Thursday 27 February 2014

ඒ අත්දැකීම මට කවදාවත් අමතක කළ නොහැකියි. -- මදනි මල්වත්ත

සංගීතය ඇයගේ ප‍්‍රකාශනය වූයේය. නමුදු සරසවි ඉම දක්වා සංගීත දැනුම ලබාගත්තද මේ වන විට ඇයගේ ආත්මීය ප‍්‍රකාශනය වී ඇත්තේ රංගනයයි. ඒ රංගනයට ඇය සතු නර්තන සහ ගායන හැකියාව සංකලනය වී ඇතැයි, සිතේ. එලෙසින් වේදිකා, පුංචි තිරයයෙන් හමුවන ඇය මාදනී මල්වත්තගේය. ඔබට තවත් අමුත්තියක නොවූ ඇය මේ සූදානම් වන්නේ, දහසය වසරක රංග භූමිකාවේ මතකාවර්ජන නාට්‍ය උළෙලක් ඉදිරිපත් කිරීමටය. මෙම නාට්‍ය උළෙලට ”ජගන්මා”, සුද්දෙක් ඔබ අමතයි, මහ සමයම, කලූ කුමාරී, සෙල්ලම් නිරිඳු යන නාට්‍ය ඇතුළත්ය. විශිෂ්ටතම නිළියකගේ සම්මාන රංග භූමිකාව ”මාදනී” ලෙස මෙම උළෙල පැවැත්වෙන්නේ ජනවාරි 10 සිට 14 දක්වා ලයනල් වෙන්ඞ්ට් රඟහලේ සහ 12 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදීය. සද්ජන සහෘද සංසදය ඉදිරිපත් කරන මාදනීගේ නාට්‍ය උළෙල අබිමුව අපි ඇයගේ හඬ අවදි කරමු මෙසේ.



 මාදනී වේදිකාවේ පිට - පිටම හොඳම නිළිය ලෙස ඔබ වසර තුනකදීම සම්මාන ලැබුවා. වසර හයකදීම ඒ සඳහා නිර්දේශත් වුණා. එලෙසින් රංගන ශිල්පිනියක වීම ගැන ඔබට හිතෙන්නෙ කොහොමද?
පේ‍්‍රක්‍ෂකයා බලාගෙන සිටින සැහැල්ලූවේ තරමට රංගනය යනු සැහැල්ලූ දෙයක් නොවෙයි. එය පුංචි කාලයේ සිටම තිබූ ආසාවක, බලාපොරොත්තුවක ඵලයක්. ඒ ඉටු වූ බලාපොරොත්තුව සමග නිතරම මට කඩඉම් පසු කළ නාට්‍ය කරුවන්ගේ කඩඉම් වූ නාට්‍ය ඇතුළු හොඳ නාට්‍ය රැසක රඟපාන්න ලැබුණා.


  එලෙසින් ඔබ රංගනය නොකළා නම් ?
බොහෝ විට සංගීත අංශයේ ගුරුවරියක වීමට ඉඩ තිබුණා. හැබැයි සරසවි ඉම දක්වා සංගීතය කළාට මට තිබුණෙ නාට්‍ය උණක්.


  ඇයි නාට්‍ය උණක් ඇතිවුණේ ?
පුංචි කාලයේ ඉඳලාම හොඳ නාට්‍ය නැරඹීමේ අවකාශයක් තිබුනා. පසු කාලයක එය රංගනය දක්වා විහිදී ගිය පසු ගායන සහ නර්තන හැකියාවත් ඊට මුසු කරන්න පුළුවන් වුණා. මගේ නාට්‍ය උණ හොඳවුනේ නැහැ. තවමත් මට තියෙන්නෙ හොඳ නාට්‍ය රංගනයක යෙදීමේ පිපාසයයි.


  මේ නිසා ඔබට ආර්ථික අතින් වාසි සහගත වුනාද ?
දියුණු රටවල තරම් වෘත්තීය වටිනාකමක් හෝ වෘත්තීය තත්ත්වයක් නැහැ. අපේ වේදිකාවට නම් ආර්ථික වටිනාකමක් කොහෙත්ම ලැබෙන්නෙ නැහැ. ටෙලි චිත‍්‍රපට සහ වෙළඳ දැන්වීම් වලට පෙනී සිටීමෙන් නම් ආර්ථික වාසි ලබා ගත හැකි බව මගේ හැඟීමයි. කොහොම වුනත් හැකියාවන් අනුව අපි අපේ වටිනාකම ඇතිකර ගත යුතුයි.

  ඔබ පමණක් නොවෙයි, සැමියා සහ පුතාත්, රඟපෑමට සම්බන්ධයි. පවුලම රඟපෑම ගැන හිතන්නෙ කොහොමද ?
සැමියා කීර්ති මට හමුවන්නෙ කලාකරුවකු ලෙස කටයුතු කරමින් සිටියදීයි. ඇත්තම කිව්වොත්, ඔහු රඟපාන්නේ මටත් පෙර සිටයි. ඔහුගෙ හමුව මගේ මේ ගමනට ලොකු ආලෝකයක් වුණා. පුතාටත් අපි දෙන්නගෙ ආභාෂය එන්න ඇති.

  වේදිකාවේ බොහෝ නාට්‍ය වගේම ටෙලි නාට්‍යයත් අද බොහෝ ජනප‍්‍රිය නිර්මාණ බවට පත්වන්නෙ නැහැ. ඔබ ඒ ගැන හිතන්නෙ කොහොමද ?
ටෙලි නිර්මාණ දිහා බැලූවොත්, නිර්මාණ ලෙස බිහි වන්නෙ බොහොම ටිකයි. බොහෝ ඒවා රොබෝ අච්චු වගේ බිහිවන ඒවායි. අවශ්‍ය ශිල්පීය දායකත්වය නැහැ. නළු නිළියන්නාට්‍ය කම්කරුවෝ බවට පත්වෙලා ඒ නිසා බලන පිරිසට වඩා නොබලන පිරිස වැඩි බව හිතෙන්නෙ වේදිකා නාට්‍ය සමග ගමින් ගමට යන විට ලැබෙන ප‍්‍රතිචාර අනුවයි. බොහෝ වේදිකා නාට්‍ය කෙරෙහි ජනතාවගේ තිබෙන්නෙ ලොකු ප‍්‍රබෝධයක්.

  ”මාදනී” නාට්‍ය උළෙලට ඇතුළත් නාට්‍ය රඟපෑමේදී වෙච්ච සිදුවීම් එහෙමත් ඇති නේද ? ඒ ගැනත් විස්තර කළොත් ?

”ජගන් මා” 
මෙය සටන් කලාව එක්ක විකාශය වන නාට්‍යයක්. ඒ නිසා සටන් ගැන පුහුණු වන්නත් සිදුවුණා. මෙහි එක්තරා දර්ශනයකදී සම්පත් තෙන්නකෝන් මට එල්ල කරන පොලූ පහර වැරදිලා මගේ හිස මැදට වැදුණා. ඉතා දරුණු වේදනාවක් ඇති වුණත් සජීව දර්ශනයක් නිසා එය සඟවාගෙන මට රඟපාන්න සිදුවුණා.

සුද්දෙක් ඔබ අමතයි
මෙය සම්ප‍්‍රදායික විදියෙ නළුxනිළියන් එකිනෙකා දෙබස් සමග ගැටෙන නාට්‍යයක් නොවෙයි. විනාඩි 40ක් පමණ වේදිකාව මත කතා කරන චරිතයක්. මේ කතාව වෙතින් පේ‍්‍රක්‍ෂකයා ග‍්‍රහණය කර ගත යුතුයි. නාට්‍යයක් වන, එහෙත් නාට්‍යයක් නොවන එකක් වන මෙහි දෙබස් මතක තබා ගැනීමම අභියෝගයක් වුණා. ඒත් පුහුණුව නිසා ඒ අභියෝගය ජය ගත්තා.

