Monday 23 June 2014

කාන්තා යට ඇදුම් සදහා වෙන්වූ දිනයේ සිදු වූ ලිංගික සැමරුම

ලොව බහුතරයක් කාන්තාවන් ඉතා උනන්දුවෙන් සමරන එහෙත් ලංකාවට ආගන්තුක ‍ ලෝක නෝ පෑන්ටිදිනය ජූනි මස 22 වනදාට යෙදී තිබුණි. සමාජ ජාල ඔස්සේ ගොඩනගාගත් කථිකාවතකින් පසුව මෙම දිනය සැමරීම මීට වසර දෙකකට පෙර ඇරඹිණ.
ජුනි 22 වනදායින් පසුව එළඹෙන ජුලි 09 වනදා ලෝක No Bra Day ලෙස හඳුන්වනු ලැබේ.
මෙම දින ලොවපුරා ප්‍රචලිත නමුත් ශ්‍රී ලංකාවට නම් තවමත් ආගන්තුක දින වේ.

බුදුන් හිමි කි අපාය පොළවෙන් මතුවේ..... මෙන්න


Friday 20 June 2014

ඉන්දීය තරුණයෝ බංගලාදේශ ක්‍රීඩක ශකිබුල් හසන්ගේ බිරිද සමුහ ලෙස දුෂණය කරයි

ඉන්දියාව සමග පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් නතර කළ අවස්ථාවේ බංග්ලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන්ගේ බිරිඳට ලිංගික අතවරයක් කළ බව කියන තරුණයෙක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ෂකිබ් අල් හසන්ගේ බිරිඳ වන අහමඩ් ෂිෂිර්ට පසුගිය ජූනි 15 වන දා එලෙස අතවර කර ඇත්තේ, එරට ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ 23 හැවිරිදි පුතෙකි.
මේ සම්බන්ධයෙන් ෂකිබ් අල් හසන් මීර්පූර් පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම ප්‍රකාශය අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මීර්පූර් පොලිසිය පවසන්නේ, තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ය.
මෙම අතවරය සිදුවූ අවස්ථාවේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් අතවර කළ පුද්ගලයින්ට පහර දී තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, ෂකිබ් අල් හසන් ද නිලධාරීන් සමග එක්ව ඔවුන්ට පහර දුන් බව ය.

Thursday 19 June 2014

Facebook ඇන හිටියි

Facebook සමාජ වෙබ් අඩවිය මීට සුළු මොහොතකට පෙර ක්‍රියාවිරහිතවීමට ලක් වුණා. මේ හේතුවෙන් ලොව පුරා සිටින Facebook සමාජ වෙබ් අඩවියේ සාමාජිකයින් දැඩි අපහසුතාවයකට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වන්නේ. කෙසේ වෙතත් Facebook පරිඝණක ඉංජිනේරුවන් විසින් කෙටි කාලවේලාවක් තුළ Facebook සමාජ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කරනු ලැබුවා. 

Facebook
සමාජ වෙබ් අඩවිය ක්‍රියාවිරහිතවීමට ලක් වූ අවස්ථාවේ දි ඔවන්ගේ වෙබ් අඩවියේ දිස් වූ පණිවුඩය පහතින් බලන්න....

Tuesday 17 June 2014

මාතර ශ්‍රී.ළං.නි.ප යෝ මාලක සිල්වා වෙනුවට මංගල සමරවීර තෝරා ගනී ද..?

මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මාතර දිස්ත්‍රික්කයෙන් ලබන මහ මැතිවරණය සඳහා ගෙන ඒමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව ආණ්ඩුව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ හෙයින් ලබන මහ මැතිවරණයට ඉදිරිපත් නොවී මාතර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය උදෙසා ඇප කැප,ඒ වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් මර්වින් සිල්වාට ලබා දීමට ආණ්ඩුවෙ ප්‍රභලයෙක් කැමැත්ත පලකොට ඇත.

මෙසේ මාලක සිල්වා මාතර ප්‍රදේශයෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ ඔහු මගින් දුරාවේ කුලයේ ඡන්ද ආකර්ශණය කර ගැනීමටයි. දුරාවේ කුලයේ ප්‍රභලතම අපේක්ෂකයා වන හිටපු විදේශ අමාත්‍ය මාතර එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතාට ප්‍රභල සටනක් දීමට ජනාධිපතිවරයාගේ අරමුණයි.

මාතර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රතිශතයක් දුරාවේ ඡන්ද ඇති බැවින් ඔවුන්ව ආකාර්ශණය කර ගැනීමේ වැඩ පිලිවෙලක් මාතර දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරුම මහතාට නොමැතිවීම හේතුකොට ගෙන මෙම තීරණයට එළඹී ඇත.

සිය පුත්‍රයාගේ ඡන්ද ව්‍යාපාරය මේ වන විට ආරම්භ කොට ඇති මර්වින් සිල්වා ඇමතිවරයා පසුගිය පොසොන් පෝය උදෙසා මාතර නගරයේ විශාල බත් දන්සැලක් සංවිධානය කරනු ලැබීය. සාමාන්‍යන් මෙම පොසොන් බත් දන්සැල ඇමතිවරයා සංවිධානය කරනු ලබන්නේ කැළණිය ප්‍රදේශයේ වුවත් මෙවර එය මාතර ප්‍රදේශයේ පැවැත්වීමට මර්වින් ඇමතිවරයා තීරණය කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිටය.

