Tuesday 31 December 2013

දෛවය 2014 අලුත් අවුරුද්ද ඔබට කොහොමද?

Sumanadasa Abeygunawardena

ඉන්දියන් එක්සලන්සි සම්මානලාභී, ජනාධිපති ජ්‍යෝතිෂ්‍ය උපදේශක, ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී
සුමනදාස අබේගුණවර්ධන මහතා

ඉදිරිපත් කරයි.



මේෂ ලග්නය



මේෂ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ රෝගස්ථානයේත් - ආත්මකාරක රවි, සඳු හා බුධ සමගින් සංයෝගව භාග්‍යස්ථානයේත් - උච්ඡු ශනි / රාහු සමඟ සංයෝගව විවාහක ස්ථානයේත්, බ‍්‍රහස්පති වික‍්‍රමස්ථානයේත් - කලාකාමි සිකුරු කර්මස්ථානයේත් - කේතු ලග්නභාවයේත් ගෝචරව පවතින මොහොතක ගුරු හා බුධ පරිවර්තනය වෙමින් සමඵල උදාකරන වික‍්‍රම පරිවර්තන යෝගය ද ශනි හා සිකුරු පරිවර්තනය වෙමින් ශූභ ඵල උදා කරන කලත‍්‍ර පරිවර්තන යෝගය ද උදාව පවතින මොහොතකයි පින්වත් ඔබට 2014 නව වර්ෂය උදා වන්නේ.

අධ්‍යාපනය
ප‍්‍රාථමික අධ්‍යාපන කටයුතු වල නිරත වන දූ පුතුන්ට මෙම වර්ෂය ඉතා යහපත් වේ. හොඳ මානසික උද්යෝගයෙන් යුතුව අධ්‍යාපන කටයුතු වල නිරත වීමට භාග්‍ය උදාවනු ඇත. උසස් අධ්‍යාපන හා තරඟ විභාග කටයුතුවලට යොමුවන අයගේ පැතුම් ද මල් පල ගන්වනු ඇත. වෘත්තීය අංශයේ උසස් අධ්‍යාපනයේ නියැලෙන්නන්ට හා අපේක්ෂාවෙන් පසුවන්නන්ට ද මෙම වර්ෂය භාග්‍යවත් වනු ඇත.

ආදායම හා රැකියාව
සංචාරක ක්ෂේත‍්‍රයේ රැකියා හා ව්‍යාපාර කරන්නන්ට තම ආර්ථිකය ප‍්‍රවර්ධනය කර ගැනීමට මෙම වර්ෂය මහෝපකාරි වනු ඇත. කලාකාමී කටයුතු වලින් ද රෙදිපිලි හා විසිතුරු භාණ්ඩ අලෙවිකරුවන්ගේ ද ආර්ථික තත්ත්වය ඉහළ යනු ඇත. කුඩා පරිමාණයේ ව්‍යාපාර හා සුළු රැකියා වල නිරත වන්නන් හටද තම තත්ත්වය දියුණු කරගැනීමට මෙම වර්ෂය මහෝපකාරී වනු ඇත. රැකියාවන් බලාපොරාත්තු වන්නන්ට රැකියා අවස්ථා හිමිවනු ඇති අතර නව ව්‍යාපාරික අවස්ථාවන්ට යොමුවීම් අපේක්ෂාවෙන් පසුවන්නන්ගේද අපේක්ෂා මෙම වර්ෂය තුලදී මුදුන්පත් වනු ඇත.

ගෘහ පැවැත්ම
වසරේ මුල් භාගය තුළ පවුලේ සහෝදර සහෝදරියන් සමග සමගියෙන් කටයුතු කිරීමට අවස්ථාව උදාවන අතර සහෝදරයන්ගේ කටයුතු වෙනුවෙන් තම කාලය කැප කිරීමටද සිදුවනු ඇත. විවාහ ජීවිත ගත කරන්නන්ගේ දිවියට කිසියම් ආකාරයක ගැටළු මතුවීමට ඉඩ ප‍්‍රස්ථාව ඇතත් වසර අවසන් වීමට පෙර අන්‍යෝන්‍ය අවබෝධය තුළින් ගැටළු නිරාකරණය කරගෙන සමගියෙන් කටයුතු කිරීමට භාග්‍ය උදාවනු ඇත. විවාහ අපේක්ෂාවෙන් පසුවන්න්ටද තම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ කරගැනීමට මෙම වර්ෂ්‍ය අවසානය දක්වා සිටීමට සිදුවිය හැකි අතර අලූතින් සම්බන්ධතා ඇතිකර ගැනීමේදී ඉතා සැළිකිලිමත්වීම තම යහපතට හේතුවනු ඇත.

සෞඛ්‍ය
වර්ෂය ආරම්භය සමග ලග්නාධිපති කුජ රෝගස්ථානයේ ගමන් කිරීම හේතුවෙන් මෙම වර්ෂය තුළදී ඔබට බොහෝ රෝගබාධවලට ලක්වන්නට සිදුවිය හැකි බැවින් තම සෞඛ්‍ය තත්ත්වය හා ආරක්ෂාව පිළිබඳ ඉතාමත් සැලකිලිමත්ව කටයුතු කිරීම යහපත් වනු ඇත. දාහ ගති ඇති උෂ්ණ රෝග, වකුගඩු, උදරාශ‍්‍රිත රෝගාබාධවලට හා කාන්තාවන්ගේ ගර්භාෂගත දුර්වලතා හා ව්‍යාකූලතා මතුවිය හැකි බැවින් ඒ පිළිබඳව සැළකිලිමත්ව කටයුතු කරන්න.

ශුභ දවස් : ඉරිදා, අඟරුවාදා, සෙනසුරාදා
ශුභ වර්ණ : රතු සහ නිල් 
ශූභ මැණික් : රතු කොරල්, රතු මැණික්
ජය අංක : 1, 2, 4, 5, 7, 9




වෘෂභ ලග්නය


වෘෂභ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති භාග්‍යස්ථානයේත්, යෝග කාරක ශනි උච්ච බල සහිතව රාහු සමගින් හය වැන්නේත් සහෝදර කාරක කුජ පස්වැන්නේත්, ආත්මකාරක රවි චිත්තකාරක සඳු හා බුධ සමගින් සංයෝගව අටවැන්නේත් - ධන කාරක ගුරු ධනස්ථානයේත්, ඥණකාරක කේතු වැය ස්ථානයේත්, ගෝචර වෙමින් පවතින මොහොතක දෙවෙනි සහ අටවෙනි භාව අධිපතීන් පරිවර්ථනය වෙමින් අසුභ ‘‘ධන’’ පරිවර්ථන යෝගයක්ද, හය සහ නමවෙනි භාව අධිපතීන් පරිවර්ථනය වෙමින් අසුභ ඵල උදාකරන ‘‘රිපු’’ පරිවර්තන යෝගයද උදාකරමිනුයි 2014 ශ‍්‍රී සුබ නව වර්ෂය ඔබට උදාවන්නේ.

අධ්‍යාපනය
ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන දූ පුතුන්ට මෙම වර්ෂය තරමක් අයහපත් විය හැක. විනෝදයට හා සෙල්ලමට වැඩිපුර කාලය යොමු කරන බවක් පෙන්විය හැකිය. උසස් අධ්‍යාපන කටයුතුවලට නිරතවන අයට ඉතා යහපත්ය. වෘත්තීය පුහුණු හා තරඟ විභාග ආදි කටයුතුවල නිරත වන අයට තම අපේක්ෂා මුදුන්පත් කරගත හැකිවනු ඇත. විදේශ අධ්‍යාපන කටයුතුවල නියැලෙන්නට අපේක්ෂා කරන අයට තම අපේක්ෂා මුදුන්පත් කරගැනීමට මෙම වර්ෂයේදී හැකියාව ලැබෙනු ඇත.