මහ සමයම
මේක ඇත්තටම දෘෂ්‍ය කාව්‍යයක් වගෙයි. එක්තරා අවස්ථාවක වේදිකාවේ එක් කෙළවරක සිට තවත් කෙළවරකට පෙරළිලා යන්න තිබුණා. ඒ දර්ශනය හරියට ගඟක් තරණය කරන්නාක් වගෙයි. මේ දර්ශනයට දැලක් වගේ දෙයක් යොදාගෙන තිබුණා. පෙරැලීගෙන යනකොට දැලේ එතිලා මාව ලිස්සා ගොස් වැටුණා. ඒත් රඟපෑම අතෑරියේ නැහැ. දිගටම කළා. පේ‍්‍රක්‍ෂකයාට එය දැනුණෙ නැහැ.

කලූකුමාරි
මෙය ගායනයxරංගනය සහ නර්තනය ඇතුළත් නාට්‍යයක්. මට මගේ සියලූ දක්‍ෂතා ඒ නිසා පෙන්වීමේ හැකියාව ලැබුණා.

සෙල්ලම් නිරිඳු
මෙහි කතා තේමාව දස්කොන් පුවතයි. මම රඟපෑවේ සුමිත‍්‍රා බිසවගේ චරිතයයි. මේ නාට්‍ය වේදිකාගත වන දිනවල තවත් නාට්‍යයක් ”දස්කොන්” නමින් වේදිකාගත වුණා. ඒ නාට්‍යයේ සුමිත‍්‍රා බිසව ලෙස රඟපෑවෙත් මමයි. හැබැයි චරිත දෙක එකිනෙකට වෙනස්. දෙබස් පවා වෙනස්. ඒත් ඒ අත්දැකීම මට කවදාවත් අමතක කළ නොහැකියි.

Wednesday 26 February 2014

අනාර්කලීගේ මුණ රතු කල දේශපාලන වැකිය

හිටපු පළාත් සභා මන්ත්‍රී අනාර්කලී අක්කර්ශා මෙනවියට නොසිතු අකරතැබ්බකට මුහුණ දීමට පසුගිය සතියේ දී  එතුමියගේ මැතිවරණ කාර්යාලයේදී සිදුවිය.එහි පැමිණි මහත්මා ගතියෙන් යුත් තරුණයෙක්ගේ ප්‍රකාශයක් හේතුවෙන් මන්ත්‍රී තුමියගේ මුහුණ රතු වී දහදිය දමා මේකප් සියල්ල දිය වී ගියේය.එහිදී ඇය කෙලින්ම නිවාස වෙත ගොස් විනාඩි 45කින් පමණ නැවත පැමිණ ඇත...එහිදී ඇතිවූ සාකච්චාවකින් පසුව කාර්යාල නිලධාරින්ට දැන්වූයේ තමන් කාර්යාලයට පැමිණෙන විට,පැමිණෙන අයගේ අවශ්‍යතාවය හා ඔවුන්ට අවශ්‍ය දේ පිලිබදව සාකච්චා කොට පසුව තමාව මුණ ගස්සවන් ලෙසයි.එම තරුණය මන්ත්රිතුමිය වෙත ප්‍රකාශ කොට ඇත්තේ '''මඩම් එනවා කිවුවම,අනිත් අපෙෂකයන්ගේ රැස්වීමට 300ක් එනවා නම් ,ඔයා එනකොට 500 ක් ඒවි,එත් ඔයාට ඒ අතරින් ලැබෙන්නේ චන්ද 30 ක් විතරයි,එත් 300 එන කෙනාගේ රැස්වීමෙන් එයට චණ්ඩ 250 ක් ලැබෙනවා''' දේශපාලනයට නුදුරුදු අනාර්කලී මන්ත්රිතුමිය මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්වීම ගැන එතුමිය විශාල කලකිරීමකට පත් වී ඇතෙයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ගොසිප් සවුත් ලංකා වෙත වාර්තා වී තිබේ.

උදය ගම්මන්පිලගේ හා රොජර් සෙනවීරත්නගේ දේශපාලන ජීවිතය අවසන් වෙයි..?

මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට ජාතික හෙළ උරුමයේ පිළ නියෝජනය කරමින් තරඟ වදින උදය ගම්මන්පිල මහතාට සහ විමල් වීරවංශ මහතාගේ පිළ නියෝජනය කරමින් තරඟ වදින නළු රොජර් සෙනෙවිරත්න මහතාට මැතිවරණයෙන් ජයග්‍රහණය කළද මන්ත්‍රීධූරය අහිමිවීමේ අවධානමක් උද්ගතව ඇතැයි නීතිවේදීහු සඳහන් කරති.

උදය ගම්මන්පිල මහතා තම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී කරවාගෙන ගැනීමෙන් මැතිවරණ නීතිය උල්ලංගණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබුනේද රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට ප‍්‍රසිද්ධ දේශපාලන කටයුතුවල නිරතවීමට නොහැකි බවය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිළ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වීම වරදක් බව ඔහු පෙන්වා දී තිබිණි.

ආරක්ෂක ලේකම්වරයා තම මැතිවරණ රැස්වීම්වලට සහභාගීවීම මැතිවරණ නීතිය උල්ලංගනය කිරීමක් යැයි තමන් නොදැන සිටි බවත් එය වැරැද්දක් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේනම් එය පිළිගන්නා බවත් නීතීඥ ගම්මන්පිල මහතාද මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබුනේය.

මේ අතර විමල් වීරවංශ මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් සන්ධානයෙන් තරඟ වදින නළු රෝජර් සෙනෙවිරත්න මහතා පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් පහරදී අතපය කඩාදැමීම පිළිබඳව මහ අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු බව ඔප්පුවී වසරදෙකක බරපතල සිරඳඩුවම් නියම වී එය වසර පහකට අත්හිටුවා ඇති තැනැත්තෙකි.

අධිකරණයේ සිරඳඩුවම් නියමවූවෙකු මැතිවරණ සඳහා ඉදිරිපත්වීමද මැතිවරණ නීතිය උල්ලංගණය කිරීමක් බැවින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතික්‍රියාමාර්ග ගැනීමට සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කිහිපයක්ම කටයුතු කරමින් සිටී.

උදය ගම්මන්පිල මහතාට එරෙහිව කිසියම්හෝ පුද්ගලයෙකු හෝ කණ්ඩායම් අධිකරණයට යන්නේනම් ඊට තම සහයෝගය ලබාදෙන බවද මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂ නියෝජිත රැස්වීමේදී පවසා ඇත

සන්ධාන ලේකම්ට..මැතිවරණයට පෙර උසාවිද ?


මැතිවරණ නීති උල්ලංඝණය වීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා මාධ්‍ය හමුවකදී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කැෆේ සංවිධානය අප්‍රසාදය පලකර සිටියි.

මැතිවරණ නීති උල්ලංගනය වන බවට චෝදනා එල්ල වන නමුත් මනාප අංකය ප්‍රදර්ශනය නොකර මැතිවරණ කරන්නේ කෙසේදැයි ? මෙහිදී විමසා තිබේ. මෙම ප්‍රකාශය මැතවරණ නීති උල්ලංගණය කිරීම සාධාරණීකරණය කිරීමක් සහ එම නීති කඩකිරීමට අනුබලදීමක් ලෙස කැෆේ සංවිධානය හදුන්වයි.

එමෙන්ම මෙම ප්‍රකාශය බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කරමින් මැතිවරණ ක්‍රියාවලියේ නියැලෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම් සෘජු ලෙසම අනුමත කිරීමකි. මැතිවරණයට තරග කරන අනෙකුත් දේශපාලන පක්ෂ වෙත ද මැතිවරණ නීතිය නොතකා කටයුතු කිරීමට දිරිදීමක් ලෙස සදහන් කරමින් කැෆේ සංවිධානය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා වෙත අද (26 ) පෙරවරුවේ ලිපියක් යොමු කරනු ලැබීය.

Tuesday 25 February 2014

ජෙනරාල්ගේ මාතර මන්ත්‍රීවරයා මමයි..

''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය''  2014 පළාත් සභා මැතිවරණයේ අහබු ලෙස එක් දිස්ත්‍රික්කයක් තොර ගනිමින් කරන ලද සමීක්ෂණයක තොරතුරු එලි දක්වා තිබේ.එහි
අහබු ලෙස තෝරා ගෙන තිබු  දිස්තික්කය වී තිබුනේ මාතර දිස්ත්‍රික්කයයි.

