Monday 31 March 2014

පළාත් දෙකේ ජනතාව පරාද කරපු ලැයිස්තුව මෙන්න...

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රතිපලවලට අනුව හිටපු මන්ත්‍රීවරුන් 43 දෙනකු මෙවර පරාජයට පත්ව ඇත.
ඒ අනුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ බස්‌නාහිර පළාත් සභාව නියෝජනය කළ නවුසර් ෆවුසි, සරත් සුමනසේකර, ලයනල් කාරියවසම්
ගාමිණී සිල්වා, දයාකාන්ත පෙරේරා, අශෝකා ලංකාතිලක, කීර්ති උඩවත්ත, තිලකරත්න රාජපක්‍ෂ, මහින්ද කුරුවිට, රේණුක පෙරේරා, සුමිත් සොයිසා, මොරිස්‌ ජයරත්න, ජානක සූරියබණ්‌ඩාර, රෙහෙන්සිරි වරාගොඩ, දර්ශන මල්ලව, තුෂාර පෙරේරා, ගොඩ්ෆ්‍රි කුරේ, විකුම් ගුණසේකර යන අයට මන්ත්‍රීධුර අහිමි විය.

එමෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ටී. එම්. යුසුප්, රන්දිර් රොද්‍රිගු, සිරිකමල් ෆලිෂියස්‌, චන්ද්‍රසෝම සරණලාල්, කිත්සිරි මංචනායක යන අයටද මන්ත්‍රී ධුර අහිමි විය.

මෙයට අමතරව එජනිසයෙන් නවකයන් ලෙස සෙනල් වෙල්ගම, රෝහණ අබේගුණවර්ධන, සුනෙත්‍ර ලාල් ප්‍රනාන්දු, ප්‍රසන්න සංජීව, සහන් ප්‍රදීප්, සමන්මලී සකලසූරිය, සුසාර දිනාල්, නිරෝෂ් දිල්ෂාන්, උපුල් රාජිත, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මල්ෂා කුමාරතුංග, මංජුල බුද්ධදාස, ප්‍රදීප් රූපසිංහගේ, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, තුෂාර වජිර පෙරේරා යන අය පළාත් සභාවට තේරී පත්වූහ.

එමෙන්ම ජගත් විතාන, ප්‍රියන්ත සිල්වා, ප්‍රේමශාන්ත පෙරේරා, කාවින්ද ජයවර්ධන, රොයිස්‌ ප්‍රනාන්දු, පුෂ්පකුමාර ද සිල්වා, එස්‌. එම්. මරික්‌කාර්, උදාර රත්නායක, රොඩ්නි ප්‍රෙෂර් යන අය එජාපයෙන් නවකයන් ලෙස තේරී පත්වූහ.

මීට අමතරව රවීන්ද්‍ර යසස්‌, අරුණ දීපාල්, රාජිත රංග හපුආරච්චි, අනුරුද්ධ ලේකම්ගේ අශෝක දයාරත්න, ඉන්දික මනීෂ බණ්‌ඩාර, සුසිල් කිඳෙල්පිටිය, නලින් ප්‍රදීප් උඩවෙල යන අය ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන්ද කේ. ඩී, ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, යන අය ජවිපෙන්ද එස්‌. කැනවර්සන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් ද නවකයන් ලෙස තේරී පත්ව සිටිති.

දකුණු පළාත් සභා මැතිවරණයේදී දකුණු පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායක සිරි විඡේවික්‍රම මහතා ඇතුළු ආණ්‌ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු 18 දෙනකු පරාජයට පත්ව ඇත.

