Tuesday 28 January 2014

නිලියන් සමග මැතිවරණ සටනට එන "ගිරවා"


බෙලරූස්හි ප්‍රාදේශීය සභා මැතිවරණයට තම සුරතල් ගිරවා ඉදිරිපත් කිරීමට එරට දේශපාලන ක්‍රියාකාරිකයෙක් සූදානමින් සිටිනවා. කැන්ස්ටැන්ට්සින් සුකොවුස්කි තම සුරතලාට ඡායාරූපයක් සහිත හැඳුනුම්පතක්ද සකසාගෙන තිබෙන්නේ එළැඹෙන මැතිවරණය සදහායි. මසූර්හි මැතිවරණ කොමසාරිස් කාර්යාලයද මේ හැඳුනුම්පත පිළිගැනීමට එකඟ වී තිබෙනවා.

තම ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කර ඇති සුකොවුස්කි පවසන්නේ බෙලරූස් දේශපාලන ක්‍රියාවලියේ දූෂිතභාවය ඉස්මතු කිරීමට තමන්ට අවශ්‍ය වූ බවයි. එසේම දඩයක් පැමිණවීමට පෙර ඉක්මනින්ම ඡන්ද අයැදුම්පත අස්කර ගැනීමටද ඔහු පියවර ගෙන ඇත. ගිරවාගේ මැතිවරණ ව්‍යාපාරයේ සටන් පාඨය වී ඇත්තේ 'සල්ලිවලට මොකද වුණේ?' යන්නයි.

පසුගියදා අප රටෙන්ද වාර්තා වූයේ එළැඹෙන පළාත් සභා මැතිවරණය සදහාද නිළියන් ගායිකාවන් රොත්තක් ඉදිරිපත් වන බවයි. ඔවුන්ටද නාමයෝජනා ලබාදීමට ප‍්‍රධාන පක්ෂ දෙකම කි‍්‍රයාකර තිබෙනවා. නිළියන් මැතිවරණයට ඉදිරිපත් කරන්නේ වත්මන් ජන විඥාණයට අනුව බව විජිත් විජිතමුණි සොයිසා මහතා පවසනවා. ඔහුට අනුව වත්මන් ජනවිඥාණය වැටී ඇති හෝ වට්ටවා ඇති නූගත් තත්ත්වය ගැන පාලකයින් සිටින්නේ ඉතා හොද අවබෝධයකින්. එයට අනුව එළැඹෙන අනෙකුත් මැතිවරණයන්හීදී මෙරටද ගිරවුන් හාවුන් පමණක් නොව ගොන්නුන් මීහරකුන්ද ජනවිඥාණයට අනුව මැතිවරණයන්ට ඉදිරිපත් වුවහොත් එය පුදුමයක් නොවනු ඇත.        

Friday 24 January 2014

රුවන්ති මංගලාට ජනපති උපදේශක තනතුරක්..?

ලංකාවේ නිළියන් ගණිකා වෘත්තියේ යෙදීමත් දේශපාලනයට පැමිණීමත් දැන් සුලබ දසුනකි.මේ අනුව, ඉදිරියේදී පැවැත්වෙන පලාත් සභා මැතිවරණයට නිළියන් කිහිප දෙනෙකු තරගවඳිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ නුව ඉදිරියේදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පලාත් සභාවට යැවීමට කෑල්ලක් තෝරා ගැනීමට සිදුව ඇත.
නදීෂා හේමමාලි (කුඩු කෑල්ල), අනර්කලී ආකර්ෂා ( බඩු කෑල්ල), ගයේෂා පෙරේරා (මාළු කෑල්ල), ජුඩිත් වයිට් (ඉඟුරු කෑල්ල), රුවන්ති මංගලා (වට්ටක්ක කෑල්ල) හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර (බේබි කෑල්ල) මෙසේ මැතිවරණයට ඉදිරිපත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ කෑලි වලින් බහුතරය ඉල්ලීමකින් තොරව වේදිකාවට ගොඩ වෙද්දී වට්ටක්කා කෑල්ල වූ රුවන්ති ඇවිත් ඇත්තේ ඩිමාන්ඩ් කර බවද පැවසේ.
ඇය ඇවිත් ඇත්තේ කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ ඉල්ලීමකටය.
ඉල්ලීම ධම්මිකගේ වුවත් රුවන්ති දේශපාලනයට එන්නට කොන්දේසි දමා තිබේ.
රුවන්ති ඡන්දයෙන් පැරදුනහොත් ඇයට ජනපති උපදේශක තනතුරක් ඉල්ලා දිය යුතුය යන්න ඒ ඉල්ලීමය.
මේ ඉල්ලීමට ජනපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇත.
ඒ අනුව ඇය පැරදුනොත් ඇයට ජනාධිපති ලේකම් කමක් ලැබෙනු සිකුරුය.
මේවන විට ජනපති උපදේශක කම් සීයකට ආසන්න ප්‍රමාණයක් දී තිබේ.
ඒ අනුව ඉදිරියේදී රුවන්ති ඡන්දයෙන් පැරදුණොත් රුවන්තිට ජනාධිපතිගේ ලිංගික කටයුතු පිළිබඳ ලේකම් තනතුර ප්‍රධානය කරන ලෙස පැපා අනුකම්පාවෙන් ඉල්ලා සිටී.
ඒ ඇයට ඒ සම්බන්දයෙන් හසල දැනුමක් ඇති නිසාය.
රුවන්ති යනු ධම්මිකගේ බඩු කෑල්ලය.
ඒ නිසා ඇයට ඡන්දයට යන සියලු බර පැණ දරන්නේ ධම්මික බව පැවසේ.
රුවන්තිට හා ධම්මිකට පිංපි වැඩේ කරන්නේ රුවන්තිගේ ස්වාමියා  වන ගායක නාමල්ය.
රාජපස්සලාට මනාප ධම්මික රුවන්තිට වැඩි කැමැත්තක් ඇත්තේද ඇයටද එය ඇති නිසාය.
පසුගිය කාලයේ ධම්මිකගේ මුදල් ආයෝජන අතර රුවන්ති වෙනුවෙන් කොල්ලුපිටියේ හෝටලයක කාමරයක් නිතර නිතර වෙන් කිරීමද ඉදිරියෙන් තිබී ඇත.


