Thursday 31 October 2013

වටරැක විජිත හිමියන්ට සිංහලයන් විරුද්ද වුයේ ඇයි ?



මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වටරැක විජිත හිමියන්ට විරුද්ධව අවට විහාරස්‌ථානවල හිමිවරු සහ ප්‍රදේශවාසී ජනතාව විරෝධතාවක නිරත වීම නිසා ඊයේ (30 වැනිදා) පැවැති මාසික සභා රැස්‌වීම දින නියමයක්‌ නොමැතිව කල් තැබීමට සභාපති ඩබ්ලිව්. ඒ. සුනිල් මහතා පියවර ගත්තේය.

විජිත හිමි මෙයට මාස කිහිපයකට පෙර බදුල්ලේ පැවැති රාමසාන් දින මුස්‌ලිම් පල්ලියකදී සිංහල ජාතියට සහ ආගමට විරුද්ධව දේශනයක්‌ සිදුකර එය අන්තර් ජාලයට යොමු කිරීම නිසා මෙම විරෝධතාව පවත්වා තිබේ.

මන්ත්‍රී විජිත හිමි මහියංගනය පොලිසියේ සහය ඇතිව ප්‍රාදේශීය සභාවට කලින්ම පැමිණ තිබෙන අතර එයට විරුද්ධව මහියංගනය ජනතාව සහ මහා සංඝරත්නය සභාව ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වීම නිසා ආණ්‌ඩු පක්‍ෂය හා විපක්‍ෂය ඇතිවී තිබෙන තත්ත්වය සලකා බලා එම තීරණය ගෙන ඇත.

මහියංගනය - රංජිත් කරුණාවීර

Thursday 24 October 2013

අයවැයට විරුද්ද වුනොත් උස්සලා පොලවේ ගහනවා කිවුව--මන්ත්‍රී වරයා මිරිහාන පොලිසියට

මහරගම නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය දෙන ලෙසත් එසේ නොවුනහොත් මහරගම ප‍්‍රදේශයේවත් සිටීමට ඉඩ නොදෙන බව කියා බස්නාහිර පළාත් ප‍්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා තමාට මරණීය තර්ජන එල්ල කළේ යැයි පවසා මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත‍්‍රීවරයෙකු වන ප‍්‍රදීප් නල්ලපෙරුම මහතා මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් ඇත.
උපාලි කොඩිකාර මහතාගේ බිරිද වන මහරගම නගර සභාවේ සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය හට මේ ආකාරයට සහය ලබාදෙන ලෙසත් අයවැයට විරුද්දව ඡන්දය පළ කළහොත් උස්සලා පොළොවේ ගහන බවටද උපාලි කොඩිකාර මහතා තමාට තර්ජනය කළ බවත් අංක CIB2367/435 දරණ පැමිණිල්ලෙන් මන්ත‍්‍රීවරයා පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කරමින් සදහන් කොට තිබේ.

තලපත්පිටිය පන්සල පාර ප‍්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී සිටියදී එම ස්ථානයට පැමිණි උපාලි කොඩිකාර මහතා මෙලෙස තමාට තර්ජනය කළ බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්ව තිබේ.

විපකෂයේ සංවිධායක පොලිසියට බාරවෙයි


එජාප නායක රනිල් වික්‍රමසිංහ රැක ගැනීමේ සහ රනිල් විරෝධි පෙළපාලි දෙක අතර ගැටුමෙදි පොලිසිය සොයමින් සිටි වැලිගම ප්‍රා‍ෙද්ශිය සභාවෙ විපකෂයේ සංවිධායක චමින්ද තල්ගස්වත්ත මහතා ඊයේ දින   මාතර පොලිසියට බාර වු බවට  වෙත තොරතුරැ වාර්තාවෙයි තවත් තොරතුරු පසුවට බලාපොරොත්තුවන්න 

පුත්තලමේ කසිප්පු බැරල් ,කුණු බැරල් වෙයි...

සමාජයේ යහපැවැත්මට තර්ජනයක්ව පවතින නීති විරෝධී කටයුතු නතර කර, සමාජයට ඵලදායි දෙයක් කළ පුවතක් අපට පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා විය.
පුත්තලම, සාලියවැව ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් පෙරීම බහුලව සිදුවන ප්‍රදේශයකි.
එම ජාවාරම් නතර කිරීම සඳහා පොලීසිය කරන මෙහෙයුම්වලදී සොයාගන්නා බොහෝ උපකරණ  විනාශ කෙරෙන අවස්ථා 
නමුත් සාලියවැව පොලීසියේ නිලධාරීන් සොයා ගත් කසිප්පු බැරල් තොගයක් ප්‍රදේශයේ ජනතාව අතර බෙදා දුන්නේ ය.
, කසළ ගැටලුවට පිළියම් යෙදීමේ අරමුණින් ය.

ශ්‍රී ලංකා හමුදාවට ආපහස කිරීමට දෙමළ ඩයස්පෝරාව,කාන්තාවන් යොදා ගෙනිමේ මෙහෙයුමක

bbclogo
උතුරේ මහමග ගමන් කරන ද්‍රවිඩ කාන්තාවක්‌ පෙති වගයක්‌ පෙන්වමින් "හමුදාව මට අතවර කරන්න ආවොත් පෙති බොනවා" යෑයි කළ ප්‍රකාශයක්‌ බී.බී.සී. සේවාව විකාශය කිරීම ගැන ආරක්‍ෂක නිලධාරීන් විමර්ශනයක්‌ අරඹා ඇත.
මෙය බී.බී.සී. සේවාව ඉතා සැලසුම් සහගතව සිදුකළ සාවද්‍ය ක්‍රියාදාමයක්‌. හමුදාව අතවර කරන බවට පොලිසියට පැමිණිලි ලැබී නැහැ" යෑයි හමුදා මාධ්‍ය ප්‍රකාශන බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ඊයේ (24 දා) පැවසීය.
පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුව පැවැත්වීමට නියමිතව තිබියදී බී.බී.සී. නියෝජිතයා යාපනයට ගොස්‌ ශ්‍රී ලංකාව අවමානයට පත් කිරීමට එකී ක්‍රියාදාමය සිදුකර ඇතැයි හෙතෙම පැවසීය.
ලන්ඩන් නුවර සිට මෙරටට පැමිණ සිටින බී.බී.සී. නියෝජිත පර්ගායි කීනන් නමැත්තා දැන් යාපනයේ සිටින බවත් උතුරේ ජනතාවට අතවර කරන බවත් රාජ්‍ය නිලධාරීන් තර්ජනය කරන බවද ඔහු පවසා ඇත.

ජෙනරාල් අප සමග එක්වෙනවා -- මංගල සමරවීර

 
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහත්හා ඉදිරියේදී ගොඩ නැගෙන ජයග්‍රාහී බලවේගයක කොටස්කරුවකු වනු ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.


අද පුවත්පතට සම්මුඛ සාක්ච්ඡාවක් ලබා දෙමින් මේ බව කියා සිටින සමරවීර මහතා විපක්ෂයේ පුළුල් සන්ධානයක් ගොඩ නගන බවත් තීරණාත්මක මොහොතක ෆොන්සේකා මහතා ඊට එකතුවනු ඇති බවත් පවසයි. එමෙන්ම තමන්ට මාළු ලෑල්ලක රස්සාව කිරීමට සිදු වූවත් කිසි ලෙසකින්වත් මේ දූෂිත අණ්ඩුවට එකතු නොවන බවත් ඔහු ප්‍රකාශ කරයි.
ඒ කාලේ සජිත් එක්ක හොරෙන් සතු‍ටු වුණා

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ පැරණි මිත්‍රයකු බවත් ඒකාලයේ හොරෙන් හොරෙන් හමුවී ඔහු හා සතු‍ටු වූ බවත් පවසන සමරවීර මහතා සජිත්ට තවමත් දේශපාලන දැනුමක් නැති බව තමන් විස්වාස කරන බව එහිදී ප්‍රකාශ කර ඇත.

