Wednesday 31 December 2014

මහින්දට අහිමි වන සුවය...,මෛත්‍රීට ලැබෙන හැටි

මහින්ද චින්තනයේ දැක්වූ පරිදි පෙර අපර දෙදිග වෙද්‍යවරුන්ට සමානව නොසැලකීම හා සමාන හිමිකම් වරප්‍රසාද දීමනා ලබා නොදීම නිසා කලකිරීමට පත් රජයේ ආයුර්වේද නිලධාරීන් ,පාරම්පරික වෙද්‍යවරුන් හා වෙද්‍ය ශිෂ්‍යන්ගේ  95% පමණ සහයෝගය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය වී ඇති බව වාර්තා වේ.ඒ සම්බන්දව අද දින උදැසන පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග පවතී සාකච්චාවකදී මෙම අහිමි කොට තිබෙන හිමිකම් වරප්‍රසාද,දීමනා ලබා දීමට එකග වී ඇති බව වාර්තා වේ.මෙම සාකච්චාවේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තව දුරටත් අවදාරණය කර සිටියේ දේශීය වෙද්‍ය අමාත්‍යංශය වැදගත් අමාත්‍යංශයක් බවත් එතුමාගේ රජයක් යටතේ  එය රජයේ වැදගත්  අමාත්‍යංශයක් බව සලකා කටයුතු කරන බවත්ය.  මෙම අවස්ථාවේදී මහාචාර්ය වේදය ශිරෝමනි පණ්ඩිත කුරේ විද්‍යාසේකර මහතා අතින් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත උපහාරයක් පිරිනැමූ අතර පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අවංකභාවය පිරිසිදු කන්නාඩියක් බවද ඒ මහතා ප්‍රකශ කල සිටියහ .මෙම මාධ්‍ය හමුව සදහා එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය මැතිතුමා හා රජයේ දේශීය වෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජෙෂ්ට්ට නිලධාරීන් පිරිසක් හා පාරම්පරික ආයුර්වේද නිලධාරීන්ගේ සංගමයේ නිලධාරින්ද එක්ව සිටියහ.

Tuesday 30 December 2014

දොස්තරවරු සියල්ලෝම මෛත්‍රීට සහය දෙයි.


2015 ජනධිපතිවරණයේදී රජයේ ආයුර්වේද නිලධාරින්ගේ සංගමය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පල කිරීමට තීරණය කර තිබේ.එහි නිලධාරී මණ්ඩලයේ ඉහල තනතුරු දරන නිලධාරීන් කිහිප දෙනෙක් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග විශේෂ සාකච්චාවක් පවත්වා ඇති අතර ,එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආයුර්වේදය සම්බන්ධව තිබෙන කරුණු සැලකිල්ලට ගනිමින් එතුමාට සහය දීමට රජයේ ආයුර්වේද නිලධාරීන්ගේ සංගමයේ ජෙෂ්ට්ට නිලධාරියෙක් ගොසිප් සාවුත් ලංකා නිවුස් වෙත ප්‍රකශ කළහ.ඉදිරියේදී ඔවුන් විශේෂ රජයේ වුර්තිකයන්ගේ ප්‍රවුර්තී සාකච්චවකට්ද සහභාගී වීමට නියමිත් බවුද වාර්තා වෙයි.

Wednesday 24 December 2014

ආණ්ඩුව facebook දඩයම පටන් ගනී.


2015 ජනාධිපතිවරණයේ උනුසුම වැඩි වෙත්ම ආණ්ඩුව විසින් ඔවුන්ට විරුද්ධවාදී කදවුරෙහි සාමාජිකයන් තලා පෙලා මර්දනය කිරීම ආරම්භ කොට තිබේ.එහි විශේෂිතම සිදුවීම වන්නේ අන්තර්ජාලය හරහා facebook සමාජ වෙබ් අඩවිය හරහා ආණ්ඩුවට විරුද්ධව කෙරෙනු ලබන විශාල ප්‍රචාරක වැඩසටහනය.එමගින් ආණ්ඩුවට මුහුණ දීමට නොහැකි තත්වයක් උදා වී තිබේ.ඊට හේතුව වන්නේ අද වන විට අන්තර්ජාලය හා facebook සමාජ ශාලා වෙබ් අඩවිය භාවිතා කරන පිරිස චන්දදායකයන්ගෙන් 60% දක්වා වර්ධනය වී තිබේ.එබැවින් ඔවුන් තමන්හට විරුද්ධ  facebook ගිණුම් ,තම බලය යොදා අක්‍රිය කරගෙන යනු ලබයි.එහි එක් ගොදුරක් වී තිබෙනුයේ unpdevinuwara නමැති facebook ගිණුමය.එහි අයිතිය හිමි තැනැත්තා අප වෙත විද්‍යුත් පණිවිඩයක් මගින් දැන්වා තිබුනේ තම ගිණුමෙහි යහළුවන්  4300 හා   වෙනත් ගිණුම් 4 පැවති බවත් එහිමිතුරන් 7000 පමණ සිටි බවත්ය.එය එක් සිදුවීමකි.එම ඇඩ්මින් වරුන් තම ගිණුම් අත්හිටවුවද ඔවුන්ගේ නව ගිණුම වන 
ගිණුම හරහාද ,මෙම සිදුවීම පිටු දැකීම සදහා ආරම්භ කල
ගිණුම හරහාද ඔවුන් වෙත සම්බන්ද විය හැකි බව ලියා ඒවා තිබුණි.මෙහිදී අප මෙම නින්දිත ක්‍රියාව තරයේ හෙලා දකින අතර ,මෙය ප්‍රජාතන්ත්‍ර වාදය මැඩලීමේ ලක්ෂණ බවද තරයේ ප්‍රකාශ කරමු.

සැලකිය යුතුය:- චායාරුප , වෙබ් ලිපිනයන් ,ලිපියේ සැකසුම තහනම් කරන ලද සමාජ වෙබ් අඩවියක ඇඩ්මින්වරුන් එවන ලද විද්‍යුත් ලිපිය හා බැදෙ.

Monday 15 December 2014

රාජපක්ෂගේ අන්තර්ජාල මෙහෙයුම නවති..,හිටපු ජ.වි.පෙ නියමුවෝ එලියට


මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් අන්තර්ජාලය තුල චන්ද ව්‍යාපාරය දියත් කිරීමට භාරව සිටි ජනතා විමුක්ති පෙරමුණේ විනය නීති මත ඉවත් කර සිටි ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රේමසිරි මානගේ ,අනුරුද්ධ පොල්ගම්පොල, උතුරු මැද හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන  එම්.ජී. උපුල් කුමාර සහ රෝහණ පුෂ්පකුමාර, දකුණු හිටපු පළාත් සභා මන්ත්‍රී ආරියනන්ද රත්නායක, පිරිස අද එම කටයුත්තෙන් ඉවත් වී තිබේ.ඊට හේතුව වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතා ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වීමත් සමගය.ඊට හේතුව වන්නේ ඔවුන් වෙනම පක්ෂයක් ආකාරයෙන් සංවිධානය වී චන්ද ව්‍යාපාරය මෙහෙය වීමට සුදානම් කරගෙන සිටිමය.මෙහිදී ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙක් දැඩි අපහසුතාවයට හා දෝෂ දර්ශනයට ලක් වී තිබේ,,මොවුන් ජනාධිපති වරයා වෙත හදුන්වා දී තිබෙනුයේ  මෙම ඇමතිවරයා විසිනි. 

මෙත්‍රී දිනුම්----සන්ධාන ලේකම් කියයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ ෆේස්බුක් ගිණුම පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බලෙන් අත්පත් කරගත් බව සඳහන් කරමින් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනයට (ICTA) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ සන්ධානයේ මහලේකම්වරයා පවසන්නේ අදාළ ෆේස්බුක් ගිණුම සන්ධානයේ නමින් නැවත ස්ථාපිත කළ යුතු බවයි.

කෙසේ වෙතත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කරන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන්නේ අදාළ ෆේස්බුක් ගිණුම භාවිත කිරීමට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිකමක් පවතින බවයි.

එසේම තනි පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුමක් පිළිබඳව කිසිවෙකුටත් ප්‍රශ්න කළ නොහැකි බවත්, එය හිමි කරගැනීමට කටයුතු කරනවා නම් ඒ සඳහා උත්සාහ කරන ලෙසත් රාජිත සේනාරත්න මහතා පවසයි.

සර්ට් ආයතනයට මේ පැමිණිල්ල ලැබී තිබෙන බව පවසන අයි.සී.ටී.ඒ. ආයතනයේ සන්නිවේදන අධ්‍යක්ෂ අතුල පුෂ්පකුමාර මහතා පවසන්නේ මෙම ගැටලුව ෆේස්බුක් බලධාරීන් සමග කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ වනවිට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙනම ෆේස්බුක් ගිණුමක් පවතින අතර එය https://www.facebook.com/maithripalas ලෙස නම්කර තිබේ.

එයට ෆේස්බුක් 165,201 දෙනෙකු (ඊයේ (14දා) වනවිට) කැමැත්ත පළකර තිබේ. Maithripala Sirisena Politicians (මෛත්‍රී පාලනයක් යනුවෙන්) යනුවෙන් එම ගිණුම නම්කර තිබේ.

කෙසේ වෙතත් සන්ධාන මහලේකම්වරයා පවසන්නේ https://www.facebook.com/slupfa යන ෆේස්බුක් ගිණුම පිළිබඳවයි. මෙම ගිණුම UPFA – a Bright Future ලෙස නම්කර තිබේ. ඒ සඳහා 103,104 දෙනෙකු (ඊයේ (14දා) වනවිට) කැමැත්ත පළකර තිබෙන අතර, මෙම ගිණුමේ මාතෘකාව ලෙස %සුපිරිසුදු අනාගතයක් වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපි මෛත්‍රී සමගයි^ යනුවෙන් සඳහන් කර තිබේ. මෙම ගිණුමට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වීඩියෝ දර්ශන, ඡායාරූප හා කතා ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත් පෙරේදා (13දා) මෙම ෆේස්බුක් ගිණුමේ පරිපාලනය (Admin) ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ 2010 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද ජනාධිපති මහින්ද රාපජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා ස්වෙච්ඡාවෙන් සේවය කළ පිරිසක් මෙම ෆේස්බුක් ගිණුම කළමනාකරණය කළ බවයි.

