Wednesday 30 July 2014

උපුල් ශාන්ත සන්නස්ගල එ.ජා.ප යෙන් මැතිවරණයට


ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහා මැතිවරණය සදහා ඉදිරිපත් වීමට සුදානමක් ඇති බව වාර්තා වේ.පසුගිය දිනක එක්සත් ජාතික පක්ෂ නායක,ගරු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා සන්නස්ගල මහතාගේ ''අපේ සිංහල පන්තිය " වෙත ගොස් එම සිසුන් හා සුහද පිලිසදරකද යෙදුනි .උපුල් ශාන්ත සන්නස්ගල මහතා ගම්පහ හෝ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වනු ඇතයි බොහේ පිරිස් විශ්වාස කරයි.තවද ඇමති බන්දුල ගුනවර්දන හා සමානවම සිසු ගෝලයන් පිරිසක් සන්නස්ගල මහතාද බිහි කර ඇති අතර එතුමා මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් විශාල මනාප ප්‍රමානයක් ගනු ඇතයි ද මත පල වී තිබේ.

ගුරුවරුන් නිදන ලෝකයේ එකම පාසල ලංකාවේ...


ගුරුවරුන් පාසල් යන්නේ ඉගෙන ගන්නට නොව උගන්වන්ටය.එහෙත් එම ගුරුවරුන් පාසලට පැමිණ ළමුන්ට සිප්සතර දෙනවා වෙනුවට,පාසැල විවේකාගාරයක් කරගනිමින්,එහි ගිමන් හැර නිදියගන්නට ද පටන් ගත් බව වාර්තා වන පාසලක් ශ්‍රී ලංකාවේ ඇතැයි තොරතුරු ලැබී ඇත.ඒ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල අධ්‍යාපන කොට්ඨාශයේ කොලවෙනිගම මහා විද්‍යාලයේ ගුරුවරයෙකි.ඔහු පාසලට පැමිණ ළමුන්ට පිටපත් ලිවිම,ලීමට අණකොට ඔහු ගුරු මේසය මත නිදාගන්නා බව පැවසේ.මේ පිලිබදව කොටපොල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී කොඩිතුවක්කු මහත්මිය 2014 ජුනි 19 වන දිනද මාසික සභා වාරයේදී මේ පිලිබදව කරුණු ඉදිරිපත් කොට තිබේ.ඉන් පසුව එතුමියට  පාසල් ගුරුවරුන් තර්ජනය කිර්ම් පවා සිදු කොට තිබෙන බව අප ප්‍රාදේශීය වාර්තා කරුට දැනගන්නට ලැබී තිබේ.මෙවැනි ගුරුවරුන් පිලිබදව සොයා බලා අදාල නිලධාරීන් ඉක්මනින් පියවරක් ගනු ඇති අදාල පාසලේ දෙමාපියන දැඩි විශ්වාසයකින් පසු වේ.

Tuesday 29 July 2014

ආණ්ඩුව මුළු උතුරු මැදම පරදවයි.....විල්පත්තුව විනාසයි

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ සිදුකරන සියලු අනවසර ඉදිකිරීම් නවත්වන්න වන සතුන් දඩයම නවත්වන්න. පුරාවස්‌තු කොල්ල කෑම සහ වෘක්‍ෂ රාජයන් කොල්ලකෑම නවත්වනවා. මේ කරුණු වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් අනාගත පරපුරේ උරුමයක්‌ වූ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආරක්‍ෂා කිරීමට පියවර ගන්නැයි උතුරු මැද පළාත් සභාවේ විපක්‍ෂය මගින් ඉදිරිපත් කරන ලද                යෝජනාව උතුරුමැද පළාත් සභාවේ පාලක පක්‍ෂය විසින් වැඩිඡන්ද නවයකින් පරාජයට පත්කරනු ලැබූ බව චන්දිම මහින්දසෝම මහතා පැවැසීය. උතුරු මැද පළාත් සභාවේ පක්‍ෂ විපක්‍ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 33 දෙනකු අතරින් මෙම යෝජනාවට ඡන්දය විමසන අවස්‌ථාවේ සභාවේ අසුන්ගෙන සිටියේ මන්ත්‍රීවරු 21 ක්‌ පමණි. ඔහු මේ තොරතුරු හෙළිකළේ සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. මෙයින් පාලක පක්‍ෂයේ සිටි මන්ත්‍රීවරුන් 14 දෙනාම යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අතර විපක්‍ෂයේ පස්‌ දෙනකු යෝජනාවට පක්‍ෂව ඡන්දය පාවිච්චිකළේ නමුත් විපක්‍ෂයේ එස්‌. එම්. එම්. අන්සාර් මන්ත්‍රීවරයා සහ ජී. සහිදු මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටි බවත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක චන්දිම මහින්දසෝම මහතා පැවැසීය.
යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පක්‍ෂ - විපක්‍ෂ දෙපක්‍ෂයේම අදහස්‌ දැක්‌වූ අතර අවසානයේදී සභාපති ටී. එම්. ආර්. සිරිපාල මහතා විසින් ඡන්ද විමසීම සිදුකරන ලද බව පැවසූ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක චන්දිම මහින්දසෝම ගමගේ මහතා
1937 පෙබරවාරි 25 වැනිදා සුද්දන්ගේ පාලන සමයේදී විල්පත්තු වනෝද්‍යානය අභය භූමියක්‌ ලෙස නීතිගත කරමින් ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කළ අතර පුත්තලම - මන්නාරම - අනුරාධපුර යන දිස්‌ත්‍රික්‌ තුනටම පැතිරී ඇති මෙම ජාතික වනෝද්‍යානය වර්ග කිලෝමීටර් 1316 කින් සමන්විත බවත් මෙය අනාගත පරපුර වෙනුවෙන් ඔවුන්ගේ ජාතික උරුමයක්‌ ලෙස ආරක්‍ෂා කර තැබීමට විපක්‍ෂයෙන් ඉදිරිපත් කළ යෝජනාව පාලක පක්‍ෂයෙන් පරාජයට පත්කිරීම කනගාටුවට කරුණක්‌ බවත් සුද්දන්ට තිබූ කැක්‌කුමවත් අපේ අයට නැතිවීම පුදුමයට හේතුවක්‌ බවත් පැවැසීය.

විවාහක පියුමි පුරසිංහට වහ වැටුණු ක්‍රිකට් තරුව........

