Thursday 29 August 2013

මානව හිමිකම් කොමසාරිස්‌ මෙරටට ගෙන්වා මල් පිපී ඇති හැටි බලන්න ආරාධනා කළ ඇමැතිවරුන්ට තරු පෙනෙන දිනය වැඩි ඈතක නොවෙයි - මන්ත්‍රී පී. හැරිසන්



මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මෙරටට ගෙන්වා මල් පිපී ඇති හැටි බලන්න යෑයි ආරාධනා කළ ඇමැතිවරුන්ට තරු පෙනෙන දිනය වැඩි ඈතක නොවේ යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී පී. හැරිසන් මහතා පැවැසීය.

රාජගිරියේ පිහිටි ජාතික වතු කම්කරු සංගම් ශාලාවේදී පෙරේදා (28 දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද කියා සිටියේය.

ගෙවල්වලින් බෝතලයක්‌ රුපියල් 40 ගණනේ එකතු කරන නිසා කිරි ගොවියාට කිරි බෝතලයක්‌ වෙනුවෙන් ලැබෙන්නේ රුපියල් 50 කට අඩු මුදලක්‌, නමුත් වතුර බෝතලයක මිල රුපියල් 70 ක්‌ වනවා. රටට ගෙන්වන කිරිපිටිවල වස විස තිබෙන බවට ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් පසුගිය කාලයේ බොහෝ විට ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳ විශාල ආන්දෝලනයක්‌ ඇති වුණා. ආණ්‌ඩුවේ ජනමාධ්‍යවලින් ද ඒ සඳහා දැවැන්ත ප්‍රචාරයක්‌ ලබා දුන්නා.

නවසීලන්තයෙන් කිරිපිටි ගෙන්වන ෙµdන්ටේරා සමාගම වසා දැමීමටත් ආණ්‌ඩුව තීරණය කළා. එහෙත් යළි ආනයනික කිරිපිටි වර්ගවලට අවසර දෙන බවත්, පුවත්පත්වල සඳහන් වනවා. පසුගිය වසරවල ආනයනය කරන ලද කිරිපිටි අත්අඩංගුවට ගත්තේ නම් ඒ කොපමණ ප්‍රමාණයක්‌ දැයි ආණ්‌ඩුව ප්‍රකාශ කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කොළඹ නගරයේ තිබෙන µqඩ්සිටියක පිටි පරීක්‍ෂා කරන ආකාරය අපි දුටුවා. එහෙත් හම්බන්තොට, මොනරාගල, පොලොන්නරුව, අනුරාධපුර ආදී දුර බැහැර ප්‍රදේශවල වෙළෙඳසල්වල තිබූ වස විස සහිත කිරිපිටි එකතු කළාදැයි අපි අසනවා.

නවසීලන්තයේ විදේශ ඇමැතිවරයාත්, තානාපතිවරයාත්, ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කළ පමණින් කිරිපිටිවල වස විස ඉවත් වුණා දැයි ආණ්‌ඩුව රටට කිව යුතුයි. මේ රටේ ජනතාව ගොනාට අන්දමින් වස විස අඩංගු කිරිපිටි ජනතාවට අලෙවි කිරීමට ආණ්‌ඩුව කටයුතු කරනවා. දේශීය කිරි ගොවියා නගාසිටුවන බව කියමින් පසුගිය අය වැයෙන් මුදල් වෙන් කළා. එක්‌ පශු වෛද්‍යවරයකුට කිරි ගවයන් 500 ක්‌ බලා ගැනීමට දී ඇති බව ප්‍රකාශ කළත් දේශීය කිරි ගොවියා නගාසිටුවන වැඩපිළිවෙළක්‌ නැහැ.

පසුගිය දවස්‌වල කඳුකර ප්‍රදේශවල කිරි ගොවීන් තම කිරි නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකිව කාණුවලට හැලුවා. දේශීය කිරි ගොවියා ආරක්‍ෂා කිරීමට වැඩපිළිවෙළක්‌ නොමැති වුවත්, සාක්‌කුවට මුදලක්‌ වැටුණු නිසා නැවතත් වස විස සහිත කිරි ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා. එම නිසා අත්අඩංගුවට ගත් වස විස සහිත කිරි පිටි කොපමණද? නිලධාරීන් කවුදැයි කියා සෞඛ්‍ය ඇමැතිවරයා එම තත්ත්වය පිළිබඳ රටට කඩිනමින් ප්‍රකාශ කළ යුතුයි.

සමාගම් සතුටු කිරීමට වස විස සහිත කිරිපිටි නිෂ්පාදන අලෙවි කිරීම නිසා අද මේ රටේ දරුවන් දියවැඩියාව ආදී රෝග රාශියකින් පීඩා විඳිනවා. විශේෂයෙන් ම වකුගඩු රෝගීන්, කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්‌වා පීඩා වින්දත් ඔවුන්ට බෙහෙත් ගැනීමට පවා නොහැකි වී තිබෙනවා. අද මේ රටත්, ජනතාවත් බහුජාතික සමාගම්වල ගොදුරක්‌ බවට පත් කොට තිබෙන අතර, ඊට සෞඛ්‍ය අමාත්‍යාංශය වගකිව යුතුයි. ගොවි විශ්‍රාම වැටුප ගැන අද ආණ්‌ඩුව කතා කරන්නේ නැහැ. එක්‌සත් ජාතික පක්‍ෂය ගොවි ජනතාව වෙනුවෙන් ඉතා උනන්දුවකින් කටයුතු කොට ගොවි විශ්‍රාමික වැටුප එක්‌සත් ජාතික පක්‍ෂය ආණ්‌ඩුව විසින් ඇති කළා. මේ රටේ අනෙක්‌ වෘත්තීන්හි නිරත වී සිටින අයට විශ්‍රාම වැටුපක්‌ හෝ වෙනත් දීමනාවක්‌ ලැබුණත් ජීවිතය අවසාන සමය වන විට ගොවි ජනතාව අසරණ වෙනවා. ඒ පිළිබඳ සොයා බලා 1987 දී ගාමිණී ජයසූරිය මැතිතුමා ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ඇති කළා. මඩ සෝදාගත් ගොවියා රජකමට සුදුසු යෑයි ව්‍යවහාරයක්‌ තිබුණත් අද ගොවියාට මඩ සෝදා ගෙන රෝහලට යැමට සිදුවෙලා. ඒ වුණත් රජයේ රෝහල්වලින් නොමිලේ බෙහෙත් ලැබෙන්නෙත් නැහැ. අවුරුදු එකහමාරක්‌ තිස්‌සේම ගොවි විශ්‍රාම වැටුප් ලබා දීමට ආණ්‌ඩුව ක්‍රියා කරන්නේ නැහැ. එහෙත් මිහින් ලංකා ආයතනයේ පාඩුව ගෙවන්න ආණ්‌ඩුවට මුදල් තිබෙනවා. පාඩු ලබන එයාර් ලංකා ආයතනයට එක්‌ මාසයක්‌ සඳහා මිලියන 178 ක්‌ බැගින් ගෙවනවා. ගොවීන් තමන්ට විශ්‍රාම වැටුපක්‌ ලබා දෙන ලෙස ප්‍රකාශ කරන්නේ හිඟමන් යෑදීමක්‌ ලෙස නොවේ. ඔවුන් ඉතිරි කරන ලද මුදල් ලබා දෙන ලෙස ඔවුන් කියා සිටිනවා.