මෙම පුවත් වාර්තා වීමෙන් පසු මාතර ප්‍රදේශයේ ජනතාව සේම මාතර දිස්ත්‍රික්කයේ වෙරල බඩ කලාපයේ ප්‍රබල ප්‍රාදේශීය සභා සභාපතිවරු දෙදෙනෙක් හා හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් උරණ වී ඇති  බවටද වාර්තා වේ.ඔවුන්ට දුරාව කුලයෙන් ප්‍රබල චන්ද පදනමක් තිබෙන බැවින් ඔවුන් පළාත් සභා මැතිවරණ වලදීද සැලකිය යුතු චන්ද ප්‍රතිශතයක් ගොඩනගා ගෙන ඇති බව  පසුගිය පළාත් සභා මැතිවරණ වලදී දක්නට ලැබුණු බවද වාර්තා වේ.මලක සිල්වා මාතර දිස්ත්‍රික්කයෙන් චන්දයකට ඉදිරිපත් වන්නේ නම් ඔවුන් ඔවුන්ගේ හිටපු ශ්‍රී.ලං.නි .ප මාතර දිස්ත්‍රික් නායක එ .ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සමග නැවත එක් දේශපාලන ගමනක් යාමට සුදානම් වී සිටින බවක් පෙනෙන්නට අතෙයි වාර්තා වී තිබේ.එහි මුලික පියවර ලෙස අදාල සභාපතිවරු දෙදෙනා හා හිටපු ඇමතිවරයාගේ පුත්‍රයා මංගල සමරවිර මහතාගේ සම්බන්ධිකරණ ලේකම් කෙනකු හා රහසිගත සාකච්චාවක් පවත්වා ඇති බවය.වහෙන් මාතර දේශපාලනය උඩු යටි කුරු කාරණයක් බලාපොරොත්තු විය හැකි බව අප කාටත් පෙනෙන්නට තිබෙන දසුනක් වී තිබේ.

මහාමැතිවරණයට මර්වින් සිල්වා මාතරින්....

මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මාතර දිස්ත්‍රික්කයෙන් ලබන මහ මැතිවරණය සඳහා ගෙන ඒමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව ආණ්ඩුව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ හෙයින් ලබන මහ මැතිවරණයට ඉදිරිපත් නොවී මාතර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය උදෙසා ඇප කැප,ඒ වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් මර්වින් සිල්වාට ලබා දීමට ආණ්ඩුවෙ ප්‍රභලයෙක් කැමැත්ත පලකොට ඇත.

මෙසේ මාලක සිල්වා මාතර ප්‍රදේශයෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ ඔහු මගින් දුරාවේ කුලයේ ඡන්ද ආකර්ශණය කර ගැනීමටයි. දුරාවේ කුලයේ ප්‍රභලතම අපේක්ෂකයා වන හිටපු විදේශ අමාත්‍ය මාතර එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතාට ප්‍රභල සටනක් දීමට ජනාධිපතිවරයාගේ අරමුණයි.

මාතර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රතිශතයක් දුරාවේ ඡන්ද ඇති බැවින් ඔවුන්ව ආකාර්ශණය කර ගැනීමේ වැඩ පිලිවෙලක් මාතර දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරුම මහතාට නොමැතිවීම හේතුකොට ගෙන මෙම තීරණයට එළඹී ඇත.

සිය පුත්‍රයාගේ ඡන්ද ව්‍යාපාරය මේ වන විට ආරම්භ කොට ඇති මර්වින් සිල්වා ඇමතිවරයා පසුගිය පොසොන් පෝය උදෙසා මාතර නගරයේ විශාල බත් දන්සැලක් සංවිධානය කරනු ලැබීය. සාමාන්‍යන් මෙම පොසොන් බත් දන්සැල ඇමතිවරයා සංවිධානය කරනු ලබන්නේ කැළණිය ප්‍රදේශයේ වුවත් මෙවර එය මාතර ප්‍රදේශයේ පැවැත්වීමට මර්වින් ඇමතිවරයා තීරණය කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිටය.

                                                       මෙම පුවත් වාර්තා වීමෙන් පසු මාතර ප්‍රදේශයේ ජනතාව සේම මාතර දිස්ත්‍රික්කයේ වෙරල බඩ කලාපයේ ප්‍රබල ප්‍රාදේශීය සභා සභාපතිවරු දෙදෙනෙක් හා හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් උරණ වී ඇති  බවටද වාර්තා වේ.ඔවුන්ට දුරාව කුලයෙන් ප්‍රබල චන්ද පදනමක් තිබෙන බැවින් ඔවුන් පළාත් සභා මැතිවරණ වලදීද සැලකිය යුතු චන්ද ප්‍රතිශතයක් ගොඩනගා ගෙන ඇති බව  පසුගිය පළාත් සභා මැතිවරණ වලදී දක්නට ලැබුණු බවද වාර්තා වේ.මලක සිල්වා මාතර දිස්ත්‍රික්කයෙන් චන්දයකට ඉදිරිපත් වන්නේ නම් ඔවුන් ඔවුන්ගේ හිටපු ශ්‍රී.ලං.නි .ප මාතර දිස්ත්‍රික් නායක එ .ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සමග නැවත එක් දේශපාලන ගමනක් යාමට සුදානම් වී සිටින බවක් පෙනෙන්නට අතෙයි වාර්තා වී තිබේ.එහි මුලික පියවර ලෙස අදාල සභාපතිවරු දෙදෙනා හා හිටපු ඇමතිවරයාගේ පුත්‍රයා මංගල සමරවිර මහතාගේ සම්බන්ධිකරණ ලේකම් කෙනකු හා රහසිගත සාකච්චාවක් පවත්වා ඇති බවය.වහෙන් මාතර දේශපාලනය උඩු යටි කුරු කාරණයක් බලාපොරොත්තු විය හැකි බව අප කාටත් පෙනෙන්නට තිබෙන දසුනක් වී තිබේ.

කැලැ පාලුවෝ දෙනියාය රක්ෂිත සියල්ල විනාස කරයි.