රෙමි රාජ් ලාල් සමග 2013 වසරේ මාර්තු මස යුග දිවියට ඇතුළත්වූ පියුමි පුරසිංහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා පෙමින් වෙලී ඇති වාර්තා වේ.  පියුමිගේ හා ධනවත් ව්‍යාපාරිකයකු වන රෙමි ගේ විවාහය තවමත් පැවතුනත් පියුමිගේ මෙම සම්බන්ධය ආරම්භ වී ඇත්තේ විවාහයෙන් පෙර සිටම බවද වාර්තා වේ.  මෙම ක්‍රිකට් ක්‍රීඩකයා ලොවක් කතා කල ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඒ ඔහුගේ දස්කම් නිසා නොව උඩු ගුවනේදී ගුවන් යානයක දොර ඇරීමට උත්සාහ කල නිසාවෙනි.  මෙම ක්‍රිකට් ක්‍රීඩකයා මෙයට පෙර චීන ගණිකාවක් සමගද සිට අසුවී තිබුණි.  කෙසේ නමුත් පියුමි හා මෙම ක්‍රිකට් ක්‍රීඩකයා රහසේ පවත්වාගෙන ගිය මෙම සම්බන්ධය මේවනවිට බොහෝ දෙනෙක් දන්නා සම්බන්ධයක් බවට පත්ව අවසන්ය. -

චීන ගණිකාව සමග ක්‍රිකට් ක්‍රීඩකයා කවුද....?

රෙමි රාජ් ලාල් සමග 2013 වසරේ මාර්තු මස යුග දිවියට ඇතුළත්වූ පියුමි පුරසිංහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා පෙමින් වෙලී ඇති වාර්තා වේ.  පියුමිගේ හා ධනවත් ව්‍යාපාරිකයකු වන රෙමි ගේ විවාහය තවමත් පැවතුනත් පියුමිගේ මෙම සම්බන්ධය ආරම්භ වී ඇත්තේ විවාහයෙන් පෙර සිටම බවද වාර්තා වේ.  මෙම ක්‍රිකට් ක්‍රීඩකයා ලොවක් කතා කල ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඒ ඔහුගේ දස්කම් නිසා නොව උඩු ගුවනේදී ගුවන් යානයක දොර ඇරීමට උත්සාහ කල නිසාවෙනි.  මෙම ක්‍රිකට් ක්‍රීඩකයා මෙයට පෙර චීන ගණිකාවක් සමගද සිට අසුවී තිබුණි.  කෙසේ නමුත් පියුමි හා මෙම ක්‍රිකට් ක්‍රීඩකයා රහසේ පවත්වාගෙන ගිය මෙම සම්බන්ධය මේවනවිට බොහෝ දෙනෙක් දන්නා සම්බන්ධයක් බවට පත්ව අවසන්ය.

Monday 28 July 2014

සිංහයන් කරපු ලොකුම බලු වැඩේ මෙන්න

article-2705871-1FF6DBD800000578-255_964x642දකුණු අප්‍රිකාවේ සාබි සෑන්ඩ් වනෝද්‍යානයේ දී ඉම්පාලා මුවකු පසුපස හඹා ගිය කොටියෙක් විනාඩි 45 ක පමණ වෙහෙස වී ඒ මුවා අල්ලා මරා ගොදුර ආහාරයට ගැනීමට අසළ තිබූ ගසකට නැග ගත්තේය. ගොදුරත් රැගෙන ගසට නගින්නට කොටියා අපමණ වෙහෙසක් දැරීය. මේ සියල්ල දෙස බලා සිටි ප්‍රවීන වනජීවී ඡායාරූප ශිල්පී ඇන්ඩෘෘ ස්ටොච්මන් ඒ සම්බන්ධයෙන් ඡායාරූප රැසක් ගත්තේය.
කොටියා ගසට නැග ගොදුර එහි කරුවක රඳවා මොහොතකින් එතැනට පැමිණියේ සිංහයන් රංචුවකි. ගොදුරු සොයා දඩයමේ යාම පසෙක තැබූ මේ සිංහයෝ ගොරවමින් දත් විලිස්සමින් කොටිය බියපත් කිරීමට නොයෙක් උත්සාහ ගත්හ. අනතුරුව එකිනෙකා පරයමින් සිංහයන් ගසට නගිද්දී කොටිය සිය ගොදුර අතහැර පලා යාම හැර කරන්නට දෙයක් නොවුණි. කොටියාගෙන් මුව කුණ පැහරගත් සිංහයෝ තම රාත්‍රී ආහාරය ඉතා පහසුවෙන් ලබාගත්හ.
ඡායාරූප ශිල්පී ඇන්ඩෘෘ පවසන්නේ තමන්ගේ වසර 14ක් පුරා වනජීවී ඡායරූප ගැනීමේ නිරතව සිටින තමන් මෙවැනි සිදුවීමක් කිසි දිනක දැක නොතිබූ බවයි.
ගොදුරු අල්ලාගන්නා කොටි ගස් මත එය රඳවා ගොදුර ගිල දැමීම සාමාන්‍ය සිරිතකි. සිංහයන් අනුන් මැරූ සතුන් ආහාරයට නොගන්නා අභිමානවත් සතකු ලෙස ප්‍රසිද්ධය. සිංහයන් හා කොටින් විසින් දඩයම් කරන සතුන්ගේ ඉතිරි මළකුණු කොටස් කා දැමීමට නරි පුරුදුව සිටිති.
 article-2705871-1FF6DA2D00000578-464_964x1326

මෙන්න ආණ්ඩුවෙන් පඩි ගන්න ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරු 23 දෙනා

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වෙනුවෙන් සම්බන්ධීකරණ ලේකම්වරු විසිතුන්දෙනකු සිටින බව ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (22 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම සම්බන්ධීකරණ ලේකම්වරයකුට මාසිකව රුපියල් තිස්‌ දහසක වැටුපක්‌, ඉන්ධන ලීටර් (පෙට්‍රල්) 170 ක්‌ සඳහා දීමනාවක්‌ද, රුපියල් තිස්‌ දහසක ප්‍රවාහන දීමනාවක්‌ සහ රුපියල් පන්දහසක දුරකථන දීමනාවක්‌ ලබාදෙන බවද දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය. ඒ අනුව සම්බන්ධීකරණ ලේකම්වරු විසිතුන් දෙනාට මාසිකව (පෙට්‌්‍රල් ලීටර් 170 හැර) රුපියල් දාහතර ලක්‌ෂ අනූපන් දහසක මුදලක්‌ ලබාදේ.

මෙම සම්බන්ධීකරණ ලේකම්වරු සඳහා පසුගිය වසර තුන තුළ රුපියල් තුන්කෝටි හැත්තෑ හත් ලක්‌ෂ අනූ අට දහස්‌ තුන්සිය විසි හතක්‌ ගෙවා ඇතැයිද දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඉහත ප්‍රකාශය කළේය.

කෙසේ නමුත් මම ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරු නමින් හැඳින්වෙන පුද්ගලයන්ට පැවැරුන නිශ්චිත රාජකාරියක් නොමැති අතර එම පත්වීම් ලබා දී තිබෙන්නේ දේශපාලන හිතවත්කම් සලකමිනි. තනතුරේ නමට සරිලන ලෙස මෙම නිලධාරීන්ට ජනාධිපතිවරයා සම්බන්ධීකරණය කිරීමේ හැකියාවද නොමැත.