සරත් ෆොන්සේකාගේ ප්‍රජාතාන්ත්‍රිවාදී පක්ෂයට එක් මන්ත්රිධුරයක් හිමි වන බවත් ඒ සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනිත් විපුල ගුණ මහතා තේරී පත් වන බවත් සමික්ෂන වර්තාව කියනු ලබයි 













උපුටා ගැනීම :- ජයවේ ලංකා නිවුස් වෙබ් අඩවිය 

හිටපු ජ.වී පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස කිතුලේගොඩ මන්ත්‍රිධුරයකට

''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය''  2014 පළාත් සභා මැතිවරණයේ අහබු ලෙස එක් දිස්ත්‍රික්කයක් තොර ගනිමින් කරන ලද සමීක්ෂණයක තොරතුරු එලි දක්වා තිබේ.එහි
අහබු ලෙස තෝරා ගෙන තිබු  දිස්තික්කය වී තිබුනේ මාතර දිස්ත්‍රික්කයයි.

ජනතා විමුක්ති පෙරමුණ තමන්ට හිමි වී තිබු මන්ත්‍රී ධුරය රැක ගැනීමට සමත් වී තිබෙන අතර එහි මුහුණ පමණක් වෙනස් වී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස කිතුලේගොඩ මහතා පළාත් සභාවට පත්වන් බවට සමීක්ෂණ තොරතුරු ප්‍රකාශ කරයි.












උපුටා ගැනීම :- ජයවේ ලංකා නිවුස් වෙබ් අඩවිය 

මාතර දිනන එ.ජා.ප ලැයිස්තුව


''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය''  2014 පළාත් සභා මැතිවරණයේ අහබු ලෙස එක් දිස්ත්‍රික්කයක් තොර ගනිමින් කරන ලද සමීක්ෂණයක තොරතුරු එලි දක්වා තිබේ.එහි
අහබු ලෙස තෝරා ගෙන තිබු  දිස්තික්කය වී තිබුනේ මාතර දිස්ත්‍රික්කයයි.

මෙවර මාතර දිස්ත්රිකයෙන් එක්සත් ජාතික පක්ෂයට ආසන 6ක් හිමි හිමිවීම තුල ඔවුන්ට තවත් මන්ත්‍රීවරයකු පළාත් සභාවට යැවීමේ අවස්ථව උදාවන බව සමීක්ෂනයෙන් හෙළි වි ඇත.මාතර දිස්ත්‍රික් ලයිස්තුවේ එ.ජා.ප.පළමුවැනියා වන්නේ හිටපු මාතර මහා නගර සභාවේ නගරාධිපති උපුල් නිශාන්ත මහතාය,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී H.R විමලසිරි මහතා දෙවාන්නාද,කපිල වෙල්ලප්පිලි මහතා තුන්වෙන්නාද ,දකුණු පළාත් සභාවේ හත්වැනි වර නියෝජනය කරන සිරි විජයවික්‍රම මහතා හතරවන්නාද,බි.ජි ප්‍රියන්ත හෙවත් පොඩි කඩේ ප්‍රියන්ත   පස් වෙන්නා බවටද ,වින්දන නිශාන්ත මහතා හය වෙනි තැනටද පත් වන බව හෙළි වී තිබේ,තවද හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ගයන් ස්නාජිව හා ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි මෙනවියද පරාජයට පත්වන බවට තොරතුරු විශ්ලේෂණයෙන් පැහැදිලි වේ.

එක්සත් ජාතික පක්ෂය 

01.උපුල් නිශාන්ත 

02.H.R විමලසිරි 

03.කපිල වෙල්ලප්පිලි 

04.සිරි විජයවික්‍රම 

05.බි.ජි.ප්‍රියන්ත 

06.වින්දන නිශාන්ත

උපුටා ගැනීම :- ජයවේ ලංකා නිවුස් වෙබ් අඩවිය 

මාතරින් සන්ධානයෙන් මෙවර දිනන අය......

''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය''  2014 පළාත් සභා මැතිවරණයේ අහබු ලෙස එක් දිස්ත්‍රික්කයක් තොර ගනිමින් කරන ලද සමීක්ෂණයක තොරතුරු එලි දක්වා තිබේ.එහි
අහබු ලෙස තෝරා ගෙන තිබු  දිස්තික්කය වී තිබුනේ මාතර දිස්ත්‍රික්කයයි.
මාතර දිස්තික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් අතර විශාල තරගයක් පෙන්නුම් කලද මහින්ද යාපා අබේවර්ධන ඇමතිතුමාගේ සහෝදරයා පළමු ස්ථානයටද ,ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාගේ සම්බන්ධිකරණ ලේකම් සරත් ද අල්විස් මහතා දෙවන ස්ථානයද,අකුරැස්ස ශ්‍රී.ලං.නි.ප සංවිධායක හිටපු මහා ඇමැතිවරයකුගේ පුතා වන මනෝජ් සිරිසේන මහතා තුන්වන ස්ථානයටද,මාතර දිස්ත්‍රික්කය පුරා මහා ඇමතිවරයා තමා යැයි කියාගන්නා හිටපු පළාත් සභා ඇමති චන්දිම රාසපුත්‍ර මහතා සිවුවන තැනද,ඇමති ලක්ෂ්මන් යාපා  මහතාගේ පුතා පස්වන තැනද,ශ්‍රී ලංකා කොමිනිස්ට් පක්ෂයෙන්අපේක්ෂකත්වය ලැබූ ලැබූ හිටපු පළාත් ඇමති බින්දු වීරසිංහ මහතා  හත් වන ස්ථානයද,ගියවර බින්දු වීරසිංහ මහතාට වඩා මනාප 45 පිටු පසින් සිටි වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා හය වන ස්ථානයද, 
හිටපු මන්ත්‍රී  නිලංග හෙන්දවිතාරණ අට වන තැනද,රණවිරු ලුතිනල් ජයන්ත කොඩිතුවක්තු මහතා නම වන ස්ථානයද හිමි කරගැනීමට චන්ජය පවිච්ච්චි කරන බවට එම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.මෙහි අනෙක් කරුණ වන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී වරුන් වන අරුණ ගුණරත්න,කාංචන විජේසේකර,එච්.ඒ .පියසේන යන මහත්වරුන් සේම හිටපු පළාත් සභා මන්ත්‍රිනී ජනප්‍රිය නිලි අනාර්කලී ආකාර්ෂා මෙනවියද පරාජයට පත්වන බව මෙම සමික්ෂන්යෙන් හෙළි වී තිබේ.


එක්සත් ජනතා නිදහස් සන්ධානය

01.සරත් යාපා අබේවර්ධන
02.සරත් ද අල්විස්  
03.මනෝජ් සිරිසේන 
04.චන්දිමා රාසපුත්‍ර 
05.පසද යාපා අබේවර්ධන 
06.වීරසුමන වීරසිංහ 
07.බින්දු වීරසිංහ
08.නිලංග හෙන්දාවිතාරණ
09.ජයන්ත කොඩිතුවක්කු

උපුටා ගැනීම :- ජයවේ ලංකා නිවුස් වෙබ් අඩවිය 

මාතර චන්ද සටන වැඩි වාසි විපක්ෂයට

''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය''  2014 පළාත් සභා මැතිවරණයේ අහබු ලෙස එක් දිස්ත්‍රික්කයක් තොර ගනිමින් කරන ලද සමීක්ෂණයක තොරතුරු එලි දක්වා තිබේ.එහි අහබු ලෙස තෝරා ගෙන තිබු  දිස්තික්කය වී තිබුනේ මාතර දිස්ත්‍රික්කයයි.
එහි ප්‍රතිපල විශ්ලේෂණය කිරීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට 2009 වසරට වඩා මන්ත්‍රී ආසන 3ක් අඩු වී ඇති බව පෙන්නුම් කරන අතර එකසත් ජාතික පක්ෂයට 1 මන්ත්‍රී ආසනයක් වැඩි වී ඇති බවද පෙන්නුම් කෙරේ.තවද ජනතා විමුක්ති පෙරමුණේ ආසනය ඔවුන්ට හිමි තිබෙන අතර,සරත් ෆොන්සේකා මහතා නායකත්වය දෙන ප්‍රජතන්ත්‍රි වාදී පක්ෂය 1 ආසනයක් හිමි කර ගැනීමට සමත් වී තිබේ.සමස්ථයක් ලෙස ගත විට මාතර දිස්ත්‍රික්කය තුල විපක්ෂය බලවත් වී ඇති බව පෙන්නුම් කෙරේ.

