Thursday 28 August 2014

මහින්ද,නාමල් ,බැසිල්,ගෝඨභයට,අමතරව ලෝකයේ නරකම් මිනිසුන් අතර පළමු 50 ඉන්න ලංකිකය කවුද

විවිධ ක්ෂේත‍්‍ර යටතේ ඕනෑම පුද්ගලයෙක් මහජන කැමැත්ත අනුව ශ්‍රේණිගත කරන ලෝකයේ ‘ද රැන්කර්’ නම් සංවිධානය විසින් කරන ලද ශ්‍රේණිගත කිරීමක් අනුව පසුගිය දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ නරකම මිනිසුන් යන ක්ෂේත‍්‍රය යටතේ නමවෙනි ස්ථානයට ශ්‍රේණිගත සිටි නමුත් මේ වන විට රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමිව ඇත්තේ එම ශ්‍රේණියේ 19 වන ස්ථානයයි.නමුත් මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 11වෙනි ස්ථානයටත්, බැසිල් රාජපක්ෂ මහතා 14වන ස්ථානයටත් නාමල් රාජපක්ෂ මහතා  24වෙනි ස්ථානයටත් පත්ව ඇත.මේ  හැරුණු කොට පළමු 50 දෙනා අතර සිටින අනෙක් ශ්‍රී ලාංකිකයා වන්නේ LTTE නැගෙනහිර පළාතේ නායක වූ වාර්තමාන එක්සත් ජනතා නිදහස් සන්ධනයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණ අම්මාන්ය  (2014.08.29 දින පෙරවරු 11.44 වන විට)

                                                                     තවමත් මෙකී ශ්‍රේණියේ පළමු තැන දිනාගෙන ඇත්තේ රුසියාවේ සිටි ඒකාධිපති පාලකයා වූ ජෝෂප් ස්ටාලින් වන අතර එහි දෙවැනි තැන දිනාගෙන ඇත්තේ ජර්මනියේ හිටපු කුප‍්‍රකට ඒකාධිපතියා වූ ඇඩොලොෆ් හිට්ලර් ය.

මොවුන්ට අමතරව පොල්පොට්, ඉඩි අමීන්, මා ඕ සේතුං, ඔසාමා බින් ලාඩන්, කිම් ජොන් ඉල්, හෙන්රිච් හිම්ලර්, සදාම් හුසේන් හා ජෝශප් ගොබල්ස් යන අය පළමු 10 දෙනා අතරට පත්ව ඇත.

Wednesday 27 August 2014

ඌවෙ ජය විපක්ෂයට මහා ඇමති හරින් ප්‍රනාන්දු ජේ.වී.පි ට .ෆොන්සේකාට ඇමති කම්

                                             
''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය හා ගොසිප් සවුත් ලංකා නිවුස්''    2014  ඌව පළාත් සභා මැතිවරණයේ  බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලැබූ පළමු වටයේ  සමීක්ෂණ තොරතුරු එලි දක්වා තිබේ.මෙහිදී එක් ග්‍රාම නිලධාරී වසමකින් අහබු ලෙස තෝරාගත් අවුරුදු 18 -30 / 30-50 / 50-70 /70+ / පුජ්‍ය හා රාජ්‍ය සේවක ලෙස කාණ්ඩ 5කට ගැහැණු 5 හා පිරිමි 5ක් ලෙස හැම කාණ්ඩයෙන්ම තෝරාගෙන සමීක්ෂණය සිදු කරන ලදී.මොනරාගල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 319 හා බදුල්ල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 567 තුල නිලධාරී 1800 කට වැඩි ප්‍රමානයක් යොදවා දින 3ක් තුල කරන ලද සමීක්ෂණයක ප්‍රතිපල පහත දැක්වේ.                                                                                                                                                 කෙසේ වෙතත් අවුරුදු 15 පසුව ඌව පළාත් සභාව තුල වෙනසක් සිදු වෙමින් මන්ත්‍රී ආසන 14 බැගින්(බෝනස් අසනද ඇතුළුව ) ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය සම තත්වයට පත් පත් වුවද ජනතා විමුක්ති පෙරමුණට හිමි ආසන 3ත් ප්‍රජාතාන්ත්‍රිවාදී පක්ෂයට හිමි අසන 2ත් සමග විපක්ෂය මන්ත්‍රී ආසන 19 දක්වා ඉහලට ඇදී යනු ඇත.එවිට මහා ඇමති පත්වනුයේ ඒකාබද්ද විපක්ෂය මුලික කර ගනිමිනිඑය එසේ සිදු වුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධනයේ අවුරුදු 20ක් පමණ ශ්‍රී ලංකාවේ තිබුණු බලය උතුරු පළාතෙන් පසුව වෙනත් පළාතකින් පළමු වරට ගිලිහි යනු ඇත.මෙය ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය හෝ ජනාධිපතිවරනයටද දැඩි ලෙස බලපානු නියතය.කෙසේ වෙතත් මෙය හුදෙක් සමික්ෂනයක් පමණක් වන හෙයින් සැප්තැම්බර් 20 දින සැබෑ ලෙසම දැක ගනු නියතය  

පළමු සමීක්ෂණ ප්‍රතිපල ආවා..මොනරාගල ආණ්ඩුව දින්නත් දරුණු පසු බෑමක්

''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය හා ගොසිප් සවුත් ලංකා නිවුස්''    2014  ඌව පළාත් සභා මැතිවරණයේ  බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලැබූ පළමු වටයේ  සමීක්ෂණ තොරතුරු එලි දක්වා තිබේ.මෙහිදී එක් ග්‍රාම නිලධාරී වසමකින් අහබු ලෙස තෝරාගත් අවුරුදු 18 -30 / 30-50 / 50-70 /70+ / පුජ්‍ය හා රාජ්‍ය සේවක ලෙස කාණ්ඩ 5කට ගැහැණු 5 හා පිරිමි 5ක් ලෙස හැම කාණ්ඩයෙන්ම තෝරාගෙන සමීක්ෂණය සිදු කරන ලදී.මොනරාගල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 319 හා බදුල්ල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 567 තුල නිලධාරී 1800 කට වැඩි ප්‍රමානයක් යොදවා දින 3ක් තුල කරන ලද සමීක්ෂණයක ප්‍රතිපල පහත දැක්වේ.
                                                                   මොණරාගල දිස්ත්‍රික්කයේදී වැඩි වාසියක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබුනද එහි පැහැදිලි පසු බෑමක් දක්නට ලැබේ.ගියවර මන්ත්‍රී අසන 9ක් දිනා ගත එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මන්ත්‍රී ආසන 6 (ප්‍රසාද ආසනය හැර )දිනා ගන්නා බවත් ගියවර මන්ත්‍රී ආසන 2ක් දිනා ගත් එක්සත් ජාතික පක්ෂය මෙවර මන්ත්‍රී ආසන 4ක් දිනා ගන්න බවත්.ජනතා විමුක්ති පෙරමුණ හා සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතාන්ත්‍රිවාදී පක්ෂය මන්ත්‍රී ආසන එක බැගින් දින ගන්නා බවට සමීක්ෂණයේදී හෙළි වී තිබේ.                                                                                                                                                                            කෙසේ වෙතත් මොනරාගල දිස්ත්‍රික්කයේ සමසත් ජයග්‍රහනය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වන බව ප්‍රකශ වේ.මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලැබීමට සිටි ජාතික නිදහස් පෙරමුණේ හිටපු මොනරාගල දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී උදය කුමාර මහතා මුස්ලිම් සන්ධානයටද මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට නොහැකි වී තිබේ.මෙම කරුණු සමීක්ෂණයේදී අපට හෙළි වන ප්‍රධාන කරුණ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඌව පළාත් සභාවේ ජය තහවුරු කර ගැනීමට නම් මොනරාගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන ප්‍රමානය ප්‍රමාණවත් නොවන බවය. 