අනියම් ප්‍රේමයට දඩුවම..ප්‍රසිද්දියේ සංසර්ගය(වීඩියෝව සාහිතය)

තමන්ගේ ස්වාමියාට වංචාකර වෙනත් පුද්ගලයෙක් සමග අනියම් ඇසුරක නිරත වූ බිරියකට අපූරු දඩුවමක් ඇයගේ ස්වාමියා විසින් ලබා දී තිබෙනවා මෙම සිදුවීම වාර්තා වෙන්නේ නයිජීරියාවේ අනාම්බරා ප්‍රදේශයේදී. මෙහි දී ඇයගේ අනියම් ස්වාමියා හා ප්‍රසිද්ධියේ සංසර්ගයේ යෙදෙන ලෙස පවසා එහිදි ඔහු පහරදෙන වීඩියෝවක් අන්තර්ජාලයද මුදා හැර තිබෙනවා.
(එම වීඩියෝව මහජන ප්‍රදර්ශනය සඳහා සුදුසු මට්ටමක නොමැත)

දුෂණය කර මරා දැමු පාසල් සිසුවිය

කඩුගන්නාව - වට්ටප්පල ප‍්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවියක් නිවස තුළ දී සිය දිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ දැරිය සිය දිවි නසා ගත්තා ද නැතිනම් වෙනත් අයෙකු විසින් ඝාතනය කර එල්ලා තිබේද යන්න සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවයි.

අදාළ පාසල් සිසුවිය පදිංචිව සිටි වට්ටප්පල - මුදලිවත්ත ප‍්‍රදේශයේ පිහිටි නිවසේ දොරක එල්ලෙමින් තිබූ මළ සිරුර සොයා ගත්තේ ඊයේ පස්වරුවේයි. සිසුවියගේ මව පොලීසියට ප‍්‍රකාශයක් ලබාදෙමින් සදහන් කර ඇත්තේ පෙරේදා දිනයේදී තමන් නිවසට යන විට ප‍්‍රදේශයේම තරුණයෙකු සමඟ තම දියණිය සිටි බවයි. අනතුරුව තමන් ඒ සම්බන්ධයෙන් දියණියට දැඩිව අවවාද දුන් බව ද ඇය සදහන් කර තිබෙනවා. පාසල් සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇය ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවයි. ඒ අනුව ඇය සමඟ නිවසේ සිටි තරුණයා පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් තරුණයා ගම්පොළ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 1 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

තොන්ඩමන් විපක්ෂයට..කපුකම මංගලගෙන්..

වතුකරය නියෝජනය කරමින් සන්ධාන රජයේ ප‍්‍රබල ඇමතිවරයෙකු තීරණාත්මක අවස්ථාවක එජාපයට සහාය පල කිරීම සඳහා එජාප මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතාට පොරොන්දුවක් දී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අදාල ඇමතිවරයා ආසන්න දිනකදී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කෙම්බි‍්‍රජ් පෙදෙසේ පිහිටි පෞද්ගලික නිවසේදී මුණ ගැසී වැඩි දුරටත් දාකච්චා පවත්වා ඇතැයිද දැනගන්නට ඇත.

Tuesday 22 July 2014

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2034 දී ජනාදිපති අපේක්ෂක නම කරයි.නාමල් හැලෙයි .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බලමණ්ඩලයේ වත්මන් සභාපති වරයා වන්නේ ඇමති දුමින්ද දිසානායක මැතිතුමාය.එතුමා අවුරුදු 21න පාර්ලිමේන්තුවට පැමිණ අද වන විට ඇමතිකමක්ද දරනු ලබයි.ඒ බැවින් එතුමා පක්ෂයේ 2034 දී ජනාදිපති අපේක්ෂකයා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජෙෂ්ටයෝ පෙළ ගසින් පවතී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමල් රාජපක්ෂට විනය පරීක්ෂණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බලමණ්ඩලයේ වත්මන් සභාපති වරයා වන්නේ ඇමති දුමින්ද දිසානායක මැතිතුමාය.එතුමා අවුරුදු 21න පාර්ලිමේන්තුවට පැමිණ අද වන විට අමතිකමක්ද දරනු ලබයි.ඒ බැවින් එතුමා පක්ෂයේ 2034 දී ජනාදිපති අපේක්ෂකයා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජෙෂ්ටයෝ පෙළ ගසින් පවතී.ඊට  එරෙහිව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිල බලකාය රට පුර ව්‍යාප්ත කරමින් තරුණයන් සමග ලෙන්ගතු වීමට උත්සහ කරන බව පක්ෂයේ මතයක් ගොඩ නැගී ඇත .එහෙයින් පක්ෂයේ බණ්ඩාරනායක හිතවාදීන් සියලු දෙනා එකතුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියා මාර්ගයක් ගැනීමට සුදානම් වන බව වාර්තා වේ.මෙහි මුලිකත්වය තරුණ ඇමතිවරුන් හයදෙනෙක් හා ජෙෂ්ට ඇමතිවරුන් තිදෙනෙක් හා තවත් කැබිනට් ඇමතිවරු දොළොස් දෙනෙක් මෙහි මුලිකත්වය ගෙන කියා කරන බව වාර්තා වේ.

ජනතාවගේ දුප්පත් සල්ලි වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගන්න සැප

