Tuesday 29 April 2014

සේදර සෙනරත් මුදල් වංචාවක...

කොළඹ බංගසාල වීදීයේ ඕෂන් මැරයින් සර්විසස් සමාගමට රුපියල් දෙකෝටියක් වංචා කළැයි කියන වරාය අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සංජය සේදර සෙනරත්ට සිතාසි භාර දීම සඳහා පිස්කල් නිලධරයින්ට ඔහු පෙන්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සී. ඒ. ජී. ලියනගේ මහතා පැමිණිලිකරුට නියම කළේය.
මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ වග උත්තරකරුට සිතාසි භාර දීමට පිස්කල් නිලධරයින් අසමත්වී ඇති බව ප්‍රකාශ කිරීම නිසාය.

මෙම පුද්ගලයා තමාට පෙන්වා දිය හැකි බැවින් පිස්කල් නිලධරයින්ට ඔහු පෙන්වා දීමට අවසර දෙන ලෙස පැමිණිලිකරු මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලා සිටියේය.

නැව් සංස්ථාවෙන් කුලියට ගන්නා නැවක ආයෝජනය කිරීම සදහා ඉහත විත්තිකරු එම සමාගමෙන් රුපියල් දෙකෝටියක් වංචා කැර ඇතැයි ද උසාවියේදී කියැවිණි.

සංජය සේදර සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතාගේ ඥාති සොයුරෙකි.

Friday 25 April 2014

ඕනේම නං උදව්වක් ඕන කෙනෙක් දැකපු වෙලාවක එයාට උදව් කරලා මාව මතක් කරන්න....ඒ හොඳටම ඇති

එය අධික ශීතලෙන් යුත් සන්ධ්‍යා සමයකි. පාළු පාරක ගමන් කර මින් තිබූ මාග්‍රට් මහත්මියගේ මෝටර් රථය, යාන්ත්‍රික දෝෂය කට ලක්ව අතරමග නතර විය.

ක්‍රම ක්‍රමයෙන් අඳුර ගලා එයි. තව මොහොතකින් හිම පතනයද ඇරඹෙනු ඇත. බියට පත් මාග්‍රට් මහත්මිය වටපිට බැලුවේ, රථයේ දෝෂයට පිළියමක් කළ හැකි කිසිවෙකු මහමග එනු ඇත්දැයි දැන ගනු පිණිසය. එහෙත්, එය නිවාස ආදියෙන් තොර වනගත පෙදෙසක් වූ බැවින් කිසිවෙකු දක්නට නොවීය.

මොහොතකට පසු, සිය වැඩපළ නිම වී පාපැදියක නැගී නිවස බලා යමින් සිටි කම්කරුවෙක් රථය අසලට ළඟාවෙද්දී සිදුව ඇති දෙය තේරුම් ගෙන එහි මදකට නතර වූයේය. ඔහු දුටු මාග්‍රට් මහත්මිය වහාම රථයෙන් බසින්නට සූදානම් වූවාය.

එහෙත් කම්කරුවා සිනාසී ඇය ඉන් වැළකුවේය.

‘ එළියෙ බොහොම සීතලයි. නෝනා කාර් එක ඇතුළට වෙලා ඉන්න. මං බලන්නං ඇන්ජිමට මොකද වෙලා තියෙන්නෙ කියලා. පැය භාගයකට පමණ පසුව රථය යළි පණ ගැන්විය හැකි විය. වෙහෙසට පත්ව සිටි

කම්කරුවා තම දෑතෙහි වැකි කුණු රෙදි කඩකින් පිසදාගෙන ආපසු යාමට සැරසුණි.

කම්කරුවාට බෙහෝ ස්තුති කළ මාග්‍රට් මහත්මිය, ඔහු කළ උපකාරය වෙනුවෙන් කිසියම් මුදලක් ගෙවීමට සූදානම් විය. එහෙත්, කම්කරුවා එකහෙළාම එය ප්‍රතික්ෂේප කළේය. “අ‍පොයි නෝනා මට සල්ලි එපා. මං බොහොම ‍පොඩි උදව්වක්නෙ කෙරුවෙ.”

“අ‍පොයි එහෙම හොඳ නෑනෙ. වෙලාවේ හැටියට මට විශාල උදව්වක්නෙ කෙරුවෙ. මේක ‍පොඩි තෑග්ගක් හැටියට බාර ගන්න. “එපා නෝනා, මට ස්තුතිවන්ත වෙන්න ඕනේම නං උදව්වක් ඕන කෙනෙක් දැකපු වෙලාවක එයාට උදව් කරලා  මාව මතක් කරන්න. ඒ හොඳටම ඇති.”
කම්කරුවා සිනාසී පිටව ගියේය.

ගමනින් හරි අඩකට වඩා පසු කළ මාග්‍රට් මහත්මියට කුසගින්නක් දැනුණි. මග අසල වූ කුඩා කෝපි හලක් දුටු ඇය ඒ ඉදිරිපස රථය නතර කළාය. වෙහෙසට පත්ව සිටි මාග්‍රට් මහත්මිය දුටු කෝපිහ‍ලේ සේවිකාව වහා ඉදිරියට පැමිණ  ඇය සාදරයෙන් පිළිගෙන අවශ්‍ය ආහාර පාන පිළියෙළ කළාය.