විනු උදාරි රැවටු ඇමති පුතා කවුද ?


විනූ උදානිගේ මීට පෙර තිබූ පෙම් සබඳතාවය බිඳී ගොස් ඇති බවයි. නමුත් ඒ කවුරුන් සමඟ තිබූ සම්බන්ධතාවයක්දැයි ඇය කිසිවිටකත් හෙළි කර නොතිබුණි.

නමුත් මීට සතියකට පෙර රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ විනූ උදානි පවසා තිබුණේ තමාට මේ වනවිට පෙම්වතෙක් නොමැති බවත්, මෙච්චර කාලයක් පෙම්වතෙක් සිට නොමැති බවත්ය.

විනූ එලෙස බොරු කියූ නිසා ඇයට සිටි පෙම්වතාව පිළිබඳව සෙවීමට අපි උත්සාහ ගත් අතර අවසානයේ විනූ මෙතෙක් කලක් ලොවට වසන් කළ එම පෙම්වතා සොයාගැනීමට ගොසිප් බුක් අපට හැකිවුණා.

ඔහු වූ කලී පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී රත්නායකගේ වැඩිමහල් පුත්‍රයාය. 28 හැවිරිදි ඔහු නමින් නුවන් හර්ෂ නිලුපුල් බණ්ඩාර රත්නායක වේ.


මීට වසර හයකට පමණ පෙර ඔහු ඇමරිකාවේ අධ්‍යාපනය හමාර කොට තිබේ.

අනතුරුව කැබිනට් පත්‍රිකාවක් මඟින් කෙහෙළිය රඹුක්වැල්ලගේ දුව ඇතුළු ඇමති දූ පුතුන් තානාපතිවරුන් ලෙස තනතුරු ලබාදුන් අවස්ථාවේ මොහුටද රුසියාවේ ශ්‍රී ලංකා උප තානාපතිකම ලැබී මොස්කව් නුවර තානාපති කාර්යාලයේ සේවයට ගොස් තිබේ.

මීට මාස දෙකකට පමණ පෙර රුසියාවේ ශ්‍රී ලංකා නිළධාරියෙකුට වෙඩි වැදී තිබූ අතර ඒ මෙම නුවන් රත්නායකයි.

ලංකාවෙන් පැමිණි නැටුම් කණ්ඩායමක් සමග රොස්ටොව් දොන්ඔන් නගරයට ගිය විට ඒ කණ්ඩායමේ බඩු බාහිරාදිය රැගෙන ගිය ට්‍රක්රථයේ රුසියානු ජාතික රියදුරා සමග මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් නිසා ඔහුට එලෙස වෙඩි වැදි තිබුණි.

මහින්ද රාජපක්ෂ නම් ලාංකිකයාට නඩු දමන නීතියේ ලොක්කා

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු නීත්‍යානුකූල හැකියාවක් නොමැති බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.
දෙවරකට වැඩි වාර ගණනක් ජනාධිපති ධුරය දැරීම වළක්වාලමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබූ විධිවිධාන 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කරන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි වරටත් තේරී පත්වී සිටි බැවින් තුන්වැනි වරට තරඟ කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවන බව හිටපු අගවිනිසුරුවරයා පැවසීය.
මෙතන නුසුදුසු කමක් තියෙන්නේ. නුසුදුසුකම පැවරෙන්නේ ඒ තැනැත්තා තෝරා පත්කරගත් දවසේ. රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවැනි වරට තෝරා පත්කරගත්තේ 2010යේ ජනවාරි 27 වැනිදා. ඒ අනුව එතුමා ජනවාරි 27වන දින නැවත වාරයක් ජනාධිපතිකමට ඉල්ලන්න නුසුදුස්සෙක් බවට පත්වුණා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
2010 සැප්තැම්බර් මාසයේ සිදු කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම නුසුදුසුකම අහෝසි නොවූ බව හිටපු අගවිනිසුරුවරයා අවධාරණය කරයි.
අපේ මතය නම් ඒ නුසුදුසුකම මේ ව්‍යවස්ථාවේ සීමාව ඉවත් කිරීමෙන් ඉවත්වෙලා නැහැ. අපේ නීතියේ මූලික සිද්ධාන්තයක් තමයි, නීතියෙන් යම් කිසි ඉවත් කිරීමක් කරනව නම් ඒක ක්‍රියාත්මක වන්නේ අනාගතයට; අතීතයට ක්‍රියාත්මක වන්නේ නැහැ විශේෂ විධි විධානයක් නැතුව. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තුන්වෙනි වතාවට ජනවරමක් පැතීමට හැකියාවක් නැහැ.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කිසිදු තැනක තුන් වරක් ජනාධිපති ධුරය සඳහා තරඟ කළ හැකි බවට සඳහනක් නොවීම මෙවැනි තත්වයක් ඇතිවීමට හේතුව බව ඔහුගේ මතයයි.
අන්න එතනයි වැරදුනු තැන, තුන්වැනි වතාවට හෝ හතරවෙනි වතාවට තරග කරන්න පුළුවන් කියලා විධීවිධානයක් දැම්මේ නැහැ. ඒක දාන්න අමතක වුනා නැත්නම් ඒක දැම්මේ නැහැ මේක වසන් කරන්න. හැබැයි තුන්වැනි වතාවට ඉදිරිපත්වීමට සුදුස්සෙක් වන්නේය කියලා දාලා තිබුනොත් මම මේ කියන දේ වලංගු නැහැ.
ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන්වන 2016 නොවැම්බර් මස 19වනදාට මාස 3කට පෙර ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය තිබෙන බව පවසන සරත් එන් සිල්වා හිටපු අගවිනිසුරුවරයා ඊට කලින් ජනාධිපතිවරණයක් කැඳවුවහොත් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව නඩු පවරන බවද පවසයි.


පළාත් අමාත්‍ය නිමල් ලාංසා දොස්තර නෝනා කෙනෙක්ගෙන් ගුටි කැ හැටි

නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාව කටාන ආසනයෙන් එළවා දැමීමට ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ක්‍රියා කෙළේ යැයි පළාත් අමාත්‍ය නිමල් ලන්සා මහතා සිදුකළ ප්‍රකාශය මුලුමනින්ම සාවද්‍යයැයි ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ බිරිඳ වන පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසා සිටී.
                                                    සරත් ගුණරත්න මහතාට කටාන ආසනයෙන් දේශපාලනය කිරීමට නොදී එළවා දැමීමට ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ක්‍රියා කළ බව බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලාන්සා මහතා පසුගියදා (25දා) මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය සම්බන්ධව දිනපතා පුවත්පතක් විසින් කළ විමසීමේදී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මේ බව පවසා තිබේ.
                                                          ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් සරත් ගුණරත්න මහතා කලක් සේවය කළ බවත් එවකට රටේ පැවැති තත්ත්වය නිසා හදිසියේ සරත් ගුණරත්න මහතාට විදේශ ගතවීමට සිදුවූ බවත් ඇය කියා තිබේ.
                                                          සරත් කුමාර ගුණරත්න මහතාට කටාන ආසනයෙන් දේශපාලනය කිරීම ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා විසින් තහනම් කරනු ලැබුවැයි යමකු පවසනවානම් එම ප්‍රකාශයට තමන් එකඟ නොවන බවත් එය වැරැදි අවබෝධයක් බවත් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වැඩිදුරටත් පවසා ඇත.

                                                             එමෙන්ම මීගමුව ප්‍රදේශයේ භීෂණ තත්ත්වයක් පවතින බවට නිමල් ලාන්සා මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධවද අදහස් දක්වමින් ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවැසුවේ එවැනි භීෂණයක් මීගමුව පමණක් නොව රටෙහිද නොපවතින බවයි.