මංගල සමරවී.. සන්ධාන ගම්පහහා ලැයිස්තුවෙන්...?

මැතිවරණ උණුසුම ආරම්භ වීමටත් මත්තෙන් ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු තම ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙන්නේ පොදු ජනතාව නොමග යවන සුළු දැන්වීමක් තුලිනි. එනම් මංගල සමරවී--- ගම්පහට ලෙස පෝස්ටරයක් ගම්පහ දිස්ත්‍රික්කයේ අලවා තිබේ. එයින් ගම්‍ය කිරීමට උත්සාහ කරන්නේ මංගල සමරවීර නැවතත් ආණ්ඩුවට එක්ව ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට යන බවක් වුවත් එම අපේක්ෂකයාගේ අරමුණ වී ඇත්තේ හුදු ජනප්‍රිය නමක ජනප්‍රියත්වය ලබා ගැනීමටය. එලෙස ජනප්‍රිය වීමට යන පුද්ගලයා කවුරුන්ද යන්න දැනටමත් අනාවරණය වී තිබේ. ඔහු කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු නමින් මංගල සමරවික්‍රම වේ.

මෙන්න පළාත් සභාවට එන දේශපාලනයේ ඥාති සනුහරේ......

පසුගිය මධ්‍යම හා වයඹ පලාත් සභා වලට ඇමතිකම් හා නියෝජ්‍ය ඇමතිකම් දරනා දේශපාලඥයන්ගේ ඥාතීන් රාශියක් තරඟ කළ අතර එම හේතුවෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාද උග්‍ර විය.

ඊයේ රාත්‍රී බස්නාහිර සහ දකුණු පළාත් සභා විසුවා හැරීම නිසා ඉදිරියේදී පැවැත්වෙන පලාත් සභා මැතිවරණයටද කලින් මෙන් දේශපාලඥයන්ගේ ඥාතීන් රාශියක් තරඟ කරනු ලබයි. මේ වන විට මෙම ඡන්ද විමසීම් සදහා ඉදිරිපත් වන නවක මුහුණු දෙස කවුරුත් බලා සිටින්නේ කුමන ඇමති පුතුන් මෙවර කොටි ගණන් වියදම් කිරීමට ඉදිරිපත් වේදැයි බැලීමටය.

මෙම මැතිවරණයේ ඇති විශේෂත්වය නම් දේශපාලන ඥාතීන්ට අමතරව නළු නිළියන් රාශියක් හා මාධ්‍යවේදීන්ද රාශියක් තරඟ කිරීමයි. ඔවුන්ගේ විස්තර එකතුවක් පහතින්.


එක්සත් ජනතා නිදහස් සන්ධානය 
කුමාර වෙල්ගම අමාත්‍යවරයාගේ පුත් සොනාල් වෙල්ගම 
ජීවන් කුමාරතුංග ගේ දියණිය මල්ෂා කුමාරතුංග 
ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන ගේ පුත් පසිඳු යාපා අබේගුණවර්ධන 
පියසේන ගමගේ ගේ පුත් රන්දිම ගමගේ 
හිටපු මන්ත්‍රී ඩික්සන් සිල්වා හෙන්දවිතාරන ගේ පුත් නිලංග හෙන්දවිතාරණ                                 නැසී ගිය අමරසිරි දොඩංගොඩ මහතාගේ පුත් ඉසුරු දොඩංගොඩ 
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර ගේ පුත් කාංචන විජේසේකර 
විජිත්විජිතමුණි සොයිසා අමාත්‍යවරයාගේ පුතු 
මන්ත්‍රී නන්ද ගුණසිංහ ගේ පුත් තිසර ගුණසිංහ 

එක්සත් ජාතික පක්ෂය 
නැසීගිය ජයලත් ජයවර්ධනගේ පුත් කාවින්ද ජයවර්ධන 
හේමකුමාර නානායක්කාරගේ පුත් තාරක නානායක්කාර 
හිටපු ඇමති රූපා කරුණාතිලකගේ පුත් සංජීව කරුණාතිලක 
මන්ත්‍රී ජස්ටින් ගලප්පත්තිගේ පුත් චතුර ගලප්පත්ති 

