අද අමු අමුවෙ නිර්මාණකරුවන්ගෙ බුද්ධිමය අයිතියට ලැබිය යුතු ප්‍රතිලාභ කොල්ලකන තැනට මේ ජාවාරම පත්වෙලා.

එබැවින් සැබෑ නිර්මාණකරුවන්ගේ බුද්ධිමය අයිතීන් සඳහා ලැබිය යුතු ප්‍රතිලාභ ගසාකන 'දුරකථන සමාගම්' හා 'අතරමැදියන්' ගෙන යන මෙම ජාවාරම වහා නතර කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. 'පැකේජ්' මත පදනම්ව ගීත ප්‍රචාරය කිරීමේ සදාචාර විරෝධී මාධ්‍ය භාවිතයට වැට බැඳිය යුතුය. එසේ නොවුණහොත් හෙට දිනයේ සුභාවිත සිංහල ගීතයත් සංගීත කර්මාන්තයත් බේරාගත නොහැකි වනු ඇත. ඒ අනුව ශ්‍රාවකයනට ඉතිරිවනු ඇත්තේ සිංදු ජාවාරම්කරුවන් විසින් මෙහෙයවන ස්ත්‍රී - පුරුෂභාවය පවා හඳුනාගත නොහැකි හඬවල් වලින් ගයන දුක් අඳෝනා පමණක්ම බව අමුතුවෙන් කිව යුතු නැත.

රවී සිරිවර්ධන

වෛද්‍ය විශේෂඥයකු මුණගැසී උපදෙස් ලබා ගන්න.

පුතාව උදෑසන අවදිකරවා ගැනීමට හරිම අමාරුයි

කඳාන - සුසිලා

වෛද්‍යතුමනි, මාගේ පුතාගේ වයස අවු. 23යි. ඔහු උදෑසනට අවදිකර ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඔහු අමාරුවෙන් නැගිටවාගත් පසු දත් මැදීමට විනාඩි 45ක් පමණ වැය කරනවා.
මේ හේතුවෙන් යම් කිසි රාජකාරියකට යන්න වුවොත් එය ප්‍රමාද වෙනවා. නමුත් දරුවාගේ පරිගණක හැකියාව ඉතා ඉහළයි. එවන් දෑවලට ඉහළ දක්ෂතා දක්වනවා. මෙසේ කාලයක් ගත වීමෙන් ඔහුගේ චර්යා රටාව නිසා ගැටලුවක් ඇති වේවි ද? මෙසේ වීමට හේතුව කුමක්දැයි පහදා දෙන්න.

පිළිතුර

ඔබගේ දරුවාගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු තිබෙන්නට පුළුවන්. එවන් අවස්ථාවල පවසන ආකාරයේ අලසකමක් දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් මෙය ඔහුගේ චර්යා රටාව ද විය හැකියි. එහෙත් මෙය මානසික බලපෑමක් ද යන්න සොයා බැලිය යුතුයි. සමස්තයක් ලෙස ඔහුගේ ක්‍රියාකාරකම් හා රෝග තිබේ ද යන්න නිශ්චිතවම දැනගත යුතුයි. එනිසා වෛද්‍යවරයකු වෙත යොමුවන්න.

කොළඹ ජාතික රෝහලේ
කායික රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
ප්‍රදීප් කුමාරසිංහ

ළමයින් රවටා මුදල් ගසා කෑම හා ළමයින් වැඩිහිටියන් ලෙස ගී ගැයීමේ සුපිරි තරු මේනියාව


janaki-sooriyarachchiඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියකි. ලේඛිකාවකි. ව්‍යවසායිකාවකි.
ඇගේ මුල් කාලීන ළමා පොත්බොළඳ කතාවලින් පිරී තිබිණි. එහෙත් පසුකාලීනව ඇය විසින් කරන ලද ඇතැම් නිර්මාන ළමයින්ගේ හද බැඳගත්, ළමයින්ට පමණක් නොව වැඩිහිටියන්ට ද රස විඳිය හැකි අපූරු ඒවා ය.
විශේෂයෙන් ම ඇගේ 'දොයි අම්මා' නම් පැදි පෙළ හා ඒ සමග බැඳුණු චිත්‍ර පෙළ සහිත පොත හා වීඩි‍යෝව සුවිශේෂ ප්‍රතිභාවක් පළ කරන අනගි කෘතියකැයි මට සිතේ.

එහි දරුවකු අම්මා දෙස හෙළන ආදරණීය බැල්ම ගෘහස්ථ ශ්‍රමිකාවක් ලෙස ඇගේ භූමිකාව දෙස අලුත් ඇසකින් බලන්නට සමාජය පොළඹවයි. ඒ සමග බැඳුණු චිත්‍ර පෙළ ප්‍රකාශනශීලිත්වයෙන් අනූන ය.

Janaki-Sooriyarachchi.-2
ජානකී සූරියආරච්චි කිසි දිනෙක තමන් ස්ත්‍රීවාදිනියක ලෙස හඳුන්වා ඇති බවක් මම නො දනිමි. එහෙත්, තමන් ස්ත්‍රීවාදීන් යයි කියන බොහෝ අය වෙතින් පළ නො වන නිර්මානශීලිත්වයක් ඇගේ මෙම කෘතිය තුළින් මතු වේ. එසේ වීමට මූලික හේතුව වන්නේ මෙම නිර්මානය තුළ ඇති අව්‍යාජත්වයයි.

අද වන විට ලංකාවේ ළමයින් සඳහා වූ කලාව කෲර වෙළඳපොළක් වී තිබේ. ළමා නො වන චිත්‍රපට ළමා චිත්‍රපට යයි ළමයින් රවටා පෙන්වා මුදල් ගසා කෑම අද වන විට ජාතික සිනමාව වී තිබේ. රූපවාහිනී චැනල් ළමයින්ට පෙන්වන්නේ බොරු වීරයන් ගැන කාටුන්, ඇනිමේෂන් හා සුජාත දියණි, අභීත දියණි වැනි බොළඳ කතා ය.
ළමා සාහිත්‍යය යයි දක්නට ලැබෙන්නේ තොරන් වැනි චිත්‍ර සහිත වචන ගොඩවල් ය. 'සකල බුජං - කොට කලිසම් තමයි අඳින්නේ වැනි' ළමා අපචාර සිද්ධි ළමා ගී ලෙස හඳුන්වා දෙන ළමා ගීත කලාව තුළ වැඩිපුර තිබෙන්නේ ළමයින් වැඩිහිටියන් ලෙස ගී ගැයීමේ සුපිරි තරු මේනියාවකි.

ජානකී සූරියආරච්චි ළමයින් සඳහා යෝග්‍ය චිත්‍ර කලාවක් ද කතා හා කවි කලාවක් ද ‍ගොඩනඟා ගන්නට සමත් වීම අනාගතය ගැන බලාපොරොත්තු ඇති කරන තත්වයකි. ඇය දක්ෂ ව්‍යවසායිකාවක් වීම තුළ ද වටිනාකමක් තිබේ.

මිහින් ලංකා වසර 3ක පාඩුව කෝටි 1300යි

මිහින් ලංකා ගුවන් සමාගමේ තුන් වසරක පාඩුව රුපියල් එක්දහස් තුන්සිය හැත්තෑ තුන් කෝටි පනස් ලක්ෂයකි (1373,50,00,000).
විගණකාධිපති එච්.ඒ.එස්. සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එම සමාගමේ ගිණුම් පිළිබඳ විගණන වාර්තාවේ එම විස්තරය දැක්වේ.

2007/2008 වර්ෂයේ පාඩුව රුපියල් තුන්සිය තිස් පන් කෝටි හැට ලක්ෂයක් (3,35,60,00,000) බවද, 2008/2009 වර්ෂයේ හාරසිය හැට පන්කෝටි හැත්තෑ ලක්ෂයක් (4,65,70,00,000) බවද සහ 2009/2010 පන්සිය හැත්තෑ දෙකෝටි විසි ලක්ෂයක් (5,72,20,00,000) බවද ගිණුම් වාර්තාවේ සඳහන්ය.


මිහින් ලංකා සමාගම ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගමෙන් ලබාගෙන ඇති රුපියල් පනස් කෝටියක (50,00,00,000) ණය මුදලට පොලී ගෙවා නැති බවද, එමෙන්ම මිහින් ලංකා සමාගම බැංකුවකින් රුපියල් තිස් අට කෝටි දස ලක්ෂ හැත්තෑ දහසක (38,10,70,000) බැංකු අයිරාවක් ලබාගෙන ඇති බවද විගණකාධිපතිවරයා වාර්තා කර තිබේ.

එමෙන්ම මිහින් ලංකා සමාගමේ බැරකම් ප්‍රමාණය රුපියල් දෙසිය කෝටි හතළිස් ලක්ෂයක් (200,40,00,000) බවද විගණනයට ඉදිරිපත් කර ඇති සංඛ්‍යා නිවැරැදි නොවන බවද විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට වාර්තා කර තිබේ.

සමාගමේ පාඩුව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභාවට වාර්තා කර ඇත්තේ සමාගම රුපියල් එක්කෝටි හැට ලක්ෂයක (1,60,00,000) මෙහෙයුම් ලාභයක් ලබා ඇති බවත්, මේ තත්ත්වය ඉදිරියේදී ධනාත්මක තත්ත්වයක පෙරනිමිත්තක් බවත්ය.

සමාගමේ ලාභ අලාභ තත්ත්වය සහ ගමන් ගත් ගුවන් මගීන් සංඛ්‍යාව කොපමණද යන්නත් ඉදිරිපත් කරන ලෙසට පොදු ව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභාවෙන් සමාගමට නියෝග කර තිබේ.

ගුවන් තොටුපොළ ගුවන් සේවා සමාගමෙන් ගත් ණය මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට නියමිත බව අමාත්‍යංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා පොදු ව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභාවට වාර්තා කර ඇත.

මත්පැන් මිළ අද සිට​ තවත් ඉහළට

මත්පැන් සඳහා අයකෙරෙන බදු මුදල් ඉහළ දැමීමට රජය තීරණය කරයි.  මෙම තත්ත්වය මත මත්පැන් බෝතලයක දැනට පවතින මිල දළ වශයෙන් රුපියල් 25ත් – 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරේ.
විදේශයන්ගෙන් ආනයනය කරන මත්පැන් වර්ග සඳහා ලීටරයකට රුපියල් 75ක බදු වැඩිකිරීමක්ද සිදු කර තිබේ.

කුරුණෑගල කණ්ඩායම් නායක ලෙස අතුල නාම යෝජනා දෙයි------

වයඹ මහ ඇමැති ධූරය බලාගෙන එජාපයෙන් බල්ටි ගැසූ 'ඩී-3' හෙවත් 'දිව දෙකේ දයාසිරි'ට මහ ඇමැතිකම කෙසේ වෙතත් එජනිස කුරුණෑගල දිස්ත්‍රික් නායක ධූරය හෝ ලැබී නැත. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා අද නාමයෝජනා බාරදුන් අතර එහිදී කණ්ඩායම් නායක ලෙස පෙනී සිටියේ හිටපු මහ ඇමැති අතුල විෙජ්සිංහ මහතා ය. කුරුණෑගල දිසා ලේකම් කාර්යාලමේ පැවැති මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා අඩුම ගණනේ 'ඩී-3' හෙවත් 'දිව දෙකේ දයාසිරි' පැමිණ සිටියේ ද නැත. ඔහු බල්ටි ගැහීමට හේතු ලෙස කී එක් කතාවක් නම් ඔහුට එජාපයෙන් දිස්ත්‍රික් නායක ධූරය නොදුන් බවයි.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ලංකා මහා සභාව, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, ජනසෙත පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ අපේ ජාතික පෙරමුණ ද නාමයෝජනා භාර දී තිබේ.

යශෝදා විමලධර්මගේ ප්‍රකාශකර ගන්න බැරි හැඟීම් සමුදායේ ඇතුළාන්තය


yashoda-wimaladarma-31713පුංචි තිරයේ  කඳුළු බිඳු යැයි කාලයක් පුරාම කොයි කවුරුත් කිව්ව  යශෝදා විමලධර්ම සමඟ කළ පුංචි කතා බහක්
කාලයක් ඔබ පුංචි තිරයේ කඳුළු බිඳුව වෙලා හිටියා?

ඒක ඔබේ හැඳින්වීමක්. නෑ ඒක ඒ කාලේ ප්‍රේක්ෂකයා අතර තිබුණු කතාබහක්, මට ලැබුණු හැම චරිතයක්ම වගේ විවිධ දුක්ඛ දෝමනස්සවලට ගොදුරු වුණු ඒවා. ඔවුන් ඒ කඳුළු මැදින් ජීවිතේ ජය ගන්න උත්සාහ කළා.

ඒකාකාරී බවක් දැනුණේ නැද්ද?

එහෙම දැනුණේ නෑ. මං උපරිම විදියට ඒ චරිතවලට සාධාරණත්වය ඉටු කරන්නයි උත්සාහ කළේ. කාගේ හරි නිර්මාණයක් වැඩිපුර ප්‍රේක්ෂක ග්‍රහණයට ලක්වුණාම අපේ නිර්මාණකරුවෝ ඒ වගේම නිර්මාණ ඒ වගේම චරිත ගොඩනඟන්න උත්සාහ ගන්නවා. ප්‍රේක්ෂකයාට ඒකාකාරී චරිත බව හැඟෙන්නේ ඒනිසයි.

yashoda-wimaladarma-31713-1
ඒත් අද ඔබ පුංචි තිරයේ දකින්නට නෑ

ඒ කාලෙත් මං චරිත තෝරා බේරා ගෙනයි රඟපෑවේ. දැන් තියෙන අවරගණයේ ටෙලි නාට්‍යවල චරිත නිරූපණයකට ඉඩක් නෑ. ඒ නිසා ලැබෙන ඇරැයුම් ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා.

සිනමා තිරයේදී ඔබට වඩාත් සංකීර්ණ චරිත නිරූපණයකට ඉඩකඩ ලැබුණා.

ඔව්. මං රඟපෑ චිත්‍රපට අතරින් වඩාත්ම සංකීර්ණ චරිත නිරූපණයකට ඉඩකඩ ලැබුණෙ ජයන්ත චන්ද්‍රසිරිගේ අග්නිදාහය චිත්‍රපටයෙන්. ඒ වසරේ හොඳම නිළි සම්මානයත් ඒකට පිරිනැමුණා.