ප්‍රභාකරන් වීරයකු බව ලෝකයටම අපි පෙන්නනවා,පින්ලන්ත රජයද එය පිලි ගත්තා - සුරේෂ් කන්නන්

prabhakaran-stamps


 
එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන් ගේ ජන්මදිනය සමරා ඔහුගේ පවුලේ ඡායාරුව සහිත මුද්දරයක් නිකුත් කිරීමට පින්ලන්ත රජය පියවර ගෙන තිබේ.
මේ සඳහා වැල්වටිතුරෙයිහි පදිංචි සුරේෂ් කන්නන් නමැත්තෙකු ප්‍රමුඛ කාර්ය භාරයක් ඉ‍ටු කර ඇති බව සඳහන්ය.

මොහු මෙවැනි තැපැල් මුද්දර නිකුත් කිරීමට පසුගිය වසරේ අවස්ථා කිහිපයකදීම උත්සාහ කල නමුත් එරට රජය එය ප්‍රථික්ෂේප කර තිබුණි. නමුත් සුරේෂ් කන්නන් ප්‍රබල උත්සාහයකින් අනතුරුව පින්ලන්ත රජය සමඟ සාකච්ඡා කර ඔවුන්ව එකඟ කරවාගෙන ඇත.

දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන්කළ වීර නායකයෙකුය යන පදනමින් ප්‍රභාකරන් පවුලේ සාමාජිකයින් සමඟ සිටින ඡා‍යාරූපය තැපැල් මුද්දර දෙමළ ජනතාවගේ වීරත්වයෙන් යුතු සටනත්, දෙමළ ජනතාවගේ එකම නායකයා ප්‍රබාකරන්ය යන්නත් මෙම මුද්දර තුලින් ප්‍රකාශ කර ඇත.

පසුගිය වසර වලදී දෙමළ ඊළාම් සංකේත සටහන් කල මුද්දර ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, නෝර්වේ, ජර්මනිය යන රටවල රජයන් මාර්ගයෙන් නිකුත් කර තිබුණි.

දෙමළ ඊළාම් සංකේත සටහන් කළ මුද්දර බොහෝ රටවල නිකුත් කර තිබුණද නායකතුමා පවුලේ සාමාජිකයින් සමඟ සිටින ඡායාරූපයක් සහිත මුද්දරයක් නිකුත් කල ප්‍රථම අවස්ථාව මෙයවේ.


මේ සම්බන්ධයෙන් සුරේෂ් කන්නන් දැක්වූ අදහස් ………..

සියළු රටවල තැපැල් මුද්දර නිකුත් කරන විටදී මා ජීවත් වන රටෙහිද කෙසේ හෝ එවැනි තැපැල් මුද්දරයක් නිකුත් කළ යුතුය යන බලවත් කැමැත්තක් මා තුල ඇතිවිය. මා මෙරටට පැමිණ වසර කිහිපයක් ගතවී ඇත. පසුගිය වසරේ බොහෝ උත්සාහයන් කලද ඉන් මා පරාජයට පත් වූයෙමි. ඉන් මා පසුබැස්සේ නැත. මෙහි දෙමළ ජනතාව සිටින්නේ සුළු වශයෙන් බැවින් මාගේ සහයෝගයට කිසිවෙකු නොමැත. එනමුත් මෙම වසරේදීත් අවස්ථා කිහිපයකදී ගත් උත්සාහයන් අවසානයේදී මා ජයග්‍රහණය කලෙමි. මගේ රට වෙනුවෙන් මට කලහැකි දායකත්වය සරණාගතව වෙනත් රටක සිටියද කළ යුතුය යන සිහිනය මට ඇත.

තැපැල් මුද්දරයක් නිකුත් කිරීමද එක් සිහිනයක් විය. නායකතුමාගේ උපන් දිනය නිමිත්තෙන්, නායකතුමාගේ ඓතිහාසික සුවිශේෂත්වය සහ දෙමළ ජනතාවගේ එකම නායකයා ප්‍රබාකරන්ය යන්න පින්ලන්ත රජය මාර්ගයෙන් සියළු රටවලට දැනුම් දිය යුතුය යන පදනමින් 2013.10.22 දින මුද්දරය නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මා සතුටු වන්නෙමි.

මේ අන්දමින් දෙමළ ජනතාව සරණාගතව ජීවත් වන සියළු රටවල සිටින අපගේ ඥාතීන් ඔවුන් සිටින රටවල තැපැල් මුද්දර නිකුත් කිරීම තුලින් අපගේ දෙමළ ඊළමට ජාත්‍යන්තරය තුල විශේෂ  
ගෞරවයක්, අනුමැතියක් ලබාගත හැකිය.

අනුර කුමාර දිසානායක ආණ්ඩුව දන දස්වයි,ඇමැතිවරු හොර පාරෙන් ගෙදර යයි


වැලිවේරිය රතුපස්වල ප‍්‍රදේශය ආශ‍්‍රිතව වාසය කරන විශාල පිරිසකට තවමත් නොවිසඳී පවතින පානීය ජල ගැටලූව පිළිබඳව ජවිපෙ මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු විමසා සිටියේ ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාවෙන් එම ජල ගැටලුවට අවසන් විසදුම් අපේක්ෂා කළ හැකිද යන්නයි. නමුත් සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පිළිතුරු දීමට සූදානම් වී පැමිණ නොසිටි අතර එයට 25වන දින පිළිතුරු ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසීය.

ස්ථාවර නියෝග 23/2 යටතේ නගනු ලබන ප‍්‍රශ්නය - 2013.10.24

වැලිවේරිය රතුපස්වල ප‍්‍රදේශය ආශ‍්‍රිතව වාසය කරන විශාල පිරිසකට තවමත් නොවිසඳී පවතින පානීය ජල ගැටලූව පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි.

පසුගිය අගෝස්තු 01වැනි දින පුද්ගලයින් 03දෙනෙකුට තමන්ගේ ජීවිතද අහිමි කරලීමට තරම් බරපතළ වූ මෙම ජල ගැටලූව මෙතෙක් නොවිසඳී පැවතීම තවත් ඛේදවාචකයකට අතවැනීමක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ. ආරක්ෂක හමුදා මැදිහත් කර විසඳුම් ලබාදීමට බලධාරීන් ගත් අසාර්ථක උත්සාහයෙන් පසු බවුසර් මගින් ජලය බෙදාහැරීමේ ක‍්‍රියාමාර්ගයක් දියත්ව තිබෙනවා. එහෙත් එය ජල ගැටලූවට මුහුණ දෙන ප‍්‍රදේශවාසීන්ට ප‍්‍රමාණවත් පිළිතුරක් වී නැහැ. ඔවුනට ජලසම්පාදන මණ්ඩලයේ ජල සබඳතාව ලබාගන්නා ලෙසට ඉල්ලීම් කර පැවතියත් ගාස්තු අධිකවීම මත එම ජල සබඳතාව මෙතෙක් ලබාගෙන ඇත්තේ, දෙදෙනෙක් පමණක් බවත් ජනමාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ අනුව පෙනී යන්නේ ප‍්‍රදේශයේ භූගත ජලයේ ආම්ලිකතාව ඇති වීමට හේතු නිවැරදිව හඳුනාගැනීම සහ එම තත්වය ඉවත් කිරීම වැනි ස්ථීර පිළිතුරක් මේ සඳහා සොයාගැනීමේ අවශ්‍යතාවයයි.

