Monday 30 September 2013

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලෝක ළමා දිනදාට

 
පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල මින් ඉදිරියට ලෝක ළමා දිනයදා (ඔක්තෝ­මිබර් 01දා) නිකුත් කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

දරුවන් වෙනුවෙන් වෙන්කර තිබෙන දිනය වන ලෝක ළමා දිනයදා ඉදිරි සෑම වසරකම පවත්වන පහ වසර ශිෂ්‍යත්ත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිමට පියවර ග්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

මේ අනුව 2013 වසරේ ශිෂ්‍යත්ත්ව විභාගයේ ප්‍රතිඵල අද (01) නිකුත් කෙරේ. ශිෂ්‍යත්ව ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වේ. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල සහ දමිළ මාධ්‍යය තුළින් පාසල් සිසුන් 322455දෙනකු පෙනී සිටියහ.

අලුත් පාරක යන්න රනිල් එකඟ වෙයි -------------------- යෝජනාව එක්සත් භික්ෂු පෙරමුණෙන්


එක්සත් භික්ෂු පෙරමුණ පසුගිය සතියේ සිදුකළ යෝජනාවකට අනුව එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා උත්තරීතර මණ්ඩලයක් පිහිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය ගිරාබේ ආනන්ද නාහිමියන් සමඟ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදී එක්සත් ජාතික භික්ෂු පෙරමුණ ඉදිරිපත් කළ සියලු යෝජනා වලට රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කර ඇතැයි පැවසේ.මේ බව එක්සත් ජාතික පක්ෂ නායකයා තහවුරු කළ අතර මේ සතිය තුල එම සාකච්ඡාවට අදාලව ගන්නා තීරණ දැනුම් දෙන බවද පැවසීය.මේ අතර මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේ පක්ෂයේ සියලු කොටස් එක්කොට අදාල උත්තරීතර මණ්ඩලය පිහිටුවන බවත් පූජ්‍ය ගිරාබේ ආනන්ද නාහිමියන් ඊට අදාල අවවාද අනුශාසනා ලබා දෙනුඇති බවත්ය.

සල්ලි වැස්සට තෙමුණු අනර්කලී ..........විලි ලෑජ්ජයි.......!

FM නාලිකා වල රේටින්ග්ස් වැඩිකර ගැනීම සඳහා ගුවන් විදුලි නාලිකා වලින් මිනිසුන්ට සල්ලි විසිකිරීමේ උපක්‍රමය මේ වනවිට බොහෝ ගුවන් විදුලි නාලිකා වලින් ආරම්භකොට තිබේ. 

ගුවන් විදුලි නාලිකා වලට වැඩිපුර සවන් දෙන්නේ මධ්‍යම පාන්තික ජනතාව හෙයින් ජීවන බරින් මිරිකී සිටින ඔවුන්ට සල්ලි දිගු කිරීම ප්‍රචාරක මාධ්‍යයක් ලෙස සාර්ථක යැයි කෙනෙකුට තර්ක කල හැක. 

ඒ අනුව පසුගියදා EAP ජාලයේ ශ්‍රී එෆ්.එම් ගුවන් විදුලිය මගින් සිය ශ්‍රාවකයන්ට මුදල් ලබාදීමේ නවතම වැඩ පිළිවෙලක් හදුන්වා දෙන ලදී. එය හදුන්වා දුන්නේ "ශ්‍රී එෆ්.එම් සල්ලි වැස්ස" යනුවෙනි.
 

ඒ අනුව සල්ලි වැස්සේ මුලින්ම "නාන්නට" හැකිවුයේ පළාත් සභා මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂා හටය. මෙහිදී සල්ලි කොළ විසිවන කුටියක් තුලට සීමිත කාලයක් ගත කිරීමට ශ්‍රාවකයාට අවස්ථාව උදාවෙන අතර ඒ කෙටි කාලය තුල හැකි තරම් විසිවෙන සල්ලි කොළ එකතුකොට ගත යුතුය. 

අනර්කලී සල්ලි වැස්සේ දෑඟලු අන්දම පහතින් බලන්න.



මට මතක නැහැ අයියා අපු හැමෝම එක්ක වගේ හිටියා. - නිළියක හා මෝස්තර නිරූපිකාවක වන නතාශා පෙරේරා


නිළියක හා මෝස්තර නිරූපිකාවක වන නතාශා පෙරේරා මේ වනවිට නීතීඥවරියක් වී තිබෙනවා.

පසුගියදා රූපවාහිනී නාලිකාවකට පැමිණි නතාශා මීට පෙර ඇයට තිබූ පෙම් සබඳතා ගැන කථා කර තිබුණා.

තමන්ට තිබූ ආදර සම්බන්ධතා ප්‍රමාණය කොතෙක්දැයි අමතක බවයි එහිදී පවසා තිබුනේ.

මේ දිනවල පෙම්වතෙක් හිටියත් ඔහු විශේෂ පෙම්වතෙක් නොවන බව පැවසූ ඇය විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ ලස්සන නැති කෙනෙක් බවද පවසා සිටියා.


නතාශා Love Affairs ගැන මොකද හිතෙන්නේ?
ඒවා මේ ලෝකේ සාමාන්‍ය දෙයක්, එහෙම වෙන්නේ නිසි වයසෙදී නිසියාකාරව සිදුවුනොත්

ඔයාට Affairs කීයක් තිබිලා තියනද?
ම්ම්...ම්...ගනන් කරන්නත් අමාරුයි. එච්චර තමයි කියන්න තියෙන්නේ.

ඇයි ඔයාට Permanant Affair එකක් නොතිබුනේ?
එෆෙයාර්ස් පිළිබඳව මම ඒ තරම් බැරෑරුම්ව හිතන කෙනෙක් නෙවෙයි.

ඔයාට දැන් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?
ඔව්. ඒත් ස්පෙෂල් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙවෙයි, විශේෂයෙන්ම ආශ්‍රය කරන කෙනෙක් නෑ.

First Affair එක මතකද?
නෑ...මතක නෑ. මම කිව්වේ මට ඔය කිසි දෙයක් මතක නෑ.

නතාශා කියන්නේ මුල අමතක කරන කෙනෙක්ද?
නැහැ. මට මුල කවදාවත් අමතක වෙන්නේ නෑ.

ඒ වුනාට ඔයාට First Affair එක අමතකයි.
ඔව්. ඒක තමා. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැනේ මුල අමතකයි කියලා.

එම සම්පූර්ණ සංවාදය ඇතුලත් වීඩියෝව පහතින්.







ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය අද

ලෝක ළමා හා වැඩිහිටි දිනය අද 01

ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය අදට (01 වැනිදා) යෙදී තිබේ.
ලෝක ළමා දින ජාතික උත්සවය ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‌ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (01 වැනිදා) නෙළුම් පොකුණ මහින්ද රාජපක්‌ෂ රංග ශාලාවේ දී පැවැත්වෙන අතර ලෝක වැඩිහිටි දින ප්‍රධාන සැමරුම් උත්සවය කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතය.
"පවුල ඔබ සුරකියි" යන තේමාව යටතේ ලෝක ළමා දින සැමරුම් උත්සවය පැවැත්වෙන අතර ළමාදිනය නිමිත්තෙන් අලෙවි කරන පළමු කොඩිය, ජනපති ආර්යාවට පැළඳවීම මෙහිදී සිදු කෙරේ. සමරු මුද්දරය හා මුල් දින කවරයද එහිදී නිකුත් කිරීමට නියමිතය. ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්‌ස කරලියද්ද මහතා ඇතුළු සම්භාවනීය පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌වීමට නියමිතය.
 
අශෝක පියරත්න
ඡායාරූපය - ජයසිරි පේදුරුආරච්චි

එජාපය දේශප්‍රේමී මාර්ගයක......................?

ආර්. ප්‍රේමදාස විසින් මිනීමරු දූෂිත පක්ෂයක් කර තිබූ එජාපය ලිබරල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් දක්වා ගුණාත්මක වර්ධනයකට ගෙන ආවේ දැන් පවතින නායකත්වය මගිනි. කොටින්ම කියන්නේ නම් සොත්ති උපාලි වැනි පාතාලයන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටි එජාපය ඉන් වෙනස් මගකට ගෙන ඇත. රටේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම විය යුතු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තුවට වග කියන නව ව්‍යවස්ථා රාමුවක යෝජනාවක් ගෙන ඒම, රටේ ප්‍රධානතම ප්‍රශ්නය වන කල්පවත්නා සාමයක් සඳහා දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට බලය ඛෙදා ගැනීමේ විසඳුමක් ගෙන ඒම, රටේ ආර්ථීකය මගඩි ආර්ථීකයෙන් ගලවා ලිබරල් ප්‍රතිපත්තියකට ගෙන ඒම, නීතියේ ආධිපත්‍යය පිහිටුවීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම, කොමිෂන් සභා ස්ථාපිත කිරීම ආදී රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩ ගත හැකි දර්ශනයක එජාපය දැනට සිටින ස්ථාවරයේ කිසිදු අවුලක් අප නොදකිමු. එසේ නොමැතිව රාජපක්ෂ ගමන් ගන්නා සිංහල බෞද්ධ ජාතිවාදී මාර්ගයේ තවත් කණ්ඩායමකට ගමනක් නැත. යා යුත්තේ බහු වාර්ගික බහු ආගමික සහ ජාතිවාදය වෙනුවට සැබෑ දේශප්‍රේමී මාර්ගයක ය. ජාත්‍යන්තර සහාය සමග යන මාර්ගයක ය. ඒ මග හෙළි පෙහෙළි කර දී ඇති පක්ෂ නායකත්වයේ දාර්ශනික දෘෂ්ටියේ වරදක් අප නොදකිමු. රටකට අවශ්‍ය වන්නේ මෝඩ ආකර්ශනීය නායකයන් නොව බුද්ධිමත් පැසුණු නායකයන්ය. ආකර්ශනීය නායකයන් අවශ්‍ය නම් ඉන්දියාව ශාරුක් ඛාන් අගමැති කරගන්නවා මිස මන්මෝහන් සිං අගමැති කරගන්නේ නැත

වාසය මිනිසා සමගයි

Target-news - ---------   වාසය මිනිසා සමගයි                                                                                        

ව්‍යාඝ්‍රයන් හත් දෙනකු සුරතලූන් ලෙස ඇතිකරනා පවුලක් බ්‍රසීලයේ සිටී.
මේ ව්‍යාඝ්‍ර සුරතලූන් සිටින්නේ කූඩුවේ නම් නොවේග
ව්‍යාඝ්‍රයන් හත් දෙනා එකම පවුලක සාමාජිකයෝය. වැඩිහිටි ව්‍යාඝ්‍රයන් දෙදෙන සමග පැටවුන් පස් දෙනෙක් සටිති.
මිනිස් පවුලේ සාමාජිකයින් ගණන පහකි.
කෑම, නෑම, ඇවිදින්නට යාම, රූපවාහිනිය නැරඹිම ආදී ක්‍රියාකාරකම් සියල්ලක්ම මිනිස් පවුල හා ව්‍යාඝ්‍ර පවුල කරන්නේ එකටය.
මිනිස් පවුලේ ප්‍රධානියා වන ඇරි බෝගර්ස් මෙම ව්‍යාඝ්‍ර පවුල මිලයට ගෙන ඇත්තේ ප්‍රදේශයට පැමිණි සර්කස් සංදර්ශනයකිනි. ඒ වසර අටකට පෙරය.
එදා පටන් ව්‍යාඝ්‍ර පවුල ජීවත් වනුයේ මේ මිනිස් පවුල සමගය.
නුදුරේදීම ව්‍යාඝ්‍ර පවුලට නිදහසේ සිටිය හැකි උද්‍යානයක් ඇති කිරීමට තමන් සැළැසුම් කර ඇතැයි ඇරි බෝගර්ස් කියයි.                                                                             

Anura S. Liyanage Target-news -2013 සැප්තැම්බර් මස 30 - කෝවිද ගුණසේකර 
ව්‍යාඝ්‍රයන් හත් දෙනකු සුරතලූන් ලෙස ඇතිකරනා පවුලක් බ්‍රසීලයේ සිටී.
මේ ව්‍යාඝ්‍ර සුරතලූන් සිටින්නේ කූඩුවේ නම් නොවේග
ව්‍යාඝ්‍රයන් හත් දෙනා එකම පවුලක සාමාජිකයෝය. වැඩිහිටි ව්‍යාඝ්‍රයන් දෙදෙන සමග පැටවුන් පස් දෙනෙක් සටිති.
Target-news - ---------   වාසය මිනිසා සමගයි                                                                                        

ව්‍යාඝ්‍රයන් හත් දෙනකු සුරතලූන් ලෙස ඇතිකරනා පවුලක් බ්‍රසීලයේ සිටී.
මේ ව්‍යාඝ්‍ර සුරතලූන් සිටින්නේ කූඩුවේ නම් නොවේග
ව්‍යාඝ්‍රයන් හත් දෙනා එකම පවුලක සාමාජිකයෝය. වැඩිහිටි ව්‍යාඝ්‍රයන් දෙදෙන සමග පැටවුන් පස් දෙනෙක් සටිති.
මිනිස් පවුලේ සාමාජිකයින් ගණන පහකි.
කෑම, නෑම, ඇවිදින්නට යාම, රූපවාහිනිය නැරඹිම ආදී ක්‍රියාකාරකම් සියල්ලක්ම මිනිස් පවුල හා ව්‍යාඝ්‍ර පවුල කරන්නේ එකටය.
මිනිස් පවුලේ ප්‍රධානියා වන ඇරි බෝගර්ස් මෙම ව්‍යාඝ්‍ර පවුල මිලයට ගෙන ඇත්තේ ප්‍රදේශයට පැමිණි සර්කස් සංදර්ශනයකිනි. ඒ වසර අටකට පෙරය.
එදා පටන් ව්‍යාඝ්‍ර පවුල ජීවත් වනුයේ මේ මිනිස් පවුල සමගය.
නුදුරේදීම ව්‍යාඝ්‍ර පවුලට නිදහසේ සිටිය හැකි උද්‍යානයක් ඇති කිරීමට තමන් සැළැසුම් කර ඇතැයි ඇරි බෝගර්ස් කියයි.                                                                             

Anura S. Liyanage Target-news -2013 සැප්තැම්බර් මස 30 - කෝවිද ගුණසේකර 
මිනිස් පවුලේ සාමාජිකයින් ගණන පහකි.
කෑම, නෑම, ඇවිදින්නට යාම, රූපවාහිනිය නැරඹිම ආදී ක්‍රියාකාරකම් සියල්ලක්ම මිනිස් පවුල හා ව්‍යාඝ්‍ර පවුල කරන්නේ එකටය.
මිනිස් පවුලේ ප්‍රධානියා වන ඇරි බෝගර්ස් මෙම ව්‍යාඝ්‍ර පවුල මිලයට ගෙන ඇත්තේ ප්‍රදේශයට පැමිණි සර්කස් සංදර්ශනයකිනි. ඒ වසර අටකට පෙරය.
එදා පටන් ව්‍යාඝ්‍ර පවුල ජීවත් වනුයේ මේ මිනිස් පවුල සමගය.
නුදුරේදීම ව්‍යාඝ්‍ර පවුලට නිදහසේ සිටිය හැකි උද්‍යානයක් ඇති කිරීමට තමන් සැළැසුම් කර ඇතැයි ඇරි බෝගර්ස් කියයි.