ගොවි විශ්‍රාම වැටුප ගෙවීමට වසරකට රුපියල් මිලියන 125 ක්‌ වැය වෙනවා. ගොවි විශ්‍රාම වැටුප ලැබීමට ගොවීන් එක්‌ලක්‍ෂ විසිපන්දාහක්‌ පමණ සුදුසුකම් ලබා ඇති අතර, තවත් ගොවීන් ලක්‍ෂයක්‌ පමණ ගොවි විශ්‍රාම වැටුපට දායක වී සිටිනවා. ගොවි විශ්‍රාම වැටුප ගෙවීම පැහැර හැර තිබුණත් ගොවීන්ගෙන් ඒ සඳහා දායක මුදල් මේ වන විටත් අය කරනවා. ඛනිජ තෙල් සංස්‌ථාවට, ප්‍රවාහන අමාත්‍යාංශයට, මිහින් ලංකා සහ එයාර් ලංකා ගුවන් සමාගම්වලට සහනාධාර ලබා දෙන්නේ නම් දහඩිය කඳුළු හෙළා රටට බත සැපයූ ගොවීන්ට එම සහනාධාර මුදල් ලබා දීමට නොහැකි වී ඇත්තේ ඇයි දැයි අපි ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කරනවා.

වයඹ සහ මධ්‍යම පළාත්වල ජනතාවට අප මතක්‌ කරන්නේ මේ ආණ්‌ඩුව ගොවීන් ගැන හිතන ආණ්‌ඩුවක්‌ නොවන බවයි. කිරිපිටි සමාගම්වලට, ධනපති සමාගම්වලට, සුද්දන්ට උදව් කරන ආණ්‌ඩුව ගොවීන් පිළිබඳ කිසිදු සැලකිල්ලක්‌ දක්‌වන්නේ නැහැ. නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් පීඩාවට පත් වී සිටියත් වී අලෙවි මණ්‌ඩලය හාල් විකුණනවා. කෝටි 67 ක පමණ මුදලක්‌ වී මිලදී ගැනීම වෙනුවෙන් ආණ්‌ඩුව විසින් ලබා දී ඇති බව හෙළි වී තිබෙනවා. එම මුදල් ලබා දී තිබෙන්නේ කට වචනයටයි. නමුත් ජනතාව සිල්ලර කඩයකින් බඩු ගත්තත් ඒ පිළිබඳ පොතක සටහන් කර ගැනීමට වෙළෙන්දා ක්‍රියා කර නැහැ. එහෙත් වී අලෙවි මණ්‌ඩලය කට වචනයට රුපියල් කෝටි 67 ක හාල් තොග ලබා දී තිබෙනවා.

කට වචනයට වී ලබා දී තිබෙන්නේ ආණ්‌ඩුවට ගැතිකම් කරන හිතවතුන් කිහිපදෙනකුට පමණයි. වී වලට සහතික මිලක්‌ ලබා දීමට නොහැකි වී ඇති ආණ්‌ඩුවට ගොවි විශ්‍රාමික වැටුප ගෙවීමටවත් රුපියල් බිලියන 125 ක්‌ ගෙවීමට නොහැකිවී තිබෙන බව ද කිව යුතුයි.

යාපනයේ ජනතාව තමන්ගේ අතුරුදන් වූ ඥාතීන් සොයා දෙන ලෙස නවනීදන් පිල්ලෙයි මහත්මියගෙන් ඉල්ලීමක්‌ කළා. එතුමිය අනුරාධපුරයට පැමිණියොත් ගොවි ජනතාව අමුඩය ගසා ගෙන ඉල්ලා සිටින්නේ අහිමි කරන ලද ගොවි විශ්‍රාමික වැටුප ලබා දීමට මැදිහත් වන ලෙසයි.

ආණ්‌ඩුව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කෙමසාරිස්‌ නවනීදන් පිල්ලෙයි මහත්මියට මෙරට පැමිණෙන ලෙස ආරාධනා කළත් එතුමිය පැමිණෙන විට ජනාධිපතිවරයා විදෙස්‌ගත වුණා. ඒ අතර තවත් ඇමැතිවරු පිරිසක්‌ මල් පිපී ඇති අයුරු බලන්නට තල්රුප්පාවට එන ලෙස ආරාධනා කරනවා. තවත් ඇමැතිවරු පිරිසක්‌ නවනීදන් පිල්ලෙයිට බණිනවා. මේ සියල්ල ලෝකයා හිනස්‌සන විහිළු වැඩ බව කිව යුතුයි.



1988 - 1989 භීෂණ සමයේ මානව හිමිකම් උල්ලංඝනය වන බව කියමින් පළමු වරට ජිනීවා මානව හිමිකම් කොමිසමට ගියේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව අද ඇතමුන් අමතක කරනවා. ජාත්‍යන්තර බලවේග මේ රටේ මානව හිමිකම් පිළිබඳ සොයා බැලීමට පටන් ගත්තේ ඉන් පසුවයි. 1971 දීත් රට තුළ භීෂණයක්‌ ඇති වුවත් එදා සිටි විපක්‍ෂ නායක ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා මානව හිමිකම් උල්ලංඝනය වූ බවට නම් ලැයිස්‌තු අරගෙන ජීනිවාවලට ගියේ නැහැ. ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ පුතා අත්අඩංගුවට ගත්තත් ජාත්‍යන්තරයට රට පාවා දුන්නේ නැහැ.

නවනීදන් පිල්ලෙයි පැමිණෙන බව ආරංචි වූ පසුව පොලිසිය වෙනම අමාත්‍යාංශයක්‌ යටතට අනුයුක්‌ත කළා. එහි ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක්‌ පත් කළා. වෙනම අමාත්‍යාංශයක්‌ යටතේ පොලිසිය සාධාරණ වේ යෑයි බලාපොරොත්තු වුවත් රටේ ජනතාවත්, ජාත්‍යන්තරයත් පොලිසිය හමුදාවේම කොටසක්‌ බවට පත් වේ යෑයි කිසිවිටකත් සිතුවේ නැහැ.