ආදායම හා රැකියාව
වෘෂභ ලග්නයින්ට බලවත් සුභයෙකු වන ශනි උච්ච බල සහිතව සතුරු ස්ථානයේ ගමන් කරන බැවින් ඔබගේ අදායාම් තත්ත්වය ඉහළ යන බවක් පෙන්නුම් කළද වියදම් පාර්ශවය අධික වන බවක්ද පෙන්වයි. රැුකියා ආයතනය පිළිබඳ කිසියම් ආකාරයක කලකිරීමකට ලක්වන ස්වභාවය මෙම වර්ෂය තුළ දක්නට ලැබිය හැකි අතර රැකියා අපේක්ෂාවන් පසුවන්නන්ගේ බලාපොරොත්තු තවදුරටත් ප‍්‍රමාද වන බවත් පෙන්වයි. වියදම් පාර්ශවය අධික වුවත් ලැබීම් පාර්ශවයද ඉහළ යනු ඇත. අනවශ්‍ය වියදම්වලට නොයන්නේ නම් මෙම වර්ෂය තුළදී ඔබට උදාවන ආර්ථික අපහසුතා බොහොමයක් වළක්වාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ගෘහ පැවැත්ම
යුග ජීවිත ගතකරන අයට මෙම වර්ෂය යහපත් වනු ඇත. පවුලේ සමගිය වර්ධනය කරගැනීමට අවස්ථාව උදාවුවත් දෙදෙනා අතර අන්‍යෝන්‍ය විශ්වාසය පළුදු වී යාමටද අවකාශ ඇති වන්නටද පුළුවන. යුග ජීවිත ගතකරන අය අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම යහපත් වනු ඇත. නව සබඳතා ගොඩනගා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන අයට මෙම වර්ෂය මහෝපකාරී වනු ඇත. ප‍්‍රථමික අධ්‍යාපන කටයුතුවල නිරත වන දූ පුතුන් අනවශ්‍ය මිත‍්‍ර සබඳතා ගොඩනගා ගැනීමෙන් වැළකී සිටීමට සැළකිලිමත් විය යුතුය.

සෞඛ්‍ය
වසරේ ආරම්භයත් සමග ශනි රාහු රෝගස්ථානයේ ගෝචර වන බැවින් අදෘශ්‍යමාන බලවේගවලින් හටගන්නා විවිධ උපද්‍රවවලට ලක්විය හැකිය. මනා සෞඛ්‍යය තත්ත්වයකින් පසුවීමට අවස්ථාව තිබුණත් සුළු සුළු රෝගාබාධයයන්ට ලක්විය හැකිය. සෙම් හා උගුර ආශ‍්‍රිත රෝගාබාධවලට බහුලව ලක්විය හැකිය

ශුභ දවස් : ඉරිදා, බදාදා, සිකුරාදා
ශුභ වර්ණ : සුදු, ක‍්‍රීම්, අයිවරි
ශූභ මැණික් : දියමන්ති, සුදු මැණික්
ජය අංක : 6


මිථුන ලග්නය



මිථුන ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති රවි හා සඳු සමගින් සංයෝගව කලත‍්‍රස්ථානයේත් ධන කාරක ගුරු ලග්නස්ථානයේත් සිකුරු අටවැන්නේත් සහෝදර කාරක කුජ ගෘහස්ථානයේත් උච්ච ශනි - රාහු සමගින් පුත‍්‍රස්ථානයේත් ඥණකාරක කේතු අයස්ථානයේත් ගෝචර වෙමින් පවතින මොහොතක ලග්න හා හත්වැනි භාව අධිපතීන් පරිවර්තනය වෙමින් ශූභ ඵල උදා කරවන‘‘ලග්න’’ පරිවර්තන යෝගයත් පහ සහ අට අධිපතීන් පරිවර්ථනය වෙමින් අශූභ ඵල උදා කරන ‘‘සුත’’ පරිවර්ථන යෝගයත් උදා කරවමින් 2014 ශ‍්‍රී සුබ නව වර්ෂය ඔබට උදාවන්නේ.

අධ්‍යාපනය
ශාස්ත‍්‍රීය අංශවලින් උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට මෙම වර්ෂය ඉතා යහපත් වනු ඇත. ප‍්‍රාථමික අධ්‍යාපනයේ නියැලී සිටින දූ පුතුන්ගේ උද්යෝගය මදක් අඩුවිය හැකිය. එනම් තරඟ විභාගවලින් ජය ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත. වෘත්තකීය පුහුණු පාඨමාලා හදාරන අයට විපුල ඵල නෙලා ගැනීමට අවස්ථාව උදාවනු ැත. විදේශීය උස් අධ්‍යාපනය සඳහා යොමුවීමට අපේක්ෂා කරන අයට තම අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

ආදායම හා රැකියාව
රැකීරක්ෂාවලින් උසස්වීම් බලාපොරොත්තු වන අයට තම අපේක්ෂා මුදුන්පත් කරගැනීමට මෙම වර්ෂයේ මැද භාගයෙන් පසුව අවස්ථාව උදාවනු ඇත. ස්ථාන මාරුවීම්වලටද ඉඩ ප‍්‍රස්ථාව පවතී. ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ නියැලී සිටින අයට තරමක අපහසුතාවලට ලක්වීමට සිදුවුවත් ගුරුගේ මහ දශාව අන්තර් දශාව ගත කරන අයට ජූනි මස 19 න් පසුව ව්‍යාපාර දියුණුව සහ ක්ෂණික ධන ලාභවලට උරුමකම් කීමට අවස්ථාව උදාවනු ඇත.

ගෘහ පැවැත්ම
කුජ ගෘහස්ථානයේ ගෝචර වන බැවින් සිත්තැවුලෙන් කටයුතු කිරීමට සිදුවිය හැකි බැවින් ඉතාමත් ඉවසිලිවන්තව කටයුතු කිරීම මෙම වර්ෂය ඔබට යහපත් වනු ඇත. සතුරන්ගේ සහ ඊර්ෂ්‍යා සහගත පුද්ගලයන්ගේ නිරන්තර පීඩා ඇතිවන්නට ඉඩ ප‍්‍රස්ථාව ඇති බැවින් තමා සමග සිටින මිතුරන්ගේ ද්‍රෝහී ක‍්‍රියා හේතුවෙන් විවිධාකාරයේ මානසික පීඩාවලට ලක්වීමට හැකි බැවින් මිතුරන් ඇසුරු කිරීමේදී ඥණාන්විත වීම ඔබට යහපත් වනු ඇත. යුග දිවි ගත කරන අයට අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට අවස්ථාව හිමිවන අතර නව සබඳතා ගොඩනගා ගැනීමට අපේක්ෂාවෙන් සිටින අයට උසස් අයගේ ඇසුර හිමිවේ.

සෞඛ්‍ය
පෝෂණ ඌනතා හේතුවෙන් හටගන්නා විවිධ රෝගාබාධ, අස්ථි දුර්වලතාවයන්ට විශේෂයෙන්ම ලක්වීමේ අවදානමක් පවමතින බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්වීම යහපත්ය. සෙනසුරු මහ දශා අන්තර් දශා ගතකරන අයව විවිධ උපද්‍රවවලට ලක්විය හැකි මුත් වසර අවසානයත් සමග පවතින රෝගාබාධ සුව අතට හැරෙමින් පවතී.

ශුභ දවස් : බදාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ : කොළ, කහ
ශූභ මැණික් : පච්ච
ජය අංක : 3, 5



කටක ලග්නය




කටක ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති රවි හා බුද සමගින් සංයෝගව ශත‍්‍රැස්ථානයේත් යෝග කාරක කුජ වික‍්‍රමස්ථානයේත්, ධන කාරක ගුරු වැයස්ථානයේත්, සිකුරු කලස්ථානයේත් ඥණකාරක කේතු කර්මස්ථානයේත්, උච්ච ශනි රාහු සමගින් ගෘහස්ථනායේත් ගෝචර වෙමින් පවතින මොහොතක සිව්වෙනි හා 07 වෙනි භාව අධිපතදීන් පරිවර්ථන ශූභ ඵල උදාකරන ‘‘බන්ධු’’ පරිවර්ථන යෝගයද - 6 සහ 12 වන භාව අධිපතීන් පරිවර්ථනය වෙමින් විපරීත රාජ යෝග බලයක් උදාකරමින් පවතින මොහොතකයි ඔබට 2014 ශ‍්‍රී සුභ නව වර්ෂය උදාවන්නේ.