උපුටා ගැනීම :- ජයවේ ලංකා නිවුස් වෙබ් අඩවිය 

Wednesday 19 February 2014

මාතරින් ආණ්ඩුවේ කූඩු සරණං ගච්චාමි කියන ඇමති පුතා..



2014 දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන මෙම අවස්ථාවේ,ආණ්ඩුවේ සන්ධාන අපේක්ෂකයන් අතර බොහෝ තරග කාරී බවක් දක්නට තිබේ.සමහරු ජනාධිපතිතුමාට නෑකම් කියන බව ද,තවත් අය අයියගෙන් මල්ලිට බවද ,තවත් අය තාත්තාගෙන් පුතාට බවද,තවත් ප්‍රභූන් ''වෙන්ඩ මහා ඇමතිවරු'' ලෙස ද පෙනී සිටියි.මෙහි තවත් සිදුවීමක් වුයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ සගයන් තිදෙනෙක් ද මෙම දිස්ත්‍රික්ක තුනේ සන්ධාන ලැයිස්තු තුල අපේක්ෂකයන් වීමයි.මෙම මැතිවරණයේ බරපතලම සිදුවීම වනුයේ මාතර දිස්ත්‍රික්කයේ එක් සන්ධාන ඇමති පුතකු කූඩු හා සම්බන්ධ ධිවර ශේෂ්ත්‍රයේ මහා පරිමාණ ව්‍යපාරිකයකු හා එක් වී තම මැතිවරණ ව්‍යපාරය මෙහෙයවීමයි.එම ව්‍යාපාරිකයා  සතු වාහන, එම සන්ධාන ඇමති පුතාට ලබා දී ඔහුගේ ජයග්‍රහණය සදහා මුදල් ද වියදම් කරමින් විශේෂ වැඩසටහන් දියත් කරන බව වාර්තා වී ඇත.මෙම ව්‍යාපාරිකයා පසුගිය කාලයේ දකුණේ ධිවර ශේෂ්ත්‍රයේට සම්බන්ධ මහා පරිමාණ කූඩු ව්‍යාපාරිකයකුගේ ලගම හිතවතකු වී සිටි බව ද වාර්තා වේ.මෙම සියලුම තොරතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉහල පෙලේ නායකයන්ටද වාර්තා කරමින්,වාසී ලබා ගනිමින් සිටින අපේක්ෂයකු ගැනද  මාතර දිස්ත්‍රික්කයේන් වාර්තා වී තිබේ.මෙම සියලුම කරුණු එක්කාසු කොට ගත කල පක්ෂයට පක්ෂියාට වඩා,තමන්ගේ අරමුණ ජයග්‍රහණය කරවීමට වෙහෙසෙන බව නම් අපට සක්සුදක් සේ පැහැදිලි වන කරුණ වේ.

ජෙනරාල්ගේ කෙනෙක් නම කැත කර ගනී.

චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් දකුණු පළාත් සභාවට තරග වදින අපේක්ෂක කණ්ඩායමේ උපනායකයා වන පියසේන ගමගේ මහතා මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අපමත මුදා හැර තිබේ.
සැකකරු රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් සහ රුපියල් දස දහස බැගින් වු මුදල් ඇප දෙකක් මත මුදාහැර ඇත.
රුපියල් දෙලක්ෂ පනස්දහසක් (රු. 250,000) සහ රුපියල් දසදහසක (රු. 10,000) චෙක්පත් දෙකක් වංචා කළ බවට පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව මොහු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරු දෙනියාය කොලවෙනිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හැට හැවිරිදි අයෙකි.
නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි දඹදිව වන්දනා ආයතනයක හිමිකරුවකුට මුදල් ගෙවීමේදී සහ දෙනියාය නගරයේ ශබ්ද විකාශන යන්ත්‍ර ව්‍යාපාරිකයෙකුට මුදල් ගෙවීමේදී ‍අගරු චේක්පත් ලබාදී මෙලෙස වංචා කර තිබේ.
ඔහු කොටපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරුයෙකු ද විපක්ෂ නායකවරයෙකු ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද වී සිටි අයෙක් බවද පැවසේ.
ඔහු සභාපතිවරයාව සිටි සමයේ සභාවේ වාහනද යොදාගනිමින් අනියම් බිරිඳගේ නිවසට නීතිවිරෝධී ලෙස දැව ප්‍රවාහනය කිරීමින් සිටියදී අත්අඩංගුවට පත්වූ අතර එම වරදට ඔහුගේ ප්‍රජා අයිතිය පවා තාවකාලිකව අහෝසි කර තිබූ බව ද වාර්තා වේ.
මේ වනවිට ඔහුගේ බිරිඳ එම ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීධූරයක් උසුලන බවද වාර්තා වේ

මට ලැජ්ජයි මම මැරෙනවා --පිටිගල තරුණිය

ගාල්ල, පිටිගල ප‍්‍රදේශයේ තරුණියක ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙන් මිතුරු වූ තරුණයකු නිවසට සොයා පැමිණි අවස්ථාවේ දී මුහුණදිය නොහැකිව නිවස තුළදී ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ලේ උසස් පාසලක ඉගෙනුම ලැබූ 20 හැවිරිදි පාසල් ගමන අවසන් කර සිටි සිසුවියකි.
ඇය ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පෙනී සිට ඇත්තේ වෙනත් ඡයාරූපයක් සිය රූපය ලෙස යොදාගනිමිනි.

එමගින් මිතුරු වූ තරුණයකු හා ඇය කතාබහ (චැට්) කර මිතුරු වී පසුව ඇය සොයා නිවසට පැමිණ තිබේ.
බොරු ඡයාරූපයක් යොදා පෙනී සිටි තරුණියට මෙම තරුණයාට මුහුණදිය නොහැකිව ලජ්ජාවට පත් තරුණිය නිවසේ සාලය තුළ ගෙළවැළලාගෙන මියගොස් ඇත.

පිටිගල පොලීසිය මගින් පරීක්ෂණ පවත්වයි.

Monday 17 February 2014

විදුලි පුටු කතාව බොරුවක් --හේම කුමාර


දුෂිත සන්ධාන ආණ්ඩුව දෙන පිරිහී ඇති බවත් ,ජාත්‍යන්තර ප්‍රජාව මහින්ද රාජපක්ෂ ප්‍රමුක රජය පිලිබදව දැඩි අප්‍රසදයකින් සිටින බවත්,තමරා කුලනායගම් වැනි තානාපති සේවයේ නිරත ජෙෂ්ට්ටයන් එලව දමා තුප්පෙහි කොල්ලන් ,තානාපති සේවයට යෙදවිම නිසා අප රටට ගැටළු රාශියකට මුහුණ දීමට සිදු වී ඇති බවත්  TNL රුපවාහිනි නාලිකාවේ ''ජනහඬ'' නම් දේශපාලන වැඩසටහනට සහබාගි වෙමින් මවුබිම ජනතා පක්ෂයේ නායක හෙම කුමාර නානායක්ක්කර මහතා ප්‍රකාශ කළහ.තව දුරටත් මවුබිම ජනතා පක්ෂයේ නායක තුමා ප්‍රකාශ කලේ ජනතාව නොමග යැවීම සදහා රටේ නායකයා විදුලි පුටුවට රැගෙන යන බව ප්‍රකාශ කලත්,ඒ වෙනි සිදුවිමකට මුහුණ දීමට අප රටේ රාජ්‍ය නායකයට සිදු නොවනු ඇති බවයි,ඊට හේතුව වන්නේ 1997 රෝම ප්‍රච්නප්ත්තියට ශ්‍රී ලංකා රාජ්‍ය අත්සන් තබා නොමැති බවයි.ඒ බැවින් විදුලි පුටුව ජනතාව රවටන තවත් එක චන්ද ගුණ්ඩුවක් බව එතුමා පැවසිය 

චන්ද්‍රිකාගේ අවතාර පළාත්සභා චන්දයේ..