සමනල සංධ්වනිය චිත්‍රපටයේ ඔබේ රංගනය දැනටමත් කතාබහට ලක්වෙලා

ඔව්. ඒක මගේ රංගන ජීවිතයේ අමරණීය අත්දැකීමක්. මෙතෙක් සිංහල සිනමාවටත් විෂය නොවුණු ලෝක සිනමාවෙත් විරල අපූර්වතම අත්දැකීමක්.


මොකක්ද ඒ අපූර්වත්වය යශෝධා?

හැම කෙනකුටම තව කෙනකුට කියා ගන්න බැරි ප්‍රකාශකර ගන්න බැරි හැඟීම් සමුදායක් තියෙනවා. හදවතේ කොනක ජීවිත කාලයක් පරිස්සමින් සඟවාතබාගත් ඒ අපූර්ව හැඟීම් සමුදායක් ගැනයි සමනල සංධ්වනියෙන් කියැවෙන්නේ.

yashoda-wimaladarma-31713-2
ඔබේ ජීවිතෙත් කාටවත් කියාගන්න බැරි හැඟීම් සමුදායක් තියෙනවාද?

මට විතරක් නෙවේ ඒක හැමෝටම පොදුයි. හැම කෙනකුගේම ජීවිතෙන් කොටසක් මේ චිත්‍රපටයේ තියෙනවා.

කොහොමද ඒ අපූරු හැඟීම් සමුදාය එළියට දැම්මේ ඒක එළියට එන්නේ නැති ඇතුළාන්තයේම තැන්පත් වුණු අපූර්ව බැඳීමක්, සෙනෙහසක්, දයාවක්. පුණ්‍යා කියන තරුණියගේ ඇතුළාන්තය හඳුනාගන්නට සැලැස්වීමයි මගේ රංගන කාර්යය බවට පත්වුණේ.

ඒ කාර්යය සාර්ථක වුණාද?

අපොයි ඔව්. ජීවිතේ ප්‍රථම වතාවටයි මට රඟපෑමකින් පස්සේ ඒ චරිත නිරූපණය දිහා පිටස්තරයෙක් විදියට බලලා විඳින්න පුළුවන් වුණා. ඒක රංගන ශිල්පිනියකට කලාතුරකින් උදාවන භාග්යයක්.

චිත්‍රපටය නරඹද්දී ඔබට මොන විදියටද ඒක දැනෙන්නේ?

මේ රඟපෑවේ මමද කියලා හිතුණා. බොහෝ අවස්ථාවලදී අපේ රඟපෑම් දිහා ආපහු හැරිල බලන කොට හිතෙනවා අතන මීට වඩා හොඳට කරන්න තිබුණා නේද කියලා. ඒත් පුණ්‍යාගේ රංගනය දකිනකොට එහෙම හිතුණේ නෑ.

ඒ කියන්නේ ඔබට තවත් සාර්ථක රංගනයකට ඉඩක් නෑ කියන එකද?

ඇත්තටම එහෙම හැඟීමක් තමයි මට දැනුණේ. ඒ තරමටම මම තෘප්තිමත්. ඒත් අනාගතයේදී මේ වගේම සංකීර්ණ ක්‍රියාවලියකට ඉඩක් ලැබුණොත් ඒකට අවශ්‍ය පෝෂණය පුණ්‍යාගේ රංගනයෙන් මට ලැබුණා. අනාගත ප්‍රයෝජනය සඳහා ඒ අත්දැකීම පරිස්සම් කරලා තියාගන්නවා.

ඔබේ සාර්ථකත්වය පිටුපස ඉන්නේ අධ්‍යක්ෂවරයාද?

ඔව්. ඒ ගෞරවය ලැබෙන්නේ ජයන්ත චන්ද්‍රසිරිට. ජයන්ත කියන්නේ Actor trainer කෙනෙක්. ක්‍රිකට් ක්‍රිඩාවට coaucher කෙනෙක් ඉන්න ඕන වගේම භාවනාව ගැඹුරට ප්‍රගුණ කරන අයකුට උපදේශකයෙක් ඕනෑ වගේම රංගනයටත් අධ්‍යක්ෂ වරයාගෙ Guidence එකක් ලැබෙන්න ඕනෑ. ජයන්තගේ නිර්මාණයකදී ඒක Guidence එක සියයට සියයක්ම Actor කෙනකුට ලැබෙනවා.

yashoda-wimaladarma-31713.-4
රංගනය කියන්නේ රූපණවේදියාගේ පරිකල්පනීය නිර්මාණ වේශයක් නොවෙයිද?

actor කෙනකුට සහජ කුසලතාව විතරක් ප්‍රමාණවත් නෑ. ඔහුට හෝ ඇයට ඒ පරිකල්පනීය නිර්මාණ වේශය එළියට එන්න විද්යාත්මකව හැදෑරීමත් අවශ්‍යම වෙනවා.

ඔබ රංගන ශිල්පිනියක් හැටියට ඒ හැදෑරීම ප්‍රගුණ කරනවාද?

අපට එහෙම හදාරන්නට මේ රටේ රංග පාසලක් නෑ. ඒත් ජයන්තගේ නිර්මාණවලට දායක වෙන හැම අවස්ථාවකදීම සෑම රංගන ශිල්පියකුටම රූපණය පිළිබඳ අහ්‍යාස ලැබෙනවා. පිටපතේ තියෙන චරිත ඔහු එළියට අරගන්නේ දර්ශන තලයේදී. දර්ශන තලය ඇතුළේ ඔහු කරන අත්හදා බැලීම් හරිම අපූරුයි. චරිත අභ්යන්තරයෙන් එළියට ගන්න එක හරිම ප්‍රයෝගික වැඩපිළිවෙළක්.

- මව්බිම

Tuesday 30 July 2013

විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියට ලැජ්ජාවක් හා අපහසුතාවක්

අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියට ලැජ්ජාවක් හා අපහසුතාවක් ඇතිවන ආකාරයට මධ්‍යම රාත්‍රියේදී ඇයට දුරකතන ඇමතුමක් ලබාදෙන ලදැයි කියන සිද්ධියේ සැකකරු අගෝස්තු මස 5 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන
මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා 30දා  නියෝග කළේය.
දුනුවිලපිටිය ප්‍රදේශයේ පදිංචි දනුක සමන් කුමාර නමැත්තා එසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණි. සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසටද බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණයෙන් නියම කෙරුණි. අභියාචනාධිකරණ විනිසුරු විජේසුන්දර මහත්මියගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා වන පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. විජේතිලක මහතා මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයේ පුත්තලම් ප්‍රාදේශීය සභාවේ සභාපති එක්සත් ජාතික පක්ෂට


එක්සත් ජාතික පක්ෂය - පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනමඩුව ආසනයට ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පවුලකින් පැවත එන තුෂාර පතිරගේ මහතා ආණ්ඩුවේ පවතින දුෂණයට හා භීෂණයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් සභා මැතිවරණයට තරග කිරීම සඳහා අද දිනදී නාම යෝජනාවට අත්සන් කිරීම සිදුකරන ලදී (ඔහුගේ සොහොයුරා වන දිලුක් පතිරගේ මහතා පුත්තලම් ප්‍රාදේශීය සභාවේ වසර 14ක් සභාපතිධුරය හොබවන ලදී).  ආනමඩුවේ ඉතා වැදගත් පරපුරකින් පැවැත එන තුෂාර මහතා ප්‍රදේශයේ ඉතාමත්ම ජනප්‍රිය චරිතයකි. ඔහුත් සමග ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දහස් ගණනක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට සුදානමින් සිටියි. පුත්තලම් සංවිධායක කින්ස්ලි ලාල් මැතිතුමා විසින් ඔහුව හඳුන්වා දෙන ලදී.එක්සත් ජාතික පක්ෂය - පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනමඩුව ආසනයට ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පවුලකින් පැවත එන තුෂාර පතිරගේ මහතා ආණ්ඩුවේ පවතින දුෂණයට හා භීෂණයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් සභා මැතිවරණයට තරග කිරීම සඳහා අද දිනදී නාම යෝජනාවට අත්සන් කිරීම සිදුකරන ලදී (ඔහුගේ සොහොයුරා වන දිලුක් පතිරගේ මහතා පුත්තලම් ප්‍රාදේශීය සභාවේ වසර 14ක් සභාපතිධුරය හොබවන ලදී). ආනමඩුවේ ඉතා වැදගත් පරපුරකින් පැවැත එන තුෂාර මහතා ප්‍රදේශයේ ඉතාමත්ම ජනප්‍රිය චරිතයකි. ඔහුත් සමග ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දහස් ගණනක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට සුදානමින් සිටියි. පුත්තලම් සංවිධායක කින්ස්ලි ලාල් මැතිතුමා විසින් ඔහුව හඳුන්වා දෙන ලදී.

Like · · · 7 hours ago ·

මාලක කැපුවේ ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සිටින 'මේජර් තිස්ස'බව හෙළි වී තිබේ. '.ගැටුමට හේතුව මේජර් තිස්සගේ පෙම්වතියකට සිදුකරන ලද කරදරය


 

දුරාචාර්ය ඇමැති මර්වින් පුත් මාලක සිල්වාට පෙරේදා 29 දා ඔඩෙල් ප්‍රදර්ශනාගාර රථ ගාලේදී පහර දී කපා කොටා දමන ලද්දේ ජනාධිපති ගේ අංක එකේ ගෝලයෙක් වන තිස්ස හෙවත් ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සිටින 'මේජර් තිස්ස' නම් පුද්ගලයා සහ ඔහු සමග පැමිණි ජනාධිපති ආරක්ෂක අංශයේ හමුදා නිලධාරීන් පිරිසක් බව හෙළි වී තිබේ.

මෙම තිස්ස නමැත්තා පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඉඹුල්ගොඩදී ඇක්සිඩන්ට් එකක් ලෙසට ඇඟවෙන පරිදි සරසවි සිසුන් දෙදෙනෙකුගේ ඝාතනය මෙහෙයැවූ පුද්ගලයාම වේ.

ඔඩෙල් ප්‍රදර්ශනාගාරය තුලදී මාලක සිල්වා සහ ඔහුගේ ආරක්ෂකයා වූ 'නේවි සිංහ' නමැත්තා තිස්සගේ පෙම්වතියකට සිදුකරන ලද 'දුරාචාරී කරදර කතා' ගැටුමට හේතු වී ඇත. ඇහැට කණට පෙනෙන්ට සිටි තිස්සගේ පෙම්වතිය තනියම ඔඩෙල් ප්‍රදර්ශනාගාරයට පැමිණ ඇති අතර මාලක සහ 'නේවි සිංහ' එක්වී ඇයට කරදර කර ඇත්තේ බ්‍රෙෂියර් විසිකරමිනි. ඇය තම බලවත් පෙම්වතා වූ තිස්සට මේ ගැන තම ජංගම දුරකථනයෙන් පැමිණිලි කර ඇති අතර තිස්ස ජනාධිපති ආරක්ෂක අංශයේ තම සගයන්ද සමග ඩිෆෙන්ඩර් රථ 2 කින් ඔඩෙල් ආයතනයට පැමිණියේ තම ප්‍රියංභිකාවට කරදර කළ ආලවකයා වන් මාලකයා පර සක්වල ගහන්න ය.

තමා පැමිණි ඩිෆෙන්ඩර් රථය ඔඩෙල් ආයතනයේ ගේට්ටුව ලඟ නතර කර තබා අනෙක් රථය ඇතුලට ගොස් පළමුවෙන්ම 'නේවි සිංහ' නමැති පුද්ගලයාට පහර දී ඩිෆෙන්ඩරයට දමාගෙන ඇත. අසරණ වූ මාලක සිල්වා පැමිණි පිරිස කව්දැයි හඳුනාගැනීමෙන් පසු සිදුවූ වරදට සමාව ඇයැද ඇති අතර මාලකට පහර දෙක තුනක් දී ඔහුවද වාහනයට ඇද දමා ගැනීමට ජනාධිපති ආරක්ෂක කණ්ඩායම උත්සාහ කර ඇත. ඒ අතර වාරයේ මාලක සිය රථයේ තිබී රැම්බෝ වර්ගයේ පිහියක් ඇද ජනාධිපති ආරක්ෂකයන් සමග සටනට බැස ඇත. පිහිය උදුරා ගත් තිස්සගේ පිරිස මාලක සිල්වාගේ මුහුණ බඩ උරහිස ආදිය කපා දමා ඇති අතර මුඛය කපන්නට උත්සාහ කරද්දී අවට සිටියවුන් කෑ ගසා වළක්වා තිබේ. මුඛය වෙනුවට මුහුණ කපා ඇත්තේ ඉන්පසුවය. මේ අතර අසල සිටි පොලිසියද මෙතැනට පැමිණ ඇත.

මාලක එතැන දමා නේවි සිංහවත් රැගෙන පිටත්ව ගිය පීඑස්ඩී කණ්ඩායම 'නේවි සිංහ' ට මදියි නොකියන්නට පහර දීමෙන් පසු පුංචි බොරැල්ල හන්දියෙන් අතහැර දමා ගොස් තිබේ. නේවි සිංහ නමැත්තා පසුගිය මැතිවරණයේදී කැළනිය ප්‍රදේශයේ විපක්ෂයේ මහජනතාව ප්‍රසිද්ධියේ දණ ගස්වා ඔලූවට මුත්‍රා කළ අයෙකි.

ඉන්පසු මාලක රෝහල් ගත වී තිබේ. මේ සිද්ධිය පොලිසිය හොඳින්ම දන්නා නමුත් සියල්ල වසා දමා තිබේ. ඔඩෙල් ආයතනයේ සීසීටීවී කැමරා වල පටිගත වී තිබූ සියළු දසුන් මකා දමා ඇත.

මැදමූලන මහින්ද රාජපක්ෂගේ ඉතාම ලඟ පුද්ගලයෙක් වන 'තිස්ස' ගැන  මීට පෙර ද හෙළි කර ඇති අතර ඔහු මහින්දගේ කොන්ත්‍රාත් වෙනුවෙන් 10 වතාවකට වැඩිය රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අයෙකි. මොහු ජනාධිපති ආරක්ෂක අංශයට බඳවාගෙන පසුව මේජර් තනතුරක් පුදා ඇත. එසේ නොමැතිව මොහු නිත්‍ය යුද හමුදාවට බැඳී පුහුණුව ලබා විභාග ලියා මේජර් ධූරයකට පත් වූවෙක් නොවේ. මොහුට ගමේදී හඳුන්වන්නේ 'පොඩි තිස්ස' කියා ය.