මාධ්‍යයවේදින් 
සිරස මාධ්‍යය ජාලයේ සුසාර දිනාල් (එක්සත් ජනතා නිදහස් සන්ධානය) 
සිරස මාධ්‍යය ජාලයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සුසිල් කිඳෙල්පිටිය (ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය)
සිරස එෆ්.එම් නාලිකා ප්‍රධානි එස්.එම් මරික්කාර් (එක්සත් ජාතික පක්ෂය) 
බුද්ධික වික්‍රමාදර (එක්සත් ජනතා නිදහස් සන්ධානය) 
මව්බිම පුවත්පතේ රුවන්ති කාරියවසම් (ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය) 

කලාකරුවන් 
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
ජගත් බෙනරගම 
රවීන්ද්‍ර යසස් 

එක්සත් ජනතා නිදහස් සන්ධානය 
ගීතා කුමාරසිංහ 
අනර්කලී ආකර්ෂා 
මධු මාධව අරවින්ද 
ගයේෂා පෙරේරා 

එක්සත් ජාතික පක්ෂය
නදීෂා හේමමාලි 
බෙනට් රත්නායකගේ පුත් උදාර රත්නායක

Wednesday 22 January 2014

බස්නාහිර හා දකුණේ ජය සමීක්ෂණයකින් එ.ජා.පා.යට........බල පැ සාදකය පක්ෂ මාරුව ...

දකුණ පලාත්සභාව හා බස්නාහිර පලාත්සභාව ගැන කල සමීක්ෂණයක වාර්තාවක් පිටවීමෙන් පසුව සන්ධාන පලාත් සභා මන්ත්‍රීවරු පිරිසක් එජාපය සමග එක්වීමට උත්සහා කරන බවට තොරතුරක් ලැබී ඇත. එම සමීක්ෂණයට අනුව දකුණු පලාත්සභාව එජාපය 58% න් ද බස්නාහිර පලාත්සභාව 63% න් ද එජාපය ජයග්‍රහණය කරන බව හෙලිවී ඇත. මෙම වාර්තාවත් සමග සංධානය සමග කලකිරීමට ලක්ව ඇති මන්ත්‍රීවරු මෙලෙස එජාපයට ඒමට පෙලගැසී ඇති බව පැවසේ. කෙසේ උවද දකුණු පලාත්සභාවේ ප්‍රතිශතය 58 % ක් උවත් පක්ෂ මාරුවත් සමග එය බොහෝසෙයින් වැඩිවීමට ඉඩ ඇති බව පැවසේ.

අද දින දෙනියායට ලොකු අකරතැබ්බක්....



අද දින දෙනියාය ප්‍රදේශයට අධික මිදුම සහිත තත්වයක් දක්නට ලැබුනු බව අපට වාර්තා වෙයි.මෙහිදී පාසල් සිසුන් මෙන්ම,රියදුරන්ද දැඩි අපහසු තාවකට පත් වූ බවද වාර්තා වෙයි.එහෙත් දෙනියාය පොලිසියට මේ බව දැන් වුවත් ඔවුන් ඔවුන්ගේ සුපුරුදු රාජකාරි පමණක් සිදු කරන ආකාරයක් දක්නට ලැබුණි.දෙනියාය -පල්ලේගම ,දෙනියාය -විහාරහේන ,දෙනියාය -අකුරැස්ස මාර්ගවල රියදුරන්  තම වාහන පාර අයිනෙහි නවතා ගෙන සිටි ආකාරයක් ද පෙනෙන්ට තිබුණි.

ඊයේ දිනයේ මැරුම් කැ අලියාගේ රුප පෙළ.............

සිංහයන් තිදෙනකු විසින් අලියකු ගොදුරු කැර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඡායාරූපයට නැගීමට ස්විට්සර්ලන් ජාතික හෙයිඩි හා කර්ට් ගාර් යන දෙදෙනා සමත්ව සිටිති.
සිම්බාබ්වේ වැන්ගේ ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වෙමින් සිටිය දී ඔවුන් මේ දුර්ලභ දසුන දැක තිබේ. ජලය බීමට පැමිණි තරුණ අප්‍රිකානු අලියෙක් පසුපස ලුහුබැද ගිය සිංහයෙක් මේ අලියා පෙරල ගනිද්දී තවත් සිංහයෙක් සහයට පැමිණියේය. සිංහයන් දෙදෙනාට කොටුවූ අලියා මාරාන්තික සටනක නිරත වෙද්දී සිංහ ධේනුවක් ද දඩයමට එක්වීම අලියාගේ පරාජයට හේතුවක් වි ඇත.
හෙයිඩි හා කර්ට් පවසන්නේ සිංහයන් විසින් අලියා මරා දැමීමට විනාඩි 40ට ආසන්න කාලයක් ගත කළ බවයි.

දුමින්ද හිරුනිකාට කපයි,ආයුදය ජින්ජර්.....

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයේ තරගවදින්නට අපේක්ෂාවෙන් සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගීවූ ගායිකා ජින්ජර් හෙවත් ජුඩිත් වයිට් මෙවර තරග කරන්නට බලාපොරොත්තු වන්නේ කොළොන්නාවෙනි.
ඇය දේශපාලනයට සම්බන්ධවීම ගැන සිදු කළ විමසීමේදී කියා සිටියේ ටිකට් එක හම්බ වුණ ගමන් ජොකියා දුවන්න
ලෑස්ති බවයි.
අප ඇසූ ප‍්‍රශ්න කිහිපයකට ඇය දැක්වූ අදහස් පහත පරිදිය.