.
හිටපු ජනාධිපතිනි,හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිනි චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය නැවත දේශපාලන කරලියට පිවිසෙන බවට විවිද කට කතා පැතිර ගියහ.එහි අලුතම පුවත වන්නේ දකුණු පළාත් සභා මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ චන්ද්‍රිකාවාදී අපේක්ෂකයෙක්  මන්ගල සමරවීර මහතාගේ සංකල්පයකට යමින් මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා  නිදහස් සන්ධානයේ පළමු වැනිය විමට වෙර දරන බවයි.ඊට හේතුව වන්නේ චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ''අත'' ලකුණින් නැවත දේශපාලන කරලියට පිවිසි මොහොතේ මාතර දිස්ත්‍රික්කයේ බලය මංගල සමරවීරට ලබා ගැනීමටයි.ඒ සදහා මෙම ජෙෂ්ට්ට අපේක්ෂකයාට නවමු සංකල්පයක් මංගල සමරවීර මහතා ලබා දී ඇති බව වාර්තා වෙයි.මෙම සිදුවීම මාතර දිස්ත්‍රික් ශ්‍රී.ලං.නි.ප නායකත්වයටද වර්ත වී ඇති අතර ඔවුන් ඉහල නායකත්වයද මේ සම්බන්ධව දැනුවත් කොට ඇත.ඉහල නායකත්වය උපදෙස් දී තිබුනුයේ අනෙක් සන්ධාන සියලුම අපේක්ෂකයන්ට විශේෂ කොට සලකා,මෙම කරුණ සම්බන්ධයෙන් පක්ෂික්යන්ද දැනුවත් කොට ඔහු පරාජයට පත් කරන ලෙසටය.

Wednesday 12 February 2014

ජේ.වී.පි යෙන් සැම ගෙදරකටම ෆේස්බුක් නොමිලේ

ජනතා විමුක්ති පෙරමුණේ 07 වන මහ සමුළුව පසුගියදා පැවැත්වූ අතර එහිදී අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂයේ නව නායකයා ලෙස පත්විය.

එදින අනාගත ශ්‍රී ලංකාව දියුණු විය යුත්තේ කෙසේද යන්න පිලිබඳ ජනතා විමුක්ති පෙරමුණ විසින් සකස් කරන යෝජනාවලිය එළි දැක්වුනේ "අපේ දැක්ම" ලෙසිනි.

එය ඉදිරි කාලයේ ජනතා විමුක්ති පෙරමුණ යටතේ ආණ්ඩුවක් බිහිවුවහොත් ඔවුන් විසින් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිමාලාවයි. 


එම ප්‍රකාශනයේ 12 වන පිටුවෙහි දක්වා ඇත්තේ සියලු පුරවැසියන්ට අන්තර්ජාල පහසුකම නොමිලේ ලබා දෙන බවකි. අන්තර්ජාලය සම්බන්ධව එම ප්‍රකාශනයේ ඇති වගන්ති දෙක පහතින් වේ. 

විද්‍යා හා තාක්ෂණ 
  • තොරතුරු තාක‍ෂණය හා අන්තර් ජාලය පිළිබඳ අවබෝධය ලබාගැනීම හා ඒවා භාවිතය පුරවැසියාගේ අයිතියක් ලෙස පිළිගනු ලැබේ. 
  • සියළු පුරවැසියන්ට නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයනු ලැබේ 

මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ගැටළු තිබිය හැකිවුවත් අනෙකුත් දේශපාලන පක්ෂද සිය ප්‍රතිපත්ති මාලාවන් සකස් කිරීමේදී එවන් යෝජනා සම්බන්ධව අවධානය යොමුකරන්නේ නම් තරුණ පරපුරේ ප්‍රසාදය දිනාගත හැකිවග පැහැදිලි කරුණකි.

මාතරදී අනර්කලී අකාර්ෂා මංගල සමරවීර ඉදිරිපිට වැද වැටෙයි...

රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහය සහ ආශිර්වාදය ලබන අපේක්ෂකයා පහත හෙලමින් සම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ අපේක්ෂකයා මුල්තැනට ගෙනඒමවයඹ දේශපාලන පූර්වාදර්ශය' හෙවත් 'දයාසිරි තියරිය' මේ වන විට තදබල ලෙස මාතර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.

මාතර දිස්ත්‍රික්කයේදී මෙසේ සම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ විරෝධතාවයට ලක්වී සිටින්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සමීපතම දේශපාලන හිතවතිය වන අනර්කලී ආකර්ශා මෙනවියයි. රාජපක්ෂවරුන්ගේ බලපෑම මත මාතර දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ නායක ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා අනර්කලී මෙනවිය මාතරට රැගෙන ගොස් ඇති අතර මේ වන විට ඔහු පවා ඇගෙන් දුරස් වෙමින් සිටී.

අනර්කලී ආකර්ශා මෙනවිය සහභාගිවන සෑම රැස්වීමක්ම කඩා කප්පල් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් කටයුතු කරමින් සිටින අතර ඇය රැස්වීම් ඇමතීමට නැගී සිටින වාරයක් පාසාම එක දිගට හූ කීමට මෙකී පිරිස් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මේ හේතුවෙන් අනර්කලී ආකර්ශා මෙනවිය බලවත් අපහසුතාවයකට පත්වී ඒ පිළිබඳව ජනාධිපතිවරයාට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පවා පැමිණිලි කොට ඇත. ජනාධිපතිවරයා අනර්කලීට පවසා ඇත්තේ දේශපාලනයෙදි ඔල්වරසන් වගේම හූවටත් පුරුදුවිය යුතු බවයි'. නමුත් ඒ පිළිබඳව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අනර්කලී තමන්ගේ හිතවතියක් නිසා ඩලස් තමාගෙන් පලි ගැනීමට ඔහුගේ හෙංචයියන් ලවා ඇයට හූ කියවන බවයි. මේ තත්වය යටතේ ජනාධිපතිවරයාට අනර්කලී මෙන්ම තම පුත් නාමල්වද අස්වැසීමට සිදු වී ඇත.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කතාව ඇත්තක් බව මේ වන විට ඔප්පු වී ඇත. අනර්කලීට විරෝධය දක්වන පිරිස් හමුවේ ඩලස් අමාත්‍යවරයා පවසා ඇත්තේ ඡන්දය කියන්නේ ජනතාවගේ කැමැත්ත. ජනතාවට කැමති දේ කිරීමට නිදහසක් තිබිය යුතුයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ලක්ෂණයක්' කියාය. තමන් මාතරට කැන්දාගෙන ආ ඩලස් මන්ත්‍රීවරයා මෙසේ තමාට අකාරුණික ආකාරයෙන් සැලකීම පිළිබඳව කම්පාවට හා කළකිරීමට පත් වී සිටින පොදු පෙරමුණේ මැතිවරණ අපේක්ෂිකා අනර්කලී ආකර්ශා මේ පිළිබඳව ඊළඟට පැමිණිලි කොට ඇත්තේ ඇයගේ පලමුවෙනි දේශපාලන ගුරුවරයා වන හිටපු විදේශ අමාත්‍ය මාතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා වෙතටය. බලන්න සර්.... මේ මිනිස්සු මට රැස්වීමක කතා කරන්නවත් දෙන්නෑ. මගේ පෝසටර් ඉරනව. මගේ වාහනවල හුළං අරිනවා. මම මාතරට ඇවිල්ලා හරි මෝඩ කමක් කර ගත්තෙ. ඩලස් තමයි මේ සේරම කරන්නෙ. අනේ සර් මගේ කැම්පේන් එකට උදව් කරන්න. මට මේ දවස් ටිකේ ඉන්න තැනක් හොයල දෙන්න.' යනුවෙන් අනර්කලී ආකර්ශා මංගල අමතා පවසා ඇත.