මේ සියළු කාරණා දන්නා දුටුගැමුණු ලෙස තමාව හඳුන්වාගන්නා ඇමැති මර්වින් යළි මහින්දගෙන් ලකුණු දමා ගැනීම සඳහා ඊයේ වැලිවේරිය මහජන විරෝධයට මුහුණ දීමට ගියේය. පෙරේදා තම පුතා රෝහලෙන් ඉවත්වී ගෙදර ගියා යැයි කී මර්වින් ඊයේ විරෝධතා කරුවන්ට කීවේ 'මගේ පුතා රෝහලේ සිටයදීත් මං මෙතැනට ආවා' කියාය.

මර්වින් සිල්වා සාමාන්‍ය අහිංසකයෙකු ගස් බැන්දේය. පසුව ඒ පුද්ගලයාට බල කෙළේ 'තමා විසින් ගස් බැඳ ගත්තා' කියා පැවසීමටය. ඉන්පසු මාලක හමුදාවේ මේජර් වරයෙකුට ඔළුවෙන් පැණි පෙරෙන්නට පහර දුන්නේය. පසුව මේජර්ට බල කෙළේ කිසිවෙක් තමාට පහරදුන්නේ නැතැයි කියන්නට ය. දැන් මාලක ඊට වඩා බලවතුන්ගෙන් පහර කා ඇත. දෛවයේ සරදමට මෙන් මර්වින්ටත් මාලකටත් කියන්නට සිදුවී ඇත්තේ 'කවුරුත් පහර දුන්නේ නෑ මාලක විසින්ම ගහ ගත්තා' කියා ය.

ඇසිඩ් වතුර බොන්න බෑ කී ජනතාවට වතුර බවුසරයක් යවනවා වෙනුවට යුද ටැංකි යවති: මර්වින්ට හූ කියා එළවා ගනී-

ඇසිඩ් වතුර බොන්න බෑ කී ජනතාවට වතුර බවුසරයක් යවනවා වෙනුවට මැදමූලන ගං කබරයෝ යුද ටැංකි යවති: මර්වින්ට හූ කියා එළවා ගනී--------

(ලංකා ඊ නිව්ස් -2013.ජූලි.30, ප.ව.9.00) පසුගිය දින කිහිපයක් තිස්සේ ටිකෙන් ටික මෝරා වැඩුනු ගම්පහ වැලිවේරිය රතුපස්වල ආදී ගම්මාන 10 ක හාරදහසක පමණ ජනතාවකගේ ළිං ජලයට ඇසිඩ් මිශ්‍ර වී තිබීමෙන් පැන නැගුණු විරෝධතාවය අද උච්ඡ අවස්ථාවකට පත් විය. ප්‍රදේශයේ පවත්වාගෙන යන හේලීස් සමාගමට අයත් අත්වැසුම් නිෂ්පාදනය කරන විනිග්‍රෝස් නමැති පෞද්ගලික කර්මාන්ත ශාලාවෙන් නිකුත් කරන අපද්‍රව්‍ය හේතුවෙන් ජල මූලාශ්‍ර දූෂනය වී ළිං ජලයට ඇසිඩ් මිශ්‍ර වී ඇති බවට විශ්වාස කෙරේ. 

කම්හල වසා දමා පිරිසිදු ජලය ලබා දෙන ලෙස ඉල්ලා ඊයේ රාත්‍රී රතුපස්වල - ගල්ඔලූව සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් විසින් ආරම්භ කළ මාරාන්තික උපවාසය නිසා අද වන විට විරෝධතාවය දැඩි විය. ඊයේ රාත්‍රී ජනතාව කම්හල වටකරමින් නිවෙස් වලට නොගොස් එක දිගටම එහි රැඳී සිටිමින් මහ මග උයාගෙන කමින් කුඩා දරු දැරියන් පාසැල් නොයවා ඔවුන් ද සමග විරෝධතාවයේ යෙදුනාහ. අද දහවල් එම ස්ථානයට පැමිණි ඇමැති මර්වින්ට ද ජනතාව හූ කියා එළවා ගත්හ. කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කුප්‍රකට අනුර සේනානායකද එම ස්ථානයට පැමිණ කම්හල වසා දැමීමට අධිකරණ නියෝගයක් හෙට ලබා ගන්නා බව කීවද ජනතාව ගියේ නැත. ඒ වන විට තවත් හිමිවරු පිරිසක් පැමිණ උපවාසයට එක්වූහ. කෙසේ වෙතත් කම්හල අද දහවල් තාවකාලිකව වසා දැමිණ.

සෞඛ්‍ය බලධාරීන් පවසා තිබුනේ 6.5 ත් 7.5 ත් අතර විය යුතු ජලයේ පීඑච් අගය 2 ට පමණ වැටී ඇති අතර 'ජලය අල්ලන්නවත් එපා' කියා ය. මෙම ජලය ගැබිනි මවක් පානය කළහොත් ඇයගේ දරුවා වයස අවුරුදු 5 ක් පමණ වන විට අන්ධ වන බවටද අනතුරු අඟවා තිබිණ. මේ නිසා කම්හල වසා දැමුණා කියා හෙට සිට ජනතාවගේ ළිං ජලයේ ඇති ඇසිඩ් පහ වන්නේ නැත. ජනතාවට පිරිසිදු ජලය ලබා දීමේ වැඩ පිලිවෙලක් සැපයිය යුතුය. 

මෙවැනි අතිශය සංවේදී කාරණාවකදී මිනීමරු මැදමූලන ගංකබර රාජපක්ෂ පාලනයට විසඳුමක් ලෙස තිබුනේ ජනතාවගේ විරෝධතාවය මැඩලීම පිණිස වෙල්ලමුල්ලි වයික්කාල් වෙත යැවූ යුද ටැංකි, යුද හමුදා බෆල් රථ සහිත නවීන අවි වලින් සන්නද්ධ මහා හමුදාවක් එම ස්ථානයට යැවීමයි.

ගෝඨාභය රාජපක්ෂගේ හමුදා සහ පොලිසි පැමිණ ආරක්ෂා කෙළේ ජනතාව නොවන අතර ආණ්ඩුවේ පක්කලියෙක් වන කැසිනෝ ව්‍යාපාර හිමි ධම්මික පෙරේරාට අයත් විනිග්‍රෝස් නම් ජල දූෂක සමාගමයි.

තර්ජන, මර්දන, බොරු ප්‍රෝඩා පසෙක දමා ජනතාවට වහාම පිරිසිදු ජලය ලබා දීමට මැදමූලන මිනීමරුවන් වහා පියවර ගත යුතුය.

සේයාරූ වලින් දැක්වෙන්නේ විරෝධතාවයේ අවස්ථාවන්ය. 
 
(ලංකා ඊ නිව්ස් -2013.ජූලි.30, ප.ව.9.00)
 
 පසුගිය දින කිහිපයක් තිස්සේ ටිකෙන් ටික මෝරා වැඩුනු ගම්පහ වැලිවේරිය රතුපස්වල ආදී ගම්මාන 10 ක හාරදහසක පමණ ජනතාවකගේ ළිං ජලයට ඇසිඩ් මිශ්‍ර වී තිබීමෙන් පැන නැගුණු විරෝධතාවය අද උච්ඡ අවස්ථාවකට පත් විය. ප්‍රදේශයේ පවත්වාගෙන යන හේලීස් සමාගමට අයත් අත්වැසුම් නිෂ්පාදනය කරන විනිග්‍රෝස් නමැති පෞද්ගලික කර්මාන්ත ශාලාවෙන් නිකුත් කරන අපද්‍රව්‍ය හේතුවෙන් ජල මූලාශ්‍ර දූෂනය වී ළිං ජලයට ඇසිඩ් මිශ්‍ර වී ඇති බවට විශ්වාස කෙරේ.

කම්හල වසා දමා පිරිසිදු ජලය ලබා දෙන ලෙස ඉල්ලා ඊයේ රාත්‍රී රතුපස්වල - ගල්ඔලූව සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් විසින් ආරම්භ කළ මාරාන්තික උපවාසය නිසා අද වන විට විරෝධතාවය දැඩි විය. ඊයේ රාත්‍රී ජනතාව කම්හල වටකරමින් නිවෙස් වලට නොගොස් එක දිගටම එහි රැඳී සිටිමින් මහ මග උයාගෙන කමින් කුඩා දරු දැරියන් පාසැල් නොයවා ඔවුන් ද සමග විරෝධතාවයේ යෙදුනාහ. අද දහවල් එම ස්ථානයට පැමිණි ඇමැති මර්වින්ට ද ජනතාව හූ කියා එළවා ගත්හ. කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කුප්‍රකට අනුර සේනානායකද එම ස්ථානයට පැමිණ කම්හල වසා දැමීමට අධිකරණ නියෝගයක් හෙට ලබා ගන්නා බව කීවද ජනතාව ගියේ නැත. ඒ වන විට තවත් හිමිවරු පිරිසක් පැමිණ උපවාසයට එක්වූහ. කෙසේ වෙතත් කම්හල අද දහවල් තාවකාලිකව වසා දැමිණ.

සෞඛ්‍ය බලධාරීන් පවසා තිබුනේ 6.5 ත් 7.5 ත් අතර විය යුතු ජලයේ පීඑච් අගය 2 ට පමණ වැටී ඇති අතර 'ජලය අල්ලන්නවත් එපා' කියා ය. මෙම ජලය ගැබිනි මවක් පානය කළහොත් ඇයගේ දරුවා වයස අවුරුදු 5 ක් පමණ වන විට අන්ධ වන බවටද අනතුරු අඟවා තිබිණ. මේ නිසා කම්හල වසා දැමුණා කියා හෙට සිට ජනතාවගේ ළිං ජලයේ ඇති ඇසිඩ් පහ වන්නේ නැත. ජනතාවට පිරිසිදු ජලය ලබා දීමේ වැඩ පිලිවෙලක් සැපයිය යුතුය.

මෙවැනි අතිශය සංවේදී කාරණාවකදී මිනීමරු මැදමූලන ගංකබර රාජපක්ෂ පාලනයට විසඳුමක් ලෙස තිබුනේ ජනතාවගේ විරෝධතාවය මැඩලීම පිණිස වෙල්ලමුල්ලි වයික්කාල් වෙත යැවූ යුද ටැංකි, යුද හමුදා බෆල් රථ සහිත නවීන අවි වලින් සන්නද්ධ මහා හමුදාවක් එම ස්ථානයට යැවීමයි.

ගෝඨාභය රාජපක්ෂගේ හමුදා සහ පොලිසි පැමිණ ආරක්ෂා කෙළේ ජනතාව නොවන අතර ආණ්ඩුවේ පක්කලියෙක් වන කැසිනෝ ව්‍යාපාර හිමි ධම්මික පෙරේරාට අයත් විනිග්‍රෝස් නම් ජල දූෂක සමාගමයි.

තර්ජන, මර්දන, බොරු ප්‍රෝඩා පසෙක දමා ජනතාවට වහාම පිරිසිදු ජලය ලබා දීමට මැදමූලන මිනීමරුවන් වහා පියවර ගත යුතුය.

සේයාරූ වලින් දැක්වෙන්නේ විරෝධතාවයේ අවස්ථාවන්ය.

කාමාස්වාද ස්ත්‍රී පංචස්කන්ධයක් බෝධි බෞද්ධ මධ්‍යස්ථානයට රහසේම රැගෙන ආවේය.

බොදු බලේ ජාතික සංවිධායක මහ රෑ කාමාස්වාද පංචස්කන්ධයක් සමග ජාතික කටයුත්තේ-------

(ලංකා ඊ නිව්ස් -2013.ජූලි.31, පෙ.ව.3.00) බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද නම් චීවරධාරී මහතාගේ නිවස්නය වන කිරුලපොනේ පිහිටි බෝධි බෞද්ධ මධ්‍යස්ථානය නම් ස්ථානය මේ වන විට කුවේරයාගේ ආලකමන්දාව බවට පරිවර්තනය වී ඇත. මීට පැය එකහමාරකට පමණ පෙර පාන්දර 1.45 ට පමණ විතාරන්දෙනියේ නන්ද මහතා ඊපී පීඩී 2423 දරණ සුපිරි කැබ්රියෙන් කාමාස්වාද ස්ත්‍රී පංචස්කන්ධයක් බෝධි බෞද්ධ මධ්‍යස්ථානයට රහසේම රැගෙන ආවේය. රියැදුරා ගේට්ටුව හැර රිය ඇතුලට ගැනීමෙන් පසුව පසුපස අසුනේ සිට අතින් අල්ලා බිමට බස්සා ගත් ඒ කාමාස්වාද පංචස්කන්ධය වහ වහා නිවස්නය තුලට ගෙන ගියේ කාටවත් නොපෙනෙන ආකාරයටය. කහ පාටට හුරු උඩු ඇඳුමක්ද ඊටම සරිලන සායකින්ද සැරසී සිටි පංචස්කන්ධය සමග ඇතුලට ගිය නන්ද චීවරධාරී මහතා මේ වන විට බොදු බල සේනාවේ බරපතල ජාතික කටයුත්තේ යෙදී සිටී. සිංහල ජාතිය නැතිවන බැවින් වහ වහා ජාතික කටයුත්ත ඉටුකළ යුතුමය. මෙහි දැක්වෙන්නේ පැමිණි කැබ්රිය නතර කර තිඛෙන ආකාරයයි. නන්ද චීවරධාරී මහතාගෙන් මේ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් විමසීමක් කරන්නේ නම් ඔහුගේ ජංගම දුරකථන අංකය 071-4088660 වේ. ලංකා ඊ නිව්ස් හි ඇස් රාත්‍රියේද අවදියෙන් පවතින බැවින් රහසිගත වැඩ කරද්දී මඳක් පරිස්සම් වෙන ලෙස නන්ද මහතාට මතක් කර සිටිමු.බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද නම් චීවරධාරී මහතාගේ නිවස්නය වන කිරුලපොනේ පිහිටි බෝධි බෞද්ධ මධ්‍යස්ථානය නම් ස්ථානය මේ වන විට කුවේරයාගේ ආලකමන්දාව බවට පරිවර්තනය වී ඇත. මීට පැය එකහමාරකට පමණ පෙර පාන්දර 1.45 ට පමණ විතාරන්දෙනියේ නන්ද මහතා ඊපී පීඩී 2423 දරණ සුපිරි කැබ්රියෙන් කාමාස්වාද ස්ත්‍රී පංචස්කන්ධයක් බෝධි බෞද්ධ මධ්‍යස්ථානයට රහසේම රැගෙන ආවේය. රියැදුරා ගේට්ටුව හැර රිය ඇතුලට ගැනීමෙන් පසුව පසුපස අසුනේ සිට අතින් අල්ලා බිමට බස්සා ගත් ඒ කාමාස්වාද පංචස්කන්ධය වහ වහා නිවස්නය තුලට ගෙන ගියේ කාටවත් නොපෙනෙන ආකාරයටය. කහ පාටට හුරු උඩු ඇඳුමක්ද ඊටම සරිලන සායකින්ද සැරසී සිටි පංචස්කන්ධය සමග ඇතුලට ගිය නන්ද චීවරධාරී මහතා මේ වන විට බොදු බල සේනාවේ බරපතල ජාතික කටයුත්තේ යෙදී සිටී. සිංහල ජාතිය නැතිවන බැවින් වහ වහා ජාතික කටයුත්ත ඉටුකළ යුතුමය. මෙහි දැක්වෙන්නේ පැමිණි කැබ්රිය නතර කර තිඛෙන ආකාරයයි. නන්ද චීවරධාරී මහතාගෙන් මේ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් විමසීමක් කරන්නේ නම් ඔහුගේ ජංගම දුරකථන අංකය 071-4088660 වේ. .