ඊයෙ ඉන්ටර්විවි එකට කීයටද ගියේ
හවස 4 ට විතර
නැකතක් එහෙම බැලූවද?
ආ……… එහෙම නැහැ . (සිනාසෙයි)
ඔයාට නොමිනේෂන් වලින් තේරෙයිද?
ඔවි ඔවි…..නැතුව නැතුව
හොදටම ෂූවර්ද
ෂුවර් ෂුවර් හොදටම ෂුවර්…..
කොහොමද හරියටම කියන්නේ
හ්ම්………. මෙහෙමයි. අද පරීක්ෂණ මන්ඩලයට හිටපු අනුර ඇමති තුමා. රංජිත් සියඹලාපිටිය ඇමති තුමා. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහඇමතිතුමාලව මම හොදට අ`දුරනවා. මම ඒගොල්ලන්ගේ කැම්පේන් වල සින්දු කියලා හොද සපෝටි එකක් දුන්නා. ඒ හින්දා මටත් සාධාරණයක් කරයි. කොහොමත් මම දේශපාලනයට එන එකට ගොඩක් අයගේ හො`ද ප‍්‍රතිචාර තියනවා. කවදත් මම කෙලින් වැඩ කරපු කෙනෙක් ඒක හින්දා හැමෝම මට උදව් කරයි.
කොහෙන්ද ඔයා ඡුන්දෙ ඉල්ලන්නේ?
මං ම්..කොළඹට…… කොලොන්නාවෙන්
රුවන්තියි හිරුනිකායි ඉල්ලන්නෙත් එහෙන් නේද එතකොට කොලොන්නාව තරු පුරයක් වෙයි වගේ ?
අනිවා…..මල්ලී … කොහොමත් කොලොන්නාව තරු පුරයක් තමයි.
කව්ද ඔයාට දේශපාලනයට එන්න ආරාධනා කළේ
දුමින්ද සිල්වා මන්තී‍්‍ර තුමානේ.
එතකොට සල්ලි දාන්නේත් ඒ මන්තී‍්‍රතුමාද?
නෑ……….එහෙමම නෑ. මාත් එක්ක හැමදාම ඉන්න යාලූවො ගොඩක් ඉන්නවනේ ඒ අය උදවි කරනවා කිවිවා.
දිනන්න චාන්ස් එකක් තියෙයිද?
ෂුවර් ෂුවර් ටිකට් එක හම්බවුණ ගමන් ජොකිය දුවන්න ගන්න හැටි බලන්නකො

ශ්‍රී.ම.ප මුල් වී ,හිරුනිකාගේ දේශපාලන ජීවිතය විනාශ වෙයි..,

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය වෙනත් පක්ෂයකින් මැතිවරණයට පැමිණීම පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශකළ දිනයේම මහජන පක්ෂයේ ලේකම්වරයක් ලෙස දේශපාලන මණ්ඩල රැස්වීමට පැමිණි බවත් ඇය එහිදී ප්‍රකාශකළ දෑ මාධ්‍ය ඉදිරියේ කිවහොත් ඇයට රටේනත් ඉන්න බැරිවන තත්වයක් උදා වන බවත් එම පක්ෂයේ ලේකම් අසංක නවරත්න මහතා ඊයේ (21) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබේ.
ඔහු එහිදී පවසන්නේ "හිරුණිකා ප්‍රේම චන්ද්‍ර මෙනවිය සහ රේණුක පෙරේරා ගැන ඉදිරියේදී තීරණය කරනවා. රේණුක පෙරේරා දැනටමත් පක්ෂයෙන් ඉවත්කර අවසානයි. හිරුණිකා මෙනවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් සභාවට තරඟ කරනවා කියා තිබූ දවසෙම අපේ පක්ෂයේ උප ලේකම්වරයක් ලෙස අපේ දේශපාලන මණ්ඩල රැස්වීමට පැමිණියා.
එතුමිය එහිදී කළ කතාව මා මාධ්‍යයට කිව්වොත් එතුමියට ඡන්දය ඉල්ලන්න තියා රටේවත් ඉන්න ලැබෙන්නේ නැහැ. එතුමියට නැතිවුනාට අපට දේහපාලන සදාචාරයක් තිබෙන නිසා ඒවා හේළිකරන්නේ නැහැ" යනුවෙනි.
මැතිවරණ කාලෙට අපි හොඳටම අසරණ වෙනවා...
මෙහිදී මහජන පක්ෂයේ ලේකම්වරයා තව දුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ සන්ධානයේ මහ පක්ෂය වන ශ්‍රීලනිපය මැතිවරණ කාලෙට තම පක්ෂයේ ක්‍රියාකාරීන්ව අසරණභාවයට ඇද දමන බවයි.
"පළමු පළාත් සභා මැතිවරණයේදී අපේ මන්ත්‍රීවරුන් අසූ අට දෙනෙකු තේරී පත්වුනා. පසුගිය පළාත් සභාවලදී නාමයෝජනා ලබාදීමේදී අපට සාධාරණය ඉටවුනේ නැහැ. එම නිසා මෙවර දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී කොලඹ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා දෙකක් සහ අනිකුත් දිස්ත්‍රික්කවලින් එක බැගින් ලබා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.
එසේ අපට නාමයෝජනා නොලැබුනොත් පක්ෂයේ පැවැත්ම සඳහා දැඩි ක්‍රියා මාර්ග ගන්න සිදුවෙනවා."
"මැතිවරණ කාලෙට අපේ පක්ෂය අන්ත අසරණ වෙනවා. අප ඉල්ලා සිටින නියෝජනය ලබා දෙන්නේ නැහැ. අප මෙවරත් ඉල්ලා සිටින්නේ සොච්චම් නියෝජනයක්. එයත් ලබා නොදෙන්නේ නම් අප බරපතල තීන්චුවක් ගත යුතු වෙනවා. පළාත් සභාවල අයිතිය, උරුමය අපට තියෙනවා. එදා ජේ. ආර්.ගේ බලය විමධ්‍යගත කිරීමේ යෝජනාවට පළමු කැමැත්ත ලබා දුන්නේ අපේ ක්ෂයයි." යනුවෙන් එම පක්ෂයේ සබරගමුව පළාත් සභා මන්ත්‍රී ජේ. ඇම්. කරුණාපාල මහතා පවසා තිබේ.