එ.ජ.නි. සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 13 දෙනකුද පරාජයට පත් වී ඇත. පළාත් සභාවේ විපක්‍ෂ නායකවරයා හා හිටපු එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු පරාජයට පත් වී තිබේ. ජ.වි.පෙ. හිටපු මන්ත්‍රීවරයකුද, මෙවර මැතිවරණයේදී පරාජයට පත් විය. එමෙන්ම සන්ධානයේ සිට එ.ජා.ප. යට එක්‌වූ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ආනන්ද පත්මසිරි කාරියවසම් මහතා ද පරාජය විය. ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ එ.ජ.නි. සන්ධානයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සිසිර කුමාරරත්න ,ගා/දෙනෙත්ති, ලසන්ත විඡේනායක, එස්‌. එල්. ජයවීර, ඡේ. කේ. ඩී. ජයවික්‍රම, අජිත් ප්‍රසන්න යන මහත්වරු මෙසේ පරාජයට පත් වූහ.

මෙවර මාතර දිස්‌ත්‍රික්‌කයෙන් තරග කළ සන්ධානයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිනි අනර්කලී ආකර්ෂා මෙනවියද පරාජයට පත් වූවාය. මීට අමතරව මාතර දිස්‌ත්‍රික්‌කයේ සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිලංග හෙන්දාවිතාරණ, ජයන්ත කොඩිතුවක්‌කු, බන්දු රණවක යන මහත්වරුද පරාජයට පත් වූහ.

මාතර දිස්‌ත්‍රික්‌කයේ හිටපු එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වින්දන හපුතන්ත්‍රි මහතා ද මෙවර මැතිවරණයේදී පරාජයට පත් විය. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ එ.ජ.නි. සන්ධානයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සිරිපාල ජයවීර, ගුණසෝම වික්‍රමසිංහ, එස්‌. වී. පී. ආනන්ද යන මහත්වරු ද පරාජයට පත් වූහ.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ හිටපු එ.ජා.ප. මන්ත්‍රී සෝමපාල ඒකනායක හා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රී සිසිර කුමාර වාහලතන්ත්‍රි මහතා ද මෙවර මැතිවරණයේදී පරාජයට පත්වූහ.

මේ අතර නවක මන්ත්‍රීවරු 16 දෙනකු දකුණු පළාත් සභාව සඳහා තේරී පත් වී ඇත.

එ.ජ.නි. සන්ධානයෙන් නවක මන්ත්‍රීවරු 09 දෙනකු තේරී පත්වී ඇති අතර එ.ජා.ප. යෙන් තේරීපත් වී ඇති නවක මන්ත්‍රීවරු සංඛ්‍යාව තිදෙනෙකි. ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් නවක මන්ත්‍රීවරු තිදෙනකු තේරී පත් වී ඇත.

ජ.වි.පෙ.න් හිටපු නියෝජ්‍ය ඇමැති නිහාල් ගලප්පත්ති මහතා තේරී පත් වී ඇති අතර ඔහු පළාත් සභාවට නවකයෙකි.

ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් සන්ධානයෙන් නවක මන්ත්‍රීවරුන් ලෙස හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මහතාගේ පුත් ඉසුරු දොඩංගොඩ, ජනප්‍රිය සිනමා නිළි ගීතා කුමාරසිංහ, චානක සම්පත් මාදුගොඩ, ආරියවංශ සම්මු යන අය තේරී පත් වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් නවක මන්ත්‍රීවරුන් ලෙස අමරසිරි කුරුවගේ, පත්මසිරි ද සිල්වා යන මහත්වරුන් තේරී පත් වී ඇත.

මාතර දිස්‌ත්‍රික්‌කයේ සන්ධානයෙන් නවක මන්ත්‍රීවරුන් ලෙස අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා හා සරත් අල්විස්‌ යන මහත්වරුන් තේරීපත් වී තිබේ. එ.ජා.ප. යෙන් චතුර ගලප්පත්ති මහතා නවක මන්ත්‍රීවරයකු ලෙස තෙරී පත් වී ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් රංජිත් මුණසිංහ මහතා නවක මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වී තිබේ.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයෙන් සන්ධානයේ නවක මන්ත්‍රීවරු ලෙස තේරීපත් වී ඇත්තේ දකුණු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ එම්. කේ. රංජිත් (චන්ඩි මල්ලී) මහතාගේ පුත් එම්. කේ. කසුන් හා සුජිත් මුතුකුමාරණ, සිරිල් සමන් කුමාර යන මහත්වරුන්ය.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එ.ජා.ප.) දිලිප් වෙදආරච්චි මහතාගේ සහෝදරයකු වන නිහාල් වෙදආරච්චි හා ටී. වී. කේ. ගාමිණී යන මහත්වරු එ.ජා.ප. යෙන් නවක මන්ත්‍රීවරු ලෙස තේරී පත් වී ඇත.