ඩග්ලස් දේවානන්ද විපක්ෂනායකකම ඉල්ලයි

උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක ධුරය තම පක්ෂයට අවශ්‍ය බව ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද මහතා ඉල්ලා තිබේ. ඔහු එම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යොමු කර ඇතැයිද වාර්තා වේ.
යාපනය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ එන්. කමලේන්ද්‍රන් මහතාට විපක්ෂ නායක ධුරය දියයුතු යැයි ඔහු පවසයි.
මැතිවරණ සමයේ දේවානන්ද මහතා පැවසුවේ, උතුරු පළාත්සභාවේ මහ ඇමති ධුරය නම් කිරීමේ අවස්ථාව තම පක්ෂයට ලබාදිය යුතු බවයි.

පෙම්වතිය මිතුරන්ට අලෙවිකළ පෙම්වතා

ඇඟලුම් සේවිකාව කෙලෙසා එම අවස්‌ථාව වීඩියෝ ගතකර ඇය තවත් පුද්ගලයන් කිහිප දෙනකුට අලෙවි කරනු ලැබූ පුද්ගලයකුට ඔක්‌තෝබර් 9 වැනිදා දක්‌වා රිමාන්ඩ් කරන ලෙස පානදුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

වීරපාන, සුදුවැලිව, 13 කණුව ඕපාත යන ලිපිනයේ පදිංචි ගෙදර දුරගේ කැළුම් කුමාර නමැති විවාහක සැකකරු මෙසේ රිමාන්ඩ් කෙරිණි.

රන්මුන්ගල, වස්‌කඩුව ප්‍රදේශයේ පදිංචි ඇඟලුම් සේවිකාවක්‌ සමඟ පෙම් සබඳතාවක්‌ පවත්වා ඇය සමඟ අඹුසැමියන් ලෙස ලිංගික සබඳතා පවත්වමින් එය වීඩියෝ ගතකර එය ඇගේ යහළුවන්ට සහ අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් ඇය සැකකරුගේ මිතුරන්ට මුදලට විකුණා ඇත.

වසරකට අධික කාලයක්‌ තිස්‌සේ ඇගේ මාසික වැටුප වන රුපියල් පහළොස්‌ දහසක මුදල ද සැකකරු බලෙන් ලබාගෙන ඇත.

සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ පානදුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස පානදුර පොලිසියට නියෝග කළේය.

‘බර්ටි මැරුණා නොවෙයි මරා ගත්තා‘ - ආධාරකරුවන්

උතුරුමැද හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ අවමංගල්‍ය උත්සවයේදී රාජපක්ෂවරුන්ට එරෙහිව උද්ඝෝෂණයක් පැවති බව වාර්තා වේ.
‘බර්ටි මැරුණා නොවෙයි මරා ගත්තා‘ යැයි සටන් පාඨ කියමින් බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ආධාරකරුවන් විරෝධය දක්වා තිබේ. අවමංගල  උත්සවයට සහභාගි වී සිටි එස්. එම්. චන්ද්‍රසේන ඇමතිවරයාට සහ ඔහුගේ සොයුරු උතුරුමැද මහ ඇමති එස්. එම්. රංජිත් මහතාටද විරෝධය පළ කර ඇති පිරිස චන්ද්‍රසේන මහතා එම ස්ථානයෙන් ඉවත්ව යන තුරුම විරෝධය දැක්වීම නතර නොකළ බව වාර්තා වේ.
මේ නිසා අවසන් කටයුතු සිදු කිරීම පැයකින් පමණ ප්‍රමාද වී තිබේ.
බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනුරාධපුර හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් විණි.

මාතර-බෙලිඅත්ත දුම්රිය මගේ එක කිලෝමීටරයකින් ඇ.ඩො. මිලියන 7.7ක්‌ රජයේ ප්‍රබලයෙක්‌ගේ සාක්‌කුවට

මාර්ගයක්‌ ඉදිකිරීමේදී කිලෝමීටරයකට වියදම ඇමරිකන් ඩොලර් මිලියන 03 ක්‌ වුවද මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා එය ඇමරිකන් ඩොලර් මිලියන 10.7 ක්‌ ලෙස රජයේ ප්‍රබලයෙක්‌ චීන සමාගමක්‌ වෙත ලබාදී ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවසීය.


එසේ කරනු ලැබුවේ ඔහු එම දුම්රිය මගෙහි කිලෝමීටරයකින් ඇමරිකන් ඩොලර් මිලියන 7.7 ක්‌ තම සාක්‌කුවට දමා ගැනීමට දැයි තමන් ප්‍රශ්න කරන බවද තිස්‌ස අත්තනායක මහතා පැවසීය. හෙතෙම මේ බැව් පැවැසුවේ රාජගිරියේදී 30 දාපැවැති එජාප මාධ්‍ය හමුවේදීය එහිදි වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ එජාප මහලේකම්වරයා
 දේශප්‍රේමී චයිනාකරණය යටතේ මෙරට දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් විශාල ගසා කෑම් සිදු කිරීමට ආණ්‌ඩුව කටයුතු කොට තිබෙනවා. මහින්ද චින්තනයේ 2006-2016 සැලසුමට අනුව දුරගමන් සේවාවන් 15% කින් පහත දැමීමට ක්‍රියා කරන බව සඳහන් කොට තිබෙනවා. එහෙත් 2013 වසර අවසන් වෙමින් පැවැතියත් දුම්රිය ගාස්‌තු සත පහකින්වත් අඩු කිරිමට ආණ්‌ඩුව ක්‍රියාකර නැහැ.

මෙම කාලය තුළ ප්‍රධාන දුම්රිය මාර්ග 4 ක්‌ ඉදි කිරීමට ද ආණ්‌ඩුව සැලසුම් කොට තිබෙනවා. ඕමන්තේ සිට පලාලි දක්‌වාත්, පලාලි සිට කන්කසන්තුරේ දක්‌වාත්, මැදවච්චිය සිට මඩු ප්‍රදේශය දක්‌වාත් සහ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයත් එලෙස ඉදිකිරීම් සිදු කිරීමට ගිවිසුම අත්සන් කර තිබෙනවා.

ඕමන්ත සිට පලාලි දක්‌වා දුම්රිය මාර්ගයේ දිග කිලෝ මීටර් 90 ක්‌ වන අතර, ඒ සඳහා කිලෝමීටරයකට ඇස්‌තමේන්තු කරන ලද මුදල රුපියල් මිලියන 270 ක්‌ හෙවත් ඇමරිකන් ඩොලර් මිලියන 2.5 ක්‌ පමණ වනවා. දෙවන දුම්රිය මාර්ගය වන පලාලි සිට කන්කසන්තුරේ දක්‌වාත් දුම්රිය මාර්ගයේ දිග කිලෝමීටර් 57 යි. එහි එක්‌ කිලෝමීටරයක්‌ සඳහා රුපියල් මිලියන 343 ක්‌ හෙවත් ඇමරිකන් ඩොලර් මිලියන 2.6 ක්‌ ඇස්‌තමේන්තු කොට තිබෙනවා. මැදවච්චියේ සිට මඩු දක්‌වා දුම්රිය මාර්ගයේ දිග කිලෝමීටර් 43 ක්‌ වන අතර ඒ සඳහා රුපියල් මිලියන 250 ක්‌ හෙවත් ඩොලර් මිලියන 1.89 ක්‌ එක්‌ කිලෝමීටරයක්‌ ඉදිකිරීමට තක්‌සේරු කර තිබෙනවා. මෙම ඇස්‌තමේන්තු එකට එකක්‌ පරස්‌පර වන අතර සිව්වන දුම්රිය මාර්ගය වන මාතර සිට බෙලිඅත්ත දක්‌වා කිලෝමීටර් 27 ක දුම්රිය මාර්ගය ඉදිකිරීමට රුපියල් මිලියන 1412 ක්‌ හෙවත් ඩොලර් මිලියන 10.7 ක අතිවිශාල මුදල් ප්‍රමාණයක්‌ ඇස්‌තමේන්තු කොට තිබෙනවා.

එකම වසරක්‌ තුළ දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා මෙතරම් පරස්‌පරතාවක්‌ ඇති වන්නේ කෙසේ දැයි අපි විමසා සිටිනවා. සම්මතයක්‌ ලෙස කිලෝමීටරයකට ඇමරිකන් ඩොලර් මිලියන 3 ක්‌ වැය වුවත් එය මාතර සිට බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ඩොලර් මිලියන 10.7 ක්‌ දක්‌වා වැඩි වන්නේ කෙසේද? චීන ජාතික යන්ත්‍රොඅපකරණ, ආනයන අපනයන සංස්‌ථාව මෙම දුම්රිය මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව බාර ගෙන තිබෙනවා. එම සමාගමත් සමග මෙරට ආණ්‌ඩුවේ ප්‍රබලයෙක්‌ සිදු කරන ලද සාකච්ඡාවක්‌ අනුව එක්‌ කිලෝමීටරයකට ඩොලර් මිලියන 7.7 ක්‌ වැඩිවී තිබෙන අතර එතරම් මුදලක්‌ රටටකට දරා ගන්න පුළුවන්ද?

මෙම දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා දැනටමත් චීනයේ ආනයන අපනයන බැංකුවෙන් රුපියල් මිලියන 26500 ක මුදලක්‌ ණය ලෙස ලබා ගෙන තිබෙනවා. මාතර සිට බෙලිඅත්ත දක්‌වා කිලෝමීටර් 27 ක්‌ දිග දුම්රිය මාර්ගයෙන් රුපියල් මිලියන 30500 ක්‌ ගියේ කාගේ සාක්‌කුවට දැයි අපි ප්‍රශ්න කරනවා. ආණ්‌ඩුව සංවර්ධනයේත්, දේශප්‍රේමයේත් ලේබල් අලවා ගෙන මහපරිමාණයේ සොරකම් කරනවා

එජාපය හැර නොයායි.- ගාල්ල දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක

එළැඹෙන දකුණු පළාත් සභා මැතිවරණයට පෙර ආන්ඩුවට එක්වන එජාප මන්ත‍්‍රීවරයා තමන්දැයි ජනතාව විමසන බව ගාල්ල දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


මෑතකදී එජාපයෙන් ආණ්ඩුවට එක් වූ දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයාගෙන් පසු තමාද ආණ්ඩුවට එක්වීමට සැරසෙන බවට කටකතා පැතිර යන බව පැවසන ඒ මහතා තමා එජාපය හැර යන්නේ නැතැයි කී විට ‘ඔහොම කියල තමයි දයාසිරිත් ගියේ’ යයි ජනතාව පවසන බවද කියයි.

මෙම කටකතාවලට දිය හැකි හොඳම පිළිතුර වනුයේ තමනා එජාපය හැර නොයා සිටීම බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණ කරයි.

 ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු චීනයට පවරා දීමේ දේශද්‍රෝහී සැලැස්මක් ගැන එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා අද(30) හෙළිදරව් කෙළේය. රාජගිරියේ වතු කම්කරු ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ කීය.

"මහජන බැංකුවත්, ලංකා බැංකුවත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් ප්‍රාග්ධනකරණයේ මුවාවෙන් පෞද්ගලීකරණ කිරීමේ කටයුත්තක නිරත වන බව අප මීට පෙරත් පෙන්වා දුන්නා. ආණ්ඩුව තවමත් එය ප්‍රතික්ෂ්ප කර නැහැ. කිසිදු බැංකුවක් පෞද්ගලීකරණය කිරීමට අදහසක් නොමැති බව ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවකදී ප්‍රකාශ කොට තිබුණත් මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට කටයුතු කරන බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කොට තිඛෙනවා.