පසුගියදා ගම්පහ දිස්ත‍්‍රික් ලේකම්වරයා ප‍්‍රකාශ කර තිබුණේ එළඹෙන සතිය තුළ රතුපස්වල කම්හල හා ඒ අවට පිළිබඳව සිදුකරන ලද විද්‍යාත්මක වාර්තාව ජනාධිපතිවරයා අතට පත්කරන බවයි. භූ විද්‍යා හා පතල් කාර්යංශයේ වාර්තාව හැරෙන්නට අන් සියලූ අංශවලින් ලැබිය යුතු වාර්තා තමා වෙත ලැබී ඇති බව කියා සිටින ඔහු කර්මාන්ත ශාලාව නිසා එම භූගත ජලයේ පී.එච්. අගය අඩුවීමක් පිළිබඳව ලැබී ඇති වාර්තාවල සඳහන් නොවන බව කියා තිබෙනවා. ඒ සඳහා බලපා ඇත්තේ වෙනත් හේතු බව ඔහු පවසනවා. පී.එච්. අගය අඩුවීම රතුපස්වල පමණක් නොව තවත් ස්ථානවලට බලපා ඇති තත්වයක් බවත් ඔහු ජනමාධ්‍ය වෙත පවසනවා.

මේ තොරතුරු රතුපස්වල ජනතාව දැඩි ව්‍යාකූලත්වයකට පත් කරන්නක් විය හැකි මෙන්ම ඔවුන් අතර යළි නොසන්සුන්කාරී බවක් ඇතිවීමටත් තුඩු දිය හැකියි. කර්මාන්ත ශාලාව එම ප‍්‍රදේශයෙන් ඉවත් කරන බවටත් ජල ගැටලූවට ස්ථීර විසඳුමක් ලබාදෙන බවටත් බලධාරීන් විවිධ අවස්ථාවල කරන ලද ප‍්‍රකාශ සියල්ල මේ අනුව වෙනස්වීමේ අවදානමක් මතුව තිබෙනවා. එබැවින් ජනාධිපතිවරයා අතට පත්කිරීමට නියමිත රතුපස්වල පිළිබඳ අවසන් වාර්තාව මහජන නියෝජිතයින්ගේ අවධානයට ලක්විය යුතු යැයිද එහි පිටපතක් සභාගත කළ යුතු යැයිද යෝජනා කරනවා.

මෙම තත්වය තුළ පැනනගින පහත ගැටලූවලට අදාල පිළිතුරු අමාත්‍යවරයා විසින් ගරු සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

01.
රතුපස්වල ජල ගැටලූව පිළිබඳ අවසන් වාර්තාව සකස් කරනු ලබන්නේ කවර විද්වත් මණ්ඩලයක් විසින්ද?

02.
එම වාර්තාවේ පිටපතක් මෙම සභාවට ඉදිරිපත් කරනු ලබන්නේද?

03.
රතුපස්වල ජනතාවගේ පානීය ජල ගැටලූව විසඳීම සඳහා අවසන් විසඳුම් මෙම වාර්තාව තුළින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන්නේද?

අගමැති දී.මු.ගෙදර යයි ...?චමල් අගමැති වෙයිද?


කතානායක චමල් රාජපක්ෂ මීලඟ අගමැති වරයා ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා  විසින් තීරණය කර ඇතැයි අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.


චමල් රාජපක්ෂ අගමැති කිරීමට පෙර ඔහුගේ ප්‍රතිරූපය නැංවීම සඳහා රට පුරා චමල් රාජපක්ෂ උපහාර වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමටද තීරණය කර ඇත. එහි පළමුවැන්න ලඟදීම හම්බන්තොටින් ආරම්භ කිරීමට නියමිත ය.

වත්මන් අගමැති දිමු ජයරත්න මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීමට බලපා ඇත්තේ ඔහු දැනට පෙලෙන රෝගී තත්ත්වයට වඩා ඔහු රාජපක්ෂවරුන්ට එරෙහි මහජන විරෝධතාවයට නායකත්වය දීම නිසා ය. දිමු තම පුත්‍රයාට මධ්‍යම පළාතේ මහ ඇමැති ධූරය ලබා ගැනීම වෙනුවෙන් බිය නැතිව සටන් කළේය. දිමු ප්‍රසිද්ධියේම කීවේ චමල්ගේ පුතා වූ ශෂින්ද්‍ර රාජපක්ෂට ඌවේ මහ ඇමැති කම දුන්නා නම් තමාගේ පුතා ද වැඩිම මනාප ගෙන තිබියදී ඔහුට මහ ඇමැති කම නොදීමට හේතුවක් නොමැති යයි හේතු සහගත නිවේදනයක් නිකුත් කරමිනි. තම පුත්‍රයාට මහ ඇමැති කම නොදීමෙන් පසුව මහනුවර පැවැති රාජපක්ෂ විරෝධී මහජන බලවේගයට දිමු ජයරත්න මහතා සක්‍රීයව සහභාගී විය. එහි වීඩියෝ පට එදිනම ආණ්ඩුවේ ඉහල අය වෙත ලැබුණු අතර ඉන්පසු ඔවුන් උරණ වී ඇති  බවට පත් විය.

චමල්ට අගමැති කම දීමට අනෙක් පසින් බලපා ඇත්තේ ජනාධිපතිතුමාගේ  රෝගී තත්ත්වයන් ය. චන්ඩියා සේ එක්සයිස් කරන සේයාරූ මාධ්‍ය මගින් ව්‍යාප්ත කළද මරා යනු අධි රුධිර පීඩනයට, පිළිකා ෙසෙල ව්‍යාප්තවීම වැලැක්වීමට දිනපතා පාවිච්චි කරයි . ලංකාවේ නීතිය අනුව ජනාධිපතිවරයා හදිසියේ මිය ගියහොත් ජනාධිපති වන්නේ අගමැතිවරයා ය. දිමු ජනාධිපති වීමේ අවදානමට පිලිතුරක් ලෙසද චමල් අගමැති කිරීමට රාජපක්ෂ හිතවාදීන්  තීරණය කර ඇත. 

මේ සියල්ලටම වඩා කේන්දර කරුවන්ගේ මග පෙන්වීම බලපා ඇතැයිද අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා සිටී.

ඇමතිවරුනි විනීතව හැසිරෙන්න..,දැන් හැමෝම ඔබව දකිනවා.- කතානායක චමල්

පාර්ලිමේන්තු විවාදයන් සජීවීව මහජනතාවට දැකබලා ගැනීම සඳහා ඩිජිටල් රූපවාහිනී පුවරුවක් 23 දා කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු රථගා‍ලේදී විවෘත කරන ලදී. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා සහ මැති ඇමැතිවරු, මොබිටෙල් ආයතනයේ ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. එහිදී කථානායකවරයා ඵලකය නිරාවරණය කරන අයුරු සහ තිරය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ඔවුන් උත්සව ශාලාව වෙත පැමිණි අයුරු.

ඇමති එස්.බී. දිසානායකගේ මල්ලි මිනිමරුවෙක්ද ...?


SB saliya 410px 24-10-13ඇමති එස්.බී. දිසානායක මහතාගේ සොහොයුරු සාලිය දිසානායක මහතා හඟුරන්කෙත සී.සී. විද්‍යාලයට පිහියක් අතැතිව ඇතුලූ වී  ආවේගශීලීව හැසිරිම හේතුවෙන් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් මෙන්ම ආචාර්ය මණ්ඩලයද දැඩි  භීතියට පත්වූ බව වාර්ථා වේ.
සාලිය දිසානායක මහතා මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති සහ හඟුරන්කෙත ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධානයක ද වේ.