මහජන එක්සත් පෙරමුණ සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය ගැටේ



මහරගම මහ නගර සභාවේ මාසික රැස්වීම අද (30) අතරමග නතර  කෙරිණි.
ඊට හේතුව වුයේ මහ නගර සභාවේ සංවර්ධන කටයුතු සදහා  මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී  නිශාන්ත විමලචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් බධා පමුණුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී  ඥාණසිරි වී‍රකෝන් මහතා පැවසීමත් සමගය.
නිශාන්ත විමල චන්ද්‍ර (ම.එ.පෙ) මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
නගරසභාවේ සභාපති කාන්ති කොඩිකාර මහත්මිය සභාව කල් නොතියා  කාලගෝට්ටිය මැද්දේ  මුලාසනයෙන් ඉවත්ව ගියාය.

තෙරිපැහැ සිරිධම්ම හිමියන් උපවාසය මාරාන්තික උපවාසයක


bikshuරතුපස්වල ප්‍රදේශයේ ජල ගැටලුවට විසඳුම් ඉල්ලා තෙරිපැහැ සිරිධම්ම හිමියන් ආරම්භ කළ උපවාසය මාරාන්තික උපවාසයක් දක්වා වර්ධනය කර තිබේ.
සිරිධම්ම හිමියන්  ප්‍රකාශ කළේ, ඊයේ රාත්‍රි 8.30 සිට තමන්වහන්සේ සියලු ආහාර පාන වර්ජනය කළ බව ය.
රතුපස්වල ජනතාව මුහුණදී සිටින ජල ගැටලුව සම්බන්ධයෙන් සියලු අංශ නියෝජනය වන පරිදි කමිටුවක් පත්කර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාගන්නා බව  නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ ප්‍රකාශ කළේ ය.
ඔහු මේ බව සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ය.
කෙසේවෙතත් අදාළ තීරණයට එකඟනො වූ ගම්වැසියන් ප්‍රකාශ කළේ, විසඳුමක් ලැබෙන තෙක් උපවාසය අත්නොහරින බව ය.
ඒ අනුව ගම්වාසීන් ඊයේ රාත්‍රීයේ ගැටලුව සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික කර්මාන්තශාලාව ආසන්නයට රැස්ව විරෝධතාවේ නිරත වූහ.
ගම්වාසීන් දින කිහිපයක් තිස්සේ මෙම විරෝධතාවේ නිරතවන්නේ තම ළිංවලට කිසියම් රසායනිකයක් එක්ව ඇති බව පවසනමිනි.

පුද්ගලික බස් හිමියන්ගෙන් රහස් සාකච්ඡාවක්


bus_newsfirst_0_3පෞද්ගලික බස් කර්මාන්තය යළි නගාසිටුවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රධාන බස් සංගම් රහස් සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ප්‍රවාහන බලධාරීන් පෞද්ගලික බස් රථ කර්මාන්තය නඟාසිටුවීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පෞද්ගලික බස් කර්මාන්තකරුවන් සඳහන් කරයි.
මේ හේතුව නිසා පෞද්ගලික බස් කර්මාන්තය බිඳ වැටීමේ අවදානමකට ලක්ව ඇති බව ඔවුන්ගේ අදහසයි.
මෙම තත්ත්වයෙන් බස් කර්මාන්තකරුවන් ආරක්ෂා කරගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන බස් සංගම්වල සාමාජිකයින් සාකච්ඡා ආරම්භ කර ඇති බව කියැවෙයි.
දැනට පවතින ගැටලු නිරාකරණය කරගනිමින් ඉදිරියේ දී සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි වැඩි අවධානය යොමුකෙරෙන බව සඳහන්ය.
විශේෂයෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ අනෙකුත් වෘත්තීය සමිති සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බස් වෘත්තීය සමිති නියෝජිතයෙකු අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ගේ පුත්‍රයා වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් නීති විරෝධී ක්‍රියාවක


alt
මාතලේ නාවුල ප්‍රදේශයේදී  පසුගියදා ඇතිවු ගැටුමට සබන්ධ වාහන අතර ඉඩම් අමාත්‍යංශයට අයත් වාහන ද  ඇති බව කැෆේ සංවිධානය කියයි.
එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් කරුණු විමසා ඉඩම් අමාත්‍යංශ ලේකම් ටී අශෝක පීරිස් මහතා වෙත ලිපියක්ද යවා තිබේ.
පසුගිය ජුලි 28 වනදා මාතලේ නාවුල  ප්‍රදේශයේදී සිදුවු ගැටුමට සම්බන්ධ වාහන අතරින්  WP KH 0262 දරණ කළු පැහැති ජීප් රිය ඉඩම් අමාත්‍යංශයට අයත් එකක් වන අතර එය  ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ගේ පුත්‍රයා වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්  මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට යොදවා ඇති බව කීර්ති තෙන්නකෝන් මහතා මෙම ලිපියෙන් පෙන්වා දී තිබේ. එමෙන්ම ඉඩම් ‍අමාත්‍යංශයට අයත් බව කියන ගරාජ් අංක සහ නීති විරෝධී අංක සහිත වාහන රැසක්ම මධ්‍යම පළාතේ මැතිවරණ ව්‍යාපාරයේ යොදවා ඇති බවට පැමිණිලි රැසක්ම ලැබී ඇති බවද කැෆේ  සංවිධානය අවධාරණය කරයි.
අමාත්‍යංශය සතු මෙම වාහන නිදහස් කළේ කුමන කරුණක් සදහාද යන්න පැහැදිලි කරන මෙන් කැෆේ සංවිධානය ඉඩම් ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි. තවද අමාත්‍යංශ ලේකම් වරයා සතු බලතල භාවිත කර වහාම මෙම වාහන නිදහස් කිරීමට එරෙහිව පියවරක්  ගත යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
මෙලෙස රජයේ විවිධ ආයතන වලට අයත් වාහන  මැතිවරණ ව්‍යාපාරය සදහා යොදාගැනීම පිළිබද සිදුවීම් මේ වන විට පළාත් තුනෙන්ම වාර්තා වන බවද තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. රාජ්‍ය සම්පත් හා දේපළ මැතිවරණ ව්‍යාපාරය සදහා යොදාගැනීම නීති විරෝධී ක්‍රියාවක් වන අතර, මෙලෙස රාජ්‍ය දේපළ පරිහරණය කිරීම් පිලිබද කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු අදාළ බලධාරීන් වෙතද ලිඛිතව දැනුම් දී තිබේ .

අලියා ගිලපු I phone එක ගත්ත හැටි

මිනිසා සම්පුර්ණ මිනිසෙක් කල හැකි එකම මාර්ගය ආගම හා බුද්ධ චරිතයයි.

දහම් පාසල වල මුලික අරමුණ වන්නේ දරුවන්ගේ දැනුම,කුසලතා,ආකල්ප වැඩි දියුණු කර සමාජයට වැඩදායි පුද්ගලයෙකු බිහි කිරීම බව සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති,කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති අචාර්ය පුජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමි පවසයි.
අද උදැසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ජාවකදී නායක හිමි කියා සිටියේ මිනිසා සම්පුර්ණ මිනිසෙක් කල හැකි එකම මාර්ගය ආගම හා බුද්ධ චරිතය බවයි.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ වැලමිටියාවේ කුසලධම්ම නායක හිමි කියා සිටියේ බෞද්ධ සංස්කෘතිය හා සිංහල සංස්කෘතිය දෙකම එකයි.මේ දෙකම ගහට පොත්ත වගේ,මස් වලට ලේ වගේ.ඒ නිසා බුදු දහම නැති තැන බෞද්ධ සංස්කෘතිය නැත්තනම් එතන මිනිස් ජිවිතයක් නෑ තියෙන්නේ මිනිස් හපයක් පමණයි.ඒ නිසා දහම් පාසල් වලින් අප බලාපොරොත්තු වන්නේ බුද්ධ චරිතය ,ජාතක කථා තුලින් හැදිච්ච රටට ජාතිය ආදරය කරන මව්පියන්ට සලකන සදාචාර සම්පන්න ශිෂ්‍ය පිරිසක් රටට දන අවශය වී ඇති බවයි.
එමෙන්ම 118 වන සමස්ත ලංකා දහම් පාසල් දින උත්සවය ත්‍රෙනිකායික මහානායක ස්වාමින් වහන්සේලා ,සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ කෘත්‍යාධිකාරි ස්වාමින් වහන්සේලා,කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියුලුම ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති/ගරු ලේකධිකාරි ස්වාමින් වහන්සේලා,කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියුලුම විහාධිපති වහන්සේලා ගේ වැඩමකරවිමෙන් අග්‍රාමාත්‍ය,බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දී.මු ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු මැති ඇමතිවරුන්ගේ සම්භාවනියකගේ සහභාගිත්වයෙන් 2013 අගෝස්තු මස 03 දින කුරුනෑගල මලියදෙවී බාලිකා විද්‍යාලිය ශ්‍රවනාගාරයේදී පස්වරු 2.00 පැවැත්වීමට නියමිතයි.

තවත් බාල පෙට්‍රල් තෙල් නැවක් වරායට ඇවිත්

oiltransrerතවත් ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000 ක නැවක් මේ වන විට කොළඹ වරායට පැමිණ තිබෙන බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම බාල පෙට්‍රල් තොගයේ නියමිත ඔක්ටේන් ප්‍රමාණය නොමැති බවට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පරික්ෂණාගාරය විසින් පරික්ෂාවෙන් පසු දැනුම් දි ඇත. මෙම පෙට්‍රල් තොගයෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30000 ක් ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල්වන අතර මෙට්‍රික් ටොන් 5000 ක් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල්වේ. එම තෙල් තොගය ‘චයිනා ඔයිල් කම්පැනි’ නම් සිංගප්පුරු සමාගමෙන් ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙරටට ආනයනය කර ඇති අතර නැවෙන් ලබාගත් පළමු තෙල් සාම්පලය පරික්ෂා කිරීමේදි එහි නියමිත ඔක්ටේන් ප්‍රමාණය නොමැති බව සපුගස්කන්ද තෙල් පරීක්ෂණාගාරය විසින් දැනුම් දි ඇත.
එසේ වුවද තෙල් සංස්ථා ඉහළ කළමණාකාරිත්වයේ බලපෑම මත මෙය දෙවන සාම්පල පරික්ෂාවකට යොමු කර ඇතැයි එහි වෘත්තීය සමිති සඳහන් කරයි. පාලන අධිකාරිය උත්සාහ කරන්නේ මෙම තෙල් තොගය ගොඩ බෑමට යයිද සංස්ථා වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වාදෙයි.
කෙසේ නමුත් තෙල් සංස්ථාවේ පරික්ෂණාගාරය විසින් පරික්ෂා කිරිමෙන් පසු දෙවන පරික්ෂණයකට යොමු කරන්නේ නම් එය කළ යුත්තේ විදේශ රටකට යවා බවත් දෙවන පරික්ෂණයක් නැවත මෙරට තුළදිම පැවැත්වීම ගැටලු සහගත බවද ඔවුන් පෙන්වා දෙයි.