මැතිවරණ කොමසාරිස් නිදි මෙන්න..ඇත්ත

ඌව පළාත් සභා මැතිවරණයේ විපක්ෂයේ පක්ෂයන්හි මැතිවරණ කාර්යාල හා පුද්ගලයින්ට පහරදීම සදහා ආණ්ඩුව විසින් සන්නද්ධ කල්ලියක් යොදවා ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ජාල චෝදනා කර සිටී.

මෙම කණ්ඩායම විසින් පෙරේදා දිනයේදී විපක්ෂයේ කාර්යාල 18ක්ද ඊයේ දිනයේ දී විපක්ෂයේ කාර්යාලය 10ක් ද විනාශ කොට ඇත. එසේම ගම්වැසියන් බිය වද්දමින් විපක්ෂයේ ක්‍රියාකාරිත්වය අඩාල කිරීම සදහා ස්වයංක්‍රීය ගිනි අවි යොදාගනිමින් පවතින බවද අදාළ නිරීක්ෂණ ජාල මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවමින් දන්වා සිටී.

නිරීක්ෂණ ජාල සදහන් කර සිටින්නේ මේ වන විට මෙසේ ගිනි තබා විනාශ කොට ඇති කාර්යාලය සංඛ්‍යාව 30ක් පමණ වන බවත් මැතිවරණය ආරම්භ වීමත් සමග මෙවැනි තත්වයක් පෙන්වන්නේ නම් ඉදිරියේදී මේ තත්වය උග්‍රවිය හැකි බවද අදාළ ලිපිය මගින් සදහන් කොට ඇත.

බදුල්ල UNP දිනනවා..සමික්ෂනයකින් හෙළි වේ.

  ''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය හා ගොසිප් සවුත් ලංකා නිවුස්''  2014  ඌව පළාත් සභා මැතිවරණයේ  බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලැබූ පළමු වටයේ  සමීක්ෂණ තොරතුරු එලි දක්වා තිබේ.මෙහිදී එක් ග්‍රාම නිලධාරී වසමකින් අහබු ලෙස තෝරාගත් අවුරුදු 18 -30 / 30-50 / 50-70 /70+ / පුජ්‍ය හා රාජ්‍ය සේවක ලෙස කාණ්ඩ 5කට ගැහැණු 5 හා පිරිමි 5ක් ලෙස හැම කාණ්ඩයෙන්ම තෝරාගෙන සමීක්ෂණය සිදු කරන ලදී.මොනරාගල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 319 හා බදුල්ල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 567 තුල නිලධාරී 1800 කට වැඩි ප්‍රමානයක් යොදවා දින 3ක් තුල කරන ලද සමීක්ෂණයක ප්‍රතිපල පහත දැක්වේ.                                                                                                                                                 බදුල්ල දිස්ත්‍රික්කයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය අතර ඉතා දැඩි උණුසුම් කාරී චන්ද ව්‍යාපාරයක් පවතින අතර සන්ධානයේ ඇතැම් අපේක්ෂකයන් ගිනි අවි බාවිතා කරමින් බිය වැද්දීම් සිදු කරමින් පවතී.එහෙත් ජනතා මතය අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩි බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවන බව පෙනීයයි.එක්සත් ජාතික පක්ෂයට ආසන 9 හා එක්සත්  ජනතා නිදහස් සන්ධානයට ආසන 6 ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ආසන 2 ක්ද  සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතාන්ත්‍රිවාදී පක්ෂය මන්ත්‍රී ආසන එක බැගින් දින ගන්නා බවට සමීක්ෂණයේදී හෙළි වී තිබේ.   
                                                                                                            මෙහිදී පැහැදිලි වෙනසක් සිදු වී ඇති බව අපට පෙනී යයි.ගියවර එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 14 හිමි තිබුනද මෙවර එය 6 දක්වා අවු තිබේ 2009 දී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 5ක් හිමිව තිබුනද එය 9 දක්වා වැඩි වී තිබෙන අතර ජනතා විමුක්ති පෙරමුණද එක් මන්ත්‍රී ධුරය 2 දක්වා වැඩි කරගෙන තිබේ මෙයට අමතරව ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතාන්ත්‍රි වාදී පක්ෂයට එක් මන්ත්‍රී ධුරයද හිමි තිබේ.ජාතික නිදහස් පෙරමුණ චන්ද 1500කට අඩු ප්‍රමානයක් ගනු ඇතයි බදුල්ල ජනතාවගේ මතය වී තිබේ.කෙසේ වෙතත් අවුරුදු  15 පසුව ඌව පළාත් සභාව තුල වෙනසක් සිදු වෙමින් මන්ත්‍රී ආසන 14 බැගින්(බෝනස් අසනද ඇතුළුව ) ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය සම තත්වයට පත් පත් වුවද ජනතා විමුක්ති පෙරමුණට හිමි ආසන 3ත් ප්‍රජාතාන්ත්‍රිවාදී පක්ෂයට හිමි අසන 2ත් සමග විපක්ෂය මන්ත්‍රී ආසන 19 දක්වා ඉහලට ඇදී යනු ඇත.එවිට මහා ඇමති පත්වනුයේ ඒකාබද්ද විපක්ෂය මුලික කර ගනිමිනිඑය එසේ සිදු වුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධනයේ අවුරුදු 20ක් පමණ ශ්‍රී ලංකාවේ තිබුණු බලය උතුරු පළාතෙන් පසුව වෙනත් පළාතකින් පළමු වරට ගිලිහි යනු ඇත.මෙය ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය හෝ ජනාධිපතිවරනයටද දැඩි ලෙස බලපානු නියතය.කෙසේ වෙතත් මෙය හුදෙක් සමික්ෂනයක් පමණක් වන හෙයින් සැප්තැම්බර් 20 දින සැබෑ ලෙසම දැක ගනු නියතය     

Thursday 21 August 2014

බදුල්ලේ ඌව පරණගම දී බුද්ධ්දසලාගෙන් විපක්ෂයට හයිරම්

ඌව පරණගම ගලහගම පිහිටි එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද අලූයම 3 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත. ගලහගම ධර්මරාජ විද්‍යාලය අසල පිහිටි මෙම කාර්යාලය ස්ථාපනය කොට ඇත්තේ ආර්.ඩී.ආරියදාස මහතා ට අයත් එළවළු වෙළදසලක කොටසකය. එජාප කාර්යාලයේ පරිහරණය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයකට ද මැර කණ්ඩායම විසින් ගිණි තබා ඇත. ප්‍රහාරයෙන් වෙළදසැල සහ යූපී ඩබ්ජී 4629 දරණ ත්‍රී රෝද රථය සහමුලින්ම විනාශ වී තිබේ

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජයන්ත කන්නංගර පවසන්නේ මෙම ප්‍රහාරය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂ ඒ.එම්. බුද්ධදාස ග් ආධාරකරුවන් විසින් සිදු කර ඇති බවයි.

'එජාප ප්‍රධාන ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු ගේ සහභාගීත්වයෙන් අප මෙම ස්ථානයේ සාර්ථක රැස්වීමක් පැවැත්වූවා. එයින් පසුව එම රැස්වීම සංවිධානය කළ අයට රාත්‍රි කාලයේ ජීප් රථ වලින් පැමිණි කණ්ඩායම් තර්ජනය කරනවා' යැයි ද කන්නංගර පවසයි.