ඒත් සමගම අද ලංකා බැංකුව දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වෙලා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ආණ්ඩුව විසින් ගැනීමට සූදානම් වන ඩොලර් මිලියන දහසක ණය මුදල වැනි ණයක් ලබා ගැනීම එම බැංකු ඉතිහාසයේ කෙදිනකවත් සිදු වී නැහැ. 9.5% ක ඉහළ පොලියකට රුපියල් කෝටි 13,500 ක් ලෙස ලබා ගැනීමට නියමිතයි. මේ ක්‍රියාදායමයන් හරහා අද රාජ්‍ය බැංකු ඉතාමත් අවදානමකට ලක් වෙලා.

එම අවදානම නිසා මහජන බැංකුව මූල්‍ය සම්පාදනය කර ගැනීමේ අරමුණින් මහජන බැංකුව සතු කොටස් කොටස් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් වනවා. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයාත්, තවත් නියෝජිත පිරිසකුත් පසුගිය සැප්තැම්බර් 11 සිට 13 දක්වා චීනයේ සංචාරයක නිරත වුණා. මහ බැංකුව, මහජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව එම දූත පිරිස නියෝජනය කළා.

එම සංචාරයේදී චීන මහජන බැංකුවේත්, කර්මාන්ත හා වානිජ බැංකුවේත්, චීන සංවර්ධන බැංකුවේත් නිලධාරීන් පිරිසක් සමග ශ්‍රී ලංකා නියෝජිත පිරිස සාකච්ඡා කොට තිඛෙනවා. අපේ රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා උදව් කරන ලෙස චීන බැංකුවලින් ඉල්ලා සිටියා. එහිදී චීනයට කළ හැකි උදව්ව වන්නේ චීනයේ බැංකු හරහා ශ්‍රී ලංකා බැංකුවලට මුදල් යෙදවීමයි. එසේ මුදල් ආයෝජනය කිරීමෙන් අපේ රටේ රාජ්‍ය බැංකුවල අයිතිය චීනයේ බැංකුවලට හිමි වන බව පැහැදිලියි. මෙරට රාජ්‍ය බැංකු ශක්තිමත් කරන මුවාවෙන් ආණ්ඩුව සූදානම් වන්නේ රාජ්‍ය බැංකු චීන සමාගම් සහ බැංකුවලට පැවරීමටයි. ආණ්ඩුව මෙලෙස කොළේ වසා කරන සෙල්ලම ජනතාව දැනගත යුතුයි" තිස්ස අත්තනායක මහතා පැවසීය.

Thursday 26 September 2013

කුරුණෑගල දිස්ත්‍රික්කයේ විනාඩියකට ඡන්ද 8 ක් දැමූ ක්‍රමය.......!මහින්ද දේශප්‍රිය මහත්තයෝ.., බොරු එපා. මේ ගැන ජනතාවට පිළිතුරු දෙනු..!

 
පසුගියදා පැවැති රූපවාහිනී සංවාදයකදී "ඡන්දය ගැන නැතත් මනාප කොල්ලයක් වෙන්න පුළුවන්" යැයි ආණ්ඩුවේ එරික් වීරවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

"මනාප මංකොල්ලයක් වෙන්න පුළුවන්නම්. ඒ මෙසේ උඩම, ඔය නිලධාරීන් ඉස්සරහම ඡන්ද මංකොල්ලයකුත් වෙන්න පුළුවන්නේ" යයි සංවාදයට සහභාගී වූ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කීවේය.

මේ  ඡන්ද කෙරුවාවේ  හොරයක් තිඛෙන බව දැන් සියයට දහසක් ස්ථීරය. එම හොරය කවුරුන් නොදනිතත් මැතිවරණ කොමසාරිස්වරයා වන මහින්ද දේශප්‍රිය දන්නේය. එය තහවුරු වන්නේ ඔහු පුත්තලමෙන් ඡන්ද පත්‍රිකා මතුවීම සැඟවීමට දරණ උත්සාහයත්, ඡන්දය අවසන් වූ සැනින් භාවිතා කළ ඡන්ද ප්‍රමාණය නොකියා සැඟවීමට යාමත් නිසා ය.

පසුගිය ඡන්දයේදී භාවිත ඡන්ද ප්‍රමාණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව ගැන බැලුවිට කීවාට වඩා ඉහල ගණනක් තිබීම ලංකා ඊ නිව්ස් ද මැතිවරණ නිරීක‍ෂකයන්ද ප්‍රශ්න කළ අතර ඊට ස්ථීරසාර විසඳුමක් නොදී මැතිවරණ කොමසාරිස් වරයා පැන ගියේය. මෙවර ඔහු කෙළේ ඡන්දය 4 ට අවසන් වූ පසු ඡන්දය භාවිතා කළ ප්‍රමාණය නිල වශයෙන් ප්‍රකාශ නොකර එය ඡන්දය ගණින තුරුම සඟවා සිටීමය. ඡන්ද පත්‍රිකා කොපමණක් නිකුත් කළේදැයි යන්න සවස 4 ට ඡන්දය අවසාන වීමෙන් පසු 4.30 වන විට ස්ථීරවම නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ හැකියාව දෙපාර්තමේන්තුව සතුය.

දැන් අප හෙළි කරන්න යන්නේ මැතිවරණ කොමසාරිස් වරයා 21 දා පැවැත්වූ ඡන්දයේ එක් හොරකමකි.

මෙහිදී අප සැලකිල්ලට ගන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය පමණි.

ඡන්දය දා දහවල් 12 වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිතා කර තිබුනේ 27% කි. මේ බව දිස්ත්‍රික් මැතිවරණ නිලධාරියා විසින් තහවුරු කරන ලද අතර එය දෙරණ ප්‍රවෘත්ති විකාශයෙන් ද කීවේය. සවස 3.00 වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ 30% ක් ඡන්දය භාවිතා කර ඇතැයි හිරු සහ නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකා මගින් පැවසූහ. ඒ පැවසුවේද දිස්ත්‍රික් මැතිවරණ නිලධාරියා විසින් තහවුරු කරන ලද ප්‍රකාශයයි. ඉන්පසු සවස 4 ට ඡන්දය අවසන් වී කොපමණක් ඡන්දය භාවිතා කළේදැයි කිසිවෙක් නිල ප්‍රකාශයක් කෙළේ නැත. එක් එක් මාධ්‍ය එක් එක් ගණන් කීවෝ ය. ඡන්දය ගැනීමෙන් පසුව දිස්ත්‍රික් ප්‍රතිඵලයත් සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ 66.74% ක් ඡන්දය භාවිතා කර ඇතැයි නිල වශයෙන් පැවසීය.

දැන් ප්‍රශ්නය පැන නගින්නේ මෙතැන් සිටය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 12,27,810 කි. ඒ පිරිසට ඡන්දය දැමීම සඳහා ඡන්ද පොලවල් 964 ක් පැවතිණ. ඒ ඡන්ද පොලවල් වෙත සවස 3 වන විට පැමිණ සිටියේ 30% කි. එය නිල ප්‍රකාශයකි. එනම් 3,68,343 කි. සවස 4 වන විට ඡන්දය භාවිතා කළ මුළු පිරිස 8,19,394 ක් හෙවත් 66.74% ක් ව ඡන්දය අවසන් වූවායයි ඡන්දය ගැනීමෙන් පසුව කීවේය.

එසේ නම් සවස 3-4 පැයක් තුල මිනිසුන් 4,51,051 ක් ඡන්ද පොලවල් 964 ක් වෙත පැමිණ තිබේ. ඒ අනුව එක් ඡන්ද පොලකට ඒ පැයේදී අවම වශයෙන් 468 දෙනෙකු පැමිණිය යුතුය. එනම් එක් විනාඩියකට 8 දෙනෙක් ඡන්දය දැමිය යුතුය. තත්පර 7 කින් එක් අයෙක් ඡන්දය දමා අහවර කළ යුතුය. මෙය අවම ගණන බව අමතක නොකරන්න.

ඡන්දය දීමට පැමිණි පසු ඡන්ද කාඩ් එක සහ හැඳුනුම් පත බලා, නම අ~ගසා, ඡන්ද පොල පක්ෂ නියෝජිතයන් විසින් හඳුනාගැනීමෙන් පසු ඇඟිල්ලේ පාට ගා, ඡන්ද පත්‍රිකාව ලබා දීමෙන් පසු, රහස් කුටියට ගොස් කතිරය ගසා, ඡන්ද පෙට්ටියට කොළය නවා දමා එළියට පැමිණීමට විනාඩියකට 8 දෙනෙකුට පුළුවන්ද? චාලි චැප්ලින්ගේ චිත්‍රපට වල මෙන් මිනිසුන් ෆාස්ට් ෆෝවර්ඩ් වැඩ කරන්නේ නැත.

විනාඩියකට 8 දෙනෙක් ඡන්දය දමා මෙම ප්‍රාතිහාර්ය පෑවේ කෙසේදැයි මැතිවරණ කොමසාරිස් වරයා පැහැදිලි කළ යුතුය.

විනාඩියකට 8 දෙනා බැගින් පැයක් තුල කුරුණෑගල ඡන්දය දැමූ අපූරු ක්‍රමය කුමක්දැයි මැතිවරණ නිරීක්ෂකයන් සොයා බලා ජනතාවට පැහැදිලි කළයුතුය

දේශපාලන පක්ෂද තම ඡන්ද දායකයන් විනාඩියකට 8 දෙනෙක් බැගින් ඡන්දය දැමූ ත්‍රාසජනක ක්‍රමය කුමක්දැයි සොයා බැලිය යුතුය.

මැතිවරණ කොමසාරිස් වරයා විසින් විනාඩියකට 8 ක් ඡන්දය දැමූ ක්‍රමය සොයා ගත් විට පුත්තලමේ ඇන්ඩෘෘ විදුහලෙන් ඡන්ද පත්‍රිකා මතුවීමේ ගැටළුවට පිළිතුර නිකම්ම ලැඛෙනවා ඇත.

මීළඟ සටනට බස්නාහිරට රවී, කරූ - දකුණට මංගල, සජිත් - ඌවට හරීන්


unp-leaders-28913
ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර, දකුණ හා ඌව පළාත් සභා මැතිවරණ වෙනුවෙන් මහ ඇමතිධූර අපේක්ෂකයින් ලෙස එජාප ප්‍රබලයන් ඉදිරිපත් කළ යුතු බවට විශේෂ සාකච්ඡාවක දී විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවැති විශේෂ සාකච්ඡාවකදී එජාප නායකයන් කිහිප දෙනෙකු විසින්ම යෝජනා කර තිබේ.
ඡන්දයක් පැරදුනාම හැමෝම නායකතුමාව විවේචනය කරනවා හැර පක්ෂය වෙනුවෙන් කිසිවකුත් කැපකිරීම නොකරන බවට චෝදනා මුඛයෙන් කතා කළ එජාප ඉදිරි පෙළ මන්ත්‍රීවරයකු මීළඟ පළාත් සභා මැතිවරණ කිහිපය සඳහා එජාපයේ ප්‍රබලයන් ඉදිරිපත් විය යුතු බවට මුලින්ම යෝජනා කර තිබේ. ලබන වසර මැදභාගයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බැවින් ඊට පෙර පැවැත්වෙන මෙම මැතිවරණය වඩාත් තීරණාත්මක එකක් වනු ඇති බවට එජාපයේ අදහස වී ඇත.

මේ නිසා ඉදිරි පළාත් සභා මැතිවරණයන් තුලින් යම් ජයග්‍රහණයක් අත්පත් කර ගත යුතුව තිබෙන නිසා ඒ වෙනුවෙන් එජාප ප්‍රභලයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය කැප කර ඊට ඉදිරිපත් විය යුතු බවට මේ කිහිපදෙනකුගේම මතය වී ඇත.

ඒ අනුව බස්නාහිර මහ ඇමැති අපේක්ෂකයා ලෙස රවී කරුණානායක හෝ කරූ ජයසූරිය ඉදිරිපත් කිරීමටත්. ඌව පළාත සඳහා හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කිරීමටත් දකුණු පළාත් සභාව සඳහා මංගල සමරවීර හෝ සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වියයුතු බවටත් යෝජනා ඉදිරි පත්ව තිබේ. එහෙත් මේ වන විටත් මේ කිසිදු මන්ත්‍රීවරයකු ඊට එකඟත්වය පල කර නැත.

වයඹ, මධ්‍යම හා උතුර පළාත් සභාවන්ට නියම කරගත් මහ ඇමැති අපේක්ෂකයෙකු නොසිටීම විසින් ආණ්ඩුව එයින් විශේෂ ප්‍රයෝජනයක් ගත් බවත් එජාපයේ මැතිවරණ ව්‍යාපාරය කැපී නොපෙනුන බවත් මෙහිදී අවධානයට ගෙන තිබේ. මේ සියලු තත්වයන් සැලකිල්ලට ගෙන අදාල තීරණයට එළඹි බවත් එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ කෙසේ නමුත් තමාට එජාපයේ නයකත්වය ලැබුණ හොත් එජාපය දිනවා පෙන්වන බව කියන සජිත් ප්‍රේමදාස මහතාට තමන්ගේ හැකියාව පෙන්වා එජාප නායකත්වයට අභියෝග කළ හැකි අවස්ථාවක් බවට මෙම දකුණු පළාත් සභා මැතිවරණය පත්කර ගත හැකි බව එජාප ජේෂ්ඨයන්ගේ අදහසද වී ඇත. නමුත්  සජිත් ප්‍රේමදාස මහතා එම අභියෝගය තවමත් භාරගෙන නැත.