එම සේවිකාව, දරු ප්‍රසුතියක් ආසන්නයේ සිටින බව දුටු මාග්‍රට් මහත්මිය තරමක් පුදුමයටත් කනස්සල්ලටත් පත් වුයේ එබඳු කෙනෙකු මෙතරම් රෑ බෝවන තුරු තනිපංගලමේ වැඩෙහි නිරතව සිටීම නුසුදුසු බැවිනි. 

නිසැකවම ඇය, වැඩිපුර මුදලක් සොයාගැනීමට වෙහෙසෙනවා විය යුතුය. බිල රැගෙන ආපසු ඒ මත ඩොලර් සියයේ නෝට්ටුවක් තැබූ මාග්‍රට්, සේවිකාව ඉතිරි සල්ලි රැගෙන ඒමට පෙර රථයට නැගී පිටව ගියාය.
ආපසු පැමිණි සේවිකාව පුදුමයෙන් වටපිට බැලුවාය. මේසය මත ඇති කඩදාසි අත්පිස්නාවෙහි යමක් ලියා තිබෙනු දුටු ඇය, වහාම එය අතට ගෙන බැලුවාය.

එහි මෙසේ ලියා තිබුණි.

“දියණිය, ඔබ මා ඉතා උණුසුමින් පිළිගෙන හොඳින් සංග්‍රහ කළා. ඔබ අද හෙටම මවක වීමට සිටින හෙයින් මගේ මේ සුළු තිළිණය පිළිගන්න. එය ඔබට සහනයක් වේ යැයි මා සිතනවා. එසේම උපකාරයක් ඇවැසි කෙනෙක් දුටු විට ඔහුට හෝ ඇයට උපකාර කරන්න. ඔබට, මට පෙරළා කළගුණ දැක්විය හැකි ආකාරයද එයමය.

එම කඩදාසි අත්පිස්නාව තුළ තවත් ඩොලර් සියයයේ නෝට්ටුවක් ද විය.
සේවාව නිම වී ආපසු නිවසට ගිය සේවිකාව සිය සැමියා එන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියේ එදා සවස ළඟා වූ මේ වාසනාව පිළිබඳව ඔහුට පැවැසීමටය. දරු ප්‍රසුතිය සඳහා අවශ්‍ය මුදලින් හරි අඩකටත් වඩා දැන්  ඔවුන් සතුය. රෑ බෝවන තුරු වෙහෙසී වැඩ කිරීම තවදුරටත් අවශ්‍ය නැත.

සැමියා එන හඬ ඇසුණු සේවිකාව ඉක්මන් පිය තබමින් දොර වෙත ගියාය. ඉන් ගෙතුළට පිවිසියේ අන් කවරෙකුවත් නොව, මාග්‍රට්ගේ රථය හදා දුන් ඒ කම්කරුවාමය.

බොරු සාස්තරයක් නිසා මගේ කුරුළු කූඩුව විනාශ වුණා.. චමිලා කුමාරි

මගේ සැමියා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කියලා මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා.ඊට පස්සේ මට ගෙදරදී නිතර ගහන්න බණින්න කරදර කරන්න පටන් ගත් බව මාතර මහනාම පාලමින් ඊයේ (24) දහවල් ගඟට ඇද දැමූ දරුවන් දෙදෙනාගේ මව වන චමිලා කුමාරි (32) පැවැසුවාය.
අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දරුවාට අවුරුදු 11යි. හත් වැනි ශ්‍රේණියේ දරුවා ඉගෙන ගන්නවා. දෙවැනි දියණිය චතුරිකා දිනේෂි (04) පෙර පාසලකට යනවා. කුඩා දරුවාට වයස් අවුරුදු දෙකයි. විහන්සි සචින්දි (02) ගෙදර ඉන්නේ.
මගේ සැමියා දික්වැල්ල නගරයේ සැලුන් එකක වැඩ කළේ. ඔහු මත්පැන් පානයට ඇබ්බැහි වූවෙක්. නිතර මත්පැන් පානය කර ගෙදර රණ්ඩු වෙනවා. මේ අතරේ ඔහු කිව්වා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කිව්වලු මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මම මොන තරම් කිව්වත් නැතැයි කියලා ඔහු පිළිගත්තේ නැහැ. මට නිතර ගහන්න බනින්න කරදර කරන්න පටන් ගත්තා.
පසුගිය දවසක මට හොඳටම අල්ලාගෙන ගැහුවා. මම දික්වැල්ල ‍පොලීසියේ ඒ ගැන පැමිණිල්ලක් දැම්මා. අද (24) එය විභාග කරන්න තිබුණේ. උදේ ‍පොලීසියට යන්න ඔහු සූදානමින් හිටියේ. නංගිට කෝල් එකක් දීලා උදේ කිව්වා ‍පොඩි දරුවෝ දෙන්නා ගෙනැත් නවත්වන්නම් කියලා. ඒ ගමන ඔහු දරු දෙන්නාත් ලෑස්ති කරගෙන ගෙදරින් උදේ 9.00ට විතර ගියා. දවල් වෙන කොට මට ‍පොලීසියේ නිලධාරීන් කිහිපදෙනෙක් ඇවිත් කිව්වා දරු දෙදෙනාට මෙවැනි සිද්ධියක් වෙලාය කියලා. යනුවෙනි.
මෙම දරුවන්ගේ පියා මේ වන විට අතුරුදන්ව ඇති බව ‍පොලීසිය පවසයි. ඔහු චන්දන සමන් (40)ය. ඔහු කරණවෑමියෙකි. රත්ම‍ලේ, නෙළුම්ගම සිරියිවල්ගම අංක 39 දරන නිවසේ ඔවුන් පදිංචිව සිට ඇත.
මෙම දරුවන් බේරා ගැනීමට නිල්වලා ගඟට පැනීමෙන් මාතර යුද හමුදාවේ ගැමුණු හේවා කඳවුරේ සෙබළ ජගත් පියසේන හා මධුසංක මහත් කැපවීමක් කොට ඇත. මිනීමරු කිඹුලන් ගහණ මෙම ස්ථානය ඉතාම අනාරක්ෂිත ස්ථානයක් වේ. මෙම දරුවන් බේරා ගැනීමට ගඟට පනින ලද සෙබළ අරුමාහන්දි ජගත් පියසේන ද සිල්වා මෙසේ පවසයි.
අපි නිල්වලා ගඟේ මහනාම පාලම යට බිම් කොටසේ හිටියේ. එකවරම අපි දැක්කා ළමයින් දෙදෙනකු ගඟට වැටෙනවා. අපි ඒ මොහොතේම ගඟට පැනලා දරුවන් දෙදෙනා බේරා ගත්තා. මෙතන මිනීමරු කිඹුලන් නිතරම ඉන්නවා අපි  දකිනවා.
නමුත් මේ දරුවන් දෙදෙනා එතැනට වැටෙන කොට අපිට බලා ඉන්න බැරි වුණා. තව ටිකක් ප්‍රමාද වුණා නම් දරුවන් බේරා ගන්න බැරි වෙනවා යනුවෙනි.
දරුවන්ගේ පියා වන චන්දන සමන් (40) යන අය ඊයේ (24) සවස් වන තුරුම ‍පොලීසියට අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබුණි. ඔහු ගඟට පැන ඇද්ද යන්න පිළිබඳවද ඇතැම් අය පවසන අතර ‍පොලීසිය ඒ පිළිබඳවදපරීක්ෂණ මෙහෙයවති.
මාතර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ  උපදෙස් මත මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ‍පො.ප. වරුණි බෝගහවත්ත, ‍පො/සැ. සුමතිපාල, යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
පසන් රාමවික්‍රම, මාතර

