Friday 30 May 2014

වෙබ් අඩවි තහනමට එජාප, ජෙනරාල්, ජේ.වී.පි, ටි.එන.ඒ ,හා වමේ පක්ෂ එක්වේ.

ද ඉන්ඩිපෙන්ඩන්ට් ඩොට් එල් කේ වෙබ් අඩවියට එම ග්‍රාහකයන්ට පිවිසීම, මෙරට ක්‍රියාත්මක දේශපාලන හා වෙළද අධිකාරියේ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් අවහිර කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසම් සභාව වෙත අද (29) පෙත්සමත් භාර දෙන ලදී.
වෙබ් අඩවියෙහි ප්‍රධාන සංස්කාරක වන සුභාෂ් ජයවර්ධනගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ මෙම පෙත්සමින් පවසා සිටියේ තම සංස්කාරකත්වය යටතේ පවතින www.theindependent.lk වෙබ් අඩවියට මෙරට ග්‍රාහකයන්ට පිවිසීමට ලංකාවේ අන්තර් ජාල සංනිවේදන සේවාවන් සපයන ආයතන විසින් 20 මැයි 2014 සිට අවහිර කර ඇති බවයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් මෙරට පුරවැසියන් වෙත ලබා දී තිබෙන හාෂණයේ හා ප්‍රකාශනයේ මූලික මිනිස් අයිතිවාසිකම, තමන්ට කැමැති ‍රැකියාවක් කිරීමේ අයිතිය මෙන්ම මෙරට පුර වැසියාට තොරතුරු දැන ගැනීම සඳහා බාධාකිරීම සිදුව ඇති බවත් එහි සඳහන් කර තිබේ. මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත්තේ ජනතාවගේ මෙරට ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කිරීම සදහා අදාළ අවහිර කිරීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
පැමිණිල්ල භාරදීමේ අවස්ථාවට දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි නායකත්ව මණ්ඩලයේ සභාපති කරූ ජයසූරිය, එජාපයේ මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සහභාගී වූ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ද, එක්සත් සමාජවාදී පෙරමුණ නියෝජනය කරමින් එහි නායක සිරිතුංග ජයසූරිය ද සහභාගී වී සිටියහ. ඊට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් මාධ්‍ය සංවිධාන නියෝජිතයන් කිහිප දෙනකුද මෙම අවස්ථාවට සහභාගීවිය.

සම්පූර්ණ පැමිණිල්ල



පැමිණිලිකරු

නම - සුභාෂ් වීරතුංග ජයවර්ධන - ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් ඩොට් එල්කේ වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක

ලිපිනය - අංක 820, කෝට්ටේ පාර, ඇතුල් කෝට්ටේ, කෝට්ටේ



විත්තිතරුවන් -

01.
නම - ලලිත් වීරතුංග
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති

ලිපිනය - නො: 276, ඇල්විටිගල මාවත, කොළඹ 08.

02.
නම - අනූෂ පැල්පිට
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධක්ෂ ජනරාල්

ලිපිනය - නො: 276, ඇල්විටිගල මාවත, කොළඹ 08.

03.
නම - කෙහෙළිය රඹුක්වැල්ල
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය

ලිපිනය - නො: 163, කිරුලපන ඇවනිව්, පොල්හේන්ගොඩ, කොළඹ 05.

04.
නම - චරිත හේරත්
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්

ලිපිනය - නො: 163, කිරිලපන ඇවනිව්, පොල්හේන්ගොඩ, කොළඹ 05.

05.
නම - නිමල් වෙල්ගම
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති

ලිපිනය - ලෝටස් පාර, තැ.පෙ. 503, කොළඹ 01.

06.
නම - ලලිත් ද සිල්වා
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය - ලෝටස් පාර, තැ.පෙ. 503, කොළඹ 01.

07.
නම - කපිල චන්ද්‍රෙස්න
මොබිටෙල් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක

ලිපිනය - නො: 108, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවත, කොළඹ 02.

08.
නම - ආචාර්ය හාන්ස් විජේසූරිය
ඩයලොග් ආසියාටා සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී හා අධ්‍යක්ෂ

ලිපිනය - නො: 475, යූනියන් පෙදෙස, කොළඹ 02.

09.
නම - වේල් සලමන්
එටිසෙලාර්ට් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය - නො: 109, ගාලු පාර, කොළඹ.

10.
නම - තිරුකුමාර් නඩේසන්
හචිසන් ටෙලිකොමිනිකේෂන්ස් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය - නො: 234, ගාලු පාර, කොළඹ 04.

11.
නම - සුරේන් ගුණවර්ධන
භාරතී එයාර්ටෙල් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය - 10 හා 11, බස්නාහිර කුළුණ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ 01.

පැමිණිල්ල

සුභාෂ් වීරතුංග ජයවර්ධන (ජා.හැ.අංක 731500150 V) වන මා ප්‍රධාන සංස්කාරකවරයා ලෙස කටයුතු කරන ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් ඩොට් එල්කේ'' (www.theindependent.lk) වෙබ් අඩවියට මෙරට ග්‍රාහකයන්ට පිවිසීමට මෙරට අන්තර් ජාල සංනිවේදන සේවාවන් සපයන සියළු ආයතන විසින් 20 මැයි 2014 සිට අවහිර කර තිබේ.

සිංහල දෙමළ හා ඉංග්‍රීසී භාෂා ත්‍රිත්වයෙන්ම නිතිපතා යාවත්කාලීන කරන අප වෙබ් අඩවිය 'ඉන්ඩෙපෙන්ඩෙන්ට් මීඩියා නෙට් වර්ක්ස් පෞද්ගලික සමාගම' විසින් පවත්වාගෙන යනු ලබන ස්වාධීන මාධ්‍ය ආයතනයක් වේ.
මෙලෙස කිසිදු දැනුම් දිමකින් හෝ කරුණු විමසීමකින් තොරව අප වෙබ් අඩවියට පිවිසීම අවහිර කරනු ලැබීම නිසා අපගේ ග්‍රාහකයන් මෙන්ම අප ආයතනයේ සේවය කරනු ලබන ජනමාධ්‍යවේදින්ද දැඩි අපහසුවකට පත්ව ඇත.
අප වෙබ් අඩවිය ප්‍රවෘත්ති හා කාලීන සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන තොරතුරු සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන අතර අප විසින් ඒ සම්බන්ධයෙන් අදහස් හා ආකල්ප සහිතව බුද්ධිමය සංවාදයට සුදුසු යැයි කල්පනා කරන තොරතුරු මුදා හරින ලදී.

මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යෑමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය ප‍්‍රකාරව මේ රටේ පුරවැසියන්ට හිමිකර දී ඇති අදහස් ප‍්‍රකාශ කිරීමේ හා ප‍්‍රකාශනයේ නිදහස අනෙකුත් නිතිමය අණ පනත් වලට යටත්ව නීතියේ සීමාවන් තුළ අපි බුක්ති වින්දෝ වෙමු.
එහෙත් අපගේ වෙබ් අඩවිය වාරණයට ලක් කිරීම නිසා අපගේ මෙම අයිතිවාසිකම් මෙන්ම මේ රටේ ජනතාවගේ තොරතුරු දැන ගැනීම සඳහා තිබෙන අයිතියද උල්ලංඝනය වී තිබෙන බව අපි කල්පනා කරමු.
එමෙන්ම මෙලෙස කිසිදු පෙර දැනුම් දීමකින් තොරව වෙබ් අඩවියට පිවිසීම වලක්වාලීම සම්බන්ධයෙන් අපට හැ‍ඟෙන්නේ ජනමාධ්‍යවේදීන් වන අපගේ අදහස් දැරීමේ හා එය ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කරන ලද තර්ජනයක් බවය.
මෙම සන්නිවේදන සමාගම් සියල්ල අපගේ වෙබ් අඩවිය ඇතුලු තවත් පුවත් වෙබ් අඩවි අටක් මේ වන විට වාරණය කිරීමට, එකවිට පියවර ගැනීමට හේතුව ලෙස යම් දේශපාලන අධිකාරියක හෝ රාජ්‍ය නිළධාරීන්ගේ බලපෑමක් හෝ නියෝගයක් අනුව සිදුව ඇතැයි අපට බරපතල සැකයක් ඇත.
ඒ අනුව ශ්‍රි ලංකාව තුළ ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් එල්ලවී තිබුණු මර්දනයන්ගේ අතීත අත්දැකීම් සලකා බැලුවිට මේ වත්මන් තත්වය අපගේ ජීවිත කෙරෙහි අනතුරුදායක ලෙස බලපැවැත්වීමට පවා ඉඩ කඩක් නිර්මාණය විය හැකි බව ද පෙන්වා දෙමු.
මෙම තත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කරනුයේ ජනමාධ්‍යවේදීන් වන අපගේත් මේ රට පුරවැසියාගෙත් මූලික මානව හිමිකම් අයිතිය ‍රැක ගැනීම වෙනුවෙනි.
මේ වන විට ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් වෙබ් අඩවියේ සංස්කාරකවරයා ලෙස වගකීම් උසුලන මා 1993 වසරේ සිට ජනමාධ්‍ය වේදියකු ලෙස පුවත්පත් ආයතන කිහිපයක සේවය කර ඇති අතර ජනමාධ්‍ය වෘත්තීමය කටයුතු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදිම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට ලක් වූවෙකි.
2012 වසරේ මැයි මාසයේ සිට 'ශ්‍රී ලංකා එක්ස් නිව්ස්' වෙබ් අඩවියේ ප්‍රවෘත්ති සංස්කාරක වරයා වශයෙන් කටයුතු කළ අතර එම වසරේ ජුනි 29 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් එම වෙබ් අඩවි කාර්යාලය වටලා මා සමඟ එම වෙබ් අඩවියේ දෙමළ භාෂා සංස්කාරක සිද්ධික් කාරියප්පර් මහතාවද අත් අඩංගුවට ගන්නා ලදී.
එම අවස්ථාවේදී එම කර්යාල පරිශ්‍රයේ පිහිටා තිබු 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවියේ කාර්යාල සහය සේවිකාව ඇතුලු මාධ්‍යවේදීන් 6 දෙනෙකුද අත් අඩංගුවට ගන්නා ලදී

කාර්යාලයේ තිබූ පරිගණක 09ක් හා ලිපිගොනු කිහිපයක්ද අත් අඩංගුවට ගන්නා ලදී.

කාර්යාල කාර්ය සහායිකාව එම දිනයේදීම මුදා හැරි අතර මාධ්‍යවේදීන් 08 දෙනා පසු දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් ඇප මත මුදා හැරියේය.

මේ පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ දණ්ඩනීති සංග‍‍්‍රහයේ 115, 118 හා 120 යන වගන්තිවලට අදාළව වරදක් කළේ යැයි පවසමිනි.

කෙසේවුවද දණ්ඩ නීති සංග‍‍්‍රහයේ 118 වැනි වගන්තිය 2002 අංක 12 දරණ සංශෝධන පනතේ දෙවැනි වගන්තිය මගින් ඒ වන විට අහෝසි කර තිබිනි.

එලෙස අත්අඩංගුවට ගැණුනු 'ශී‍්‍ර ලංකා මිරර්' හා 'ශී‍්‍ර ලංකා එක්ස් නිවුස්' මාධ්‍යවේදීන්ට නැවත නොතීසියක් ලද විට අධිකරණයට පැමිණෙන ලෙසත් එතෙක් ඔවුන් මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා 2013 සැප්තැම්බර් 18 වැනිදා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අප මාධ්‍යවේදීන් නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගැනීමෙන් පසුව තවදුරටත් එල්ලවූ බලපෑම් හමුවේ එම වෙබ් අඩවිය පවත්වගෙන යෑම අත් හි‍ටුවීමට සිදුවිය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13-1, 14-1(A) හා 14-1 (G) යන වගන්තිවලින් කියවෙන කථා කිරීම, අදහස් පල කිරීම හා ප‍්‍රකාශනයේ නිදහස, තනිව හෝ කිහිපදෙනෙකු සමඟ තමුන් කැමැති වෘත්තියක් කිරීමේ අයිතිය හා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසමින් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම් මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවෙමින් පවතී.
ඉන් පසුව 2013 වසරේ ජනවාරී මාස 9 වන දින ආරම්භ කළ ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් වෙබ් අඩවියේ ආරම්භක සංස්කාරක වරයා ලෙස සේවයට බැදුන්නෙමි.