පොලිසිය පිළිබඳ අලුත් අමාත්‍යාංශ ආරම්භ කොට ඔවුන් පළමු රාජකාරිය ලෙස සිදු කළේ බල්ලන් විවාහ කර දීමයි. මේ රටේ රාජ්‍ය නායකයෝ කන්ද උඩරට පත්තිරිප්පුවට ගොස්‌ දිවුරුම් දුන්නා. සිංහල ජාතීන්ට බෞද්ධයන්ට උරුම සංස්‌කෘතියක්‌ තිබෙනවා. සිංහල චාරිත්‍ර වාරිත්‍ර අනුව විදේශිකයන් පවා මේ රටට පැමිණ විවාහ වන අවස්‌ථා කොතෙකුත් තිබෙනවා. එහෙම උරුම ඉතිහාසයක්‌ තිබෙන අපේ රටේ පොලිසිය ඒ චාරිත්‍ර අනුව බල්ලන් පෝරුවට නංවා හනිමුන් සඳහා නුවරඑළියට රැගෙන ගියා. ආණ්‌ඩුවේ ආශ්චර්යය මේකයි.

ලෝකයේ ලොකුම වරායත්, ආසියාවේ උසම කුලුනත් ඉදිකොට ආසියාවේ ආශ්චර්යය පෙන්වීමට ආණ්‌ඩුව උත්සාහ කරන අතරම බල්ලන් භාර අමාත්‍යාංශය ආශ්චර්යවත් ලෙස බල්ලන්ට මඟුල් ජෝඩු කරනවා. බල්ලන් පෝරුවට ගෙන ඒම පිළිබඳ ආණ්‌ඩුව සිංහල බෞද්ධ සංස්‌කෘතියට අපහාස කිරීම පිළිබඳ ජාතියෙන් සමාව ගත යුතුයි. බල්ලන්ට වෙනම සංස්‌කෘතියක්‌ තිබෙනවා. ඒ සංස්‌කෘතිය සිංහලයන්ට තිබෙන සංස්‌කෘතිය නොවන බව ආණ්‌ඩුව තේරුම් ගත යුතුයි. දයාසිරි ජයසේකර ආණ්‌ඩුවට එකතු වුණේ දිගාසිරි වීමට සිතා ගෙනයි. දයාසිරි සල්ලිවලට ගිය බව මම අදත් කියනවා. දයාසිරි මෙගා ස්‌ටාර් බවට පත් කිරීමට ගම්වලට ගොස්‌ පාක්‍ෂිකයන් උනන්දු කිරීමට අපිත් කටයුතු කළා. එහෙත් දයාසිරි වයඹට යැමත් සමඟම ඔහු අද ලිට්‌ල්ස්‌ටාර් බවට පත් වෙලා.

නවනීදන් පිල්ලෙයි රටට ගෙන්වා ගෙන තිබෙන්නේ මෙම ආණ්‌ඩුව බව රහසක්‌ නොවේ. ඇය ලබා දෙන වාර්තාව අනුව මල් පිපී ඇති හැටි බලන්නට කතා කළ ඇමැතිවරුන්ට තරු පෙනෙන දවස වැඩි ඈතක නොවේ. එම නිසා රටේ ජනතාවගේ මානව හිමිකම් ආරක්‌ෂා කිරීමට 17 වැනි සංශෝධනය යළි ක්‍රියාවට නංවා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුවක්‌ බව පෙන්වීමට මේ ආණ්‌ඩුව කටයුතු කළ යුතුයි.

එහිදී අදහස්‌ දැක්‌වූ බස්‌නාහිර පළාත් සභාවේ එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා - නවනීදන් පිල්ලේ මහත්මිය මෙරට පැමිණීමට පෙර ඊට විරෝධය පළ කිරීමට සමහර ඇමැතිවරු විශාල ඝෝෂාවක්‌ කළා. නමුත් අද ඔවුන් ඒ පිළිබඳ කිසිම කතාවක්‌ නොකර වෙන රටක සිටිනවා මෙන් සිටිනවා. ආණ්‌ඩුවේ ජනමාධ්‍ය නවනීදන් පිල්ලෙයි මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ප්‍රචාරයක්‌ ලබාදීමට කටයුතු කරන්නේ නැහැ. පසුගිය ජිනීවා සැසිවාරයේදී උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවට ආණ්‌ඩුව පොරොන්දු වුණා. නවනීදන් පිල්ලෙයි මහත්මිය පැමිණියේ ඒ පිළිබඳ සොයා බැලීමටයි.

බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් කැලෑ අශ්වයා මියයයි


jun-horseදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වසර 15කට අධික කාලයක් නරඹන්නන්ට ආශ්වාදයක් ලබාදුන් කැලෑ අශ්වයා (ගැහැණු සතා) පෙරේදා (27) රාත්‍රී මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ආරංචිමාර්ග සඳහන් කරයි.
මොංගෝලියාව, චීනය වැනි රටවල කැලෑ අශ්වයින් රංචු වශයෙන් ජීවත්වුවද ඔවුන්ගේ ආහාර තෘණවර්ග වුවද සත්වෝද්‍යානයේ කැලෑ අශ්වයින් හට තෘණවර්ගවලට අමතරව කොස් කොළ වැනි දෑද දෙනුලබයි.
වනාන්තරවල ජීවත්වන කැලෑ අශ්වයින් හට ආහාර දිරවීම පහසුවුවද මෙම සතුන් එකතැන ගාල්කර තබනු ලබයි.
කෙසේ වුවද මෙම සත්වයා මියයාමට හේතුව කුසතුළ තිබූ කිලෝ 1 1/2ක් පමණ විශාල ගෙඩියක් පුපුරා යාම බව හෙළිවී ඇත.
එහෙත් මෙදින රාත්‍රී මෙම අශ්ව දෙන මහ හ¾ඩින් කෑමොර දෙනු යාබද ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටින ඉංජිනේරු සංස්ථා සේවකයින් විසින් සත්වෝද්‍යාන ආරක්ෂක අංශවලට දැනුම් දී ඇත.
එහෙත් මේ පිළිබඳව දැනුම් දීමට කාර්යභාර වෛද්‍යවරයකු මේ වන විට විදේශගතව සිටියද ඒ වෙනුවට අධ්‍යක්ෂවරයා විසින් වැඩබැලීම සඳහා වෛද්‍යවරයකු පත්නොකිරීම නිසා මෙම කැලෑ අශ්වයාට තම ජීවිතයෙන්ද වන්දි ගෙවීමට සිදුවී ඇත.
අද සතුන් ගැන හොයා බලන්න කෙනෙක් නැහැ. සත්වෝද්‍යානය අයා‍ලේ ගිහින්. අධ්‍යක්ෂතුමා සීතල කාමරයට වෙලා රාජකාරිය කරනවා. ආවට පස්සේ එක දවසක්වත් වත්තට ඇවිදින්න ගිහින් නැහැ. කලින් හිටිය මහත්වරු හැමදාම වගේ දවසට එකපාරක් හරි වත්තේ ඇවිදලා සත්තු ගැන බලනවා. සර්පයෝ කොයි තරම් මැරිලා යනවද කෑම නැතිව. මේ කැළෑ අශ්වයට අවශ්‍ය වෙලාවේ ප්‍රතිකාර කරන්න වැඩපිළිවෙළක් තිබුණා නම් මෙහෙම අපරාධයක් වෙන්නේ නැහැ. යැයි අප සමග එක්වූ සත්වෝද්‍යාන සේවකයෝ ප්‍රකාශ කළහ.
පින්සිරි ආරියරත්න