අධ්‍යාපනය
කටක ලග්නයෙන් උපන් ප‍්‍රාථමික අධ්‍යාපනයේ සහ සියළුම ක්ෂේත‍්‍ර තුඝ අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තුවෙනු සිටින සැමට වසර 12 කට පසු අධ්‍යාපනයට සුවිශේෂී යෝගයක් වන බ‍්‍රහස්පති උච්ඡු බල සහිතව ලග්න භාවයට ජූනි මස 19 වන දායින් සපැමිණීමත් සමග උදාවේ. එමගින් සියලූම ක්ෂේත‍්‍ර තුළින් අධ්‍යාපනයේ නියැලීමට අපේක්ෂා කරන කටක ලග්න හිමි සැමට එමගින් විපුල ඵල නෙලා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

ආදායම හා රැකියාව
වසරේ මුල් භාගයේදී වියදම් පාර්ශවය මදක් ඉහළ යන බවක් පෙන්නුම් කළත් මැද භාගයෙන් පසුව ධනය තමා වෙත ගලා එනු ඇත. රැකියා මාරුවීම් හෝ විශ‍්‍රාම ගැනීමට අපේක්ෂාවෙන් සිටින අයට තම සිතැඟි පරිදි කටයුතු නිරාකරණය කර ගැනීමට අවස්ථාව උදාවේ. හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් පසුවන අයට මෙම වර්ෂය ඊට යහපත් වන අතර විදේශ වෙළඳපළ හා ගණුදෙනු කිරීමට අපේක්ෂාවෙන් සිටින අයටද තම අපේක්ෂා මුදුන් පත් කරගැනීමටද මෙම වසරේදී අවස්ථාව උදාවනු ඇත. විසිතුරු භාණ්ඩ, රෙදිපිළි හා රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින සැමටද තම ආර්ථිකය ප‍්‍රවර්ධනය කරගැනීමට මෙම වසරේදී භාග්‍යය උදාවනු ඇත.

ගෘහ පැවැත්ම
යුග ජීවිත ගතකරන අයට ප‍්‍රීතිමත් අයුරින් කටයුතු කිරීමට අවස්ථාව උදාවේ. පවුලේ සමගි වර්ධනය වේ. සහෝදර සහෝදරියන් සමග කටයුතු කිරීමේදී මදක් කල්පනාකාරී විය යුතුය. නැතහොත් විවිධ ගැටුම්, චිත්ත පීඩා ආදීන්ට ලක්වීමට සිදුවේ. ගේ දොර අලංකාර කිරීමට උත්සාහවත් වන වර්ෂයක් වන අතර නව නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන අයටද මෙම වර්ෂය මැද භාගයෙන් පසුව ඊට සුදුසු අවස්ථාවක් උදාවනු ඇත. නව මිත‍්‍ර සබඳතා ගොඩනගා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන අයටද මානසික උද්යෝගයෙන් යුතුව කටයුතු කිරීමට අවස්ථාව උදාවේ. දරුඵල අපේක්ෂාවෙන් පසුවන්නන්ට වාසනාවන්ත දූ පුතුන් ලොවට දායාද කිරීමටද මෙම වසරේදී භාග්‍යය හිමිවනු ඇත.

සෞඛ්‍ය
හෘද ආශ‍්‍රිත රෝගාබාධවලින් පෙලෙන අයට මෙම වර්ෂය එතරම් යහපත් නොවිය හැකි බැවින් තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිසි අවධානයෙන් යුක්තව කටයුතු කිරීම යහපත් වනු ඇත. කායික පීඩා, විෂ මිශ‍්‍ර වීමෙන් වැළඳෙන විවිධ උපද්‍රවයන්වලට ලක්වීමේ අවධානමක් පවතී. විශේෂයෙන් ශනිගේ මහ දශා අතුර දශා රාහුගේ මහ දශා අතුරු දශා ගතකරන අයට සෞඛ්‍යය තත්ත්වය එතරම් යහපත් නොවනු ඇත.

ශුභ දවස් : ඉරිදා, සඳුදා, අඟහරුවාද, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ : සුදු, ක‍්‍රීම්
ශූභ මැණික් : මුතු
ජය අංක : 2, 7, 9


සිංහ ලග්නය




සිංහ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති සඳු හා බුධ සමගින් සංයෝගව පුත‍්‍රස්ථානයේත් යෝග කාරක කුජ ධනස්ථානයේත් සිකුරු සතුරු ස්ථානයේත් ධනකාරක ගුරු අයස්ථානයේත් ඥනකාරක කේතු භාග්‍යස්ථානයේත් උච්ඡුව ශනි රාහු සමගින් වික‍්‍රමස්ථානයේත් ගෝචර වෙමින් පවතින මොහොතක තුන සහ හය අධිපතීන් පරිවර්තනය වෙමින් අශුභ වික‍්‍රම පරිවර්තන යෝගයක් ද පහ සහ එකොලහ අධිපතීන් පරිවර්තනය වෙමින් ශුභ ඵල උදාකරණ සුභ පරිවර්ථන යෝගය ද උදාව පවතින මොහොතකයි ඔබට 2014 ශ‍්‍රී සුභ නව වර්ෂය උදාවන්නේ.

අධ්‍යාපනය
ප‍්‍රාථමික අධ්‍යාපනයේ නියැලී සිටින දූ පුතුන්ට මෙම වර්ෂය ඉතා යහපත්ය. මානසික උද්යෝගයකින් යුක්තව අධ්‍යාපන කටයුතු වල නිරතවීමට අවස්ථාව උදාවේ. තරග විභාග ආදී කටයුතුවලින් ජයග‍්‍රහණ හිමි කර ගැනීමට සිංහ ලග්න දූ පුතුන් භාග්‍යමත් වේ. උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින අයට ද වෘත්තීය අධ්‍යාපනයේ යෙදී සිටින අයට ද මහත් ඵළ නෙළා ගැනීමට මෙම වර්ෂයේදී හැකියාව ලැබෙනු ඇත. ගුප්ත විද්‍යා, ජ්‍යොතිෂ විද්‍යා, කෙරෙහි ද තම සිත යොමුවන බවක් ද පෙන්නුම් කරයි.