නාථ දෙවියෝ බලන රට...........

දෙව්ලොව ගත් කල විවිධ විවිධ වූ දිව්‍ය මණ්ඩලයන් ඇත. ඒ ඒ අවස්තාවන් හි එක්ව පින් කල සත්පුරුෂයෝ බොහෝ විට එක්වම උපදී. එසේ උපන් කල්හි ඔවුනොවුන් වෙන වෙනම විමාන වල වාසය කලේද එකම දිව්ය මණ්ඩලයක් වේ. එසේ වූ දිව්‍ය මණ්ඩල අතර සම්‍යක්දෘෂ්ටික දෙව් මණ්ඩල වෙනමද මිත්‍යාදෘෂ්ටික දෙව් මණ්ඩල වෙනමද වාසය කරයි.
එහි සම්‍යක්දෘෂ්ටික දෙව් මණ්ඩල අතර ප‍්‍රධාන තැන ගනු ලබන්නේ නාථ දෙව් මණ්ඩලයයි. ඒ උන් වහන්සේ මතු බුදුවීමට සිටින පාරමිතා සම්පූර්ණ කල උතුමන් වීමයි. එනම් උන්වහන්සේට වඩා අධ්‍යාත්මික අතින් බලවත් අන් ප‍්‍රබල දෙවියකු නැත.
මෙසේ වූ දෙව්මණ්ඩල අතරේ මිත්‍යාදෘෂ්ටික දෙවියන් මාර දිව්ය පුත‍්‍රයාට පාක්ෂික වෙයි. ඔවුන් ඒ වසවත් මරුගේ සහය ගෙන බුදු දහම වැනසීමට නොයෙක් ක‍්‍රමෝපායන් යොදයි. අධිපතීන් අතර මාරයා හා සමාන අධිපතියකු නොමැති බැවින් ඔහුගේ පක්ෂය වූ අධර්මය, කාල විපත් වලදී අතිශය ප‍්‍රබල වේ. එකල්හි ධර්මය යට යයි. එසේම මිත්‍යාදෘෂ්ටික වූ සියල්ලෝම ඔහුගේ වසඟයේ සිටියි. බෞද්ධ වුවද පලයකට පත් නොවන තාක් ඔහුගේ වසඟය පවතී.
වත්මනෙහිදී ඔහු ඔහුගේ බලය යොදා බුදු දහම වැනසීමට සියලු ප‍්‍රයත්න යොදා ඇත. ලොව සියලු රටවල් පාහේ ලංකාවට සතුරුකම් කරන්නේ ඒ බලපෑමට යටත්වය. (අභ්‍යන්තර යතාර්ථය එයයි.) එහිදී නාථ දෙවියන් ප‍්‍රධාන සම්‍යක්දෘෂ්ටික දිව්‍යමණ්ඩලය බුදු දහම රැකගැනීමට කල යුතු කටයුතු සිදුකරමින් සිටී. එසේ වුවද බුදු දහම රැකීම දෙවියන්ට සෘජුව කල නොහැකි බැවින් එයට යම් කාලයක් ගත වන්නේ වෙයි. එහිදී වගකීම් භාරගෙන මනුලොවට පැමිණ සිටින පිරිසක් සිටින අතර ඔවුන් ක‍්‍රමයෙන් අධ්‍යාත්මික ශක්තිමත් වෙමින් තමා බාරගත් කටයුතු සිදු කරයි.
එසේ කටයුතු කරන අතර ඔවුන්ට සහය පල කිරීමට වෙනම පිරිසක් දෙව්ලොව සිටී. (ඔවුන් සම්බන්ධීකරණ ලේකම්වරු ලෙස හැඳින්විය හැක.) ඔවුන් කාලෙන් කාලෙට කල යුත්ත නොකළ යුත්ත දක්වමින් සහය වෙයි. එසේ කටයුතු කලේද ඔවුන්ට කල හැක්කේ සීමා සහිත වැඩ කොටසකි. ඒ ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්ති ප‍්‍රමාණය මතයි. එසේ විවිධ අංශ තුලින් ඔවුන් ඉදිරියට පැමිණේ.
අවසාන වශයෙන් ස්ථාවර විසඳුම සදහා ඒ සියල්ලෝම එකට එක්විය යුතුය. එය ඔවුන්ට සුදුසු කල්හිදී වැටහෙනු ඇත. එසේ සියලු ධර්මානුකූල පාර්ශවයන් එකට එක් වූ විට බිඳිය නොහැකි අධ්‍යාත්මික බලයක් ගොඩ නැගෙන්නේය. එය හරහා වත්මනෙහි ලොව ඇති අධර්මයට එදිරිව ධර්මය පැමිණීම සිදුවනු නියතය. එය දන්නෝ දනිති. ඒ දන්නෝ කල යුත්තේ නිහඬව තම අධ්‍යාත්මය දියුණු කිරීම පමණි.
- වැල්ලවායේ සුමනබෝධි හිමි