"චාල්ස් කුමාරයට ඕනෙ නං මං ගාවට එන්න කියන්න!"






සිම්බාබ්වේ නිදහස ලැබීමේ උත්සවයේ සමාරම්භක අවස්ථාවට විශේෂ අමුත්තෙක් විදිහට මාලේ සහභාගී විය යුතුව තිබුණා. රොබට් මුගාබේ මැතිවරණයෙන් ජය අරගෙන රටේ නායකකම භාර ගත්තා. මුගාබේගේ ලේකම් එඩ්ගා ටෙකේරේ මාලේට ආරාධනා කළා. කොහොම හරි සිම්බාබ්වේ නිදහස ඉක්මනින්ම ලබා ගත්තා. මාලේට නිදහස් උත්සවයට ආරාධනා කෙරුණා.

ඒ උත්සවයට යද්දී එයාට නයොරෝබිවල ගුවන් තොටුපලේ ඉන්න වුණා වෙන ගුවන් යානයකට මාරු වෙන්න. එයාට පණිවිඩයක් ලැබුනා චාල්ස් කුමාරයත් මේ ගමනෙම යෙදිලා ඉන්නව එයා කැමතියි මාලේව මුණ ගැහෙන්න කියලා. ඉතිං මාලේ කිවුවා චාල්ස්ට උවමනා නම් ඇවිත් මාලෙව හමුවෙන්න පුළුවන් කියලා. කළු ජාතික ස්වාධීනත්වය, ගායකයෙක්, කලාකාරයෙක් විදිහට දේශපාලකයොත් එක්ක යම් කොන්දක් ඇතිව හැසිරෙන්න අනාගතයේ බිහිවෙන කොන්දක් ස්වාධීනත්වයක් ඇති කරගන්න උවමනා අයට මාලේ හොඳ උදාහරණයක් එතනදී ලබා දුන්නා.

රනිල් වික්‍රමසිංහ කියන්නේ එක්සත් ජාතික පක්ෂයටය.

රනිල් ඔබ සිටිය යුත්තේය. රනිල් පරදින හැම විටම එක්සත් ජාතික පාක්ෂිකයාද පැරදුණි.
රනිල්ට රිදෙන්න මඩ ගසද්දී එක්සත් ජාතික පාක්ෂිකයාටද රිදුණි.
ඒ එක්සත් ජාතික පක්ෂය ,එකසත් ජාතික පාක්ෂිකයා සහ එකසත් ජාතික පාක්ෂ නායකයා යනු තුනක් නොව එකක් නිසාවෙනි.
රනිල් වික්‍රමසිංහ කියන්නේ එක්සත් ජාතික පක්ෂයටය.

රනිල් සමග මේ දුෂ්කර සමුදුර තරණය කල නොහැකිනම් ආදේශක සමග එය කිරීම සිහිනයක් පමණකි...

=සිරිකොත මන්දිරය ඉදිරිපිට =

නාමල් රාජපක්ෂ යෞවන හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කරයි


Namal R 410px 26-09-13පසුගිය සෙනසුරාදා (21) පැවති පළාත් සභා මැතිවරණයේදී කුරුණෑගල, මාතලේ හා මහනුවර දිස්ත්‍රීක්ක වලින් වැඩිම මනාප ලබාගනිමින්, ශ්‍රීලනිප උරුමක්කාර පවුල් පදනමක් සහිත තරුණයින් තිදෙනෙකු පෙරට ඒමත් සමග නාමල් රාජපක්ෂ  මහතාට අනාගතයේදී එල්ලවිය හැකි අභියෝගය සලකා, ඔහුව  යෞවන හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ඇමරිකාවෙන් ලැබෙන ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
මේදිනවල ඇමරිකාවට ගොස් සිටින ජනාධිපතිවරයා, දයාසිරි ජයසේකර මහතා ලැබූ මනාප සංඛ්‍යාව ගැන තිගැස්මකට ලක්ව ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින්ගේ සමුළුවට (CHOGM) සමගාමීව හම්බන්තොට පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ කටයුතු සමුළුවටත්, ලබන වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ තරුණ සම්මේලනයටත් නායකත්වය ලබා දීමේ සූදානමක් ලෙස යෞවන හා තරුණ කටයුතු අමාත්‍යංශයේ අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි  'ලංකා නිව්ස් වෙබ්' ද වාර්තා කර තිබේ.

යෞවන හා තරුණ කටයුතු අමාත්‍යංශය මේ වන විට ජනාධිපති ඥාති ඩලස් අලහප්පෙරුම මහතා යටතේ පැවතුන ද එම අමාත්‍යංශයේ බලධරයා ලෙස කටයුතු කරන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ජාත්‍යන්තර ප්‍රතිරූපය වැඩි වර්ධනය කිරීමේ අභිලාෂයෙන් ඔහුගේ ඇරයුමෙන් ලබන නොවැම්බර් මස 01 දා සිට 08 වන දා දක්වා සුප්‍රක්‍රට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ඉයන් බොතම් මහතා විසින් සංවිධානය කරනු ලබන ‘බීෆීස් බිග් වෝක්' නමින් මාන්කුලමේ සිට හම්බන්තොට දක්වා පාගමනක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.

මෙම පාගමන සඳහා සුප්‍රකට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් වන බ්‍රයන් ලාරා, කපිල් දේව්, සෞරව් ගන්ගුලි වැන්නවුන් සහභාගි වීමට නියමිතය.

සජිත්ගෙ නායකත්වය පැය දෙකාමාරයි


  death-fast.11


සජිත් පේ‍්‍රමදාස මහතා එජාප නායකත්වයට පත් කරන ලෙස ඉල්ලා අද පෙරවරුවේ මාතලේදි ආරම්භ කළ මාරාන්තික උපවාසය පැය දෙකාමාරකට පසුව එම උපවාසකරුවන් විසින් අත්හැර දමා ඇත.

මාතලේ ඔරලෝසු කණුව අසළ එක්සත් ජාතික පාක්ෂිකයන් දෙදෙනකු වන පල්ලේපොල ආර්.ඞී. රාමනායක සහ තැඹිලිදෙනියේ අජිත් සෙනවිරත්න අද උදේ 8.30ට ඇරැඹූ උපවාසය උදේ 11.15ට අවසන් විය.
උපවාසයේ නියුතුන සිටි මහත්වරුන් පවසන්නේ පක්ෂයේ ඉහළපෙළේ නායකයින් හා මාතලේ දිස්ත‍්‍රික් නායකත්වය සමග උපවාසකරුවන් හා සකාච්ඡා කිරිමෙන් පසු උපවාසය අත්හැරි බවත් සාධාරණයක් ඉටු නොවුණහොත් නැවත මෙම උපවාසය ආරම්භ කරන බවත්ය.

කෙසේ නමුත් මෙම උපවාසය අත් හැරීමට පිළිබඳව අප මාතලේ එජාප ප්‍රාදේශීය නායකයකුගෙන් කළ විමසිමකින් අනාවරණය වූයේ සජිත් ප්‍රේමදාස නායකත්වය බාරගන්න සූදානමක් නොමැතිව ව සිටියදී කරන උපවාසයකින් දේශපාලන ජයක් ලබා ගැනීමට නොහැකි බැවින් ඒ අත්හැර දැමූ බවය.

අගමැතිගෙන් එළියට පැන්න ආණ්ඩුවේ අර්බුදය

DM mahinda 26-09-13වැඩිම මනාප ගත් පමණින් මහ ඇමැති කම් දෙන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට පෙර දෙවතාවකදීම අවධාරණය කිරීමත්,  වයඹ සහ මධ්‍යම පලාත් දෙකේම වැඩිම මනාප ගත් දෙදෙනාගේම පසුපස බලවේගය මැදමූලන රාජපක්ෂලාගේ ආශිර්වාදය නොලැබූ ශ්‍රීලනිපයේ රාජපක්ෂවරුන්ට එරෙහි ජ්‍යෙෂ්ඨයන්ගේ කණ්ඩායම් වීමත් නිසා මහ ඇමැති ධූර සම්බන්ධයෙන් 'රාජපක්ෂ රෙජීමය'  තුල බරපතල අර්බුදයක් නිර්මාණය වී තිබේ.
වයඹ වැඩිම මනාපලාභියා නීතිඥ දයාසිරි ජයසේකර වූ අතර මධ්‍යම වැඩිම මනාපලාභියා අගමැති පුත් නීතිඥ අනුරාධ ජයරත්න ය.
අර්බුද කතා කනින් කොන, තුඩින් තුඩ රැව් දුන්නද මෙය එළියටම පැන්නේ අගමැති මාධ්‍ය ලේකම් වරයා විසින් ඊයේ (25)  නිකුත් කළ නිවේදනයක් නිසා ය.

එහිදී අගමැති දිමු පවසා ඇත්තේ '' වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක ධූරයෙන් පිදුම් ලත් චමල් රාජපක්ෂ මැතිතුමාගේ පුත්‍රරත්නය, ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය ධූරයට පත් කළා නම්''  තම පුත්‍රයාද මහ ඇමැති ධූරයට සුදුසු බවයි.

අනුරාධ ජයරත්නට මහ ඇමැති කම නොදී මෙවර මැතිවරණයෙන් දෙවැනි තැනට පත් හිටපු මහ ඇමැති වරයා වූ සරත් ඒකනායකටම යළි මහ ඇමැති කම දීමට රාජපක්ෂවරුන් සූදානම් වන බවට රාවයක් පැතිර ගියේ ය. ඊට හේතු ලෙස දක්වා සිටියේ අනුරාධ ජයරත්නට පළපුරුද්දක් නොමැති බවයි.

එදා චමල්ගේ පුතා ශෂීන්ද්‍ර රාජපක්ෂට මහ ඇමැති කම දෙද්දී ඔහුට තිබුනේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ධූරය දැරීමේ පළපුරුද්ද පමණි. අගමැතිවරයාගේ ඊයේ  නිවේදනයෙන් මේ බව මතක් කර දී ඇත්තේ මෙලෙසය.
'' අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කටයුතු හසුරුවමින්, නීතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා, රාජ්‍ය තාන්ත්‍රික හා ආයෝජන මට්ටමින් මෙරටට විශාල වැඩකොටසක් සිදු කර තිබේ''.  ඉන් කියා සිටින්නේ ශෂීන්ද්‍රට මහ ඇමැති කම දෙද්දී අගමැති පෞද්ගලික ලේකම් ධූරයේ අත්දැකීම ප්‍රමාණවත් වූවා නම්,  මගේ පුතාටත් අගමැති පෞද්ගලික ලේකම් ධූරයේ අත්දැකීම ප්‍රමාණවත් බවයි. අනුරාධ ජයරත්න නීතිඥයෙකු වුවද ශෂීන්ද්‍රට එවැනි සුදුසුකමක් නොතිබිණ.
දිමු යනු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් නියෝජනය කරන්නෙකි. රාජපක්ෂලාට එරෙහිව දිමු කෙළ බිඳක් නොහෙලූවද රාජපක්ෂලාගේ අති මහත් දූෂනයට, මිනීමරු පාලනයට, පවුල්වාදයට, පක්ෂපාතී පුද්ගලයෙක් ද නොවේ. අනෙක් අතට දිමුගේ දුව විවාහ වූයේ අනුරාධපුරයේ බර්ටි ප්‍රේමලාල්ගේ පුතා සමගය. දිමු - බර්ටි දෙමස්සිනාලා ය. බර්ටි ඍජුවම ඉන්නේ රාජපක්ෂ පවුල්වාදයට එරෙහි පිලේය. ඔහුට උතුරු මැද මහ ඇමැති ධූරය නොදුන්නේ ද ඔහු රාජපක්ෂවරුන්ට විරුද්ධ නිසා ය.

දිමුගේ පුතාට මධ්‍යම මහ ඇමැති ධූරය දෙනවා කියන්නේ රාජපක්ෂ පවුල්වාදයට එරෙහි ශ්‍රීලනිප පිළ ශක්තිමත් වීමකි. එය රාජපක්ෂවරුන්ට රුස්සන්නක් නොවේ. මෙහිදී දිමු ගේ පුතාට වඩා රාජපක්ෂලාට වඩා ලෙන්ගතු පුද්ගලයා සරත් ඒකනායක ය.

මැතිවරණය කාලයේදී ග්‍රීස් කන්ටේනරයක ගෙනා කුඩු තොගය සම්බන්ධයෙන් අගමැතිවරයාව පටලවා ඔහුගේ පුතාව පැටලැවීමට රාජපක්ෂලා විසින් විශාල උත්සාහයක් ගත්තේ ද මේ කාරණාව නිසාම ය. ඒ වෙනුවෙන් තම සට්ටැඹියෙක් වූ මාලි පියසේන නම් රේගු නිලධාරියා ලවා අගමැති දුන්නා කියා ලිපි දෙකක්ද ප්‍රසිද්ධ කෙරෙව්වේ ය.