වෙබ් අඩවි ලියා පදිංචිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ කර තිබූ දැන්වීම අනුව ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් වෙබ් අඩවියද ලියාපදිංචි කිරීම සඳහා අදාල ඉල්ලුම් පත්‍රය එම වසරේ මාර්තු මාසයේදී අප විසින්ද එම අමාත්‍යාංශයට භාර දෙන ලදී.
ඉන් පසුව අමාත්‍යංශ්‍ය වෙබ් අඩවි ලියා පදිංචිය සලකා බැලීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද්දේ එම වසරේ ඔක්තෝබර් මාසයේදීය. අප වෙබ් අඩවිය පරික්ෂා කර බැලු අමත්‍යංශ අතිරේක ලේකම් වරයා ප්‍රමුඛ නිලධාරීන් වෙබ් අඩවිය ලියාපදිංචියට සුදුසු බවත් අදාල මුදල් ගෙවීම සඳහා දිනයක් දන්වන බවත් වාචිකව දැනුම් දුන් නමුත් මේ වන තුරු අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැත.

ශ්‍රී ලංකාව තුල බලපවත්වන නීති රෙගුලාසී හා පිළිගත් මාධ්‍ය ආචාරධර්ම වලට අනුකූලව අප ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් වෙබ් අඩවිය පවත්වාගෙන යෑමට අප නිරන්තරයෙන් උත්සුක වූ අතර අප සාමාජිකත්වය දරන වෘත්තීය වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමයේ පිලිගත් මාධ්‍ය ආචාරධර්ම පද්ධතියට එකඟව මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාමටද අප කටයුතු කළෙමු.
අප වෙබ් අඩවියෙහි අන් අයෙක් නොඉවසන යමක්, අසත්‍යක්, අසාධාරණ ප්‍රකාශයක් වැරදි කරුණක් වාර්තා කළේ නම් ඊට පිළිතුරු බැඳීමේ අයිතිය එම අගතියට පත්වූවන් වෙත ලබා දුන් අතර ඒ අනුව අපි කටයුතු කළ අවස්ථාද ඕනෑ තරම් තිබේ.

එහෙත් එම අවස්ථාවන් මඟ හැර කිසිවකු හෝ අප වෙබ් අඩවියට එරෙහිව කළ අකටයුත්තක් ලෙස මෙම වාරණය සිදුව තිබෙන බව නැවත පවසන අතර. මෙමගින් අපගේ මෙන්ම මේ රටේ බදු ගෙවන ජනතාවට තමන්ගේ බදු මුදලින් රජය පවත්වාගෙන යන ආකාරය පිළිබඳව තොරතුරු දැන ගැනීමට ඇති සාධාරණ අයිතිය ද උල්ලංඝනය වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා මානව හිමිකම් කොමිස්ම මැදිහත්ව සාධාරණ නිගමනයක ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.



මීට විශ්වාසී



සුභාෂ් ජයවර්ධන

ප්‍රධාන සංස්කාරක
ද ඉන්ඩෙපෙන්ඩෙන්ට්

Monday 26 May 2014

නාමල් රාජපක්ෂ ''වල් බල්ලා'' කියා කැගේහුවේ.........

පෙරේදා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිගේ කාමරයේ විශාල ගාලගෝට්ටියක් සිදු වී තිබේ. එම කාමරයේ සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යටිගිරියෙන් කිසිවෙකුට බැණ වදිමින් සිට ඇති බවත් එම අවස්ථාවේදී ඔහු සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන හා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා සමග තවත් සංස්ථා සභාපතිවරුන් රාශියක් සිට ඇති බවත් ලංකා නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි. මේ පිළිබඳව තව දුරටත් අදහස් දක්වන ඔවුන් පෙන්වා දෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ යටිගිරියෙන් කෑ ගසමින් බැණ අඬගසා ඇත්තේ මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට බවයි. ඒ සඳහා හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ නාමල්ගේ ව්‍යාපෘති සඳහා මුදල් අවශ්‍ය නම් තමාගේ ලේකම්ගෙන් වේලාවක් රැගෙන අමාත්‍යංශයට පැමිණ තමා හමුවන ලෙසට පී.බී නාමල්ට එවා තිබූ පණිවිඩයයි. පහතින් දැක්වෙන්නේ එම පුවතේ සඳහන් වන නාමල් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයයි.

‘ඌ කවුද මට උගේ අමාත්‍යංශයට එන්ඩ කියන්ඩ? ඕක තමයි මේ ආණ්ඩුව කන්නෙ. පරයව මට අහුවුනොත් අඬු කඩල දානව. ඌ හිතන් ඉන්නෙ මං මොකා කියලද උගේ දෙපතුල ළඟට යන්ඩ. වල් බල්ලා. පලයව් කියපියව් මං කිව්ව කියල. ඕකට මාව හම්බ වෙන්ඩ එපා කියන්ඩ. ඕකව මං බාවනව. විමල් වීරවංශ කරන වැඩේ හරි. මූ හිතන් ඉන්නෙ මූ නැතුව ආණ්ඩුවට බෑ කියල' යනුවෙන් කෑ ගසමින් සංස්ථා සභාපතිවරුන්ට නාමල් මන්ත්‍රීවරයා පවසා ඇත. ඒ අසළ සිටි වයෝවෘද කෘෂිකර්ම ඇමතිවරයා කරකියා ගත දෙයක් නොහැකිව ගල් ගැසී බලාසිට ගෙන ඇත. කුමාරසිරි හෙට්ටිගේ නාමල් අසල සිටිමින් ඔහුව අස්වසන්නට විශාල උත්සාහයක් දරා ඇත. පසුව බලවත් පෙරැත්තයකින් අනතුරුව කුමාරසිරි හෙට්ටිගේ නාමල්ව සන්සුන් කොට ඇත.
 උපුටා ගැනීම :-  informativeness වෙබ් අඩවිය 

Wednesday 21 May 2014

නාමල් ඩලස් ගැටුම උග්‍ර වී ඩලස් තනතුරු වලින් එලියට.....