ඒ සත්‍ය වශයෙන්ම සුබ අනාගතයක් වෙනුවෙන් බවත්, වර්තමාන පාලනය තුළ එවැන්නක් පෙනෙන්නට නැති හෙයින් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පත්වීමෙන් පසු ඔහුට සහාය දැක්වීමට තීරණය කළ බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එසේම නොවැම්බර් මස 21 වැනිදා (මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස පත්වූ දිනය) වනවිට ෆේස්බුක් මනාප (Likes) 40000ක්ව පැවැති එම ගිණුම තමන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කිරීමත් සමග ගත වූ දින කිහිපය තුළ 60,000කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වූ බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පිළිබඳව පැමිණිලි 5200කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත්, එයින් 500කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාවිරහිත කළ බවත් සර්ට් ආයතනය පවසයි. මේ අතර විදේශයන්හි සිට ක්‍රියාත්මක වන දේශපාලන වෙබ් අඩවි 25කට අධික ප්‍රමාණයක් පිළිබඳවද පැමිණිලි ලැබී තිබෙන බව පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

ඒ අතරන් බොහොමයක් රාජ්‍ය විරෝධී ඒවා බවත්, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම වෙබ් අඩවි රජය විසින් ක්‍රියාවිරහිත කිරීමට ඉඩ ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Wednesday 10 December 2014

මෙත්‍රිගේ කේන්දරේ තියෙන රාජයෝගය මෙන්න

මේ චන්දෙන් මහින්ද පරදිනවා. ඒක මම ජ්‍යොතිෂ සිද්ධානත් අනුවම පෙන්නල දෙනව. පුලුවන්නම් මගෙත් එක්ක රෑපවාහිනි සංවාදෙකට එන්න කියල මම ඔය නයට කහින. අයටයි ජනතාවට බොරැ කරන චැනල් කාරයින්ටයි කියනව.මෛත්‍රීෙග නිවැරදි කේන්දරය තියෙන්නෙ මගෙ ලග. මෛත්‍රී දිනනව. පුලුවන්නම් කවුරැ හරි මුන්ට මේක දැනගන්න සලස්වන්න.
                                                               ITN නැමති නාලිකාවේ මේවන විට විකාශය වන ඇතුලාන්තය නම් වැඩසටහනේ අද මාතෘකාව වී ඇත්තේ ජ්‍යොතිෂයයි. ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන අපේකෂකයින් අතුරින් ජනාධිපති මහින්ද මහතා නිසැක ජයක් ලබන බවත් මෛත්‍රීපාල අන්ත පරාජයක් ලබන බවට මොවුන් සියලුම දෙනා ( සුමනදාස. රතුවිතාන. මාපලගම. කොත්මලේ සෙනවි. රංජිත් ඕපාත. යන අය) කියයි. පසුගිය කාලයේ මේ අයට රජය විසින් ජ්‍යොතිෂ විද්‍යා විභූෂන නම් රාජ සම්මානය දුන්නේ මේ ජොබ් එකටයි. මෙම වැඩසටහනට ප්‍රෙකෂකයින් 25 ක් පමන මැදිරියේ සිට ප්‍රශ්න අසති, අදහස් දකවති. ඔවුන්ද තෝරාගත් මහින්ද හිතවාදීන්ය.                                                                  මේවා දකින මට පශ්චාත් ප්‍රෙද්ශයෙන්ද හිනා යයි. මහින්දට සෙනසුරැ ඒරාශ්ඨයක් ඇතිබව මුන්ට නොපෙනේ. මෛත්‍රී දිනන බවට ප්‍රකාශ කරන්න ජ්‍යොතිර්වේදීන් ඕනැ තරම් සිටියත් ඒ කිසිවකුට මෙහි ඉඩක් ලබාදී නැත.
                                                                         සුමනදාස යනු රාජකීය දෛවඥයයා. පසුගිය වයඹ චන්දෙදි ජොහාන් මහ ඇමතිවෙනවා එහෙම නොවුනොත් මම මේ කේන්දර බලන එක නතරකරනවා කීවේ මොහු වන අතර නැහැ දයාසිරි දිනනවා මනාප ලක්ෂ 3 කට වඩා අරගන්නවා කියා ඔහුට අභියොග් කලේ මානස ජ්‍යෙතිෂ සගරාවේ කතෘ වන මා විසිනි. විලිලැජ්ජාවක් තියනව නම් එය හාදය ආයෙ ඔකනට එනවද?
රතුවිතාන යනු ජ්‍යොතිෂ සිද්ධාන්ත වත් හරිහැටි නොදන්නා එහෙත් අනුන්ගෙ පොත් කොපි කරල ජ්‍යොතිෂවේදියෙක් වුන අයෙකුවන අතර සන්ධාන ආන්ඩුවට කඩේ ගිය නිසා සුබසෙත කතෘ පදවියයෙන් පුදනු ලැබූ අයෙකි.
                                                               රංජිත් ඕපාත යනු විදුහල්පති වරයෙකු වන අතර මිට වසර 8 කට පෙර මගේ මිතුරකුවන කලුතර අසංක බලපිටිය මහතාගේ ජ්‍යොතිෂ පංතියෙන් ඉගෙන ගෙන එදා පටන් පත්තරවල ලොකුවට දැන්විම් දමමින් ජ්‍යොතිෂ ටියුෂන් කරන අනුන්ගෙ පොත්වල තියන දේවල් පංතියෙදි සටහන් වශයෙන් දෙන අමු හොරෙකි.
                                      මාපලගම විමලරත්න යනු නීතිඥයෙකි. මොහු අංක විද්‍යාව ගැන අනාවැකි කියන්න ඇවිත් දැන් මහා ජ්‍යොතිෂ කරැවෙකු වී ඇති අයෙකි.අනෙක් අය ගැන කියන්න දෙයක් නැත. රතුවිතාන කියන්නෙ මුලු ජ්‍යෙතිෂයම විනාශ කරන එකෙකි. ජ්‍යෙතිෂයට ලොකු සේවාවක් මහින්ද ලවා කරල දෙනව කියල තමන් පොෂනය කරගත් අයෙකි. සුමනදාස ජේ‍යතිෂ කොෟතුකාගාරයක් හදනව කියල ගාල්ලෙ තමන්ගෙ ඉඩමෙ ආන්ඩුවෙ සල්ලිවලින් ගොඩනැගිල්ලක් හදාගත්තා. ඉතින් මෙවැනි අය සාධාරනයක් කරයිද?
                                       නයිටිඑන් නම් කවුරැත් නොබෙලන පඩංගුවාහිනිය මෙවැනි කේවට්ටයින් ගෙන්නගෙන පාලුගෙයි වලං බිදියි. මේ රටේ ඇත්ත කථාකරන මිනිහට තැනක් නැහැ. මම මේක ලීව කියල හොට උදේට මාව මරන්නත් පුලුවන්. මම මැරනේන නම් බය නැහැ. මෙවගේ ජරා අසික්කිත පාලකයො ඉන්න රටක ඉන්නවට වඩා මැරෙන එක සැපක්.
                                                               නමුත් අසත්‍යය කවදාවත් දිනන්නෙ නැහැ. සත්‍යමයි දිනන්නෙ. මේ චන්දෙන් මහින්ද පරදිනවා. ඒක මම ජ්‍යොතිෂ සිද්ධානත් අනුවම පෙන්නල දෙනව. පුලුවන්නම් මගෙත් එක්ක රෑපවාහිනි සංවාදෙකට එන්න කියල මම ඔය නයට කහින. අයටයි ජනතාවට බොරැ කරන චැනල් කාරයින්ටයි කියනව.මෛත්‍රීෙග නිවැරදි කේන්දරය තියෙන්නෙ මගෙ ලග. මෛත්‍රී දිනනව. පුලුවන්නම් කවුරැ හරි මුන්ට මේක දැනගන්න සලස්වන්න.
කේ.ඒ. යූ. සරත්චන්ද්‍ර. ජ්‍යෙතිෂ විශාරද. ජාත්‍යන්තර උපදේශක. දේශමාන්‍යත සාමවිනිසුරැ.කතෘ මානස ජ්‍යෙතිෂ සංග්‍රහය.

Tuesday 9 December 2014

රන්ජිත් සියබලාපිටිය,එස් .බි නාවින්න,පණ්ඩු බණ්ඩාරනායක ,අද පොදු අපේක්ෂකයා වෙත ,


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිවරුන් වන රංජිත් සිලබලපිටිය , එස් .බි නාවින්න,පණ්ඩු බණ්ඩාරනායක ඇමතිවරුන් තව නොබෝ වෙලාවකින් පොදු අපේක්ෂක මෙත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමේ මාධ්‍ය හමුවට එක්වීමට නියමිත බව වාර්තා වේ.මේ පිළිබධව කලබල වී තිබෙන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්  ඔහුන්ගේ ගමන නවතා ලීමට ප්‍රබල උත්සාහයක නිර වී තිබෙනුයේ BMW වර්ගයේ කරයක මුදල් අසුරා ගෙන බව වාර්තා වේ.එම මුදල් ප්‍රමානය එම රථය තුලට දම ඇත්තේ ගණන් නොකර බවද වාර්තා වේ.

Monday 8 December 2014

රටට අවශ්‍ය මෙත්‍රී---හිරුනිකා

ඉදිරි ජනාධිපවරණයේදී තමන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදෙන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණික පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය පවසයි.
මේවන විට විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එහිදී ඇය මේ බව පැවසීය.
තමන් මෙම තීරණය ගත්තේ කාරණා දෙකක් හේතුවෙන් බවද මන්ත්‍රීවරිය සඳහන් කළේය.

නාමයෝජනා භාරදීමෙන් පසු සිය තීන්දුව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කරන බව ඇය සඳහන් කර තිබිණි. ඒ පිළිබඳ දැනුම් දීම සඳහා මේවන විට විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පවසා තිබේ.

Friday 5 December 2014

මාතරින් සන්ධානයේ මෙත්‍රිට එකතුවන 12 මෙන්න


මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ජාතික නිදහස් පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණට අයත් ප්‍රධාන පෙලේ දේශපාලකයන් 12 දෙනෙක් පොදු අපේක්ෂක මෙත්‍රීපාල සිරිසේන මහතාට එකවිම්ට සුදානමින් සිටින බව වාර්තා වේ.එහි පළමු එක්විම පසුගිය දකුණු පළාත් සභා අපේක්ෂක ,මාතර නාගරික මන්ත්‍රී,තැපැල් හා විදුලු සංදේශ නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසුරිය මහතාගේ සම්බන්ධිකරණ ලේකම් රාජ් චන්ද්‍රලාල් මහතා 2දා දින මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ දී මෙත්‍රී පාල සිරිසේන මහතා සමග එක්විය.
01. මාතර දිස්ත්‍රික්කයේදී ආණ්ඩුව නියෝජනය කරන නියෝජය ඇමතිවරයෙක්
02. මාතර මුහුදු බඩ පළාතේ හිටපු එ .ජ .නි.ස .පළාත් සභා මන්ත්‍රීවරයෙක්,
       (මංගල සමරවීර මහතාගේ සමීපතම හිතවතෙකි )
03.මාතර දිස්ත්‍රික්කයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායකයකුගේ පුත්‍රයෙක්,
         (මංගල සමරවීර මහතාගේ සමීපතම හිතවතෙකි )
04.තේ වගාවට සම්බන්ධ හිටපු එ .ජ .නි.ස .පළාත් සභා මන්ත්‍රීවරයෙක්,
05.ජාතික නිදහස් පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ,
06.මාතර මුහුදු බඩ පළාතේ ප්‍රාදේශීය සභා උප සභාපතිවරු දෙදෙනෙක් ,
07.හිටපු සභාපතිවරු දෙදෙනෙක් ,
08.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන තරුණ බල මණ්ඩල තුනක සභාපතිවරු තිදෙනෙක් ,
මේ සියලුම දෙන මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිතුමා සමග රහසිගත සාකච්චාවක් පවත්වා ඇති අතර ,මොවුන් දැනටත් ආණ්ඩුවේ චන්ද සටනට ක්‍රියාකාරීව සහබාගි වී සිටිමින් හදිසියේම පොදු අපේක්ෂකයා සමග එකතු වීමට සුදානමින් සිටින බව වාර්තා වේ.