ඔයාලට හිතෙනවනම් තව මොනාහරි එකතු කරන්න ඕනි කියල නොලිය ඉන්න අමතක කරන්න එපා හරිය......
මරාගෙන හෝ දියවන්නාවට පැනගත්තොත් ලැබෙන සුර සැප මෙන්න..
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට වෛද්‍ය රක්ෂණය යටතේ ගෙවන රෝහල් ගාස්තුව රුපියල් ලක්ෂ දෙකේ සිට ලක්ෂ තුන හමාර දක්වා වැඩි කිරීමට යයි.
එම තීරණය ගෙන ඇත්තේ ඉකුත් දිනවලය. සාමාන්‍ය ජනතාවට නොලැබෙන වරප‍්‍රසාද අති විශාල ප‍්‍රමාණයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලැබේ.
මන්ත‍්‍රීවරුන්ට හිමි අනෙකුත් වරප‍්‍රසාද මෙසේය.
වෛද්‍ය රක්ෂණයත් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරයි.
මන්ත‍්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් 54,285 කි.
පාර්ලිමේන්තු සභා වාරය පැමිණීම වෙනුවෙන් දිනක දීමනාව රුපියල් 500.
කොළඹින් බැහැර අයට නිල නිවාසයක් (ව.අඩි. 900 ක දෙමහල් නිවස).
රාජකාරි හා පෞද්ගලික දුරකථන පහසුකම් සඳහා බිල්පත් ගෙවීම.
තීරු බදු රහිත වාහනයක් (වසර 5 කට වරක් ගත හැකිය) බොහෝ විට මෙම වාහන බලපත‍්‍රය ලක්ෂ 30 ක 40 ක ලාභයක් ඇතිව විකිණීම සිදු වේ.
ඉන්ධන දීමනාව (බස්නාහිර පළාතෙන් පිටත) පෙට‍්‍රල් වාහනයක් සඳහා – රුපියල් 50,000 (ඞීසල් වාහනයක් සඳහා – රුපියල් 20,000)
කාර්යාල, නිවාස හා ජංගම දුරකතන බිල් ගෙවීම.
දේශීය හා බටහිර වෛද්‍ය පහසුකම් නොමිලයේ.
නිරෝගී ශරීර සෞඛ්‍ය සඳහා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන පහසුකම්.
විශේෂඥ වෛද්‍යවරයෙකු නියම කරන බෙහෙත් ඖෂධ වර්ග පවා නොමිලයේ ලබා ගැනීමේ පහසුකම්ි.
වසර 5 ක පාර්ලිමේන්තු නියෝජනයෙන් පසු විශ‍්‍රාම වැටුප් හිමිකම.
ලිපි ද්‍රව්‍ය පහසුකම් නොමිලේ.
ලැප්ටොප් පරිගණකයක්.
ෆැක්ස් යන්ත‍්‍රයක්.
විදේශ සංචාර.
කාර්ය මණ්ඩලය සඳහා දුරකථන පහසුකම්.
ආරක්ෂක නිළධාරීන්.
බාධක වලින් තොරව පාර්ලිමේන්තුවේ රැුස්වීම් වලට සහභාගි වීමට හා ඒමට මාර්ග පහසුකම් සැපයීම.
ඇමතිවරයෙකුට හා නියෝජ්‍ය ඇමතිවරයකුට හිමි වරප‍්‍රසාද (මාසිකව මුදල් හිමිවීම්ද ඇතුළත්ය)
ඇමතිවරයෙකුගේ වැටුප – රුපියල් 65,000 කි.
නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් – 63,000 කි.
පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමේ දිනක දීමනාව – රුපියල් 500 කි.
කොළඹ ප‍්‍රදේශයෙන් බංගලාවක්.
නිල නිවාසයක් නොමැති නම් පෞද්ගලික නිවසක් කුලියට ගැනීමට මාසික කුළිය – 40,000 කි.
බස්නාහිර පළාතෙන් පිටත ඇමතිවරයෙකුට.
පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන – රුපියල් 75,000 කි.
ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන රුපියල් – 30,000 කි.
බස්නාහිර පළාතෙන් පිටත නියෝජ්‍ය ඇමතිවරයෙකුට.
පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන – රුපියල් 65,000 කි.
ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන රුපියල් – 30,000 කි.
බස්නාහිර පළාතේ ඇමතිවරයෙකුට.
පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන දීමනාව – රුපියල් 50,000 කි.
ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන දීමනාව රුපියල් – 20,000 කි.
නියෝජ්‍ය ඇමතිවරයෙකුට.
බස්නාහිර පළාත ඇතුළත පෙට‍්‍රල් වාහනයක දීමනාව – රුපියල් 40,000 කි.
ඞීසල් වාහනයක දීමනාව රුපියල් – 20,000 කි.
ඇමතිවරයෙකුගේ කාර්යාල දුරකථන දෙකට ගාස්තුව රුපියල් 20,000 කි.
රාජකාරි නිවාස දුරකථන දෙකට රුපියල් – 10,000 කි.
ජංගම දුරකථනයට රුපියල් 4,000 කි.
නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ කාර්යාල දුරකථන දෙකට රුපියල් 10,000 කි.
නිවාස දුරකථන දෙකට රුපියල් – 5,000 කි.
ජංගම දුරකථනයට රුපියල් 2,000 කි.
මන්ත‍්‍රීවරුන්ට හිමි අනෙකුත් සියලූ වරප‍්‍රසාද ඇමතිවරුන්ට හිමි වේ

Tuesday 15 July 2014

ආදර සම්බන්ධතාවයක් විවාහයකින්ම කෙළවර විය යුතුයි.-තරුෂි

ඉතින් තරුෂි කොහොමද ජීවිතේ ?