සන්ධානයේ බලවතුන්ගේ මනාප මංකොල්ලය

2014 පළාත් සභා ප්‍රතිපලය නිකුත් වී දැනට පැය 48ක් පමණ ඉක්ම ගොස්ය.කෙනෙක් ජයග්‍රහණය කර ඇත .තවකෙක් පරාජයට ඇත.ඒ දේශපාලන පක්ෂ ප්‍රතිපලයයි.එම දේශපාලන පක්ෂ වල අපේක්ෂකයන්ගේ මනාප ප්‍රතිපලය නිකුත් වී නම් 48 ක් නම් ගත වී නොමෙත.දැන් සියලු දෙනාටම නැතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහර අපේක්ෂකයන්ට තිබෙන ප්‍රශනය නම් මනාප ගණන් කරනු ලබන ස්ථානයේ තිබු මනාප සංඛාව අවසාන ප්‍රතිපලයේදී නොමැති වීමයි.හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතාගේ හා  අම්බලන්ගොඩ නගර සභාවේ නගරාධිපති අරුණ මනිමේල්වඩු මහතාගේ මනාප සම්බන්ධව ගැටළුවක් මතු වී තිබේ.ගියවර නිශාන්ත මුතු හෙට්ටිගම මහතා හා මනාප සම්බන්ධව අමනාප වූ කෙනකු හා මහත් ආන්දෝලනයකට ලක් වූ ශ්‍රී .ලං.නි.ප ආසන සංවිධායක කෙනකුගේ නම්  මේ සදහා එකතු ඇති බව පට වාර්තා වී තිබේ.මේ පිළිබධව අප අම්බලන්ගොඩ නගරාධිපතිවරයාගෙන් විමසීමට උත්සහ කල අවස්ථාවේ එතුමාගේ ජංගම දුරකතනයට පිළිතුරු දුන් පුද්ගලයා ප්‍රකාශ කර සිටියේ ''නඩුත් හමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගේ නම් වෙන මොන කතා ද''' කියාය.මාතර දිස්ත්‍රික්කයේද මෙම සිදුවීම සිදු වී තිබේ. මාතර දිස්ත්‍රික්කයේ රණවිරු අපේක්ෂක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ජයන්ත කොඩිතුවක්කු මහතාගේ ,හිටපු දකුණු පළාත සභා මන්ත්‍රී බන්දු රණවක මහතාගේ,හා දෙවිනුවර  අසන සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නිලංග හෙන්දවිතාරණ මහතාගේ මනාප සම්බන්ධව විශාල ගැටළුවක් මතුවී තිබේ .මේ පිළිබඳව චෝදනා එල්ල වන්නේ ඇමතිවරුන් දෙපලකට හා වෙනත් දිස්ත්‍රික්කයක ඉහල පුටුවක සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුටය.ඔවුන් එම ඥාතිවරයා හා ලේකම් වරයා දිනවීමට මෙම අනිසි කටයුත්ත සිදුකර ඇති බව ආරංචි වන අතර,අනෙක් ඇමති වරයා බලයෙන් උන්මාද වී සිටින හෙයින් දිස්ත්‍රික්කයේ පළමු තැන ලබා ගැනීමට මෙය සුදු කල බව වාර්තා වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම අසාධාරණයට ලක් වූ සන්ධාන අපේක්ෂකයන් වුයේ හිටපු මන්ත්‍රීවරුන් වන අජිත් රාජපක්ෂ ,සිරිපාල ජයවීර ,එස්.වී.පි ආනන්ද.,ගුණසෝම වික්‍රමසිංහ ,මදුලාල් වීරසිංහ යන අයගේ මනාප ,සන්ධානයේ ප්‍රබලයන් දෙදෙනෙකුට එකතු කර ඇති බවද අපට වාර්තා වී ඇත. මේ සියලුම තොරතුරු වලින් අපට ගම්‍ය වන්නේ චන්ද ගණන් කිරීම හෝ මනාප ගණන් කිරීමේදී ගැටළුවක් මතු නොවුනද ,එම මනාප අපේක්ෂකයනට එකතු කිරීමේදී ගැටළු ඇති වී තිබෙන බවය.මෙහිදී අප නම් සදහන් කිරීමට අකමැති එක අපේක්ෂකයකු අදහස් දැක්වුයේ මෙම අඩුපාඩුව පෙන්වා දීමට උත්සහ කල අවස්ථවේ එම නිලධාරීන් ප්‍රකාශ කලේ '''කම්පියුටර් එකේ තියෙන ඒවා තමයි දෙන්නේ  '''කියාය.මේ තත්වයේ සැබැව කුමක්ද?ඉදිරිදී එයද හෙළි කරන්නෙමු  