ආදායම හා රැකියාව
රැකියා බලාපොරොත්තුවෙන් පසුවන්නන්ගේ පැතුම් ඉෂ්ඨ සිද්ධ වේ. රැකියාවල නිරතව සිටින අයට රැකියා ස්ථානවල තම චරිතයට කැළැල් සිදුවන ආකාරයේ හේතු සකස් විය හැකි බැවින් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන්න. රැකියා ස්ථානවල ඔබට විරුද්ධව සතුරු කුමන්ත‍්‍රණ ද කි‍්‍රයාත්මක විය හැකිය. විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවන්නන්ට තම සිහිනය සැබෑ කර ගැනීමට මෙම වර්ෂයේදී අවස්ථාව උදා වනු ඇත. සිංහ ලග්න හිමි සැමට ලැබීම් අතින් මෙම වර්ෂය ඉතා යහපත්ය. ආනයන අපනයන ක්ෂේත‍්‍රයේ කටයුතු කරන අයට තම ආර්ථිකය වර්ධනය කර ගැනීමට භාග්‍ය හිමිවන අතර හවුල් ව්‍යාපාර ආදී කටයුතු වල නිරතව සිටින සැමට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ගෘහ පැවැත්ම

ගෘහ ජීවිතය සාමකාමී අන්දමින් පවත්වාගෙන යාමට සිංහ ලග්න හිමියන්ට මෙම වර්ෂයේදී අවස්ථාව උදාවනු ඇත. පවුලේ සියළු දෙනා සමග කෙටි විනෝද ගමනකට සම්බන්ධ වීමට ද අවස්ථාව උදා වනු ඇත. සහෝදර සහෝදරියන්ගේ කටයුත්තක් වෙනුවෙන් කාලය වෙන් කිරීමට ද සිදුවන්නනට පුළුවන. විවාහ අපේක්ෂාවෙන් පසුවන අයට කෙටි ගමනක යෙදී සිටින අතරතුරදී සුදුසු සහකරුවෙකු හෝ සහකාරියෙකු මුණ ගැසීමට පුළුවන. බොහෝ දුරට එම සම්බන්ධතාවය යහපත් එකක් වනු ඇත. දරුඵල අපේක්ෂාවෙන් පසුවන අයට මව්පියන්ට භාග්‍යමත් දරුවන් බිහිවන අතර දරුවන් සිටින දෙමාපියන්ට තම දරුවන්ගේ අධ්‍යාපනික ජයග‍්‍රහණ පිළිබද තොරතුරු දැන ගන්නට ලැබෙනු ඇත.

සෞඛ්‍ය
වසර ආරම්භයත් සමග සිංහ ලග්න හිමියන්ගේ සෞඛ්‍යය තත්ත්වය එතරම් යහපත් නොවිය හැක. විශේෂයෙන් දියවැඩියාව වැනි රුධිර ආශ‍්‍රිත රෝගාබාධ මෙන්ම පෙනහළු හා හෘද ආශ‍්‍රිත රෝගාබාධයන්ට බහුලව ලක්වීමේ අවධානමක් පවතී. එවැනි රෝග තත්ත්ව වලින් පෙලෙන අයට සුවවීම මඳක් ප‍්‍රමාදවිය හැකි බැවින් නිසි වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම තම සෞඛ්‍ය තත්ත්වය රැුක ගැනීමට යහපත් වනු ඇත.

ශුභ දවස් : ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
ශුභ වර්ණ : රතු
ශූභ මැණික් : පත්මරාග
ජය අංක : 1,4



කන්‍යා ලග්නය



කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති රවි හා සඳු සමගින් සංයෝගව බන්දුස්ථානයේත් ධන කාරක ගුරු කර්මස්ථානයේත්, කුජ ලග්න භාවයේත් සිකුරු 05 වැන්නේත් ඥාණකාරක කේත මාතෘස්ථානයේත් උච්ච ශනි රාහු සමගින් සංයෝගව ධනස්ථානයේත් ගෝචර වෙමින් පවතින මොහොතක 02 හා 05 අධිපතීන් පරිවර්ථනය වෙමින් ශූභඵල උදාකරන ‘‘බන්ධු’’ පරිවර්තන යෝගයද උදාව පවතින මොහොතකයි ඔබට 2014 ශ‍්‍රී සුභ වර්ෂය උදාවන්නේ.

අධ්‍යාපනය
කන්‍යා ලග්නයෙන් උපන් ප‍්‍රාථමික අධ්‍යාපනයේ නියැලෙන දූ පුතුන්ට සතුටු සිතෙන අන්දමට තම අධ්‍යාපන කටයුතුවල නියැලීමට අවස්ථාව ලැබේ. තරඟ විභාග ආදී කටයුතුවලින්ද ජයග‍්‍රහණ ලැබීමට අවස්ථාව උදාවේ. සෑම ක්ෂේත‍්‍රයකින්ම අධ්‍යාපනයේ නියැලී සිටින අයට යහපත් මානසිකත්වයකින් යුක්තව අධ්‍යයන කටයුතුවල නිරතවන්නට අවස්ථාව උදාවේ. තරඟ විභාග හා වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රතුළ අධ්‍යයන කටයුතු කරන අයටද මෙම වර්ෂය යහපත් වනු ඇත. වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගතවීමට අපේක්ෂාවෙන් පසුවන අයට තම පැතුම් ඉෂ්ඨ සිද්ධ කරගැනීමටද මෙම වර්ෂයේදී හැකියාව ලැබෙනු ඇත.

ආදායම හා රැකියාව
රැකියා බලාපොරොත්තුවෙන් පසුවන අයට තමා සිතනවාටත් වඩා උසස් ආකාරයෙන් රැකියාවක් ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත. උසස්වීම් බලාපොරොත්තු වන අයටද එයද හිමිවන අතර වැටුප් වර්ධනය වීමක්ද සිදුවේ. කන්‍යා ලග්නයෙන් උපන් අයට තම ආදායම් තත්ත්වය වර්ධනය කරගැනීමට හැකියාව ලැබෙන අතර ස්වකීය දක්ෂතා ඇගයීමට ලක්වීමක්ද මෙම වර්ෂයේදී සිදුවනු ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින අයටද ඉහළ ප‍්‍රගතියක් අත්පත් කරගත හැකි අතර විදේශ වෙළ`දපල සමග කටයුතු කරන සැමගේද අතමිට සරුවන බව පෙන්වයි.

ගෘහ පැවැත්ම
පවුලේ සමඟිය වර්ධනය කරගැනීමට ඉමහත් බලයක් ගොඩනැගෙන අතර ඥති හිතමිත‍්‍රාදීන්ගේ සහයෝගය හා ආශිර්වාදය මත කටයුතු කිරීමට මෙම වර්ෂයේදී ඔබට භාග්‍යය හිමිවනු ඇත. තම සහකරු හෝ සහකාරියගේ ආදායම් තත්ත්වය වර්ධනය වන අතර නව රැකියා අවස්ථාද උදාවේ. විවාහ අපේක්ෂාවෙන් පසුවන අයට නව සබඳතා ගොඩගැනාගැනීමට අවස්ථාව උදාවන අතර තමා සිතනවාට වඩා උසස් බලවත් අයගේ ඇසුර ලැබේ. දූ දරුවන් පිළිබඳ කටයුතු පිළිබඳ සතුටුදායක තීරණය දැනගැනීමට ලැබෙන අතර දරු ඵල අපේක්ෂාවෙන් පසුවන අයට වාසනාවන්ත දියණියක් තම පවුලට එක්වෙනු ඇත. ඒරාෂ්ඨක අපල තත්ත්වය ගෙවෙමින් පවතින අත සුළු වශයෙන් අනතුර හා චිත්ත පීඩා ආදිය ගෙන දිය හැකි මුත් වසර මැද භාගයෙසන් පසු තත්ත්වය යහපත් අතට හැරෙනු ඇත.

සෞඛ්‍ය
වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ ඔබ තුළ උනන්දුවක් ඇති වන බව පෙන්නුම් කරයි. ක‍්‍රමවත් ආහාර රටාවකට හුරුවීමට උත්සාහ දරන අතර ශාරීරික ව්‍යායාම්වලද නිරතවීමට උනන්දුවක් ඇතිවේ. මුඛ ආශ‍්‍රිත රෝගාබාධවලට බහුලව ලක්විය හැකි අතර හදිසි අනතුරුවලටද මුහුණපෑමට සිදුවිය හැකි බැවින් ඉතා කල්පනාකාරීව කටයුතු කිරීම යහපත්ය. වර්ෂය අග භාගයේදී සෞඛ්‍යය දුර්වලතා සහ අනතුරු බිය ක‍්‍රමයෙන් පහව යනු ඇත.