පිහියක් අතැතිව පෙරවරු 9.30ට පමණ විදුහලට ඇතුලූ වි ඇති දිසානායක මහතා, එම විදුහලේ ගුරුවරියක ලෙස සේවය කරන ඔහුගේ බිරිද ඝාතනය කිරිම සදහා සොයා ඇති අතර, ආචාර්ය මණ්ඩලය මැදිහත්වි ඇය ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාම හේතුවෙන් සිදුවන්නට ගිය අපරාධයක් මගහැරී ගොස් ඇත.

හඟුරන්කෙත පොලිසිය පෙරවරු 10.00ට පමණ ජීප් රථයකින් පැමිණ විදුහල් භුමියේ සැරිසරා පිටව ගොස් ඇති බවද, පසුව දිසානායක මහතාගේ බිරිද දහවල් 12.00ට පමණ කෙටි නිවාඩුවක් ලබාගෙන පාසලෙන් පිටවගොස් ඇති බවද වාර්තාවේ.

පාසල් නිමවන අවස්ථාවේදීද සාලිය දිසානායක මහතා නැවතත් පිහියක් අතැතිව විදුහල් භූමිය අවට සැරිසරමින් ඔහුගේ බිරිද සොයා ඇති බවද විදුහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, එවැනි ස්ද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

භාරත -දුමින්ද ගැටුම ගැහැනියක් නිසා,එත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර නොවේ ...


භාරත ලක්ෂ්මන් ඝාතනයට මූල් වුයේ කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ බිරිය වන එච්. පී. තිවංකා මධුශානි සෝලංගආරච්චි නැමැත්තිය බොරු සිද්ධියක් මවා සිය පුරුෂයාට දුන් දුරකථන ඇමතුමක් බවත්, එය ප්‍රසන්න විසින් භාරත ලක්ෂ්මන්ට පැවසීමෙන් උරණ වූ භාරත ගිනි අවියක් ද රැගෙන සිද්ධිය වු ස්ථානයට පැමිණි බවට ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණය හමුවේ පැවැසීය.

සෝලංගආරච්චිගේ බිරිය වන සාක්කිකාරිය කරන ලද මෙම බොරුව නිසා භාරත ලක්ෂ්මන්ගේ ආධාරකරුවකු වන ඔහු ළඟින් සිටි දමිත් ජයතිලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නළලට වෙඩි තබා ඔහුට මරණීය තුවාල සිදුකළ බවට හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

තවද අසත්‍ය සිදුවීමක් හිතා මතා ගොතා තම පුරුෂයාට පැවැසීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනකු ඝාතනයට ලක්ව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මරණීය තුවාල ලැබූ බවට නීතිඥවරයා සාක්කිකාරියට හරස් ප්‍රශ්න යොමු කරමින් පැවැසීය.

විත්තිකරුවන් 12 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඉකුත් නඩු වාරයේදී සාක්කි ලබා දුන් ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ බිරියගෙන් හරස් ප්‍රශ්න විමසීම ඊයේ (23) සිදුකරනු ලැබිණි.

භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියේ ලඝු නොවන නඩු විභාගය ඊයේ (23) නැවත වරක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ විභාගයට ගැනිණි.

මෙහිදී ඉකුත් නඩු වාරයේදී සාක්කි ලබා දුන් 60 වන සාක්කිකාරිය වන එච්. පී. තිවංකා මධුශානි සෝලංගආරච්චි නැමැත්තිය හරස් ප්‍රශ්න විමසීමට ලක්කරනු ලැබීය.

11 වන විත්තිකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සාක්කිකාරිය වෙත හරස් ප්‍රශ්න යොමු කෙළේය.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය - ඡන්ද මධ්‍යස්ථානයට අනුර කඩේ වම්පස ද දකුණු පසින් ද තිබෙන්නේ.

සාක්කිකාරිය - අනුර කඩේ ඡන්ද මධ්‍යස්ථානයට පෙනෙන්නේ නැහැ. නමුත් ඡන්ද මධ්‍යස්ථානය දකුණින්.

නීතිඥ - අනුර කඩේ පාරේ ද තියෙන්නේ පාරට මුහුණලා ද?

සාක්කිකාරිය - පාරට මුහුණලා. ඡන්ද මධ්‍යස්ථානය දිහා බලා සිටියොත් අනුර කඩේ වම්පසින් පෙනෙනවා.

නීතිඥ - ඡන්ද මධ්‍යස්ථානය වම්පසින් තිබෙන්නේ අනුර කඩේ අලුත් බිල්ඩිමද පරණ බිල්ඩිමද?

සාක්කිකාරිය - අලුත් බිල්ඩම

නීතිඥ - අලුත් බිල්ඩිම පරණ බිල්ඩිම යාවෙලාද?

සාක්කිකාරිය - වෙන් වෙන්ව පිහිටලා තිබෙනවා.

නීතිඥ - වෙන් වන්නේ කොහොමද?

සාක්කිකාරිය - මතක නැහැ‍.

නීතිඥ - තමාගේ සහෝදරයකුගේ නිවෙස ඒ අසල පිහිටලා තිබෙනවා. නමුත් තමා කියනවා මතක නැහැ.

සාක්කිකාරිය - එදිනෙදා ජීවිතයට අවශ්‍ය නැති නිසා බැලුවේ නැහැ. අවධානයෙන් බැලුවේ නැහැ.‍

නීතිඥ - අයිතිකරුගේ නිවස තිබෙන තැන දන්නවද? වාහනයක් යනවා නම් නිවෙසට කොහොමද යන්නේ?

සාක්කිකාරිය - මිදුල හරහා යන්න ඕනේ.

නීතිඥ - තමා හිටියේ මිදුලේද? ගෙදරද? සාක්කිකාරිය තමාට මා යෝජනා කරනවා පාරේ සිට තමා සිටි නිවස යාර 20 දුරින් පිහිටලා තිබෙනවා කියලා?

සාක්කිකාරිය - ප්‍රතික්ෂේප කරනවා.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය - නිවෙස තිබෙන දුර ප්‍රමාණයට නිශ්චියක් නැහැ කියන්නේ මා අසන ලද ප්‍රශ්නයට උත්තර ලබා නොදුන්නේ තමා සත්‍ය වසන් කරන නිසා බවට මා යෝජනා කරනවා.

නීතිඥ - කවුද කඩේ හිටියේ?

සාක්කිකාරිය - අනුර කඩේ මුදලාලි, අක්කා.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය - මුදලාලිගේ නම මොකක්ද?

සාක්කිකාරිය - නම දැනගන්න මට අවශ්‍යතාවක් නැහැ.

නීතිඥ - තමාට හැමදෙයක්ම මතක නැහැ. පොලිසියට දුන් කටඋත්තරය පමණක් මතකයි.

සාක්කිකාරිය - එවැනි දෙයක් අමතක වන්නේ නැහැ.

නීතිඥ - අනුර කඩේ නි‍වසේ මිදුලේ සිටියා නම් පාරේ වම්පස දකුණුපස පෙනෙන්නේ නැහැයි මා යෝජනා කරනවා.

සාක්කිකාරිය - ඉදිරියට සියල්ල පෙනෙනවා.

නීතිඥ - ඡායාරූපයක් පෙන්වමින් අනුර කඩේ පිහිටීම සම්බන්ධයෙන් සාක්කිකාරියගෙන් ප්‍රශ්න විමසීය.