Wednesday 26 March 2014

සරත් යාපා අබේවර්ධන මාතරින් මනාප 50000 ක් ලබා පලවෙනි තැනට..

2014  පළාත් සභා මැතිවරණයේ දකුණු පළාතේ අහබු ලෙස තොර ගත දිස්ත්‍රික්කයක සමීක්ෂණය කිරීමට අප ආයතනය තීරණය කළහ.එම අහබු ලෙස තොර ගත් දිස්ත්‍රික්කය වුයේ  මාතර දිස්ත්‍රික්කයයි.එම දිස්ත්‍රික්කයේ 2014 පළාත් සභා මැතිවරණයේ අවසන් ප්‍රතිපලයට සමාන වන ප්‍රතිපලයන් අප මිට පෙර දෙවතාවක් ඉදිරිපත් කරන ලදී.මෙම වතාවේදී ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශ 16 ආවරණය කරමින් එහි ග්‍රාම නිලධාරි වසම් 689 ක් තුල 1400 පමණ පිරිසක් යොදවා 2014 මාර්තු මස 26 වන දින සවස 5.00 වන විට අපට ලැබී තිබු ප්‍රතිපලය පහත දැක්වේ.මෙම ප්‍රතිපලය 2014 මාර්තු 29 දින ප්‍රතිපලය හා බෙහෙවින් සමාන කම් කීමට ඉඅද හසර ඇති බව නම් සැබෑය.
                                                                  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ස්ථානය කිසිසේත්ම මුල වට වල පටන්ම වෙනස් නොවී පැවතුන අතර මෙහි පළමු ස්ථානයට පත් වී තිබෙනුයේ මහින්ද යාපා අබේවර්දන කැබිනට් ඇමතිවරයාගේ සොහොයුරා වන සරත් යප අබේවර්ධන මහතාය.දෙවන ස්ථානය හිටපු පළාත් ඇමති චන්දිම රාසපුත්‍ර මහතාය.කැබිනට් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසද යාපා  3 වන ස්ථානයද,පිලිවෙලින් 4,5,6,7,වීරසුමන වීරසිංහ ,බින්දු වීරසිංහ ,කාංචන විජේසේකර,මනෝජ් සිරිසේන යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු පත් වී තිබෙන අතර 8වැනි ස්ථානය සරත් ද අල්විස් මහතාද ,9 ස්ථනය අරුණ ගුණරත්න පත් වි තිබේ.පිලිවෙලින් 10,11,12,13,14,,15 පුෂ්පකුමාර බැට්ටගේ ,ජයන්ත කොඩිතුවක්කු, අනර්කලී ආකාර්ෂා මෙනවිය,නිලංග හෙන්දවිතාරණ,එච්.ඒ.පියසේන,අනිල් වීරමන් යන මහත්වරුන් පත් වි ඇත.මෙහි විශේෂ සිදුවීම වන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජයන්ත කොඩිතුවක්කු ,නිලංග හෙන්දවිතාරණ,එච්.ඒ.පියසේන යන මහත්වරුන් පරාජය වීමත් ගියවර පාර්ලිමේන්තු මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ පළමු තැන ලබා ගත් නි.අමාත්‍ය සනත් ජයසුරිය මහතාගේ නියෝජිතයා වූ රාජ් චන්ද්‍රලාල් මහතා පරාජය වීමත්ය.