මුළු ලෝකයෙන්ම ගත් කල ශ්‍රී ලංකාවට සෝභා සුන්දරත්වය අනුව ලැබෙන්නේ ප්‍රමුකම ස්ථානයකි.මන්ද ලෝකයේ පිරිසිදුම පානීය ජලය තිබෙනුයේ ශ්‍රී ලංකාවේ දෙනියාය සිංහරාජ රක්ෂිතය හා දියදාව රක්ෂිතය ආසන්නවය.එහෙත් දැනට මතුවී තිබෙන වට  පිටාව අනුව එම ජල උල්පත් තවත් වසරකට හෝ වසර කිහිපයකට පමණක් සිමා වෙතෙයි එම ප්‍රදේශ වාසින් ප්‍රකාශ කරයි.මන්ද එහි ආසන්නම සිදුවීම සිදු වී  තිබුනුයේ 2014 - 06- 14,15,16,17 යන දින කිහිපයේ දෙනියාය පල්ලේගම අරණ්‍ය සේනාසනය පිටුපස තිබෙන දියදාව රක්ෂිතයේ කලාමුල්දෙණිය ජාල පෝෂණ කලාපයේ සිදු වී තිබෙන වන සංහාරයි.මෙහිදී ප්‍රාදේශයේ රැකියාවක හෝ නිරත නොවන යම් පුද්ගලයකු මුලික කරගනිමින් 50 ක් පමණ පිරිසක් බන්ඩි කියත්,ගස් කපන යන්ත්‍රි සූත්‍ර යොදා ගනිමින් වල්ල පට්ට ලබා ගැනීමේ චේතන්වෙන් විශාල ප්‍රමාණයේ වන සංහාරයක් සිදු කරන බව වාර්තා වී තිබේ.මේ පිලිබදව අදාල බලධාරීන් නිසි ලෙස සොයා බලා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේ ජාතික අපරාධයක් බවට පත් වී තිබේ මේ පිළිබධව සොයා බලා නිසි අයුරින් ක්‍රියාත්මක වී ජාතියේ අනාගත දු පුතුනට පිරිසිදු වතුර ටිකක් බොන්න ඉඩ හසර සදා දෙන මෙන් දෙනියාය ජනතාව සේම ශ්‍රී ලංකික අප සැමද  ඉල්ලා සිටිමු

Monday 16 June 2014

සනත් ජයසුරිය ත්‍රිවිල් රියදුරාගෙන් රුපියල් 1000 හිගා කයි

නියෝජ්‍ය තැපැල් ඇමති සනත් ජයසූරිය මහතා පසුගිය දිනක සිය වාහනයට සිදුවූ හානියක් සම්බන්ධයෙන් අපූරු වන්දියක් ලබාගෙන ඇත. 
ප්‍රකට පාසලක් ආසන්නයේ රිය පදවමින් සිටියදී වාහනය නතර කිරීමේදී ඒ අසලින් පැමිණි ත්‍රී රෝද රථයක් ජයසූරිය මහතාගේ රථයේ යාන්තමින් ගැටී තිබේ. 
එම අනතුරෙන් සනත්ගේ මෝටර් රථයට සිදුව ඇත්තේ සුළු සීරීමක් පමණි. 
එයට ත්‍රීවිල් රථයේ පැමිණි රියදුරා සනත් ජයසූරිය වෙත ගොස් ඉතා යටහත් පහත ලෙස සමාව ඉල්ලා තිබේ.
නමුත් සමාව අනවශ්‍යය බවත් තමාගේ අලාභය ගෙවන ලෙසත් අලාභය නොගෙවන්නේ නම් පොලිසි යාමට සූදානම් වන ලෙසත් සනත් ජයසූරිය විසින් තර්ජනයකොට ඇත.
ත්‍රිවිල් රථ රියදුරාගේ ආයචානයට සනත් එකඟ නොවූ හෙයින් අවසානයේ පොලීසියද එම ස්ථානයට පැමිණි ඇත.
පොලීසිය සිදුව ඇති අලාභය දල වශයෙන් ගණනයකොට පවසා ඇත්තේ එම සිරීම් පහර මකා දැමීමට රුපියල් 1000 ක් පමණ වැය වනු ඇති බවයි. 
රුපියල් 1000ක් වන්දියක් ගෙවීමට ත්‍රි රෝද රථ රියදුරාට හැකියාවක් තිබී නොමැති අතර ඔහු අසල සිටි හිතවතෙකුගෙන් රුපියල් 1000 ක් ඉල්ලාගෙන සනත් වෙත ලබා දී ඇත. 
එම රුපියල් 1000 ඉල්ලාගත් සනත් වාහනයේ නැගී ගොස් ඇත.

Wednesday 4 June 2014

හිටපු මහා ඇමති අතුල විජේසිංහගෙන් දයාසිරිට ''පුටු'' පහරක්

මම ගොඩක් කාලෙකට පස්සේ මේ කතාකරන්නේ. ලංකාදීප පත්තරේ ගිහින් තිබුණා මහ ඇමතිවරයාගේ ප්‍රකාශයක් එක්ක කලින් ඇමතිවරුන්ට ඕන ඕන විදියට පත්වීම් දීලා තියනවා කියලා. මම මේ කියන්නේ කාටවත් රිදවන්න නෙමෙයි. වයඹ ප්‍රධාන අමාත්‍යංශයේ අදටත් පුරප්පාඩු විශාල ගණනාවක් තියනවා. එව්වා හොයාගෙන පත්වීම් ගහන්න මොලයක් තියෙන්න ඕනේ. හරි හමන් ලේකම්වරු ඉන්න ඕනේ මෙව්වා හොයලා බලලා කරන්න. මම වයඹ මහ ඇමති විදියට අවුරුදු 12 ක් හිටියා. අපි කවදාවත් පූර්ව අමාත්‍යවරුන්ට අපහාස කරලා නෑ. මම පජාති වැඩ කරලා නෑ. කරන්නෙත් නෑ. දෙන්න පුළුවන් පත්වීම් මම දුන්නා තමයි. අදටත් බත් කටක් හරි කන ඒ පත්වීම්ලාභීන් දන්නවා මේ බත් කට හරි කන්නේ අතුල විජේසිංහ හින්දා කියලා - හිටපු මහා ඇමති අතුල විජේසිංහ මහතා 

දකුණු පළාත් චන්ජයේ නිම නොවන ගැටුම ''නිල් බලකායෙන්'' එලියට

අද (04) තංගල්ල බස්නැවතුම් පොලේදී සමරප්පුලිගේ ප්‍රභාත් චන්දන නැමති පෞද්ගලික බස් කොන්දොත්තර වරයාට වෙඩිතබා ඝාතනය කිරීම, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සමීපතමයෙකු වන පල්ලික්කුඩාවේ උක්කුවා හෙවත් උක්කුං මල්ලිගේ ක්‍රියාවක් බව හෙළිවෙමින් තිබේ.