Thursday 24 April 2014

ආණ්ඩුව විසුරු වයිද ? ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වෙයි...

දෙස් විදෙස් කැසිනෝ රජුන්ට බදු සහන සහිත සුර විමන සදන මරාණ්ඩුවේ නීති ජනතාවට කොලේ වසා විපක්ෂය ගෙනා සංශෝධනයන්ගෙන් තොරව ආණ්ඩුවේ සාමාජික පක්ෂයන්ගේද දැඩි විරෝධය මධ්‍යයේ රාජපක්ෂලා විසින් අද සම්මත කර ගත්හ.
ආණ්ඩුවට පක්ෂව ඡන්ද 113 ක්ද විරුද්ධව 42 ක්ද ලැබුනු නමුත් ආණ්ඩුවේ 68 ක් ඡන්දය දීමට නොපැමිණි අතර එය වාර්තා සහගත ගණනක් විය.
ආණ්ඩුවේ සහායක පක්ෂ වන මුස්ලිම් කොන්ග්‍රසය ඡන්දය දීමට හෝ විවාදයට පවා නොපැමිණි අතර අතාවුල්ලා පිලද ඇමැති බද්යුදීන්ද වර්ජනයට එක්ව සිටියහ. ශ=ද්ධ වූ කුරානයේ සූදුව තහනම් කර තිබියදී අස්වර්, ෆවුසි ෆයිසර් මුස්තාපා වැනි මුස්ලිම් ජාතික මන්ත්‍රීහු මරාගම අනුව යමින් සූදුවට පක්ෂව ඡන්දය දුන්හ. ජාතික හෙළ උරුමයේ චම්පික රණවක ඡන්දයට නොපැමිණි අතර රතන හිමියෝ විරුද්ධව ඡන්දය දුන්නා පමණක් නොව විවාදයේදීද විරුද්ධව දැඩිව කතා කළහ. ජානිපෙ විමල් වීරවංශද වීරකුමාර ද ඡන්දය වර්ජනය කළ නමුත් ඔහුගේ පක්ෂයේ අචල ජාගොඩ පක්ෂව ඡන්දය දුන්නේ ය. ඡන්දය වර්ජනය කළ ආණ්ඩුවේ ප්‍රබලයන් අතර රාජිත සේනාරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත මහින්ද අමරවීර ආදී ප්‍රබලයන් රැසක් වූහ.  නාමල් රාජපක්ෂද ඡන්දය දීමට පැමිනියේ නැත. න
එජාපය දෙමළ සන්ධානය ජවිපෙය පෙරටුගාමීන් සහ ප්‍රජාත්නත්‍රවාදී පක්ෂය දේශපාලන පක්ෂ වශයෙන් විරුද්ධව ඡන්දය දුන්හ. මේ වන විට පාර්ලිමේන්තුවට පත් වූ ජවිපෙටත් නැති ෆොන්සේකාටත් නැති  ටිරාන් අලස්ද විරුද්ධව ඡන්දය දුන්නේ ය.

Wednesday 23 April 2014

මගින් 9500 සමග Wilhelm Gustloff නෞකාව මුහුදුබත් වෙයි..

මගීන් සහ භාණ්‌ඩ ප්‍රවාහනය යන කාරණයේදී වඩාත්ම ආරක්‍ෂාකාරී මාධ්‍යය ලෙස ජාත්‍යන්තර තලයේදී පිළිගනු ලබන්නේ ගුවන් යානයයි. දෙවන තැන නැව් සහ බෝට්‌ටුවලටත් තෙවන තැන ගොඩබිම ගමන් කරන වාහනවලටත් හිමිවේ. 