Tuesday 21 January 2014

මිහිර සිරිතිලකගෙන් කොන්දේසි සහිත සමාවක් ලැබෙයි..

ප්‍රකට චරිතාංග නළුවකු වන මිහිරි සිරිතිලක මහතා සාපරාධි බිය ගැන්වීමකට ලක්කොට ඔහුගේ බිරිඳගෙන් මුදල් කොල්ලකෑමට උත්සහ කළ බවට චෝදනා ලැබ සිටි 'හිරුරූපවාහිනී නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ඇතුලු සැකකරුවන් දෙදෙනෙකු අද (21) මීගමුව ප්‍රධානා මහෙස්ත්‍රාත් ඒ.එම්.එන්.වි. අමරසිංහ මහතා ඉදිරිපිට විවෘත අධිකරණයේ දී මිහිරි සිරිතිලක මහතාට වැඳ ආචාර කොට සමාව ඉල්ලීමෙන් පසු සිද්ධිය සමථයකට පත් විය.
මෙම සිද්ධියෙන් චෝදනා ලැබ සිටියේ සෙවන හැන්දිගේ සනෝජ් ප්‍රනාන්දු වර්ණ කුලසූරිය, සිල්වගුරුගේ ප්‍රැට්‍රික් මයුර සහ වර්ණකුලසූරිය චරිත් කාංචනමාල යන සැකකරුවන් තිදෙනා වෙති.
කොච්චිකඩේ ප්‍රදේශයේ ඉකුත් වසරේ අගෝස්තු 01 වෙනිදා එම  රූපවාහිනී නාලිකාවක් විසින් විකාශය කරනු ලබන මෙගාබයිට්නැමැති වැඩ සටහන වෙනුවෙන් මිහිරි සිරිතිලක මහතාට මරණීය තර්ජනය කරමින් ඔහුගේ බිරිඳට දුරකතනයෙන් කථා කොට කප්පම් ඉල්ලමින් හා මිහිරි සිරිතිලක මහ පාරේ දණගස්වමින් ඒ සියල්ල මෙම කණ්ඩායම රූපගත කර ඇතැයි කොච්චිකඩේ පොලිසිය සැකකරුවන්ට එරෙහිව ගොනුකළ චෝදනා පත්‍රයේ සඳහන්ය.
සිද්ධිය සමථයකට පත් වීමෙන් පසු විත්තිකරුවන් ඇමැතූ මහේස්ත්‍රාත්වරයා නැවත වරක් මෙවැනි දෙයක් නොකරන ලෙසට අවවාද කළේය.
අගතියට පත් මිහිරි සිරිතිලක මහතා වෙනුවෙන් නීතිඥ නෙල්සන් පී. කුමාරනායක මහතා පෙනී සිටි අතර කොච්චිකඩේ පොලිසිය වෙනුවෙන් පොලිස් සැරයන් 3166 කරුණාසේන මහතා සහ පොලිස් කොස්තාපල් 31848 සුදත් මහතා ඉදිරිපත් වූහ. විත්තිය වෙනුවෙන් නීතිඥ සඳරුවන් රොඩ්රිගෝ මහතා හා නීතිඥ ප්‍රියංගන ප්‍රනාන්දු මහත්මිය පෙනී සිටියහ.

දකුණේදී ආණ්ඩුවෙන් 11 ක් එනකොට ඒ.ජ.ප.යෙන් 1ක් යයි..අද අවේ....

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත‍්‍රී ආනන්ද පද්මසිරි කාරියවසම් මහතා ලබන 23 දා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට නියමිතය.
මීට පෙර දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ජස්ටින් ගලප්පත්ති මහතා ද එ.ජා.ප.යට එක්විය.
''වජිර අබේවර්ධන එ.ජා.ප. දිස්ත‍්‍රික් නායක ඇතුළු එ.ජා.ප නායකත්වයෙන් ලැබුණු ආරාධනා අනුව නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡ කර එ.ජා.ප.යට එක්වීමට තීරණය කළා. ආණ්ඩුව තමාගේ දේශපාලන ගමනට නිසි සහයක් ලබානොදුන් නිසා වැඩ කළ හැකි තැනකට යා යුතු නිසාත් මෙම තීරණය ගත්තා'' යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු ආනන්ද පද්මසිරි කාරියවසම් මහතා පැවැසීය.