ශුභ දවස් : බදාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ : කොළ
ශූභ මැණික් : පච්ච, ගෝමේද
ජය අංක : 02, 03, 05, 07



තුලා ලග්නය



තුලා ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති බන්ධුස්ථානයේත් උච්ච ශනි රාහු සමගින් එක්ව ලග්න භාවයේත් ආත්මකාරක රවි බුද හා සඳු සමගින් සංයෝගව වික‍්‍රමස්ථානයේත් සෙන්පති කුජ වැයස්ථානයේත් ධන කාරක ගුරු භාග්‍යස්ථානයේත් ඥණ කාරක කේතු කාලත‍්‍රස්ථානයේත් ගෝචර වෙමින් පවතින මොහොතක 03 හා 09 භාව අධිපතීන් පරිවර්තනය වෙමින් මධ්‍යම පළ උදාකරන වික‍්‍රම පරිවර්තන යෝගයද ලග්නාධිපති හා සිව්වැන්න අධිපති පරිවර්තනය වෙමින් ශූභඵල උදාකරන ලග්න පරිවර්තන යෝගයද උදාව පවතින මොහොතකයි ඔබට 2014 ශ‍්‍රී සුභ නව වසර උදාවන්නේ.

අධ්‍යාපනය
තුලා ලග්නයෙන් උපන් ප‍්‍රාථමික අධ්‍යාපනයේ නියැලෙන දූ පුතුන්ට තම දැනුම ප‍්‍රවර්ධනය කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින අයටත් තම අපේක්ෂා මුදුන්පත් කරගැනීමට අවස්ථාව උදාවේ. විවිධ භාෂාවන් ඉගෙනීමටත් විවිධ ශිල්ප ශාස්ත‍්‍ර ඉගෙනීමටත් අවස්ථාව උදාවන අතර වෘත්තීය පුහුණු හා උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිරතව සිටින අයට වසරේ අග භාගයේදී මහත් ජයග‍්‍රහණ හිමිකරගැනීමට හැකිවනු ඇත.

ආදායම හා රැකියාව
රැකියා අපේක්ෂාවෙන් පසුවන අයට නව රැකියා අවස්ථා උදාවේ. රැකියා අහිමිව සිටි අයට නැවත රැකියා ලැබේ. රැකියා මාරුවීම් සහ උසස්වීම්ද හිමිය.විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින සැමගේ පැතුම් ඉටුවේ. විදේශ ගතවීමට උත්සාහ දරා එය මගහැරුණු අයටද නැවත උත්සාහ දරුවොත් එය ලබාගැනීමට මේ වර්ෂයේදී හැකිවනු ඇත. නව ව්‍යාපරික අවස්ථා උදාකරගැනීමටද අතරමග ඇනහිටි ව්‍යාපාර නැවත ඵලදායී ලෙස සක‍්‍රීය කරගැනීමටද හැකියාව ලැබෙනු ඇත. රැකියාවල නිරතව සිටින අයට ඉහළ වැටුප් හිමිකරගැනීමට හැකිවන අතර ව්‍යාපාර තුළින් ඉහළ ආදායමක් ලබාගැනීමට මෙම වර්ෂයේදී භාග්‍යය හිමිවනු ඇත.

ගෘහ පැවැත්ම
යාන වාහන ඉඩකඩම් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන අයට තම අපේක්ෂා මුදුන් පත්කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. නව නිවසක් ඉදිකරගැනීමට අපේක්ෂාවෙන් සිටි අයට එම පැතුමද මල්ඵල ගැන්වෙනු ඇත. පදිංචි නිවස අලූත්වැඩියා කරගැනීමටද නිවසට අලූතින් කොටසක් එක් කරගැනීමටද පුලූවන්වේ. ගෘහ ජීවිතය සාමාන්‍ය අයුරින් ගෙවී යා හැකි අතර යුගදිවි ගතකරනර අය තුළ ප‍්‍රසන්න භාවය ගිලිහී යාමටද පුළුවන. වැඩිපුර ආගමට දහමට ලංව කටයුතු කිරීමට යොමුවන බවද වන්දනා ගමන් බිමන්වලට සම්බන්ධ වීමේ අවස්ථාවද උදාවනු ඇත. නව සබඳතා ගොඩනගා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන අයට මෙම වර්ෂය එතරම් යහපත් නොවනු ඇත. ලග්න ඒරාෂ්ඨක අපල කාලය පවතින බැවින් චිත්ත පීඩා හදිසි අනතුරු ආදියටද මුහුණදීමට සිදුවිය හැකි බැවින් ඉතා කල්පනාකාරීව කටයුතු කිරීම යහපත් වනු ඇත.

සෞඛ්‍ය
මානසික පීඩනය හා මානසික ආතතිය විවිධ උපද්‍රවයන්ට ලක්වීමේ අවදානමක් පවතින බැවින් තම මානසික තත්ත්වය යහපත් ආකාරයට පවත්වා ගැනීම සඳහා උත්සාහවීම යහපත් වනු ඇත. හිසේ ආබාධ, දත්වල දුර්වලතා, හිසකෙස් දුර්වර්ණ වීම ලප කැළැල් හටගැනීම ආදී උපද්‍රවයන්ට ලක්වීමට සිදුවන්නට පුළුවන.

ශුභ දවස් : අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණ : සුදු, ක‍්‍රීම්, අයිවරි
ශූභ මැණික් : දියමන්ති, සුදු මැණික්
ජය අංක : 06



වෘශ්චික ලග්නය



වෘශ්චික ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ සියලූ ලැබීම් පෙන්වන ස්ථානයේත් ආත්ම කාරක රවි, සඳු සහ බුධ සමගින් සංයෝගව ධනස්ථානයේත්, ධනකාරක ගුරු අටවැන්නේත්, කලාකාමී සිකුරු වික‍්‍රමස්ථානයේත්, ඥණකාරක කේතු හයවැනි භාවයේත් උච්ච ශනි රාහු සමගින් සංයෝගව වැයස්ථානයේත්, ගෝචර වෙමින් පවතින මොහොතක දෙවැන්න සහ අටවැන්න අධිපතීන් පරිවර්ථනය වෙමින් අශුභ ඵල උදාකරන ‘‘ධන’’ පරිවර්තන යෝගයෙන්ද තුන්වැන්න හා ෙදාළොස්වැන්න අධිපතීන් පරිවර්තනය වෙමින් තවදුරටත් අශුභ ඵල උදාකරවන ‘වික‍්‍රම’’ පරිවර්තන යෝගයක්ද උදාව පවතින මොහොතකයි ඔබට 2014 ශ‍්‍රී සුභ නව වසර උදාවන්නේ.

අධ්‍යාපනය
ප‍්‍රාථමික අධ්‍යාපනයේ නියැලී සිටින දූ පුතුන්ට වසර මැද භාගයෙන් පසු ඉතා උද්යෝගීමත්ව තම අධ්‍යාපන කටයුතුවල නිරතවීමට අවස්ථාව උදාවනු ඇත. උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිරතවී සිටින අයට තම උගත් කමින් වෘත්තීය ක්ෂේත‍්‍ර තුළට පිවිසීමට භාග්‍ය හිමිවනු ඇත. තරඟ විභාග ආදියට මුහුණ දීමට අපේක්ෂා කරන අයට ඒ සඳහා දැඩි උනන්දුවක් සහ කැපවීමක් යෙදවීම යහපත් වනු ඇත. විවිධ ශාස්ත‍්‍ර ඉගෙනීමට මංපෙත් විවර වේ.

ආදායම හා රැකියාව
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ලග්න ඒරාෂ්ඨකය උදාව පවතින බැවින් වියදම් පාර්ශවය මදක් අධික විය හැකිය. ව්‍යාපාර සඳහා තමා ආයෝජනය කරන තරමට ප‍්‍රතිලාභ ලැබීම් මදක් ප‍්‍රමාදවිය හැකිය. තම ව්‍යාපාරයන්ට සතුරු කරදර හා ස්වභාවික විපත්වලින් හානි සිදුවන්නටද පුළුවන. රාජ්‍ය අංශයෙන් හා පෞද්ගලික අංශයෙන් රැකියා බලාපොරොත්තුවෙන් පසුවන අයට එයද ළඟා කරගත හැකිවනුයේ කරදර බාධා මැදින්ය. රැකියාවල නිරතව සිටින අයටද තම රැකියාව සුරක්ෂිත කරගැනීම සඳහා දැඩි කැපකිරීමක් කිරීමට සිදුවනු ඇත.