 මේ දවස්වල සතුටින් ජීවිතය ගත වෙනවා. මට අලුත් අත්දැකීමක්. මගේ පළමු ටෙලි නාට්‍යය තමයි මේක දිනපතා දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වෙනවා. ඉතින් ඒ හම්බවෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක මං ගොඩක් සතුටින් ජීවත් වෙනවා.
* මේ දවස්වල මොනවාගේ ප්‍රතිචාරද ඔබට ලැබෙන්නේ?
ගොඩක් අය නම් කිව්වේ රඟපානවා හොඳයි කියලා. මගේ පළමු ටෙලි නාට්‍යය නිසා හදාගන්න තැන තියෙනවා එවා හදාගන්න කියලා.  ඉස්සරහටත් රඟපානවා බලන්න ඕන කියලා එයාලා කියනවා.  මට 90% වගේ හොඳ ප්‍රතිචාර ලැබුණා කියලා මට හිතෙනවා.
 *  ඇත්තටම “දෙදුණු“ ටෙලි නාට්‍යයේ දේදුණුගේ චරිතය ඔබට ලැබෙන්නේ කොහොමද?
 එක්තරා නාලිකාවකින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවයකට සහභාගී වුණා. ඊට පස්සේ මට කාන්තා පුවත්පතක මුල් කවරයේ ඡායා රූපයකට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා.  ඒ නිකුත් වුණ  මුල් කවරය දැකලා එක්තරා නිෂ්පාදන ආයකනයක් විසින් ඔවුන් නිශ්පාදනය කරන “දේදුණු“ ටෙලි නාට්‍යයේ දේදුණුගේ චරිතයට රඟපාන්න ආරාධනා ලැබුණා.   ඒ හරහා තමයි  මම මේ ටෙලි නාට්‍යයේ අවසථාව ලැබුණේ.
* මුලින්ම චරිතයක් රඟපාන්න යද්දි ඔබට මොනවගේ හැඟීමක්ද දැනුණේ?
පළමුවෙනි රූගත කිරීම කරන්න සුදානම් වෙද්දි මට ලොකු අභියෝගයක් වුණා ඒක.  මම ඊට  කලින් කිසිම රූගත කිරීමට සම්බන්ධවෙලා හිටියේ නෑ.  නමුත් පාසලේ නාට්‍යය තරඟ වගේ දේවල් වලට සහභාගී වෙලා තිබුණ නිසා ඒවායේ පෙරහුරුව තිබුණා. නමුත් මේ වගේ  විශාල දේයකට මම සහභාගී වෙලා තිබුණේ නෑ. පළවෙනි රූගත කිරීමේ සිට මං ගොඩාක් චකිතයකින් තමයි ඒකට මුහුණ දුන්නේ.  එත් ඉතින් කාලයත් එක්ක මං හිතනවා මං ඒ දේවල් හදා ගත්තා කියලා හරියට.
* මේ ටෙලි නාට්‍යයේ  රඟපානකොට ඔබට නොයෙකුත් විදියේ  අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙන්න ඇති. ඒ ගැනත් මතක් කරමු?
මං හිතන්නේ ටෙලි නාට්‍ය යේ රූගත කිරීම කරන්න පටන් ගත්ත මුල් දවසේ සිට ගෙවුණු හැම දවසක්ම හැම තප්පරයක් මට අත්දැකීමක් ලැබුණා කියලා. මොකද මගේ පළවෙනි අත්දැකීම කියලා. එතනින් ලබාගන්න මට ගොඩාක් අත්දැකීම් තිබුණා.
 *  ටෙලි නාට්‍යය තුළ අමතක නොවනම සිදුවීම මොකක්ද?
 මේ ටෙලි නාට්‍යය ගොඩාක් සුන්දරව ගලාගෙන යන ආදර කතාවක් නිසා ටෙලි නාට්‍යය තුළ ගොඩාක් අමතක නොවන සිදුවීම් තිබෙනවා.  එකක් කියලා කියන්නත් බෑ ඉතින් . ටෙලි නාට්‍යය තුළ මං මගේ පෙම්වතාව ප්‍රතික්ෂේප කරන චරිතයක් නිසා ඒක සුන්දරව නිරූපණය කරන්න වන අවස්ථාත් තිබුණා. ඊට අමතරව ගොඩාක් තරහෙන්   නිරූපණය කරන්න අවස්ථාත් හම්බවුණා.
* කොහොම වුණත් ඔබ අධ්‍යාපනය හදාරණ ගමන්ද කලා ක්ෂේත්‍රයේ වැඩ කටයතු කරන්නේ.
 ඔව්, මම පාරම්පරික ආයුර්වේද පරම්පරාවකින් එන කෙනෙක්. මගේ සියා සහ පියා යන දෙදෙනාම අයුර්වේද වෛද්‍යවරු.  ඉතින් මමත් ඒ අඩිපාරෙම තමයි යන්නේ.  දැනට මම ආයුර්වේද වෛද්‍යවරියක් වීමට යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යාවක්. ඒ අතරතුරේ තමයි මම රංගන කටයුතු වලට දායක වෙන්නේ. 
 * ඔබ වෘත්තීමය වශයෙන් රංගනය තෝරා ගන්නවාද?
මං හිතන්නේ මං පොඩි කාලේ දැකපු දේවලුත් එක්ක සහ මම පියාගේ අඩිපාරේ යන එක්කෙනෙක් විදියට.  මං හිතන්නේ මගේ පුර්ණ කාලීන වෘත්තීය වෙන්නේ ආයුර්වේද වෛද්‍යවරියක් වීම.  ඒත් මම රංගනය වගේම කලාවට ආදරෙයි.  ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන්න ආසයි. ඒ දේවලුත් එක්ක මගේ වෘත්තීයත් සමබරව කරගෙන යන්න අදහසක් තියෙනවා.
*අපේ රටේ ගොඩනැගිලා තිබෙන සංස්කෘතික පසුබිමත් එක්ක තරුණියක් කලා ක්ෂේත්රයට පිවිසීම යම් මට්ටමක අභියෝගයක්.කටකතා ගැන මොකද හිතෙන්නේ?
 මෙහෙමයි කටකතා කියන දේවල් කලා ක්ෂේත්‍රයේ  විතරක් නෙවෙයි  ඕනෑම ක්ෂේ ත්‍රයක අයට හැදෙනවා. නමුත් කලා ක්ෂේත්‍ර යේ ඉන්න පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වෙනවා වැඩියි.  නමුත් තමන් තමන්ගේ සීමාව දැනගෙන තමන් පැමිණියේ මොකටද කියලා දැනගෙන තමන්ගේ කාරණය හරියම සිදුකරනවානම් සහ ඒ විදියට හැසිරෙනවා නම් මං හිතන්නේ නෑ එතන කතාවක් හැදෙන්න පුළුවන් ඉඩ ප්‍රස්ථාව තියෙයි කියලා. මං හිතෙන විදියට ඒක පදනම් වෙන්නේ තමන් මතම තමයි.
* කලා ශිල්පිණියක් ලෙස ඔබේ අරමුණ කුමක්ද?
ඇත්තටම මම මේක කරන්නේ ආසාවට මගේ වෘත්තීය නෙවෙයි මේක.  ඉස්සර ඉඳන්ම කලා කටයුතු වලට දායක වෙන්න ආසාවෙන් හිටියේ. ගොඩාක්ම මගේ විනෝදය  සඳහා තමයි මම මේක කරන්නේ.
* මින් ඉදිරියට ඔබේ කලා ජීවිතයට,ඔබ දායකත්වය ලබාදෙන නිර්මාණ වලට ඔබ විසින්   පනවාගත් යම් සීමා මායිම් තිබෙනවාද?
නෑ. මම හැම වෙලාවෙම හිතාගෙන ඉන්නේ මම ආයුර්වේද වෛද්‍යවරියක් කියන එක.  ඒ පදනමත් එක්ක මට කොච්චර මුදල් ලැබුණත්.  කොයිතරම් නම් ප්‍රසිද්ධියක් ලබා දෙනවා කියලා කිව්වත් මං මගේ සීමාවන් ඉක්මවලා කටයුතු කරන්නේ නෑ කියන තීරණයේ මම ඉන්නවා.
* අපි හිතමු ඔබට ලැබෙනවා චරිතයක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට වඩා බටහිර වෛද්‍ය විද්‍යාව හෙඳයි කියාලා කරන්න යම්කිසි චරිතයක් එතකොට ඔබ මොකද කරන්නේ.
 ආයුර්වේද වෛද්‍යවරියක් තමයි මං එකේ අගය දන්නවා.  මොකද මම පාරම්පරික වෛද්‍යවරික වෛද්‍යවරියක් නිසාම.  නමුත් මට ලැබෙන චරිතය ඒක නිසා මං ඒ වෙලාවට කුමන තීරණයක් ගනීද දන්නේ නෑ.
 *කලා ශිල්පිණියක් විදිහට විලාසිතා සම්බන්ධව ඔබ දරන අදහස මොනවගේද?
 ඕනෑම තරුණියක් රංගන ශිල්පිණියක් වෙන්න ඕනම නෑ විලාසිතා කරන්න. තමන්ට ගැලපෙන අවස්ථාවට උචිත  තමාව ලස්සනට පේන අනිත් අයගේ ආකර්ෂණය ගන්න පුළුවන් විලාසිතාවක් කාරට වරදක් නෑ කියලා තමයි මටනම් හැඟෙන්නේ.
* හරි දැන් ආදරය ගැන ඔබට මොකද හිතෙන්නේ?
ආදරය සුන්දරයි. හැමෝටම ආදරය ඕන.  ආදරය නිසා තමයි මේ ලෝකේ ලස්සන වෙලා තියෙන්නේ.
 * මේ වෙනකොට ඔබට පෙම්වතෙක්  ඉන්නවා ඇති නේද?
 නෑ. මම තාම අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්නේ.  ඉතින් මට ගොඩක් අරමුණු තියෙන  මේ ක්ෂේත්‍රයේ වගේම මගේ වෘත්තීයත් ස්ථාවරත්වයකට ගේන්න ඕන.  ඉතින් ඒ දේවලුත් එක්ක මං හිතනවා ආදරය දැන්මම බාධාවක් කරගන්න ඕන නෑ කියලා.
* ඔබ බලාපොරොත්තු වන සහකරුවා මොන වගේ පුද්ගලයෙකු විය යුතුයි කියලද හිතන්නේ?
ගොඩක් වෙලාවට මාව තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ.  දෙන්න අතර අවබෝධය තියෙන්න  ඕන.  ඉතින් මට ගොඩාක් ආදරය කරන්න ඕන. විශ්වාසය තියෙන්න ඕන. මොකද මේ ක්ෂේත්‍ර යට පිවිසෙනවත් එක්කම ගෑණු ළමයි ගැන  තියෙන විශ්වාසය ඇත්තටම ගොඩාක් අඩුයි.  ඉතින් ඒ විදියේ කෙනෙක් තමයි මං බලාපොරොත්තු වෙන්නේ.
 ආදර සම්බන්ධතාවයක් අනිවාර්යෙන් කසාදයකින් කෙලවර විය යුතුයි කියා ඔබ සිතනවාද?
 ආදර සම්බන්ධතාවයක් විවාහයකින්ම කෙළවර විය යුතුයි කියලා මං හිතන්නේ නෑ. මොකද  අපි කොච්චර ආදරය කළත් අනිත් පාර්ශවයෙන් එන  පිළිතුරු හරි නැත්නම් එ සම්බන්ධතාවට තිත තියෙන එක හෙඳයි කියාල මං හිතනවා. මොකද තවදුරටත් ඒක අරගෙන ගිහින් තවත් දුකකට අරගෙන යනවාට වඩා.
 * ඔබ මොනවාගේ චරිතයක්ද?
 මම ගොඩාක් ආදරණීය චරිතයක්, මම ගොඩක් මිත්‍රශීලි මගෙත් එක්ක වැඩ කරන අයත් එක්ක. ඉතින් මම හිතන්නේ මම දේදුණු වුණොත්  ඒ තරම් මගේ පෙම්වතාව ප්‍රතික්ෂේප කරයි කියලා මං හිතන්නේ නෑ.
 *  ඔබේ පවුලේ සාමාජිකයින් ගැන කතා කළොත්?