 එහිදී මත්ද්‍රව්‍ය නාශක අංශයට ප්‍රශ්නයක් වූයේ එවැනි ලිපි රේගුව සතුව තිබුනා නම් ඒවා පරීක‍ෂන සඳහා තමන්ට නොදී ප්‍රසිද්ධ කෙළේ ඇයිද? යන්නයි. දුන්නා නම් එම ලිපි අගමැතිගෙන් ගැනීමට ආ අය කව්ද යන්න රහසේම සෙවීමට හැකියාව තිබිණ. එය කුඩු ගෙන්වූ සැබෑ පුද්ගලයන් කව්දැයි සෙවීමට තල්ලූවකි. නමුත් රාජපක්ෂලාට එවැන්නක් අවශ්‍ය නොවීය. එය රාජපක්ෂලාගේ සැලසුම් සහගත දේශපාලන කුමන්ත්‍රණයක් විය. දිමුගේ පුතා කුඩු කේස් එකකට ගාවා එවැනි චෝදනාවක් තිඛෙන නිසා මහ ඇමැති ධූරය දිය නොහැකි යයි කීමට රාජපක්ෂලාට එවිට හැකියාවක් ලැබේ. නමුත් එය රාජපක්ෂලා සිතූ තරම් සාර්ථක වූවාද යන්න සැක සහිතය. මන්ද යත් දිමුගේ වැරදි සියයක් ඇතත් ඔහු කුඩු ගෙන්වනවා යැයි ඔහුගේ සතුරා පවා විශ්වාස නොකරන බැවිනි.

වයඹ දයාසිරි සම්බන්ධයෙන්ද මෙවැනිම ප්‍රශ්නයක් පවතින්නේ ඡන්ද ජොකියා ලෙස දයාසිරිව කෝටි ගණනකට මිලදී ගත්තද රාජපක්ෂවරුන් මැතිවරණයේදී සම්පූර්ණ සහාය දුන්නේ ජොන්ස්ටන්ගේ පුතාට වීමෙනි. ඊට හේතුව නම් .......ගේ කොමිස් මුදල ජොනී විසින් සතයට බේරන නිසාය. රාජපක්ෂලාට ඊට වඩා තවත් දෙයක් නැත. ඊට හොඳම උදාහරණය නම් පසුගිය මහ මැතිවරණය අවස්ථාවේදී අනුර ප්‍රියදර්ශනට මාධ්‍ය ඇමැති ධූරය තිබීම කුරුණෑගල ඡන්දයේදී තමාට අවාසියයි ජොනී,  ජනාධිපතිවරයාට  කී පසු මරා විසින් අනුර ප්‍රියදර්ශනගේ මාධ්‍ය ඇමැති ධූරය ඉවත් කර ඔහුට පරිසර ඇමැති ධූරය දුන්නේ ය. ජනාධිපති එතරම්ම ජොනීට අවනත ය. හේතුව ......  සතයට ......දෙන නිසාය.

මේ දෙකේදීම රාජපක්ෂවරුන්ට ඇති ප්‍රශ්නය මේ දෙදෙනාගේම ජයග්‍රහණයට හේතු වන්නේ ශ්‍රීලනිපය තුල වර්ධනය වී මෝරා ගියද තවම පුපුරා ගොස් නැති රාජපක්ෂ විරෝධයේ සංඛේත ලෙස මේ දෙදෙනාටම වැඩිම මනාප ලැබීමයි.

රාජපක්ෂලා ජොනීගේ පුත්‍රයාට ඍජුවම උදව් කරද්දී දයාසිරිට කුරුණෑගලදී උදව් කළේ සම්පූර්ණයෙන්ම රාජපක්ෂ පවුල්වාදයට විරුද්ධ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ය. ජයරත්න හේරත්, නාවින්න, අතුල විජේසිංහ, අනුර ප්‍රියදර්ශන, ආදී දිස්ත්‍රික්කයේ රාජපක්ෂ පවුල්වාදයට එරෙහි සංවිධායකයන් 13 දෙනෙක් දයාසිරිව කරේ තබාගෙන ගියහ.

ජයරත්න හේරත්ගේ පුත්‍රයාද ඡන්දය ඉල්ලද්දී ජොනී-දයා තරඟය තියුණු වීමත් සමග ජයරත්න හේරත් ප්‍රසිද්ධියේම කීවේ තමාගේ පුතාට මනාපයක් නොදුන්නත් දයාසිරිට මනාපයක් දෙන ලෙසය. අවසානයේ ඔවුන් තමන්ගේම ආණ්ඩුවේ මැතිවරණ කෙරුවාවට එරෙහිව මාධ්‍ය සාකච්ඡාවක් ද තැබුවේ ය.

මේ නිසා දයාසිරිට මහ ඇමැති ධූරය දුන්නහොත් එය රාජපක්ෂ පවුල් වාදයට එරෙහි ශ්‍රීලනිප පිල ශක්තිමත් කිරීමක් වනවා නොඅනුමාන ය. නමුත් නොදීමද අර්බුදයක් ඇති කරන්නකි. මේ තරම් මනාප ප්‍රමාණයක් ලබාගෙනත් ඔහුට මහ ඇමැතිකම නොදුනහොත් එයද අර්බුදයක් ජනිත කිරීම අනිවාර්යයකි.

රාජපක්ෂලා ගණන් හදන්නේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ට හෝ පාක්ෂිකයන්ට හෝ ජනතාවට හෝ අවශ්‍ය ආකාරයට නොවේ. ඔවුන් ගණන් හදන්නේ නාමල් රාජපක්ෂගේ අනාගතයට අවශ්‍ය ආකාරයට ය. වයඹ සහ මධ්‍යම මහ ඇමැති ධූර සම්බන්ධයෙන් ආණ්ඩුව තුල ඇති අර්බුදය ගමන් කරන්නේ ඒ මග ඔස්සේ ය. එය සමනය වේද? වර්ධනය වේද? යන්න ඉදිරියේදී බලා ගත යුතුය.

උපුටා ගැනීම - ලංකා ඊ නිව්ස්

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාට අගමැති දි.මු. ගේන් හොරගොල්ලදී ඉහල පිලිගැනීමක්


sf-dm-jayarathnaශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 54 වන ගුණානුස්මරණ උළෙල අද (26) හොරගොල්ල සමාධිය අභියසදී පැවැත් වූ අතර ඒ සදහා සහභාගී වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාට ශ්‍රී.ල.නි.ප. ඉහල සාමාජිකයින්ගේ ඉහල පිලිගැනීමට ලක්වූ බව වාර්තාවේ. වර්තමාන ආණ්ඩුවේ අගමැති දි.මු. ජයරත්න විසින් ඔහු ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් සුබ පැතුම් එක්කොට ඇති අතර සුහද සාකච්ඡාවක නිරත වූ බව වාර්තාවේ.
අනතුරුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් සරත් ෆොන්සේකාට සුබ පැතුම් එක්කළ අතර උත්සව අවස්ථාවේ කටයුතු අතර මැදද දීර්ග සාකච්ඡා වක නිරත වූ අයුරු දැකිය හැකි විය. එම අවස්ථාවට එක් වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හා අනෙකුත් අමුත්තන් හට සරත් ෆොන්සේකා ලද ජයග්‍රහණය සමග විශේෂ පුද්ගලයෙක් වශයෙන් සලකා කටයුතු කරනු දැකිය හැකි විය.

අගමැතිවරයා හා රාජපක්ෂවරු අතර මධ්‍යම පළාත් මහ ඇමැතිධුරය සම්බන්ධයෙන් පවතින ගැටුමක් පවතින අතරතුරදී අගමැතිවරයා හිටපු ජනාධිපතිනිය හා අතිශය සමීපලෙස සාකච්ඡාවක නිරතව සිටීමද අවධානයට පාත්‍රවිය.

 sf-dm-jayarathna1
sf-dm-jayarathna-2
sf-dm-jayarathna-3
sf-dm-jayarathna-4
sf-dm-jayarathna-5
sf-dm-jayarathna-6

නව පරපුරේ නැගී එන නිළිය ගණිකා වෘත්තියේ, ඇය රඟපා ඇති ටෙලි නාට්‍ය පහකකි, වෙළෙඳ දැන්වීම් ගණන පනහකි.