ඩලස් ගෝලයන් සමග හොරෙන්ම මෙත්‍රීපාල හමුවෙයි.


මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක ඒකකයේ ප්‍රධානීන් ගණනාවක් මේ වනවිට ඉවත් වී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මූලිකත්වය ගෙන ක්‍රියා කරන බව අනාවරණය වේ.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එම ප්‍රචාරක ඒකකයේ ප්‍රධානියා වන අතර ඔහු යටතේ කටයුතු කළ ප්‍රධානම පුද්ගලයින් දෙදෙනෙකු වන මලිත් ජයතිලක සහ කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අතර සිටින බව අනාවරණය වේ. 

මේ අතර මෛත්‍රීපල සිරිසෙන මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරය නාමයෝජනා බාරදුන් විගස අංශ කිහිපයකින් සිදු කෙරෙන බව එම ආරංචි මාර්ග පවසයි මේ වන විට ප්‍රචාරක ඒකක කිහිපයක් මේ වෙනුවෙන් පිහි‍ටුවා තිබේ.


එමෙන්ම දැඩි ජනතා අප්‍රසාදය නිසා මේ දිනවල මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රජයේ වියදමින් කළ කට්වුට් ද හොර රහසේම ගලවා ඉවත් කෙරෙමින් පවතී.

Thursday 4 December 2014

යතුරු පැදිය මහින්දගෙන් චන්දය මෙත්‍රිට


පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන විශේෂ ජන හමුවක් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ දී මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.
පෙළපාළියට සහභාගී වීම සඳහා යතුරුපැදි රැසක් මාතර නූපේ මංසන්ධියේ සිට උයන්වත්ත ක්‍රීඩා පිටිය දක්වා පෙළපාළියෙන් ආවේය.
සහන මිලට රජයෙන් බෙදා දුන් යතුරු පැදි ද එහි විය.

  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පිළි ගැනීමේ කතාව කළේය.

Monday 1 December 2014

මුස්ලිම් කොංග්‍රසයේ සහය මෙත්‍රිට


ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහය පොදු අපේක්ෂක මෙත්‍රී පාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කොට තිබේ.ඊට හේතුව වන්නේ මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයා බොදුබල සේනාව වැනි අන්තවාදී සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කිරීම හේතුවෙන් ජාතින් අතර සහජීවනය ඇති කිරීමක් ගැන පවතින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුක රජයෙන් සිදුවිය නොහැක්කක් බැවින් පොදු අපේක්ෂක මෙත්‍රී පල සිරිසේන මැතිතුමා සහය  දීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ විධායක සභාව තීරණය කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග ඔස්සේ ගොසිප් සවුත් ලංකා නිවුස් වෙත් වාර්තා වී තිබේ .ඔවුන්ගේ මෙම තීරණය හෙට දිනයේදී දැනුම් දීමට සැලසුම් කර ඇතිබවද වාර්තා වේ.තවද මුස්ලිම් කොංග්‍රස් නායකයන් දිනා ගැනීම සදහා ආණ්ඩු හිතවාදී ව්‍යාපාරිකයන් රුපියල් මිලියන 3500 ක්පමණ මුදලක් වෙන් කර ඇතෙයිද වාර්තා වේ.

Thursday 27 November 2014

ආණ්ඩුවේ චන්ද සටන පුස්සක් වන විධිය

ජනාධිපතිවරනයට දින නියම වී තිබෙන මේ මොහොතේ අපේක්ෂකයන් දෙදෙනා අතර විශාල තරගකාරිත්වයක් දක්නට ලැබේ.එහෙත් එක්සත් ජාතික පක්ෂ ජාතික නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කල පරිදි LTTE සංවිධානය නමින් පොදු අපේක්ෂක මයිත්‍රී පාල සිරිසේන මහතා වෙනුවෙන් පෝස්ටරයක් රට පුර ඇලවීමට ආණ්ඩු පක්ෂ රෙජීමය විසින් සැලසුම් කොට තිබෙන බව වාර්තා වේ.එසේ නම් 
   


       01.මහින්ද රාජපක්ෂ ජනධිපති වරයා යුද්ධය අවසන් කොට නොමැත.
       02.රටේ සැම තැනකම LTTE සාමාජිකයන් බහුලව සිටිති.
       03.ත්‍රිවිධ හමුදාව අපහාසයට ලක් කිරීම.
                                                                                          මෙම කරුණු සලක බලු විට අපට පෙනී යන්නේ මෙය ආණ්ඩුවේ ක්‍රියාවක් බවය.එහෙත් මේ සදහා ජනධිපතිවරයා අවසර දී නොමතිබවක් වාර්තා වේ.මෙය මාතර දිස්ත්‍රික්කයේ චන්ජයකින් ජයග්‍රහණය කිරීමට නොහැකි ජාතික ලැයිස්තු ඇමතිවරයෙක් විසින් මෙහෙය වීමට සුදානම් වුවක් බව වාර්තා වේ.තවද ජනධිපති වරයට අනුකම්ප චන්ද ලබාගැනීමට 1992 රණසිංහ  ප්‍රේමදාස ජනාධිපති වරයා  යොදා ගත්තා කියන උපක්‍රිමය ,1999 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ඇස තුවාල වීමේ උප ක්‍රිමය සේ කුමක් හෝ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ ජනතා පිඩිත එහෙත් අනුකම්පා සහගත උපක්‍රමයක් යොදා ගන්නැයි මෙම ඇමතිවරයා ඉල්ලා තිබේ.එහෙත් ඒ සදහා තවම ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානින් අවසර දී නොමැති අතර,ඒ සදහා සාකච්චා කරගෙනයනු ලබන බවට වාර්තා වේ.