ප්‍රවාහන කටයුතුවලදී ඉතාම අඩුවෙන් අනතුරට ලක්‌වන්නේ ගුවන් යානාය. නැව් ගිලෙන්නේද කලාතුරකිනි. එහෙත් බස්‌ කාර් මෝටර් සයිකල් ඇතුළු ගොඩබිම් වාහන නිතර හැපෙයි, පෙරළෙයි. 

එහෙත් ගුවන් යානයක්‌ කඩා වැටුණ විට හෝ නැවක්‌ ගිලුණු විට ලැබෙන ප්‍රචාරය සහ හටගන්නා සන්ත්‍රාසය ඉතා විශාලය. මෙයට තෙදිනකට පෙර, එනම් අප්‍රේල් 16 වැනිදා කොරියන් අර්ධද්වීපයට නිරිත දිගින් කහ මුහුද සහ චීන මුහුද අතර මායිමේ පිහිටි Jindo දූපත් සමූහයට කි. මී. 20 ක්‌ ඈතින් ගිලීගිය කොරියන් මගී යාත්‍රාව සාමුද්‍රික අනතුරු ඉතිහාසය සමග සසඳන කල සුළු සිද්ධියකි.

එහෙත් කලාතුරකින් හටගන්නා අනතුරක්‌ වන නිසා එයට ලැබුණේ ලොකු ප්‍රසිද්ධියකි. මෙයට මාස එකහමාරකට පෙර අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානයද ගුවන් අනතුරු ඉතිහාසය සමග බලන කල
සුළු දෙයකි. එහෙත් ගුවන් යානයක්‌ කඩා වැටෙන්නේ ඉතා කලාතුරකින් නිසා එය මහ දෙයකි. 

දකුණු කොරියන් නෞකා අනතුරින් මියගිය සංඛ්‍යාව තවම හරියට සොයාගෙන නැතත් එම ප්‍රමාණය 300 ඉක්‌මවන්නේ නැත. එහෙත් 1945 ජනවාරි 30 වැනිදා ජර්මන් යුද අනාථයන් 9500 ක්‌ ප්‍රවාහනය කරමින් සිටි Wilhelm Gustloff නමැති නෞකාව සෝවියට්‌ රතු හමුදාව විසින් බෝල්ටික්‌ සාගරයේදී ගිල්වනු ලැබීමෙන් පෙර කී 9500 දෙනාම මියගියහ. 

පිලිපීනයට අයත් මගී නෞකාවක්‌ වූ MYDona paz 1987 දෙසැම්බර් 20 වැනිදා MT Vector නමැති තෙල් නැවක්‌ සමග ගැටුණේය. ඒ සමගම තෙල් නැව ගිනිගත් අතර Dona Paz නැවටද ගිනි ඇවිළිණ.

එහි සිටි මගීන් 4386 ක්‌ පිළිස්‌සීම සහ මුහුදු බත්වීම හේතුවෙන් මියගියහ. යුද්ධයකින් පරිබාහිරව වැඩිම පිරිසකට මරු කැඳවූ නාවික අනතුර ලෙස ඉතිහාසයෙහි සටහන්ව ඇත්තේ Dona Paz අනතුරය. මේ අනතුරු දෙක සමග සසඳන කල 1912 අප්‍රේල් 15 වැනිදා අත්ලාන්තික්‌ සයුරේදී ගිලී ගිය ටයිටැනික්‌ නෞකාව පවා එතරම් බරපතළ සිද්ධියක්‌ නොවේ. එයින් මළ ගණන 1500 ට වැඩි වන්නේ ස්‌වල්පයකි.

Tuesday 22 April 2014

සල්ලි ඉතුරු කරන ලේසිම ක්‍රම....

අද කවුරුත් කියන දෙයක් තමයි කොච්චර හම්බ කලත් වැඩක් නෑ , ඉතුරු වෙන්නේ නෑ කියල. බලන්න කෝ මේ ලිපිය ඔයාලටම තේරෙයි කොහොමද​ මෙහෙම වෙන්නේ කියල.
අනික තව දෙයක් මේ ලිපිය මගේ නිර්මාණයක් නෙමේ. මට මගේ මිතුරෙකුගෙන් ලැබුන email එකක්, අපි හැමෝටම වැදගත් නිසා තමයි දැම්මේ.

දිනපතාම භාණ්ඩ මිල ඉහළ යෑමත් සමගම ගෙදර වියදමත් ඉහළ යෑම ස්වභාවිකවම සිදුවන්නකි. එයින් සිදුවන්නේ අපට යම් මූදලක් ඉතිරි කිරීම අසීරු වීමයි. රජයකට බැණ වැදීම හැරෙන්නට වියදම් ඉහළ යෑමේදී අපිට කළ හැකි දෙයක් නොවේ යැයි අපි සිතන්නෙමූ. වියදම් ඉහළ යද්දී ඔබ මෙම සරල ක්‍රම තිහ අනූගමනය කළොත් වියදමට යම් සහනයක් ලැබිය හැකි මූදල් ඉතිරියක් කළ හැකි වේ.

1.
උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලු දේ කිරීමය.