නොබෝද පවතී දකුණු පළාත් සභා මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ හිතවතියක වූ හිටපු පළාත් සභා මන්ත්‍රීනි අනර්කලී ආකර්ශා  මෙනවියට ,මාතර දිස්ත්‍රික්කය තුලදී දේශපාලනික වශයෙන් අඩත්තේට්ටම් කිරීම් සම්බන්ධයෙන් ඇමති ඩලස් අලහප්පෙරුම මහතා වෙත විශාල දෝෂාරෝපණයක් එල්ල වී නාමල් රාජපක්ෂ මහතා හා ඩලස් අලහප්පෙරුම් මහතා අතර ගැටුමක්  නිර්මාණය වි තිබුනි.එහි උණුසුම මැකී යන්නටත් මත්තෙන් 2014 ලෝක තරුණ සමුළුවේ නායකත්වය වයස අවුරුදු 56 වන ඩලස් අලහප්පෙරුම් මැතිතුමාට ලැබීමත් සමග ආණ්ඩුවේ තරුණ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව නාමල් රාජපක්ෂ මැතිතුමාට වාර්තා කිරීමෙන් නව ගැටුම නිර්මාණය විය.සත්‍ය වශයෙන්ම පාර්ලිමේන්තුවේ වයස 35ට අඩු තරුණ මන්ත්‍රීවරු සිටියදී තරුණ කටයුතු ඇමතිතුමා වුවත් සදාචාරයෙන් පිට ක්‍රියාවක් ඩලස් අලහප්පෙරුම මැතිතුමා කල ඇති බව ආණ්ඩුවේ බොහෝ ඇමතිවරුන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙමින් පවතී.ඒ බැවින් එම චෝදනාවෙන් ගැලවීම සදහා ඇමති ඩලස් අලහප්පෙරුම මහතා තමා දරන ඇමතිකමෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන තනතුරු වලින් ඉවත් වීමට සැරසෙන බව වාර්තා වී තිබේ.මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා විසින් දෙනු ලබන පීඩනයද මෙම ඉවත් වීම සම්බන්ධයෙන් බලපා තිබෙන අනෙක් කරුණ වන බවද වාර්තා වේ.  

Tuesday 20 May 2014

රාජපක්ෂ පවුල ගස වැඩුණු හැටි මෙන්න

රාජපක්ෂ පවුල යනු, ශ්‍රී ලංකාවේ අති බලවත් පවුල් අතරින් එකකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය සැපයෙන මෙම පවුලෙහි, බොහෝ සාමාජිකයෝ ශ්‍රී ලාංකික රජයෙහි ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවති. එක් අවස්ථාවකදී මෙම පවුල විසින් ජාතික අයවැයෙන් 70%ක් පාලනය කල බව වාර්තා විය ( 2014 අයවැයෙන් ඔවුන් සඳහා අයවැයෙන් 47% ක් වෙන් කර තිබුණි).2009 වසරෙහිදී දෙමළ විමුක්ති කොටි පරදා අත්පත් කර ගත් ජයග්‍රහණය නිසා ජනාධිපති රාජපක්ෂ අති මහත් ජනප්‍රියතාවයක් භුක්ති විඳියි.

ඉතිහාසය

රාජපක්ෂවරුන් වනාහී දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුව ගමෙහි විසූ ඉඩම්-හිමි ග්‍රාමීය පවුලකි. මෙම පවුල සතුව කුඹුරු සහ පොල් වතු විය.එහි එක් සාමාජිකයෙක් වූ, දොන් ඩේවිඩ් රාජපක්ෂ විසින්, ඉහළ වැලිකඩ කෝරළයේ විදාන ආරච්චි යන යටත් විජිත තනතුර හොබවන ලදි. මෙම පවුල දේශපාලන කරළියට පිවිසියේ, දොන් ඩේවිඩ් රාජපක්ෂගේ පුතු දොන් මැතිව් රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවට 1936දී තේරී පත් වීම හා සමගිනි. 1945දී දොන් මැතිව් මිය ගිය අතර, මේ නිසා පැවැත්වුණු අතුරු-මැතිවරණයේදී ඔහුගේ සොහොයුරු දොන් ඇල්වින් රාජපක්ෂ නිතරගයෙන් තේරී පත් විය.