Tuesday 25 November 2014

කාන්තාවකගේ පිටිපස්ස දෙස කෑදර කමින් බලපු අය මෙන්න

රනිල් වික්‍රමසිංහගේ සැගවූ අතීතයේ කෙරුවාව

1949 මාර්තු 24 වැනිදින එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා හා නාලිනී විජයවර්දන යුවලගේ දෙවන දරුවා ලෙස මෙලොව එලිය දුටු රනිල් වික්‍රමසිංහයන් හට ශාන් වික්‍රමසිංහ නම් වූ ලංකාවට රූපවාහිනිය හදුන්වාදුන්නාවූද වත්මනෙහි TNL හා ඉසිර මාද්‍ය ආයතන දෙකෙහි සභාපතීතවය දරන වැඩිමල් සොහොයුරෙකුද, නීතීඥ ශානිකා වික්‍රමසිංහ නම් වන බාල සොහොයුරියකද එරාජ් වික්‍රමසිංහ චන්න වික්‍රමසින්හ නමින් සොහොයුරන් දෙදෙනෙකුද සිටී. රනිල් වික්‍රමසිංහයන්ගේ මව වන නාලිනී විජයවර්දන මැතිනිය නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන D.R. විජයවර්දන සූරීන්ගේ වැඩිමහලු දියනියයි එතුමිය තම පියාගේ අභාවයෙන් අනතුරුව 1973 දී සමගි පෙරමුනු රජය මගින් ලේක් හවුස් ආයතනය රජයට පවරා ගන්නාතුරුම ලේක්හවුස් ආයතනයේ කතෲ මන්ඩල කළමනාකාර අධ්‍යක්ශවරිය වූවාය. එමෙන්ම ලාංකීය කලාකෙතට නොමැකෙන සේවයක් කල එතුමිය සුදර්ශී සිංහල සන්ස්කෘතික ආයතනයේ නිර්මාතෲවරිය ද වේ. එමෙන්ම නවකතා කෙටිකතා අත් පිටපත් සදහා පිරිනැමෙන D.R. විජයවර්දන සම්මානයේ නිර්මාතෲවරියද වෙයි. කැලනිය රජමහා විහාරයෙහි ප්‍රදාන දායිකාව ලෙස බුදු දහම වෙනුවෙන් ඇය කල සේවයද සදා අනුස්මරනීයය. 1930 ලංකාවේ මුල්ම සිංහල දිසාපතිදූරය (සබරගමුව) හා මුල්ම ශ්‍රී ලාංකීය ඉඩම් කොමසාරිස් දූරය දැරූ, D.S. සේනානායක මැතිදුන්ගේ ගොවිජන ව්‍යාපාරයේ යෝධ ශක්තිය වූ P.L. වික්‍රමසිංහ මහතාගේ වැඩිමහලු පුතනුවන් වනුයේ රනිල් වික්‍රමසිංහයන්ගේ පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය. ලංකා සමසමාජ පක්ශයෙන් දේශපාලනයට අත් පොත් තැබූ එස්මන්ඩ් වික්‍රමසිංහයන් එකල ලංකා සම සමාජ පක්ශයෙහි කැපී පෙනුනු චරිතයක් විය නීතිවේදියකු වූ එතුමා විවාහයෙන් පසු තම මාමන්ඩිය වන D.R. විජයවරදනයන්ගේ ලේක්හවුස් ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ශක දූරයට පත් විය. එකල එස්මන්ඩ් වික්‍රමසිංහයන් ප්‍රචලිතව සිටියේ රජුන් තනන්නා යන නාමයෙනි. D.S. සේනානායක මහතාගෙන් පසුව ඩඩ්ලි සෙනානායක මහතා අගමැති වීම හා 1964 සිරිමාවෝ බන්ඩාරනායක ආන්ඩුව පෙරලීම ඇතුලු ලාංකීය දේශපාලනයේ බොහෝ සිදුවීම් වල තිරය පිටුපස සිටි චරිතය වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය.
අනුර බන්ඩාරනායක දිනේශ් ගුනවර්දන වැන්නවුන් සමග කොලබ රාජකීය විද්‍යාලයෙන් අද්‍යාපනය ලැබූ රනිල් වික්‍රමසිංහයන් තම මවගේ අභාශය නිසාම කැලනි රජමහා විහාරය හා හුනුපිටිය ගංගාරමයේ නිතර ගැවසෙමින් බුදු දහමෙන් ජීවිතයට පන්නරය ලබා ගැනීමට කුඩා කල සිටම නැබුරුව සිටි අයෙකි. පාසැල් අද්‍යාපනය විශිශ්ට ලෙස නිම කල රනිල් වික්‍රමසිංහයන් හට තම පවුල් පසුබිම අනුව ලොව පිලිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකට ඇතුලත් වී උසස් අද්‍යාපනය ලබාගත හැකිව තිබුනද ලාංකීය පසුබිමක අද්‍යාපනය ලැබීමට ඇති කැමැත්ත නිසාම එකල ලංකා විශ්වවිද්‍යාලය නමින් පැවති වත්මනෙහි කොලබ විශ්වවිද්‍යාලය ලෙස හැදින්වෙන විශ්වවිද්‍යාලයට ඇතුලත්ව තම උපාදිය සම්පූරන කරගෙන නීති විද්‍යාලය මගින් පවත්වන විභාගයන්ට මුහුන දී 1972 වර්ශයේදී නීතීඥවරයෙකු ලෙස නීති වෘත්තියට එක් විය.
එවකට විපක්ශ නායකව සිටි ජේ ආර් ජයවර්දනයන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 1970 දී කැලනිය ආසනයෙහි ප්‍රදාන සංවිදායක ලෙස එජාපයෙන් දේශපාලන අත් පොත් තැබූ රනිල් වික්‍රමසිංහයන් බියගම ආසනයෙහි ආසන සන්විදායකවරයාලෙස පත්වන්නේ කැලනිය ආසනය බියගම සහ කැලනිය ලෙස බෙදා වෙන්කල පසුවයි 1977 වසරේදී බියගම ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන රනිල් වික්‍රමසිංහයන් එම මැතිවරනයේදී ඦන්ද 22045 ලබා ගන්නේ 57.50% ඦන්ද ප්‍රතිශතයක් වාර්තා කරමිනි. 1977 J.R. ජයවර්දන රජයෙහි ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස තේරීපත් වුනු රනිල් වික්‍රමසිංහයන් නියෝජ්‍ය විදේශ ඇමති ලෙස පත් වීම් ලද අවස්තාවේ තම හැකියාවන් ප්‍රදර්ශනය කරමින් විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගනිමින් නව තාක්ශනය මෙරටට ගෙන්වාගනිමින් කල මහගු මෙහෙවර හේතුවෙන්ම තරුණ කටයුතු ඇමතිවරයා ලෙස කැබිනට මන්ඩලයට ඇතුලත් වන්නේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා වෙමිනි. එහිදී ලාංකික තරුණ ප්‍රජාවට අදටත් නොමැකෙන් සේවයක් කල එතුමන් ජාතික තරුණසේවා සභාව ඇතිකරමින් තරුන තරුනියන්ට වෘත්තීය පුහුනුව ලබා ගැනීමට හා කැලයෙහි පිපී කැලයෙහිම පරවෙන්නට තීබූ කලා හැකියාවන් ගෙන් යුත් තරුණ තරුණියන්හට ජාතික තලයට පැමිනීමට කදිම මාවතක් විවර කර දුනි. අද වන විට ජාතික තරුන සේවා සභාව හරහා බිහිවූ වෘත්තිකයින් රට පුරා උසස් වෘත්තීන්හි නියැලෙන අතර ජාතික තරුණ සේවා සභාව හරහා කල එලි බසින ලද කලාකරුවන් ගනන මෙතෙකැයි කියානිමකල නොහැක. අදටත් ජාතික තරුන සේවා සභාවෙන් තම ජීවන ගමන හැඩ කරගන්නා තරුණ තරුණියන් ගනන අති විශාලය. බේල්වුඩ් කලා නිකේතනය ආරම්භ කල රනිල් වික්‍රමසිංහයන් කලාකරුවන්ට තම දක්ශතා එලිදැක්වීමට හා ඔප්නැංවීමට කදිම තෝතැන්නක් සකස් කර දුනි. ඉන් අනතුරුව J.R. ජයවර්දන රජයේම අද්‍යාපන අමාත්‍යවරයා ලෙස මෙරට අද්‍යාපන ක්ශේත්‍රයට නොමැකෙන සේවයක් කිරීමට ඉඩ ලැබෙන රනිල් වික්‍රමසිංහයන් එම අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් මෙරට එතෙක් පැවති දේශපාලන හිතවත් කම් මත ගුරුවරුන් බදවාගැනීමට තිත තබමින් සුදුසු කම් ඇති අයට පමනක් ගුරු පත්වීම් ලබා ගත හැකි ක්‍රමයක් ඇති කරන ලදී. විද්‍යාපීට මෙරටට හදුන්වාදුන් රනිල් වික්‍රමසිංහයන් නිසාවෙන් මෙරට දිදුලුනු ගුරු තරු ගනන අපමනය. ජාතික අද්‍යාපන ආයතනය ඇති කිරීමටද මූලික වූ එතුමන් විදිමත් අද්‍යාපනයක් ලාංකීය සිසු දරු දැරියන් වෙත ලබා දීමට කල මෙහෙය කියා නිමකල නොහැක නොමිලේ පොත් බෙදා දීමේ ව්‍යාපෘතිය තවත් පුලුල් කල එතුමානන් රට පුරා පාසල් ඉදි කරමින් මෙරටෙහි ජනතාවට අද්‍යාපනයෙහි අයිතිය ලබාදීමට කල මෙහෙවරද සදා අනුස්මරනීයය. බුදු දහමට විශාල ගැටලුවක්ව පැවති තරුන භික්ශූන් සිවුරු හැර යාම වැලැක්වීම සදහා ඉසුරුපායේ ආද්‍යාපන අමාත්‍යංශයට පිරිවෙන් සදහා ඒකකයක් එක් කල රනිල් වික්‍රමසිංහයන් එවකට දුර්වලව පැවති පිරිවෙන් අද්‍යාපන ක්‍රමය යලි නගාසිටුවමින් රට පුරා පිරිවෙන් අද්‍යාපන මද්‍යස්තාන ඉදිකරමින් භික්ශූන් වහන්සේලා සදහා විදිමත් අද්‍යාපනයක් ලබා දීමට ගත් පියවරද සදා අනුස්මරනීය වේ. එමෙන්ම 1989 වසරෙහිදී ආරක්ශක අංශ ශක්තිමත් කරලනු වස් Sri Lanka National Guard ලංකාවට හදුන්වා දෙන එතුමන් විසින් හමුදා සේවයේ දියුනුව වෙනුවෙන් කල තවත් අපමන ක්‍රියාවන් දැන් ගැනීමට යුද හමුදාවට 50 වසරක් පිරීම නිමිතිකොට ගෙන පොදුපෙරමුනු රජය යටතේ එලි දැක්වුනු පොත පරිශීලනය කිරීම ප්‍රමානවත්ය එම පොතෙහි යුද හමුදාවට විශාල සේවයක් කල එක දේශපාලකයෙකුගේ නමක් සදහන් වෙයි ඔවු ඒ රනිල් වික්‍රමසිංහයන් ගැනයි. නමුත් හොදක් කරන්නට යන මිනිසුන්ට භාදක අපමනයි යන්න සනාත කරමින් ප්‍රතම වතාවට රනිල් වික්‍රමසිංහයන්ට එරෙහිව විශ්වාසභංගයක්ද ගෙන ඒමට මන්ත්‍රීවරුන් ක්‍රියා කලේ ගෙස්ට් හවුස් ගුරු පත්වීම ක්‍රමය නවත්වා විදිමත් ආකාරයට තරග විභාග මගින් ගුරු පත්වීම් ලබාගත හැකි ක්‍රමයක් ඇති කල වරදටය.