Tuesday 11 February 2014

මාතර එක්සත ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක අරුණ ගුණරත්නගේ වාහනය කහ ඉර මත අහින්සකය්කු යට කරයි

මනාප අංක ලබා ගැනීමෙන් පසුව මාතර දී අධික වේගයෙන් ධාවනය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක අරුණ ගුණරත්න මහතා ගේ මැතිවරණ කටයුතු සදහා යොදා තිබූ වාහනයක් මාතර ආසිරි රෝහල ඉදිරිපිට මගී පාර මාරුවන ස්ථානයේ දී අනතුරට පත් විය. කහ ඉර මත සිදු වූ මෙම අනතුරින් පසුව අංක පීසී 7956 දරණ ජීප් රථය මාතර පොලීසිය වෙත රියදුරා විසින් පදවාගෙන ගොස් ඇත. තුවාලකරු බරපතල තත්වයෙන් මාතර මහ රෝහලේ 4 වන වාට්ටුවට ඇතුලත් කොට ඇත. 

අරලියගහ මැදුරට රහසිගත 10 දෙනෙක් කැදවයි..

මෙම මැතිවරණයෙන් ආණ්ඩුව වැට්ටවීමේ කුමන්ත්‍රණයක් විපක්ෂය ක්‍රියාත්මක කර ඇතැයිද ඊට ඉඩ දිය නොහැකි යයි  ජනාධිපතිතුමා අරලියගහ මන්දිරයේ පැවැති රහසිගත සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

මෙම විශේෂ රහසිගත සාකච්ඡාව පසුගිය 09 වෙනිදා සවස 7.30ට පවත්වා ඇති අතර ඒ සඳහා ඡන්දය පවත්වන කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක හයේ දිසා ලේකම්වරුන් හය දෙනා සමග පොලිස්පති ඉලංගකෝන් මහතා ,හමුදාපති දයා රත්නායක මහතා  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂමහතා   ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක හිටපු මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ මහතා  ආදී සීමිත පිරිසක් කැඳවා තිබිණ. 

ඡන්දයකදී විපක්ෂය ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුව වැට්ටවීමට මිස ආණ්ඩුවේ ජය වෙනුවෙන් නොවන බවත්මෙහිදී සන්ධානය පරාජය කර එය රටේ ආණ්ඩුව වෙනස් කිරීමක් දක්වා ගෙනියන ලොකු කුමන්ත්‍රණයක් ඇතැයි පැවසූ 
ජනාධිපතිතුමා, ඊට ඉඩ තබන්නට එපා යැයි දිසා ලේකම්වරුනට පැවසීය.

තමා විසින් ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා එවන එජනිස මහජන සම්බන්ධතා නිලධාරීන් (පී.ආර්.ඕ) සමග එක්වී සියල්ල සංවිධානය කරන්නැයිද ඒ සඳහා මාර්තු 06 වෙනිදා යොදා ගන්නැයි මැදමූලන මරා සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවකට දිසා ලේකම්වරුන්ට උපදෙස් දුන්නේ ය. එම කටයුතු දිසා ලේකම්වරුන් පුද්ගලිකව සොයා බැලිය යුතු යැයිද පැවසීය. 
මෙහිදී පිටු 9 ක රහසිගත ලියැවිල්ලක් ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක හෙන්දාවිතාරණ 
මහතා විසින්  ජනාධිපතිතුමා වෙත යොමු කළේය. එහි සඳහන්ව තිබුනේ කුමක්දැයි රැස්වීමේදී හෙළි නොවුනි. 

"
අපේ මිනිස්සුන්ව හරස් කරන්න එපා. ආයිත් මට කියන්න ඉඩ තියන්න එපා"යි 
 ජනාධිපතිතුමා ලිස්පතිවරයාට පවසද්දී "මම ඒවාට "ඩී.ආර්.එෆ්.සී" ටීම් වෙන්කරලා තියෙනවා" යි ගෝඨාභය පැවසීය. ගෝඨා එම ටීම් පුද්ගලිකව සොයා බලනවා යයිද පැවසීය. කෙසේ නමුත් එකී "ඩී.ආර්.එෆ්.සී" ටීම් යනු මොනවාදැයි යන්න එතැන සිටි දිසා ලේකම්වරුන්ට තේරුම් ගොස් නැත.

සරන්ශගත උපුටා ගැනීම :- ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය  

Monday 10 February 2014

ඇමති බැසිල් රාජපක්ෂගේ පම්පොරිය බොරු වෙයි.


ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසු ගිය දිනකදී කරන ලද ප්‍රකාශයක් වුයේ විරුද්ද පක්ෂයේ කිසිවකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ සන්ධාන රජයට නොගන්න බවය.එහෙත් ඒ කීම පැය 24 ක් ඉක්ම යන්නටත් මත්තෙන් බොරුවක් වී තිබේ.ඊට හේතුව වී තිබෙන්නේ මාතර දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සංවිධායක කමක් හා ජනාධිපති සම්බන්ධිකරන ලේකම් කමක් ලබා දී ඇත. එමගින් බැසිල් රාජපක්ෂ් මැතිතුමාගේ ප්‍රකාශය බොරුවක් වී තිබේ.තවද ප්‍රේම සිරි මානගේ මහතාට මේම  තනතුරු දිම සම්බන්ධව දෙවිනුවර ආසනයේ පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජෙශ්ට්ට්යෝ රැසක් කලකිරී ඊයේ දින එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා හමුවී මෙමෙ පළාත් සභා මැතිවරණයේදී  එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරීමට එකතුවන් බව ප්‍රකාශ කළහ .මේහිදී දෙවිනුවර දික්වැල්ල ප්‍රාදේශීය සභා වල ජෙෂ්ටටම මන්තිවරු 4 ක් සිටින බව වාර්තා වේ.මෙමෙ සිදුවීමෙන් දැඩි ලෙස කලබලයට පත් වී සිටින දෙවිනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රදාන සංවිධායක කාංචන විජේසේකර මැතිතුමා දික්වැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ට මරණ තර්ජන එල්ල කරන බවද වාර්තා වේ 

Saturday 8 February 2014

අනර්කලිඅට විරුද්ධ අපි නෙවි සන්ධාන පක්ෂිකයෝමයි--නදීෂා හේමමාලි


ඊයේ දින නාර්කලි ආකර්ෂ මෙනවියට දෙනියේ ජනතාව හු කීම සම්බන්ධව අපෙක්සත් ජාතික පක්ෂ මාතර දිස්තික් අපේක්ෂික ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි මෙනවියෙන් කරුණු විමසා සිටියා.එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ කලාකරුවන්ට ජනතාව ආදරෙයි එත් ජනතාව රවටපු කලාකරුවන්ට ජනතාව සලකන්නේ බොරුකාරයනට සලකන විදියට,ඒ දේම තමයි අන්නර්කලි අකාර්ශා මෙනවියටත් සිදු වී තිබෙන්නේ,ඇය අඩු වයසින්ම ජනතාව රවට්ටා ඇති නිසා ජනතාව ඇය හෙළ දකින බවයි.එම නිසා මෙමෙ මැතිවරණයේදී ඇයට මෙවෙනි අපහසුතාවලට මුහුණ දී පරාජයට ලක්වන බවයි.එහිදී අප විමසා සිටියේ ඔබ ජයග්‍රහණය කරනවාද කියාය,එහිදී ඇය ප්‍රකාශ කලේ මම ජනතව රවට්ට නොමැති නිසා ජනතාව මාව  දිනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවලිමට කටයුතු කරනු ඇති බවයි.

දෙනියායේ ජනතාව අනාර්කලිට හු කියා එලවා ගනියි.