පළාත් සභා මැතිවරණය ආරම්භ වීමෙන් පසුව මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩක්‍රියා 4 ක් වාර්තා වී ඇත. හාලිඇල ප්‍රදේශයෙන් 2 ක්, මහියංගනය 1 ක් සහ ඌව පරණගම එකක් ලෙස මෙම සිදුවීම් වාර්තා වී ඇත. මොණරාගල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා දෙකක් වාර්තා වී ඇති අතර ඒ වැල්ලවාය හඳපානාගල එක් ප්‍රචණ්ඩක්‍රියාවක් සහ කතරගමින් එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස ප්‍රචණ්ඩත්වය වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

ජෙනරාල්ගේ අපේක්ෂකයන්ට මරණ වරෙන්තු..මතිවරණ කොමසාරිස් ගොළු වේ

මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඌව පළාත් සභාවට තරග කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක වැල්ලාන විතානගේ ප්‍රියන්ත කුමාර මහතාට අද (21දා)අලුයම 2.00 ට පමණ මැර කණ්ඩායමක් පහර දී ඇතැයි වාර්තා වේ.මේ හේතුවෙන් ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකු කතරගම රෝහලට ඇතුළත් කර තිබෙන බවත් කැෆේ සංවිධානය පවසයි.
එසේම ඌව පරණගම ගලහගම පිහිටි එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද අලුයම 3 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ සංවිධානය පවසයි. එම කාර්යාලයේ පරිහරණය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයක්ද මැර කණ්ඩායම විසින් ගිනි තබා ඇති බවද ඔවුහු කියති.
පළාත් සභා මැතිවරණය ආරම්භවීමෙන් පසුව මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩක්‍රියා 4 ක් වාර්තා වී ඇති බවත්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා දෙකක් වාර්තා වී ඇති බවත් කැෆේ සංවිධානය පවසයි.



ලංකාවට කුඩු ගෙන ගෝඩ් ෆාදර් හෙවත් කුඩු ලේකම් කවුද

හොරොයින් මාෆියාවක් හෙලිදරව් කරමින් පසුගිය අගෝස්තු 15 දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් කටුගස්තොටදී අල්ලා ගත් හොරොයින් කිලෝ 59 පිටුපස සිටින සැබෑ ජාවාරම් කරුවා වසන් කිරීමට මත්ද්‍රව්‍ය නාශක අංශය, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයා සමග රජයේ සහ රාජ්‍ය ගැති මාධ්‍ය කි‍්‍රයා කරමින් සිටිති.
මීට හේතු වී ඇත්තේ සැබෑ ජාවාරම් කරුවා පිටුපස ලංකාවේ කුඩු ගෝඞ් ෆාදර්  සිටින බව හෙළි වී ඇති බැවින් ඔහු වසන් කිරීමට අවශ්‍ය බැවිනි.
පසුගිය කාලයේ එස්.ටී.එෆ් බලකාය හොරොයින් කිලෝ 85 ක් ඇල්ලූවා යැයි කීවද පසුව බලද්දී එහි හොරොයින් නොතිබූ අතර එය ව්‍යාජ මාධ්‍ය සංදර්ශනයක් පමණක් විය.(ඒ සම්බන්ධ සත්‍ය තොරතුරු ලංකා ඊ නිව්ස් මීට පෙර හෙළිදරව් කර ඇත)අනෙක් අතට වෙනත්
අවස්ථා වල හොරොයින් ඇල්ලූවා යයි කීවද ඒ සම්බන්ධ සැබෑ ජාවාරම් කරුවන් අල්ලන්නේ නැත. ජාවාරම් කරුවන් අල්ලා ගත් අවස්ථා වලදී ද වනාතේ තිලාන්ටමෙන් ඔවුන්ට බන්ධනාගාරයෙන් පැන යෑමට ඉඩ කඩ සලසන්නේ ය.
එවන් තත්ත්වයක් තුලදී මහනුවර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ කටුගස්තොට වසා දමන ලද ජුවලරි සාප්පුවක තිබී අල්ලා ගත් හොරොයින් කිලෝ 59 යි ග‍්‍රෑම් ගණනක හොරොයින් තොගයත් ඊට සම්බන්ධ ජාවාරම් කරුවන්ද අල්ලා ගැනීමත් විශේෂිතය. මේවා කිලෝ එකේ පාර්සල් ලෙස තේ සහ කිරිපිටි පැකට් කරන ආකාරයෙන් පැකට් කර තිබිණ. එහිදී අල්ලා ගත් ලංකාවේ ප‍්‍රධාන ජාවාරම් කරුවා අහමඞ් සබ්රි තජුඞීන් නමැත්තෙකි. ඔහුගේ සහායකයා ලෙස මාතලේ පලාපත්වලදී මොහොමඞ් සෆ්රාස් නමැත්තෙක්ද අල්ලා ගත්තේ ය.
අහමඞ් සබ්රි තජුඞීන්ට කටුගස්තොටද නිවසක් තිබූ අතර ගල්කිස්ස පිරිවෙන පාරේද, රත්මලාන මැලිබන් කර්මාන්ත ශාලාව ඉදිරිපිට පාරේද නිවෙස් දෙකක් හිමිය. ඒ සියල්ල අතර ඔහු වාසය කර ඇත්තේ අකුරණ පිහිටි නිවසක ය. සබ්රි අල්ලා ගන්නා අවස්ථාවේ තවත් පුරුෂයන් තිදෙනෙක් සහ කාන්තාවක් ද සෆ්රාස් අල්ලා ගන්නා අවස්ථාවේ තවත් කාන්තාවක්ද අත් අඩංගුවට ගෙන තිබූහ.
මේ සියළු දෙනා අතර ලංකාවේ ප‍්‍රධාන ජාවාරම් කරුවා වූයේ සබ්රිය. නමුත් ඔහුට හෙරොයින් එවන ප‍්‍රධාන ජාවාරම් කරුවා මැලේසියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික මුස්ලිම් ව්‍යාපාරිකයෙකි. ඔහු නමින් දාටෝ මොහොමඞ් මුජහිද්නමැත්තෙකි. හොරොයින් කිලෝ 59 ක් සමග හසුවූ අහමඞ් සබ්රි යනු දාටෝ මොහොමඞ් මුජහිද්ගේ මස්සිනා ය. දාටෝ මොහොමඞ් මුජහිද්ට පුද්ගලික සුපිරි නාවුක යාත‍්‍රාවක්ද (ලක්සරි යොට් එකක්ද) හිමිය.

තව බොහෝ තොරතුරු අප වෙත ලැබී ඇති අතර ඉදිරියේදී ඒවා හෙලිකරන්නෙමු.

බදුබර ඉහලින්..,ආණ්ඩුවට තවත් අත්වාරු 2ක්..

නවනියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පී. දිගම්බරම් සහ ප‍්‍රභා ගනේෂන් යන මහත්වරුන්මීට නොබෝ වේලාවකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීතිබේ. පී. දිගම්බරම් මහතා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ප‍්‍රභා ගනේෂන් මහතා විදුලිසංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.

Wednesday 20 August 2014

28 ගුරුවරිය 15 සිසුවාට හෝටල් කාමරයේ කියා දුන් ලිංගික පාඩම

පහළොස් හැවිරිදි සිසුවකු සමග ලිංගිකව හැසිරුන විසි අට හැවිරිදි ගුරුවරියක් සිසුවාත් සමග හෝටල් කාමරයක සිටියදී අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඇය පාසල් නිවාඩු සමයේ මෙම සිසුවා සමග මිසිසිපි ප්‍රදේශයේ හෝටල් කාමරයක කල් ගතකොට තිබෙනවා.

ජෙනිෆර් සෙක්ස්ටන් නම් ඇය අමෙරිකාවේ ඔක්ලහෝමා හි කණිෂ්ඨ පාසලක ඉංග්‍රීසි ගුරුවරියකි. අදාල බලධාරීන් අදාල සිසුවාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළද එය සාර්ථක වී නැහැ. ඔහු එහිදී පවසා ඇත්තේ ඇය හොඳ ගුරුවරියක් බව පමණි.
-

මාධ්‍යවේදියා ඝාතනයේ අප නොදන්නා විස්තරය

ඉස්ලාමික රාජ්‍යක් ගොඩනැගීම වෙනුවෙන් සටන් වැදෙන ISIS සංවිධානය විසින් ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියකු වන ජේම්ස් ෆොර්ලිගේ හිස ගසා ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

ඝාතනයට ලක්ව ඇති ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියා 2012 වසරේ සිරියවේදී අතුරුදහන් වූ බවට වාර්තා විය.