මෙරටට ආනයනය කළ ඉන්ධන තොගය ප්‍රමිතියෙන් තොර බවට දෙවන පරික්ෂණයෙන්ද ඔප්පු වුවහොත් මෙම තෙල් තොගය ප්‍රතික්ෂේප කරන ලෙස ඛනිජ තෙල් කර්මාන්ත ඇමති අනුර ප්‍රියදර්ශන මහතා උපදෙස් දී තිබේ.
ලසන්ත වීරකුලසූරිය

මරණය අවසන්

 

දොස්තරඋපුල් විජයවර්ධන -

ෂ්‍යාමන් ජයසිංහ සහ ඊ.ඞී.එස්. විජේරත්න දාර්ශනිකයන් අතර මතු භවය අරභයා පැවති බුද්ධිමය සහ ශාස්ත‍්‍රීය සංවාදය දැකීමෙන් (‘දි අයිලන්ඞ්’ පුවත්පත: ජුලි 6, 12, 24)මරණය ගැන නැවත සිතන්ට මා පෙළඹුණි. මීට පෙර ලිපියකත් මා සඳහන් කොට ඇති සහ මගේ මිතුරෙකු ද යෝජනා කොට ඇති පරිදි, මේ වන විට ‘පිටවීමේ පර්යන්තයේ’ බලා සිටින මට, මරණය ගැන අළුතින් මතක් කිරීමක් අවශ්‍ය නැත. මරණ දැන්විම් කියැවීමෙන්, මගේ සගයන් පිටව යන බව මට මතක් කෙරේ. එහෙත් ඔවුන් නැවතත් මා හමුවීමට බලා සිටී ද? සමහර විට, මේ ජීවිතයේ දීම ඔවුන්ට මාව හොඳමට එපා වී තියෙන්නටත් ඇති. ඔවුන්ගෙන් සමහරෙකු ගැන මා ගුණකථන ලියා තිබේ. එහෙත් ඔවුන් වඩාත් ප‍්‍රිය කරනු ඇත්තේ මා ගැන ඔවුන්ට ලිවීමට තිබුණා නම් විය හැකියි. ඊළඟ ආත්මයේ දීවත් ඔවුන්ට ඒ අවස්ථාව උදාවේද? සමහර විට, නැත. ඇතැමුන් විශ්වාස කරන පරිදි, මරණයෙන් පසු එළැඹෙන්නේ සදාතනය නම්, එවැන්නක් සිදුවීමට පුළුවන් කමක් නැත.
වසර 47 කට වැඩි කාලයක් වෛද්‍ය වෘත්තියේ නිරතව සිටි සහ එයින් අවසාන වසර දහය, බොහෝ පිළිකාවලටත් වඩා මරණ අනුපාතිකයක් සටහන් කෙරෙන හෘද රෝග ප‍්‍රතිකාර සඳහා කැප කළ කෙනෙකු වශයෙන්, මරණය ගැන කතා කිරීමට වෙනත් බොහෝ අයට වඩා මා සුදුස්සෙකි. මරණයක් කෙතරම් කම්පිත විය හැකි දැයි මා දැක තිබේ. එය කෙතරම් කුරිරු විය හැකි ද යන්නත්, ඇතැම් විට, කෙතරම් සහනයක් විය හැකි ද යන්නත් මා දැක තිබේ. වෛද්‍යවරුන් වශයෙන් අපේ සාර්ථකත්වය මැනෙන්නේ මරණ අනුපාතිකයේ ස්වභාවය මත නිසා, එක්තරා ආකාරයකින් අපේ සිත් තුළ මරණය හොල්මන් කරයි. ඖෂධ වර්ග, වෛද්‍ය උපකරණ සහ පරිපාටි අත්හදාබැලීම්වල අවසාන ආරම්මණයට මරණය සම්බන්ධ යි. මන්ද යත්, බාගෙවිට, එකම ‘කඨෝර’ සමාප්ත ලක්ෂ්‍යය වන්නේ එය නිසා විය හැකියි. මරණය ගැන අපේ සිත් මොන තරම් පීඩාවෙන් බර වී ඇත් ද යත්, ජීවිතයේ නොවැළැක්විය හැකි සමාප්තිය මරණය බව අපි අමතක කරමු. මරණයට පත්වන පුද්ගලයන් ගැන තිබිය යුතු සැලකිලිමත් සාත්තුවේ වැදගත්කම අමතක කරමු. හෘද රෝගය වර්ධනය වෙද්දි අපේ උපාය මග වෙනස් විය යුතු ආකාරය ගැන මගේ රෝගීන් සමග නිදහසේ සාකච්ඡුා කිරීමට හැකියාව ලැබෙද්දී, හෘද රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම මගේ ඇස් ඇරවන අත්දැකීමක් විය. මුල දී, ජීවිතය දීර්ඝ කර ගැනීම උදෙසා ප‍්‍රතිකාර කළ ද, රෝගයේ පැහැදිළි උග‍්‍ර වීමත් සමග රෝගියාගේ සුව පහසුව සඳහාත්, ශාන්ත මරණයකට මුහුණදීම සඳහා රෝගියාව සූදානම් කිරීමත් වෙනුවෙන් ප‍්‍රතිකාර විධික‍්‍රමය වෙනස් කිරීමට අපට සිදුවෙයි. බොහෝ රෝගීන් මේ නොවැළැක්විය හැකි යථාර්ථයට මොන තරම් ධෛර්යයෙන් සහ පහන් සිතින් මුහුණදෙන්නේ ද යන්නත්, ප‍්‍රියයෙකුගේ වියෝවෙන් පසු ඔහුගේ හෝ ඇගේ ඥාතීන්ගෙන් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ලබන ප‍්‍රශංසාවන් අප සතු නිහතමානී අත්දැකීමකි.
අවුරුදු විස්සකට පමණ ඉහත දී, ලන්ඩන් නුවරට යාබද සෙල්ස්ඩන් හි පිහිටි තේම්ස් බෞද්ධ විහාරයේ උත්සවයක කතා කිරීමට නියමිතව සිටි දේශකයා නොපැමිණීම හේතුවෙන් මට දේශනයක් කිරීමට ආරාධනයක් ලැබුණු අවස්ථාවේ මා තෝරාගත්තේ මරණය නැමැති විෂයය යි. එය සභාවේ මවිතයට හේතු විය. ජීවිතයේ එකම නියතය මරණය වෙතත්, බාගෙ විට අප තුළ පවතින භීතීන් නිසා ඒ ගැන කතා කිරීමට අදිමදි කරන ගතියක් තිබේ. මළකඳක් ළඟින් නිදාගැනීමට සූදානම් කිසිවෙක් වෙත් දැ යි එම සභාවෙන් මා ප‍්‍රශ්න කරන ලදුව, අපේක්ෂිත පරිදිම, කිසි අතක් එසැවුණේ නැත. මළගිය තැනැත්තාගේ ආත්මය ඒ අවට ගැවසෙතියි යන විශ්වාසයක් ඇතොත් මිස, මළ සිරුරකින් විය හැකි හානියක් නැති බව හොඳින්ම දැනගෙනත්, අප තුළ බියක් තිබේ. හේතුව, මළගිය ප‍්‍රාණියාට වඩා අප බිය වන්නේ මරණයට වන බැවිනි. අප ප‍්‍රවේශම් විය යුත්තේ ජීවතුන් අතර සිටින්නන්ගෙනි. අර්ධ=සත්‍යයන් සහ මිථ්‍යාවන් ගැන අප ලවා විශ්වාස කැරැුවීමට බල කිරීමෙන්, කායිකව මෙන්ම මානසිකවත් අපට අනතුරු කළ හැක්කේ, ජීවතුන් අතර සිටින්නන්ට ය.
සියල්ලේ අවසානය මරණය වශයෙන් භාර ගැනීම මිනිසාට අසීරු වන්නට ඇත්තේ, මිනිස් වර්ගයා සංකල්පීයකරණය වර්ධනය කරගත් තැන් පටන් විය හැකිය. මෙතරම් සුන්දර සියල්ල හිටිහැටියේම ඉවරයක් විය හැක්කේ කෙසේද? මතු භවය හෝ සදාතනය අප සොයාගන්නට ඇත්තේ, ඒ අර්බුදයට පිළියමක් වශයෙන් වන්නට බැරි ද? එහෙත්, මතු භවයක් හෝ ඊළඟ ආත්මයක් ගැන ළතවෙනවාට වඩා, අපේ මේ ලස්සණ ග‍්‍රහලෝකය සහ එහි වෙසෙන්නන් වෙනුවෙන් යහපතක් ඉෂ්ට සිද්ධ කිරීම ගැන සිත යොමු කරමින් සිටීම ඊට වඩා හොඳ නැද්ද? කිසිවක් සන්තකයේ නැති පැවිදි ශ‍්‍රාවකයන් ඉමහත් සතුටින් වෙසෙන්නේ මන්දැ යි වරක් බුදුන් වහන්සේගෙන් කෙනෙකු ප‍්‍රශ්න කරන ලදුව, ඔවුන් අතීතය ගැනවත්, අනාගතය ගැනවත් ළත නොවී වර්තමානයේ ජීවත් වන හෙයිනැ යි උන්වහන්සේ දේශනා කළ සේක.
ආගම දහමට ලැදිව හොඳ හිතින් විත් අපේ නිවසේ දොරට තට්ටු කොට, දෙවියන් වහන්සේ ගැනත්, මෝක්ෂය ගැනත් ලියැවුණු පත‍්‍රිකා බෙදන ඇතැම් ආගමික කණ්ඩායම් බොහෝ විට අපට කරදරයකි. එහෙත් මම ඔවුන් සමග කරුණාවෙන් කතා කරමි. දෙවි කෙනෙකු ගැන විශ්වාසයක් මගේ නැති බව මා කියද්දී ඔවුන්ට එය විස්මයකි. මා විශ්වාස කරන්නේ කාවදැ යි එවිට ඔවුහූ ප‍්‍රශ්න කරති. මා ගැනම යැයි මා කී විට ඔවුහූ තවත් තිගැස්සෙති. අවසානයේ ඔවුන් යන්නේ, මගේ ආත්මය ගලවා ගැනීමට නොහැකි වීමේ කණගාටුවෙනි. මා කෙරෙහි වන ඔවුන්ගේ දයාවට මම ගරු කරමි. එහෙත්, ඔවුන්ගේ මුළාව ගැන මම අනුකම්පා කරමි.
දෙවියන් යනු, මට, නොදන්නා යමක් පැවසීම සඳහා ගැළපෙන යෙදුමකි. එහෙත් නිරන්තරයෙන් විවර වන විද්‍යාවේ දේශසීමා තුළ, එන්න එන්නම වියැකී යන ප‍්‍රපංචයකි. හින්දු ආගමේ බොහෝ දෙවිවරු සිටිත්. ඒ, බොහෝ දේවල් විද්‍යාත්මකව පැහැදිළි කළ නොහැකි වූ යුගයක උපන් දෙවිවරුන් ය. විද්‍යුත් විසර්ජනයක් හේතුවෙන් අකුණු ගහන බව සහ විදුලි කොටන බව අද අපි දනිමු. ඒ දැනුම නොතිබුණු කාලයේ එය දෙවියන්ගේ ක‍්‍රියාවක් විය. තමාගේ මුණුපුරා දවසක කොළඹ සිට ලන්ඩන් නුවරට ගුවනින් යන බව මගේ සීයාට කීවේ නම් ඔහු එය විශ්වාස නොකරනු ඇත. පැපොල සහ සරම්ප වැනි රෝග වැළඳෙන්නේ වෛරස මාර්ගයෙන් බව අද අප දැන සිටියත්, සමහරු තවමත් ඒවා හඳුන්වන්නේ ‘දෙයියන්ගේ ලෙඩ’ කියා ය.
ආගමේ නාමයෙන් මොන තරම් මොළ සේදිය හැකි ද යන්න පුදුමාකාර ය. චාර්ල්ස් ඩාවින් සහ ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් විසින් ඔප්පු කර පෙන්වන ලද, ස්වභාවික තේරීම හරහා සිදුවන පරිණාමය පිළිබඳ කාරණය මෙහි දී වැදගත් වෙයි. ඩාවින්ගේ ආගමික පසුබිම නිසා සහ ආගමේ ඉගැන්වීම්වලට තම සොයාගැනීම් පටහැනි වීම නිසා, ඔහු තමාගේ ‘සත්ව සන්තතියේ ප‍්‍රභවය’ නැමැති අග‍්‍රකෘතිය ප‍්‍රකාශයට පත්කිරීම කල් දැම්මේය. පසුව, වොලස්ගේ අධ්‍යයනය ප‍්‍රකාශයට පත්වීමත්, තම ආදරණිය දියණියගේ අභාවය නිසා ඇති වූ ඉමහත් කම්පාවෙනුත් මඩනා ලදුව, ඩාවින් ස්වකීය නවතම සොයා ගැනීම එළිදැක්වීය. ‘ප‍්‍රඥාවන්ත සැලැස්ම’ යන ආගමික ප‍්‍රතිතර්කයෙන් අද එයට දමා ගසයි.
සූර්යයා වටා පෘථුවිය කැරකෙන බව ඔප්පු කරමින්, අපේ මහන්තත්ත කම හීන කළ කොපර්නිකස් සහ ගැලීලියෝ ගැන ෂ්‍යාමන් ජයසිංහ මහතා සඳහන් කරයි. ගැලීලියෝගේ එම අපහාසය විඳ දරාගත නොහැකි වු පල්ලිය එම ‘පාපයට’ ඔහුව ජීවිතාන්තය දක්වා හිර කෙළේය: ඒ, සත්‍යය සොයා ගැනීමේ ‘පාපය’ වෙනුවෙනි.
නොමග ගිය කිහිප දෙනෙකුගේ ක‍්‍රියාවන් නිසා මෑතක සිට බුද්ධාගම විවේචනයට ලක්විම අවාසනාවකි. එසේ වුව ද, බුදුන් වහන්සේගේ දේශනා, සෑම චින්තකයෙකුටම, ආගම දහම නොඅදහන්නෙකුට වුව, ඉමහත් උත්තේජනයකි. ප‍්‍රශ්න කිරීම උන්වහන්සේ අනුදැන වදාළහ. අවබෝධයෙන් මිස යමක් නොපිළිගන්නැ යි උන්වහන්සේ දේශනා කළහ. මීට පෙර මගේ ලිපිවල සඳහන් කොට ඇති පරිදි, නැවත ඉපැදීම, දැනට පවතින පැහැදිළි කිරීමෙන් පිටස්තර වෙනත් මාර්ගවලින් නිර්වචනය කිරීමට පිළිවන් විය හැක. එය, තවම ඔප්පු කොට නැති සංකල්පයකි. එබැවින් ඒ ගැන විවෘත මනසකින් සිටීමට මම කැමැත්තෙමි.
දර්ශනවාදයේ නොව, වෛද්‍ය විද්‍යාවේ මගේ අත්දැකීම් අනුසාරයෙන්, මා මතු කළ පැනයට, එනම්, ‘‘මරණය: එය අවසානය ද?’’ යන පැනයට, මගේ පිළිතුර කුමක් ද? වර්තමාන දැනුම තුළ ඊට මට දිය හැකි හොඳම පිළිතුර වන්නේ, ‘‘මම නොදනිමි’’ ය යන්නයි. මතු ජීවිතයක් වෙතට හෝ මතු ජීවිතයක් සඳහා මම වැඩ නොකරමි. ප‍්‍රායෝගික තලයක, මගේ පවුල වෙනුවෙන්, මිතුරන් වෙනුවෙන් සහ පොදුවේ මුළු මහත් සමාජය වෙනුවෙනුත්, මට කළ හැකි හැම යහපතක්ම, ප‍්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව, මම කරමි. යම් හෙයකින් මතු භවයක් තිබුණොත්, ඒ කරන ලද යහපත් ක‍්‍රියාවන් එම භවයේ යහපත් ස්ථානයකට මාව හිමිකරුවෙකු කරනු ඇත. එය, මා අපේක්ෂා නොකරන, ‘බෝනස්’ එකකි.
*2013 ජුලි 26 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Death: Is it the End?ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

රවිඳු ගුණවර්ධනට රටින් පිටවයාම තහනම්!