පෙරවරු 11.50ට පමණ ප්‍රභාත් බසයට සෙනග පටවා පිටත්ව යෑමට සූදානම් වෙද්දී හෙල්මට් වලින් මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් පසුගියදා වෙඩි තැබුවද මරණින් දිවි ගලවා ගත් අමිල නමැත්තා සිටින්නේ කොහිදැයි විමසා ඇත. තමා ඒ බවක් දන්නේ නැතැයි කී විට ඇයි තෝ නේද උගේ හොඳම යාලූවායයි විමසනවත් සමග එක් අයෙක් පිස්තෝලයක් ඇද ඔහුගේ හිසටම වෙඩි තබා තිබේ. ප‍්‍රභාත් බස් කොන්දොස්තර එතැනම මරණයට පත්විය. අමිල නමැත්තාට අපරාධ චෝදනා තිබුනද ඔහුගේ මිතුරෙක් වූ ප‍්‍රභාත්ට එවැනි කිසිදු අපරාධ චෝදනා තිබූ අයෙක් නොවන බව වාර්තා වන අතර, නමුත් අමිලගේ හොඳම මිතුරෙකි.

මෙම අපරාධය සිදුවෙද්දී තංගල්ල නගරයේ පොලිසියද සිටි අතර දෙනෝදහක් ජනතාවද සිටියේය. නමුත් මිනීමරුවන් කිසිදු බාධාවකින් තොරව අධි ආරක්ෂක කලාපය හරහා පලා ගියහ.

පසුගිය පළාත් සභා මැතිවරණයේදී රාජපක්ෂ පවුලේ ඉතා සමීපතමයෙකු වූ චන්ඩිමල්ලී‍ගේ පුතා වන එන්. කේ. කසුන් හට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පූර්ණ සහයෝගය පළ උක්කුවා වැඩ කළේද කසුන්ටය. කසුන්ගේ ප්‍රතිවාදියා බවට පත්ව සිටි ඩී. වී. උපුල් ගේ කාර්යාල වලට වෙඩි තබමින් ප්‍රහාර ගනනාවක්ම එම මැතිවරණ සමයේදී කසුන්ගේ ගෝලයන් විසින් එල්ල කරන ලදී.

මෙම උක්කුවා නැමැත්තා මෙයට පෙර මණුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ බවද අනාවරණය වේ. මෙයට වසර දෙකකට පමණ පෙර තිස්ස පාරේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට මොහු සම්බන්ධය.

පසුගිය මැයි 22 දා තංගල්ල අධිකරණය ඉදිරිපිටදී ඝාතනයට තැත් කළ අමිල රාජපක්ෂ නමැත්තාට වෙඩි තැබීමට හේතුව නිල් බලකායෙන් කැඞී එයට විරුද්ධව ක‍්‍රියා කිරීම බවට සැකයක් ඇති අතර මෙම වෙඩි තැබීමද පල්ලිකුඩාවේ උක්කුවා මෙහෙයැවූ වක් බවට හෙළිව තිබේ.


 (ලංකාඊනිව්ස්/ලංකාටෘත් ඇසුරෙණි)


Monday 2 June 2014

සමලිංගිකයන් අතර ප්‍රේමය ඇති වෙනවා,ගයත්‍රි ඩයසුයි මමයි --නයනා කුමාරි

01.නයනා අක්කා මේ වෙද්දි රංගන ශිල්පිනියක්ද රූපලාවණ්‍ය ශිල්පිනියක්ද?මම රංගන ශිල්පිනියක්. මම මීට අවුරුදු ගාණකට කලින් රූපලාවණ්‍ය ඉගෙන ගත්තා. මේ වන විට කලා කටයුතුවලින් මම ගොඩාක් අෑත් වෙලා ඉන්නේ. මට අවුරුදු 08ක පුතෙක් ඉන්නවා. ඉතින් එයා ගැන බලන්නත් ඕනෑ. ඒකට කාලෙ අවශ්‍යයි. මට හිතුණා ඉගෙන ගත්තු දේවලින් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් දැනට වසර 06ක විතර ඉඳන් මම රූපලාවණ්‍ය ශිල්පිනියක් විදියට කටයුතු කරනවා.

02.කලා ක්‍ෂේත්‍රය ගැන කලකිරීමෙන් නෙවෙයි නේද?
අනේ නෑ මැරෙනකන් මට කලා ක්‍ෂේත්‍රය ගැන කලකිරීමක් ඇති වෙන්නේ නෑ. මට විවිධ චරිත හම්බවුණා. ඒ හැම දේටම මම උපරිම සාධාරණය කළා. හැමෝගෙම හිත්වල බොහොම ආදරණීය විදියට රැඳුණා. ඉතින් මට කිසිම කලකිරීමක් නෑ, තෘප්තියක් මිසක්. සම්මාන ගැන කතා කළත්, ජනප්‍රියම වගේම දක්‍ෂතම ආදී ගන්න පුළුවන් හැම සම්මානයක්ම මට ලැබුණා. මගෙ හිතේ ඊර්ෂ්‍යාව, කුහකකම නෑ, හෙට මට මාලනී අක්කගේ අම්මට රඟපාන්න කිව්වත් මම භාරගන්නවා.


03.නයනා ඔයා ඒ කාලෙට වඩා හරිම Sexy,හරිම Hot කියන පිරිමි නැද්ද?
එහෙම මට කවදාවත් කියලා නැහැ. මගේ ළඟ ඉන්න හිතවත් රංගන ශිල්පිනියන් මට නිතර දෙවේලේ හම්බවෙන රසිකාවියන් නම් මාව අගය කරනවා. හැබැයි නංගී පිරිමි නම් මට එහෙම කියන්නෙ නෑ. එදා ඉඳන් එයාලා මට පොඩි අඥඵනඥජබ එකක් ඇතිවයි කතා කළේ. මට පිස්සු වැටිලා අරයා පස්සෙන් ආවා කියලා මට බොරු කියන්නත් ඕනෑ නෑ. ඇත්තටම එහෙම වෙලා නෑ, සමාජයේ ඉන්න කාන්තාවෝ නම් මට සුන්දරයි, ලස්සනයි කියලා කිව්වා. හදවත හොඳට තියෙනවා නම් හැම කෙනාටම මෙහෙම ඉන්න පුළුවන්.