උපේක්ෂාගේ බලුතඩියා මන්ත්‍රී උදිතට හරස් වෙයි

උපේක්ෂාගේ බලුතඩියා මන්ත්‍රී උදිතට හරස් වෙයි

uditha1
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ බෙලරුස් රාජ්‍යයේ තෙදින නිල සංචාරයකට සහභාගි විය. එම සංචාරයේදී එරට අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද මුණ ගැසී ද්විපාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. එමෙන්ම දෙරට අතර ගිවිසුම් 07කටද අත්සන් තැබිණි. එම තෙදින නිල සංචාරය නිමවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 28 අලුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණියේය. ජනාධිපතිවරයා විදේශගතව සිටියදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්‍ලේ මහත්මිය නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේය. විවිධ පාර්ශ්වයන් මුණගැසුණු ඇය ජනාධිපතිවරයා ද මුණ ගැසීමට නියමිතව තිබිණි. මධ්‍යම පළාත් සභා මැතිවරණයේ කටයුතු සඳහා එක්සත්  ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට සම්බන්ධ වී සිටිති. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, මනූෂ නානායක්කාර, උදිත ලොකුබණ්ඩාර, දිලුම් අමුණුගම යන අය මේ අතර, විය. මැණික්හින්න පැවැති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සංවිධානය කර තිබූ රැස්වීමට සහභාගි වීමට මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබිණ. මෙම රැස්වීමට යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියද සහභාගි වී සිටියේය. උපේක්ෂා තමන්ගේ වාහනයේ ගමන් කළ අතර, මනූෂ සහ උදිත ලොකුබණ්ඩාර ගමන් කරනු ලැබුයේ එකම වාහනයේ ය. රැස්වීම ආරම්භයට පෙර එහි යාම නුසුදුසු බැවින් පිරිස වාහන නතර කළ අතර, උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීවරිය පමණක් තනි වාහනයේ යාම සුදුසු නොවන බව තීරණය කළ උදිත සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් ඇගේ වාහනයට ගොඩවීමට තීරණය කළේය. ඇයගේ වාහනයට ගොඩවීමට ගිය උදිත උපේක්ෂාගේ වාහනයේ දොර ඇරියේය. එකවරම දඩස් ගා දොර වසා දැමූ උදිත මනූෂ සිටි වාහනයට ආපසු දුව ආවේ හතිදමමින්ය. ඇයි මේ බයවෙලා. මනූෂ උදිතගෙන් විමසුවේය. ඒකේ යන්න බැහැ බං හෙන බලු තඩියෙක් ඉන්නවා. උදිත පිළිතුරු දෙමින් කීවේය. අවසානයේ උපේක්ෂාගේ වාහනයේ බලු තඩියාට බයේ උදිත සහ මනූෂ මුළු ගමන පුරාම තමන්ගේ වාහනයේ ගමන් කළ අතර, උපේක්ෂාගේ වාහනයට ගොඩවීමේ අදහස අතහැර දැම්මේය.

මම කඳුරටට ක්‍රීඩා කරනවා - සංගා කියයි


ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර එළැඹෙන චැම්පියන්ස් ලීග් තරගාවලියේදී කඳුරට මෙරූන්ස් පිලට ක්‍රීඩා කිරීමට තීරණය කරනු ලැබූ බව  විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.
මම මෙම ප්‍රශ්නයේදී ලොකු අර්බුදයකට ක්‍රීඩකයෙකු ලෙස මුහුණ පෑවා. විටක තණතිල්ලට ගොස් තරගයක් අමාරු අවස්ථාවක සිටින විට පිතිකරණයේ යෙදෙන්නේ කෙසේද ඊටත් වඩා බැරෑරුම් ප්‍රශ්නයක් වුණා. මේක නැති ප්‍රශ්නයක් මවා පෑමක්. මේ ගැන මට හරිම කණගාටුයි. මම කිසි විටකත් මට අහිමි වෙන මුදල් ප්‍රමාණය ගැන මෙහිදී කතා කරන්න කැමති නැහැ.
මට පාඩුවක් වෙනවා. ඒත් නැති ප්‍රශ්න  ඉදිරියට ගෙන යන්න අවශ්‍ය නැහැ යනුවෙන් සංගා තවත අයි.පී.එල්. තරගාවලියේදී ක්‍රීඩා කරනු ලැබූ සන්රයිස් හයිද්‍රාබාද් පිල වෙනුවට මෙවර චැම්පියන්ස් ලීග් තරගාවලියේදී කඳුරට මෙරූන්ස් පිලට ක්‍රීඩා කිරීමට බුද්ධිමත් තීරණයක ගනු ලැබූ බව පැවසුවේ පසුගිය ඉරිදා සංගා ගැන ලියූ දෙය නැවත වරක් සනාථ කරමිනි.
ක්‍රිකට් ආයතනය මට නිදහසේ තීරණයක් ගන්න තියනවා. මටත් මෙහිදී ක්‍රිකට් ආයතනය නිදහසේ තීරණයක් ගන්න මගේ ළඟ තිබුණා. අයි.පී.එල්. සන්රයිස්, හයිද්‍රාබාද් හා චැම්පියන්ස් ලීග් සංවිධායකයන් ඇතුළු අදාල බලධාරීන්ගේ දුරකතන අංක පවා දුන්නා. ඒත් මට හැගුණා ප්‍රශ්නය නිරාකරණය වෙන්නේ නැති බව. මේ ගැන කණගාටුයි. ඒත් දැන් කඳුරටට මම ක්‍රීඩා කරනවා එය මෙතැනින් ඉවරයි යනුවෙන් පැවසීය.
මේ අතර ක්‍රිකට් ආයතන ‍ලේකම් නිශාන්ත රණතුංග පැවසුවේ සංගා බුද්ධිමත් තීරණයක් ගෙන තිබෙනවා. අපි කිසි විටෙක රටක් වෙනුවෙන් හෝ මුදල් වෙනුවෙන් ක්‍රීඩා කරනවා යැයි මේ අර්බුදයේදී ප්‍රකාශ කළේ නැහැ. සංගාට නිදහස් තීරණයක් ගන්න දුන්නා. කොහොම වුණත් සංගා අපේ ඉතා වැදගත්ම දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු වැනි ක්‍රීඩකයෙකු කඳුරටට ක්‍රීඩාකර එම පිල ඉදිරියටට යොවුන් ක්‍රීඩකයින් හා එක්ව යනු දැකීම අපේ අරමුණ බවද පැවසූ නිශාන්ත නවකයින්ට සංගා වැනි ක්‍රීඩකයෙකුගේ සේවය වැදගත් බව ප්‍රකාශ කළේය.
ධම්මික රත්නවීර