ජිහාඩ් කැරලිකරුවන් පවසන්නේ මෙම ඝාතනය, ඉරාකයේ ISIS සටන් කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ඇමෙරිකානු ප්‍රහාරයන්ට පළි ගැනීමක් ලෙස සිදු කර ඇති බවයි.

ජේම්ස් ෆොර්ලිගේ මව ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම පුතු තමන්ට ආඩම්බරයක් බවයි.

තව දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ සිරියාවේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති වේදනා ජනක අත්දැකීම් ලෝකයට හෙළි කිරීමට නිර්භයව ක්‍රියා කළ තම පුතුන් ඒ වෙනුවෙන් දිවි පුජා කර ඇති බවයි.


තැපැල් නියෝජ්‍ය ඇමති විකෘති කාමාශාවලින් පෙලෙන පුද්ගලයෙකු බව තම බිරිද කියයි

"මාස්ටර් - බ්ලාස්ටර්" නමින් ක්‍රිකට් ලෝකයේ විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ හිටපු ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක,  නියෝජ්‍ය තැපැල් ඇමති සනත් ටෙරාන් ජයසූරියගෙන්, තම අසරණ දියණියන් දෙදෙනා බේරා දෙන ලෙස එම දරුවන් දෙදෙනාගේ පියා විසින් මරදාන පොලීසියට හා පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිල්ලක් කර ඇත.

මෙසේ පළමුව මරදාන පොලීසියේ විවිධ පැමිනිලි අංශයටත්, එයින් පලක් නොවූ කල නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට මෙසේ පැමිණිලි කර ඇත්තේ මරදානේ පදිංචි කසුන් ධනුෂ්ක වේලාරත්න නැමැති අයෙකි.

මෙම වසරේ මැයි 10 වන දින මරදාන පොලීසියට පැමිණිලි කර ඇති මෙම පුද්ගලයා තම පැමිණිල්ලේදී පවසා ඇත්තේ, තම බිරිඳ වන ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක වන රධීෂා පෙරේරා නැමැති අය පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා තැපැල් නියෝජ්‍ය අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ටෙරාන් ජයසූරිය සමග අනියම් සබදතාවයක් පවත්වන බවයි.
 2014 වසරේ පෙබරවාරි මස 14 'වැලන්ටයින්' දින රධීෂා හා සනත් සිංගප්පූරුවේ එකට ගත කර ඇති බවත්, මෙම වසරේ පැවැති එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේදී ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වූ ටෙස්ට් තරඟයේ ආරම්භක අවස්ථාව සනිටුහන් කිරීමට ඝාන්ඨාරය නාද කිරීම සඳහා සනත් ජයසූරිය ලන්ඩනයට ගිය අවස්ථාවේදී, රාජකාරී නිල ගුවන් ගමනකින් තොරව තම බිරිඳ වන රධීෂා පෙරේරාද කැඳවා ගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් කර ඇති අතර ඔවුන් දෙදෙනා ලන්ඩන් ඩොක්ලන්ඩ් හි පිහිටි ‘City Grange' හෝටලයේ නවාතැන් ගෙන සිටි බවට සියලු සාක්ෂි තමා සතුව ඇති බව කේ.ඩී. වේලාරත්න නැමැත්තා තම පැමිණිල්ලේ දක්වා ඇත.

තමා හා රධීෂා 2008 වසරේ විවාහ වූ බවත්, එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට වයස අවුරුදු හතර හමාරක් සහ වයස අවුරුදු දෙක හමාරක් වියැති කුඩා දියණියන් දෙදෙනෙකු සිටින බවත්, බිරිය මේ වන විට එම දැරියන් දෙදෙනාද සමග තමාව ද්වේශ සහගත ලෙස අතහැර දමා වෛවාහක නිවසින් පිටවී ගොස් කොළඹ තුන්මුල්ලේ ‘King's court' සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ සනත් ජයසූරියට අයත් නිවසක බිරියගේ සහෝදරියෙකු සමග ජීවත් වන බව පවසා ඇත. මෙම ස්ථානය සනත් ජයසූරිය නිතර යාම් ඊම් කරනු ලබන ස්ථානයක් බවද දක්වා ඇත.

සනත් ජයසූරියගේ දෙවන විවාහක බිරිඳ වන සැන්ඩ්‍රා ජයසූරිය මේ වන විට කොළඹ දිසාඅධිකරණය ඉදිරියේ පවරා ඇති දික්කසාද නඩුවේ සනත් ජයසූරියගෙන් වෙන්වීම සඳහා ඉදිරිපත් කර ඇති පෙත්සමේ දක්වා ඇත්තේ, සනත් ජයසූරිය විකෘති කාමාශාවලින් පෙලෙන පුද්ගලයෙකු' බවයි. සැන්ඩ්‍රාට සනත් ජයසූරියගෙන් වෛහාක වරදක් වන අනුමිත ද්වේශ සහගත අතහැර යාමකට' (Mutual Malicous Desertation) හේතු වී ඇත්තේ සනත් ජයසූරියගේ මෙම ඉවසා දරාගත නොහැකි විකෘති කාමාශාව බව දික්කසාද පෙත්සමේ ප්‍රකාශිතව දක්වා තිබේ.

මෙසේ සනත් ජයසූරිය විකෘති කාමාශාවලින් පෙලෙන මානසික අසහනකාරයෙකු බව ඔහුගේ හිටපු විවාහක බිරිඳ අධිකරණයට පවා පවසා සිටියදී, තම බිරිඳ වන රධීෂා පෙරේරා තමන්ගේ කුඩා දියණියන් දෙදෙනා සමග සනත් ජයසූරිය සමග වාසයට සහ සංවාසයට යාමෙන් තම දියණියන් දෙදෙනාගේ ජීවිත විශාල අනතුරකට හා අවධානමකට හෙලා ඇති බව රධීෂා පෙරේරාගේ සැමියා පොලීසියට පැමිණිලි කර ඇත.

මෙම පළමු පැමිණිල්ල වන මැයි 10 දින පැමිණිල්ල විභාග කිරීම සඳහා රධීෂා පෙරේරාට මරදාන පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස පොලිස් කොස්තාපල්වරයෙකු (P.C. 33963) දැනුම් දී ඇත. නමුත් ඊට අවනත නොවී ඇති රධීෂා ඉහත කී කොස්තාපල්වරයාව තමාට තර්ජනය කළ බව කියමින් නියෝජ්‍ය තැපැල් අමාත්‍ය සනත් ජයසූරිය ලවා පොලිස් රෝහල වෙත මාරු කර යවා ඇත. නැවතත් රධීෂාගේ සැමියා වන කසුන් ධනුෂ්ක වේලාරත්න ජුලි මස 01 වන දින මරදාන පොලීසියට වැඩි දුර ප්‍රකාශයක් කරමින් වහාම තම දියණියන් දෙදෙනාගේ භාරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට ඇත.

මෙම පොලිස් පැමිණිල්ලට සනත් ජයසූරිය නැවතත් තම අමාත්‍ය බලතල අයුතු ලෙස යොදා ගනිමින් මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් පැමිණිලි පොත සමග නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ කාර්යාලයට ගෙන්වාගෙන රධීෂා පෙරේරාගෙන් කටඋත්තරයක් ලබා ගන්නා ලෙස නියෝග කර ඇත. සනත් ජයසූරියගේ විධානය එපරිදිම ක්‍රියාත්මක වී ඇත.