අනුර කඩේ අයිතිකරුගේ නිවෙස ඡායාරූපයෙන් පෙනෙනවද?

සාක්කිකාරිය - නැත.

නීතිඥ - ඔය ඡායාරූපයෙත් අනුර කඩේ මුදලාලිගේ නිවස පේන්නේ නැහැ.

සාක්කිකාරිය - නැත.

නීතිඥ - තමා‍ට යෝජනා කරන්නේ අනුර කඩේ සිට බලනවිට නිවෙස පෙනෙන්නේ නැති සේම නිවස ඇතුළේ සිටිය දී පාරේ වෙන දේවල් පේන්නේ නැහැ.

සාක්කිකාරිය - යාර 200, 300 බලන්න බැහැ යම්තාක් දුරකට පේනවා.

නීතිඥ - අනුර කඩේ මුදලාලිගේ මිදුලට කවුද ආවේ?

සාක්කිකාරිය - සෙනඟ ඉදිරියට ආවා.

නීතිඥ - යාර 200 දුර සිට සෙනඟ එනවා ඔබට පෙනුණා.

සාක්කිකාරිය - කිසිම සිද්ධියක් පාරේ සිදුවුණේ නැහැ. සෙනඟ එනවා දැක්කා.

නීතිඥ - තමන් දැක්කද කවුද ආවේ කියලා?

සාක්කිකාරිය - පිරිසක් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ආවා.

නීතිඥ - තමාගේ කටඋත්තරයේ දී තිබෙනවා මේ සිද්ධිය වුණේ අනුර කඩේ මිදුලේ බව?

සාක්කිකාරිය - අනුර කඩේ මිදුලේ බවට කිව්වා.

නීතිඥ - අනුර මුදලාලිගේ නිවස හෝ අනුර කඩේ මිදුලේ කියලා තමා කිසිතැනක සඳහන් කර නැහැ.

සාක්කිකාරිය - අනුර කඩේ මිදුලේ බව සඳහන් කොට තිබෙනවා.

නීතිඥ - තමා කිසිම අවස්ථාවක පොලිසියට කියලා නැහැ මෙම සිද්ධිය වුණේ අනුර කඩේ මිදුලේ කියලා?

සාක්කිකාරිය - මතක නැහැ.

නීතිඥ - අනුර කඩේ මිදුලේ මෙම සිදුවීම වූ බවට තමා කටඋත්තර දී නැති බවට යෝජනා කරනවා.

සාක්කිකාරිය - මතක නැහැ.

නීතිඥ - කී ටැග් එක දුමින්ද බැලුවද?

සාක්කිකාරිය - අශෝක රාජපක්ෂ කී ටැග් එක බිමට දානවා දැක්කා.

නීතිඥ - අශෝක රාජපක්ෂගේ කී ටැග් එක කඩලා බිම දානවා ඔබ දැක්කද? දිවුරලා එසේ කිව්වා නම් එය බොරුවක්ද?

සාක්කිකාරිය - කී ටැග් එක බිමට දානවා දැක්කා.

නීතිඥ - මේ සම්බන්ධව තමා කොතැනකවත් ප්‍රකාශ කරලා නැහැ.?

මේ අවස්ථාවේදී සාක්කිකාරිය විසින් රහස් පොලිසියට 2010/10/11 දුන් ප්‍රකාශයේ අශෝකා රාජපක්ෂ තමාගේ ස්වාමි පුරුෂයාගේ ඡායාරූපය ඇතුළත් කී ටැග් එක කඩා බිමට දැමූ බව සඳහන් කර නැති බවට ඌනතාවයක් මෙහිදී නීතිඥවරයා නම් කරනු ලැබීය.
නීතිඥ - ඉන් පස්සේ මොකද වුණේ?

සාක්කිකාරිය - මන්ත්‍රීතුමා කම්මුලට එකපහරක් එල්ල කළා.

නීතිඥ - පහර දුන්නේ ඇයි කියලා දන්නවද?

සාක්කිකාරිය - දන්නේ නැහැ.

නීතිඥ - මන්ත්‍රීතුමා ඉන්පසුව මොකද කළේ?

සාක්කිකාරිය - මන්ත්‍රීතුමා කාටද ඡන්දෙ දැම්මේ කියලා ඇහුවා. අශෝක ලංකාතිලකගේ සහෝදරිය මා නිවස තුළට ඇදගෙන ගියා.

නීතිඥ - අනුර කඩේ මුදලාලි කොහේද හිටියේ.

සාක්කිකාරිය - දන්නේ නැහැ.

නීතිඥ - එම ස්ථානයට එස්.ටී.එෆ්. නිලධාරියෙක් ආවා කියනවා. රජයේ සේවකයෙක් අනුර කඩේ රාජකාරි කළා කියලද?

සාක්කිකාරිය - පාරේ හිටියේ‍.

නීතිඥ - කොහොම හරි සිද්ධිය වූ ස්ථානයට එස්.ටී.එෆ්. එකේ නිලධාරියා ආවා.

සාක්කිකාරිය - ඔව්‍.

නීතිඥ - දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා තමාට කිසිම හිරිහැරයක් කළේ නැහැ.

සාක්කිකාරිය - කාටද ඡන්දෙ දැම්මේ කියලා ඔහු ඇහුවා. ප්‍රසන්නට දැම්මා කිව්වා. පසුව අත දිගු කරමින් මන්ත්‍රීතුමා එනවිට ළඟ සිටි පින්කි මාව ගෙතුළට ගෙන ගියා.

නීතිඥ - දුමින්ද වෙන කාටත් පහර දෙනවා දැක්කද?

සාක්කිකාරිය - ගාලගෝට්ටියක් දැක්කා. මාමාගේ පසුපස කට්ටියක් එළවනවා දැක්කා. හෙල්මට්වලින් ගැහැණු අයට ගහනවා දැක්කා.

නීතිඥ - රහස් පොලිස් ප්‍රකාශයේ හෙල්මට්වලින් පහරදීමක් පිළිබඳව තමා දැක්කා කියලා නැහැ.

සාක්කිකාරිය - පිළිතුරක් නැත.

නීතිඥ - තමා දැක්කද ආපු පිරිස පිටවනවා?

සාක්කිකාරිය - දුමින්ද සිල්වා මා නැවත නිවෙසින් එළියට එනවිට හිටියේ නැහැ.

නීතිඥ - ඉන්පසු අනුර කඩේ ගෙදර මාව ගේ තුළට රැගෙන ගොස් කාමරයට දමා දොර වැසුවා කියලා කිව්වා ද?‍

සාක්කිකාරිය - කාමරයට ගෙන ගියේ නැහැ. මට මතක නැහැ.

නීතිඥ - පොලිසියට තමා ප්‍රකාශ කොට තිබෙනවා. තමාගේ ප්‍රකාශයේ කිසිම තැනක ග්‍රිල් ගේට්ටුව පිළිබඳව සඳහනක් නැහැ. තමා කියන්නේ බොරුවක් බවට මා යෝජනා කරනවා.

සාක්කිකාරිය - ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥ - තමාගේ පුරුෂයා කොයි අවස්ථාවේද එතැනට ආවේ?

සාක්කිකාරිය - මතක නැහැ.

නීතිඥ - විනාඩියකින් පැමිණියා කියා තමා ප්‍රකාශ කර තිබෙනවා නම් එය නිවැරදිද?

නීතිඥ - ප්‍රසන්න එතැනට එන්න කලින් තමා ඔහුට දුරකථනයෙන් දැනුම් දුන්නද?

සාක්කිකාරිය - දැනුම් දුන්නා. මෙතැනට නොඑන ලෙස.

නීතිඥ - භාරත ලක්ෂ්මන්ට දැනුම් දුන්නද?