04.ඇයි පිරිමි එහෙම නොකියන්නේ?
පිරිමි එහෙම කියලා නෑ. හැබැයි හිතේ ඇති. සමහරවිට බයද දන්නේ නෑනේ. මොකද සමහරු මගෙන් ගුටි කාලත් තියෙනවා.


05.ඒ කියන්නේ නයනා අක්කට ලස්සනයි කියන පිරිමින්ට නයනා අක්කා ගහනවද?
මම ඉතින් ඉස්සර ඉඳන්ම ටිකක් වෙනස්, අමුතුම ගැහැනියෙක්. සමහරු විහිළු කරන්න ඇවිත්, මගේ දෑතින් අල්ලන්න ඇවිත් මම ගහන්න ගිහින් තියෙනවා. ඉතින් අදටත් මම ඒ නළුවෝ එක්ක රඟපාන්නේ නෑ. මේවා වුණේ මම ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලේ


06.නවක නිළියන්ට මෙවැනි දෑට මුහුණ දෙන්න බැරි නිසාද ක්‍ෂේත්‍රය හොඳ නෑ කියන්නේ?
මම අවුරුදු 13දී 14දී වගේ තමයි ක්‍ෂේත්‍රයට එන්නේ. මම නාට්‍යකරණය ඉගෙන ගත්තා. අවුරුදු 05ක් එකදිගට. එහෙම හදෑරීමක් තියෙන නිසාම අපිව වට්ටන්න බෑ, කිසිම දේකට නම්ම ගන්න බෑ. වෙන වෙන දේවල් උගසට තියලා මට ක්‍ෂේත්‍රයේ රැඳෙන්න ඕන වුණේ නෑ. මම දක්‍ෂතාවය හා හැදෑරීම ඇතිව ආපු නිසා මට එවැනි අභියෝගවලට මුහුණ දෙන්න ශක්තිය තිබුණා. ඔතෙලෝ, ශේක්ස්පියර්, පෝරිසාදයෝ, මැක්බත් වගේ එකකට එකක් වෙනස් වේදිකා නාට්‍යවල රංගනයේ යෙදුණා. ඒ පන්නරය, ඒ හැකියාව, ඒ අත්දැකීම් මත තමයි අපි පුංචි තිරයට ආවේ. එහි රඟපෑමක් දෙකක් දැක්කා විතරයි මට ආරාධනා ගලාගෙන ආවා. හිංසාවත්, පීඩාවත් නැතිව මගේ ගමන මම ගියා.


07.වයස 35, 40 වුණ නිළියෝ, තිරයේදී වයස 18, 20 පෙම්වතියගේ චරිතය රඟපාද්දි මොකද හිතෙන්නේ?
1954දී තිරගත වුණු අහංකාර ස්ත්‍රී චිත්‍රපටයට මට ආරාධනා කළා. එහි මම රඟපෑවේ පෙම්වතියගේ චරිතය. ඒක හරිම වෙනස්. හැබැයි මම පෞද්ගලිකව කැමැති නෑ. දැන් මල් ගස් වටේ දුවන 18 පෙම්වතියගේ චරිතය රඟපාන්න. ඒවා කරන්න අද අලුත් අය ඉන්නවා.


08.ටෙලිනාට්‍ය නිළියක් විදියට හැමෝගෙම හිතාදරයට පත් වුණ නයනා අක්කට ඇයි සිනමාව සරසන්න බැරි වුණේ?
මට බොහොම දක්‍ෂ අධ්‍යක්‍ෂවරු කතා කළා. මම මේවා හැමතැනම කියලත් නැහැ. ඇත්තටම වසන්ත ඔබේසේකර මහත්මයා සංගීතාට 'සලෙළුවරම' චිත්‍රපටයට ආරාධනා කරන්න කලින් මටයි එයට ආරාධනා කළේ. Script එක පවා එතුමා මට දුන්නා. එහි තිබුණු සමහර දර්ශනවලට පෙනී සිටින්න මට බැහැයි කියලා හිතුණා. එවිට මම පෙම්වතියක්. මම වසන්ත ඔබේසේකර මහත්මයාට කිව්වා මට ඒ චරිතය කරන්න බෑ එහි උප ප්‍රධාන චරිතය හෝ නිකන් හිටගෙන ඉන්න චරිතයක් හරි මම කරන්නම් කිව්වා. මම එහෙම කිව්වම එතුමාට තරහා ගිහින් මාව එළවා ගත්තා. තවත් බොහෝ සම්මානයට පාත්‍ර වුණු සිනමා නිර්මාණවලට මට කතා කළා. නමුත් මම හිටියේ එක්තරා ප්‍රතිපත්ති ටිකක් එක්ක. ඒ නිසා මම බොහෝ නිර්මාණ භාර ගත්තේ නෑ.


09.හරි අපි හිතමු ඉන්දියාවේ සුපිරි අධ්‍යක්‍ෂවරයෙක් නයනා අක්කට ප්‍රධාන චරිතයකට ආරාධනා කරනවා. එහි සිප වැලඳගැනීමේ දර්ශනයක් තිබෙනවා. අක්කා ඒකත් ප්‍රතික්‍ෂේප කරනවාද?
මම ප්‍රතික්‍ෂේප කරනවා. එවැනි දර්ශනවලට සම්බන්ධ වුණ සමහර රංගන ශිල්පිනියෝ දුක් වුණ හැටි මම දැකලා තියෙනවා. මම ඒ ගැන අවබෝධයක් ඇතිව මම එය භාර ගන්නේ නෑ. ඉන්දියානු අධ්‍යක්‍ෂවරයෙක් මට ආරාධනා කළා. එහි එවැනි දර්ශනයක් තිබුණා මම එය ප්‍රතික්‍ෂේප කළා. මේ කතාවත් මම ප්‍රසිද්ධියේ කියන පළමුවැනි වතාව මේ. මගේ තියෙන දේවල් නැතිකරගෙන, ඒවා පෙන්නගෙන එවැනි චරිත හඹා යෑමේ පිපාසයක් මට තිබුණේ නැහැ.