1989 වසරේදී සමානුපාතික ක්‍රමයට පැවති පාර්ලිමේන්තු මැතිවරනයට මුහුන දෙන රනිල් වික්‍රමසිංහයන් මනාප 86477 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත්වන අතර එම පාර්ලිමේන්තුවේ සභානායක වරයා මෙන්ම කැබිනට් ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කිරීමට රනසිංහ ප්‍රේමදාස ජනාදිපතිවරයා යටතේ වරම් ලබා ගනියි එමෙන්ම රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත කටයුතු පිලිබදව අමාත්‍යවරයා ලෙස බියගම නිදහස් වෙලද කලාපය ඇති කරමින් එයට විදෙස් ආයෝජකයින් ගෙන්වාගනිමින් රැකියා විරහිත සුවහසක් ජනයාට රැකියාඅවස්තා ලගාකරදීමේ පුරෝගාමීසේවයක් ඉටු කරනු ලබන්න්නේද රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයා විසිනි.ඉක්බිතිව රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත විද්‍යාහා තාක්ශන කටයුතු අමාත්‍ය දූරයට පත් වන රනිල් වික්‍රමසිංහයන් විසින් තොරතුරු තාක්ශනය හා ජන්ගම දුරකතනය මෙරටට හදුන්වා දෙන්නේ එය අනවශ්‍ය දෙයක් බවට විපක්ශය විසින් ගෙනයන දහසකුත් භාදාකිරීම් මද්‍යයේය. 1991 වසරේ එතුමන් විසින් රටෙහි පැවැත්වුනු කර්මාන්ත ප්‍රදර්ශනය කාහටවත් අමතක නොවන මතකයන් එකතු කල තැනක් විය. අන්තර්ජාලය ලොවට හදුන්වාදී වසරක් ගත්වීමටත් පෙරටුව මොරටුව විශ්වවිද්‍යාලය හා එක්ව අන්තර්ජාලය භාවිතා කරන දකුනු ආසියාවේ ප්‍රතම රට බවටත් ආසියාවේ අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමුඛතම රටක් බවටත් පත්කර්ලීමට රනිල් වික්‍රමසිංහයන් ගත් උත්සාහයට අන්තර්ජාලය භාවිතා කරමින් දැනුම ලබා ගන්නා සියලුම ලාංකික පුරවැසියන් එතුමන්ට ණයගැතිය. එමෙන්ම විපක්ශයේ හා කාටූන්ශිපීන්ගේ දහසකුත් අපවාද මැද ජංගම දුරකතනය අප රටට හදුන්වාදීමේදී එතුමන් කියූ සෑම් මිනිසෙකු අතම ජංගම දුරකතනයක් තිබෙන යුගයක් බිහිවන කතාව එදා විහිලුවක් වුවද අද සත්‍යක් නොවන්නේද?තම පක්ශයේම ප්‍රභල පුද්ගලයින් දෙදෙනෙකු වන ගාමිනීදිසානායකයන් සහ ලලිත් ඇතුලත්මුදලි විසින් රනසිංහප්‍රේමදාස ජනාදිපතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව හමුවේ තම නායකයා ආරක්ශා කර ගැනීමට රනිල් වික්‍රමසිංහයන් ගත් ක්‍රියාමාර්ගයන් එකල එජාපය බේරාගැනීමටත් තම නායකයා ආරක්ශා කර ගැනීමටත් මහගු පිටුවහලක් වූබව කාටත් නොරහසකි.එමෙන්ම 1993 ප්‍රේමදාස ජනාදිපතිවරයානන් කොටි ත්‍රස්තවාදීන් අතින් ගාතනයට ලක්වූ අවස්තාවේදී සභා නායකවරයා ලෙස එම ගැටලුවට පුද්ගලිකව මැදිහත් වී රට අරාජික වීමෙන් වලක්වා ගනිමින් සහ රටේ අගමැතිවරයා ඇතුලු අනෙකුත් පුද්ගලයින්ගේ ආරක්ශාව ගැන පුද්ගලිකවම සොයා බලමින් කල මෙහෙවර සියලුම දෙනාගේ පැසසුමට ලක්වූවකි.
එවකට අගමැතිවරයාව සිටි D.B. විජේතුන්ගයන් විධායක ජනාදිපති ලෙස දිවුරුම් දීමට සලස්වා විධායක ජනාදිපති වරයෙකු ගාතනයට ලක් වූ පලමු අවස්තාවේදී එතුමන් නීතිගරුකව සම්ප්‍රදායන්ට ගරු කරමින් කටයුතු කල ආකාරය සැබවින්ම විශ්මයජනකය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු සම්ප්‍රදානුකූලව අග්‍රාමාත්‍යදූරයට පත්වන රනිල් වික්‍රමසිංහයන්ගේ එකම බලාපොරොත්තුව වූයේ කොටි ත්‍රස්තවාදයෙන් මවුබිම මුදාගැනීමත් එවකට රටෙහි පැවති තත්වය අනුව ආර්තික අතින් කඩා වැටෙමින් තිබූ රට යලි නගාසිටුවීමත්ය. එතුමන් විසින් අග්‍රාමාත්‍යදූරය දැරූ වසරක කාලයතුල (1993-1994) රටෙහි ආර්තික අරබුදයටද පිලියම් යෙදූ එතුමා නැගෙනහිර ප්‍රදේශය සම්පූරනයෙන්ම ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගෙන පුනරීන් අලිමන්කඩ කිලිනොච්චි හා මුලතිවු වැනි ප්‍රදේශද කොටි ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට රනවිරුවන්ට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබා දුන්නේ එදා මෙදාතුර විධායක ජනාදිපතිවරයෙකු යටතේ බිහිවූ ක්‍රියාශීලීම අගමැතිවරයා යන නාමය තම නම ඉදිරියේ සනිටුහන් කරගනිමිනි. 1994 දී එක්සත් ජාතික පක්ශය මහමැතිවරනය පරාජයට පත්වුවද කොලබ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරනයට ඉදිරිපත්වූ රනිල් වික්‍රමසිංහයන් මනාප 291194 ක් ලබා ගනිමින් මනාප ලයිස්තුවේ ප්‍රතමස්තානයට පැමිනීමට සමත්විය. මහ මැතිවරනය පරාජය ව්මෙන් අනතුරුව පැය 24ක් තුල අරලියගහ මන්දිරයෙන් ඉවත්වී මැතිවරනය ජයග්‍රහනය කල පාර්ශවයට ආන්ඩුව පිහිටවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු බව ලොවටම විද්‍යාමානකරමිනි. ප්‍රේමදාස මහතාගේ අභාවයත් සමගම පක්ශය වෙනුවෙන් තමන් විසින් ඉටු කල යුතු යුතුකම් ඉටුකිරීමට පෙරමුන ගන්නා රනිල් වික්‍රමසිංහයන් පක්ශය හැරදා ගිය ගාමිනී දිසානායකයන් නැවතත් පක්ශයට කැන්දාගෙන ඒමේ කාර්යභාරයට D.B. විජේතුන්ග ජනාදිපතිවරයා සමගින් පෙරමුන ගත් අයුරු සැබවින්ම අගය කල යුතුය. රනිල් වික්‍රමසිංහයන් ගාමිනී දිසානායකයන් නැවත්ත එක්සත් ජාතික පක්ශය සමගින් එක් කර ගන්නේ පක්ශයට ඇති ඇල්ම නිසාමය. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ශ මන්ත්‍රීවරුන් අතරෙහි පවත්වන ඦන්ද විමසුමෙන් විපක්ශ නායක දූරය ඦන්ද 2 කින් අහිමි වුවත් විපක්ශ නායකත්වයට පත්වන ගාමිනී දිසානායකයන් හා එක්ව පක්ශය යලි ජයග්‍රාහී මාවතට ගෙන ඒම සදහා අපමන වෙහෙස වෙමින් කටයුතු කල ආකාරය කාටත් ආදර්ශයක් සපයයි. 1994 වසරේදී පැවැත්වෙන ජනාදිපතිවරනයට D.B. විජේතුංග ජනාදිපතිවරයා ඉදිරිපත් නොවන බව දැන්වීමත් සමගම ජනාදිපතිවරන අපේක්ශකත්වයට නම් වන ගාමිනීදිසානායකයන් සමග එක්ව එක්සත් ජාතික පක්ශය දිනවීම සදහා කටයුතු කරන රනිල් වික්‍රමසිංහයන් ගාමිනී දිසානායක ඇතුලු පක්ශයේ ප්‍රභලයින් රැසක් ගාතනය වූ තොටලග බෝම්බ ප්‍රහාරයට පෙර ජනතාව අමතා රැස්වීම් භූමියෙන් ඉවත්ව ගිය හේතුව නිසා නොවන්නට රනිල් වික්‍රමසිංහයන්ද අප රටට අහිමිවන්නට ඉඩ තිබුනි.
ගාමිනී දිසානායක මහතාගේ අභාවයෙන් පසුව රනිල් වික්‍රමසිංහයන් හට ජනාදිපතිවරනයට ඉදිරිපත්වීමට අවස්තාව ලැබුනත් ගාමිනීදිසානායකයන්ගේ බිරිද වන ශ්‍රීමා දිසානායක හට එම අවස්තාව ලබාදෙනු ලබන්නේ තමන් බලලෝභී පුද්ගලයෙකු නොවන බව ක්‍රියාවෙන්ම ඔප්පු කරමිනි. ඉන් අනතුරුව ශ්‍රීමා දිසානායකගේ කෙටි කාලීන ඦන්ද සටනට හැකි උපරිමයෙන් සහය දෙන රනිල් වික්‍රමසිංහයන් ශ්‍රීමා දිසානායකයන් පරදා චන්ද්‍රිකා බන්ඩාරනායක ජය ගත් පසුව ශ්‍රීමා දිසානායකයන් දේශපාලනයෙහි රැදීමට අදහසක් නොමැති බව දැනගෙන එජාප නායකයා බවටත් විපක්ශ නායකයා බවටත් තනතුරු ලබාගනු ලැබීය. එකල්හි රට පුරා පැතිරුනු මඩ ප්‍රචාරයක් වූයේ භීශන සමයේ ක්‍රියාත්මක වූ බටලන්ද වදකාගාරයට රනිල් වික්‍රමසිංහයන්ගේ සම්බන්දයක් පිලිබදවයි ඒ සදහා පත් කෙරුනු ජනාදිපති කොමිසමට හා නඩු විභාගයන්ට ඉදිරිපත්වූ රනිල්වික්‍රමසිංහයන් තමාගේ නිර්දෝශීභාවය ඔප්පු කරලීමට සමත් විය. ඉක්බිති කැඩුනු එජාපය නිසා එකතුවූ පැල්ලම්, ත්‍රස්තවාදය නිසා එජාපයට අහිමිවූ නායකයින් නිසා ඇතිවූ හිස්තැන්, සමහර නායකයින් නිසා එජාපයට ඇලවුනු කොටි ලෙබල්, J.V.P. භීශනය මර්දනය කල ක්‍රමය හේතුවෙන් රට තුල එජාපයට ඇතිවූ කලු පැල්ලම් හැකිතාක් ඉවත් කරමින් එජාපය දිනවීමේ කාර්‍යභාරය කරපින්නාගෙන එජාපය දිනවීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහයන් ඇපකැපවී වැඩ කල අයුරු නායකයකු වීමට පෙරුම්පුරනා සැමට ආදර්ශයක් සපයයි.
1995 යනු එජාප නායක හා විපක්ශ නායක රනිල් වික්‍රමසිංහයන්ට මංගල සීනු හැඩවුනු වසරයි එතුමානන්ගේ අතිනත ගත් මෛත්‍රී වික්‍රමසිංහ වත්මනෙහි කැලණිය විශ්ව විද්‍යාලයෙහි ඉංග්‍රීසි අංශයේ අද්‍යානාංශාධිපතිනිය වන අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගේ පියා සෙනෙවි B. වික්‍රමසිංහ හා මව ශිරානි බන්ඩාරතිලක වේ.
1999 වසරේදී නියමිත කාලයට කලියෙන් ජනාදිපතිවරනයක් කැදවන චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපතිවරිය බෝම්බ ප්‍රහාරයකටද ලක්ව අනුකම්පා ඦන්ද බලයෙන් සහ බොරු දේශප්‍රෙමයට රැවටුනු ජනතාවගේ බලයෙන් රනිල් වික්‍රමසිංහයන් ජනපතිවරන සටනින් පරදවනු ලැබුවද එම අවස්තාවේදී රනිල් වික්‍රමසිංහයන් වෙනුවෙන් කැමැත්ත පල කොට මෙරටෙහි ඦන්දය භාවිතා කල ප්‍රමානය 3602748 ක් විය. චන්ද්‍රිකා බන්ඩාරනායක රජය තුල පැවති පලමු පාර්ලිම්න්තු මැතිවරනය පැවැත්වෙන්නේ 2000 වර්ශයේදීය එහිදී කොලබ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන එජාප නායකහා විපක්ශ නායක රනිල් වික්‍රමසිංහයන් මනාප 363668 ක් ලබා ගෙන පාර්ලිමෙන්තුවට තේරී පත්වන නමුත් පක්ශය ජයග්‍රහනය කිරීමට අසමත් වේ. නමුත් එවකට තිබුනු ආර්තික අවපාතයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා රනිල් වික්‍රමසිංහයන් විසින් වසරක් ඇතුලත් පත්වූ ආන්ඩුව ගෙදර යවන්නේ ආන්ඩු පක්ශ මන්ත්‍රීවරුන් (පක්ශ මහ ලෙකම් ඇතුලු) 11 දෙනෙකුන් පමන විපක්ශයට කැන්දා ගනිමිනි. ජනතා රැල්ලක් ඇතිකරනු වස් කඩා වැටෙන ආර්තිකයට එරෙහිව ජනබල මෙහෙයුම සන්විදානය කරනුයේ ගාමිනී අතුකෝරාල මැතිදුන් ලබා දුන් යෝද ශක්තියත් සමගිනි.