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධනට රටින් පිටවයාමට ඉඩ නොදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම්.ඒ. සහබ්දීන් මහතා අද ආගමන විගමන පාලකවරයාට නියෝග කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය.

රවිදු ගුණවර්ධන අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද වරෙන්තුවක් නිකුත් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මෝසමක් මගින් අධිකරණයේ අවධානය යොමුකර ඇත.

මෙම නිසා ‍ඔහු රටින් පලායාමට ඉඩ ඇති බැවින් එය නතර කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසට ඉන් ඉල්ලා තිබේ.

මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 7 දෙනෙකු අගෝස්තු මස 01 තෙක් රිමාන්ඩ් භාරයේ පසුවේ.

රාජ්‍ය ආයතනවල ලිංගික හිංසනය වැඩිවෙලා


sexuall-haras
රාජ්‍ය ආයතන තුළ කාන්තා හිංසනය සිදුවීම් බහුලව පවතින අතර එම චෝදනා එල්ල වන කිසිදු පුද්ගලයෙකුට දඬුවම් ලබා දීම මේ වන තෙක් සිදුව නොමැති බවත් ඒ සඳහා ක්‍රියාත්මක බොහෝ වැඩපිළිවෙළ සාකච්ජාවට පමණක් සීමාවී ඇති බව ලිංගිකත්වය පදනම්කර ගත් ප්‍රචණ්ඩතාව පිළිබඳ අද(30) පෙරවරුවේ පැවති සමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

කාන්තා හිංසනය වැළැක්වීම සඳහා මෙතෙක් ක්‍රියාත්මකව පවතින කිසිදු වැඩපිළිවෙළක් සාර්ථකවී නොමැති බවත් නිසි වැඩපිළිවෙළක් නොමැති වීම හේතුවෙන් වර්ථමානයේ කාන්තා හිංසන බහුලවී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් කාන්තා හිංසනය වැලැක්වීම සඳහා සෑම අංශයක්ම ඒකාබද්ධව දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

නිරුවතින් නටන ලඳුන්….

මේ දිනවල ලංකාවේ වැඩි වශයෙන් කතා වෙන්නේ ස්වාසිලන්තය (Swaziland) සහ එහි නිරුවතින් නටන ලඳුන් ගැනයි. ඉතින් අපිත් හිතුව මේ පිලිබඳ නිවැරදි තොරතුරු ටිකක් ඔබලාට ලබා දෙන්න. මෙම රටත් අපි වගේම බ්‍රිතාන්‍ය යටතේ පාලනය උන රටක්. දේශපාලන අතින් ඉතාම සාමකාමී රටක් වශයෙන් පිළිගැනෙන ස්වාසිලන්තයේ වාර්තා වන අන්දමට නිදහසින් පසු මෑතක් වනතුරුම දේශපාලන මරණ 1ක් පමණි වාර්තා වී ඇත්තේ.මිලියන 13ක් පමණ ජීවත් වෙන මෙම රට දිළිඳු රටක් වශයෙන් තමි පිළිගැනෙන්නේ.HIV වෛරසය ඉතා බහුල වශයෙන් ව්‍යාප්ත වන මෙහි 2009 වාර්තා වලට අනුව 180,000 දෙනා HIV නිසා මියගොස් තිබෙනවා.උපතේදී ආයු කාලය දල වශයෙන් වසර 45-50 අතරයි.
දැන් බලමු මේ නිරුවතින් නටන ලඳුන් කවුද කියල. ස්වාසිලන්තයේ මෙය හැදින්වෙන්නේ රීඩ් ඩාන්ස් (reed dance) නමින්. Reed යනුවෙන් අදහස් වන්නේ වේවැලක් වැනි තෘණ වර්ගයට අයත් බටයක් වැනි ගස් වර්ගයකුයි. මෙයට සහබාගී වන්නේ කන්‍යාවියන් ඔවුන් උඩු කය නිරුවත්ව තමි මේ නර්තනයේ යෙදෙන්නේ. මෙන්න මේ ආකාරයටයි මේ නිරුවත් උත්සවය පැවතෙන්නේ.
දිනය 01. තරුණ, බාල ලඳුන් කාණ්ඩ වශයෙන් මෙම උත්සවයට සහභාගී වීමට පැමිණීම.
දිනය 02.ලඳුන් වයස් කාණ්ඩ වශයෙන් වෙන් කිරීමක් ඉන් පසු සිදු වෙනවා.(වයස 14-22 සහ 14 ට අඩු ) ඉන් පසු වයස වැඩි අය ඉතා ඈත පිහිටි Reed ගස් නෙලා ගැනීමටත් වයස අඩු අය ළඟ පිහිටි ගස් නෙලා ගන්නත් පිටත්ව යනවා.
දිනය 03.ඔවුන් Reed නෙලාගෙන එකට මිටි බැඳීම සිදුකරනවා.
දිනය 04. ඔවුන් තමන්ගේ මිටිත් රැගෙන් මව් බිසව බැහැදැකීමට පිටත් වෙනවා.
දිනය 05. ඔවුන් තමන්ගේ අවසාන දින නර්තනය සඳහා සුදානම් වීම සිදුකරනවා.
දිනය 06. සවස් කාලයේ ඔවුන් ගෙන Reed මිටි මව් රැජිනගේ නවතන් පල අසල තැන්පත් කර විවිධ ගී කියමින් නර්තනයේ යෙදෙනවා.
දිනය 07. දෙවන නර්තන දිනයේදී රජතුමා එයට සහබාගී වෙනවා.
දිනය 08. රජතුමාගේ අනින් ගවයන්ගේ බිලිපූජාවක් පවත්වා උත්සවය අවසන් කරනවා. නර්තනයේ යෙදුන ළඳුන්ට පූජාවේ මස් රැගෙන ආපසු යනවා.
අද වන විට බොහෝ සෙයින් වාණිජකරණය වී ඇති මෙම උත්සවයේ වෙනත් යටිඅරමුණු ඇතැයි කීවත් මෙය ඔවුන්ගේ පාරම්පරික උත්සවක් ලෙස ස්වාසිලන්ත වැසියන් පිලිගන්නවා.
මූලාශ්‍රය :Swaziland National Trust Comission

දොළොස් හැවිරිදි දැරිය පැහැර ගෙන ගොස් දුෂණය කරයි

දොළොස් හැවිරිදි දැරිය කෙළෙසූ පෙම්වතා දැලේ

වයස අවුරුදු 12 ක් වන බාල වයස්කාර දැරියක මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් දුෂණය කළ බව කියන 24 හැවිරිදි තරුණයෙකු පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ පැහැර ගෙන ඇත්තේ කොස්වත්ත - මීගහවෙල පදිංචිව සිටි දැරියක බව මාරවිල පොලීසිය පවසයි.

ඉකුත් 08 වැනි දින මෙම දැරිය තම මව සහ සහෝදරිය සමග මාරවිල මුලික රෝහලට පැමිණ ඇති බවත් , පසුව ඇය රෝහලේ ආපන ශාලාවට යන බව පවසා පිටත්ව ගොස් ඇතත් නැවත ආපසු පැමිණ නැති බවත් සඳහන්ය.

පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලූ විට ඇගේ මව දැන ගෙන ඇත්තේ තම දියණිය තමන් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය තරුණයෙකු සමග පලාගොස් ඇති බවකි.ඒ අනුව 08 වැනි දින මව විසින් තම දියණියගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් මාරවිල පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

මේ අතර පසුගිය 28 වැනිදා දියණිය නැවත නිවසට පැමිණ ඇති බවත් , නිවසට පැමිණි දියණිය තම මවට පවසා ඇත්තේ මීගහවෙල ප්‍රදේශයේ කොහු මෝලක සේවය කරණ තරුණයෙකු සමග තමන් පලා ගිය බව හා පසුව දෙදෙනාම පොලොන්නරුව - මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකදී අඹු - සැමියන් ලෙස පසුගිය දින කීපය තුළ ජීවත් වු බවය.

එම නිවස සැකකාර තරුණයාගේ පියාට අයත් එකක් බවත්,එහි සැකකරුගේ සහෝදරයෙකුද සිටි බවද දැරිවිය තම මවට පවසා ඇති බවත් , ඒ අනුව තම දැරිය දුෂණය වී ඇති බව දැනගත් මව නැවතත් මේ බව මාරවිල පොලීසියට පැමිණ දැනුම් දී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මවගේ පැමිණිල්ලට අනුව සැකකාර තරුණයා මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම බාල වයස්කාර ස්ත්‍රී දුෂණය සිදුවී ඇත්තේ පොළොන්නරුව පොලිස් වසමේදී වන බැවින් ඒ සම්බන්ධයෙන් වු විමර්ශන කටයුතු සඳහා තරුණයාව පොළොන්නරුව පොලීසියට බාර දීමට මාරවිල පොලීසිය කටයුතු කර ඇත.

දුෂණයට ලක්වු බව කියන දැරිය මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇත

”මම රාජකුමාරයෙක් නෙමේ ලක්ෂ 3 ක ණයකාරයෙක්.”…….

siriparakum

 අපි හැමෝම තමන් පවුද්ගලිකව ගත්තු ණය ප්‍රමාණයන්ට වඩා නොදැනුවත්වම ,ලක්ෂ 3 බැගින් එතෙර බැංකු සහ මුල්‍ය ආයතන / සංවිධාන වලට ණය වෙලා තියනවා .
ඒක පුද්ගල ණය ප්‍රමාණය ගණනය කිරීමේදී ගත්තු ණය ප්‍රමාණය, සේවා නියුක්තිකයන් ගණනෙන් පමණක් බෙදුවොත් (සේවා නියුක්තිකයන් අතර පමණක් විසුරුවා හැරියොත්) එක් සේවා නියුක්තිකයෙක් (අපි වගේ මොකක් හරි ජොබක් කරන කොල්ලෝ කෙල්ලෝ ඇතුළුව) මත පැටවෙන ණය ප්‍රමාණය කොච්චර වෙයිද ?ලක්ෂ 3 කියන්නේ ගත්තු ණය ප්‍රමාණය පුරවැසියන් (අත දරුවන් , සිසු සිසුවියන් , අබාධිත පුරවැසියන් , විශ්‍රාමිකයන් සහ තවත් අය) අතරේ විසුරුවා හැරීමෙන් ගත් ගණනය කිරීමක් පමණයි .යාළුවන්ගේ දැනුමට පහත මගේ එකතු කිරීම බලන්න .# සැබෑ ණය ලබාගැනීම සහ ණය මට්ටම . *2012 වර්ෂය තුලදී දල ණය වශයෙන ලබාගත් රු බිලි 1139ක ප්‍රමාණය අනුමත වාර්ෂික ණය ලබාගැනීමේ සිමාව ඇතුලත පවත්වා ගැනිණි .
*2012 වර්ෂය අවසානයේදී නොපියවූ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රු බිලි 6000.1 ක් වූ අතර එය 2011 වර්ෂය අවසානයේදී පවතී මට්ටම හා සැසඳීමේදී රු බිලි 886.7 ක ඉහළයාමකි
# මැදි වසර පුද්ගල ජනගහනය 2012 (දහස්) – 20,328
# ශ්‍රම බලකාය 2012 (දහස්) – 8,465
උපුටනය – 1 පිටුව (ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය – 2012 වසරේ ප්‍රගතිය සහ 2013 සහ ඉදිරිය සඳහා ක්‍රමෝපායන්.)

අනර්කලී අලින්ට කැමැතියි

Anarkali Akarsha 410pxජනපි‍්‍රය සිනමා නිලි, දකුණු පළාත් සභා මන්ත‍්‍රීනි අනර්කලී ආකර්ෂා අලි අල්ලන්නට ගොස් ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
ඇය මෙසේ අලි අල්ලන්නට ගොස් ඇත්තේ පුංචි විවේකයක් ලද නිමේෂයකදීය.
අනර්, අලින්ට දැඩි කැමැත්තක් දක්වන බවද පැවසේ.
ඇය මෙසේ අල්ලන්නට ගිය අලින් අතර සිටි සුද්ධි නම් ඇතින්න සමග ඡායාරූප කිහිපයක්ද ගෙන තිබේ.

මාලකට පහරදුන් අය අවේ ප්‍රභූආරක්ෂක රථයකද ?

malaka depender 410px 30-07ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට පිහියෙන් ඇන, පහරදුන් අය පැමිණි බව කියන ඩි‍ෆෙන්ඩර් රථයේ සටහන්ව තිබූ අංකය වන WP - AI 5213  ඉහළම පෙළේ ප්‍රභූ ආරක්ෂක අංශයකට අයත් රථයක අංකයක් බව ‍පොලිසිය කියයි.
කෙසේවුවද මෙය ව්‍යාජව අංක තහඩු යොදාගත් මෝටර් රඨයක් බවටද පොලිසිය සැකකරණු ලබයි.
මේ සිද්ධිය කොළඹ ඔඩෙල් සාප්පු සංකීර්ණයේදී සිදුවී ඇති අතර, එහි ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූ දර්ශන මේවන විට පොලිසිය භාරයට ගෙන තිබේ.
ඊට අමතරව මේ පහරදීමට පැමිණි රථය සම්බන්ධයෙන් තොරතුරු දැන ගන්නට කොළඹ නගරයේ ආරක්ෂිත කැමරාවලින් ලැබෙන දර්ශනද පරීක්ෂාවට ලක් කිරීමට පොලිසිය පියවරගෙන ඇතැයි වාර්තා වේ.
මාලක සිල්වාට පහරදුන් ස්ථානයේ වීදුරු බෝතලයක කැඩී ගිය කොටස් කිහිපයක්ද ‍පොලීසියට හමුවී ඇත.
එම බෝතලයෙන් ද මාලකට පහර දී ඇතැයි ‍පොලීසිය සැක කරයි.
ඔහුට පහරදුන් පිරිස මාලක රැගෙනයාමට උත්සාහයක් ගෙන ඇති බවටද සාක්ෂි පොලිසියට හමුවී ඇතැයි පැවසේ.
කෙසේවවුද මාලක සිල්වා නවලෝක පෞද්ගලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මර්වින් සිල්වා මහතා එහි පැමිණ මාධ්‍යට අදහස් දක්වනු ලැබීය ඔහු කියා සිටියේ පහරදුන් අය මාලක රෝහලට නොව මෝචරියට යැවීමට උත්සාහ ගෙන ඇති බවයි.
තමා තිස්ස මහාරාමයේ සිටියදී නංගි, මල්ලි ඇතුළු තිදෙනෙකු ඝාතනයට ලක්වූ බවත්, අද එම ඝාතනය කළ අය එහි ඇත්දැයි ගොස් සොයා බලන්නැයි ද අමාත්‍යවරයා මාධ්‍ය යෙන් ඉල්ලීමක් ද කළේය.
යුධ හමුදා මේජර්වරයකුට පහරදීම සම්බන්ධයෙන් මාලක සිල්වා මහතා මීට පෙර චෝදනා ලබා සිටියේය.