ගෘහ පැවැත්ම
ඥති හිතමිත‍්‍රාදීන් සමග පවතින හොඳ හිත ක‍්‍රමයෙන් ගිලිහී යාමට පුළුවන. තම අභිමානයට හානි සිදුවන අයුරින් කටයුතු සිදුවන බවක්ද පෙන්වයි. ළඟම ඥතියෙකුට හෝ හිත මිත‍්‍රයෙකුට මාරක අපලයකට මුහුණ පෑමටද සිදුවිය හැකිය. යුග දිවි ගතකරන අය අන්‍යෝන්‍ය විශ්වාසය හා පවුලේ සමගිය රැකගැනීමට දැඩි පරිශ‍්‍රමයක් දැරිය යුතුය. තම චරිතයට හානි සිදුවන ආකාරයේ කට කථා පැතිර යාමටද අවකාශ පවතින බැවින් ඒවා අවම කරගැනීමට තමා ඥණාන්විත විය යුතුය. තමා නොකල වැරදිවලට හසුවීමටත් අවකාශ පවතින බැවින් ආගම ධර්මයට අනුව කටයුතු කරීම මෙම වර්ෂයේදී ඔබට යහපත් වනු ඇත. නව සබඳතා ගොඩනගා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන අයට වසරේ මුල් භාගයේදී එතරම් යහපත් නොවිය හැකිය. වසර මැද භාගයෙන් පසු යෙදෙන මංගල යෝග තරමක් යහපත් විය හැකිය.

සෞඛ්‍ය
වැරදි ලෙස ඉඳුරන් පිනවීමට යාමෙන් බොහෝ උපද්‍රවයන්ට ලක්වීම් අවදානමක් පවතී. දැනටමත් පවතින රෝගාබාධ සුවවීම මදක් ප‍්‍රමාද විය හැකිය. නිධන් ගත රෝගාබාධවලින් පෙළෙන අය තම සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතුය. උදර ආශ‍්‍රිත රෝගාබාධ, සිහි මද ගතිය වැනි රෝගවලට බහුලව ලක්විය හැකිය. පවතින රෝගාබාධ සඳහා නිසි වෛද්‍ය උපදෙස් පැතීම ඔබට යහපත් වන අතර අවශ්‍ය වත් පිළිවෙත් හා ශාන්තිකර්මවල යෙදීමෙන් ඔබට කිසියම් ආකාරයක සහනයක් උදාකරගත හැකිය.

ශුභ දවස් : ඉරිදා, අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා
ශුභ වර්ණ : රතු
ශූභ මැණික් : රතු මැණික්, රතු කොරල්
ජය අංක : 1,2,4,5,7




 ධනු ලග්නය



ධනු ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති හත්වැනි භාවයේත් ලග්නභාවයේ ආත්ම කාරක රවි සඳු හා බුධ සමගින් සංයෝගවත් සිකුරු ධනස්තානයේත් සෙන්පති කුජ කර්මස්ථානයේත් ඥාණ කාරක කේතු පස්වැනි භාවයේත් උච්ච ශනි රාහු සමගින් සංයෝගව සියළු ලැබීම් පෙන්වන අය ස්ථානයේත් ගෝචර වෙමින් පවතින මොහොතක ලග්නභාව අධිපති ගුරු හා හත්වෙනි භාව අධිපති බුධ පරිවර්තනය වෙමින් ශූභ පළ උදාකරන ‘‘ලග්න’’ පරිවර්තන යෝගය ද ධනස්ථාන අධිපති හා අයස්ථාන අධිපති පරිවර්තනය වෙමින් ශූභ ඵල උදා කරවන ‘‘ධන’’ පරිවර්තන යෝගය ද උදාව පවතින මොහොතකයි ඔබට 2014 ශ‍්‍රී සුභ නව වසර උදා වන්නේ.

අධ්‍යාපනය
ප‍්‍රාථමික අධ්‍යාපනයේ නියැලී සිටින දූ පුතුන් අධ්‍යාපන කටයුතු කෙරෙහි මදක් පසුගාමී ස්වභාවයක් වසරේ මුල් භාගයේදී පෙන්නුම් කළත් වසරේ මැද භාගයේදී පසුව උද්යෝගයෙන් යුතුව අධ්‍යාපන කටයුතු වල නිරත වේ. විද්‍යා හා ගණිත අංශයෙන් උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිරත වන අයට සාර්ථක ප‍්‍රතිඵල අත් කර ගත හැකිය. වෘත්තීය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිරතවන්නන්ට තම පැතුම් ඉෂ්ඨ සිද්ධ කර ගත හැකියි. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශයන්ට යොමුවන්නන්ට ද සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කර ගත හැකිය.

ආදායම හා රැකියාව
ධනු ලග්නයෙන් උපන් ඔබට ධර්ම කර්මාධිපති යෝගය ද උදාව පවතින මොහොතකයි නව වර්ෂය උදා වන්නේ. ධන - අය පරිවර්තනය ද උදාව පවතින බැවින් ධනු ලග්නයෙන් උපන් ඔබේ ලැබීම් පැත්ත ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනු ඇත. රැකියා අපේක්ෂාවෙන් පසුවන අයට තම බලාපොරොත්තු වනවාට වඩා උසස් ආකාරයට රැකියා හිමිවේ. තනතුරු හා උසස්වීම් අපේක්ෂාවෙන් පසුවන ධනු ලග්න හිමියන්ගේ පැතුම් ද ඉෂ්ඨ සිද්ධ වනු ඇත. උසස් අය ඇසුරට හිමිවන බැවින් ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ නිරතව සිටින අයට ඉමහත් ශක්තියක් ගොඩනැගෙන අතර හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලින් ද තම ආර්ථිකය ප‍්‍රවර්ධනය කර ගැනීමට භාග්‍ය හිමිවනු ඇත.

ගෘහ පැවැත්ම
පවුලේ සමගිය සාමය රැක ගැනීමට මෙම වර්ෂයේදී ඔබට භාග්‍ය උදා වනු ඇත. තමාට අවශ්‍ය දේ ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට අවස්ථාව ලැබේ. නව නිවසක් ඉදිකර ගැනීමට අපේක්ෂාවෙන් පසුවන අයට එම පැතුම ද මල්ඵල ගැන් වෙනු ඇත. තමාගේ නමට නව ඉඩම් හා දේපල මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇත. නිවසට අළුතින් ගෘහ උපකරණ මිලදී ගැනීමට ද හැකිවන අතර විනෝද ගමනකට පවුලේ හැම සමගින් ද සම්බන්ධවීමට ද අවකාශ ලැබේ. යුගදිවි ගත කරන අය පරිපූර්ණ අත්දැකීම් සහිත වූවන් බට පත්වනු ඇත. නව සබඳතා ගොඩනගා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන අයට උසස් ගුණ ගරුක අයගේ ඇසුර ලැබේ.

සෞඛ්‍ය
බරපතල රෝගාබාධයන්ට මෙම වර්ෂයේදී ලක්වන බවක් පෙන්නුම් නොකරන අතර මෙතෙක් සුව නොවී තිබූ රෝගාබාධ ද ක‍්‍රමයෙන් සුව අතට හැරෙනු ඇත. කිවයුතු තරම් මාරක අපල උපද්‍රව නොමැති අතර මෙම වර්ෂය ඉතා යහපත් වේ.