සාක්කිකාරිය - නැත.

නීතිඥ - ප්‍රසන්න භාරතට මේ බව දැනුම් දුන්නද?

සාක්කිකාරිය - මට මතක නැහැ.

නීතිඥ - තමන්ට අවශ්‍ය දේවල් මතක නැහැ. දුරකථන ඇමතුම දුන් එක මතකයි. කිව්දේ මතක නැහැ.

නීතිඥ - තමා අසත්‍ය සිදුවීමක් හිතා මතා ගොතා තම පුරුෂයාට පැවසීම නිසා මෙම සිද්ධිය වුණා.

සාක්කිකාරිය - මම ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥ - භාරත ළඟ සිටි දමිත් ජයතිලක දුමින්ද සිල්වාගේ නළලට වෙඩි තියා ඔහුට මරණීය තුවාල කළා.

සාක්කිකාරිය - ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥ - කොළොන්නාව ප්‍රදේශයේ සංවිධානකම ඉල්ලා ඉල්ලුම් පත්‍ර යොමු කොට තිබෙනවා. බොරු සාක්කි දෙන්නේ තම පුරුෂයාට එම ආසන සංවිධානකම ලබා දෙන්න.

නීතිඥ - තමාගේ බොරුව නිසා තිදෙනෙක් ඝාතනය වුණා. දුමින්ද සිල්වාට මරණීය තුවාලවු බවට මා යෝජනා කරනවා.

සාක්කිකාරිය - ප්‍රතික්ෂේප කරනවා.

12 වන විත්තිකරු වෙනුවෙන් ද මෙහිදී ප්‍රශ්න කිහිපයක් සාක්කිකාරියගෙන් විමසනු ලැබිණ.
අනතුරුව සාක්කි විභාගය යළි කැඳවීම ලබන මස 1 වන දිනට මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් කල් තබනු ලැබුවේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත මුදලිගේ, රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර, ස්ථානාධිපති මෙරිල් රංජන් ළමාහේවා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය, අනිල් ද සිල්වා, තුසිත බෝපගේ, ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටියහ.

-(උපුටා ගැනීම- දිනමිණ)

මරණ ලැයිස්තුවේ උඩටම මංගල සමරවීර ..

Target-news -  මංගලට මරණ තර්ජන
____________ කතානායක ආරක්ෂාව සලසයි
Plot to assassinate me says Mangala
   
පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුනට (24දා) සිට සමානව ආරක්ෂාව සලසන ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා පොලිස්පතිට නියෝග කළේය.
කතානායකවරයා එසේ ප්‍රකාශ කළේ තමාට මරණ තර්ජන ඇතැයි මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව සමයේදී තමා ඝාතනයට ලක් කිරීමට සිටින බව කියන කිහිප දෙනකුගේ නම්ද සමරවීර මහතා ඉදිරිපත් කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සියළුම දෙනා කැදවා පෞද්ගලිකවම සාකච්ඡාවක් පවත්වන බව කතානායකවරයා ප්‍රකාශ කළේය.                                                                          

United National Party (UNP) Parliamentarian Mangala Samaraweera today informed the House that there is a plot to assassinate him and added that he had brought the matter to the notice of the Police Chief N. K. Illangakoon.

Speaker Chamal Rajapakse said that he would look into the matter and will instruct the Police Chief to provide adequate security to MPs on all sides of the political divide.

Speaker Rajapakse also said that he would meet with the relevant security officials and discuss the matter further.

2013 ඔක්තෝබර් මස 24- ආරියරත්න රණබාහු-THURSDAY, 24 OCTOBER 2013
පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුනට (24දා) සිට සමානව ආරක්ෂාව සලසන ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා පොලිස්පතිට නියෝග කළේය.
කතානායකවරයා එසේ ප්‍රකාශ කළේ තමාට මරණ තර්ජන ඇතැයි මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව සමයේදී තමා ඝාතනයට ලක් කිරීමට සිටින බව කියන කිහිප දෙනකුගේ නම්ද සමරවීර මහතා ඉදිරිපත් කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සියළුම දෙනා කැදවා පෞද්ගලිකවම සාකච්ඡාවක් පවත්වන බව කතානායකවරයා ප්‍රකාශ කළේය. 

Wednesday 23 October 2013

හිටපු අගවිනිසුරු ශිරාණි අසරණ වෙයි.



හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය නීති සංගමය හා එංගලන්තයේ හා වේල්සයේ මානව හිමිකම් කමිටුව මැදිහත් වීම සඳහා ඉදිරිපත් කළ අයදුම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද ඉවත දැමීය.

රුහුණේ සණස වසා දමයි.



රුහුණු සේවය වසරකට බද්දට ගත් සණස මීඩියා නෙට්වර්ක් ආයතනය මාස හතරකින් ඉන් ඉවත් විය.
සණස සමග රුහුණ යනුවෙන් රුහුණු සේවයේ නම ද වෙනස් කළ නව පාලනය කියනුයේ රුපියල් ලක්ෂ 15ක් මාසික කුලිය ගෙවිය යුතු වුවත් ආදායම රුපියල් ලක්ෂ තුනකට වඩා නොලැබෙන බවයි.
රුහුණු සේවයේ කාර්ය මණ්ඩලය යළි ඔක්තෝබර පළමුවැනි දා සිට විනාශන කටයුතු සිදු කරගෙන යයි.

ශ්‍රී. ලං. නි. ප . යට මුල අමතක වෙලා --අතුරලියේ රතන හිමි වදාරයි .