ඉන් අනතුරුව 2001 වසරෙහිද පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වීමට සිදුවන අතර එම මැතිවරනයෙන් රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුක එජාපය ජයග්‍රහනය කරනුයේ එදාමෙදාතුර ජනතාවරමකින් පත්වූ විධායක ජනාදිපතිවරයෙකු යටතේ විරුද්ද පක්ශයක් බලයට පත්වූ ප්‍රතම සහ එකම අවස්තාව සනිටුහන් කරමිනි. කඩා වැටුනු ආර්තිකයකින් යුත් යුදමය වශයෙන් අසරනව සිටි රජයක් බාරගත් රනිල් වික්‍රමසිංහයන් ජනතාවගෙන් සිවුවසරක් ඉල්ලා සිටියේ වසර හතරකින් කඩා වැටුනු ආර්තිකය ගොඩ නන්වා යුද බිය තුරන් කරවා සැමට නිදහසේ ජීවත් විය හැකි ආර්තික අතින් සමුර්දිමත් රටක් බිහි කිරීමටයි. පාලන බලය ලබා ගෙන මාස තුනක් ඇතුලත රටෙහි පැවති යුද ගිනි දැල් නිවා දමමින් සාම සාකච්චා සදහා කොටි සන්විදානය කැමති කරවා ගත් රනිල් වික්‍රමසිංහයන් එදා වන තුරු දවසක් ගානේ හැඩූ කදුලින් සිටි දකුනේ මෙන්ම උතුරේ දෙමාපියන්ගේද හද ගිනි දැල් නිවාලීය. ආර්තික සම්බාදක පනවමින් නැවු හා ගුවන් භාන්ඩ සදහා රක්ශන අධිභාරයක් පනවමින් පැවති කාලය නිමා කල රනිල් වික්‍රමසිංහයන් අකාර්‍යක්ශමව පැවති රජයේ සේවකයින් සදහා විශ්‍රාම ක්‍රමයක් හදුන්වා දෙමින් සහ රජයට කිසිදු සේවකයකු බදවා නොගනිමින් ජනප්‍රිය නොවූ නිවරදි තීන්දු ගනු ලැබුයේ ඉතිහාසයේ ප්‍රතම වතාවට ආර්තික වර්දන වේගය සෘන වූ සහ මහා බාන්ඩාගාරය හිස්වූ දිනකට පැය 12ක් පමන විදුලි කප්පාදුවක් පවතින රටක ආර්තිකය ගොඩ නැංවීමට සිදුවූ නිසාය එම නිවරදි තීන්දු වලට පින් සිදු වන්නට සහ ජාත්‍යන්තරයෙහි පිලිගැනීමක් තිබූ රනිල් වික්‍රමසිංහයන්ගේ හැකියාවට පින්සිදු වන්නට ඉතාමත් කෙටි කලකින් රට නිවරදි මාවතට ගෙන ඒමට එතුමන්ට හැකිවිය. එවකට ලොව ඕනෑම පුරවැසියකු ජාත්‍යන්තර යුද අධිකරන වලට ඉදිරිපත් කල හැකි ලෙස ඉදිරිපත් කල රෝම ප්‍රඥප්තිය අත්සන් කිරීම ප්‍රතික්ශේප කල රනිල් වික්‍රමසිංහයන් නිසාවෙන් කිසිදු ලාංකීය පුරවැසියෙකු ජාත්‍යන්තර යුද අධිකරනයට ගෙන යෑමේ හැකියාව ඇහිරුනි. යොවුන් සේනාන්ක නමින් රට පුරා ආයතන බිහිකරමින් නව යොවුන් තරුණ තරුණියන්ට නායකත්ව පුහුනුව,ජාත්‍යන්තර භාශා දැනුම,තොරතුරු තාක්ෂනය ලබාගෙන නව ලොවට සාර්තකව මුහුදීමේ ක්‍රමයක් ඇතිකළා පමනක් නොව ඔවුන්ට දීමනාවක්ද ලබා දීමට කටයුතු කරමින් රනිල් වික්‍රමසිංහයන් හෙටට ඔබින යොවුන් පරපුරක් අද නිර්මානය කිරීමට වෙහෙස වූ ආකාරයද අගය කල යුතුමය. කොටි සන්විදානය සතුව තිබූ ජාත්‍යන්තර ජාලය බිද වට්ටමින් හමුදාවට නවීන යුදෝපරන මිලදි ගනිමින් කරුනා අම්මාන් වැනි කොටි ප්‍රභලයින් ත්‍රස්ත සංවිදානයෙන් කඩා ඉහිරවමින් සාමය පතුරුවමින් යුද ගිනි දැල් නිවා දමන ආකාරයද. "යලිපුබුදමු ශ්‍රී ලංකා" මගින් රට ගොඩ නගන ආකාරයද ක්‍රියාවෙන්ම ඔප්පු කරනු දුටු චන්ද්‍රිකා බන්ඩාරනායකයට සහ ජනතා මුදල් හොරකම් කරමින් ජීවත් වන්නට වෙර දරන දේශපාලුවන්ට දෙලෝ රත්වන්නට ඇත. එම අවස්තාවේදී රට යන අත ගැන පැහැදුනු ලෝක ප්‍රජාව ඇමරිකානු ඩොලර් බිලියන 45ක ණය ආදාර යලි පුබුදමුවැඩසටහන සදහා ලබාදීමට එකගව පැවතුනි. එමෙන්ම එතුමන්ගේ පාලන කාලයෙහි නිවරදි ආර්ථික පිළිවෙත් අනුගමනය කරමින් ඉන් පෙර -1.5% ක් ව පැවති දළ ජාතික නිශ්පාදනය 4% දක්වා නංවාලීමට සමත් විය. එසේම එය ඊළඟ අවුරුදු වළදී 5.9% ක් හා 5.4% මට්ටමකට ඔහු එය පත් කළේය. එසේම ඔහු පාලන සමය තුළදී උද්දමනය 10% කට පහළින් තබා ගැනීමට සමත් විය. එය 2%, 3% වැනි සාමාන්‍ය අගයක් ගැනීම නිසා මහජනතාවට ජීවන බරක් නොදැනෙන තරම් විය. තම දක්ශ තාවයෙන් උපරිම ප්‍රයෝජන ගත් රනිල් වික්‍රමසිංහයන් විසින් රටෙහි අරබුද එකින් එක නිරාකරනය කරනු බලාගෙන හිදිනු නොහැකිව චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපතිනිය රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමීමට අමාත්‍යංශ තුනක් පවරා ගන්නේ රනිල් වික්‍රමසිංහයන් ඇමරිකානු ජනාදිපතිවරයා හමුවීම සදහා ගොස් සිටින අවස්තාවකදීය. ඉන් අනතුරුව ජනතාවිමුක්ති පෙරමුන හා සන්දානගතවන චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපතිවරිය රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමුවද වත්මනෙහි එතුමිය ප්‍රකාශ කරන පරිදි එතුමිය දේශපාලන ජීවිතය තුල කරන ලද විශාලතම වැරැද්ද එයයි. එහිදී සිහිපත් කලයුතු වැදගත් කරුනක් වනුයේ නිදහසින් පසු මෙරට සහලින් ස්වයන් පෝශිත වූ එකම යුගයද රනිල් වික්‍රමසිංහයන්ගේ යුගය බවය.
2004 පාර්ලිමෙන්තු මැතිවරනයට ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහයන් කොටි හිතවාදියෙකු ලෙස කරනු ලැබූ මඩ ප්‍රචාර හා බලයට කෑදර රට ගොඩනගනාවට අකමැති සන්දාන හමුවේ කොලබ දිස්ත්‍රික්කයෙන් මනාප 329524ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ මනාප ලාභීන් අතර පලමු තැනට පත් වුවද එජාප රජයක් පිහිටුවීමට අසමත් වේ. ඉන් අනතුරුව 2005 ජනාදිපතිවරනය සදහා ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහයන් හට බියවන කොටි සංවිදානය එජාපයට වඩා වාසිදායක උතුරු නැගෙනහිර ඦන්ද භාවිතය වලක්වාලන පසුබිමක් තුලදීද එජාපය තුලම සිටින එජාප ජයග්‍රහනය නොපතන පිරිස් වෙතින් ගෙනයන ලද එජාප ආන්ඩුවක් තුල සමුර්දිකරුවන් පට්ට ගසනවා වැනි කතන්දර තුලින්ද කඩා වැටෙන ඦන්ද හමුවේ රනිල් වික්‍රමසිංහයන් මහින්ද රාජපක්ශ හමුවේ පරදින්නේ ඦන්ද 180000 කිනි. රනිල් වික්‍රමසිංහයන් විසින් එතුමන් විසින් පක්ශය භාරගන්නා මොහොතෙහි එජාප ඦන්ද පදනම වූ 2715283 (35.91%) 2005 වසර වන විට 4706366 (48.43%) දක්වා වර්දනය කරගෙන තිබුනි. එතැන් පටන් පක්ශය තුලින්ම එන කුමන්ත්‍රනද විදායක ජනාදිපති දූරයක් හොබවන මහින්ද රාජපක්ශ ජනාදිපතිවරයා සරත් ෆොන්සේකා මහතා සමග එක්ව යුද ජයග්‍රහනය ලබා ගැනීමත් සමග දේශප්‍රේමයෙන් අන්දව යන ජනතාවට දුර නොපෙනීම හේතුකොට ගෙන වර්තමානය වන විට රනිල් වික්‍රමසිංහයන් කල මෙහෙය ජනතාවට අමතක කරවන වටපිටාවක් ගොඩ නැගී ඇත. එම අවස්තාවෙදී උපක්‍රමශිලී වන රනිල් වික්‍රමසිංහයන් 2010 ජනාදිපතිවරනයට ඉදිරිපත් කරවන්නේ යුද ජයග්‍රහනය සදහා අයිතිය ඇති සරත් ෆොන්සෙකා මැතිතුමාය නමුත් එතුමන්ද එම ඦන්දය පරාජය වනුයේ ආතතිය සෑදී මැතිවරන කොමසාරිස්වරයා ආගිය අතක් නොමැති වටපිටාවක් තුල හා අදටත් එතුමන් තරග කල ලකුන වන හංසයා ලකුන සලකුනු කරන ලද වලංගු ඦන්ද පත්‍රිකා පාලම් යටින් බෝක්කු යටින් හමුවන වාතාවරනයක් තුලදීය. යුද ජයග්‍රහනයෙන් ඔද වැඩී කලගුන සලක මිත්‍යාවෙන් වැසී සිටි ජනතාව හමුවේ රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුක එජාපය 2010 මහ මැතිවරනය පරාජය වුවද එතුමන් කොලබ දිස්ත්‍රික්කයෙහි මනාප ලයිස්තුවේ එජාප ප්‍රතමයා වෙමින් මනාප 232957 ක් ලබා ගැනීමට සමත් වෙයි.
වත්මනෙහි දේශපාලන ක්ශේශ්ත්‍රය තුල සිටින දේශපාලකයින් අතුරෙන් රට වෙනුවෙන් රනිල් වික්‍රමසිංහයන් කල වැඩ කොටසින් බාගයක් වත් ඉටුකල අයෙකු නොමැති බව සක්සුදක් සෙ පැහැදිලිය. එමෙන්ම ජනප්‍රිය නොවූවත් රට වෙනුවෙන් ගත යුතු නිවරදි තීන්දු ගනිමින් රට නිවරදි මාර්ගයට ගැනීමට සමත් එකම පුද්ගලයා ඔහු බවද ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. එතුමන්ට රැක්මට දරු මල්ලන් නැත. ආර්තික අතින් ගොඩ් දැමිය යුතු සහෝදර සහෝදරියන් නැත. කිසිම දිනෙක හොරෙකු වන්චාකාරයෙකු ලෙස චෝදනා එල්ලවී නොමැත. එදාමෙදා තුර ලංකා ඉතිහාසයේ ලාංකීය විශ්වවිද්‍යාලයකින් උපාදියක් ලද අග්‍රාමාත්‍ය දූරයට හෝ පත්වූ එකම පුද්ගලයාද ඔහුය. තමා කල කීදෙය කියවමින් යන වාචාලයෙක් නොවීමේ වරදට රට වෙනුවෙන් අපමන වැඩ කර ඇති රටට තවත් වැඩ ගත හැකි රනිල් වික්‍රමසිංහ නම් වන උගත් බුද්දිමත් පලපුරුදු ලොවක් පිලිගත් රාජතාන්ත්‍රිකයා ගෙන් වැඩක් ගැනීමට ඇති අවස්තාව පැහැර නොහරිමු. එතුමන් විසින් හදුන්වාදුන් අන්තර්ජාලය භාවිතා කරමින්ම එතුමන් විසින් හදුන්වාදුන් ජංගම දුරකතනයක් අතෙහි දරමින් එතුමන්ට අපවාද කීම මඩ ගැසීම නවතමු.
මෙම ලිපිය ලිවීමට නන් අයුරින් සහය ලබාදුන් රටට හිතැති එජාප රජයක් පතන සියලු දෙනාටමද අන්තර්ජාලය ඇසුරෙන් තොරතුරු ලබා ගැනීමේ මග ලංකාවට විවරකර දුන් රනිල් වික්‍රමසිංහයන්ටද බෙහෙවින්ම ස්තුතියි
-
ඉනෝක ජීවන් අබේසිරිවර්ධන-
උපුටා ගැනීම
green blood official page