10.නයනා අක්කට ලැබෙනවා මිලියන ගාණක් වටිනා ප්ලාස්ටික් සැත්කමක් නොමිලේ කරගන්න, ඔයා ඒ සැත්කම හරහා වෙනස් කරගන්නේ ශරීරයේ මොන කොටසද?
මම සැත්කම ප්‍රතික්‍ෂේප කරකවා. මම මහා ලොකු රූපසුන්දරියක් නෙවෙයි නමුත් කාන්තාවක් විදියට මට උසට ගැළපෙන සිරුර, එහි හැඩය, පැහැය හැමදේම ප්‍රමාණවත්, ඒ වගේම මගේ මුහුණ එහි හැඩය, ඇස්, දත් කොණ්ඩය හැමදේම තියෙන්න ඕනෑ විදියට පිහිටලා තියෙනවා කියලා මට හිතෙනවා.


11.ක්‍ෂේත්‍රයට ඇවිත් ජනප්‍රිය තලයේ ඉද්දි, අඩු වයසින් නයනා අක්කා විවාහ වුණා, දැන් හිතෙන්නේ නැද්ද අපරාදෙ මම සුමිත්ව බැන්දේ කියලා?
මගේ පළමුවැනි ටෙලිනාට්‍යයේ හිටපු සහාය අධ්‍යක්‍ෂවරයා තමයි සුමිත්. එහිදී අපි පෙම්වතුන් වුණා. අපි වසර 09ක් ආදරය කරලා විවාහ වුණා. මම හිතනවා හැමදේම වෙන්න සුදුසු වයසක් තියෙනවා කියලා, විශේෂයෙන් ගැහැනු ළමයෙක්ට, වැඩිවියට පත්වෙන තැන ඉඳලා, ආදරය කරලා විවාහ වෙලා දරුවෙක් හදන තැන දක්වාම සුදුසු වයසේදී වෙන්න ඕනා. මේ හැමදේම නිසි වයසේදී මම කරගත්තා. ඒ ගැන සතුටක් මිසක දුකක් නැහැ.
මගේ වයසේ සමහර අය තවම බැඳලත් නෑ. හම්බවුණාම මම උන්ට බනිනවා. මොකද බං උඹලා බඳින්නේ නැත්තේ කියලා. නිසි වයසේදී මේ දේවල් නොවුණාම මානසිකව ඇද වැටෙනවා. ඒ නිසා මම තෘප්තිමත්.
ඇත්තටම අවුරුදු 09ක් Love කර කර හිටපු කාලේ මම මගේ දරුවා හදාගත්තා නම් අද මගේ කොල්ලා හොඳ වයසේ. අපරාදෙ එහෙම පුළුවන් වුණා නම් මම මුලින් දරුවා හදලා පස්සේ බැඳගන්නවා. ඒ ගැන නම් මම පසුතැවෙනවා.


12.ඔච්චර ආදරේ කරන නයනා අක්කගේ සැමියා සුමිත්ගේ අනියම් සම්බන්ධයක් ඔයාගෙ අතට අහුවුණොත් ඔයා මොකද කරන්නේ?
එහෙම වෙනවා නම් හොඳයි. ඒත් අපේ මිනිහා එහෙම නොකරන එකනේ දුක. ඇත්තටම එහෙම වුණොත් පළමුවැනි වතාවෙ මම කියයි මොකක්ද මේ කරන්නේ, මේක නතර කරන්න කියලා. නමුත් දෙක, තුන, හතර වුණොත් නම් කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ.


13.ක්‍ෂේත්‍රයේ ඔබ ළඟින්ම ඇසුරු කරන මිතුරිය කවුද?
මිතුරෝ, මිතුරියෝ ගොඩාක් ඉන්නවා. මේ අතුරින් ගයාත්‍රි ඩයස් සුවිශේෂියි. අපි ගොඩාක් කල් ඉඳන් හඳුනන්නේ. ඒ කාලේ ඇයට චන්නවත් හමුවෙලා නෑ. එදා ඉඳන් අපි හොඳ හිතවතියෝ. ගයාත්‍රිත් විවාහකයි, මාත් විවාහකයි අපිට දරුවෝ ඉන්නවා, අපි හැමදේම කතා කරනවා. දුක සැප බෙදා ගන්නවා. අපි හොඳ යාළුවෝ.


14.නයනා - ගයාත්‍රි මිතුදම ගැන සමහරු වෙන විදියකට අර්ථකථන දෙනවා නේද?
විවිධ මානසික මට්ටම් තියෙන අය මේ සමාජයේ ඉන්නවා. ඔවුන් බලන ඇහැට අනුව ඔවුනට එහෙම හිතෙනවා ඇති. අපේ යාළුකම දරාගන්න බැරි, ඒ බැඳීමට වෛර කරන ඊර්ෂ්‍යා කරන අය තමයි එවැනි කතා කියන්නේ. මානසික ලෙඩ්ඩු තමයි ඔය කතා ගොතන්නේ, අපිට ඒවා දැනෙන්නෙත් නෑ ඇහෙන්නෙත් නැහැ.