Patalee1
සුරාව, සූදුව, පාතාලය, ගණිකා වෘත්තිය රජකරවීමට මාර්ගය සැලසූ කැසිනෝ පනත වහාම හකුලා ගැනීම මුළු මහත් ජාතියම ලත් ජයග්‍රහණයක් බව විද්‍යා තාක්ෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසුවේය. කැසිනෝ පනතට එරෙහිව ජාතික හෙළ උරුමයේ කටයුතු සම්බන්ධව ඊයේ (22) බත්තරමුල්ල ජාතික හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කරමින් ඇමැතිවරයා එසේ කීවේය. එහිදී තවදුරටත් කතා කරමින් ඇමැතිවරයා මෙසේද කීය. කැසිනෝ ව්‍යාපාරය ශ්‍රී ලංකාවට හඳුන්වා දී රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යම් පිරිසක් කල්පනා කරන්නේ නම් එය ලෝක විහිළුවක්.
සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් බරපතළ ගැටලු රැසක් ඇති වීමට ඉඩ තිබෙනවා. එය මැනැවින් අධ්‍යයනය නොකර යම් තීන්දු තීරණ ගැනීමේදී ඇති වන භයානක ප්‍රතිඵල අත්විඳින්නේ අනාගත පරපුරයි. වත්මන් ආණ්ඩුව කැසිනෝ සම්බන්ධ යෝජනාව 2011 දී ගෙන ආවා. එයට එරෙහිව එදත් අප කතා කළා. එහිදී කළු සල්ලිකාරයන් ශ්‍රී ලංකාවට විත් සංස්කෘතිය සදාචාරය සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට ඇද දමනවා.
කළු සල්ලිකාරයන්ගේ සල්ලි මත යැපෙන ගණිකාවන්, සල්ලාලයන් පාතාලයේ අපරාධකරුවන් මුළු රට පුරාම රජ කරන්න ඉඩකඩ සලසා ගන්නවා.
එසේ ව්‍යාපාරික ලෝකයේ ධනකුවේරයෝ ආණ්ඩු පෙරළන්න මෙන්ම ආණ්ඩු හදන්න සූදානම් වෙන්න ඉඩ තිබෙනවා.
මහින්ද චින්තනයට අනුගතව ආණ්ඩුව ඉදිරියට යනවා නම් සුරාවෙන් සූදුවෙන් තොර දැහැමි සමාජයකට මං පෙත් විවර කළ යුතුයි.
මෙම පනත සම්පූර්ණයෙන්ම රජය හකුලා ගත්තා කියා නිහඬ වෙන්න බැහැ. අනාගතේ මීට වඩා භයානක පනත් ගෙන ඒමට ඉඩ ඇති නිසා මීට අවධානයෙන් සිටිය යුතු යැයි ද හෙතෙම කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි
මුළු මහත් ජාතියේම ආධ්‍යාත්මික ගුණාංග බිඳ හෙලීමට යම් පිරිසක් කටයුතු කරන්නේ නම් ඔවුන් ඇස් පනාපිටම පරිහානිය කරා ගමන් කරනවා.
මහජන නියෝජිතයෝ ජනතාව මුලා කිරීමට බොරු කියනවා නම් ඔවුන්ප්‍රතික්ෂේප කිරීම ජනතාවගේ යුතුකමක්.
මේ රජයේ ඇතැම් නිලධාරීන් ජනාධිපතිවරයාත් අභිබවා කටයුතු කරන අවස්ථා දක්නට ලැබෙනවා. රජයේ ගැසට් පත්‍රය නිකුත් කළේ මේ සම්බන්ධව කිසිම වග විභාගයක් නොකර බව මුළු රටම දන්නවා. රජය ජනතාව නොමග යැවීමට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් වුණත් කටයුතු කිරීමට ජාතික හෙළ උරුමය සූදානම්.
මේ පනතට රජයේ ඇමැතිවරු හිතට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සිදුවන බව පැවැසුවා. මේ පිළිබඳව ජනමතය විමසිය යුතුයි. අනාගත පරම්පරාව සූදුකාරයන් කරන පනත අහෝසි කිරීමට ලැබිම වාසනාවක්.
එදා මේ රට පාලනය කළ දිවංගත අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා සුරා පනතට එරෙහිව කටයුතු කළා. ශ්‍රීල.නි.ප. නියෝජනය කරන ඇතැම් මැති ඇමැතිවරුන්ට ඒ අතීතය අමතක වී ගොස් යැයි ද ඒ හිමියෝ කීහ.
බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කතා කරමින් මෙසේ කීය.
ශ්‍රී ලංකාව ජෙම්ස් ජැකර්ගේ කොළනියක් කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මහින්ද චින්තනයට පිටුපා වැරදි මාවතක රජය ගමන් කරන්න සූදානම් වන්නේ නම් ඊට එරෙහි ජනතාව සමග පෙළ ගැසීමට ජාතික හෙළ උරුමය සූදානම්.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඇදුම් අන්දන ක්‍රිකට් සභාපති ..


හමීඩියා ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ ෆවුසුල් හමීඩ් මහතා (වමේ සිට තෙවැන්නා) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති ජයන්ත ධර්මදාස මහතාට අදාළ අනුග්‍රහකත්වය ලබාදුන් අවස්‌ථාව ඡායාරූපයේ දැක්‌වේ. එම අවස්‌ථාවට සහභාගි වූ ඈෂ්ලි ද සිල්වා (ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වැඩබලන ප්‍රධාන විධායක), චින්තක වනිගසේකර (සාමාන්‍යාධිකාරී - හමීඩියා සමූහය) සහ නුස්‌කි මොහොමඩ් (ශ්‍රී ලංකා ක්‍රිකට්‌ භාණ්‌ඩාගාරික) යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

ඉදිරි වසර තුනක කාලයක්‌ සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නිල උත්සව ඇඳුම් සැපයීමේ අනුග්‍රාහකයා ලෙස 'හමීඩියා' සමාගම ඉදිරිපත්ව සිටියි.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනූ 1996 වසරේදීද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නිල උත්සව ඇඳුම් සපයන්නා ලෙස හමීඩියා සමාගම කටයුතු කරන ලදී.

අදාළ මාධ්‍ය හමුවේදී හමීඩියා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ෆවුසුල් හමීඩ් මහතා අදහස්‌ දක්‌වමින්, 'මම පළමුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මාධ්‍ය හමුවට සම්බන්ධ වුණේ 1996 ලෝක කුසලාන තරගාවලි සමයේදී. අපේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ලෝකයේ සුපිරි ක්‍රීඩකයන් වුවත් තැනට සුදුසු ඇඳුම් ඇදීම පිළිබඳව වැටහීමක්‌ නැහැ.' යනුවෙන් පැවසීය.

'විශේෂයෙන් ඇන්ජලෝ මැතිව්ස්‌ සහ කුමාර් සංගක්‌කාර තැනට සුදුසු ඇඳුම් තෝරා බේරා අදින ක්‍රිකට්‌ ක්‍රීඩකයන් විදිහට මම දකිනවා. අනිත් කට්‌ටියට ඒ පිළිබඳව වැටහීමක්‌ නැහැ. ඒ හින්ද අපි මේ අනුග්‍රහකත්වය යටතේ ඇඳුම් විලාසිතා පිළිබඳව ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මීට වසර තුනකට පෙරත් එවැනි වැඩසටහනක්‌ කරල තියෙනවා. උදේට අදින ඇඳුම් මොනවද, හවසට මොනවද අඳින්නෙ රාත්‍රියට මොනවද අදින්නෙ යනුවෙන් සහ උත්සව අවස්‌ථාව අනූව කොහොමද විලාසිතා කරන්නෙ කියන ගොඩාක්‌ දෙවල් අපි මේ අනුග්‍රකත්වය යටතේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට උගන්වන්න බලාපොරොත්තු වෙනවා.' යනුවෙන් හමීඩ් මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට අමතරව ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ, ශ්‍රී ලංකා 'ඒ' සහ ශ්‍රී ලංකා කාන්තා කණ්‌ඩායම්වලටද අදාළ අනුග්‍රහකත්වය ලබාදීමට හමීඩියා සමාගම කටයුතු කරන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වැඩ බලන ප්‍රධාන විධායක ඇෂ්ලි සිල්වා මහතා සඳහන් කර සිටියේය.

කොස්ගම පොලිසිය පොලිස් දෙපාර්තුමේන්තුවම ලැජ්ජ කරයි.....


* කුස්‌සියට ඇත්තේ පුටු තුනයි
* රෑට කාලා නිදාගන්නේ බස්‌ එකේ
* නිලධාරීන් 56 දෙනාටම වැසිකිළි දෙකයි
* සැරයන්වරුන්ගේ කාමරය කඩා වැටෙන්න ඔන්න මෙන්න
කොස්‌ගම පොලිස්‌ ස්‌ථානය පසුගිය දින කීපය තුළ සමාජයේ ඉමහත් කතිකාවතට ලක්‌ වූ පොලිසියක්‌ විය. එවකට සිටි පොලිස්‌ නිලධාරීන් කීපදෙනකු එක්‌ වී කළ නීති විරෝධී සහ සමාජ විරෝධී ක්‍රියා නිසා, එයට දඬුවම් විඳින්නේ එම පොලිස්‌ ස්‌ථානයෙන් මාරු කළ නිලධාරීන් පනස්‌හයදෙනකු සහ එම පොලිස්‌ ස්‌ථානයට මාරුවීම් ලබා පැමිණි නිලධාරීන් පිරිසත්ය.