සනත් ජයසූරියගේ ඇමති බලතලවලට යටත් නොවී ඇති රධීෂාගේ සැමියා වන කසුන් ඉන්පසු මරදාන පොලීසියෙන් පලක් නොමැති බව දැනගෙන නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි කර ඇත. සිදුවී ඇති අසාධාරණය පිළිබඳව අවබෝධ කර ගෙන ඇති පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් සනත් ජයසූරියගේ අයුතු බලපෑම්වලට යටත් නොවී රධීෂා පෙරේරාව පැමිණිල්ල විභාග කිරීම සඳහා ඊයේ (18) එකී කාර්යංශයට ගෙන්වා ගෙන තිබේ.

ඇය එහිදී පවසා ඇත්තේ සනත් ජයසූරිය හා තමා අතර, තම සැමියා පවසන ආකාරයේ කිසිදු අනිසි සබදතාවයක් නැති බවයි. එසේ වුවද තමා තම සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරන බව ප්‍රකාශ කොට තිබේ. එහිදී එම පැමිණිල්ල කරන ලද කේ.ඩී. වේලාරත්න නැමැති අය පවසා ඇත්තේ දරුවන්ට යම්කිසි අනතුරක් හෝ අපදාවක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රධීෂා භාරගත යුතු බවයි. පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් පැමිණිලිකරුට උපදෙස් දී ඇත්තේ දරුවන්ගේ භාරකාරත්වය සඳහා වෙනමම නඩුවක් වහා පවරන ලෙසයි.



 

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කුඩු නිසා කුඩු වෙයිද

රවින්ද්‍ර උදය ශාන්ත යන පුද්ගලයා කවුද කින්ද මන්ද අප සමාජය නොදනි ඔහුව කොළඹ පිරිස් ආදරයෙන් හදුන්වන්නේ සුද්දා කියා සමහරවිට ඔබ සිතනවා ඇති අප ඔබට කවුරු ගැනද මේ කියන්නේ කියා එදා 2012දි වැඩියෙන්ම මතභේදයට තුඩු දුන් මෙම රවින්ද්‍ර උදය ශාන්ත නැමති මෙම පුද්ගලයා පෑහර ගැනිමට පවා ලක්වනවා ඒ දුමින්ද සිල්වා  මහතා සහ මොහු අතර තිබු මතභේදයක් දුරදිග යෑමෙන් අනතුරුව සුදුවෑන් රියෙන් පිරිසක් පැමිණ ප්‍රථමයෙන් මොහුගේ සොයුරා පැහැරගෙන ගොස් ඝාතනය කරන අතර ඊට පසුවමොහුව පැහැරගෙන ගොස් ඝාතනය කිරිමට ගත් උත්සහය ව්‍යාර්ථවු ආකාරය එබැවින් මෙම2012දි ලංකාවේ වැඩියෙන්ම කතාභාට ලක්වුන මාතෘකාවක් තිබුනාම් නගර සභාවක සභාපතිවරයෙක් පැහැරගැනිමට පැමිණි සුදුවෑන් මිනිමරුවන් අසුවුනානම් ප්‍රාදේශිය සභාවක් හෝ නගර සභාවක් තිබුනානම් එම ප්‍රදේශය කොලොන්නාව යැයි අප පැවසුවොත් එය නිවැරදියි කියා අප සිතන්නේමු

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා හා දුමින්ද සිල්වා  මහතා තර ඇතිවු බර අරගලයෙන් භාරත ඝාතනයෙන් දුමින්ද සිල්වා  මහතා හ මෙම රවින්ද්‍ර උදය ශාන්ත අතර තිබුනේ ඉතාම සමිප සම්බන්දයකි එදා 2009 වසරේ මැයි මස දුමින්ද සිල්වා කොලොන්නාවේ ආසන සංවිධායකවරයා ලෙස පත්කළ අවස්ථාවේදි ජනාධිපති කාර්යාලයෙන් මෙම කුඩු සුද්දා නොත් රවින්ද්‍ර උදය ශාන්තහට ෆැක්ස් පනිවිඩයක් ලැබුනේයඑහි සදහන්වු ආකාරයට මෙසේ සදහන්විය ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජ්වාදි ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආර් දුමින්ද සිල්වා මහතා කොලොන්නවේ ආසන සංවිධායකවරයා ලෙස පත්කර ඇති බැවින් ආර් දුමින්ද සිල්වා මහතාගේ ආසනයේ සි‍යළු වැඩකටයුතු වලට සහය දක්වන මෙන් ඔබෙන් ජනාධිපති කාර්යාලය රවින්ද්‍ර උදයශාන්ත ඔබට කාරුණික දැනුම් දෙමු! ඉන් අනතුරුව මෙම කොළොන්නාවේ නගර සභාවේ කුඩු සභාපතිවරයා රවින්ද්‍ර උදය ශාන්ත කොළොන්නාවේ කුඩු දුමින්දගේ සෑම මැර ක්‍රියාවකට සහය දුන්නේය මාහට මතක හැටියට සරත් ෆොන්සේකා මහතා 2010 ජනවාරි මස විසිහය පැවති ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂක ලෙස තරග කළ අවස්ථාවේ දුමින්ද සිල්වා  මහතා සමග විපක්ෂයේ නාගරීක මන්ත්‍රිවරුන්ට සහ ඔහුන්ගේ නිවාසවලට ගොස් පහරදී බරපතල තුවාල කිරිමට කටයුතු කළේය

දිනෙන් දින ඔහොම පාතාල ක්‍රියාකාරකම් කොලොන්නාව සහ ඒ අවට ප්‍රෙදේශවලට පවා ව්‍යාප්තවුයේය අද කොලොන්නාව තුළ මෙම කුඩු සභාපතිවරයා ප්‍රතිසංස්කරණය කල පමණින් එම ජනතාවට සෑහිමට පත්විය නොහැකිය මෙම පුද්ගලයාගේ සොයුරු කීප දෙනෙක් සිටි වාසනා දොඩම්ප ගමගේ රාජු දොඩම්පගමගේ ජනක ප්‍රභාත් දොඩම්පගමගේ කියන පුද්ගලයන් නිසා මේ වෙනකොට අගතියට පත්වු පාර්ශ කීයක් සිටිනවාද මත්ද්‍රව්‍යට අබ්භැයිවුවන් කොච්චරක් සිටිනවාද සොරකම් වලට ලක්වු පිරිස් මොනතරම් සිටිනවාද කිවොත් අද හිතාගැනිමට තරම් මෙම සභාපතිවරයාගේ නොමන ක්‍රියාකලාපය බව අපි කියන්නේ පිළිකුල් සහගතව,

මෙම රවින්ද්‍ර උදය ශාන්ත නැමැත්තාට විශාල ලෙස මුදල් සම්භවයක් උපයා ගත්තේද මත්ද්‍රව්‍ය මුදල් ගිනි පොලියට දීමෙන් සහ නිවාස ඔප්පු උකසට අරගැනිමෙන් මේ අතර තුර මොහු රජයේ සිටින ප්‍රභල ප්‍රභුවරුන් සමග විශාල ඇයි හොදකමක් තිබුනේය විශේෂයෙන්ම ....සිල්වා සමගද මොහු සමිප සබන්දයක්ද ඇතිකර ගත්තේය. සිල්වා  මහතා විසින් මෙහෙවන මත්ද්‍රව්‍යක් වන අශිෂ් නැමත් මත්ද්‍රව්‍ය රවින්ද්‍ර උදය ශාන්ත විසින් සිය ගෝලභාලයෝ හරහ විවිද රාත්‍රි සමාජ ශාලාවට බෙදා ඇරියේය එහින් මොහුන් දෙපල කෝටි ගනනින් මුදල් උපයා ගැනිමට කටයුතු කලාය මොහුන් සමග එවකට සිටි කොළඹ කුඩු රජෙකුවු කුඩු ලාල්ද සිටියාය එම නිසා රවින්ද්‍ර උදය ශාන්තගේ කොලොන්නාවේ නිජඹිමවු මීතොටමුල්ල වඩුගොඩවත්ත ප්‍රෙදේශයට කුඩු බෙදා විශාල වශයෙන් එම ප්‍රෙදේශයට කුඩුවලට ප්‍රසිද්ධියක් උසුලුනු ලැබුවෙය