15.සමලිංගික ප්‍රේමය වරදක් විදියට අක්කා දකිනවාද? ගැහැනියකට තවත් ගැහැනියකටත්, පිරිමියාට තවත් පිරිමියකුටත් ආදරය කරන්න බැරිද?
ලිංගිකත්වයට වඩා වැදගත් වෙන්නේ මනුෂ්‍යත්වය. ගැහැනු පිරිමි භේදයක් නැතිව අපි හැමෝටම දුක, සතුට, වේදනාව, ආදරය මේ හැමදේම දැනෙන්නේ එකම විදියට, නමුත් සාමාන්‍ය සම්මතය අනුව ආදරය කරන්නේ විරුද්ධ ලිංගිකයන්, අසම්මතය අනුව සමලිංගිකයෝ අතරත් ප්‍රේමය ඇති වෙනවා. ඒ ඔවුන්ගේ කුමන හෝ මානසික ගැටලුවක් මත. ඒ අයට ගැරහීම, කොන් කිරීම වැරැදියි. ඒත් පිටරටවල මෙය නීතිගත කරලා තිබුණට ලංකාවට එය එතරම් සුදුසු නෑ කියලා මම හිතනවා.


16.ඇත්තටම නයනා කුමාරිද වඩාත් ආකර්ෂණීය ගයාත්‍රි ඩයස්ද?
මම හිතන්නේ ගයාත්‍රි මට වඩා බොහොම ආකර්ෂණීයයි කියලා. අපි දෙන්නා සම වයසේ නමුත් ඇය මට වඩා සුන්දරයි.


17.මේ ප්‍රශ්නවලට ප්‍රතිශතයක් විදියට උත්තර දෙන්න. රංගන ශිල්පිනියක් විදියට අක්කගේ සාර්ථකත්වය සීයට කීයද?
90% විතර.
18.රූපලාවණ්‍ය ශිල්පිනියක් විදියට?
ඒක 75% විතර මම තවමත් එය හදාරනවා.
19.බිරියන් විදිහට?
90% විතර

20.මවක් විදිහට?
90% විතර මම කාර්ය බහුලයි මගේ වැඩත් සමඟ, ඒවා නිසා සමහර වෙලාවට මට 100% සාර්ථක වෙන්න බැරිවෙලා තියෙනවා.


21.නයනා අක්කට මේ රටේ ප්‍රබල ඇමැතිවරයෙක්ව සම්බන්ධ කරලා කටකතාවක් හැදුණා නේද?ඔව්, මට සතුටුයි ඉතින්, අර නළුවා, මේ නළුවා එක්ක සම්බන්ධකමක් තියෙනවා කියනවාට වඩා ඇමැතිවරයෙක් එක්ක සම්බන්ධයි කියන එක කොච්චර මට ආඩම්බරයක්ද? සමහර විට ඔබාමා සම්බන්ධ කරලත් හෙට මට කටකතාවක් හැදෙන්න පුළුවන්. ඇත්තටම වෙනවා නම් වෙන්න ඕනෑ එහෙම එකක්.

22.ඒ කියන්නේ නයනා අක්කා කැමැතියි ඔබාමාගේ නමට සම්බන්ධ වෙලා කටකතාවක් හැදෙනවාට?
ඔව් මම කැමැතියි, ඔබාමයි මාවයි සම්බන්ධ කරලා කටකතාවක් හැදෙනවා නම් හොඳයිනේ. කටකතාවක් හදාගන්නවා නම් මම කැමැතියි අන්න ඒ වගේ කතාවක් හදාගන්න.


23.ඔය කතා හැදුණ ඇමැතිවරයාව කොහේදී හරි මුණ ගැහුණම නයනා අක්කට මොකද හිතෙන්නේ?
මට කිසිම අපහසුතාවක් දැනිලා නැහැ. එතුමා බොහොම හොඳ මනුස්සයෙක්, එතුමා විතරක් නෙවෙයි ඒ ක්‍ෂේත්‍රයේ තවත් ඇමැතිවරු බොහොම හිතවත්. ජනාධිපතිතුමා පවා බොහොම හිතවත්. දුගී දුප්පතාගේ ඉඳන් ඉහළ රජමැඳුරේ අය පවා අපි කලාකරුවෝ නිසා අපිට ආදරෙයි. කැමැතියි. කෙනෙක් ආදරෙයි නම්, උනන්දුයි නම්, කැමැතියි නම් ඒ දේවල් අපිට නතර කරන්න බැහැ.
අනෙක් එක ඔය ඇමැතිට කෝච්චියට දාන්න නමක් ඕනෑ නම් තවත් අයගේ නම් ඇතිනේ දාන්න මගේ නමට වඩා ලස්සන නම් ගොඩාක් ඇති.


24.එතකොට නයනා අක්කගේ නම මේ ඇමැතිවරයා කෝච්චියකට දැම්මා කියලාත් කිව්වා... මේ කතාව මොකක්ද?
ගයාත්‍රිටයි මටයි අර වගේ කතාවක් හදපු අයම තමයි මාව මේ ඇමැතිවරයාට සම්බන්ධ කළේත්. මට එය ඔප්පු කරන්නත් පුළුවන්. එයාලා ගාව නැති දෙයක් මොනවා හෝ මං ගාව තියෙන නිසානේ මට මෙවැනි කතා හදන්නේ. ඒ ගැන මට සතුටුයි. මම මෛත්‍රි කරනවා ඔවුනට.
දෙවියනේ ටජ් මහලක් හැදුවානම් අර මුම්ටාස් වෙනුවෙන් මම වෙනුවෙන් කෝච්චියක් දාපුවම මම මොකක්ද කරන්නේ. කවුරුහරි කිව්වොත් අන්න නයනා අහවලා ඔයා වෙනුවෙන් ටජ් මහලක් හදනවා කියලා අම්මෝ, අයියෝ කියලා මම කෑ ගහන්නේ නෑ. මම වෙනුවෙන් කෝච්චි නෙමෙයි, ටජ්මහල් හැදුවත් මට මොකද? මම මොනවා කරන්නද ඒකට නංගී


25.දක්‍ෂතාවය අනුව පෙළගස්වන්න. නෙහාරා පීරිස්, චතුරිකා පීරිස්, උදයන්ති වර්ණකුලසූරිය, පබෝදා සංදීපනී.
1. පබෝධා 2. චතුරිකා 3. නෙහාරා 4. උදයන්ති


26.කඩවසම්කම අනුව පෙළ ගස්වන්න. සුරාජ් මාපා, හේමාල් රණසිංහ, පුබුදු චතුරංග, රොෂාන් රණවන.
ම් ම් ම්....