5000මහනුවර පිහිටි සුඛෝපභෝගී හෝටලයක් කරා ඇදෙන මෝටර් රථයකි. රියැදුරු අසුනේ හැඩි දැඩි පුද්ගලයෙකි. පිටුපස අසුනේ පැහැපත් ඡවි කල්‍යාණයකින් යුතු සුකොමළ යෞවනියකි. මෝටර් රථය හෝටල් ගේට්ටුවෙන් ඇතුළුවනවාත් සමඟ ම හෝටලයේ රැඳී සිටි පොලිස් කණ්ඩායමක් පැන රථය වටකර ගත්තේ ය.
“ඇයි.... මොකක් ද අපිව නවත්වන්න හේතුව...?” රියැදුරු අසුනේ සිටි පුද්ගලයා විමසී ය.
“අපිට තොරතුරක් ලැබුණා තමුන් ගණිකාවක් එක්ක මේ හෝටලයට එනවා කියලා...”
“නෑ.... ඉන්ස්පෙක්ටර්.... මේ එහෙම කෙනෙක් නෙමෙයි.... මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්....” රියැදුරු අසුනේ සිටින පුද්ගලයා පැවසී ය.
“මේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්. දැන් අපි අවුරුදු තුනක ඉඳලා ආශ්‍රය කරනවා. තව ටික දවසකින් කසාද බැඳලා රට යන්නයි ඉන්නේ...” එලෙස හඬ අවදි කළේ පිටුපස අසුනේ සිටි යෞවනියයි.
“මේ අහන්න. අපි දෙන්නටම වසය අවුරුදු දහ අටට වැඩියිනේ. ඉතිං... අපිට අවශ්‍ය විදිහට ආශ්‍රය කරන්න තහනමක් නෑනේ...” රියැදුරු අසුනේ සිටින පුද්ගලයා මෝටර් රථය වටකරගෙන සිටින පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා සමඟ දිගින් දිගටම වාද කරන්නට වූ නමුදු පොලිස් කණ්ඩායම මේ දෙදෙනා පොලිස් ස්ථානය වෙත රැගෙන ගියේ ඔවුන්ගේ කතාබහ ඉවත දමමින් ය.
“කෝ.... අපිට තමුන්ගේ අත්බෑග් එක පෙන්වන්නකෝ...” ඇය අත් බෑගයේ සිපරය විවර කළා ය.
“හරි දැන් ඔය බෑග් එකේ තියෙන දාහේ කොළවලින් මම කියන අංක තියෙන කොළ දෙන්නකෝ...” සුකොමලියගේ දෑස් උඩ ගියේ එවිට ය. තම අත් බෑගයේ තිබෙන රුපියල් දහසේ කොළ එකිනෙකේ අංක පොලිස් නිලධාරියා කියාගෙන ගියේ ය. දාහේ මෝට්ටු පරීක්ෂාකිරීමේ දී ඔහු කියනා අංක සහිත මෝට්ටු තම අත්බෑගයේ එලෙසම තිබිණි. මෙය එසේ වූයේ කෙසේ ද?
මහනුවර දිස්ත්‍රික්කයේ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටින මෝස්තර නිරූපිකාවක ගණිකා වෘත්තියේ යෙදෙන බවට මහනුවර දූෂණ මර්ධන ඒකකයට තොරතුරු ලැබී තිබුණේ ටික කලකට ඉහත දී ය. ඇය හසුකර ගැනීමේ මාර්ගයක් සොයමින් සිටි පොලිසියට ඇයගේ ජංගම දුරකථන අංකය සොයා ගැනීමට හැකිවිය. ඒ... ඇය හා මුදලට ගිය පුද්ගලයකුගෙනි. එම ජංගම දුරකථන අංකයට පසුගිය දිනෙක ඇමතුමක් දුන්නේ පොලිසිය යෙදූ උපාය දූතයෙකි. ඔහු රඟපෑවේ රත්නපුරේ පදිංචි, මහනුවර ව්‍යාපාර කටයුතුවල යෙදෙන මැණික් ව්‍යාපාරකයකුගේ චරිතයයි.
“මට ඔයාව හම්බවෙන්න පුළුවන් ද?”
“පුළුවන්..... මම හෙට නුවරට ඇවිත් කෝල් කරන්නම්. මගේ ගාන පන්දාහයි.”
“හරි.... ඔයාට රත්නපුරේට එන්න බැරි ද?”
“බෑ.... මම නුවරනේ ඉන්නේ...”
“හා....හරි.... මම හෙට නුවර එනවා...”
“මොනවට ද නුවර එන්නේ....”
“බිස්නස් වැඩකට”
“මොන බිස්නස් ද?”
“මැණික් බිස්නස්.... රත්නපුරෙන් මැණික් ගෙනත් නුවර මැණික් කඩ වලට විකුණනවා.”
“මොනව ද කඩ....”
මහනුවර පිහිටි ඉහළපෙළේ මැණික් සාප්පු කිහිපයක නම් ඔහු පැවසී ය.
“හරි.... මට හෙට උදේ නුවර ඇවිත් කෝල් කරන්න. මම එන්නම්...”
පසු දින උදා විය. උපාය දූතයා ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්ත ද ඇය කතා කළේ නැත. සවස දෙක පමණ වන විට ඔහුට ඇයගෙන් ඇමතුමක් ලැබිණි.
“දැන් තමයි මම ආවේ... කොහේ ද ඉන්නේ...?”
“ගෙනාපු මැණික් දීලා සල්ලි හම්බවෙනකම් කාර් එකේ නුවර වටේ රවුම් ගගහ ඉන්නවා...”
“හරි.... දෙකහමාර වෙද්දී හීරැස්සගල හන්දියට එන්න.”
ඇයගේ කීමට අනුව හීරැස්සගල හන්දියට ගිය උපාය දූතයා ඒ අසල වූ සුපිරි වෙළෙඳසලක වාහන අංගනයේ සිය මෝටර් රථය නවතාගෙන සිටියේ ය.
“දැන් කොහේ ද ඉන්නේ...”
“සුපර් මාර්කට් එකේ, කාර් පාර්ක් එකේ.”
“වාහනේ අංකෙ මොකක් ද?”
ඔහු වාහන අංකය පවසා ගතවූයේ විනාඩි කිහිපයකි. සුන්දර යුවතියක පැමිණ මෝටර් රථයේ පිටුපස දොර විවර කරගෙන ඊට ගොඩ විය. ඒ... අර මෝස්තර නිරූපිකාවයි.
දැන් මෝටර් රථය මහනුවර ජනප්‍රිය පෙළේ හෝටලයක් බලා ධාවනය වෙයි. යන අතරමඟදී ඇය ඔහුගෙන් මුදල් ඉල්ලී ය. ඔහු පොරොන්දු වූ රුපියල් පන්දහස ඇයට ලබා දුන්නේ ය.
“පන්දාහක් මදී.... මට දහ දාහක් ඕන...”
හොඳ වේලාවට උපාය දූතයාට වැඩිපුර මුදල් ලබාදීමට පොලිසිය කටයුතු කර තිබිණි. ඒ සියලුම මුදල් නෝට්ටුවල අංක ද පොලිස් පොතක සටහන් කරගෙන තිබිණි. අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඇයගේ අත්බෑගයේ එම රුපියල් දස දහසට අමතරව තවත් රුපියල් පන්දහසක් තිබිණි. එම මුදල් උදේ වරුවේ දී හමු වූ පුද්ගලයාගෙන් ලබාගත් ඒවා බව පසුව ඇය පිළිගත්තා ය.
ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුව ඇය ටෙලි නාට්‍ය පහක උප චරිත රඟපෑ නව පරපුරේ නැගී එන නිළියකි. ඇය රඟපා ඇති වෙළෙඳ දැන්වීම් ගණන පනහකි. වයස අවුරුදු දාහතේ දී විවාහ දිවියට ඇතුළු වූ ඇය දෙදරු මවකි. වැඩිමල් දරුවාගේ වයස අවුරුදු පහකි. දෙවැනියාට වයස අවුරුදු හතරකි. සැමියා හැර ගොසිනි. දික්කසා ද නඩුවක් අධිකරණයේ විභාග වේ. මේ සියලු අත්දැකීම් ලද ඇයගේ දැන් වයස අවුරුදු විසිතුනකි.
ඇය ගණිකා වෘත්තියට අවතීර්ණ වී ඇත්තේ දෙදහස් දහය වසරේදී ය. රංගන ක්ෂේත්‍රයට පිවිසීම උදෙසා නිෂ්පාදකවරුන්ට, අධ්‍යක්ෂවරුන්ට මෙන්ම ප්‍රධාන නළුවන්ට ලිංගික අල්ලස් ලබාදීමට ඇයට සිදුවිනි.
සැමියා ද හැරගොස් සිටි බැවින් කිසිදු චකිතයකින් තොරව ඇය ඔවුන් සමඟ ලිංගිකව එක් වී ක්ෂේත්‍රයට ඒමට උත්සාහ කළ අතර ඒ අත්දැකීම් ද සමඟ ආදායම් මාර්ගයක් ලෙස ගණිකා වෘත්තිය ද තෝරා ගෙන තිබේ.
ඇය.... සබඳතා පැවැත්වීම සඳහා තෝරාගන්නේ අතමිට මුදල් ගැවසෙන පාරිභෝගිකයන් පමණි. ඔහු අනිවාර්යෙන් ම මෝටර් රථයකින් පැමිණිය යුතු ය. ශ්‍රී ලාංකිකයකුට සේවය ලබාදීම සඳහා රුපියල් පන්දහසක මුදලක් අය කරයි. ඒ සඳහා ලබාදෙන කාලය පැය එකහමාරක් පමණි.
විදේශිකයකුගෙන් අය කරන මුදල රුපියල් පහළොස්දහසකි. එම මුදලට පැය දෙකක පමණ කාලයක් ඇය සමඟ ගත කළ හැක. තමාගෙන් සේවය ලබාගැනීම සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ අතමිටේ සරුසාරත්වය අනුව රුපියල් පන්දහස දසදහස දක්වා වැඩි කරයි.
ඇය ගෙලිඔය ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන දරු දෙදෙනා සමඟ ජීවත් වේ. ගෙයි කුලිය මසකට රුපියල් දස දහසකි. ඇය සිය වෘත්තියේ යෙදීම සඳහා යන්නේ දරු දෙදෙනා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තැබීමෙන් අනතුරුව ය.
ඇය.... හොඳ සෞඛ්‍ය පුරුදු සහිතව සිය වෘත්තියේ යෙදෙන්නියකි. ඇයගේ පහස ලැබීමට පැමිණෙන සෑම පුරුෂයකු ම උපත් පාලන උපකරණ රැගෙන ආ යුතු ය. ඇයගේ අත්බෑගය පරීක්ෂා කිරීමේ දී උපත් පාලන උපකරණ පහක් ද තිබී හමුවිය.
එලෙසම රෝග බෝවන ආකාරයේ හැසිරීම් රටාවලට ඇයගෙන් ඉඩක් ලැබෙන්නේ නැත. එබැවින්... ඇයට කිසිම රෝගයක් නැත. සෞඛ්‍ය සම්පන්න ය. සේවාදායකයන්ට ඇයගේ ඡායරූප ගැනීම හෝ වීඩියෝ කිරීම ද තහනම් ය. එබැවින් ඇයගේ නිරුවත් ඡායාරූප කා ළඟවත් නැත.
ඇය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇයගේ මව පොලිසියට කැඳවූ අතර මව කියා සිටියේ දියණිය, කියනා කිසිවක් නොඅසන අකීකරු දඩබ්බර එකියක බවයි. විවාහ වී දරුවන් ලැබුණ ද වැඩිමල් දරුවා ඇයගේ විවාහක සැමියාගේ නොවන බව ද මව පැවසී ය.
ගණිකා වෘත්තියේ යෙදීමේ අදහසින් අයාලේ යාම යන චෝදනාව මත ඇය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර විනිසුරු වසන්ත කුමාර මහතා ඇය රක්ෂිත බන්ධනාගාරගත කළ අතර පසුව ඇප මත මුදා හැරිණි.
මහනුවර කොට්ඨාසය බාර පොලිස් අධිකාරී ඇල්ලේපොළ, පොලිස් අධිකාරී දිනේෂ් කරුණානායක මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ප්‍රදීප් කෝට්ටගේ ප්‍රමුඛ කණ්ඩායමක් මෙහෙයුමට එක්විය.
පොලිස් පරීක්ෂණ ඇසුරිනි.

සාලින්ද දිසානායක ඇමැති රථයට යටවූ දරුවාට අසාධ්‍යයි

SalindaD 410px 13 09 26අමාත්‍ය සාලින්ද දිසානායක මහතා ගමන් ගත් වාහනයේ ගැටීමෙන් 3 හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇත.
ගොකරැල්ල, දොළොස්දහ ප‍්‍රදේශයේ දී ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ දැරිය, කුරුණෑගල රෝහලට ඇතුළත් කොට අසාධ්‍ය තත්වය හේතුවෙන් වාහම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට මාරු කොට එවා තිබේ.
සිද්ධිය වන අවස්ථාවේ ඇමතිවරයාගේ රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ, අරුණ නමැති අයෙකි. කෙසේවෙතත් මේ පිළිබඳ කිසිදු පාර්ශ්වයකින් පොලිසියේ පැමිණිල්ලක් කොට නැතැයි ද සඳහන් වෙයි.

වාස් නැති නිසා දකුණේ පාතාලයෝ නැගිටලා

vaasහිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රිමාන්ඞ්භාරයට පත් කිරීමෙන් පසු දකුණේ පාතාලය යළි හිස ඔසවා ඇතැයි මොහොමඞ් සියාම් ඝාතනයට අදාළව සැකපිට රිමාන්ඞ්භාරයට පත්කොට සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ  හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ  අතිරේක මහේස්ත‍්‍රාත් මොහොමඞ් සහබ්දීන් මහතාට දැනුම් දී තිබේ.
දේශපාලන බල අධිකාරියත් සමග මෙලෙස දකුණේ පාතාලය හිස ඔසවා ඇතැයිද ඒ බව දකුණේ ජනතාව තම සේවාදායකයාට දැනුම්දී ඇතැයිද පවසා ඇති වර්ණකුලසූරිය මහතා තම සේවාදායකයා නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කරන සමයේදී කළ දේවල් අමතක කළ  නොහැකි යැයිද පවසයි.

සනත් ජයසුරිය අස්වෙන්න යයි

sanathපසුගියදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උලෙළේදී හාස්‍ය වැඩසටහකත් වූ ‘පුස් වෙඩිල්ල’ වැඩසටහන සම්මාන උළෙලට ඇතුළත් කළ අය සම්බන්ධයෙන් කිසිවෙකුට දඬුවම් නොකිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා එම සභාපති තනරතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ක්‍රිකට් විධායක කමිටුවට ලිපියක් මගින් දන්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සම්මාන උළෙලට අදාල වැඩසටහන එක් කිරීමට ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා, අළෙවි කළමනාකරු වජිර දසනායක මහතා හා ගයාත්‍රි වික්‍රමසිංහ සම්බන්ධ බවද පැවසේ.

නාමල්ට බරපතල අභියෝගයක් ! ජනපති කනස්සල්ලට


මෙතෙක් ආණ්ඩුවේ එකම තරුණ නායකයා ලෙස කුරුළු පළඳවා සිටි ජනාධිපති ජේෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතාට පසුගිය පළාත් සභා මැතිවරණයේදී බරපතල අභියෝගයක් එල්ලවීම සම්බන්ධයෙන් ජනධිපතිවරයා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව ඇමරිකාවෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

නාමල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ආධාර උපකාර කල ඔහුගේ කලණ මිතුරු ජොහාන් ප්‍රනාන්දු මහතා දයාසිරි ජයසේකර මහතා හමුවේ අන්ත පරාජයකට පත්වීමත්, මහනුවර හා මාතලේ දිස්ත්‍රීක්ක වලින් ශ්‍රීලනිප ආරම්භක පවුල්වල තරුණයින් දෙදෙනකු වැඩිම මනාප ලබාගනිමින් කරලියට ඒමත් ජනාධිපතිවරයාගේ එම කනස්සල්ලට හේතුවී ඇතැයි පැවසේ.

දයාසිරි ජයසේකර මහතා ලබාගෙන ඇති දැවැන්ත මනාප ගණන ජනාධිපතිවරයා තිගැස්මකට ලක්කර තිබේ.

ජනාධිපතිවරයාගේ අනුගාමිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භයේ සිටම, කඩාකප්පල් කිරීමට කටයුතු කලද, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මාතලේ දිස්ත්‍රීක්කයෙන් වැඩිම මනාප ලබා ගත්තේය. .

එසේම, අගමැතිවරයාගේ පුත් අනුරාධ ජයරත්න මහතා වැඩිම මනාප ලබාගනු ඇතයි ජනාධිපතිවරයා බලාපොරොත්තුවි නොමැත.

රට දැය ගැන නොව, නාමල් ජනාධිපති කරවීම තම එකම සිහිනය බවට පත්කරගෙන ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ මහතා ජාතික දේශපාලනයට ගෙන එම සඳහා, එවකට ජනප්‍රිය තරුණ නායකයකුව සිටි ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඌව පළාත් සභාවට ඉදිරිපත් කොට ප්‍රාදේශීය දේශපාලනයට කොටුකල බව ශ්‍රීලනිප ජේෂ්ඨ අමාත්‍යවරයකු  පැවසිය.

රනිල් වික්‍රමසිංහ තව දුරටත් අවශ්‍යය.!

 

 
සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් විසින් අද උදයේ සිරිකොත ඉදිරිපිටදී වත්මන් නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය තව දුරටත් අවශ්‍ය බව පවසා ඉතා සාමකාමී උද්ගෝෂණයක් කරන ලදී.



Wednesday 25 September 2013

බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂිකාව අනෝමා ෆොන්සේකා,සිරස මාධ්‍ය ප්‍රධානී කිලී මහරාජාගෙන්,මන්ත්‍රී ටිරාන් අලස්ගෙන් උපරිම සහයෝගය

කිලී මහරාජාගෙන් ෆොන්සේකා යුවළට රාත්‍රී භෝජන සංග්‍රහක්!

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නවතම ‘තුන් වෙනි බලවේගය ' ලෙස ඉස්මතු වෙමින් පවතින ‘ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ' නායක සරත් ෆොන්සේකා මහතා සහ අනෝමා ෆොන්සේකා මහත්මිය හට සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානී කිලී මහරාජා මහතා විසින් ඊයේ (24) රාත්‍රියේ සුවිශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බව වාර්තා වේ.