 මගේ පවුලේ ඉන්නේ  මමයි, අම්මයි, තාත්තයි, මගේ මල්ලියි. මගේ තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙන්, අම්මා ගෘහණියක්. මගේ  සීයාත් ආයුර්වේද වෛද්‍යවරයෙක්  ඉතින් තාත්තාගෛන් අම්මාගෙන් ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බෑ. 

දෙනියාය ඇසළ කලාපයේ අවසන් දිනයේදී පැමිණි අදුශ්‍යමාන අද්බුත අමුත්තා.....

ශ්‍රී ලංකා බන්ධනාගාර විසින් සෑම පොහොය දිනකම ඉදිරිපත් කරන  බෞද්ධ කලාපය මෙවර දෙනියාය මැදි විදුහල් ක්‍රීඩාන්ගනයේදී මෙම මස 12,13,14 යන දිනවලදී අති උත්කර්ශවත්  ලෙස පැවැත්විණි.විශාල තොරන් රාජයා,පහන් කුඩු රාශියක් හා නොයෙකුත් බෞද්ධ අංග වලින් සම්න්විත විය,මේ සදහා බන්ධනාගාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර ,දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ යන ඇමතිවරුන්ගේ මුලිකත්වයෙන් සිදු වුනි.

චන්ද්‍රිකාට කඩේ ගියාට නිමල් සිරිපාලට අගමැති කම අහිමි වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත මෝදුවෙමින් තිබෙන රාජපක්ෂ විරෝධය මේ වන විට ප්‍රසිද්දධියේම කරළියට පැමිණෙමින් තිබේ.පසුගියදා බදුල්ලේ පැවති පක්ෂයේ ආසන බල මණ්ඩල රැස්විමකදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන නිමල් සිරිපාලද සිල්වා ප්‍රකාශ කර තිබෙන්නේ බදුල්ලේ ක්‍රියාත්මක කරන්නේ “බණ්ඩාරනායක ප්‍රතිපත්ති'' බවය.
                                                                            බණ්ඩාරනායක ප්‍රතිපත්ති සහ බණ්ඩාරනායක වරුන් ගැන කතාකිරීම නොනිල තහනමකින් වාරණය කර තිබෙන තතු යටතේ නිමල් සිරිපාල ඇමතිවරයා මේ සිතා මතාම කර තිබෙන්නේ රාජපක්ෂ භීෂණයෙන් පක්ෂය මුදා ගැනීම වෙනුවෙන් වෙඩිමුරයක් පත්තු කිරීමක් බව ශ්‍රී ල නි පයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

බදුල්ලේ රැස්වීමේදී සිරිපාල ඇමතිවරයා කළ කතාව පැසසුමට ලක් කර තිබෙන ගාල්ල දිස්ත්‍රික්කයේ එක් ප්‍රභලයකු පවසා තිබෙන්නේ බණ්ඩාරනායක යන නම ඇසෙන විට පවා රාජපක්ෂවරුන් භුමි තෙල් ගෑවුණු ගැරඩියන් සේ කුලප්පු වන බවය. පක්ෂය සහ රට ගොඩ ගැනීමට මහින්ද වින්තනය වෙනුවට බණ්ඩාරනායක චින්තනය වෙත ආපසු යා යුතු යැයි ඔහු ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ ඡායාරූපය පවා ඉවත් කරමින් බණ්ඩාරනායකවරුන් කෙරෙහි බයෙන් හා වෛරයෙන් පසුවන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිනි චන්ද්‍රිකා සමග ගනුදෙනු කරන්නේ යැයි සැක කෙරෙන පක්ෂයේ ප්‍රබලයන් රැසක් පිටුපස ඔත්තුකරුවන් පිරිසක් යොදා ඇත. කෙසේ වුවද මේ වන විට පක්ෂයේ ප්‍රබලන් කිහිප දෙනෙක්ම ජනාධිපතිනි වන්ද්‍රිකා සමග එකතු වී ශ්‍රී ල නි ප ය එහි සැබෑ උරුමකරුවනට ලබා දීමේ වැඩ පිළිවෙළක නිරත වෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි..

අලුත්ගම ජාතිවාදී සිදුවීමේ හිමිනමට පහර දුන් මුස්ලිම් මවුලවි අස්කර්ගේ කියන කථාව

මෞලවි අස්කර් දර්ගා නගරයේ ඉල්හාමුල් ඉස්ලාම් අරාබි විද්‍යාලයේ අධ්‍යාපනය ලබා දර්ගා නගරයේම අරාබි මද්රසාවක් පවත්වාගෙන යනු ලබන මෞලවිවරයෙකි. අළුත්ගම දර්ගා නගරයෙහි සිදුවූ ගැටුමට මුලික කාරණාව වූ පොසොන් පෝදා කාදියවත්ත පන්සලේ හිමිනමට පහරදුන්නා යැයි කියන සිද්ධියෙහි පළමුවෙන්ම අත්අඩංගුවට ගනු ලැබූවේ මෞලවි අස්කර් ය. මේ වන විට ඇප මත නිදහස ලබා සිටින අස්කර් විසින් සිදු වූවා යැයි කියන ගැටුමෙහි සුලමුල පිළිබඳ පළමුවරට මාධ්‍යයකට විස්තර කෙළේය.