01.සරත් යාපා අබේවර්ධන     45000-47000
02.චන්දිම රාසපුත්‍ර                  42000-45000
03.පසඳ යාපා                        38000-40000
04.වීරසුමන වීරසිංහ               35000-36000
05.බින්දු වීරසිංහ                    35000-36000
06.කාංචන විජේසේකර          34000-35000
07.මනෝජ් සිරිසේන             34000-35000
08.සරත් ද අල්විස්                  32000-33000
09.අරුණ ගුණරත්න               32000-33000
10.පුෂ්පකුමාර බැට්ටගේ         30000-32000
11.ජයන්ත කොදිතුවක්කු       30000-32000
12.අනාර්කලී ආකාර්ෂා           29000-30000
13.නිලංග හෙන්දාවිතාරණ     29000-30000
14.එච්.ඒ පියසේන                 26000-28000
15.අනිල් වීරමන්                   25000-26000

මාතර දිස්ත්‍රික් අන්තිම ප්‍රතිපලය එළියට

2014  පළාත් සභා මැතිවරණයේ දකුණු පළාතේ අහබු ලෙස තොර ගත දිස්ත්‍රික්කයක සමීක්ෂණය කිරීමට අප ආයතනය තීරණය කළහ.එම අහබු ලෙස තොර ගත් දිස්ත්‍රික්කය වුයේ  මාතර දිස්ත්‍රික්කයයි.එම දිස්ත්‍රික්කයේ 2014 පළාත් සභා මැතිවරණයේ අවසන් ප්‍රතිපලයට සමාන වන ප්‍රතිපලයන් අප මිට පෙර දෙවතාවක් ඉදිරිපත් කරන ලදී.මෙම වතාවේදී ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශ 16 ආවරණය කරමින් එහි ග්‍රාම නිලධාරි වසම් 689 ක් තුල 1400 පමණ පිරිසක් යොදවා 2014 මාර්තු මස 26 වන දින සවස 5.00 වන විට අපට ලැබී තිබු ප්‍රතිපලය පහත දැක්වේ.මෙම ප්‍රතිපලය 2014 මාර්තු 29 දින ප්‍රතිපලය හා බෙහෙවින් සමාන කම් කීමට ඉඅද හසර ඇති බව නම් සැබෑය.

එක්සත් ජනතා නිදහස් නිදහස් සන්ධානය    9   (51.90%)
එක්සත් ජාතික පක්ෂය                                5   (35.69%)
ජනතා විමුක්ති පෙරමුණ                             1   (6.78%)
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය                                 1    (5.63%)

වශයෙනි.

Tuesday 25 March 2014

සුමිතිපාල මානවඩු මරණය අභිරහස් ඝාතනයක්ද ?

මස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුමතිපාල මානවඩු මහතා ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී අද (25) රාත්‍රියේ 8. 20ට පමණ සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණේ 7වන ජාතික මහා සමුළුවේදී එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වූ අතර බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජවිපෙ අපේක්ෂකයෙකුද වේ.

මේ වනවිට ඔහුගේ මෘත ශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කර ඇති බවත් අනතුර සිදුවූ ටිපර් රථය පළා ගිය බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලැබුණු බවත් පොලීසිය සඳහන් කරයි.