අද දින දෙනියායේ සංචාරයක නිරත වූ හිටපු පළාත් සභා මන්ත්‍රී අනර්කලී අකාර්ෂා මෙනවියට දෙනියායේ පල්ලේගම පාරේ ,මහා විද්‍යාලය අසලදී දෙනියායේ ජනතාවගෙන් නොනවත්වාම හු සංග්‍රයක් ලැබුණි.ඊට හේතුව වුයේ හිටපු  එක්සත් ජනතා නිදහස් සන්ධාන මාතර දිස්ත්‍රික් දකුණු පළාත් සභා මන්ත්‍රී නිලංග හෙන්දවිතාරණ මැතිතුමා සහභාගී වීමට තිබු රැස්වීමකට බලහත්කාරයෙන් පැමිණීමට උත්සහ කිරීමත් සමගය.එම අවස්ථාවේ අනාර්කලි අකාර්ෂ මෙනවිය රථයෙන් බැසීමට සැරසුනත් රැස්වීමට සහබගී වීමට පැමිණ සිටි 800 ක පමණ ජනතාවගේ අකණ්ඩ හු ප්‍රහාරයකට ලක් වූ අතර,පසුව ඇය හා ඇයගේ පසු පස පැමිණි රථය ඉතා වේගයෙන් එම ස්ථානයෙන් ඉවත් වී ගියේය.මේ පිලිබදව ඇයගෙන් විමසීමට අප අයගේ දුරකථන අංකයට ඇමතු අවස්ථාවේ,එතුමියගේ පුද්ගලික ලේකම් චන්න යන පුද්ගලයා අපගේ වාර්තා කරුට බැන වදිම්ක්ද සිදුකොට තිබේ.එබැවින් ඇයගේ මෙම පහත්  ක්‍රියාව අප තරයේ හෙලා දකිමු   

Thursday 6 February 2014

''මම තරහා ගස්සන්න එපා දකුණේ මහා ඇමති ඔයා නෙවෙයි චන්දිම...ඒක තීරණය කරන්නේ පක්ෂය" ජනාධිපතිතුමා චන්දිම රසපුත්‍රම්ට දොස් කියයි..

දකුණු පළාතේ මහා ඇමති වරයා වීම සදහා තමා සුදුසු බැවින් තමා මහා ඇමති අපේක්ෂක ලෙස නම් කරන්නයැයි,හිටපු දකුණු පළාත් ඇමති චන්දිම රාසපුත්‍ර මහතා ජනාධිපතිවරයා හමුවී ඉල්ලා තිබේ.එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශකොට ඇත්තේ ''මම තරහා ගස්සන්න එපා දකුණේ මහා ඇමති ඔයා නෙවෙයි චන්දිම,තියෙන ඇමති කමත් ජෙෂ්ටයකුට දෙන්නයි වෙන්නේ ...මේ හෙමදේම තීරණය කරන්නේ ඔය නොවෙයි පක්ෂය,ඒ හින්ද පක්ෂයේ තීරණයට හිස නමන්න." යනුවෙනි.ඊට හේතුව වී තිබෙනුයේ , හිටපු දකුණු පළාත් ඇමති ඩි.වී උපුල් මහතා දැනට පළාත් සභාවේ සිටින ජෙෂ්ටතමයා බැවින් ,දකුණේ මහා ඇමති තනතුර එතුමාට ලබා දීමට බොහෝවිට ඉඩ හසර පවතින බැවිනි.

උපුටා ගැනීම :- sfdevinuwara/facebook.com පිටුවෙනි 

කබර හුනා අල්ලන ක්‍රමය මෙන්න

ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිතව වනජීවී වෙළෙඳාම නැවතත් ඉතාම විනාශකාරී ලෙස පැතිරී යමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ. ඇලි කැස්බෑවෙකු පදනම් කරගනිමින් නටන්නට වූ නාඩගම පසුගිය දිනවල ජනමාධ්‍යවල විවිධ කතා මැවීම එහි එක් පරිච්ජේදයක් ලෙස හැඳින්විය හැකිය.

කවුරුන් කෙසේ කීවද ඒ තුළ සැඟවී ඇත්තේ මහා පරිමාණ වනජීවී ජාවාරමක නිරුවත බව පැහැදිලිය. ඒ අතරතුර දිවයින පුරා වනාන්තරවල කිඹුල් හූනන් සහ කබර හූනන් එකතු කිරීමේ ජාවාරමක්ද ව්‍යාප්ත වෙමින් පවතින බවටද විවිධ තොරතුරු ලැබෙමින් පවතී.
කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිතව මුස්ලිම් මන්ත්‍රීවරයෙකුගේ ඥාති පුත්‍රයෙකු විසින්ද දෙනියාය ප්‍රදේශයේ ජනාධිපති සහකාර ‍ලේකම්වරයෙකුගේ ඥාතියෙකු විසින්ද මේ ආකාරයෙන් හූනන් මිලදී ගැනීමේ නිරතවී සිටින බව ඇසේ. නමුත් එය කුරුණෑගල හෝ දෙනියායට පමණක් සීමා වූ ජාවාරමක් නොවන බව හැඟෙන්නේ පසුගිය මාස කිහිපය ඇතුළත දිවයින පුරාම විවිධ ප්‍රදේශවලින් මෙම වනජීවී ජාවාරම පිළිබඳව කසුකුසුව ඇති වීමෙනි. 

මේ පසුපස සිටින දේශපාලන ශක්තිවන්තයින් නිසා මෙම ජාවාරම පිළිබඳව බලධාරීන්ටද නෑසුණු කන් ඇතිව සිටින්නට වී ඇතිද යන සැකයද මතුවන්නේ මෙවැනි ජාවාරමක් පිළිබඳව තවමත් වනජීවී සංරක්ෂණ, රේගු වැනි නියාමන ආයතනවලට කිසිදු ශක්තිමත් වැටලීමක් සිදුකිරීමට නොහැකි වී ඇති බැවිනි. 

ශ්‍රී ලංකාව තුළ වනජීවී හා සත්ව කොටස් වෙළෙඳාම නීති විරෝධී ධනෝපායන මාර්ගයක් ලෙස පැතිරී යන්නේ අද ඊයේ සිට නොවන බව තතු දන්නෝ දනිති. සත්ව හා ශාක කොටස් මෙන්ම සජීවී සතුන්ට මේ ආකාරයෙන් ස්වභාවික පරිසරවලින් අල්ලා කූඨ ලෙස රට පැටවීමට කටයුතු කළ ආකාරය පිළිබඳව පසුගිය කාලයේ ද අසන්නට ලැබුණි. විශේෂයෙන් මෙරටට ආවේණික ඉතා අලංකාරවත් වර්ණ රටාවක් සහිත විසිතුරු මත්ස්‍ය විශේෂ විදෙස් වෙළෙඳ‍පොළවලට යැවීම එහි එක් කොටසක් ලෙස හැඳින්විය හැකිය. ස්වභාවික පරිසරයෙන් මහා පරිමාණයෙන් මෙවැනි දුර්ලභ ආවේණික මිරිදිය මසුන් ඇල්ලීම නිසා ඇතැම් වාසභූමි වලින් සදහටම එම මිරිදිය මසුන් වඳවී ගිය ආකාරය පිළිබඳවද ඕනෑතරම් තොරතුරු තිබේ. එතරම් මහාපරිමාණ විනාශයක් සිදුකරමින් ද අපනයනය කෙරුණු මිරිදිය මසුන්ගෙන් රටට හිමි වූයේ සොච්චම් විදේශ විනිමය ප්‍රමාණයක් වීම නිසා සිදුවූයේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නට බවද අවධාරණය කළ යුතුය. 

එසේම කෙටල, අතිඋඩයන් වැනි ජලජ ශාකද මේ ආකාරයෙන්ම විනාශකාරී ලෙස ස්වභාවික පරිසර පද්ධතිවලින් ඉවත් කර ගෙන ඇතැම් විට වගා කර අපනයනය කරන බවට ව්‍යාජ කරුණු හුවාදක්වමින් රට පැටවූයේ ඉතාම තුච්ච ආකාරයටය. 

අද වන විට හූනන් පාදක කරගනිමින් ද ගොඩනැගී ඇත්තේ එම ජාවාරමේම තවත් කොටසකි. ඖෂධීය සංයෝග සඳහා මෙම හූනන් අල්ලාගෙන අපනයනය කිරීමට කටයුතු කරන බව කීවද මෙවැනි විනාශකාරී ජාවාරම් නිසා ඉතා බරපතළ පාරිසරික විනාශයන් සිදුවන බව නොකිවමනාය. විශේෂයෙන්ම විශේෂිත සත්ව කොටසක් මිලදී ගැනීමට ජාවාරම්කරුවන් ඉදිරිපත් වුවද තමන්ට ලැබෙන මුදලට වහල් වී ජනතාව ඉවක් බවක් නොමැතිව තමන්ට හසුවන සියලු සතුන් එක් රැස් කර රැගෙන ඒමට පෙළඹෙයි. එමගින් එම පරිසර පද්ධතිවලින් සතුන් විශාල වශයෙන් ඉවත් වී එහි ෙජෙව සමතුලිතතාවය බිඳ වැටෙයි. 