දැඩි රනිල් වික්‍රමසිංහ විරෝධියෙකු වන සිරස මාධ්‍ය ප්‍රධානී කිලී මහරාජා, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කෙටි කාලයක් තුලදී ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දැඩි ප්‍රශංසාත්මක මුඛයෙන් සරත් ෆොන්සේකා මහතාට සුභ පතා තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දේශපාලන ඉදිරි ගමනට තමාගෙන් සිදු විය යුතු ඕනෑම අන්දමේ අනුග්‍රහයක් ලබා දිය හැකි බවට සිරස මාධ්‍ය ප්‍රධානියා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකවරයාට දන්වා ඇත

 

රාත්‍රී භෝජන සංග්‍රහයට පෙරාතුව ‘මව්බිම ' පුවත්පතේ හිමිකරු ජාතික ලැයිස්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අමතා ඇති කිලී මහරාජා මහතා රාත්‍රී භෝජන සංග්‍රහය පිළිබඳව ඔහුට දන්වා ඇත. එම කතාබහේ දී කිලී මහරාජා මහතා ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලා ඇත්තේ ෆොන්සේකා මහතා සමග ඇති තරහ මරහ ඉවත දමා ‘රනිල් විරෝධීන්' එක පෙරමුණකට ගොනු විය යුතු බවයි. එහි දී ටිරාන් අලස් මහතා පවසා ඇත්තේ එක එක පුද්ගලයන්ගේ කේලාම් අසා ෆොන්සේකා මහතා තමා සමග අමනාපයෙන් පසු වුවද තමාගේ කිසිදු අමනාපයක් ෆොන්සේකා මහතා සමග නැති බවයි. තමා තවමත් අනෝමා ෆොන්සේකා මහත්මියත් දියණියන් දෙදෙනාත් සමග සුහදව කටයුතු කරන බව වැඩි දුරටත් දන්වා ඇත. යම් අවස්ථාවක අනෝමා ෆොන්සේකා මහත්මිය බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂිකාව වශයෙන් ඉදිරිපත් වුවහොත් තමන්ගේ මාධ්‍ය මගින් ඇයට උපරිම සහයෝගය දක්වන බව ටිරාන් අලස් මහතා කිලී මහරාජා මහතාට පොරොන්දු වී  ඇත.

ඊයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහය අතර තුර දී කිලී මහරාජා මහතා ටිරාන් අලස් මහතා පිළිබඳව ඉහත කාරණා සරත් ෆොන්සේකා මහතාට පවසා ඇතත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිහඬව සිට ඇත.
#lankanewsweb 

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නවතම ‘තුන් වෙනි බලවේගය ' ලෙස ඉස්මතු වෙමින් පවතින ‘ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ' නායක සරත් ෆොන්සේකා මහතා සහ අනෝමා ෆොන්සේකා මහත්මිය හට සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානී කිලී මහරාජා මහතා විසින් ඊයේ (24) රාත්‍රියේ සුවිශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බව වාර්තා වේ.

දැඩි රනිල් වික්‍රමසිංහ විරෝධියෙකු වන සිරස මාධ්‍ය ප්‍රධානී කිලී මහරාජා, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කෙටි කාලයක් තුලදී ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දැඩි ප්‍රශංසාත්මක මුඛයෙන් සරත් ෆොන්සේකා මහතාට සුභ පතා තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දේශපාලන ඉදිරි ගමනට තමාගෙන් සිදු විය යුතු ඕනෑම අන්දමේ අනුග්‍රහයක් ලබා දිය හැකි බවට සිරස මාධ්‍ය ප්‍රධානියා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකවරයාට දන්වා ඇත

රාත්‍රී භෝජන සංග්‍රහයට පෙරාතුව ‘මව්බිම ' පුවත්පතේ හිමිකරු ජාතික ලැයිස්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අමතා ඇති කිලී මහරාජා මහතා රාත්‍රී භෝජන සංග්‍රහය පිළිබඳව ඔහුට දන්වා ඇත. එම කතාබහේ දී කිලී මහරාජා මහතා ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලා ඇත්තේ ෆොන්සේකා මහතා සමග ඇති තරහ මරහ ඉවත දමා ‘රනිල් විරෝධීන්' එක පෙරමුණකට ගොනු විය යුතු බවයි. එහි දී ටිරාන් අලස් මහතා පවසා ඇත්තේ එක එක පුද්ගලයන්ගේ කේලාම් අසා ෆොන්සේකා මහතා තමා සමග අමනාපයෙන් පසු වුවද තමාගේ කිසිදු අමනාපයක් ෆොන්සේකා මහතා සමග නැති බවයි. තමා තවමත් අනෝමා ෆොන්සේකා මහත්මියත් දියණියන් දෙදෙනාත් සමග සුහදව කටයුතු කරන බව වැඩි දුරටත් දන්වා ඇත. යම් අවස්ථාවක අනෝමා ෆොන්සේකා මහත්මිය බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂිකාව වශයෙන් ඉදිරිපත් වුවහොත් තමන්ගේ මාධ්‍ය මගින් ඇයට උපරිම සහයෝගය දක්වන බව ටිරාන් අලස් මහතා කිලී මහරාජා මහතාට පොරොන්දු වී ඇත.

ඊයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහය අතර තුර දී කිලී මහරාජා මහතා ටිරාන් අලස් මහතා පිළිබඳව ඉහත කාරණා සරත් ෆොන්සේකා මහතාට පවසා ඇතත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිහඬව සිට ඇත.


පකිස්තාන් භූමිකම්පාව සමඟ අළුත් දූපතක්‌

 

භූමිකම්පාවත් සමඟ 'ග්වාදාර්'වාරය අසල මුහුදේ කුඩා දූපතක් මතුව තිබෙනු දක්නට ලැබෙයි.මීටර් නවයක් උස මීටර් තිහක් දිග අලුතින් මතුව ඇති දූපත දැක ගැනීමට ජනතාව වෙරළට පැමිණෙති. 

අන්තරේ වැඩබලන කැඳවුම්කරුට මරණ තර්ජනය!




අන්තරේ හිටපු වැඩබලන කැඳවුම්කරුට මරණ තර්ජනය!
http://www.lankatruth.com/home/sinhala/

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු වශයෙන් ක්‍රියා කළ, මේ වනවිටත් ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන චින්තක රාජපක්ෂ මහතාගේ කුරුණෑගල නිවෙසට පැමිණි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ යැයි කියා ගන්නා ලද පිරිසක් මරණ තර්ජන එල්ලකර තිබේ.

පසුගිය 21 වැනිදා පැවති ඔහුගේ සොහොයුරාගේ මංගල උත්සවයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් පැමිණීම ගැනත් චින්තක රාජපක්ෂ දැනට සිදුකරන දේවල් හා ඔහුගේ තොරතුරුත් එම නිවෙසට පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් බව කියාගත් පිරිස විමසා තිබේ.

ඔහු රජයට එරෙහි දේශපාලන කටයුතුවල නියැළෙන බවත් වහාම එය වලක්වන ලෙසත් මවුපියන්ට දන්වා ඇති අතර එය සිය අවසාන නිවේදනය බවත් එම නිලධාරීන් පවසා ඇත. ඔවුන්ගේ ජංගම දුරකතනයකින් මව, පියා හා සොහොයුරාගේ ඡායාරූප ලබාගෙන ඇති බවත් පැවසේ. 
 
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු වශයෙන් ක්‍රියා කළ, මේ වනවිටත් ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන චින්තක රාජපක්ෂ මහතාගේ කුරුණෑගල නිවෙසට පැමිණි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ යැයි කියා ගන්නා ලද පිරිසක් මරණ තර්ජන එල්ලකර තිබේ.


පසුගිය 21 වැනිදා පැවති ඔහුගේ සොහොයුරාගේ මංගල උත්සවයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් පැමිණීම ගැනත් චින්තක රාජපක්ෂ දැනට සිදුකරන දේවල් හා ඔහුගේ තොරතුරුත් එම නිවෙසට පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් බව කියාගත් පිරිස විමසා තිබේ.


ඔහු රජයට එරෙහි දේශපාලන කටයුතුවල නියැළෙන බවත් වහාම එය වලක්වන ලෙසත් මවුපියන්ට දන්වා ඇති අතර එය සිය අවසාන නිවේදනය බවත් එම නිලධාරීන් පවසා ඇත. ඔවුන්ගේ ජංගම දුරකතනයකින් මව, පියා හා සොහොයුරාගේ ඡායාරූප ලබාගෙන ඇති බවත් පැවසේ.

සල්ලිත් නෑ: කෙල්ලත් නෑ

අතාවුද සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා යන අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහිත පුවත්පත් දැන්වීමක් පළ කර කැනඩාවේ රැකියාවට යවන බව කියා තරුණ තරුණියන්ගෙන් රුපියල් කෝටි 6ක් වංචා කළ මහරගම රැකියා ඒජන්සියක් ළඟ උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් වාර්තා විය. රජයේ අමාත්‍යවරුන්ගේ ඡායාරූප
සහිතව පළකර තිබුණු මේ පුවත්පත් දැන්වීමට ඕනෑම කෙනකු රැවටෙනු නිසැකය.

එවකට අතාවුද සෙනෙවිරත්න කම්කරු අමාත්‍ය ධුරය දැරීය. කම්කරු අමැතිගේ ඡායාරූපයක් සහිතව පළවූ දැන්වීමට තරුණ තරුණියන් 74 දෙනෙක් රැවටී ඇත. ඩිලාන් පෙරේරා නම් තවම තරුණ විය නොඉක්මවූ අයෙකි. එහෙත් අතාවුද සෙනෙවිරත්න? දැන් ඔහුට වයස 85ද ඉකුත් වී තිබේ. එවැනි වයෝවෘද්ධ අමාත්‍යවරයකුන් මේ කූට සිද්ධියට සම්බන්ධ නම් මොවුන් ගැන ජනතාව ඉදිරියට විශ්වාසය තබන්නේ කෙසේද?

වයස අසූව ඉක්ම ගියත් අතාවුද සෙනෙවිරත්න ඇමැතිවරයා කරන්නේ ඉලන්දාරි වැඩය. වරකාපොළ ‍ෙදාරවක හරහා පාර ඔහු නොහදා ඇත්තේ ඒ පාර දෙපස යූ. ඇන්. පී. කාරයන් සිටින නිසාලු. ඇයි අමැතිතුමෝ ඔය පාර දෙපස එක ශ්‍රී  ලංකාකාරයෙක්වත් නැද්ද? මෙවැනි අමන වැඩ කරන පුද්ගලයන් ගැන කෙසේ විශ්වාසය තැබිය හැකිද?

අතාවුද සෙනෙවිරත්න කියන්නේ ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්. එම්. පෙරේරාගේ පෞද්ගලික ලේකම් හැටියට කටයුතු කළ අයෙකි. එන්. එම්. වැනි ශේ‍ර්ෂ්ඨ නායකයකු ළඟ වැඩ කළ පුද්ගලයෙක් මෙවැනි තකතීරු වැඩ කරනු ඇතැයි විශ්වාස කළ හැකිද?

 මට පෙනෙන විදියට දැන් ඇමැතිවරුන් ළඟ සිටින ලේකම්ලා මීට වඩා හොඳය. ඉඳහිට ස්ත්‍රී දූෂණයක්, පගා ගැහිල්ලක් හැරුණුකොට ඔවුන් තකතීරු වැඩ කරන්නේ නැත.
දැන් මහරගම හොර රැකියා ඒජන්සියට කෝටි 6ක් පූජා කළ අසරණ තරුණ තරුණියන්ගේ ප්‍රශ්නය විසඳන්නේ කවුද? මේ පිළිබඳ ඇමැති දෙපොළම ප්‍රශ්නයෙන් කට්ටි පනින බව අමාරුවට පත්වූවන් පවසයි. මෙවැනි ජරා වැඩට සම්බන්ධ වූ ඇමැති දෙපොළ ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතුය.
රැකියා ඒජන්සි පවත්වාගෙන යමින් මහා පරිමාණයෙන් වංචා කරන අය අප රටේ දුලබ නැත. වංචනිකයා, රැකියා බලාපොරොත්තුවෙන් සිටින දුප්පත් තරුණ තරුණියන්ගේ තුට්ටු දෙකට විදිද්දී වගකිවයුත්තෝ මර නින්දේ පසුවෙති.

ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයෙක් විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යයි. එය පාලනය කෙළේ ඔහුගේ පෙම්වතියයි. ඇය සුරූපී එකියකි.
පුවත්පත්වල පළ කර තිබූ දැන්වීමකට අනුව විශාල පිරිසක් පැමිණියහ.
මේ රමණි ඔයා මේ වැඩ ඔක්කොම බලා ගන්න ඕනෑ. මේගොල්ලො දෙන සල්ලි ප්‍රවේසමෙන් තියා ගන්න ඕනෑ.’
‘හරි, හරි, මං තිතට වැඩේ කරන්නම්.’

රැකියා අපේක්ෂාවෙන් පැමිණි එක්තරා තරුණයකු පිළිබඳ රමණීගේ සිත ඇදී ගියේය.’
‘ඔයාට මං වැඩක් කියන්නද?’ ඇය ඒ තරුණයාගෙන් විමසුවාය.
‘මොකක්ද අප්පා?’
‘ඔයා කැමැති නැද්ද මාව බඳින්න. මේ ලේකම්තුමාගෙන් වැඩක් නෑ. ඇමැතිවරයාගේ වැඩ මිසක් එයාට මා ගැන හැඟීමක් නෑ. මොකද ඔයා කියන්නේ?
‘ඔයා කියනවානම් ඉතිං මං කැමැතියි.’
‘අපි බැඳල පිටරට යමු.’ මා ළඟ සල්ලි තියෙනවා.’