Friday 21 March 2014

අතුරුදහන් වූ යානය පැසිපික් සයුර පතුලටම...

පසුගිය 8 වැනිදා මගීන් 239 ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් එම්.එච්. 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන්  රාමචන්ද්‍ර ගුරුජී විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ කරුණු  පෙන්වා දී ඇත.ඔහු මතකයන් තුළට  යාමට හැකි  ප්‍රවීනයෙකු ලෙස සැලකේ .
ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි.
යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවාය . යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුළට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලබයි.

පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාළ ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී ඇත. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුළට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී ඇත.

මැලේසියා ගුවන් යානය පැහැර ගෙන ගත් පසු සිදු දේ.......

මැලේසිය ගුවන් යානයේ මගින් සියල්ල මිය යයි...

සුදේෂ් කරුණාතිලක  - බහරේන්

Wednesday 19 March 2014

මර්වින් සිල්වා ඇමැතිකමට සමුදෙයි ද

කැලණිය ප‍්‍රා.සභා මන්ත‍්‍රී ලංකා විජිත කුමාර මහකා විසින් ඇමති මර්වින්ට කොන්දක් තියනවා නම් බාර ගන්නා ලෙස අභියෝගයක් කරයි.

ඔහු කියා සිටින්නේ පළාත් සභා මැතිවරණයට ඔහු ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට වඩා කැලණිය ප‍්‍රාදේශීය සභාවෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා මනාප ගත්තොත් ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි.

මනාප ඡුන්ද 1,23,000ක් ලබාගත් කැලණියේ සංවිධායක තමා යැයි පවසන තමන් ඇමතිවරයෙකු යැයි පුරසාරම් දොඩවන මර්වින් සිල්වා ඉදිරිපත් කරන මහ ඇමති අපේක්ෂකයාට වඩා කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රමුඛ මන්ත‍්‍රීවරු ඉදිරිපත් කරන මහ ඇමති අපේක්ෂකයා අඩු මනාප ප‍්‍රමාණයක් ලබා ගතහොත් කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත‍්‍රීවරු ඉල්ලා අස්වන බවද ඔහු කියයි.

එසේම මර්වින් සිල්වාගේ අපේක්ෂකයා කැලණියෙන් අඩු මනාප ලබා ගතහොත් විළි ලැජ්ජා ඇතිව ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඇමති මර්වින් කොන්ද පණ ඇති පුද්ගලයකු නම් මෙම අභියෝගය භාර ගතයුතු බවත් කුමාර මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Tuesday 18 March 2014

මාතර සංධාන සටන තියුණු වේ...සරත්,රාසපුත්‍ර,පසද පෙරමුණේ

''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය''  2014 පළාත් සභා මැතිවරණයේ අහබු ලෙස එක් දිස්ත්‍රික්කයක් තොර ගනිමින් කරන ලද සමීක්ෂණයක තොරතුරු හි දෙවන අදියරද එලි දක්වා තිබේ.එහි
අහබු ලෙස තෝරා ගෙන තිබු  දිස්තික්කය වී තිබුනේ මාතර දිස්ත්‍රික්කයයි.
මාතර දිස්තික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් අතර විශාල තරගයක් පෙන්නුම්

එහිදී පලමු අදියරේ සමීක්ෂණයේදී ජයග්‍රහණය කරතෙයි බලාපොරොත්තු වුනු අපේක්ෂකයෝ බොහොමයක් සංධාන ලැයිස්තුවේ පසු පසට ඇද වැටි තිබේ.හිටපු ඇමති මහින්ද විජේසේකර මහතාගේ පුත් කාංචන විජේසේකර හා හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න මහතා සංධාන ලයෝස්තුවේ ඉහලට පැමිණ තිබේ.සරත් ද අල්විස් ,මනෝජ් සිරිසේන ,නිලංග හෙන්දවිතාරණ සන්ධාන ලයිස්තුවේ පසුපසට පැමිණ තිබේ.කෙසේ වෙතත් සරත් යාපා මහතා තවමත් පළමු ස්ථානයේද පසද යාපා හා චන්දිම රාසපුත්‍ර 3 හා 2 ස්ථාන වලද වෙරසුමන වීරසිංහ හා බින්දු වීරසිංහ පිළිවලින් 5 හා 6 ස්ථාන වලද රැදී සිටියි.