ක්‍රීඩකයන් හා සිටි මව හා දුව ගැන පරීක්ෂණයක්

2Prostitute 410px 13 07 30ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් හා රග්බි ක්‍රීඩකයන් ඇසුරු කරමින් දිවයිනේ විසා නොමැතිව රැදී සිටි ජර්මන් ජාතික මවක් හා දියණියක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට කොල්ලුපිටිය පොලිසිය දැනුම්දී තිබේ.
මෙම මව හතලිස් හැවිරිදි වියේද දියණිය දාහත් හැවිරිදි වියේද පසුවන බව පැවසේ.
මොවුන් සංචාරක වීසා මත ලංකාවට ඇතුළුව දෙවරක් සිය වීසා කාලය දික් කරගෙන ඇත.
සංචාරක වීසා කාලය දික් කළ හැක්කේ දෙවරක් බැවින් ඔවුන් පසුගිය දිනක ජර්මන් තානාපති කාර්යාලයට ගොස් එහිදී තමාට ජර්මනියට යා නොහැකි බව දන්වමින් මව තනිකර දුව පලා ගිය ඇයුරු දක්වමින් හැසිරී ඇත.
පසුව මවට දුව නැතිව ජර්මනියට යා නොහැකි බව පවසා ඇය ඇමරිකන් මාහාචාර්වරයෙකුගේ ආධාර ඇතිව කොළඹ හෝටලයක නැවතී තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් තානාපති කාර්යාලය කොල්ලුපිටිය පොලිසියට දැනුම්දී ඇත.
පසුව මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ ස්ඨානාධිපති මංගල දෙහිදෙණිය මහතා විසින් සොයා බලා ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ මොවුන් දෙදෙනා රගපෑමක් සිදු කරන බවයි.
මව දුව සොයන ලෙසත් දුව මව සොයන ලෙසත් රගපෑමක්කරමින් ඔවුන් මෙරට රැදීසිටීමට උත්සාහ ගන්නා බවයි.
මෙම මව හා දියණිය දිවයිනේ විවිධ ප්‍ර දේශවල නිවෙස් කුලියට ගෙන හා හෝටල්වල නැවතී සිට ඇති බවටද තොරතුරු අනාවරණයවී ඇත.
ඔවුන් රාත්‍රියට ප්‍රසිද්ධ ක්‍රීඩකයන් සමග රාත්‍රී සමාජ ශාලාවල සැරිසරන බවද තොරතුරු ඇතැයි දෙහිදෙණිය මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා ඇත.
ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවද ඔහු ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

දයාසිරිගේ බර කරගහන්න වෙන්නෙත් ජනතාවට

දයාසිරි ආණ්ඩුවට එක්කර ගැනීමට වියදම් කල මුදලත්, දැන් ඔහුව නඩත්තු කිරීමට වැය කරන මුදලත් ගෙවීමට සිදුවන්නේ මෙරට ජනතාවට බව එජාප පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
දයාසිරි ආණ්ඩුවට ගියා කියා මත්තලට ගුවන්යානා නොඑන බවත්, හම්බන්තොට වරායට නැව් නොඑන බවත් ඔහු කියා සිටියි.
හර්ෂණ රාජකරුණා මහතා එසේ  මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල ගැන පවසදිදී, එම ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සදහා තවත් මුදල් ලබාගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙයි.මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට යෝජිත බව වාර්තා වෙයි.
සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා මීට අදාල  යොජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ආරංචි මාර්ග කියයි
.මේ සදහා චීනයේ  එක්සිම් බැංකුවෙන් අමතර ණය මුදලක් ලබාගැනීම  සදහා යොජනා ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.
මත්තල ගුවන් තෙටුපලේ ඉදිකිරීම් කටයුතු තවම සිදුකෙරෙමින් පවතින බවත්,ඉදිකිරීම් සහ ගොඩනැගිලි උපකරණ වල මිල ගණන් ඉහළ යාම නිසා මෙලෙස අමතර මුදලක් ලබාගැනීමට සිදු ඇති බව රජයේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.
මේ අනුව මෙම ගුවන් තොටුපළ ඉදිකිරීම සදහා ලබාගත් ණය මුදල ඩොලර් මිලියන 357 ක් දක්වා ඉහළ යනු ඇති බව වාර්තා වී තිබේ.

මම බයනම් ලංකාවේ ඉන්නේ නැහැ – පාක්‍යසෝති සරවනමුත්තු

453 

ඔබ ආණ්ඩුවෙන් හා ආණ්ඩු හිතවාදීන්ගෙන් දොස් අහන කෙනෙක්. යේයුස් වහන්සේ කියනවා ඔබේ එක් කම්මුලකට ගැසුවහොත් අනෙක් කම්මුලත් හරවන්න කියලා. ඔබට එන ගැරහුම් සම්බන්ධයෙන් අනෙක් කම්මුලත් හරවනවද? නැතහොත් ඔබේ ප‍්‍රතිචාරය ඊට වෙනස් එකක්ද?

ප‍්‍රතිචාරය වෙනස් වෙන්නෙ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ප‍්‍රකාශනයෙහි අයිතියක් තියනවා. මගේ අදහස් මම කියනවා. ඊට ඔවුන් මම කැමති නැති භාෂාවකින් ප‍්‍රතිචාර දක්වනවා නම් මම කුමක් කරන්නද? මිනිස්සු මගේ අදහසයි ඔවුන්ගේ ප‍්‍රතිචාරයයි දෙකම කියවලා අප ගැන තක්සේරුවකට එයි. ඔවුන් සාක්ෂි නැතුව චෝදනා කරන විට කොහොමද චෝදනාවල අගක් මුලක් දැනගන්නෙ මේවා ශීලාචාරද නැද්ද කියලා මිනිස්සු තේරුම් ගනීවි. හැබැයි මට එල්ලවන චෝදනාවල කරුණුමය වරදක් තිබෙනවා නම් මම ඒවා ගැන යළි මගේ අදහස පළකරනවා. මම මෑතකදිත් අයිටීඑන් එකට ලිව්වා අප ගැන පළ කළ ප‍්‍රවෘත්තියක් වැරදියි කියලා. මම බටහිර රටක ආණ්ඩු සමග වැඩකරනවද එල්ටීටීඊ හිතවාදීද සල්ලි සොරකම් කරනවද කියන චෝදනා එල්ල කරනවානම් ඒවාට සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි. මම දූෂිත වැඩවලට විරුද්ධයි. මෑතකදිත් මේ ආයතනයට සම්බන්ධ දූෂිත කටයුතුවල යෙදුණු කෙනෙක් ඉවත් කෙරුණා. ඒක කවුරුත් දන්නවා. මීට පෙර සිවිල් සමාජ සංවිධානයක ඒ වගේ දෙයක් කළා කියලා මම හිතන්නෙ නැහැ. මිනිහෙක් සංවිධානයකින් ඉවත් කරනවානම් ඔහුට එරෙහිව සාධාරණ සාක්ෂි තිබිය යුතුයි. එහෙම නැතුව අර චීෆ් ජස්ටිස් ඉවත්කළා වගේ වැඩකරන්න බැහැනෙ.

හතර වටෙන් චෝදනා එල්ල වනවිට ඔබ හුදෙකලා වෙනවා. එතකොට බයක් දැනෙන්නෙ නැද්ද?

පුද්ගලික මට්ටමින් මට එච්චර බයක් නැහැ. බය වෙනවානම් ලංකාවෙන් ගිහින් පිටරට ඉන්න ඕන. මෙතන වැඩ කරන්න යනවා නම් බයෙන් වැඩ කරන්න බැහැ. එහෙත් ආරක්ෂාව සඳහා සුදුසු පියවර ගන්නත් ඕනෑ. ආයතනය ආරක්ෂා කරන්නත් ඕන. මං ගත්ත තීරණය තමයි මම ලංකාවේ වැඩ කරනවයි කියන එක. මේක මගේ ප‍්‍රතිඵලය මගේ කැපවීම. මෙතන මට බය වෙලා වැඩ කරන්න බැහැ. රටේ සිද්ධි ගොඩක් වෙනවා. ඒවා ගැන කතා කරන්න ඕන. කෑ ගහන්න ඕන. මිනිස්සු ඒකට මැදිහත් නොවී වරද වළක්වන්නෙ කොහොමද?

ඔබ පුංචි මිනිස්සුන්ට සමීප මදි කියලා දැනෙන්නෙ නැද්ද?

ඔව්. මං හිතනවා. තව ගොඩක් ළං වෙන්න ඕන තමයි. අනෙක් පැත්තෙන් මිනිස්සුන්ට හුගක් සමීප වෙලා සංවිධානයක් පාලනය කරන්න අමාරුයි. මට නිදහස ලැබෙන පරිදි මම ඕනෙම තැනකට යනවා. මිනිස්සු අතරට යනවා. එහෙත් තව දුර යන්න ඕනෙ කියලා මම පිළිගන්නවා.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ප‍්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරයකට සහාය දෙන්න අපේක්ෂා කරනවද?

ඔව්. අපි දකින විධියට මේ රටට ගැලපෙන්නේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක්. ඒ අරමුණට තමයි අපේ වැඩසටහන් හදලා තියෙන්නෙ.

ඔබට හිතමිතුරන් කියන්නෙ සරා කියලා. ඔබ ඒ ආමන්ත‍්‍රණයට කැමතිද?

කැමතියි කියන්නේ මගේ සීයාට, තාත්තාට මට සේරටම කිව්වේ සරා කියලා තමයි. ලංකාවේ සම්ප‍්‍රදායක්නේ දිග නමක් තියන කෙනෙකුට ඒකෙන් කොට කරලා පොඩි නමක් දාගන්න එක. අපේ මුළු පවුලටම කියන්නෙ සරා. මගේ නම පාක්‍යසෝති. පොඩි කාලෙ ඉස්කෝලෙ යනකොට කවුරුවත් පාක්‍යසෝති කිව්වේ නැහැ. දිග වැඩි නිසා. ඒ ගොල්ලොත් කිව්වේ සරා. පවුල ඇතුලේ මම බාලයා. මල්ලිට කියන්නෙ තම්බිනෙ. තව ගොඩක් කට්ටිය මට තම්බි කියනවා. මටනම් තුනයි. තම්බි, සරා, පාක්‍යසෝති, පාක්‍යසෝති කියන නමේ තේරුම Light of Fortune කියන එකයි.

ඩොක්ටර්ගෙ ගම කොහේද?

මගේ සීයාගේ තාත්තා දොස්තර කෙනෙක්. ඔහු යාපනේ ඉඳලා කොළඹට ආවා. ඉතින් මගේ ගම හැටියට මම සලකන්නේ කොළඹ. මම මුලින්ම ගියේ කොල්ලූපිටිය ශාන්ත තෝමස් ප්‍රෙප් ස්කූල් එකට. පස්සේ ගල්කිස්සට ගියා.. මම උපන්නෙ 1958දී.

පාසල් කාලේ වැඩිපුර උනන්දුව තිබුණේ මොනවටද?

මම ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තෙ. මගේ මව සිංහල. මම දෙවැනි බස හැටියට සිංහල ඉගෙන ගත්තා. ඕලෙවල් එකට මම සිංහලත් කළා.

තාත්තට සිංහල කාන්තාවක් හම්බ වුණේ කොහොමද?

ඒ ගොල්ලො ඉස්කෝලෙ යනකොට හමුවෙලා තියෙන්නෙ. එක සමාජ පන්තියක් නියෝජනය කරන අය හැටියට තමයි දෙන්නා එකතුවෙන්නෙ. මගේ පියා ඩොක්ටර් කෙනෙක්. අම්මට තිබුණා. වෙස්ටර්න් බැලේ පාසලක්. ඇය පන්ති කළා. දැන් අපේ අම්මට අවුරුදු අසූ ගාණක් වෙනවා. මායි අම්මයි අක්කයි අපි දැනටත් එක ගෙදරක ජීවත් වෙනවා.

ඩොක්ටර් බැලේ කළාද?

පොඩි කාලේ කළා. ඉස්කෝලෙදිත් මම ආට්ස් සබ්ජෙක්ට් තමයි වැඩිපුර උනන්දුවෙන් කළේ. පොඩි කාලේ ඉංගී‍්‍රසි සාහිත්‍ය හුඟක් කියෙව්වා. තාත්තා එක්ක දේශපාලනය ගැන සාකච්ඡා කළා. මගේ සීයා දෙවැනි ලෝක යුද්ධ කාලේ තේ සහ රබර් පාලක හැටියට වැඩ කළා. ඔහුගේ නමත් පාක්‍යසෝති. ඒ නම තමයි මට දැම්මේ. පසුව සීයා දේශපාලනයට ගියා. පක්ෂයකින් නොවෙයි ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. ඔහුගේ අයියා සර් රත්නජෝති සරවනමුත්තු තමයි කොළඹ පළමුවැනි ලාංකික මේයර්. සීයා දෙසැරයක් කන්ටෙස්ට් කළා. පළමු වතාවේ යූඑන්පී එකෙන් ඔහු සමග තරග කළේ ආර්ඒඞීමෙල්. ඔහුට එල්ල වුණු ඡන්ද පෙත්සමෙන් ඔහු පරාද වුණා. මේ 47 විතර. අතුරු මැතිවරණයක් ආවා. යූඑන්පී එකෙන් දැම්මෙ කර්නල් ටීජී ජයවර්ධන. එවර ජයවර්ධන දිනුවා.