ශුභ දවස් : ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණ : කහ
ශූභ මැණික් : පුෂ්පරාග
ජය අංක : 3,5,6,8



මකර ලග්නය



මකර ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති උච්ච බල සහිතව රාහු සමගින් කර්මස්ථානයෙන් ආත්ම කාරක රවි සඳු හා බුධ සමගින් වැය ස්ථානයේත් කලාකාමී සිකුරු ලග්නභාවයෙන් ධන කාරක ගුරු 06 වැන්නේත් යෝග කාරක කුජ භාග්‍යස්ථානයේත් ශූභකාරක කේතු සිව්වැන්නේත් ගෝචර වෙමින් පවතින මොහොතක ලග්නාධිපති හා 10 වැන්න අධිපති පරිවර්තනය වෙමින් ශුභ ඵල උදාකරන ‘‘ලග්න’’ පරිවර්තන යෝගයක් ද වැය ස්ථාන හා සතුරු ස්ථාන අධිපතීන් පරිවර්තනය වෙමින් විපරිත රාජ යෝග ඵල උදාකරවන ‘‘රිපු’’ පරිවර්තන යෝගය ද උදාකරමිනුයි ඔබට 2014 ශ‍්‍රී සුභ නව වසර උදාවන්නේ.

අධ්‍යාපනය
ප‍්‍රාථමික අධ්‍යාපනයේ නියැලී සිටින දූ දරුවන් විනෝදය හා කෙළි සෙල්ලම්වලට කාලය වැඩිපුර යොදන බවක් පෙන්නුම් කරන බැවින් අධ්‍යාපන කටයුතු මඳක් අඩාල විය හැකිය. එහෙත් වසරේ මැද භාගයෙන් පසුව තරමක් උද්යෝගිමත්ව කටයුතු කරන ස්වභාවයක් පෙන්නුම් කරයි. තරග විභාග ආදී කටයුතු වලදී ජයගැනීමට හැකිවේ. අළුතින් යමක් ඉගෙන ගැනීමට මකර ලග්න සැමට අවස්ථාව උදා වුවත් නොරිස්සුම් ස්වභාවයකින් යුක්තව කටයුතු කරන්නට යෑමෙන් ගුරු භවතුන්ගෙන් හා ඉෂ්ඨ දේවතාවන්ගේ ආශිර්වාදය නොලැබී යාමට හැකි බැවින් ඒ පිළිබඳව කල්පනාකාරිව කටයුතු කරන්න.

ආදායම හා රැකියාව
කෘෂිකර්ම ක්ෂේතයේ නියැලී සිටින මකර ලග්න හිමියන්ගේ ආදායම් තත්ත්වය ප‍්‍රවර්ධනය වේ. අළුතින් ඉඩම් අස්වැද්දීමටත් වගා කටයුතු සඳහා අළුතින් ඉඩම් මිලදී ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. අළුතින් රැකියා අපේක්ෂාවෙන් පසුවන අයගේ බලාපොරොත්තු තවදුරටත් ප‍්‍රමාද වෙන්නට පුළුවන. රැකියා කටයුතුවල නිරතවන්නන්ගේ ස්ථාන මාරුවීම් තනතුරු පහත වැටීම් හා රැකියා ස්ථානයේ සතුරු කරදර ආදී සිද්ධීන්ට ද මුහුණදීමට සිදුවන්නට පුළුවන.

ගෘහ පැවැත්ම
පවුලේ උදවිය අතර පැවතගෙන ආ සුහදශීලි බව ක‍්‍රමයෙන් පහවී යාමට පුළුවන. විවාහක අයට දෙදෙනාගෙන් එක් අයෙකු රෝගාබාධවලට ලක්වීම හේතුවෙන් පසුතැවිල්ලෙන් යුක්තව කටයුතු කිරීමට සිදුවන්නට පුළුවන. අනවශ්‍ය ආකාරයට ඉන්ද්‍රියන් පිනවන්නට යාමෙන් ආර්ථික හා සාමාජීය වශයෙන් පරිහානියට ලක්වන්නට ද පුළුවන් බැවින් ඉතා සැලකිලිමත්ව කටයුතු කිරීම යහපත් වනු ඇත. නීතිය සම්බන්ධ කටයුත්තක් වෙනුවෙන් කාලය කැප කිරීමට සිදුවන අතර නව සබඳතා ගොඩනගා ගැනීමට අපේක්ෂාවෙන් පසුවෙන අයට වෛද්‍ය හා නීතිය සම්බන්ධ වෘත්තීකයන්ගේ ඇසුර ලැබේ.

සෞඛ්‍ය
රුධිර ආශ‍්‍රිත රෝගාබාධවලට බහුලව ලක්වීමේ අවදානමක් පවතින අතර ආහාර නොදිරවීම පෝෂණ ඌණතා හේතුවෙන් හට ගන්නා විවිධ උපද්‍රවවලට ලක්වීමේ අවදානමක් පවතී. වකුගඩු ආශ‍්‍රිත රෝගාබාධවලින් පෙලෙන අයට සුවවීම තවදුරටත් ප‍්‍රමාද වනු ඇත. දූ දරුවන්ගේ රෝගයක් හේතුවෙන් රෝහල් ගත වන්නට ද සිදුවිය හැකිය.

ශුභ දවස් : අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණ : නිල්
ශූභ මැණික් : නිල් මැණික්
ජය අංක : 6,8,9



කුම්භ ලග්නය



කුම්භ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති උච්ච බල සහිතව රාහු සමගින් පෙර පින් බලය පෙන්වන භාග්‍යස්ථානයේත්, ආත්මකාරක රවි සඳු හා බුධ සමගින් අයස්ථානයේත් සෙන්පති කුජ මාරකස්ථානයේත් ධනකාරක ගුරු පස්වැන්නේත් කලාකාමී සිකුරු වැයස්ථානයේත් ඥාණකාරක කේතු වික‍්‍රමස්ථානයේත් ගෝචර වෙමින් පවතින මොහොතක පස්වන හා එකොලොස්වන භාව අධිපතීන් පරිවර්තනය වෙමින් ශුභ ඵල උදා කරවන ‘‘සුත’’ පරිවර්තන යෝගය ද ධර්මස්ථාන හා වැය ස්ථාන අධිපතීන් පරිවර්තනය වෙමින් අශුභ ඵල උදා කරන ‘‘ධර්ම’’පරිවර්තන යෝගයක් ද උදා කරවමිනුයි 2014 ශ‍්‍රී සුභ නව ඔබට වර්ෂය උදා වන්නේ.

අධ්‍යාපනය
ප‍්‍රාථමික අධ්‍යාපනයේ නියැලී සිටින දූ පුතුන් අධ්‍යාපන කටයුතු වලට ඉතා යහපත් වේ. දැඩි උද්යෝගයෙන් යුක්තව ඉගෙනීමේ කටයුතුවල නිරත වන්නට අවස්ථාව උදා වේ. නව තාක්ෂණික දැනුම සොයා යන කුම්භ ලග්න හිමි අයට මේ වසර ඉතා යහපත් වේ. තම දක්ෂතා වලට විදේශයන්හි පවා ඇගයීමට ලක් වේ. අලූතින් න්‍යාය ධර්ම ඉගෙනීමටත් ශාස්ත‍්‍රී ඥානය දියුණු කර ගැනීමටත් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගතවීමටත් අපේක්ෂාවෙන් පසුවන්නන්ට තම පැතුම් ඉටු කර ගැනීමට මෙම වර්ෂයේදී හැකියාව ලැබෙනු ඇත.

ආදායම හා රැකියාව
විදේශ රැකියා වල නිරත වන්නන්ගේ සහ ආනයන අපනයන ක්ෂේත‍්‍රයේ නියැලී සිටින්නන්ගේ ආදායම් තත්ත්වය ඉතා ඉහළ යයි. සාමාන්‍යයෙන් රැකියාවල නිරත වන්නන්ගේ තත්ත්වය එතරම් පිබිදීමක් දක්නට නොලැබිය හැකිය. නව රැකියා අපේක්ෂාවෙන් පසුවන අයටත් තම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට වැඩිපුර වෙහෙසක් දැරීමට සිදුවිය හැකිය. කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ නිරතව කටයුතු කරන සැමගේ අදායම් තත්ත්වය ඉහළ යනු ඇත.