මානව හිමිකම් සොයන්න නවිපිල්ලේ ගොඩබහිද්දී දේශප්රෙරමී කාඩ්බෝඩ් මීයන් දැන් හැංගිලා - හම්බන්තොට දිස්ත්රිකක් එ.ජා.ප. මන්ත්රිඩ සජිත් ප්රෙේ්මදාස



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය මෙරටට පැමිණෙන විට ආණ්ඩුවේ සිටින කාඩ්බෝඩ් දේශප්‍රේමීන් මීයො වගේ හැංගිලා යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ස්වයං රැකියා සඳහා කාන්තාවන් 200 දෙනකුට පොලී රහිත ණය ලබාදීම නිමිත්තෙන් අඟුණුකොළපැලැස්ස දෙබොක්කාවේදී පැවැති රැස්වීමකදී මන්ත්‍රිවරයා එසේ ප්‍රකාශ කෙළේය.

ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.
අද මේ රටේ ප්‍රධානතම මාතෘකාව නවනීදන් පිල්ලේ මහත්මියගේ මෙරට ආගමනයයි. ඇයගේ පැමිණීම අපේ රටට සිදුවන විශාල හානියක් ලෙස මම දකිනවා. ඇය ආවේ අපේ රට පිළිබඳ පූර්ව නිගමනයක් ඇතිව ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් හදන්නයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බළල් අතක් ලෙස දෙමළ ඩයස්පෝරාවේ ඕනෑකමට අපේ රණවිරුවන් තිස් වසරක යුද්ධය නිමා කරන විට යුද අපරාධ සිදුකළ බව කියන්නයි පිල්ලේ මහත්මියට ඕනෑ වෙලා තියෙන්නේ. මා මේ ආණ්ඩුවේ ජඩ වැඩ බරපතළ ලෙස විවේචනය කළත් රටට ආදරය කරන දේශපාලනඥයෙක් විදියට නවනීදන් පිල්ලේ මහත්මියගේ පැමිණීම අනුමත කරන්නේ නැහැ.

ආණ්ඩුවේ සිටින කාඩ්බෝඩ් දේශප්‍රේමීන් එදා පිල්ලේ මහත්මියට එරෙහිව රැස්වීම් පවත්වමින් උද්ඝෝෂණය කරමින් කෑ ගැසුවා. ඒ කාඩ්බෝඩ් වීරයන් අද නිහඬ වෙලා ඉන්නේ ඇයි? පිල්ලේ මහත්මියට මෙරටට පැමිණීමට අවශ්‍ය වටපිටාව හදාදුන්නේ මේ ආණ්ඩුවයි. ගුවන් තොටුපොළේ සිට රතු පලස එළා පිළිගෙන ඇයට රට පුරා යන්න ආණ්ඩුව ඉඩ දුන්නා. නවනීදන් පිල්ලේ මහත්මිය ලංකාවට එන්නේ මේ රටට ආදරයකින් නොවේ. අපේ වීරෝදාර රණවිරුවන් යුද අපරාධකාරයන් විදියට යුද අධිකරණයට ගෙන යෑමේ කොන්ත්‍රාත්තුව ඉෂ්ට කරන්නයි ඇය ලංකාවට ඇවිත් තිබෙන්නේ.

අංක තහඩු නොමැති සුදු වෑන්.....................?


වේලාසටහන්කරුවෝ දෙදෙනෙක් සුදුවෑන්වලින් පැහැරගෙන ගිහින් අංක තහඩු නොමැති සුදු වෑන් රථවලින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ වේලාසටහන්කරුවන් දෙදෙනකු පැහැරගොස් පහරදී මහ මගදමා ගොස් ඇතැයි වේලා සටහන්කරුවෝ පවසති.
පෞද්ගලික බස්රථවලින් කප්පම් ගන්නා බවට චෝදනා කරමින් මෙම වේලාසටහන්කරුවන් පැහැර ගෙන යාම සිදු කෙරෙන බව පවසන ඔවුන් මේ හේතුවෙන් දැඩි බියට පත්ව සිටින තමන්ට රැකියාව පවා කරගෙන යාමට නොහැකි වී ඇති බව පවසමින් මේ පිළිබඳ පොලිස්පතිවරයාට හා බස්නාහිර පළාත් ප‍්‍රවාහන අමාත්‍යවරයාට පැමිණිලි කර ඇත.
පසුගිය දින දෙකකදී වේලාසටහන්කරුවන් දෙදෙනකු පැහැර ගෙනගොස් ඇත්තේ සේවයේ යෙදී සිටියදී හා සේවය නිමකර නිවෙස බලා යමින් සිටියදී බව පවසන එම වේලාසටහන්කරුවෝ එම පැහැරගෙන යාම්වලදී දරුණු වදහිංසාවලට පත් එක් අයකු තලාහේන ප‍්‍රදේශයේ සුසාන භූමියක හා අනෙක් නිලධාරියා ලූණාව මුහුදු වෙරළේ දමාගොස් ඇතැයි පවසති.

"මම හෝටලයට ගිය බව ඇත්ත, නමුත් කාන්තාවක් සමග පැමිණියා කියන කතාව අමූලික බොරුවක්, මම ගියේ ඒ හෝටලයට ආපු මගේ මිතුරන් පිරිසක් මුණ ගැහෙන්න. ටික වෙලාවකට පස්සේ මම හෝටලයෙන් පිටව ගියා, මගේ ආරක්ෂකයින් අවිනීත ලෙස හැසිරුනා කියන කතාව මම ප්‍රතික්ෂේප කරනවා" - දිලුම් අමුණුගමගම


දිලුම් අමුණුගමගම මංත්‍රීවරයා විසින් විවාහ 2ක් කරගත් බව පසුගිය කාලයේ වාර්තා විය.

කෙසේ වුවද ඔහු විසින් මසකට වරක් කාන්තාවන් රැගෙන මහනුවර දළදා මාලිගය ඉදිරිපිට පිහිටි කුවීන්ස් හෝටලයට රිංගන බව  වාර්තාවේ.

ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ පසුගිය සඳුදා එනම් 26 වන දිනය.


කාන්තාවක් සමඟ එදින දිලුම් පැමිණියේ රාත්‍රී 9 ට පමණය. ඇයව කාමරයට ඇරලවීමෙන් පසු ඔහු මිතුරන් හා ආරක්ෂකයන් 15ක් පමණ සමඟ පාන්දර 3 පමණ වනතෙක් හෝටලය තුළ මත් පැන් පානය කර තිබේ.