පවුල් ගස


රාජපක්ෂ පවුලේ ප්‍රධානියා වන මහින්ද රාජපක්ෂ
1. දොන් ඩේවිඩ් රාජපක්ෂ, විදානෙ ආරච්චි (යටත්විජිත තනතුරු) + දෝන ගිමාරා මුණසිංහ
1.1 දොන් චාර්ල්ස් කොරොනේලිස් රාජපක්ෂ
1.2 දෝන කැරොලිනා (කැර්ලිනා) බණ්ඩාර වීරමන්
1.3. දොන් මැතිව් රාජපක්ෂ (1896-1945), රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට සඳහා මන්ත්‍රීවරයා (1936-45), + එමලින් වීරතුංග
1.3.1. ලක්ෂ්මන් රාජපක්ෂ, හම්බන්තොට සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1947-52, 1956-60), තිස්සමහාරාමය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1960-65), මුල්කිරිගල සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1976-77)
1.3.2. ජෝර්ජ් රාජපක්ෂ (මරණය 1976), සෞඛ්‍ය ඇමති, මුල්කිරිගල පාර්ලිමේන්තු මන්ත්‍රී (1960-76) + ලලිතා සමරසේකර
1.3.2.1. නිරුපමා රාජපක්ෂ (උපත 1962), ජල සම්පාදන සහ ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍ය (2010-), හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1994-2000, 2005-) + තිරුකුමාරන් නඩේසන්
1.3.2.2. ශ්‍යාම්ලාල් රාජපක්ෂ (1966-2009), දකුණු පළාත් සභාවේ මන්ත්‍රී (1999-2004) + ප්‍රශාන්ති
1.3.3. එස්තර් ගර්ලි රූපසිංහ
1.3.4. පර්ල් (පර්ලි) ජයන්ති ගුණරත්න
1.3.5. කමලා වික්‍රමසූරිය
1.3.5.1 අනෝමා ලෆීර්, ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්
1.3.5.2 ජාලිය වික්‍රමසූරිය (උපත 1960), ඇමරිකා එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්
1.3.5.3 ප්‍රසන්න වික්‍රමසූරිය, සීමාසහිත ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගමෙහි සභාපති
1.3.6. නීල් කුමාරදාස රාජපක්ෂ
1.3.7. රූබි ලලිතා රාජපක්ෂ + නන්දසිරි රාජපක්ෂ
1.3.7.1 චිත්‍රා
1.3.7.2 කපිල
1.3.7.3 සුයාමා
1.3.7.4 මනීසා
1.4. දොන් ඇල්වින් රාජපක්ෂ (1905-67), පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක, රජයේ අමාත්‍ය, බෙලිඅත්ත සඳහා මන්ත්‍රී (1947-60, 1960-65) + ඩැන්ඩිනා සමරසිංහ දිසානායක* (පහළ ආශ්‍රිත පවුල් බලන්න)
1.4.1. චමල් රාජපක්ෂ (උපත 1942), පාර්ලිමේන්තුවේ කථානායක (2010-), වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය (2007-2010), වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය (2004-07), වරාය සංවර්ධන සහ දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (2000-01), හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1989-) + චන්ද්‍රා මාලිනී විජේවර්ධන
1.4.1.1. ශෂින්ද්‍ර රාජපක්ෂ, ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා (2009-), මොණරාගල දිස්ත්‍රික්කය සඳහා ඌව පළාත් සභා මන්ත්‍රී (2009-), රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ, ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්
1.4.1.2. ශමීන්ද්‍ර රාජපක්ෂ, ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හී අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා ටෙලිකොම්හී අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂක, වරාය සහ ගුවන්සේවා අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම, මුදල් හා සැලසුම් අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් 
1.4.2. ජයන්ති රාජපක්ෂ
1.4.2.1. හිමාල් ලලීන්ද්‍ර හෙට්ටිආරච්චි, ස්කයි නෙට්වර්ක්ස්හී ප්‍රවිනි 
1.4.2.2. රංගනී හෙට්ටිආරච්චි
1.4.3. මහින්ද රාජපක්ෂ (උපත 1945), ජනාධිපති (2005-), ආරක්ෂක අමාත්‍යවරයා (2005-), මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යවරයා (2005-), මහාමාර්ග අමාත්‍ය (2010), වරාය සහ ගුවන්සේවා අමාත්‍ය (2010), වරාය සහ මහාමාර්ග අමාත්‍ය (2010-), නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය (2013-), අග්‍රාමාත්‍යවරයා (2004-05), විපක්ෂ නායක (2002-04), විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (2001-02), වරාය අමාත්‍ය (2000-01), ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය (1997-01), කම්කරු සහ වෘත්තිමය පුහුණු අමාත්‍ය (1994-97), හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1989-2005), බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1970-77) + ශිරන්ති රාජපක්ෂ (විවාහයට පෙර වික්‍රමසිංහ)
1.4.3.1. නාමල් රාජපක්ෂ (උපත 1986), හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (2010-), තාරුණ්‍යයට හෙටක් සභාපති, කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් අයිතිකරු
1.4.3.2. යෝෂිත රාජපක්ෂ, කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් අයිතිකරු
1.4.3.3. රෝහිත රාජපක්ෂ

Monday 12 May 2014

පෑලියගොඩ මන්ත්‍රී ඝාතනයේ ඇත්ත කතාව..


මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ප්‍රබල ආධාරකරුවකු වන එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පෑලියගොඩ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රී චාමිල සඳරුවන් මහතාටඅවිගත් පිරිසක් විසින් ඔහුගේ මෝටර් රථය තුළ ඔහු සිටියදීම වෙඩි තබා ඝාතනය කර තිබේ.
පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් පරණ නුවර පාරෙන් කැලනිය පන්සල දෙසට යන නූන්ගමුගොඩ මන්සන්දියේදී අද (12) පෙරවරුවේ මෙසේ ඔහුට වෙඩි තබා ඇති අතර ඒ අවස්ථාවේ ඔහුගේ මෝටර් රථයේ සිටි තවත් තිදෙනෙකු දිවි බේරාගෙන ඇත්තේ ඉන් ඉවත්ව දිවගොස් අසළ සැඟවී සිටීමෙණි.
වෙඩි තැබීමෙන් පසු මෝටර් රථය අසළ ලයිට් කනුවක වැදී නතරවී ඇති අතර ජීවිතක්ෂයට පත්වූ මන්ත්‍රීවරයාගේ මළ සිරුර මෝටර් රථය තුළ තවමත් දක්නට ලැබේ.
මිය යන විට 23වන වියේ පසුව ඇති මන්ත්‍රීවරයා අද පෙරවරුයේ මහර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයකට පෙනී සිට මව සහ පියා සමගින් මහරට ගොස් ඔවුන් මගින් බැසගිය පසු පැමිණෙමින් සිටියදී මෙලෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
ඊයේ රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුරදීද මියගිය මන්ත්‍රීවරයා සහ තවත් පිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවද ආරංචිමාර්ග සඳහන් කරයි.

කැළණියේ ගැටුම උග්‍ර වෙයි...අමාත්‍ය මර්වින් සිල්වාගේ මන්ත්‍රී වෙඩි කා නසි..

මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ප්‍රබල ආධාරකරුවකු වන එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පෑලියගොඩ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රී චාමිල සඳරුවන් මහතාට, අවිගත් පිරිසක් විසින් ඔහුගේ මෝටර් රථය තුළ ඔහු සිටියදීම වෙඩි තබා ඝාතනය කර තිබේ.
පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් පරණ නුවර පාරෙන් කැලනිය පන්සල දෙසට යන නූන්ගමුගොඩ මන්සන්දියේදී අද (12) පෙරවරුවේ මෙසේ ඔහුට වෙඩි තබා ඇති අතර ඒ අවස්ථාවේ ඔහුගේ මෝටර් රථයේ සිටි තවත් තිදෙනෙකු දිවි බේරාගෙන ඇත්තේ ඉන් ඉවත්ව දිවගොස් අසළ සැඟවී සිටීමෙණි.
වෙඩි තැබීමෙන් පසු මෝටර් රථය අසළ ලයිට් කනුවක වැදී නතරවී ඇති අතර ජීවිතක්ෂයට පත්වූ මන්ත්‍රීවරයාගේ මළ සිරුර මෝටර් රථය තුළ තවමත් දක්නට ලැබේ.
මිය යන විට 23වන වියේ පසුව ඇති මන්ත්‍රීවරයා අද පෙරවරුයේ මහර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයකට පෙනී සිට මව සහ පියා සමගින් මහරට ගොස් ඔවුන් මගින් බැසගිය පසු පැමිණෙමින් සිටියදී මෙලෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
ඊයේ රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුරදීද මියගිය මන්ත්‍රීවරයා සහ තවත් පිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවද ආරංචිමාර්ග සඳහන් කරයි.

Wednesday 7 May 2014

ස්ත්‍රී දුෂණ නිසා ඇමතිවරයා අසරණ වෙයි

දූෂණයට ගොදුරු වූ දැරියක්, තමා දූෂණය කළ පුද්ගලයා සරණ පාවා ගැනීමට අධිකරණය ඉදිරියේ කැමත්ත ප්‍රකාශ කරන්නේ නම්, ඊට ඉඩකඩ සැලසෙන අයුරින් පවතින නීති වෙනස් කිරීම සඳහා පියවර ගන්නා බවට ළමා සංවර්ධනසහ කාන්තා කටයුතු අමාත්‍යංශය කරන ප්‍රකාශනය සමාජ ක්‍රියාධාරයන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙමින් ඇත.
වයස අවුරුදු දහසයට අඩු දැරිවියකගේ කැමැත්ත ඇතිව හෝ නොමැතිව ලිංගිකව හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව දඬුවම් පැමිණවිය හැකි මට්ටමින් ශ්‍රී ලංකා නීතිය 1991 දී සංශෝධනය කළ බව ආචාර්ය දීපිකා උඩගම බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී පෙන්වා දුන්නාය.

'
අලුත් නීතිය' වෛද්‍ය විද්‍යාත්මක පදනම පවා සම්පූර්ණයෙන්ම නිශේධනය කිරීමක් වන අතර, අදාළ පුද්ගලයා දඬුවමෙන් මුක්ත වීමක් ද එමගින් සිදු කෙරෙන බවයි ආචාර්ය දීපිකා උඩගම තවදුරටත් කියා සිටියේ.
ශ්‍රී ලාංකික කාන්තාව මේ වනවිට සමාජයේ යම්කිසි ඉහල මට්ටමක සිටින බව පවසන ආචාර්ය දීපිකා උඩුගම ඉහත කී ආකාරයේ නීති සංශෝධන මගින් නීතිය වසර ගණනාවක් ආ පස්සට යන බවයි පෙන්වා දෙන්නේ.
ප්‍රේම සම්බන්ධතා පවත්වන බාල වයස්කාර ගැහැණු සහ පිරිමි ළමුන් දැණුවත්ව හෝ නොදැනුවත්ව ලිංගික ඇසුරේ යෙදෙන බවළමා සංවර්ධන සහ කාන්තා කටයුතු පිළිබඳ ඇමති තිස්ස කරල්ලියද්ද පවසයි.

දූෂණයට ලක් වූ දැරියක් ඇය නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු දූෂණයට වග කිව යුතු පුද්ගලයා සමඟ විවාහ වීමට මනාප වන්නේ නම්, ඊට මග සැලසෙන පරිදි නීති සංශෝධනය කිරීමට යාම සම්බන්ධයෙන් විෂය භාර ඇමති තිස්ස කරල්ලියද්ද පදවියෙන් ඉවත් විය යුතු යයි කියා සිටින සමාජ ක්‍රියාධරයන්ට ප්‍රතිචාරය පළ කරමින් ඇමතිවරයා කියා සිටියේ, තම අරමුණ වන්නේ එවැනි අතවරවලට ගොදුරු වූවන්ගේ අනාගත ජීවිතය සම්බන්ධයෙන් මෙහෙයක් කිරීම වූ බවයි.

"සැබවින්ම ඒ අය සම්බන්ධකම් පවත්වා තිබුණේ විවාහ වීමේ බලාපොරොත්තුවෙන් නම් ඔවුන් නිසි වයස සම්පූර්ණ වීමෙන් පසු ඔවුන්ගේ අනාගත ජීවිතයේ යහපතට පියවර ගනු ලැබීමක් ගැනයි මම අදහස් පළ කළේයයි ඇමතිවරයා කියා සිටියි.

කාන්තා දූෂකයන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවිය යුතුය යන්න තම ස්ථාවරය වන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.
මම නො කියපු වචන කීපයක් අල්ලා ගෙන යම්කිසි පිරිසක් චෝදනා එල්ල කරමින් ඉන්නවා.’’තිස්ස කරල්ලියද්ද ඇමතිවරයා සංදේශයට කියා සිටියේය.

කෙසේ වෙතත්, කරල්ලියද්ද ඇමතිවරයා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට අචාර්ය දීපිකා උඩුගම ඇතළු සමාජ ක්‍රියාධරයන් එකසිය දාහත් දෙනෙක් ලිඛිතව බල කර සිටිති.
"අපට අවශ්‍ය කාන්තාවගේ ඉදිරි ගමනට රුකුලක් වන නායකත්වයක්".අචාර්ය දීපිකා උඩුගම බීබීසියට කියා සිටියාය.