2.
තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.

3.
දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. "සේල්" යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.

4.
මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.

5.
පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.

6.
කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.

7.
ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ. සාප්පූ සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්‍ය ලෙසින් මූදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය.

8.
සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටූප වැඩිම ස්ථානය තෝරාගන්න.

9.
ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මූදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.

10.
සැමවිටම මූදල් වියදම් කිරීමට පෙර සැලසූමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්‍යයනය කරන්න.

11.
අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය.

12.
මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලුත් ගිණූූමක් අරඹා එයින් නිකුත් කරන ්ඔඵ හෝ ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ.

තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.

13.
වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.

14.
මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.

15.
මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.

16.
මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.

17.
ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.

18.
තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිිරියකි.

19.
පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංගී්‍රසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.

20.
යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැබෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.

21.
කඩපිළට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලුතින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ.

22.
ගෘහනියක් ලෙසින් ඔබේ පාවිච්චියට මෝටර් රථයක් මිළදී ගන්නේ නම් ඒ සඳහා ඉන්ධන අඩූවෙන් වැය වන වාහනයක් තෝරාගන්න.

23.
වේගයෙන් රිය පැදවීම අනවශ්‍ය ලෙසින් තිරිංග තද කිරීම හා අනවශ්‍ය ගමන්බිමන් වලින් වළකින්න. සැලකිය යූතු මූදලක් ඉන් ඔබට ඉතිරි වේ.

24.
මෝටර් රියෙන් යම් ගමනක් යෑමට පෙර එය සැලසූම් කරන්න. ගමන් කළයූතු මාර්ගය එම ගමනේදී ඉටූ කළ හැකි දේ ඒ සඳහා ගත වන කාලය කල්තියා සැලසූම් කිරීමෙන් සියලු කටයූතු මඟ හැරීමකින් තොරව ඉටූ කර ගත හැකි වේ. එමගින් ඉන්ධන සඳහා වැය වන මූදල් ඉතිරි කර ගැනීමට හැකිවේ.

25.
මිළ අධික භාණ්ඩයක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳව දන්නා අයගෙන් විමසා බලන්න. එවිට ඉතා කදිම වර්ගයක් අඩූ මූදලකට ගැනීමට හැකි වේ.

26.
සූබ පැතුම් පත් මිළදී නොගෙන ඒවා නිවසේ සකස් කර ගන්න. දරුවන්ගේ ඇඳුම් සාරි ආදිය ද එසේ සකස් කර ගැනීමෙන් මූදල් ඉතිරිය සේම වැඩි අලංකාරයක්ද ලැබීමට හැකි වේ.

27.
විදුලි පරිභෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මූදල් ඉතිරි කර දෙන්නකි. නිවසේ විදුලි පහන් නිවා දෑමීමෙන් එක්වර ඇඳුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොටි ප්ලේටි භාවිත නොකිරීමෙන් ඔබට විදුලිබිල බෙහෙවින්ම අවම කරගත හැකිය. නිබඳවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට කතඛ බල්බ් යොදන්න. එමගින් ඔබට විදුලි බිල 1020 % ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිය.

28.
 
නිවසේ සැමට එකවර තේ පිළියෙල කරන්න.

29.
නිතරම ඉවසීමෙන් කටයූතු කරන්න. මූදල් වැය කිරීමට පෙර එය අධ්‍යනය කරන්න.

30.
ආහාර ද්‍රව්‍ය, මූදල් හැකි තරමින් අවම කිරීමට උත්සාහ කරන්න.

ලිංගික ඇසුර නිසා වැඩ තහනම් වූ පොලිස් කොස්තපල්වරිගේ කතාව...

අයථා ලිංගික ඇසුරක් සම්බන්ධයෙන් සැකකෙරෙන පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කර තිබෙනවා. ඇය එම ඇසුර පවත්වා තිබෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සමගයි. ඔවුන් දෙදෙනා හෝටල් කාමරයක සිටියදී අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මේ බව අනාවරණ කර ගත්තා.
අදාල නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් කොස්තාපල්වරිය කොළඹ පොලිස් මූලස්ථානයට අනියුක්තව සේවය කරන්නන්. මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා මීට පෙර පොලිස් අධිකාරිවරියක සමග ද අයථා ලිංගික ඇසුරක් පවත්වා ඇතැයි චෝදනාවට ලක්වුණා.

සන්ධානයෙන් ජෙනරාල්ට එන අය මෙන්න....