කොටින්ගෙන් ෆොන්සේකා ගොඩගත් රත්තරන් තහඩු තනි අයිතියට

මහින්ද රාජපක්ෂ මහතා විසින් අනුරාධපුරයේ ඉදිකරන සඳහිරු සෑය ධාතු ගර්භයේ කිලෝ තුන්දහස් පන්සියයක බරින් යුතු රත්‍රං තහඩු 16,960ක් තැන්පත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙම රත්‍රං තොගය සොයාගත්තේ කෙසේ දැයි බරපතල ප්‍රශ්නයක් මතු වී තිබේ.

ඇතැම් වර්තා සඳහන් කරන්නේ මෙම රත්‍රං ශ්‍රී ලංකා යුද හමුදාව සතුව තිබූ බවයි. මේ නිසා ඉතා බරපතල තත්වයක් මතු වී තිබේ. පසුගිය යුද සමයේදී හමුදාව විසින් සොයා ගන්නා ලද රත්‍රං මේ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගන්නා බව හෙළිවේ.

මෙය ඉතා බරපතල තත්වයක් බව ආරක්ෂක අංශවල මතය වී තිබේ.


විමල්ගෙන් පක්ෂය දෙකඩ වේ..පක්ෂයේ පිරිසක් මෙත්‍රිට


විමල් වීරවංස ඇමතිවරයාගේ පක්ෂයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
තම පක්ෂය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා 12 විමල් වීරවංස ඇමතිවරයා පාවාදී ඇතැයිද ආන්ඩුවේ රෙදි සේදීමේ කොන්ත‍්‍රාත්තුව බාරගෙන සිටින තම පක්ෂයේ නායකයාට වඩා පිවිතුරු හෙටක් සංවිධානයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට කෂේරුකාවක් ඇතැයිද පවසා ඇති ජයන්ත විජේසේකර ඇමතිවරයා මෙවන් දේශපාලන අපතයන් සමඟ වැඩකිරීමට වඩා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දිම වඩාත් උචිත යයි ද ප‍්‍රකාශ කර ඇත.

Monday 24 November 2014

දයාසිරි ජයසේකර,සරත් ඒකනායක එස්.එම්.රන්ජිත්,ශෂේන්ද්‍ර රාජපක්ෂ නිල නිවාස බාරදෙයි ?

පලාත් සභා හතරක බලය ද ආණ්ඩවෙන් ගිලිහී යාමේ අවදානමක් පවතින බව එම පලාත්සභා ආරංචි මාර්ග සදහන් කරයි.වයඹ, මධ්‍යම, ඌව, උතුරු මැද, මෙම පලාත්සභා අතර වන බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කරයි.
                                මේ වන විට මෙම පළත් සභා ගණනාවක එජනිස මන්ත‍්‍රීවරු කන්ඩායම් දෙකකට බෙදී කටයුතු කරමින් සිටිති.ශී‍්‍රලනිපයේ සාම්ප‍්‍රදායික කණ්ඩායම් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි දැන ගන්නට ඇත.
                                                     අනුර යාපා රූපවාහිණී  සාකච්චාව මගහරියි තණතුරු වලට මරාගැනීම උග‍්‍ර අතට,දැනට ඉවත්ව සිටින ඇමති වරුන්ගේ තනතුරු හා ශ‍්‍රිලනපයේ තනතුරු බෙදාගැනීමේ තරගය මත බපතල ගැටුමක් නැවත වටයකින් ආරම්භ වී ඇත එම ගැටුමේ ප‍්‍රථිපලයක් ලෙස නව ශී‍්‍රලනිප මහ ලේකම් අනුර පි‍්‍රයදර්ශණ යාපා අද උදෑසන 7 ට රූපවාහනී සංස්ථාව වසින් විකාශණය සැලසුම් කරතිබූ ආයුබොවන් වැඩසටහනට පැමිණීමද අවසන් මොහොතේ ප‍්‍රතික්ෂේප කර ඇත
                                                                                  නව තනතුර වෙන්වෙන් එස් බී දිසානායන නිමල් සිරපාල දීමු ජයරත්න විමල් වීරවංශ යන සිවුදෙනා අතර ප‍්‍රබල මත ගැටුමක් නිර්මාණය වී ඇත මේ වනවිට විමල් වීරවංශ විසින් එස් බී දිසානායක සහ නිමල් සිරිපාල ඉලක්ක කර ප‍්‍රහාරාත්මත ප‍්‍රචාරයක් දියත් කර ඇත මේ අතර කෙහෙලිය රඹුක්වැල්ල ඩලස් අලහප්පෙරුම ඇමති මන්ඩලයේ සමගිය රැුකගැනීම සඳහා වෙහෙසෙමින් සිටියි

ඉවත් කරපු පළාත් ඇමති ගැන මෙත්‍රී කතා කරයි.

උතුරු මැද පළාත් සමුපකාර වෙළෙඳ හා ආහාර කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත , ග්‍රාම සංවර්ධන හා සංචාරක අමාත්‍ය පේෂල බණ්ඩාර ජයරත්න මහතා එම ඇමැතිධුරයෙන් නෙරපා ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව වෙ ඇත්තේ ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වන්නේ යැයි සැකය මතය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම වසරේ පෙබරවාරී මාසයේදී පේෂල ගැන කළ ප්‍රකාශයක්

“පොළොන්රුවට මම අධ්‍යාපන ඇමැතිකම ගත්තේ පළාත් සභා ඡන්දෙට කලින්. මම ගත්තා වගේම ඒක හොරු අරන් ගියා. පේෂල ඇමැතිතුමාගේ අමාත්‍යංශය වෙනස් කිරීමට මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි”

“මම සෞඛ්‍ය ඇමැතිකම ගන්නකොට මගේ මිත්‍ර ඇමැතිවරු දෙන්නෙක් කිව්වා ඇමැතිතුමා මේකේ ලොකු වෙනස්කම් කරන්න යන්න එපා. එහෙම වුණොත් වැඩ කරන්න අමාරුයි කියලා. ඒ කියමන අහලා මම ලොකු වෙනස්කම් නොකර පුංචි, පුංචි වෙනස්කම් කළා. ඒ කිව්ව දේ අහන්නේ නැතිව මම ලොකු වෙනස්කම් කරන්න ගියානම් පේෂල ඇමැතිතුමාට සිද්ධ වුණු දේ මටත් සිද්ධ වෙනවා. වැඩ කරන කෙනකුට අධිෂ්ඨානය, නිර්මාණශීලී බව තියෙනවානම් ඉලක්කයට ඉදිරියටම යන්න පුළුවන්. මම මේ සියලු වැඩවලදීත් පෞද්ගලිකවත් පේෂල ඇමැතිතුමා සමඟ ඉන්නවා..

බස්නාහිර මහා ඇමති උදය ගම්මම්පිල...දිවුරුම් දීම....

බස්‌නාහිර, ඌව, උතුරුමැද,නැගෙනහිර ඇතුළු පළාත් සභා කීපයක බලය ලබාගැනීම සඳහා පොදු විපක්‍ෂය විසින් මෙහෙයුමක්‌ ආරම්භ කර තිබේ.
මෙහිදී වැඩිම අවධානය යොමුව ඇත්තේ බස්‌නාහිර පළාත් සභාවට වන අතර ආණ්‌ඩු බලය ලබාගැනීම සඳහාත් මහජනතාව තුළ යම් පිබිදීමක්‌ ඇතිකිරීම සඳහාත් එය අතිශය වැදගත් බව විපක්‍ෂයේ අදහස වී තිබේ.

එහිදී මහ ඇමතිවරයා ලෙස ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා පත් කිරීමට නියමිතය.

බස්‌නාහිර පළාත් සභා අයවැය දෙසැම්බර් 1 සිට 4 දක්‌වා පැවැත්වේ.

මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධුර 54ක් හිවී තිබෙන අතර විපක්ෂයට 48ක් හිමිව තිබේ.

මේ අතරින් හෙළ උරුමයේ උදය ගම්මන්පිල හා නිශාන්ත වර්නසිංහ මහතා හා ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙක්ද පොදු විපක්ෂයට් එක වනු ඇතැයි  ආණ්ඩුවේ බහුතර බලය අහිමි වෙයි. මෙලෙස පැමිණෙන පිරිස 5කට වඩා වෙතැයිද දැන ගැනීමට තිබේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙන්වියත් ආණ්ඩුවෙන් ඉවත්වනු ඇතැයි මත පළවී තිබේ

එමෙන්ම පළාත්පාලන ආයතන 60ක පමන බලය ඉදිරි සති කිහිපය තුලදී  වෙනස් වනු ඇතැයි විපක්ෂයේආරංචි මාර්ග පවසයි.