ගෘහ පැවැත්ම
අන්‍යෝන්‍ය විශ්වාසයකින් යුක්තව හොඳ සාමකාමී ගෘහ ජීවිතයක් ගත කිරීමට කුම්භ ලග්න හිමි විවාහක සැමට මෙම වර්ෂයේදී අවස්ථාව උදා වනු ඇත. සහකරු - සහකාරියන්ගේ ආදායම් තත්ත්වය ද ඉහළ යන බැවින් මුදල් තත්ත්වය ද අඩුපාඩු නොවනු ඇත. නව සබඳතා ගොඩනගා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන අයට උසස් අයගේ ඇසුර ලැබේ. දරු ඵල අපේක්ෂාවෙන් සිටින අයට තම අපේක්ෂාවන් මුදුන් පත් කර ගැනීමට මෙම වර්ෂයේදී භාග්‍ය හිමිවනු ඇත. දරුවන්ගේ ජයග‍්‍රහණ පිළිබඳ දෙමව්පියන්ට අභිමානයක් හිමි කර ගැනීමට අවස්ථාවක් උදා වන අතර තම දරුවන් විදේශ ගත වීමට අපේක්ෂා කරන්නේ නම් එය ද මෙම වර්ෂයේදී සාර්ථක කර ගැනීමට හැකිවේ. පවුලේ අය සමඟ වන්දනා ගමනකට සම්බන්ධ වීමට ද අවස්ථාවක් උදා වේ.

සෞඛ්‍ය
හෘද ආශ‍්‍රිත රෝගාබාධ වලින් පෙලෙන අයට සුව වීම තවදුරටත් ප‍්‍රමාද විය හැකි බැවින් නිසි වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම යහපත් වනු ඇත. විශේෂයෙන් කුම්භ ලග්න හිමි ඔබට මෙම වර්ෂයේදී හදිසි අනතුරු වලින් පීඩාවන්ට ලක්වීමේ අවධානමක් පවතිනු බැවින් ඉතා කල්පනාකාරීව කටයුතු කිරීම යහපත් වනු ඇත.

ශුභ දවස් : අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණ : රතු, නිල්
ශූභ මැණික් : කාක නිල
ජය අංක : 3,8,9



මීන ලග්නය



මීන ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති බන්ධුස්ථානයේත්, උච්ඡු ශනි ඒරාෂ්ඨක අපල තත්ත්වයක් උදා කරමින් රාහු සමගින් 08 වැන්නේත් අය ස්ථානයේ සිකුරුත් ආත්මකාරක රවි සඳු හා බුධ සමගින් 10 වැන්නේත් කලත‍්‍රස්ථානයේ කුජත් ඥානකාරක කේතු ධනස්ථානයේත් ගෝචර වෙමින් පවතින මොහොතක හතර වැන්න හා දසවැන්න අධිපතීන් පරිවර්තනය වෙමින් අශුභ ඵල උදාකරන ‘‘බන්ධු’’ පරිවර්තන යෝගය ද අටවැන්න හා 11 වැන් අධිපතීන් පරිවර්තනය වෙමින් අශුභ ඵල උදාකරණ මාතෘ පරිවර්තනය යෝගය ද උදාකරමිනුයි 2014 ශ‍්‍රී සුභ නව වර්ෂය ඔබට උදා වන්නේ.

අධ්‍යාපනය
ප‍්‍රාථමික අධ්‍යාපනයේ යෙදී සිටින දූ පුතුන්ට වසරේ මුල් භාගයෙන් පසු උද්යෝගිමත් කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත. එනමුත් වරින් වර දැඩි මානසික පීඩනයන්ට ලක්වන්නට ද පුළුවන. උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින අය අනවශ්‍ය මිත‍්‍ර සම්බන්ධකම් පවත්වා ගැනීමට යාමෙන් අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර ගන්නා ස්වභාවයක් පෙන්නුම් කරන බැවින් එවැනි තත්ත්ව පාලනය කර ගැනීමට ඔබ ඥානාන්විත විය යුතුය. තරඟ විභාග ආදියට මුහුණදීමට අපේක්ෂාවෙන් පසුවන අයද විභාග කටයුතු පිළිබ`ද වැඩි අවධානයක් යොමු කිරීම තම ජයග‍්‍රහණයට හේතුවනු ඇත.

ආදායම හා රැකියාව

රාජ්‍යය අංශයේ රැකියාවල නිරතව සිටින අයට මෙම වර්ෂය ඉතා යහපත්ය. සතුරු කරදර මැදින් තම උසස්වීම් වැටුප් වර්ධක හිමිකරගැනීමට අවස්ථාව උදාවනු ඇත. පෞද්ගලික අංශයේ රැකියාවල නිරතව සිටනි අයටද බාධා අවහිරතා මැදින් තම අභිප‍්‍රායන් මුදුන් පත් කරගැනීමට වෙහෙසෙන්නට සිදුවනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින අයට ද උසස් අයගේ සහයෝගය ලැබීමෙන් වසර අග භාගයේදී ආර්ථික ස්ථාවරත්වයකට පත්වන්නට අවකාශ ලැබෙනු ඇත. හවුල් ව්‍යාපාරවල නිතරව සිටින අය තම සගයින් පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමෙන් සිදුවන්නට හැකි ආර්ථික දුෂ්කරතාවයන් මග හරවා ගැනීමට හැකිවනු ඇත.

ගෘහ පැවැත්ම

මීන ලග්න හිමි ඔබට වසරේ මුල් භාගය තුළ ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපලය ගෙවෙමින් පවතින බැවින් යුග දිවි ගත කරන්නන් අතර සුළු සුළු අඩදබර මත ගැටුම් ඇතිවිය හැකි බැවින් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කිරීම යහපත් වනු ඇත. යුග දිවියේ තිබුණු ප‍්‍රසන්න භාවය ගිලිහී යාමටද අවකාශ පවතින බැවින් මානසික උද්යෝගයකින් යුක්තව කටයුතු කිරීම යහපත් වනු ඇත. නව සබඳතා ගොඩනගා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන අයද ඥාණාන්විත නොවී හැගීම්වලට වහල්වී කටයුතු කිරීමට යොමු වුවහොත් තම චරිතයට හානි සිදුකරගැනීමට සිදුවනු ඇත. ගුප්ත කලකිරුණු ස්වභාවයකින් පසුවන්නට සිදුවූවත් ආගමට දහමට අනුව කටයුතු කිරීමෙන් බොහෝ උපද්‍රව වලකා ගෙන මානසික සහනය උදාකර ගැනීමට හැකියාව ලැබෙන අතර වසර අවසානයේදී තම අපේක්ෂා මුදුන් පත්කරගැනීමටද භාග්‍යය හිමිවනු ඇත.

සෞඛ්‍ය
ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපලය ගෙවෙමින් පවතින බැවින් තදබල ලෙස රෝගපීඩා ආදියන්ට ගොදුරු විය හැකිය. විශේෂයෙන් හදිසි අනතුරුවලටද ලක්වීත්‍ම් අවදානමක් පවතින බැවින් රිය ධාවනයේදී ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. අක්ෂි දුර්වලතා මුඛ රෝග ආදී රෝගාබාධයන්ටද ලක්වන්නට සිදුවිය හැකි අතර නොසැලකිලිමත් භාවය හා ක්‍ෂණික කෝපය හේතුවෙන් විවිධ උපද්‍රවයන්ටද ලක්වීමට සිදුවිය හැකිය.

ශුභ දවස් : අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා
ශුභ වර්ණ : රතු, කහ
ශූභ මැණික් : පුෂ්පරාග, වෛරෝඩි
ජය අංක : 3, 9