තාත්තා පොලිටික්ස් කළේ නැද්ද?

ඒ කාලේ විශ්වවිද්‍යාලයට ගිය අය ගොඩක් ලෙෆ්ට් එකටනෙ ගියේ. තාත්තත් ඒ වගේ. සමසමාජ පක්ෂයට සම්බන්ධවෙලා හිටියා. මමත් තරුණ කාලේ ලෙෆ්ට් එකට වගේම සෝෂල් ඩිමොක‍්‍රටික් පැත්තට නැඹුරු වුණා. තාත්තා කිව්වා අක්කයි මමයි දෙන්නවම එංගලන්තෙ විශ්වවිද්‍යාලයට යවන්න ඕන කියලා. ඒ කාලෙ තාත්තා දොස්තර කෙනෙක් හැටියට ලයිබීරියාවට ගියා. ඒ විදේශ මුදල් ගෙනඒමේ පහසුකම හා හම්බ කිරීමේ හැකියාව පාවිච්චි කරලා.

ෆැමිලි එකම ලයිබීරියා ගියාද?

අම්මයි තාත්තයි ඒ වෙනකොට වෙන්වෙලා හිටියෙ. මමයි අක්කයි තාත්තා එක්ක ගියා. අපි දෙන්නම ලන්ඩන් ඒ ලෙවල් කළේ. ඉස්කෝලේ ගියේ නැහැ. තැපෑලෙන් පාඩම් එවනවා. අපි ඒවා ඉගෙනගෙන විභාගෙට ලිව්වා. 1976 අපි දෙන්නම ලන්ඩන් ගියා. මම ගියේ London School Of Economics එකට. අක්කා ක්වීන්බෙරි කොලේජ් එකට. මම කළේ International Politics අක්කා Economics අවුරුදු තුනකින් ඩිගි‍්‍ර එක ලැබිලා මම PHD ප්‍රෝග‍්‍රම් එකට සම්බන්ධ වුණා. වසර 8ක් ගියා. 85 දී තාත්තා මැරුණා. මම කාලයක් යුනිවර්සිටි එකේ උගන්නලා 92දි තමයි ලංකාවට ආවේ.

ලයිබීරියාවේ අත්දැකීම් කොහොමද?

ලයිබීරියාව කියන නම එන්නෙ Liberty කියන වචනයෙන්. ඇමරිකාවෙ වහල් බැම්මෙන් ඔවුන් මුදවා දැමූවිට සමහරු නැවත අපි‍්‍රකාවට ආවා. බෝට්ටුවල නැගලා තුවක්කුත් අරන් ආවේ. ඔය ලින්කන්ගෙ පීරියඞ් එකේ. එවකට හිටපු අය යුද්දෙකින් පරාජය කරලා ඒ අය බලය ඇල්ලූවා. මේ අයට ඇමරිකාව සමග ලොකු සබඳතාවක් තියනවා. හුඟක් නම් ඉංගී‍්‍රසි. ඔවුන්ගේ සංස්කෘතියත් හරි වෙනස්. අක්කයි මමයි ගියේ වයස 15-16 කාලේ. අපේ මට්ටමේ හිටපු ළමයි 20-22 ළමයි වගේ තමයි කි‍්‍රයා කළේ. ඔවුන් සිය කාන්තාවන්ට ළමයි හදන්න පුළුවන් කියලා පෙන්වන එක හරි වැදගත් දෙයක් ලෙස සැලකුවා. ඉතින් බඳින්න පෙර හුඟක් ගෑනු ළමයින්ට ළමයි හම්බ වුණා. ඒ සමගම ලෙඩ බෝවුණා. එකක් මැලේරියාව. මදුරුවෝ හරියට හිටපු රටක්. දෙවනුව ලිංගික රෝග. පිරිමින්ටත් Out side wife කියලා කාන්තාවක් හිටියා. ලයිබීරියා සමාජයේ දොස්තරලයි, ටීචර්ස්ලයි ඇවිත් හිටියෙ දකුණු ආසියාවෙන්. ධීවරයෝ ඝානාවෙන් ආවා. වෙළෙඳපොළ කළේ ලෙබනන් කට්ටිය. ලයිබීරියාව මොකුත් කළේ නැහැ. කම්මැලියි. මං හිතන්නෙ ලිබර්ටි කියන අදහසත් එක්ක ඔවුන් නිකම්ම ඉන්න කල්පනා කළා.

ඉතින් ඔවුන් හුඟක් මහන්සිවෙලා ආපු වහල්ලූනෙ.

ඔව්. ඉතින් අවුරුදු ගාණක් මහන්සි වෙලා වෙලා දැන් නිදහසේ ඉන්න ඕනෙ කියලා ඔවුන් තීරණය කරන්න ඇති. වෙන රටවල අය මුදල් හම්බ කරගෙන ගියා. අන්තිමට 78 වගේ සැමුවෙල් ඩෝ කියලා නිලධාරියෙක් පාලන බලය අතට ගත්තා.

ලන්ඩන් යුනිවර්සිටි එකේදි කාලය ගෙවුණේ කොහොමද?

හැම රටකම කෙනෙක් අපිත් එක්ක හිටියා. වැඩිපුරම කතා කළෙත් දේශපාලනය. මිනිත්තු පහකින් බීබීසී බුෂ් හවුස් යන්න පුළුවන්. පාර්ලිමේන්තුවට පයින් ඇවිදගෙන යන දුර. හරි විනෝදජනක ඒ වගේම ප‍්‍රබෝධමත් කාලයක්. එකල විදේශික ශිෂ්‍යයන්ගේ පීස් එක පටන් ගත්තේ පවුම් 450ක්. පසුව ඒක 750කට ගියා. ඊට පස්සෙ 1500 වුණා. ඉතින් අපි උද්ඝෝෂණය කළා. පාර්ලිමේන්තුවට පෙළපාළි ගියා.

තරුණයෙක් හැටියට පේ‍්‍රම කළාද?

ඔව්. මම නැවතිලා හිටියෙත් තවත් අපේ ශිෂ්‍ය කණ්ඩායමක් සමග. ඒ දවස්වල පේ‍්‍රම කළා. විනෝදයෙන් හිටියා. තරුණයකු ලෙස නිදහස පිළිබඳ කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. නොයෙකුත් රටවල්වලින් පැමිණි අය අතර විවෘත වීමක් අප කවුරුත් තුළ තිබුණා. තියටර් එකට. ආර්ටි ගැලරි එකට, කෞතුකාගාරවලට යනවා. අපිට අවස්ථා ගොඩක් තිබුණා. අපිට ඉතින් හැම තැනකදීම ඩිස්කවුන්ට් එකකුත් ලැබෙනවානෙ. 79 දී මාග‍්‍රට් තැචර් බලයට ආවා. ශිෂ්‍යයෝ එයාට විරුද්ධයිනෙ. තරුණ අය වාමාංශික පැත්තට නැඹුරු නිසා තැචර්ට විරුද්ධ වෙන්න ඇති. අනික එයා සුබසාධනය සහ තවත් පහසුකම් කැපුවා.

ඔය කාලේ ඩොක්ටර්ගෙ වීරයා කවුද?

මට මතකයි 80දි විතර ලන්ඩන් යුනිවර්සිටි එකේ චාන්සලර් හැටියට කෙනෙක් තෝරගන්න ඡුන්දයක් තිබ්බා. අපේක්ෂකයෝ දෙන්නෙක් හිටියා. පි‍්‍රන්සස් ඈන් එක්කෙනෙක්. රැජිනගේ දුව. අනෙක් එක්කෙනා නෙල්සන් මැන්ඩෙලා. ඔහු එකල හිරගෙදර හිටියෙ. අපි සේරම මැන්ඩෙලාට කැම්පේන් කරලා ඡන්දේ දුන්නා. හැබැයි දිනුවෙ පි‍්‍රන්සස් ඈන්. ආසියාවේ නම් මගේ වීරයා නේරු සහ චෞ එන් ලායි. ඇමරිකාවේ නම් ජෝන් කෙනඩි සහ රොබට් කෙනඩිට මම කැමතියි. මැන්ඩෙලාත් මගේ ලොකුම වීරයෙක්.

ලංකාවේදී ඔබේ ගෞරවයට ලක්වෙච්ච දේශපාලනඥයා කවුද?

ඞී.එස්.සේනානායකට දර්ශනයක් තිබුණා. බණ්ඩාරනායකටත් තිබුණා. තම උගත්කමින් ප‍්‍රශ්න වළක්වන්න පුළුවන් කියලා අහංකාර සිතුවිල්ලක් ඔහුට තිබුණා. ඒත් නිර්භීත නැහැ. ඩඞ්ලි සේනානායකට මිනිස්සු ආදරෙයි. අඩුපාඩුකම් තිබුණත් ඒ ගොල්ලෝ තමයි මටත් ඉන්නෙ. වීරයන් හැටියට මට ඔවුන් දිහා බලන්න බැහැ. චෙල්වනායගම් හුඟක් වැදගත් කෙනෙක්. ඊළඟට පරණ පෙඩරල් පක්ෂවල දේශපාලනඥයන් කෙරෙහි මට ලොකු ගෞරවයක් තියනවා. ඒ අය දේශපාලනයට ගිහින් සල්ලි හම්බ කළේ නැහැ.

ඉන්දියාවේදි වගේ අපේ රටේදි උගතුන් රටේ නායකත්වයට පත් නොවන්නෙ ඇයි?

අපි සටන් කරලා ඡන්දය දිනාගත් රටක් නොවෙයි. නිදහස ලැබුණේ ඉහළ පෙළේ පිරිසකට. 48 නිදහස් උත්සවය පින්තූරවලින් අපි දැකලා තියනවානෙ. මම 98 නිදහස් උළෙලට මව සමග ගියා. ටෙන්ට් ඇතුළෙ හිටියෙ ඉහළ පෙළේ කට්ටිය. ජනතාව හිටියෙ එළියෙ. 48දිත් එහෙමයි. අදත් එහෙමයි. ලංකාවේ පන්තිය හා කුලය පිළිබඳ ප‍්‍රශ්නය තාම තියනවා. අපි සමාජයක් හැටියට වැඩකරලා නැහැ. සමාජයක් හැටියට සන්තෝෂවෙලත් නැහැ. වර්ල්ඞ් කප් එක දිනපු වෙලාවේ විතරයි අපි සමාජයක් හැටියට සතුටු වුණේ. මේ රට විවිධත්වයට හුරුපුරුදු කරන්න දේශපාලන මට්ටමින් දර්ශනයක් දීලා නැහැ. ඒක ලොකු ප‍්‍රශ්නයක්.

ඩොක්ටර් විවාහ නොවුණේ ඇයි?

උනන්දුවක් සහ කැමැත්තක් තිබුණේ නැහැ. ඒක කරන්න. එච්චරයි.

විවාහ සංස්ථාව ගැන ඔබේ ආකල්පය කෙබඳු එකක්ද?

සමහරු සතුටින් ඉන්නවා. තව පිරිසක් කනගාටුවෙන් ඉන්නවා. අපේ අම්මයි තාත්තයි සෙපරේට් වුණාට තාත්තා ඇවිත් අපිව ඉස්කෝලෙට ගෙනියනවා. අපේ ප‍්‍රශ්නයක් මතු වුණොත් අම්මයි තාත්තයි ඒ ගැන සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. ඒ දෙන්නා වෙනම හිටියෙ. ඒක එකට ඉඳන් දුක් විඳිනවට වඩා ශීලාචාර ක‍්‍රමයක් කියලා මම හිතනවා. රණ්ඩුවෙවී එකට ඉන්නෙ මොකටද?

ඉන්නවෙන සාධකය ආර්ථිකය. වෙන් වුණොත් දෙපාර්ශ්වයටම පැවැත්මක් නැතිවෙනවා.

ඒක වෙන්න පුළුවන්. ඒකට මගේ උත්තරය මේකයි. මට ගැනු ළමයෙක් හිටියා නම් එක දෙයයි මම කරන්නෙ. විශේෂයෙන්ම ගෑනු ළමයකුට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනෙ. ගැහැනිය පිරිමියාගෙන් යැපෙන තත්ත්වය වෙනස් විය යුතුයි. එයා ස්වාධීන වෙන්න ඕන. මේක පුරුෂ මූලික සමාජයක් වුණාට අම්මාලට පවුල තුළ ලොකු බලයක් තියනවා. ඒ බලය ප‍්‍රයිවට් එකේ තියන එකක්. පොදුවේ නැහැ. එතනයි ප‍්‍රශ්නෙ තියෙන්නෙ. තාත්තගෙ බලය විතරක් නොවෙයි අම්මගෙ බලයත් පොදු තැනකට ගේන්න ඕනෙ.

ලව් කළොත් බඳින්න ඕනෙ වගේ මතයක් තියනවගෙ. ඩොක්ටර් ඒ ගැන හිතන්නෙ කොහොමද?

මැරේජ් එක කියන්නෙ ආයතනයක් ලෙස හදපු එකක්. ඒක ඇතුළේ මිනිස්සු හිර කරන්න ඕන නැහැ. නිදහස් වෙන්නයි ඕනෙ. විවාහයට සර්ටිෆිකේට් එකක් මොකටද? මම දන්න අය ඉන්නවා විවාහ නොවී අවුරුදු කීපයකට එකට ජීවත් වෙනවා. ළමයි හදලා තියනවා. ප‍්‍රශ්නයක් නැහැ. මං එතුමියට ආදරෙයි. ළමයින්ට ආදරෙයි. දාලා යන්නෙ නැහැ. ඒක තමයි ආදරය කියන්නෙ.

ඩොක්ටර් ඩි‍්‍රන්ක් එකක් ගන්න එකෙන් අපේක්ෂා කරන්නෙ මොකක්ද?

මං ඒකට කැමැතියි. පොඩි විනෝදයක් ලබනවා. ඕනෙ එකක් කළාට කමක් නැහැ. හැබැයි ඒ හැම දේම මීඩියම් වෙන්න ඕනෙ.

ඔබේ අනාගත අපේක්ෂාව මොකක්ද?

අවංකවම කිව්වොත් මම දන්නෑ. ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්න මට තවම විවේකයක් ලැබිලා නැහැ.

විමලනාත් වීරරත්න

උපුටා ගැනීම – රාවය වේබ් අඩවියෙනි