සංචාරකයන් හෝ වෙනත් කිසිවෙක් සිටිනා බවක් මායිම් නොකට කෑ කෝ ගසමින් සිටීමෙන් පසු තරුණිය සිටි කාමරයට දිලුම් ගොස් ඇත්තේ පාන්දර 3 ට පමණය. ඒ වනවිට මත්පැන් බිල රු. 50,000 ඉක්මවා තිබී ඇත.


අනතුරුව බීමත් ආරක්ෂයින් හෝටලයෙන් එළියට ගොස් පාරේ සිට කෑකෝ ගසමින් සිට ඇත.

අවසන් දැනුම්දීමට රනිල්, සජිත් කැඳවයි


Ranil sajith 410pxපසුගිය දින කිහිපයෙහි කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති එජාප රැස්වීම කිහිපයක් ඇමතු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කර ඇති බවටත්, ආණ්ඩුව විවේචනය කිරීම පසෙකලා එජාපයේ අභ්‍යන්තර අර්බුද පිළිබඳව කතා කරමින් පාක්ෂිකයින් දුර්මුඛ කර ඇති බවටත් එම දිස්ත්‍රීක්කයට තරඟ කරන අපේක්ෂකයින් කිහිපදෙනෙකුම රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම්දී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
වයඹ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොකරවන්නැයි එම අපේක්ෂකයින් ඉල්ලා තිබේ.
මෙවර පළාත්සභා මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාව කුරුණෑගල දිස්ත්‍රීක්කය බාරව නම් කලද, ඔහු ටික දිනක් විදේශගතවන බව බැවින් ආසන කිහිපයක් පමණක් බාරගැනීමට එකඟත්වය පළකර තිබේ. ඒ අනුව, තමාගේ අඹන්පොල වත්තේ සිට මැතිවරණ කටයුතු මෙහෙයවිය හැකි වන පරිදි , නිකවැරටිය, යාපහුව, ගල්ගමුව හා වාරියපොළ ආසන 4 තමන්ට වෙන් කර දෙන ලෙස ඔහු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා තිබේ. එජාප මැතිවරණ මෙහෙටුම් කමිටුව ඊට එකගත්වය පළකර ඇත.
ඒ අනුව කුරුණෑගල, පොල්ගහවෙල, මාවතගම, හිරියාල හා දොඩන්ගස්ලන්ද ආසන 5 හි මැතිවරණ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට පවරා ඇති එජාප මැතිවරණ මෙහෙයුම් කමිටුව, බිංගිරිය, කුලියාපිටිය, දඹදෙණිය, කටුගම්පල හා පඬුවස්නුවර ආසන 5 එජාප මන්ත්‍රී අකිල විරාජි කාරියවසම් මහතා වෙත පවරා තිබේ.
රට යනවා යයි කිවූ ප්‍රේමදාස මහතා, තමන්වෙත පවරා ගත් ආසන පසෙකලා, අකිල විරාජි කාරියවසම් මන්ත්‍රීවරයාට පැවරු ආසන වල රැස්වීම වලට කඩා පනිමින් එම රැස්වීම අවුල් කරන බවටද චෝදනා එල්ලවී ඇත.
මේ අතර, දයාසිරි ජයසේකර මහතා විවේචනය නොකරන ලෙස බදුලු දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාට බලපෑම් කිරීමද, සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ඇති චෝදනාවකි.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන, සජිත් ප්‍රේමදාස මහතා වහාම හෙට කැඳවා කරුණු විමසීමටත්, ඔහුට අවසන් අවවාදය ලබාදීමටත් එජාප නායකයා තීරණය කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

රුවංගිගේ නයිට් ක්ලබ් කෙරුවාව !

RuwangiRathnayake 410px 29 08 13ජනපි‍්‍රය යොවුන් නිළියක් වන රුවංගිරත්නායක රාත්‍රී සමාජ ශාලාවකට යාම විශාල පුවතක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද රුවංගි අදාල පුවත් පතට පවසා ඇත්තේ තමා රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇත්තේ එක් වරක් පමණක් බවයි.
එවරද සිය සොයුරිය හා මිතුරන් කිහිපදෙනෙකු සමග ගිය බවද ඇය පවසා තිබේ.
ඇයට ඒ ගමන එපා නොවූ බවත් ඕන නොවූ බවත් පවසා ඇත.
මේ අතර, මේදිනවල තමා භාවිතා කරන්නේ හොන්ඩා ෆිට් (honda fit) වර්ගයේ මෝටර් රථයක් බවද පවසා ඇති රුවංගි ඊට මුදල් ලැබුණු ආකාරය හෙළි කිරීමට ද මැළිවී ඇත.
කෙසේවුවද වාර්තා වූයේ අදාල මෝටර් රථය රුවංගිට තෑග්ගක් ලෙස ලැබුණු එකක් බවයි.
එම මෝටර් රථය ඇගේ පෙම්වතා විසින් රුවංගිට තිළිණ කර ඇති බවද පැවසේ.
ඇගේ පෙම්වතා වන්නේ දේශපාලනයට සම්බන්ධ අයකුගේ සහෝදරයෙකු බවද වාර්තා වේ.

දයාසිරි සිය නිවස ආසන්නයේ ඉඩමක් මිලදී ගෙන ඇති බවත්, පෑන් ඒෂියා බැංකුවේ ණය ගෙවා ඇත.

RanjanDayasiri 410px 13 08 29සින්දු කියන අලියා ලෙස ප්‍රසිද්ධව සිට එජාපයෙන් ආණ්ඩුවට ගොස් එම පක්ෂයේ වයඹ මහ ඇමති අපේකෂකයාවී සිටින දයාසිරි ජයසේකරගේ මේ දිනවල අලුත්ම ගීතයවී ඇත්තේ 'අචලා පොල්ල ගෙනෙන් රෝසි මරන්න' බව එජාප රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ දයාසිරි මහතා පක්ෂය මාරුකළේ ගණුදෙනුවකට බවට කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඔහුගෙන් රුපියල් කෝටි 25ක් ඉල්ලා එවා ඇති එන්තර වාසිය සම්බන්ධයෙන් කළ විමසීමකදීය.
දයාසිරිට තවත් මුදල් මදිවීම හේතුවෙන් ඇත්ත කියූ අහිංසක අපෙන් කෝටි 25 ගානේ කඩා ගැනීමට මේ එන්තරවාසිය එවා ඇති බවද රන්ජන් කීය.
කෙසේවවුද දයාසිරි කොටි 25ක් ගත්ත බව මුලින්ම කීවේ ඔහුගේ ගෙදර සිටි රෝස කැකුළ බවද ඔහු පැවසීය.
එය පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගතවන්නට ප්‍රකාශකළේ හරේන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බවද කී රන්ජන් හරේන් පාර්ලිමේන්තුවේදී කීවේ පසුගිය 21 වැනිදා බවද සදහන් කළේය.
දයාසිරි සිය නිවස ආසන්නයේ ඉඩමක් මිලදී ගෙන ඇති බවත්, පෑන් ඒෂියා බැංකුවේ ණය ගෙවා ඇති බවටත් මේ අතර රාවයක් තිබෙන බවද ඔහු කීය.
තමා දන්නා පරිදි දයාසිරිගේ පියා සුළු ව්‍යාපාරිකයෙක් බවත්, එසේම දයාසිරිද ව්‍යාපාරිකයෙක් නොවන බවත්, ඔහු කිසිදාක අධිකරණයේ නඩුවෙනුවෙන් කතා කළ නීතීඥයකු නොවන බවද පැවසූ රන්ජන්, දයාසිරි එක සැරේ කෝටිපතියෙක්වීමේ රහස සොයා බැලිය යුතුබවද පැවසීය.