1. රොෂාන් 2. හේමාල් 3. සුරාජ් 4. පුබුදු


27.දක්‍ෂතාවය අනුව පෙළගස්වන්න.
සම්පත් ජයවීර, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, රොෂාන් රවීන්ද්‍ර 1. බිමල් 2. රොෂාන් 3. සම්පත් 4. ජගත් - ජගත්ගේ නිර්මාණ ගොඩක් අපිට දකින්න ලැබිලා නැහැ, ඔහුත් දක්‍ෂ නළුවෙක්.

28.ලංකාවේ වර්තමානයේ ඉන්න සරාගීම නිළිය කවුද?
මට නම් එහෙම කවුරුවත් පෙනිලා නෑ. ලංකාවේ නිළියෝ ඉන්නවා. ඒත් සරාගී වෙන්න කියා ඇඟ පත දැක්කම නිකන් දරුවෝ හතර පහ ඉන්න අම්මලා වගේ.
29.නයනා අක්කට ඉන්දියාවේ මෙන්න මේ නළුවෝ විවාහ යෝජනා ගේනවා. අමීර් ඛාන්, ෂාරුක් ඛාන්, ෂාහිඩ් කපූර්, රන්බීර් සිං, කාගේ යෝජනාවද භාර ගන්නේ?
අම්මෝ ෂාරුක්, ෂාරුක්, මට ඕනා ෂාරුක්ව,


30.එතකොට සැමියා සුමිත්?
එයාටත් ඉන්න කියනවා, මොකද ඉතින් ෂාරුක් මාත් එක්කම ඉන්න එකක් නැහැනේ. ඉන්දියාවටත් ගිහින් මෙහෙටත් ඇවිත් ඉන්නවා එහෙම වුණොත්,


31.නයනා අක්කගේ සැමියා කියනවා. 'නයනා දැන් මට මේ කසාදෙ ඇති. මට ඔයාගෙන් වෙන් වෙන්න ඕනෑ කියලා, මොකද කරන්නේ?
ඕක මමයි කියන්න ඉන්නේ. ඇයි අනේ අවුරුදු 09 විතර ඹ්ධමඥ කළා, කසාද බැඳගත්තා. ඇතිනේ දැන් ඔය අවුරුදු 20ක් විතර හිටියා.


32.ආදරේ කරලා විවාහ වුණා, පෙම්වතිය කාලේ හිටපු නයනා බිරිය තුළත් ජීවත් වෙනවාද?

නැහැ. අපි අවුරුදු 09 බොහොම සුන්දර විදියට ආදරය කළා. ඒ කාලේ අපිට හැමදේම බොහොම සුන්දරව පෙනුණා. තුරුල්වෙලා ආදරෙන් ඉන්න හිතුණාම කාමරයේFan එකක් තියෙනවද නැද්ද වැදගත් නෑ. දාඩිය දාගෙන හරි ළඟ ඉන්නයි ඕනෑ. නමුත් දැන්, අපි විවාහ වෙලා, අද AC එක නැතිව නිදා ගන්න බෑ. සුමිත් කියන්නේ හොඳ කෙනෙක්, නමුත් ඔහු එක්කෙනෙක් මම තව කෙනෙක්, අපි අතරත් නොගැළපීම්, අඩු පාඩු තියෙනවා, හැමෝටම එහෙමයි, කවුරුහරි එහෙම නෑ කිව්වොත් ලොකු බොරුවක්.
දරුවෙක් ලැබුණාම අපි දෙන්නගේ ආදරේට වඩා අපේ ලෝකේ වෙන්නේ ඒ දරුවා. හැමදේම දරුවා වෙනුවෙන්, කන බොන දේ පවා අපි ගන්නේ අපිට නෙවේ දරුවාට, එයා කාලා ඉවර වෙලා තමයි ඉතිරි වුණොත් මම ඒ දේ සමහර වෙලාවට කන්නේ, ඉතින් මේ හැමදේම බොහොම සාමාන්‍යයි. ආදරය කියන දේ විවාහයත් සමඟ එන්නේ වෙනම තලයකට. මේක තමයි යථාර්ථය. එදා මම පෙම්වතිය, නමුත් අද මට පෙම්වතිය වෙන්න බෑ. මේකට මුහුණ දෙන්න ඕනෑ.

අරුණි මල්ලවාරච්චි

සනත් ජයසුරිය '''ගරු'' වෙනුවට ''ජඩ'' තෝරා ගනී

දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණ විශ්ව විද්‍යාලයයේ පැවැත්වීමට ඉඩ දිය යුතු බව කියමින් කඩා වැදුණු පිරිසේ පහරට ලක්වීමෙන් සුළු තුවාල ලැබූ කිහිප දෙනකු රෝහල් ගත කිරීමට නොහැකිව සිටින බව විශ්ව විද්‍යාල සිසුහු කියති.

විරෝධතාකරුවන් පිවිසුම් දොරටුව හා ප්‍රධාන මාර්ගය අවහිර කරගෙන සිටින බව ද ඔවහු පවසති.

නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය, දකුණු පළාත් මන්ත්‍රීන් වන සරත්ද අල්විස් සහ අරුණ ගුණරත්න මහත්වරු ද විරෝධතාකරුවන් සමග එක්වූහ.

ඔවුන් කීවේ දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණ විශ්ව විද්‍යාලයයේ පැවැත්වීමට ඉඩ දෙන තෙක් තමන් ද විරෝධතාකරුවනට සහාය දෙන බවයි.දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වීමට සිසුන් ඉඩ නුදුන්නැයි කියමින් හාර පන්සියයක් පමණ පිරිසක් රුහුණ විශ්ව විද්‍යාලයට කඩා පැන සිසුන් පස්සේ එළවන්නට වූහ.
ඇතැම් පිරිස් අතර පොලු මුගුරුද දක්නට ලැබිණි.
මැර කණ්ඩායම එද්දී සිසුහු ආරක්ෂක ස්ථාන කරා දුවන්නට වූහ.
මාතර පොලිසිය ද වහා කැඳැවිණි.