සිද්ධියේ ආරම්භය

ජූනි මස 12 වන දින මධ්‍යහ්න 12.30 පමණ වන්නට ඇත. මගේ අයියා සිටියේ කාදියවත්තෙහි ඇති මගේ නිවසෙහි ඉදිරිපසය. එදින මාගේ මල්ලි වැඩ කරන සේවාස්ථානයේ හිමිකරුගේ විවාහ මංගලෝත්සවය පැවති දිනය විය. මගේ අම්මාට සහ නංගිට අදාල මංගලෝත්සවයට යෑම සඳහා ත්‍රීවීල් රථයක් රැගෙන පැමිනීමට මගේ අයියා ඔහුගේ යතුරු පැදියෙන් පිටත් විය. පැමිණි ත්‍රීවිල් රථය මගේ ගේ ඉදිරිපස නැවැත්වීය. මගේ අයියා ත්‍රීවිල් රථයට ඉදිරිපසින් වම් පැත්තට වන්නට යතුරුපැදිය නවත්වාගෙන සිටියේය. ඒ මොහොතේ ස්වාමීන් වහන්සේ නමක් රැගත් වෑන් රථයක් පාර දිගේ පැමිණියේය. දෙතුන් පාරක්ම වෑන් රථයේ රියදුරු විසින් හෝන් ගසනු ලැබිණි. එවිට මගේ සහෝදරයා යතුරුපැදිය ත්‍රීවිල් රථයේ පිටුපසට ගෙන නවත්වනු ලැබීය.

බහින්බස් වීම

මෝටර් සයිකලය පාරෙන් ඉවත් කළ පසු හිමිනමගේ වෑන් රථය පාරේ ඉදිරියට ගොස් නවත්වනු ලැබිණි. වෑන් රථයේ සිට බිමට බැස්ස රථයේ රියදුරු කිසිසේත් නොසිතූ ආකාරයට මාගේ අයියා වෙත පැමිණ ඉතාමත් නින්දිත අසා සිටිය නොහැකි තිත්ත කුණුහරුපයෙන් බනින්නට පටන් ගත්තේය. ඉවසාගත නොහැකි වූ මාගේ සහෝදරයාද ඔහු හා වාදයට පැටලුණේය. සද්දය ඇසුණු මාගේ බාල මල්ලි ගේ ඇතුළේ සිට සිද්ධිය සිදුවුනු ස්ථානයට දුවගෙන පැමිණියේය. මමද වෑන් රථයේ දොරටුව විවරව තිබු ආකාරයෙන්ම වෑන් රථය ළග සිටගෙන සිටියෙමි. මේ අතර මාගේ සහෝදරයා සහ වෑන් රථයේ රියදුරු අතර වූ වාදය උච්චස්ථානයකට පැමිණ තිබුණේය. මාගේ සහෝදරයා විසින් වෑන් රථයේ රියදුරු අල්ලා තල්ලු කොට පහර දෙකක් ද ගැසුවේය. එවිට එතෙක් වේලා වාහනයේ සිටි හිමි නම වාහනයෙන් බැස අප සිටි ස්ථානයට පැමිණියේය. සුළු ලෙස පහර කෑ වාහනයේ රියදුරු තමන් සමග පැමිණි හිමිනම ඒ ස්ථානයේ තනිකර දමා වෑන් රථය පදවාගෙන ගියේය.

හිමිනම සමග වූ කතාබහ

මා විසින් සිදුවූ සිද්ධිය පිළිබදව ස්වාමීන් වහන්සේට පැහැදිලි කරමින් සිටියෙමි. ස්වාමින් වහන්සේද මා සමග කථා කළේ ඉතා හොඳ ආකාරයෙනි. සුළු වේලාවකට පසු එම ස්ථානයට පතිරාජගොඩ පන්සලේ ස්වාමීන් වහන්සේ වැඩම කළේය. වෑන් රථයේ රියදුරු ගොස් සිද්ධිය පැවසු සැණින්ම එම ස්ථානයට පැමිණි උන් වහන්සේ කිසිවක් සොයා නොබලා ඉතාමත් අශෝබන ආකාරයට කථා කරන්නට පටන් ගත්තේය. මාගේ නිවස ඉදිරිපිටට පැමිණි පතිරාජගොඩ පන්සලේ ස්වාමීන් වහන්සේ ඉතාමත් නරක ආකාරයට බනිමින් සිටියේය. ඒ මොහොතේ එම ස්ථානයේ සියළු කාරණාවලට මුල් වූ වෑන් රථයේ රියදුරු එම ස්ථානයේ සිටියේ නැත. කෙසේ වෙතත් සුළු වේලාවකට පසු ඔහු එම ස්ථානයට පැමිණියේය.

සමාව ඉල්ලූවෙමු

එම ස්ථානයට පැමිණි මාගේ ඥාතියෙකු පතිරාජගොඩ පන්සලේ ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරනු ලැබිණ. ඉන්පසු ස්වාමීන් වහන්සේලා සමග සිදු වූ සිද්ධිය පිළිබඳ කතාබස් කොට වරදක් සිදු වූයේ නම් ඒ සඳහා සමාව ඉල්ලා සිටියෙමු. මාගේ අයියාද සමාව ඉල්ලිය යුතු යැයි ස්වාමීන් වහන්සේලා ඉල්ලා සිටි විට මාගේ අයියාද ස්වාමීන් වහන්සේලාගෙන් සමාව අයැද සිටියේය. සියල්ල නිමාවුයේ යැයි සිතා අයියා සහ මල්ලී මගුල් ගෙදරට පිටත්ව ගියහ. එතැන රැඳී සිටි මම ස්වාමින් වහන්සේලා සමග සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් සිටියෙමි.