අගමැති සමග පොරබදින නායකයෝ


තමන්ට මත්ද්‍රව්‍ය චෝදනා නගන හෙළ උරුමයේ එක් චීවරධාරියෙක් විවාහකයෙකු වන අතර ඔහුට දාව දරුවන් පස් දෙනෙකු සිටින්නේ යැයි අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා හෙළ උරුමයට යළිත් චෝදනා කරමින් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කෙළේය.

මෙවැනි ජරා, අශික්ෂිත, යක්ෂ චීවරධාරීන්ගේ සිවුරු ගලවා අඳනය පිටින් යැවිය යුතු යයිද, තමාට චෝදනා නගන මෙම විවාහක චීවරධාරියා සිංහපිටිය ප්‍රදේශයේ ජීවත්වන්නෙකු බවද ඔහු සිවුරට මුවාවී සිටින බැවින් ඔහුට එරෙහිව කිසිවක් සිදුකළ නොහැකි බවද අගමැතිවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා මෙසේ කීවේ ඊයේ 20 දා ගම්පොල පැවැති ප්‍රසිද්ධ රැස්වීමකදී ය.

පසුගිය දිනකද අගමැතිවරයා මෙවැනිම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ අතර එයට එරෙහිව ගෝඨාගේ අතුරු හමුදා වන බොදු බල සේනාවද, සිහල රාවයේ චීවරධාරීන්ද විරෝධතා පෙළපාලි පැවැත්වූහ. ඉන්පසුව ජා.හෙළ උරුමය විසින් අගමැතිවරයාගෙන් කෝටි 100 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබුනේ "චීවරධාරියා" යනුවෙන් හෙළ උරුමයේ ආචාර්ය ඕමල්පේ දේශපාලන පංචස්කන්ධය ඇමතීමෙන් අපහාස වූවා කියා ය. උපාධියක් දරා සිටින තැනැත්තා උපාධිධාරියා වන්නේ නම් චීවරයක් දරා සිටින තැනැත්තා චීවරධාරියා ලෙස ඇමැතීම අපාහසයක් වන්නේ කෙසේදැයි බුද්ධිමත්හු ප්‍රශ්න කරති. 

මේ අතර අගමැති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කිරීම නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම සහ මාර්ගය අවහිර වන ලෙස කළහකාරී ලෙස හැසිරීම චෝදනා යටතේ පසුගියදා දිමුට එරෙහිව උද්ඝෝෂන පැවැත්වූ ජාතික හෙළ උරුමයේ මැද කොළඹ සංවිධායක සුමිත් මැදවත්ත නමැත්තා අද පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

Monday 20 January 2014

හාල් කිලෝවක මිල නොදත්,දුප්පතුන් වෙනුවෙන් හඬ නගන ඇමති දුව...?

දැන් හාල් කිලෝවක් කීයක් වෙනවද?
අයියෝ මතක නැහැ.



• තාත්තාගේ නම ?
ජීවන් කුමාරතුංග.

• ඔබේ නම මොකක්ද?
ශලනි මල්ශා කුමාරතුංග.

• වයස කීයද?
26යි.

• ඉගෙන ගත්ත පාසල?
Whcherley ජාත්‍යන්තර පාසල.

• ලබාගෙන තියෙන ඉහළම අධ්‍යාපන සුදුසුකම මොකක්ද?
මම ලන්ඩන්වල LLB Law කළා.

• දැනට කරන රැකියාව මොකක්ද?
මම දැනට රැකියාවක් කරන්නේ නැහැ. මම ඉස්සර තාත්තිගේ ප්‍රයිවට් සෙකටි‍්‍ර විදියට හිටියා.

• ඡන්දෙට එන දිස්ත්‍රික්කය?
කොළඹ.

• මොකක්ද ඡන්දේ ඉල්ලන්න තියෙන සුදුසුකම?
මගේ තාත්ති දේශපාලන වශයෙන් ගොඩාක් වැඩකරන කෙනෙක්. මම තාත්තිත් එක්ක කාලයක් වැඩ කරලා තියෙනවා. ඒ කාලේ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න මම අහලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මට මිනිස්සුත් එක්ක එකට වැඩකරන්න පුළුවන්වීම දේශපාලනයට එන්න හොඳ සුදුසු කමක් කියලා.

• ඡන්දෙට කීයක් වියදම් කරනවාද?
ඒ ගැනනම් තාම හිතලා නැහැ.

• රටේ ආර්ථිකය දැන් දියුණු වෙලාද?
ඔව් මම හිතනවා ඒක එහෙමයි කියලා. අපේ මේ තියෙන රජය පුළුවන් තරම් හොඳට ආර්ථිකය හසුරුවනවා.

• උද්ධමනය කියන්නේ මොකක්ද?
භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම.