Wednesday 28 August 2013

ත්‍රස්තවාදි සැකකරුවෙක් වූ සිය සැමියාගේ නඩුවට පෙනී සිටියේ නවනීදන් පිල්ලේ - උදය ගම්මන්පිල කියයි


gammanpila“නවනීදන් පිල්ලේ නෝනාගේ සැමියා ත‍්‍රස්තවාදී සැකකරුවෙක් ලෙස දකුණු අප‍්‍රිකාවේදී අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙක්. ඇයට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න උදව් කරලා තියෙන්නේ ඩර්බන්වලදී එහේ හිටිය දෙමළ ජාතිකයන්. සැමියාගේ නඩුවට පෙනී සිටියේත් පිල්ලේ නෝනාමයි.
ඇය මේ ඇවිත් තියෙන්නේ තමන්ගේ අය ලංකාවේ රජය විසින් මරා දැමුවාද නැද්ද යන්න සොයා බැලීමට” යැයි බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය.
බස්නාහිර පළාත් කෘෂිකර්ම,
ගොවිජන සේවා, සුළු වාරිමාර්ග හා කර්මාන්ත අමාත්‍ය ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කර සිටියේ මහරගම නාවින්න ක‍්‍රීඩාංගනයේ පැවැති රෝද තුනට මනු සවියක් යන තේමාව යටතේ ත‍්‍රීරෝද රථ සඳහා මීටර් ලබා දීමේ උත්සවයට සහභාගී වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,
“අපි පහුගිය කාලයේ පිල්ලේ නෝනා ‘වානා’ කිව්වා. දැන් අපේ රටට පිල්ලේ නෝනා ඇවිත්. ඇයි අපි එයාට එන්න දුන්නේ
? කපන්න බැරි අත සිඹිනවා වගේ අපිට ඒක කරන්න සිදුවුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් එන සැප්තැම්බරයේ පැවැත්වෙන සමුළුවට ඇයට වාචික ලෙස අපේ රටේ මානව හිමිකම් ගැන කරුණු දක්වන්න වෙලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා තොරතුරු සොයන්න අපේ රජයට ඉඩ දෙන්න වෙලා තියෙනවා. නමුත් ඇය ඇවිත් තියෙන්නේ අපේ රජය දෙමළ ජාතිකයන් 40,000 ක් මැරුවද කියලා හොයලා බලන්නයි.”
“මෙතුමිය තමන්ගේ සැමියා ත‍්‍රස්තවාදී සැකරුවෙක් ලෙස වූ චෝදනාවෙන් නිදහස් කර ගත් පසු දකුණු අප‍්‍රිකාවේ සෑම ත‍්‍රස්තවාදී සැකකරුවෙක්ම ඇය ළඟට තමන්ගේ නඩුව අරන් ආවා. ඇය ත‍්‍රස්තවාදි සැකකරුවන් සිය ගණනක් අප‍්‍රිකාවේදී මුදාගත් නීතිඥවරියක්. මානව හිමිකම් චෝදනාව අපට එල්ල කරන්නේ දරුස්මාන් වාර්ථාවට අනුවයි. ඒ වාර්තාව සකස් කළ තුන් දෙනාගෙන් එක් කෙනෙක් පිල්ලේ නෝනා සමග එකට රාජ්‍ය නොවන සංවිධානවල වැඩකරන කෙනෙක්. එකට සඟරා කරන කෙනෙක්. හොඳම මිතුරියෝ. හොඳම මිතුරිය හැ
දූ වාර්ථාවේ තතු හොයන්නයි ඇය ඇවිත් තියෙන්නේ.

මහරගම පී. දයාරත්න

චැම්පියන්ස් ලීග් තරගාවලියේදී සංගා හයිද්‍රාබාද් පිලටද? කඳුරට මෙරෑන්ස් පිලටද?


කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු වෙත තීරණාත්මක තවත් අවස්ථාවක් උදා වී ඇත. එක්තරා අතකට සංගාට මෙය තීරණාත්මක නොවනු ඇත්තේ ඔහු පවසන පරිදි රට වෙුනවෙන් ඔහු ක්‍රීඩා කිරීමට බැඳී ඇති බව පවසන හෙයිනි. මේ බව පසුගිය ඉරිදා සංගා “රිවිර”ට පවසා තිබුණි.
එළැඹෙන සැප්. 17 දා ඉන්දියාවේ ඇරඹීමට නියමිත චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා කුමාර් සංගක්කාරට කඳුරට මේරෑන්ස් පිල හා සන්රයිස් හයිද්‍රබාද් පිලට තරඟ කිරීමේ අවස්ථාව උදා වී ඇති අතර එක් ක්‍රීඩකයෙකුට කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කිරීමට නොහැකි නිසා සංගාට කුමන කණ්ඩායමට ක්‍රීඩා කරයිද යන්න තීරණය කර ගත යුතුව ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‍ලේකම් නිශාන්ත රණතුංග “රිවිර”ට පැවසුවේ සංගා සමග චැම්පියන්ස් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරිමේදී කුමන තීරණයක් ගනීද යන්න පිළිබඳව තමත් කිසිදු නිල මට්ටමේ සාකච්ඡාවක් පවත්වා නැති බවයි.  කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් පදනමේ වැඩිම වරප්‍රසාද ගනිමින් සියලු පහසුකම්වලින් පරිපූර්ණව ක්‍රීඩා කරන අපේ සුපිරි ක්‍රීඩකයෙක්. මේ නිසා සංගාට අනිවාර්යෙන් මෙම තරඟාවලියට යෑමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනයට යන්න වේවි. කොහොමත් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිටත් සංගා කඳුරට මෙරෑන්ස් පිල නියෝජනයට යා යුතුය යන තීරණය ගෙන ඉන්නේ. කොහොටත් සංගක්කාර බුද්ධිමත් ක්‍රීඩකයෙක්. ඔහු එය නිවැරදිව තීරණය කරාවි යැයි ‍ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය.
කුමාර් සංගක්කාර අයි.පී.එල්. ගිවිසුම් ගෙන සිටින අතර ඔහුට ඒ අනුව සන්රයිස් හයිද්‍රාබාද් පිලට ක්‍රීඩා කිරීමට හැකිය. එහෙත් එය අනිවාර්යය නැත. අයි.පී.එල්. ගිවිසුම අනුව හයිද්‍රාබාද් පිලට ඔහු ක්‍රීඩා නොකළහොත් දැනට ඔහු පවුම් 700,000 (පවුම් හත් ලක්ෂයක්) වාර්ෂික ගිවිසුමෙන් පවුම් 1,40,000 නොලැබෙනු ඇත.
කෙසේ වුවත් චැම්පියන්ස් ලීග් තරගාවලියේ නීතියට අනුව ක්‍රීඩකයෙකුට කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණහොත් රට නියෝජනය කරන කණ්ඩායමට ක්‍රීඩා කිරීමේදී එම පිලට පවුම් 1,50,000 ක මුදලක් ලැබෙන නිසා එම මුදල කෙළින්ම කඳුරට පිළ මෙවර ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙනු ඇත.
තවත් කණ්ඩායමකට චැම්පියන්ස් ලීග් සඳහා ශ්‍රී ලංකාව සහභාගි වීමට ඉල්ලුවද එය ලැබි නැති බවද වාර්තා වේ.
කෙසේ වුවත් චැම්පියන්ස් ලීග් තරගාවලියේ නීති රීති අනුව ක්‍රීඩකයෙකුට තමන් කැමති කණ්ඩායමක් නියේජනයට අවස්ථාව ඇති බව වාර්තා වේ. චැම්පියන්ස් ලීග් තරගාවලි වෙළඳ හා නීති කටයුතු ප්‍රධානී ඩීන් කීනෝ මේ බව අවධාරණය කොට ඇත.
මේ අතර නුවන් කුලසේකරද කඳුරට මෙරූන්ස් පිලට හා අයිපීඑල් හි චෙන්නායි සුපර් කිංග්ස් පිලට සුදුසුකම් ලබා ඇති වුවද චෙන්නායි පිලට නුවන් කුලසේකර බොහෝ විට නොගනු ඇතැයි වාර්තා වේ. නුවන්ට පසුගිය අයිපීඑල් අවස්ථාව අහිමි වූයේ චෙන්නායි නුවරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෙන්වීමේ තහනම් නියෝගය පනවා තිබූ බැවිනි. කෙසේ වුවත් ඊයේ (27) වන විටත් කුමාර් සංගක්කාර කැරිබියන් ලීග් තරගාවලියට කොදෙව් දූපත් බලා ගොස් නැවත පැමිණ නොසිටි නිසා ඔහුගේ තීරණය දැන ගැනීමට නොහැකි විය.
චැම්පියන්ස් ලීග් තරගාවලියේ දී ක්‍රීඩකයන් 14 දෙනෙකුට කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා තිබිම කැපී පෙනෙන අතර මෙම ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩක දෙපළ සංගා හා නුවන් කුලසේකරට අමතරව මයිකල් හසී (ඔස්ට්‍රේලියා), නේතන් මැකලම් (නවසීලන්තය), ඩ්වේන් බ්‍රාවෝ (කොදෙව් දූපත්), කිරාන් ‍පොලාඩ් (කොදෙව් දූපත්), බ්‍රැඩ් හොජ් (ඔස්ට්‍රේලියාව), ක්‍රිස් ලීන් (ඔස්ට්‍රේලියාව), ක්වින්ටන් ද කොක් (දකුණු අප්‍රිකාව), ක්‍රිස් මොරිස් (දකුණු අප්‍රිකාව), ආබි මෝකල් (දකුණු අප්‍රිකාව), නාදන් කෝල්ටර් (ඔස්ට්‍රේලියාව), සැමුවෙල් බද්රි (කොදෙව් දූපත්), කෙවින් කූපර් (කොදෙව් දූපත්) වේ.

ජනාධිපති මාමගෙ යානා නැති තොට - ශිෂ්‍යත්ව ළමයි ලියයි.



පසුගියදා තිබුණු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ ප්‍රශ්නයක් අහලා තියෙනවාලු ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මොකක්ද කියලා. මේ මත්තල කියලා උත්තරේ ගන්න හදන්නේ. මත්තල ගන්න බෑනේ. මත්තලට ගුවන් යානා එන්නේ නෑනේ. හම්බන්තොට පැත්තේ ළමයි නම් ඕකට උත්තර ලියන්නේම නෑ. ඒ ළමයි දන්නවනේ මේකට ගුවන්යානා එන්නේ නෑ කියලා.

ඔය ප්‍රශ්නය අහන්න ඕන ලංකාවට ගුවන් යානා එන්නේ නැති ගුවන්තොටුපොළ මොකක්ද කියලා. එහෙනම් ළමයි අනිවාර්යයෙන්ම ලියනවා උත්තරය. ආණ්ඩු හිතවාදී ගුරුතුමියක් ඉන්නවා නම් ඔය ප්‍රශ්නය උගන්නාවි. ඔය ප්‍රශ්නය විවාදාත්මකයි. සිලබස් එකේ උගන්වපු නැති ප්‍රශ්න දාපු එකට ආණ්ඩුව වගකීම භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ හදන මාමලා දේශපාලන මාමලාගෙන් ලකුණු දාගන්න දරුවන්ගේ ලකුණු කපා දමමින් සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.

පහ වසර ශිෂ්‍යත්ව කඩයිම දැන් ළමයින්ගේ අනාගතය, ජීවිතය තින්දු කරන තීරණාත්මක විභාගයක් බවට පත්කර ඇතැයිද හෙතෙම පවසයි.

එම විභාගයෙන් පසු තවත් පාසලක් සොයා ගැනීමට නැත්නම් ගමේ පාසලේ සිට ජාතික පාසලක් සොයා ගැනීමට පැවැත්වෙන විභාගයක් බවට එම විභාගය පත්වීම ඊට හේතුව වී ඇතැයි හෙතෙම සඳහන් කරයි. සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා පැවැති ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ වැඩිදුරටත් ආණ්ඩුව වෙත චෝදනා එල්ල කරමින් මෙසේද කීය. ජනප්‍රිය පාසලකට යන්න සහතික හදලා, උප්පැන්න හදලා, ඉඩම් විකුණලා, නගරවලට ඇවිල්ලා, විවිධ සෙල්ලම් දාලත් ජාතික පාසලකට යවාගන්න බැරි වෙනවා. ළමයාට මේ විභාගය සමත්වෙන්න වෙනවා. මොකද මවුපියන්ගේ සිහින ගබඩාව සන්තෝෂ කිරීම වෙනුවෙන් ජාතික පාසලකට යන්න තියෙන අවස්ථාවක් බවට මෙය පත්වෙලා. ඒ නිසා ශිෂ්‍යත්ව විභාගය තීරණාත්මක කඩඉම් විභාගයක් බවට පත්වෙලා