මේ සෑම දෙම පසකින් තබා යලි කොලොන්නාවේ නගර සභාව තුලට අපගේ අවධානය පෙරේදා සවස 04:55ට පමණ කොලොන්නාවේ නගර සභාවේ උපසභාපතිවරයාවු සුරේෂ් කෝදාගොඩ නැමැත්තාට එම නගර සභාවේ සිටි මැර කණ්ඩායමක් පහරදී තිබේ සුරේෂ් කෝදාගොඩ කියු ආකාරයට රාජකාරි කරන වෙලාවේ තමාට ගැහුවේ නගර සභාවේ
සේවකයෝ ටිකයි නගාරාධිපතියි ඔක්කොම එකතු වෙලා මට ගැහුවේ මොකක්ද මේ . මේ කුඩු කාරයෝ අද නගර සභාවේ චන්ඩි පිස්තෝල ටී 56 දෙකක් දීලා තියෙනවා ටී 56 දෙකක් මේ පොලිසියෙන් . මේ පොලීසිය බලන් ඉන්නැද්දි ගහනවා මේකට සාධාරණයක් ඉෂ්ඨ කරන්න මේ කො‍ලොන්නාවේ ජනතාවට බියෙන් සැකක් නැතිව නගර සභාවට ඇවිල්ලා වැඩක් කරගන්න අයිතිය දෙන්න කියලා ගරු ආරක්ෂක ලේකම් තුමාගෙන් ඉල්ලනවා .යනුවෙන් ප්‍රකාශ කලත් ඔහුත් නියෝජනය කරන්නේ මැදමුලන මරාගේ ආණ්ඩු පක්ෂය අද කොලොන්නාව කුඩු කේන්ද්‍රස්ථානයක් බවට පත්වුනේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නිසාය අද භාරත දැවි අළුවී ගොස් අමාරය ඒත් මෙම කුඩු සභාපතිවරයාට පාඩමක් ඉගැන්වීමට කවුරුවත් ඉදිරිපත් නොවන්නේ ඔහුට දේශපාලන අස්ථියක් තිබෙන නිසාය අප මීට පත් පෙන්වා දුන්නා කොලොන්නාවේ ජනතාවට බුද්ධිය පහල වේවා කියා ඒත් එවැනි දෙයක් කිසිම මොහොතක සිදුවන්නේ නැහැ

මෑතකදි සිංහපුර ප්‍රෙදේශයෙදි සිදුවු ද්ත්ව ඝාතනය සම්බන්දයෙන්ද මෙම කොලොන්නාවේ නගර සභාවේ සභාපතිවරයාද හවුල් බවට රාවයක් තිබිනි ඒත් අපට නිෂ්විතව මොහු සම්බන්ද යන බවට සොයමින් සිටි මොහු මීට අවුරුදු දහතුනකට පෙරද මනුෂ්‍ය ඝාතනයකට වගකිව යුතුනමුත් එදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ සහයෙන් මොහු බේරිනි ඒත් මොහුට සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට දුමින්ද සිල්වා මහතා යම්දවසක කොලොන්නාවේ ජනතාව නැගිසිටිනු ඇත නිවට දේශපාකයන්ට කොලොන්නාව පමණක් නොව මුළු රට අතහැර යන්න මෙම කුඩු සභාපතිවරයා පිලිබදව දෙවන තුන්වන කොටස ඉදිරි දින කීපය තුළ බලාපොරත්තු වෙන්න වේවි!


ජනපති බලයෙන් කලාකාරිය දුෂණය කරන ලේකම්

මහින්ද රාජප්කෂ ජනාධිපතිවරයාගේ සංස්කෘතික හා කලා කටයුතු ඒකකයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ සමන් දිසානායක විසින් මීට වර්ෂ දෙකකට පෙර මිය ගිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලක වෙදමුල්ලගේ බිරිද වන චන්දි රණතුංග ඊයේ (19) පැහැරගෙන ගොස් අමානුෂීය ලෙස පහරදී තුවාල සිදුකොට ඇත.

ඊයේ සන්ධ්‍යාවේ සිදුවන මෙම සිදුවීම සම්බන්ධයෙන් චන්දි රණතුංග පවසා සිටියේ තමාට දිගින් දිගටම සමන් දිසානායක නැමැති ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් බලපෑම් සිදුවූ බවයි. තම සැමියා ජීවත්ව සිටියදීත් මිය ගිය පසුත් මෙම පුද්ගලයා විසින් දිගින් දිගටම තමාට අනවශ්‍ය ලිංගික බලපෑම් සිදුකළ බවත් ඔහු සමග විවාහ වන ලෙස මරණ තර්ජන පවා සිදුකළ බවත් සදහන් කර සිටියාය.

කෙසේ නමුත් ඊයේ දින තමන් ලියා පළකිරීමට නියමිත පොතක පිටකවර නිර්මාණය පරීක්ෂා කිරීමට මහරගම සිල්වර් රීඩ් ආයතනය වෙත ගොස් එළියට එනවිටම ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සමන් දිසානායක විසින් තමන් බලහත්කාරයෙන් ඔහුගේ මෝටර් රථයට ඇදගෙන ගොස් දොරගුළු දමා තමා සමග විවාහ වන ලෙසත් නොමැති නම් අදම දෙකෙන් එකක් අවසන් කරන බවත් පවසා බත්තරමුල්ල අකුරේගොඩ පාළු ස්ථානයකට ගෙන ගිය බවත් සදහන් කළාය.

එහිදී ඔහු තමාට ලිංගික බලපෑම් සිදුකිරීමට තැත් කළ බවත් ඊට එකග නොවූ විට වෙඩි තබන බවත් පවසා පිස්තෝලය ගෙන ඒමට මෝටර් රථයේ පසුපස දොර විවෘත කළ බවත් එවිට තමා අසල්වාසීන්ට ඇසෙන්නට තමන් බේරාගන්නැයි විලාප දුන් බවත් සදහන් කළාය. එහෙත් පසුව මෝටර් රථයට ගොඩවී තමාගේ හිසට මෝටර් රථයේ යතුරින් පහරදී තුවාල සිදුකළ බවත් ඉන් අනතුරුව තමන් සිහිසුන් වූ බවත් ඇය සදහන් කර සිටියාය.
කෙසේ නමුත් අනතුරුව සමන් දිසානායක අදාළ මෝටර් රථය හා සිහිසුන්ව සිටි චන්දි රණතුංග එතැන දමා පළාගොස් ඇති අතර පසුව ඔහු මිරිහාන පොලීසිය වෙත ගොස් මෙම කාන්තාවගෙන් කරදර බවට පැමිණිල්ලක් ද සිදුකොට ඇත. එලෙස පොලීසියේ ආරක්ෂාව තමන් වෙත සලසාගෙන මිරිහාන පොලීසියට වසන්ති චතුරාණි හා තවත් කලාකරුවන් කිහිප දෙනෙකුගෙන්වා තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට කටයුතු කර තිබේ.


කෙසේ නමුත් මිරිහාන පොලිස් ස්ථානය වෙත තමා රැගෙන යාමට පැමිණි පොලිස් නිලාධාරීන් හා කාන්තා නිලධාරිනියන් විසින් පොලිස් ජීප් රථය තුළදී තමාට අමානුෂික ලෙස පහරදුන් බවද ඇය සදහන් කළාය. ඒ අවස්ථාවේදී තමාගේ ගෙළ තදින් අල්ලා සිටි සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරියෙකුගේ අත තදින් සපා කා ඔහුගෙන් මිදුනු බවත් අනතුරුව පොලිස් ස්ථානය වෙත පැමිණි පසු පොලිස් ස්ථානාධිපතිවරයාට වැඳ තමාට සාධාරණයක් ඉටුකරන ලෙස දැනුම් දුන්නද ඒ වෙනුවට සිදුවූයේ තමා ඇදගෙන ගොස් කූඩුවට දැමීම බවත් සදහන් කළාය.