සතුන් ගහනය ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් ගහනය පවත්වා ගෙන යාමට සිටිය යුතු අවම සංඛ්‍යාව හෝ නොමැති වීමෙන් ඉතා කෙටි කලක් ඇතුළත සත්ව විශේෂ වඳ වී යාමටද පටන් ගනී. තවද විශේෂයෙන් ජාවාරම්කරුවන්ගේ ආකර්ෂණය දිනාගනු ලබන්නේ ප්‍රමුඛව වර්ණ රටා සහිත, විශාල, නිරෝගී වනජීවීන් වන බැවින් ඔවුන් ගහනයෙන් ඉවත් වී යාම අදාළ ජීවී විශේෂයේ පැවැත්මට ඉතා බරපතළ ලෙස බලපායි. 

තමන්ගේ මව හෝ විකුණා මඩිය තරකර ගැනීමට තරම් සමහර ශ්‍රී ලාංකිකයින් පත්ව තිබිම ඉතාම කනගාටුදායක තත්ත්වයකි. අතීතයේ සමාජ ආර්ථික මිණුම් දඬු අනුව දරිද්‍රතාවයේ පහළ මට්ටමක සිටි ජාතියක් ලෙස හෝ මෙතරම් අවිනීත ආකාරයෙන් මුදල් පසුපස හඹා යන්නට ජනතාව පෙළඹුණේ නැත. නමුත් අද වන විට ආර්ථික සංවර්ධන නිර්නායකවල ඉහළට පැමිණ සිටින තත්ත්වයක් තුළ බළලුන් මරා හෝ මුදල් ඉපයීමට ඇතැම් පුද්ගලයින් නිර්ලජ්ජිත වී තිබිම පිළිකුල් සහගතය.

සජීවී සතුන් හා එම සතුන්ගේ කොටස් හා ශාක කොටස් අපනයනය කිරීම ලෝකයේ මහා පරිමාණ නීති විරෝධී ජාවාරමක් බව කිව යුතු නොවේ. එමගින් වාර්ෂිකව ජනනය කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන ගණනකි. ජාන සම්පත් මංකොල්ලයද ඒ අතර වෙයි. මහාපරිමාණ බහුජාතික සමාගම් අප වැනි අධික ෙජෙව විවිධත්වයක් සහිත දුප්පත් රටවලට ඉව අල්ලන්නේ එකී ජාන සම්පත් කොල්ලකා ගැනීමටය. දේශීය බුද්ධිමත් ප්‍රජාවද එකී ජාවාරම්කරුවන්ගේ අතකොළු බවට පත්වී මෙරටට අනන්‍ය ෙජෙව සම්පත් බහුජාතික සමාගම්වලට ලබාගැනීමට මග පාදන බව නොකිවමනාය. එවැනි ජාන සම්පත්වලට අයත් පේටන්ට් බලපත්‍ර මගින් එකී බහුජාතික සමාගම් උපයන වාර්ෂික ආදායමට අපගේ රටවල දළ ජාතික නිෂ්පාදිතයෙන් ලබන ආදායම වඩා කිහිප ගුණයක් විශාලය. නමුත් මෙම ලෝක පරිමාණ ජාවාරමට මුහුණදීමට අපට තවමත් නොහැකි වී ඇත.

ශ්‍රී ලංකාවේ උරග සම්පත් අයථා ආකාරයෙන් විදේශගත කර තම මඩිය තරකර ගැනීමටද පටු අවස්ථාවාදීන් කටයුතු කළ ප්‍රථම හෝ අවසාන අවස්ථාවද මෙය නොවන බව කිව යුතුය.
වරක් හිතවත් පරිසර සංරක්ෂණවේදියෙකු ප්‍රකාශ කළේ ලොව විශාලතම උරග අලෙවි ‍පොළක් වන ජර්මනියේ ඩ්චථථ ජ්චඪප හිදීද ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ කටුසු විශේෂ තුනක සජීවී සතුන් අලෙවිය පිණිස තබා තිබූ බවය. ගැටහොඩු කටුස්සන් කිහිප දෙනෙකු , කුරු බෝදිලිමුන් කිහිප දෙනෙකු සහ කඟමුව අං කටුසු පැටවෙකු ඒ අතර වූ බව කියවුණි. ඒ අතරින් ගැටහොඩු කටුස්සන් කුමන හෝ ආකාරයකින් විදෙස් රටවලට ගෙන ගොස් කෘත්‍රිමව දෘෂ්‍යාජනනය කර සුරතල් සතුන් ලෙස අලෙවි කරන බව ප්‍රසිද්ධ රහසක් බවට පත් වී ඇත.

2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත අනුව නීතිමය ආරක්ෂාව ලබා ඇති මෙම කටුසු විශේෂවල පැවැත්මට බාධා එල්ල වන කුමන ආකාරයේ හෝ අකටයුත්තක් සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වුවද මේ ආකාරයෙන් එම සතුන් හොර රහසේ රට පැටවීම විමතියට කරුණකි. අප ඉහත සඳහන් කළ කටුසු විශේෂවලට අමතරව තවත් බොහෝ දේශීය හා ආවේණික වනජීවීන් අප නොදැනුවත්වම විදෙස් රටවලට රැගෙන යාමට විවිධ පාර්ශ්ව කටයුතු කරන බව පරිසර ක්ෂේත්‍රය ගැන උනන්දුවක් ඇති බොහෝ දෙනෙකුට රහසක් නොවන බව අපි සිතමු. මෙරට රේගු දෙපාර්තමේන්තුවේ ෙජෙව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ ඉතා කාර්යශූර නිලධාරීන් සිටින බවද පැහැදිලි කරුණක් නමුත් මේ ආකාරයෙන් අපේ ෙජෙව සම්පත් ඒ සියල්ලන්ටම හොරා රට පැටවීමට හැකි වී ඇත්තේ මෙම යාන්ත්‍රණයේ ඇති යම් කිසි අඩු පාඩුවක් නිසාද යන්න සොයා බැලීම ඒ සෑම සියලු දෙනාගේම යුතුකම හා වගකීම වන්නේය.


එසේම මෙරට සංචාරක කර්මාන්තයේ නියැළී සිටින මාර්ගෝපදේශකයින් හා ස්වභාවවේදීන්ද මෙම කරුණ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව අපි සිතමු. තමන් සමග සංචාරය කරන සංචාරක නඩය විසින් කරන කියන දෑ පිළිබඳව මනා සිහිනුවණින් යුතුව සිටීම හා අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම ඔවුන්ගේ වගකීමකි. එසේ නොකරන විදේශිකයින්ගේ මුදල් හෝ වෙනත් ලාභ ප්‍රයෝජන වෙනුවෙන් අපට ආවේණික ෙජෙව උරුමයන් ඔවුන්ට බිලිදී මල්ල පුරවා ගැනීමට ඔවුන් කටයුතු කළහොත් එය සැබැවින්ම ඔවුන් ස්වකීය විනාශය තමන් විසින්ම සිදුකර ගන්නෝ බව අවධාරණය කළ යුතුය. ඒ මන්ද යත් ඔවුන්ගේ රැකියාව මෙන්ම අනාගතයද රැඳී ඇත්තේ මෙම ආකර්ෂණීය වනාන්තර හා වනජීවී සම්පත් වල සුරක්ෂිත බව මත වන බැවිනි. මේ සම්බන්ධ සියලු වගකිව යුතු පාර්ශ්ව තම වගකීම් හා යුතුකම් නොපිරිහෙළා ඉටුකිරීමට වගබලා නොගතහොත් නොබෝ දිනකදීම මෙම දුර්ලභ හා ආවේණික වනජීවී සම්පත් අධික මිලට පිටරටවල සිට මව් රටට ආනයනය කිරීමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ. 

සුපුන් ළහිරු ප්‍රකාශ්