නාමල් රාජපක්ෂ රග්බි නායකත්වයෙන් ඉවත්වේද?ඉවත් කරයිද ?

අලූත්ම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ‍්‍රී ලංකා රග්බි කණ්ඩායම ස්ථාන තුනක් පසුබැස 41 ස්ථානයේ පසුවෙයි.
දැන් පැවැත්වෙන ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලිය සහ පසුගිය අපේ‍්‍රල් මස කොරියාව සමග පැවැති පළමු තරගයේ ප‍්‍රතිඵල පමණක් මෙම ශ්‍රේණිගත කිරීම් ගණනය කිරීම් වලට යොදාගෙන තිබේ.
නවසීලන්ත කණ්ඩායමට ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ හිමිව ඇති අතර, දෙවැනි ස්ථානය දකුණු අපි‍්‍රකානු කණ්ඩායමටද, තෙවැනි ස්ථානය ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමටද හිමිව ඇත.
                                                                                   මෙහිදී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී.ජනාධිපති තුමාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා එම නායකත්වයෙන් ඉල්ලා අස්වේද?නැතහොත් ඉවත් කරයිද ?කියා විශාල ගැටළුවක් මතු වී තිබේ.ශ්‍රී ලංකා  ඉතිහාසයේ විශේෂ වූ තරගාවලි පරද වන සැම අවස්ථාවකම එම ක්‍රීඩා කණ්ඩායමේ නායකයා ඉවත් වීම සම්ප්‍රදායක් බැවින් නාමල් රාජපක්ෂ මහතාද ඉවත් වීමට බොහෝ ඉඩ කඩ ඇතෙයි ශ්‍රී ලංකා රග්බි ශේස්ත්‍රයේ ප්‍රවීණයකු අප සමග ප්‍රකාශ කල සිටියහ.තවද නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ක්‍රීඩා කරන්නේ නම් එතුමාට තිබෙන පීඩනය අඩු වීමට නම් .ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු T20 නායක දිනේෂ් චන්දිමාල් මහතා ඉවත් කල පරිදි    
නාමල් රාජපක්ෂ මහතාද ඉවත් විය යුතු එම ක්‍රීඩා ප්‍රවිනයා තව දුරටත් ප්‍රකාශ කල සිටියහ.