Friday 21 November 2014

මහින්දගේ 40,000 පැය 24කට පෙර මෙත්‍රී විය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පලකරමින් තිබූ එක්සත් ජනතා සන්ධානයේ නිල ෆේස්බුක් ගිණුම ඊයේ පස්වරුවේ සිට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල වශයෙන්ම සහාය පලකිරීමට පටන් ගෙන ඇත.

මෙම ෆේස් බුක් ගිණුමටfacebook/upfa මගින් පිවිසිය හැකි අතර ඊට Likes 40,000කට වඩා ප්‍රමාණයක් මේ වන විටත් ලැබී තිබේ.

මෙත්‍රිගේ සහයට එන ඇමතිවරු මෙන්න රාජිත සේනා...

මෙවර ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් මෙත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් වී සිටියි.ඒ සදහා ඔඅහුට සහයෝගය ලබා දීම සදහා ආණ්ඩු පක්ෂ කැබිනට් ඇමතිවරු 27 හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 8දෙනෙක් ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 35 ක්,පළාත් අමාත්‍ය වරු දෙදෙනෙක් සමග  එතුමා සමග තනතුරු අත්හරිමින් ,එතුමාගේ ජයග්‍රහනය පත ආණ්ඩුවෙන් ඉවත් වීමට සුදානමින් සිටිති.ඒ පිරිස නම්
අමාත්‍ය චම්පික රණවක ,
පළාත් අමාත්‍ය උදය ගම්මම්පිල,
පළාත් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි,
එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී රජිව විජේසිංහ,
 රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක,
අමාත්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණරත්න වීරකෝන්,
ජෙෂ්ට්ට අමාත්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,
සුළු අපනයන බෝග අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ ,
ධිවර අමාත්‍ය රාජිත සේනාරත්න ,
ජෙෂ්ට්ට අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක,
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක,
මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා ,
නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,
ජෙෂ්ට්ට අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු
 ජෙෂ්ට්ට අමාත්‍ය පි.දයාරත්න
ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ජගත් බාලසුරිය ,
අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක ,
බුද්ධ සාසන නියෝජ්‍ය අමාත්‍ය.එම්.කේ.දී.එස් .ගුණවර්ධන ,
වාරිමාර්ග නියෝජය අමාත්‍ය ඩබ්ලිව්.බි.ඒකනායක ,
දේශීය වෙද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පන්දු බණ්ඩාරනායක ,
පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය සුමේද ජි ජයසේන
 තැපැල් කටයුතු අමාත්‍ය ජීවන් කුමාරතුංග
සමාජ සේවා අමාත්‍ය ෆිලික්ස් පෙරේරා
සමාජ සේවා නියෝජය අමාත්‍ය සි .ඒ සුරියආරච්චි ,
නියෝජ්‍ය ධිවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ,
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර
ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජය අමාත්‍ය සිරිපාල ගම්ලත් ,
අමාත්‍ය තිස්ස කරලියද්ද
විදුලිබල නියෝජය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ,
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්ධදාස ,
අමාත්‍ය නවින් දිසානායක ,
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක ,
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී .රංගා
වව්නියා දිස්ත්‍රික් පර්ලිම්ව්න්තු මන්ත්‍රී මෂුර් නුර්දීන් ,
අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පි.පියසේන
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන්,
කොලබ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලග සුමිතිපාල

Thursday 20 November 2014

ඉන්දියාවට ලබා දුන් අපුරු තෑග්ග හේතුවෙන් ලංකාව දංගෙඩියට

මත්ද්‍රව්‍ය ජාවාරමකට වැරදිකරුවන් වී ශ‍්‍රී ලංකා අධිකරණය විසින් මරණ දඬුවම නියම කර සිටි ඉන්දීය ධීවරයින් පස්දෙනා නිදහස් කර ඇතැයි විදේස මාධ්‍ය වාර්තා කරයි.මේ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින්ද තහවුරු කර ඇත.
                                                   මෙම දඩුවම ඉවත් කිරීම හේතුවෙන් වෙනත් විදේශී රටවල් තම නොසතුට කල කර තිබේ.ඊට පකිස්ථානය,ඉරානය,යුක්රේනය,වැනි රටවල් ප්‍රධාන කොට ගනිමින් මෙම දඩුවම් ඉවත් කිරීම හේතුවෙන් විදේශීය සම්බන්දතා පලුදු වීමට ඉඩ ඇතැයි  වාර්තා වී ඇත.

                                                           මෙසේ ආණ්ඩුව විසින් ඉන්දීය කුඩු චුදියන් නිදහස් කොට තිබෙනුයේ ද්‍රවිඩ එක්සත් පෙරමුණේ සහයෝගය මෙවර ජනධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනධිපති වරයා වෙත ලබා ගැනීමේ මැදිහත් කරුවකු ලෙස ඉන්දියාව යොදා ගැනීමේ අරමුණ ඇතිව බවද තව දුරටත් වාර්තා වේ.             

Wednesday 19 November 2014

තවත් පක්ෂයක් සන්ධානයෙන් එලියට

මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල පාර්ශව කරුවෙකු වන 2009 යුද සමයේ දී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ හඬක් නැගු මහාචාර්ය රජීව විජේසිංහ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය නොදීමට තීරණය කර ඇත. මහාචාර්යවරයා බීබීසී සංදේශය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී කියා සිටියේ රට භාර ගැනීමේ දී ජනතාවටත් ජාත්‍යන්තරයටත් දුන් පොරොන්දු ජනාධිපතිවරයා විසින් අමතක කරනු ලැබ ඇති බවයි.
‘මීට මාසයකට පෙර අපි ප්‍රකාශනයක් කළා, මම ජනාධිපතිට ලියුමකුත් යැව්ව, අපි කිව්ව එකක් තමයි මේ ඡන්දෙ තියන්න එපා කියල. මේක කාලය නාස්ති කිරීමක්. ජනතාව අවුරුදු හයකට බලය දුන්නම සැරින් සැරේට ඡන්ද තියන එක වැරදියි.ආණ්ඩුවක් පත් කරන්නේ ආණ්ඩු කරන්න”. යනුවෙන් ඔහු කියා සිටියි.
පොරොන්දු වූ පරිදි ප්‍රතිසංස්කරණ සිද නොවන්නේ නම් පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහය දීම කළ නොහැකි බව දැනුම් දුන්නද ජනාධිපතිවරයාගේ ස්ථාවරය වෙනස් වී නැති බවයි මහාචාර්ය විජේසිංහ ප්‍රකාශකළේ.
ජනාධිපතිවරයා විසින් ක්‍රියාවට නංවා නොමැති ප්‍රතිසංස්කරණ මොනවාදැයි සංදේශය විමසූ විට ඊට පිළිතුරු දෙමින් මහාචාර්ය රජීව විජේසිංහ සඳහන් කළේ, දෙදහස් නමය වසරේ යුද්ධය ජයග්‍රහණය කළේ සිංහල දෙමළ සහ මුස්ලිම් යන සියලු ජනතාව වෙනුවෙන් වුවද සුළු ජනතාව වෙනුවෙන් ඉන්දියාවට හෝ එක්සත් ජාතීන් ගේ මහා ලේකම් බැන්කී මුන් ඉදිරියේ දුන් පොරොන්දු ආණ්ඩුව ඉටු කර නැති බවයි.
පොරොන්දු ඉටුකර නැහැ
‘දෙවෙනි කරණය තමයි මම අගෝස්තු මාසෙ ජනාධිපතිතුමා සමඟ කතා කළා, මේ බොදුබල සේනාව විසින් මුස්ලිම් ජනතාව ඈත් කරමින් සිටීම ගැන. ඒක නරක වැඩක් කියල මම කිව්වම ජනාධිපති තුමා කිව්ව ‘නෑ නෑ ඒක කුමන්ත්‍රණයක්’ කියල. ඉතිං මම ඇහුව ඇයි ගෝඨාභය රාජපක්ෂ මේ කුමන්ත්‍රණයට ඇතුල් වෙන්නෙ කියල’ යනුවෙන් තම අප්‍රසාදය පළ කළ මහාචාර්යවරයා පැවසුවේ රට භාර ගැනීමේ දී ජනාධිපතිවරයා තුළ පැවති හොඳ අදහස් දැන් වෙනස් වී ඇති බවයි.
ඒ අකාරයටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතට ගැනීම වැනි දේ ආදිය සලකා බැලීමේ දී තවදුරටත් ජනාධිපතිවරයාට සහාය දීම සුදුසු නැති බව හැඟී ගිය බවයි මහාචාර්ය රජීව විජේසිංහ ප්‍රකාශ කළේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන විපක්ෂයේ පොදු මතවාදය සමග එකඟවන්නේ දැයි විමසු විට මහාචාර්යවරයා කියා සිටියේ මෙම දේශපාලන ක්‍රියාවලීන් පිලිබඳ අධ්‍යයනය කරන්නේ ලිබරල් පක්ෂය පමණක් බවත් ලිබරල් පක්ෂයේ ස්ථාවරය වන්නේ ජනාධිපති නිලය අහෝසි නොකොට ජනාධිපති සතු බලය අඩුකළ යුතු බවයි.

ජනාධිපතිවරණය තවත් අවුරුදු 2කින් කල් යයි.


ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇසු ප්‍රශ්න දෙකට ලැබුණු පිළිතුරු මෙසේය.
1. තමන්ට තෙවැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද ? පිළිතුර –  හැකිය.
2. වත්මන් ධුර කාලයට වසර 4ක් පිරුණු පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැකිද ? පිළිතුර  - නොහැක.  දෙවන වාරය සම්පුර්ණයෙන් ගත කල යුතුය.
ඇමති නිමල් සිරිපාල පාර්ලිමේන්තුවේ කියවුයේ ඉහත පළමු කොටස පමණකි.  එම කොටස අතින් ලියා දී තිබෙන්නේද මහින්ද රාජපක්ෂ විසිනි. 

                          මෙම ශ්‍රේෂ්ඨාධිකරණ උපදේශය සමග නැවත ජනාධිපතිවරණයක් පැවැත්විය හැක්කේ 2016 නොවැම්බර් 19 වෙනි දිනයෙන් පසුවය.එයට හේතුව වන්නේ ආණ්ඩුව හා ආණ්ඩුවාදීන්ගේ මතය වන්නේ ජනාධිපතිවරයා දෙවන වර දිවුරුම් දී තිබෙනුයේ 2010 නොවැම්බර් 19 දිනය.එබැවින් එදින සිට තවත් වසර 6ක් ගත වන්නේ 2016 නොවැම්බර් 19 වෙනි දිනටය.එහෙයින් ප්‍රවීන දේශපාලන වේදීන්ගේ මතය වන්නේ මෙම තීන්දුව බලාත්මක වන්නේ නම් තවත් වසර 2කින් ජනධිපති මැතිවරණයක් නොමැති බවය .