2014 පළාත් සභා මැතිවරණයේදී පරාජයට පත් වුනු එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂයෝ බහුතරයක් විපක්ෂයට් එක් වීමට සුදානම් වී ඇතෙයි වාර්තා වී තිබේ.ගම්පහ දිස්ත්‍රික්කයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී වරයෙක් හා විශේෂඥ වෛද්‍ය වරයෙක් ,කොලබ දිස්ත්‍රික්කයෙන් හා කළුතර දිස්ත්‍රික්කයෙන් හිටපු පළාත් ඇමතිවරුන් දෙපලක් ,ගාල්ල දිස්ත්‍රික්කයෙන් සන්ධානයේ හිටපු රණවිරු අපේක්ෂක අජිත් ප්‍රසන්න මහතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටද,එ.ජා.ප.යෙන් කරනම් ගැසූ අයෙක් නැවත එක්සත් ජාතික පක්ෂයටද,මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී.ලං.නි.පයේ හිටපු ප්‍රභල ඇමති පුතෙක් එක්සත් ජාතික පක්ෂයටද,හිටපු පළත් සභා මන්ත්‍රීවරයකු හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු සේම,ශ්‍රී. ලං .නි.ප ජෙෂ්ටයකුගේ පුතෙක් හිටපු හා සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 14 දෙනෙක් හා ශ්‍රී.ලං.නි.ප සාමාජිකයන් 2000 කට වැඩි පිරිසක් සමග ප්‍රජාතාන්ත්‍රිවාදී පක්ෂයටද,පක්ෂ මාරුවකට සුදානම් වී ඇති බව අපට වාර්තා වි තිබේ.තවද හම්බන්තොට දිස්ත්‍රිකයෙන් මෙවර සන්ධානයෙන් තරග කල එ.ජා.ප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුතකු නැවත එ.ජා.ප.යටද,හිටපු පළාත් සභා මන්ත්‍රී වරයෙක් ප්‍රජාතාන්ත්‍රි වාදී පක්ෂයටද දේශපාලන කරණමක් ගැසීමට සුදානමින් සිටියි.මෙය ඉදිරි ජනාධිපතිවරණයට පෙර සිදුවීමට තිබෙන දේශපාලන පෙරලියක් බව අනාවරණය වේ. 

ජනාධිපතිවරනයට පෙර සිදුවන ආණ්ඩුවේ පිපිරිම...

පරාජයට පත් වූ සන්ධන අපේක්ෂකයෝ විපක්ෂයට ..

Monday 21 April 2014

වේලුපිල්ලේ ප්‍රභාකරන් රටින්ම එලවනවා -- ජෙනරාල් ෆොන්සේකා

මෙරටේ මුදාවානොගත් ප්‍රදේශවල සංචාරය කිරීමේදී අප්‍රසන්න සිදුවීම් වලට මුහුණදීමට සිදුවන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
එසේම ගුවන් තොටුපොළ අභ්‍යන්තරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට පවා ප්‍රහාර එල්ල කිරීමට හැකි තත්ත්වයක් තිබේනම් එය ගුවන් තොටුපොළක් නොවන බවත්, එය කුඩු, මරුජුවානා, නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කරන, කුමක් හෝ ගුබ්බෑයමක් බවත් (21දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.
තවද හම්බන්තොට වරායක් කියා දෙයක් ඇති බවත්, එයද කුමක් හෝ හොර බඩු ජාවාරමක් සිදු කරන ස්ථානයක්ද විය හැකි බවත්, සරත් ෆොන්සේකා මහතා එහිදී පැවසීය.
පසුගිය දින එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායමට සිදුවූ සිදුවීම තමන් දැඩි ලෙස හෙළා දකින බවත්, නමුත් ඒ සම්බන්ධයෙන් තමන් පුදුම නොවූ බවත්, හෙතෙම කීවේය.
එසේම පසුගිය පළාත් සභාවට පෙර තමන් ඇතුළු පිරිස එම මුදානොගත් ප්‍රදේශයට ගොස් සිටියදී එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම මුහුණදුන් අප්‍රසන්න සිදුවීම මෙන් සිදුවීම් මාලාවකට මුහුණදීමට තමන් ඇතුළු පිරිසට සිදුවු බවත්, එම මැතිවරණ කාලයේදී තමන් ඇතුළු පිරිසට මැතිවරණ රැස්වීම් පවා පැවැත්වීම‍ට ඉඩ ප්‍රස්තාව නොතිබූ බවත් ෆොන්සේකා මහතා එහිදී පෙන්වා දුන්නේය.
හම්බන්තොට යනු රටේ මුදානොගත් ප්‍රදේශයක් බවත්, එම ප්‍රදේශය තුළ රටේ පාලනය නොමැති බවත්, පොලිස් නිලධාරීන් බලා සිටියදී ඔවුන් අසළින් මැරයෝ ගිනි අවි සමඟ සිටින බවද ඒ මහතා එහිදී අවධාරණය ක‍ළේය.
රාජපක්ෂ පාලනය විසින් පාතාලය, මැරයෝ මෙන්ම ඔවුන්ගේ හෙන්චයියෝ සහ දාමරිකයෝ රජ කරන ගුබ්බෑයම් දෙකක් වන වරායක් සහ ගුවන් තොටුපොළක් ලෙස ස්ථාපිත කර ඇති බවත්, එම ස්ථාන සඳහා නීතිගරුක මෙන්ම සාදාචාර සම්පන්නව ජීවත් වන පුද්ගලයින්ට යෑමට අවසර නොමැති බවත්, ඒ මහතා කියා සිටියේය.
හම්බන්තොට සිද්ධිය මෙහෙය වුයේ මේ රටේ පාලකයා මෙන්ම එම පාලකයාගේ වැඩිමහල් පුතු බවත්, ඔවුන් මැර දේශපාලන සංකෘතියේ ජීවත් වන පුද්ගයින් බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
එසේම මෙම පිය පුතු දෙපළ විසින් හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උදුරාගෙන ඇති බවත්, මෙම සිද්ධිය ඔවුගේ අවශ්‍යතාවය මත සම්පූර්ණයෙන් සිදු වූ දෙයක් බවත් හෙතෙම වැඩි දුරටත් එහිදී කියා සිටියේය.