ඒ අනුව රැකියා සොයා පැමිණි තරුණ තරුණියන් තැන්පත් කළ රුපියල් කෝටි 2ක් ඇය ළඟ වූවාය. අලුත් පෙම්වතා සමඟ රමණී කිසිවකුට නොකියා ඉතාලියට ගියාය.
ලේකම්වරයා සිය පෙම්වතිය ගැන සොයා බැලීය. ඇය නැත. තරුණ තරුණියන් දුන් සල්ලිත් රැගෙන අලුත් පෙම්වතා සමඟ ඇය ඉතාලියට පැන ගොස් ඇති බව ඔහුට දැනගන්නට ලැබිණි. තරුණ තරුණියන්ගේ කෝටි දෙකක් වංචා කිරීම පිළිබඳ පොලිස් කූඩුවේ ලගින්නට ඔහුට සිදුවිය.
කොළඹ තවත් රැකියා ඒජන්සියක අයිතිකරුට එතරම් උගත්කමක් නැත. ඒ නිසා ඔහු උගත් තරුණියක් එහි පාලනයට ගත්තේය. ඇයට පෙම්වතෙක් සිටියාය.
කවුරුත් කරන පරිදි මේ ඒජන්සිකරුවාද පුවත්පත් දැන්වීමක් පළකර පිටරට රැකියාවට යෑමට කැමැති තරුණ තරුණියන්ගෙන් මුදල් රැස් කෙළේය.
‘මේ මඟුල හැමදාම කරන්න බෑ. ඔයා කැමැතිනම් මේ සල්ලිත් අරගෙන පිටරටකට පැන ගනිමු’ ඒජන්සිකරු තරුණියට කීවේය.



‘ඔව් එහෙමවත් කරමු’ හැබැයි සල්ලි මා ගාව තියෙන්න ඕනෑ.’
‘හරි හරි ඔයා මා එක්ක යනවා නම් පණ වුණත් දෙන්නම්.’
ඒ අනුව දෙදෙනා පිටරට යෑමට සූදානම් වූහ. යා යුතු දින උදේ සිය සේවිකාවට එන්නට කී තැනට ආවේ නැත. ඔහු වහා ගුවන්තොටුපොළට ගියාය.
එවිටම තම සේවිකාව සිය පෙම්වතා සමඟ ගුවන් යානයට නැඟීමට යනු ඔහු දුටුවේය. අයියෝ මගේ සල්ලිත් නෑ කෙල්ලත් නෑ ඔහු පපුවට ගසා ගත්තේය.

නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැ . - ඇමැති ජොන්ස්ටන්

වයඹ පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ ජොහාන් ප්‍රනාන්දු මහතාගේ ආධාරකරුවකුට පුද්ගලයන් කිහිපදෙනකු එක්ව පහර දීමෙන් අනතුරුව ඔහු කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. කුරුණෑගල පදිංචි කිංස්ලි නමැති මෙම ආධාරකරුවාගේ ත්‍රිරෝද රථයට අත්‍යවශ්‍ය ගමනක් යෑමට අවැසි බව හඟවමින් කුරුණෑගල, බඩගම
මූකලාන ප්‍රදේශයට ගෙන ගොස් අපරාධකරුවන් මෙම පහර දීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මේ පිළිබදව අදහස් දැක්වු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා

“ඇත්ත වශයෙන්ම ඉතා කනගාටු වෙනවා මේ මැතිවරණ ව්‍යපාරය දිහා බැලුවම මුල ඉදන්ම  අපිට මඩ ගැහුවා නොයෙක් දේවල් කියලා නමුත් අපි ඒ දෙවල් වලට උත්තර දෙන්න ගියේ නැ අපිට ජනාධිපතිතුමයි පක්ෂයයි වැදගත් නිසා. බොලද“ ප්‍රකාශ වලට උත්තර නොදිය යුතුයි කියලා අපි තින්දුවක් ගත්තා .
නමුත් ඡන්දෙන් පසුවත් ඡන්දේ දිනපු අය ඇතිවෙන්න මනාප ගත්ත අයත් මඩ ගහනවා
එක්ලක්ෂ තිස් හත් දාහක් බුලත් කොලෙට ඡන්දේ දිපු අයට ජනතාවට අපහස කරනවා මෙහෙමද ජය සමරන්නේ.
 තමන්ගෙම පාක්ෂිකයින්ගේ ගෙවල් වලට පහරදීලා තියෙනවා අත් කකුල් කඩලා කඩු වලින් කොටලා අද අලුත්ම සිද්දිය ත්‍රි රෝද රථ රියදුරු මහත්මයෙක් කිංස්ලි කියලා “ජොහන්ට වැඩ කරේ ඇයි “ කියලා ගහලා බඩගම මූකලානට ගෙනත් දාලා ගිහිල්ලා මෙවගේ කීප දෙනෙක් කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. පොලිසිවලට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
ජනතාවගේ ඡන්දය ගත්ත දේශපාලකයෝ වුනාහම මිට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ රටට ආදර්ශයක් වෙන්න ඹනේ පලාතට ආදර්ශයක් වෙන්න ඹනේ. හැමෝම එක්කෙනෙකුට ඡන්දේ දෙන්නෙ නෑ සියලුම ඡන්ද දායකයො අපිට ඡන්ද දෙන්නෙ නැ මිනිස්සු කැමතිකෙනාට තමයි ඡන්දේ දෙන්නෙ වැඩක් කරන්න බැරිනම් ජනතාව ඒ පුද්ගලයව ප්‍රතික්ෂේප කරනවා ඒක තමයි මේ මනාප ක්‍රමයේ හැටි. තමන්ට වැඩ කෙරුවේ නැ කියලා මෙහෙම ගහනවනම් ඒක නින්දිත ක්‍රියාවක්.දෙදාස් පහෙන් පස්සේ ජනාධිපතිතුමා යටතේ ඉතා සාධාරණ මැතිවරණ පවත්වන්නේ නමුත් මේ අය තමන්ගේ පෞද්ගලික කෝන්තර දේශපාලනයෙන් පිරිමහ ගන්න හදනවා
නිකවැරටිය පොලීසිය පැමිණිල්ලක් බාර නොගත්තා යැයි දයාසිරි මහතා කියන කතාව විහිලු කතාවක් එතුමා තවම ඉන්නේ විපක්ෂයේ වගේ කතා කරන්නෙ

නිකවැරටිය මගේ ආසනේ මෙහෙම දෙයක් තිනෙවනම් පොලිස්පති තුමාට පැමිණිළිකරන්න පුලුවන් ආරක්ෂක ලේකම් තුමාට ජනාධිපතිතුමාට පැමිණිලි කරන්න පුලුවන් මේක සම්පුර්ණ බොරුවක් මෙතුමා තවම විපක්ෂයේ මනසික තත්වයෙන් කතාකරන්නෙ මට මෙවා කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා මේ අයගේ ඔලුව තියෙන්නෙ වෙන තැනක කකුල් තියෙන්නෙ වෙන තැනක විපක්ෂයේදි කියනවා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැ කියලා. ආණ්ඩුවට ඇවිල්ලත් කියනවා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැ කියලා. විහිලු නෙමෙයිද?
ජනතාව ඡන්දෙන් පත්කර ගන්න ජනතා නියෝජිතයා සේවය කරන්න ඔනේ ජනතාවට ජනතාවගේ  ඡන්දයේ ගෞරවනීය බව රකින්න ඔනේ ඒ දේ තේරුම් අරන් මංත්‍රිවරු වැඩ කරන්න ඔනේ.

පහරකෑමට ලක්වූ පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා සඳහන් කරයි. පළාත් සභා මැතිවරණය පැවැති මාස 2ක් පුරාවට සිය පවුලට මඩ ගසමින් සිය ආධාරකරුවන්ට පහර දුන් අමාත්‍යවරයකු මෙම සිදුවීම පිටුපස සිටින බව කී ජොන්ස්ටන් අමාත්‍යවරයා මැතිවරණය නිමවීමෙන් පසුව හිරියාල, කුලියාපිටිය, කුරුණෑගල හා පඬුවස්නුවර වැනි ප්‍රදේශවල සිය ආධාරකරුවන් කපා කොටා පහරදීම්, ආධාරකරුවන්ගේ නිවෙස්වලට වෙඩි තැබීම් ගණනාවක් සිදුව ඇති බව ප්‍රකාශ කළේය. මැතිවරණය දිනූ පසුවත් එම පුද්ගලයන් ජොහාන් ප්‍රනාන්දු මහතාගේ ආධාරකරුවන්ගෙන් වෛරය, කේ‍රා්ධය පිරිමැසීමට යෑම තවදුරටත් ඉවසා සිටින්නේ ජනාධිපතිවරයා හා සන්ධානය වෙනුවෙන් බව හෙතෙම කීය.

"නෝනට බය නිසා මම දුම්බීම නැවැත්තුවා"- ජනාධිපති


obama-and-michelබිරිඳට ඇති බිය නිසා තමන් දීර්ඝ කාලයක් පුරුදුව සිටි දුම්පානය නතර කළ බව ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසා ඇත. එක්සත් ජාතීන්ගේ නිලධාරියකු සමඟ කවටකමක් ලෙස ඔහු මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට පැමිණෙන අතරතුරදීය.
එහෙත් ඒ මොහොතේ තමා වෙත කැමරා එල්ල වී ඇති බව ඔහු දැනගෙන සිටියේ නැත.
වසර 6කින් තමන් එකම සිගරැට්ටුවක්වත් පානය කළේ නැතැයි කී ඔබාමා ‘මේකට හේතුව මම නෝනට බය නිස’ යැයි සිනාසෙමින් කීවේය.
එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියාකාරි මියානා කියායි සමඟ සුහද පිළිසඳරක ඔබාමා යෙදී සිටින විට එතැන තිබූ මයික්‍රෆෝන විවෘතව තිබූ අතර ඒ මොහොතේම එය සජීවීව ලොව පුරා විකාශය විය.
දුම්පානය නතර කර ගැනීමට ඔබාමා දීර්ඝ කාලයක් දැඩි සටනක නිරත වූවෙක් වන අතර 2011දී ඔහුගේ බිරිය මිෂෙල් පැවැසුවේ තම සැමියා නරක පුරුද්දෙන් සදහටම මිදුණු බවයි.

විග්නේශ්වරම්ට පෙට්‍රල් වෙනුවට ඩීසල්


 vigneshwarnපසුගියදා පැවති පළාත් සභා මැතිවරණයෙන් උතුරු පළාතේ වැඩිම මනාප ගත් දෙමළ සන්ධාන මහ ඇමහි අපේක්ෂක සී. වී. විග්නේෂ්වරන් ගමන් ගත් රථයට වැරදිමකින් පෙට‍්‍රල් වෙනුවට ඞීසල් යෙදීම නිසා සිදුවූ ඇබැද්දියක් වවුනියාවෙන් වාර්තා වේ.
විග්නේෂ්වරන් මැතිවරණ කටයුතු අවසන් වීමෙන් පසුව කොළඹ පිහිටි නිවස බලා යාපනයෙන් පිටත්ව එන අතරමග න්‍වුනියාවේදී ඉන්ධන ලබාගැනීම සදහා නතර කර ඇත.
ඉන්ධන ටැංකියට යෙදිය යුත්තේ පෙට‍්‍රල් වුවද රියදුරු රථය නතර කර ඇත්තේ ඞීසල් පොම්පය අසලය.  ෆුල් ටෑන්ක් ගහන්න යැයි කියූ සැණින් පොම්පකරු ඞීසල් ගසා ඇති අතර රථයට අවශ්‍ය පෙට‍්‍රල් වුවද දැන් ගසන්නේ ඞීසල් යැයි විග්නේෂ්වරන් ට වැටහී ඇත්තේ සැලකිය යුතු  ඞීසල් ප‍්‍රමාණයක් ගැසීමෙන් පසුවය.
අනතුරුව සිද්ධිය පොලීසියට දැනුම් දීමෙන් පසුව වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්න අබේරත්න මහතා එම ස්ථානයට පැමිණ සිද්ධිය විමසා මෝටර් රථ කාර්මිකයෙකු ගෙන්වා ඞීසල් ඉවත් කර ටැංකිය පිරිසිදු කර නැවත පෙට‍්‍රල් ගසා විග්නේෂ්වරන්ට යෑමට අවශ්‍ය පහසුමක් සලසා තිබේ.

"13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කරනු!" - ඉන්දියාව


 indiaflagශ‍්‍රී ලංකා රජය 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කළ යුතු යයි ඉන්දීය රජය නැවත වතාවක් අවධාරණය කරයි. උතුරේ මැතිවරණය සාර්ථකව පැවැත්වීමෙන් අනතුරුව රජය ජාත්‍යන්තරයට පොරොන්දු වූ පරිදි 13 වන සංශෝධනය කි‍්‍රයාවට නැංවිය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශ‍්‍රී ලංකා රජය විසින් 13 වන සංශෝධනය හෝ ඊට එහා ගිය විසඳුමක් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව පවසන ඉන්දියාව රජය උතුරේ මැතිවරණය පැවැත්වීමෙන් ජාත්‍යන්තරයට වූ පොරොන්දුවක් ඉටු කර ඇති බව ද සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානය සහ රජය මැතිවරණයෙන් පසුවල එක්ව කටයුතු කිරිම සම්බන්ධයෙන් ධනාත්මක ප‍්‍රකාශ නිකුත් කර ඇති බවත් දෙපාර්ශවයම එක්ව කටයුතු කිරීමෙන් උතුරේ ජනතාවගේ ගැටලූ විසඳීමට හැකි වනු ඇති බවත් ඉන්දීය රජයේ අදහසයි. ඒ සඳහා සිය සම්පූර්ණ සහය ලබාදෙන බව ද ඉන්දීය රජය එම නිවේදනයෙන් කියා සිටී.