• දැන් හාල් කිලෝවක් කීයක් වෙනවද?
අයියෝ මතක නැහැ. මම මාකර්ටිං යනවා. ඒත් හරියට මතක නැහැ.

• පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළේ කී වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්ද?
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්.

• ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනද?
ඒකට නම් "නෝ කමෙන්ට්" 

• ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා?
මහින්ද දේශප්‍රිය.

• නළු නිළියෝ දේශපාලනයට එන එක හොඳද?
මෙහෙමයි, ඒ අයට කොලිෆිකේෂන් තියෙනවා කියලා හිතනවානම් පක්ෂවලිනුත් ඒ අයට චාන්ස් එකක් දෙන්න කැමැතිනම් මම හිතනවා ඒක ප්‍රශ්නයක් වෙන්නැහැ කියලා.

• පසුගිය කාලේ අගමැති මත්කුඩු ව්‍යාපාරිකයන්ට උදව් කරලා තියෙන නිසා අගමැතිකමින් අයින් කරන්න ඕනෑ කියලා ප්‍රසිද්ධියේ චෝදනා කරපු හාමුදුරුවෝ කවුද?
හාමුදුරුවෝ නම් මතක නැහැ. එහෙම වුණානම් මතකයි.

• 5 ශිෂ්‍යත්වය අහෝසි කරන්න ඕනද?
නැහැ. මම හිතන්නේ දැන් තියෙන විදිය හොඳයි.

•මේ තියෙන මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑද?
ඕන දේක කාලේ යනකොට වෙනස්වීමක් තියෙනවා. ඒ විදියට අලුත් පරම්පරාවත් එක්ක දැන් තියෙන මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හදලා වෙනස් වුණොත් හොඳයි.

• ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති කවුද?
ජේ.ආර්. ජයවර්ධන.

• සරත් ෆොන්සේකා නායකත්වය දරන පක්ෂෙ මොකක්ද?
ඒකනම් මතක නැහැ.

• පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු ගාණ?
225යි.

• ඡන්දේ දිනලා මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ?
මම විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ හෙට දවස වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරුණ පරම්පරාව වෙනුවෙනුත් යමක් කරන්න මට ලොකු වගකීමක් තියෙනවා.

• කැසිනෝ ලංකාවට ඕනැද?
ඒ ගැන මට මුකුත් කියන්න බැහැ.

• ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුද
එක පාරට මතකෙට එන්නෙ නැහැනේ.

• ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ?
අතනේ. මට එක පාරට මතක් වුණේ පුටුව.

• කවුද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසු?
ඒක පක්ෂයේ තීරණයක්.

• උතුරු පළාත් සභාවේ බලය අයිති කාටද?
TNA එකට

• ලංකාවට විදේශීය විශ්වවිද්‍යාල ඕනද?
මම හිතන්නේ ලංකාවේ ඉස්කෝලවලින් එළියට යන හැම කෙනාටම විශ්වවිද්‍යාලවලට යන්න ලැබෙන් නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දි විදේශීය විශ්වවිද්‍යාල ලංකාවේ ඇතිකළා කියලා ප්‍රශ්නයක් නැහැ.

• රඟපාන්න කැමැති නැද්ද?
රඟපාන පැත්තට අකැමැත්තක් නැති එක නෙවේ, හැබැයි මම හිතන්නේ මට හොදටම කරන්න පුළුවන් ජොබ් එක මේක තමා.

• මේ කරන්නෙත් රඟපෑමක්?
ඒ කිව්වේ.

• දේශපාලනය කියන්නේ එක්තරා රඟපෑමක් ?
ඒක එක එක්කෙනාට හිතෙන විදිය. හැබැයි මමවත්, තාත්තවත් දේශපාලනයයි, රඟපෑමයි පටලව ගන් නැහැ. මම රඟපෑම පැත්තකින් තියලා දේශපාලනය කරන්නේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕන නිසා.

ඇමතිවරයා නිවේදිකාව කැසිනො කෙල්ලක් කරයි..


සීගිරියෙන් සොයාගත් මැටි කල හා තෝරා ගත් නවීන මැටිකල ඇතුළු පුරාවස්තු ප්‍රදර්ශන කිරීමේ සංස්කෘතික උළෙළ සීගිරි ලෝක උරුම පරිශ්‍රයේදී ඇමැති ටී.බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි. මෙම ප්‍රදර්ශනය 31 වන දක්වා පැවැත්වේ. එහිදී මේ දිනවල ලප සාස්තර සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවත් මැවූ ඇමතිවරයා කතාවක් කරමින් පවසා තිබුනේ මාධ්‍යය විසින් මැටි වැඩ කරන බවයි. දඹුල්ලේ පැවති එම උළෙල ආවරණය කල මාධ්‍යවේදීන් අවධානය යොමුකොට තිබුනේ ඇමතිවරයාගේ කතාවට නොව එම උත්සවයේ නිවේදන කටයුතු සඳහා කොළඹින් ගෙන ආ ඉංග්‍රීසි නිවේදිකාවගේ නිරාවරණය වූ පිට දෙසය. එම පිටේ පච්චා ගසා තිබීම ඔවුන්ට ගැටළුවක් වී තිබුණි. ඒ අනුව එම පුවත වාර්තා කිරීමේදී ඉංග්‍රීසි නිවේදිකාව පිට නිරාවරණය වන ලෙස හැට්ටයක් ඇඳ සිටි බවත් එහි පච්ච කොටා තිබු බවද මාධ්‍යය වාර්තාවට ඇතුළත්කොට තිබුණි.