පොලිසියේ අත්අඩංගුවට

මේ මොහොතේ සිද්ධිය සිදු වූ ස්ථානයට ට්‍රැෆික් අංශයට අයත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු පැමිණියේය. එවිට පොලිස් නිලධාරීන් දෙස බැලූ පතිරාජගොඩ ස්වාමින් වහන්සේ මාව පෙන්වා රියදුරුට පහර දුන්නේ මා යැයි සඳහන් කළ විට අදාළ නිලධාරීන් මාව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගියේය. එවිට වේලාව ප.ව 1.30 ට පමන වන්නට ඇත. ඒ මොහොතේ එම ස්ථානයට පැමිණි රියදුරු සමග වාහනයේ ගමන් ගත් කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේ මොහු මට පහර දුන්නේ නැහැ. වෑන් රියදුරුට පහර දී තල්ලූ කළේ මොහුගේ අයියා යැයි පවසන ලදී.
පතිරාජගොඩ ස්වාමීන් වහන්සේ පොලිස් ස්ථානය තුළ ශබ්ද කරමින් කලබලකාරී ලෙස හැසිරෙමින් සිටියේය. කුරුඳුවත්ත ස්වාමින් වහන්සේට පහර දීමක් සිදු වී නොමැති බව උන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරන නිසා කිසිවකු මෙහි සාක්ෂි දීමට පැමිණිය යුතු නැතැයි පවසමින් පැමිණි සාක්ෂිකරුවන්ව අදාල පොලිස් නිලධාරියා විසින් පලවා හරින ලදී. නමුත් පතිරාජගොඩ ස්වාමින් වහන්සේට එම ස්ථානයෙන් ඉවත් වන්නට පැවසුවේ නැත. පැය දෙකකට අධික කාලයක් පොලිස් ස්ථානය තුළ රැඳී සිටි උන් වහන්සේ විටින් විට තම ජංගම දුරකථනයෙන් යම් යම් අය සමග සම්බන්ධතා ඇති කරගෙන කතා කරන ආකාරයක් දක්නට ලැබුනේය. වේලාව ගතවෙද්දී පොලිස් ස්ථානයට විශාල පිරිසක් පැමිණෙන්නට පටන් ගත්හ. පතිරාජගොඩ ස්වාමීන් වහන්සේ එළියට ගොස් පැමිණියවුන් සමග කතා කොට නැවත පැමිණ පොලිස් නිලධාරීන් සමග කථා කරමින් සිටියේය.

ක්‍රියාමාර්ගයක් ඕනේ

පතිරාජගොඩ ස්වාමීන් වහන්සේ පොලිස් නිලධාරියා ඉදිරියට ගොස් ඉක්මන් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවත් නොඑසේ නම් තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවත් ප්‍රකාශ කරන ලදී. එසේ නම් කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේ රෝහල්ගත වී ප්‍රතිකාර ලැබිය යුතු බව පොලිස් නිලධාරියා විසින් එවිට ප්‍රකාශ කළේය. රෝහල් ගත වී ප්‍රතිකාර ලැබිය යුතු යැයි බල කරනු ලැබු කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේ අකමැත්තෙන් යුතුව ප්‍රතිකාර ලැබීමට යැයි පවසමින් රෝහල් ගත විය. මාගෙන් කට උත්තර ගනු ලැබුවේ මේ සියළු කටයුතුවලින් පසුවය.

අයියා, මල්ලි අත්අඩංගුවට

ප.ව 3.30 පමණ විට සියයකට අධික ජනතාවක් පොලිසිය ඉදිරිපිටට රැස්වන්නට විය. ප.ව 3.30 ට පමන පොලිස් නිලධාරින් විසින් මාගේ අයියා සහ මල්ලිව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන පැමිණියේය. නමුත් පොලිසිය වටකොට විශාල පිරිසක් රැඳී සිටි බැවින් මාගේ අයියා සහ මල්ලිව පොලිස් ස්ථානය තුළට රැගෙන පැමිණියේ ප.ව 5.30 ට පමණය.

රිමාන්ඩ් ගත කිරීම.

සවස 5.30 පොලිස් ස්ථානයට රැගෙන ආ අයියා මල්ලි සමග මාවද රිමාන්ඩ් ගත කරනු ලැබීය. කකුල් මුල වැඳ වැටි සමාව ගන්නා ලෙසටද අපට කියනු ලැබීය. තුන්දෙනාගෙන්ම කට උත්තර ගනු ලැබීමෙන් පසු අපව කළුතර බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබීය. දින 21 ක් අප තුන්දෙනාම බන්ධනාගාරගතව සිටියෙමු.

බොරු සාක්ෂි කට උත්තර ලෙස

‘ස්වාමීන් වහන්සේට පහර දෙන්න එපා යැයි අපි ඇඩුවා. ඒගොල්ලෝ ඇසුවේ නෑ. ඒ ගොල්ලෝ පහර දුන්නා’ යැයි එක්කෙනෙකු විසින් බොරු සාක්ෂි දෙනු ලැබිණි. ඔහුගේ බිරිඳ මෙහෙමත් සාක්ෂි දුන්නාය. ‘මා කියන දේ බොරු සාක්ෂි නම් මමත් මගේ සැමියාත් මගේ දරුවනුත් වාහනයක හැපී මැරෙන්නට ඕනේ’ යනුවෙන් දිව්රමින් බොරු සාක්ෂි දුන්නාය. මාව පෙන්වා මා පහර දුන් බවත් පැවසුවාය. කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේව බලහත්කාරයට ලක් කොට අසත්‍ය පැවසීමට උන්වහන්සේව පොළඹවා ඇත.

අපට පහරදීම

මාගේ මල්ලිව පොලිස් ස්ථානයට රැගෙන පැමිණිමේදී ස්වාමින් වහන්සේලා විසින් පහර දී තිබිණ. එම පහර දීමෙන් ඔහුගේ මුහුණ ඉදිමී තිබිණ. අප පොලිස් රිමාන්ඩ් ගතව සිටි මොහොතේ එහි පැමිණි ස්වාමීන් වහන්සේලා එහි සිටි අනෙක් රැඳවියන් දෙස බලා ‘ගහපල්ලා, මුන්ව මරා දාපල්ලා’ යනුවෙන් කෑ ගැසූහ. මොවුන්ව මරා දැමුවහොත් ඔවුන් ව නිදහස් කරන බවටද එම ස්වාමීන් වහන්සේලා කෑ ගසා කීහ. රිමාන්ඩ් ගතව සිටි අපට ස්වාමීන් වහන්සේලාට වැඳ සමාව ගන්නා ලෙසට බලකරනු ලැබීය. එවිට රිමාන්ඩ්ගතව සිටි එම රැඳවියන් අප තිදෙනාටම පහර දෙනු ලැබීය. අප පහර කෑමට ලක් වූ පසුව එහි රඳවා සිටි එම රැඳවියන් ව එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය.

නඩුව කල් දැමුවා

මේ මොහොත වන විට අපව ඇප මත නිදහස් කොට ඇත. නඩු විභාගය අගොස්තු 6 වන දිනට කල් දමා ඇත. නීතිය නිවැරදිව ක්‍රියාත්මක වුවහොත් සත්‍ය අපක්ෂපාතී නඩු විභාගයක් සිදු වුවහොත් අපට සාධාරණය ලැඛෙන බව අප විශ්වාස කරමු.

නිවෙස් පහරදීමට ලක් වූයේ නැත.

දර්ගා නගරයේ සිදුවූ ගැටුමේදි අපේ නිවසට හානි සිදුවූයේ නැත. සිද්ධිය වූ දින ත්‍රීවීල් රථ තුනකින් පැමිණි පිරිසක් නිවසට පහර දීමට උත්සාහ ගෙන ඇත. එනමුත් පොලිසියේ මැදිහත් වීමෙන් එම සිදුවීම වළක්වා ගනු ලැබ ඇත.

(නවමණි පුවත් පතේ ෂිරාස් එම් සාජහාන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනයයි.)