01.සරත් යාපා                          42000- 47000
02.චන්දිමා රාසපුත්‍ර                  38000-42000
03.පසද යාපා                           36000-38000
04.වීරසුමන වීරසිංහ                35000-38000
05.බින්දු වීරසිංහ                      35000-37000
06.සරත් ද අල්විස්                    35000-36000
07.මනෝජ් සිරිසේන               31000-33000
08.කාංචන විජේසේකර           29000-30000
09.ජයන්ත කොදිතුවක්තු        29000 -30000
10.අරුණ ගුණරත්න                 29000-30000
11.නිලංග හෙන්දවිතාරණ       26000-28000
12.පුෂ්පකුමාර බැට්ටගේ         26000-28000
13.අනර්කලී ආකාර්ෂා              26000-28000
14.එච්.ඒ පියසේන                   26000-28000

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පා.මන්ත්‍රී මාතරින් පෙරමුණට

''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය''  2014 පළාත් සභා මැතිවරණයේ අහබු ලෙස එක් දිස්ත්‍රික්කයක් තොර ගනිමින් කරන ලද සමීක්ෂණයක තොරතුරු හි දෙවන අදියරද එලි දක්වා තිබේ.එහි
අහබු ලෙස තෝරා ගෙන තිබු  දිස්තික්කය වී තිබුනේ මාතර දිස්ත්‍රික්කයයි.
මාතර දිස්තික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් අතර විශාල තරගයක් පෙන්නුම්

එහිදී පලමු අදියරේ සමීක්ෂණයේදී ජයග්‍රහණය කරතෙයි බලාපොරොත්තු වුනු අපේක්ෂකයෝ බොහොමයක් සංධාන ලැයිස්තුවේ පසු පසට ඇද වැටි තිබේ. ගියවර සමික්ෂන්යේදී 2 වන ස්ථානයේ පසු වූ එච්.ආර් .විමලසිරි මහතා පළමු ස්ථානයටද ,පිළිවලින් 2.3.4.5.6 සිරි  විජයවික්‍රම,කපිල වෙල්ලප්පිලි ,උපුල් නිශාන්ත ,ගයන් සංජිව, චතුර ගලප්පත්තිද ලබා ගෙන ඇත.මෙහිදී පළමු සමීක්ෂණයේදී එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ ඉහල සිටි උපුල් නිශාන්ත,වින්දන නිශාන්ත.බි.ජි.ප්‍රියන්ත පසු පසට ඇද වැටි ඇති අතර ගයන් සංජිව චතුර ගලප්පත්ති,කපිල වෙල්ලප්පිලි,හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්.විමලසිරි ඒ.ජා.ප.ලයිස්තුවේ ඉහලට පැමිණ ඇත.
එකසත් ජාතික පක්ෂය

අපේක්ෂකයා           මනාප

01.එච්.ආර්.විමලසිරි   29000-30000                                                                                                                                                      02.සිරි විජයවික්‍රම        22000-24000                                                                                                03.කපිල වෙල්ලප්පිලි    20000-22000                                                                                       04.උපුල් නිශාන්ත         2000022000                                                                                              05.ගයන් සංජිව              20000-22000                                                                                                  06.චතුර ගලප්පත්ති      16000-18000                     
07.බි.ජි. ප්‍රියන්ත            16000-18000                                                                                                     08.වින්දන නිශාන්ත               16000-18000                                                                                          09.කපිල ගමගේ                      16000-18000                                                                                        10.ලයනල් කොඩිකාර            8000-10000