මහා ඇමති රන්ජන් වේ....

බස්‌නාහිර ඡන්දයේදී මහ ඇමැති අපේක්‌ෂකත්වය සඳහා හත් අටදෙනකු අතර නාම යෝජනා ලබා ගැනීමට තරගයක්‌ පවතින බව විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙම පිරිස අතරින් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතාට වැඩි තැනක්‌ හිමිවී තිබෙන බවද ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතාගෙන් අප කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ බස්‌නාහිර පළාත් සභාවේ මහ ඇමැති පුටුවට තරග කිරීමේ අවස්‌ථාව තමාට ලැබීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවයි.

එම අවස්‌ථාව ලැබුණු මොහොතේම තමා පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරෙන් ඉවත් වන බවද හෙතෙම කීවේය.

එ .ජා.ප.ලයිස්තුවේ සිටින සංධාන ප්‍රබලයෝ මෙන්න

දකුණු පළාතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ප්‍රභූ පවුලක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පා.මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා පැවසීය. මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ, කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහලේකම්වරයා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා ප්‍රධාන අපේක්ෂකයා ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය. පක්ෂයේ කිහිප දෙනෙක් ඒ සඳහා ඉල්ලීම් කර ඇති බවද පැවසූ මහලේකම්වරයා කියා සිටියේ, පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයට යෝජනා කමිටු 6ක් පත්කර ඇති බවය.

රුවන්ති හා චන්ද සටනට ඉදිරිපත් වේ



fujr m<d;a iNdue;sjrKhg wdKavq mlaIfhka bÈßm;ajk whf.a kdufhdackd Ndr.ekSu yd uQ,sl iïuqL mÍlaIKfha m<uq Èkh wo iji Y%S ,xld ksoyia mlaI uyf,alï weu;s wkqr m%sho¾Yk m%uqL;ajfhka meje;ajqKd'
tys§ wdKavq mlaIfhka ue;sjrKhg ;r. jÈk njg ±kgu;a m%isoaO ù isák ysreKsld"wk¾l,S".fhaId fukau ;j;a w¨;a uqyqKq /ilau
 ;u kdu fhdackdj Ndr fokakg meñK isáhd' 
taw;r .dhl kdu,a Wvq.uf.a ìßh jk fg,s kdgH ks<s rejka;s ux.,do m%lg .dhsld ðkac¾o isáhd' 


දොස්තර හා හෙද සේවිකාව රෝහල් කාමරයේ මාට්ටු වුන හැටි

සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති සම්මන්ත්‍රණයකදී වෛද්‍යවරුන් හා හෙදියන් හොරෙන් කරන වැඩ ගැන අනාවරණය වී තිබේ.
දිවයිනේ ප්‍රධාන පෙලේ රෝහල්වල අධ්‍යක්ෂවරුන් ද ළඟ තබාගෙන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින්ම මේ හෙළිදරව්ව කරතිබීම මෙහි විශේෂත්වයයි.
“මේවා මීඩියාවලට යායුතු නැහැ” යි කියා මෙම හෙළිදරව්ව කර තිබුනත් අපවෙත වාර්තාවූයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කනිෂ්ට කාර්ය මණ්ඩල හි ඇතැම් අය රාජකාරි වේලාවන් වලදී සේවා ස්ථානවලින් බැහැරව ගොස් කරන සමහර දේවල් බොහොම නොහොබිනා බව ට හෙළිවී ඇතියි අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රකාශ කල බවයි.
ජාතික ලේ බැංකු ශ්‍රවනාගාරයේදී පැවති මෙම සම්මන්ත්‍රණයේදී තවදුරටත් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සඳහන් කර ඇත්තේ මේ තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසියේ කඩා පනින හමුදාවක් (Flying squad) යොදවා නියමිත රාජකාරි වෙලාවේ රෝහල් තුල රැඳී නො සිටින අය හසුකර ගැනීමේ මෙහෙයුමක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි.
ඒ අනුව උතුරු කොළඹ ශික්ෂණ (රාගම රෝහල ) හා දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල රෝහල ) හි කල මෙහෙයුම් වලදී රාගම රෝහලේ පමණක් 40 දෙනකු කොටුකරගත් බවයි.
“මේ අය ට ප්‍රබල වෘත්තීය සමිති තිබෙනවා. එහෙත් මේ සියලු වාර්තා කෙලින්ම මා වෙත ලබා ගන්නා ලෙස ඇමතිතුමා නියෝගකර තිබෙනවා” යි ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මෙහිදී අවධාරණය කර තිබේ.
සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ජනතා හිතකාමී සෞඛ්‍ය සේවයක් මෙරටේ ඇති කිරීමේ හුදෙකලා සටනක නියැලී සිටින අතර ඖෂද සමාගම් සහ ඇතැම් සෞඛ්‍යසේවා වෘත්තීය සමිති එම වෑයම අඩපන කිරීමට දැරූ උත්සාහයන් ගැන ද පසුගිය වකවානුව තුල වාර්තාවිය.