Tuesday 6 May 2014

සංධාන රජයේ රුපවාහිනී සංස්ථාවේ සභාපති මිනි මරයි




ඩී අයි ජී ප‍්‍රතාපසිංහ ඉතාලියේ නඳුන් ධර්මවික‍්‍රම සමග මිණීමැරු හැටි  මෙන්න තුෂාර ජයරත්න විසින් එලිකරයි පසුගිය දකුණු පලාත් සභාවට තරග වැදුනු ඩී අයි ජී ප්‍රතාපසින්හ සහ දැනට ඉතාලිය තුල වාසයකරන ප්‍රභල පාතාල නායකයෙකුවන නදුන් ධර්මවික්‍රම නැමති පුද්ගලයා විසින් මීගමුව අවුන්ගල්ල ප්‍රෙදේශයෙදි රන්මලිකා හෝටලයෙ ජීවක නැමති අයෙකු කොන්ත්‍රාත්තුවක් දී ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබි ඇති බවයි ඉතාලියෙන් ලැබේන වාර්තා සදහන් කරන්නේ කලක් නාවික හමුදාවේ සෙබෙලෙකු වශයෙන් කටයුතු කරන අතරතුර පසුව පොලිස් විශේෂ කාර්ය බලකායට එක්වී ඇත එතනින් කොළඹ දෙමටගොඩ ප්‍රෙදේශයේ පාතාලෙ ඕල්කට් නැමති පාතාල සාමාජිකායව දැන හදුන ගැනිමේන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායෙන් ඉවත්වී ඕල්කට් නැමති අපරාධකරු සමග එක්වී කොළඹ සහ දකුණේ ප්‍රෙදේශ ගනනවාක මන්කොල කෑම් මිනිමැරුම් කුඩු ගන්ජා ගණිකා ව්‍යාපාර මෙහෙවා ඇති අතර ඩී අයි ජී ප්‍රාතාපසින්හ නැමති පොලිස් නිලධාරියා සමග අවුරුදු ගනනාවකට පැවති මිතුදම හේතුවෙන් මොහුන් දෙදෙනා විසින් මීගමුවේ තරුණායේකු ආමී මල්ලි නැමති අයට රුපියල් ලක්ෂ 25ක කොන්ත්‍රාත්තුවක් ලබා දී අතර ඝාතනය කිරිමේන් පසුව සිය මුදල ආමී මල්ලිට නොලැබි හේතුවේන් නදුන් ධර්මවික්‍රම නැමත්තා විසින් ආමි මල්ලිට කනට පහරක් දී බස් එකෙ යෑම සදහ  රුපියල් පන්සීයක් දී ඇත පසුව ආමි මල්ලි මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියකට හසුවී තර්ජණය කිරිමේන් ඩී අයි ජී ප්‍රතාපසින්හ පිලිබදව සහ නදුන් ධර්මවික්‍රමසින්හ නැමැත්තා පිලිබදවත් සියලු තොරතුරු එලිකරන බවට ආමි මල්ලි විසින් පැවසීමත් සමග නදුන් ධර්මවික්‍රම ප්‍රාකාලයා විසින් ආමි මල්ලිට ඇප දීමේන් එලියට ගැනිමත් සමග ආමි මල්ලිට ජීවිතයත් මරණයත් අතර බියක් ඇති විය නමුත් ආමි මල්ලි එලියේ සිටින බව නදුන් ධර්මවික්‍රම සහ ඩී අයි ජී ප්‍රතාපසින්හ අවබෝද කරගත් මෙම දෙපල ආමි මල්ලිව ඝාතනය කිරිමට පිඹුරුබත් සැකසුවේය ඒ වෙන විටත් ආමි මල්ලි සිටියේ කැලණිය වරාගොඩ ප්‍රෙදේශයේ පසුව දිනක් නදුන් ධර්මවික්‍රමට තමන්ගේ විස්වාසවන්තයෙකුගෙන් තොරතුරක් ලැබුනේය මචන් ආමි මල්ලි ඉන්න තැන අපි හොයා ගත්තා අපි ඌට වැඩක් දෙන්නද නදුන්ගේන් විමසුවේය පසුව නදුන් මෙසේ පවසා ඇත එපා මන් මේ ගැන ඩී අයි ජී සර්ට කියන්නම් පසුව නදුන් සිය ජන්ගම දුරකතනයෙන් ඩී අයි ජී ප්‍රතාපසින්හට දැන්විය නදුන් බය වෙන්න එපා මගේ පෑලියගොඩ පොලීසීයේ සල්ලිවලට පොඩි පොඩි වැඩ කරන අය ඉන්නවා පසුව පෑලියගොඩ එස් අයි අජිත්ට ආමි මල්ලි පැහැර ගැනිමට අවශ්‍ය මුදල් සහ නොයෙකුත් වරප්‍රාසද දී පසුව නදුන්ට ලැබුන තොරතුර අනව පැලියගොඩ පොලිසීයෙ කණ්ඩායමක් වරාගොඩ ප්‍රෙදේශයට ආමි මල්ලි සැගවී සිටි නිවසට ගොස් අත්තඩන්ගුවට ගන්නා මුවාවේන් ආමි මල්ලිව පෑහැර ගත්තෙය මේ කිසිවක් නොදන්නා ආමි මල්ලි අවසන් ගමන් යන මොහතේ සර් මගේ ගෙදර කට්ටියට කතා කරන්න පුලුවන්ද කියා ඇසු විට බැහැ අපිට ඒක කරන්න අපි උඹව පොලිසීයට ගෙනියනවා පොලිස් ජීප් රථය හබා ආ සුදු වෑන් රථයට ආමි මල්ලි නැමැත්තාව භාර දීමෙන් අනතුරුව ආමි මල්ලි නැමැත්තාව හදුනානොගත් ජනාකීර්න ස්ථානයට ගෙනගොස් ඉතාම මිලෙච්ච අයුරින් පහර දී ඝාතනය කරන ලදී මීගමුවේ ජීවක මැරිමේ කොත්‍රාත්තුව රන්මලි හෝටලයේ අල්ලපු ඉඩමේ පදින්චි කාරිය විසින් දුන් ලක්ෂ විසිපහ නොදුන් ආමි මල්ලිට සිදුවුනේ තමා විසින් කරපු පප කර්මයට ප්‍රති විපාක විදින්නය ඒත් පොලිසීය ආමි මල්ලිව අත්තඩන්ගුවට අරගත්තානම් සිදු කරන්න තිබුනේ නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් පැමිණිමයි එසෙ නොකර ඔහුව පැහැරගෙන ගොස් අපරාධකරුවන්ට භාර කරමින් ඔහුව මරා දැමිම රටේ නීතියට බරපතල විපාක ගෙන දෙන ඉතාමත් කේදජනක සිද්ධියකි.  අද මුලු පොලිස් දෙපාර්තුමේන්තුව මේ සිදුවීමට වග කියයුතුයි අපෙ රටතුල ස්වාධින පොලිස් කොමිසමක් පත් කලයුත්තේද මෙවන් වකවානුකවක් තුලදිය එදා හසිත මඩවල ඝාතනය කිරිමට සින්ගප්පූරු සරත්ට ආයුධ දුන්නෙද නදුන් ධර්මවික්‍රමය දකුණේ පාතාලය මෙහෙවු මෙවන් පුද්ගලයන්ට වහම දඩුවම් දියයුතුයි ඉදිරියේදිද නදුන් ධර්මවික්‍රමගේ පාතාලයේ මිලෙච්ච ක්‍රියා එලිදරව් කිරිමට අපි බැදි සිටින්නේමු එසෙනම් අරගලයෙන් තොර ජයක්ග්‍රාණයක් නොමැති බව සිහිපත් කරමින් මා ඔබේන් සමු ගන්නවා! මර්වින් සිල්වාගේ අපරාධකරුවන්ට නිසි පාඩමක් උගන්වමු! තුෂාර ජයරත්න මහතා සමග මදුශන්ක ගනේගොඩ!

Monday 5 May 2014

ජනාධිපති පුතාගේ සුපොගබෝගී රිය අනතුරේ ඇත්ත කතාව....

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ රථ ගොන්නේ එක් රථයක් ඊයේ (01) බොරැල්ල නාරාහේන්පිට පාරේ දී ත්‍රී රෝද රියක ගැටී ඇත. ඇමෙරිකාවේ ෆෝඩ් සමාගමේ නිෂ්පාදනය කැරෙන ෂෙල්බි ජි ටී 500කාරයක් වන මෙය අධි සුඛෝපභෝගී වාහන ගොන්නට අයත් ය.
අනතුර සිදු වී පැයක් ඉක්ම යාමට ප්‍රථම පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ අදාල රථය වාහනයක පටවා ගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසා ඇත.
රිය අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියැදුරුගේ කකුල කැඩී ඇති අතරඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත. අධි සුඛෝපභෝගී රථයේ රෝදයක් ගැලවී ගොස් ඇති අතර, ඩිකියට ද හානි සිදු වී ඇත. අදාල රථයේ ලියාපදිංචි අංකයක් හෝ ගරාජ් අංකයක් හෝ සඳහන්ව තිබී නැත.
මෙවැනි අධි සුඛෝපභෝගී කාරයක ඇමෙරිකාවේ මිල ඩොලර් 55110 ක් පමණ වන අතර, එය ලංකාවේ මුදලින් රුපියල් 7274520 පමණ වේ. නමුත් මෙවැනි කාරයක ලංකාවේ වටිනාකම කෝටි 05කට අධික වේ.
(ඡායාරූප - ලංකාදීප)