හම්බන්තොටට ඇත්තේ වේලුපිල්ලේ ප්‍රභාකරන් පාලනයක්.. -- ජෙනරාල් ෆොන්සේකා

චන්ද්‍රිකා සමඟ වමේ ඇමතිවරු නිල සාකච්ඡ අරඹති...

චන්ද්‍රිකා සමඟ වමේ ඇමතිවරු නිල සාකච්ඡ අරඹති.හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මුණ ගැසී නිල වශයෙන් සාකච්ඡ පැවැත්වීමට ආණ්ඩුවේ වමේ පක්ෂ නියෝජනය කරන ඇමතිවරුන් පිරිසක් සූදානම් වේ.රටේ වර්තමාන තත්ත්වය, අන්තර්ජාතික ප‍්‍රජාවගෙන් රටට එල්ල වී ඇති අභියෝග පිළිබඳව මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ යන ඇමතිවරුන් ප‍්‍රමුඛ මෙම කණ්ඩායම ඉදිරි සති දෙක තුළදී හිටපු ජනාධිපතිනිය මුණ ගැසී සාකච්ඡ පැවැත්වීමට නියමිතය.හොරගොල්ල වලව්වේදී මීට පෙරද ආණ්ඩුවේ ඇමතිවරයෙකු සහ නියෝජ්‍ය ඇමතිවරයෙකු හිටපු ජනාධිපතිනිය මුණ ගැසී තිබූ අතර, ආණ්ඩුවට සමීප වෘත්තිකයන් පිරිසක්ද මහනුවරදී හිටපු ජනාධිපතිනිය සමඟ සාකච්ඡ පවත්වා ඇතැයි වාර්තා විය

Tuesday 8 April 2014

හරින් ප්‍රනාන්දු ඌව මැතිවරණයට '''අලියාගෙන්ද''', '''සන්ධානයෙන්ද''

එළඹෙන ඌව පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති අපේකෂකයා ලෙස තරග වැදීම සදහා තමා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට එකග බව බදුල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ විද්‍යුත් නාලිකාවක දේශපාලන සංවාදයකට එක්වෙමිනි. කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් එහිදී අවධාරණය කර සිටියේ එසේ ඉල්ලා අස්වීමට නම් එජාපයේ නායක, නායකත්ව මණ්ඩලය, හා සජිත් ප්‍රේමදාස සමගිව අදාළ ඉල්ලීම කළ යුතු බවයි.

කෙසේ නමුත් දේශපාලන ක්ෂේත්‍ර යේ මේ දිනවල පවතින අභ්‍යන්තර සංවාද අතර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ ඌව පළාත් සභාව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කිරීම සදහා ආණ්ඩුවේ පාර්ශවයේ අදහසක් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මේ වන තෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ පසුගිය දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සදහා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සහභාගීත්වය එතරම් දක්නට නොලැබීම මේ සම්බන්ධ සැකයන් මතුවීමට හේතු පාදක වී ඇති බවයි. 

හරීන් ඌව පළාත් සභා මහ ඇමැති අපේක්ෂකයා ලෙස ආන්ඩු පක්ෂයෙන් ඉදිරිපත් වීම සිදුවිය හැකිය. මන්ද හරින්ලා දැන් සිටින්නෙ ගිරයට අසුවුණ පුවකක් සේය.  හරීන්ගේ පියා ව්‍යාපාරිකයෙකි. ඔහු ණය තුරුස්වල පැටලී ව්‍යාපාරික ලෝකයේ අමු බොරු කාරයෙකු  බවට පත්වෙමින් සිටී. වංචා සහගත ක්‍රියාවන් කිහිපයකටමත් පැටැලී ඇත.

ඉන් ගැලවිය හැක්කේ ආන්ඩුවට එක්වීමෙන් පමනක් බව මේ වන විට අදාල ලිපිගොනුවක් අතේ තබාගෙන සිටින රාජපක්ෂ වරයෙක් ඔහුට දැනුම් දී ඇත.

ඉතිං දැන් මක්කෙයි කොරන්නේ...?

කැබිනට් මණ්ඩලයෙන් ලගදීම එළියට යන ඇමතිවරු

තම ආණ්ඩුව පෙරලීම සදහා ඇමරිකාවට තොරතුරු සපයන ඇමැතිවරු තිදෙනෙක් තම කැබිනට් මණ්ඩලයේ සිටින බවත් ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු හඳුනාගෙන ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා පැවැති කැබිනට් මණ්ඩලයේදී පවසා ඇති බවට තොරතුරු වාර්තාවේ.

එහිදි වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති ජනාධිපතිවරයා පවසා ඇත්තේ මොවුන් තිදෙනා සම්බන්ධයෙන් තමන් දිගින් දිගටම අධික්ෂණයක සිටින බවත් ඔවුන් ඇමරිකන් තානාපති කර්යාලයට ආණ්ඩුව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන බවත්ය.

එසේම තමන්ගේ කැබිනට් මණ්ඩලයෙහි සිටින මොවුන් තිදෙනාගෙන් මේ වන විටත් හඳුනාගෙන ඇති එක් අයෙකුට නොදුරේදීම දඩුවම් ලබා දෙන බවද සදහන් කර ඇත.