මේ වන විට මෙම පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌ත කර එවා ඇත්තේ රඹුක්‌කන, ඇඹිලිපිටිය. මාවනැල්ල. කෑගල්ල, වරකාපොල, රක්‌වාන, ගලිගමුව වැනි ඈත එපිට ප්‍රදේශවල සේවය කළ පොලිස්‌ සැරයන් සහ පොලිස්‌ කොස්‌තාපල්වරුන් ය.

මෙම පොලිස්‌ නිලධාරීන් පනස්‌හයදෙනාටම පාවිච්චි කිරීමට ඇත්තේ වැසිකිළි දෙකක්‌ පමණි. ස්‌නානය කිරීමට මොනම පහසුකමක්‌ හෝ නොමැත. පොලිස්‌ පරීක්‍ෂක සහ උප පොලිස්‌ පරීක්‍ෂක මහතුන්ට රාත්‍රිය ගත කිරීමට ඇත්තේ පොල් අතු සෙවිලි කළ අඩි තුනක්‌ උසට කටුමැටි ගසා සැකසූ මඩුවකි. දුෂණ වංචා සහ මත්ද්‍රව්‍ය මැඬලීම්, වැටලීම්, නිවාරණයේ යෙදෙන මෙම නිලධාරින්ගේ අනාරක්‍ෂිත නිවස්‌නය ඔවුන්ගේ ජීවිතවලට ද තර්ජනයකි.

උසස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ විමර්ශනකාරී දෙනෙත් මෙම අඩුපාඩු සම්බන්ධයෙන් යොමු නොවන්නේ ඇයි දැයි කොස්‌ගම පොලිස්‌ පොඩ්ඩෝ විමසති.

මෙම පොලිස්‌ ස්‌ථානයට භෝජනාගාරයක්‌ නොමැත. ඔවුන්ගේ භෝජනාගාරය වී ඇත්තේ කුඩා ඉඩ ප්‍රමාණයකින් යුක්‌ත මුළුතැන්ගෙය පමණි. එහි ඇති කබල් පුටු තුනක වාඩි වී ආහාර ගන්නවා හැර කළ හැකි අන් යමක්‌ ඔවුන්ට නොමැත.

පොලිස්‌ සැරයන්වරුන්ට වෙන් වී ඇත්තේ කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියා ආසන්න වී ඇති කුඩා කාමරයකි. එහි බිත්ති පුපුරා ඇත. වහළයට සෙවිලි කර ඇති ටකරන් තහඩු තැලී , පොඩි වී දිරාපත් වී ඇත. එම කුඩා කාමරයේ ඇඳන් හතරක්‌ පමණක්‌ තැබීමට ඉඩකඩ ඇත. රාත්‍රිය ගත කිරීමට මෙම නිලධාරීන්ට ස්‌ථාන නොමැති හෙයින් ආරක්‍ෂාව පිණිස ලංගම බස්‌ රථ පොලිසිය ඉදිරිපිට නවතා ඇති බැවින් එම ලංගම බස්‌ රථ තුළ මෙම නිලධාරීන් නිදා ගනිති.

මෙම පොලිස්‌ ස්‌ථානයට කම්කරුවන් නොමැත. මෙවන් තත්ත්වයක්‌ තුළ කම්කරුවන්ගේ අඩුපාඩුව ද පිරවිය යුත්තේ පොලිස්‌ රාළහාමිලා විසිනි.

පොලිස්‌ සැරයන්වරු සහ කොස්‌තාපල්වරුන් තවත් පහළොස්‌දෙනකු පමණ අඩු බව පොලිස්‌ පොඩ්ඩෝ පවසති.

මෙවන් අක්‍රමවත් සහ අවිධිමත් වැඩපිළිවෙළක්‌ තුළ මෙම පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් සැරයන්වරුන් සහ කොස්‌තාපල්වරුන් විශාල මානසික පීඩනයක්‌ ඇතිව සේවය කරති. ඔවුන්ගේ ගම් බිම් දුර බැහැර හෙයින් රාජකාරියෙන් පසු නිවෙස්‌ වලට යා නොහැක. හෝටල් සහ කෑම සපයන ස්‌ථානවලින් කෑම බීම මිලට ගත යුතුය. ඔවුන් පවසන්නේ zකඩෙන් රෑට කාල බස්‌ ඇතුළෙයි, අගුපිල්වලයි මදුරුවො තල තලා ඉඳල පහුවදාට නැවතත් සේවය කළ යුතු බවකි.

ඇමැති වැටුප කන්නත් මදියි කි,එස් .බි ඇමති කැසිනෝ හලේදී රුපියල් දහාහතර දහසක ඔට්ටුවක් අල්ලයි.



කැසිනෝ ක්‍රීඩාව ගැන එක එක උදවිය එක එක කතා කිව්වත් එය හොඳ සූදුවක්‌. මේ වසරේ මුල් භාගයේදී ඇමරිකාවේ කැසිනෝ පුරයේදී මාත් කැසිනෝ ගැහුවා යෑයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා "දිවයින"ට ඊයේ (23 දා) පැවැසීය. ඇමැතිවරයා ඒ පිළිබඳව අදහස්‌ දක්‌වමින් මෙසේද පැවැසීය.

"අපේ මිනිස්‌සු කැසිනෝ ක්‍රීඩාවට හුඟාක්‌ කලබල වෙලා. ඔවුන් එක එක මත ඉදිරිපත් කරනවා. මම ඇමරිකාවේදී කැසිනෝ ගැහුවේ වරකට ඩොලර් දෙක ගණනේ."
"හැබැයි කැසිනෝ එකේ වැඩ කරන කෙල්ලෝ මට කිව්වා ඩොලර් එකසිය හතළිහ ගණනේ ඔට්‌ටු දාන්න කියලා. ඒ ගැටවලට මම අහුවුණේ නැහැ."

"කැසිනෝ සූදු ක්‍රීඩාව ශ්‍රී ලංකාවේත් පවත්වාගෙන යන එක හොඳයි. විදේශිකයන් අප රටට ඇවිල්ලා රුපියල් කෝටි ගණන් මුදල් මේ සඳහා වියදම් කරනවා. ඒක කොච්චර හොඳ වැඩක්‌ද? අපේ ශ්‍රී ලාංකිකයෝ වුණත් ඒකට ගියාදෙන්.

 කැසිනෝවලට විරුද්ධව එක එක උදවිය කියන කතා, අදහස්‌ උදහස්‌වලටත් අපි තැනක්‌ දෙන්න ඕනෑ.
"ශ්‍රී ලංකාවේ උදවියට පමණක්‌ කැසිනෝ තහනම් කිරීමේ වරදක්‌ නැහැ."

විපක්ෂ නායක ධුරය එ.ජ.ප ලේකම් විසින් අත්හිටුවයි.

දෙවුන්දර ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ධුරය දැරූ තුෂාර විඡේසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කළ බවට එජාප මහලේකම් තිස්‌ස අත්තනායක මහතා විසින් ඒ මහතාට දන්වා ඇත.

එජාප මහලේකම්වරයා විසින් ලිපියක්‌ යොමුකරමින් මෙම අත්හිටුවීම සිදුකර ඇත. කෙසේ වෙතත් ඒ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කළ බවට එම ලිපියේ දන්වා නොමැත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තුෂාර විඡේසූරිය මහතා කියා සිටියේ තමා තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධව හේතු මහලේකම්වරයාගේ ලිපියෙන් පැහැදිලි කර නැති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් විය යුතු යෑයි කියමින් පසුගියදා මෛත්‍රී ගුණරත්න පාර්ශවයෙන් පැවැත්වූ විරෝධතා පාගමනට දෙවුන්දර විපක්‍ෂ නායකවරයාද දායකත්වය දක්‌වා ඇත.