මෙම සිදුවීම් සියල්ල සමන් දිසානායක සිය දේශපාලන බලය යොදා සිදුකොට ඇති අතර ඒ සදහා ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් පට්ටම භාවිතා කොට ඇති බවටද තොරතුරු වාර්තා විය.

සංගීත විශාරදයකු වන මොහු ජනාධිපතිවරයාගේ සංස්කෘතික කටයුතු පිළිබඳ සම්බන්ධීකරන ලේකම්වරයා වන අතර පෙර අවස්ථාවකදී රණතුංග මහත්මිය පැහැර ගෙන යාමට ගත් උත්සාහය නිසා ඔහුගේ තනතුර අහෝසි කළ බව පැවැසුනද ඔහු මේ වන තෙක් පෙනී සිටින්නේ ජනාධිපති සම්බන්ධීකරන ලේකම්වරයා ලෙස මෙන්ම රජයේ වාහනද පාවිච්චි කරමින්ය.

කෙසේ නමුත් නාලක වෙදමුල්ල අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් ද මොහු සැක කරනු ලබන බවත් දරුවන් දෙදෙනෙකුද සිටින විවාහකයකු වන සමන් දිසානායක තමන් පසුපස මොහු ලුහු බදින්නේ කුමන කරුණක් නිසාවෙන්ද යන්න තමන් නොදන්නා බවත් තමාට නීතියෙන් හෝ වෙන කුමන හෝ පිහිටකින් සාධාරණය ඉටුවිය යුතු බව ද ඇය හැඬු කදුළින් පවසා සිටියාය.



සංගීත විශාරදවරියක් ගායිකාවක් මෙන්ම ගත් කතුවරියක්ද වන ඇය මීට පෙර සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංගීත අනුමණ්ඩලයේ ලේකම්වරියක ලෙස සේවය කළාය. සමන් දිසානායකගේ බලහත්කාරකම් නිසාම ඇය එම දෙපාර්තමේන්තුවෙන් බුද්ධසාසන අමාත්‍යාංශය මාරුවීමක් සදාගෙන ඇත.ඇය ගාලු නඩය නමින් ප්‍රසිද්ධ නාට්‍යය කණ්ඩායමේ ආරම්බක සාමාජිකාවක්ද වේ.

Monday 18 August 2014

සල්ලි හොයන්න දුක් විදින්න එපා..හැමෝම

ගොසිප් සවුත් ලංකා නිවුස් සමග සම්බන්ද වන පාඨක ඔබ සැම වෙනුවෙන් අප විසින් ආරම්භ කල ආර්ථිකයට අත දීමේ ක්‍රියාවලිය සදහා මේ වනවිට අපට ඊමේල් 700 වැඩි ප්‍රමණයක් ලැබී ඇත.එම ඊමේල් පණිවිඩ සියල්ල අපගේ කණ්ඩායම විසින් මේ වන විට සුදුසු පරිදි සකස් කරගෙන යමින් පවතී.මන්ද ඔවුන්ගේ ප්‍රදාන රැකියාව මාධ්‍ය කලාව නොවන බැවින් ඔවුන් එය ඉතා ඉක්මනින් ඔබ වෙත ලබා දෙනු ඇත.එසේම අන්තර්ජාලයෙන් මුදල් සෙවීම පිලිබදව නොයෙකුත් වෙබ් අඩවි තිබුනත් මුදල ලබා ගත් අය සිටිනුයේ chat හා post වලට පමණි.එහෙත් අප විසින් ඔබට අන්තර්ජාලයෙන් මුදල් සෙවීම සදහා නිවැරදි මග පෙන්වන්නෙමු.ඒ සදහා ඔබට අවශ්‍ය ප්‍රධාන සුදුසු කම වන්නේ අප ඉදිරිපත් කරන ලිපිය සම්පුර්ණයෙන්ම කියවීම පමණි.ඉන් පසුව ක්‍රියාත්මක වන්න.
                                                                                                ඔයාලා හරිම උපදෙස් පිළිපදින්න ඕන එහෙම වුනොත් ඔයාලාට, ඩොලර් 100 නොමිලේ ලැබෙනවා.කොතනක හරි වැරදුනොත් ලැබෙන්නේ ඩොලර් 10 හෝ 15 විතරයි.ඒ හින්ද මේ ලිපිය අවසාන වෙනකම් සම්පුර්ණයෙන්ම කියවන්න.දෙවැනි වර කියවනකොට ඔයා ක්‍රියාත්මක වෙන්න,ලබා දීල තියෙන උපදෙස් නිවරදිවම කරන්න.

1 වෙනි පියවර
පහත ලින්ක් එක්ක ක්‍රිරික් කර වෙබ් අවියට පිවිසෙන්න
http://monthlyyouth.com/?ref=302832  
2 වන පියවර 
දැන් ඔබට  මෙසේ වෙබ් අඩවිය පෙන්වනු ඇත.මෙහි ඊතලයකින් දක්වා ඇති                                               create your account  ක්‍රිරික් කරන්න

3 වන පියවර 
ඔයාලා  ක්‍රිර්ක් ක්‍රම මේ විදියේ form එක ඔයලාට ලැබෙනවා ඔයාල එක පුරවන්න ඕන.එක එච්චර අමාරු නැ
4 වෙනි පියවර
ඊට පස්සේ පහත තියෙන ලින්ක් එක ක්‍රිරික් කරලා ආපහු log වෙන්න
http://monthlyyouth.com/?ref=289467
ඊට පස්සේ මෙන්න මේ විදියට ලැබෙනවා



5 වෙනි පියවර 
දැන් අපි අමරු ටික ඉවර කරලා තියෙන්නේ,ඊට පස්සේ තියෙන්නේ සල්ලි හොයන විදිය එකට  අපට දවස් 2ක් විතර පුංචි කට්ටක් කන්න වෙනවා,එක එච්චචර ගානක් නැ.මොකද අපි අලියා අරගෙන ඉන්නේ...දැන් තියෙන්නේ හෙන්ඩුව ගන්න...දැන් එන්න හඳුන්වා ගැන පහල තියෙන ලින්ක් එකෙන්

4 fjks mshjf¾ ;sfnk Pdhd remfha l¨ mdg fldgqfj ;sfnk ,skala tl wrf.k Tnf.a ;sfnk wka;¾cd, yd idudc fjí wvú j, .skqï j,g fldms lrdu Tng uqo,a ,efnkjd

මේ උඩ තියෙන password එක Microsoft word වල Fm bindumathi

කියන font එකෙන් අරගන්න.එතකොට සල්ලි හොයන වැඩේ හරි දෙන සල්ලි ගන්න විදිය බලමු.

හරි මෙන්න සල්ලි ගන්න විදිය.ඩොලර් 300 වෙනකම් නම් සල්ලි ගන්න බැ,එත් ඊට පස්සේ පුළුවන් ගෙන්න ගන්න.එත් ඔයාල වැරදි විදියට form එක පිරෙවුවොත් ඒ සල්ලි යන්නේ වෙන් කෙනකුට ඒ හින්ද ඇත්තම තොරතුරු දීලා ඒ application එක පුරවන්න.එහොම වුනොත් ගෙදරටම සල්ලි එනවා.පහල ලින්ක් එකෙන් එන්න.ටිකක් කට්ට කන්න වෙනවා,යාළුවා මේ මුලික දේවල් කරගන්න.

සල්ලි ගන්න account එක හදාගන්න විදිය බලන්න මේ site එකට එන්න








මෙන්න බදුල්ලෙන් චන්දෙ ඉල්ලන අරක්කු කරයෝ තිස්තුන් දෙනා

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයන්ගෙන් 33 දෙනකු බාර් හිමි අපේක්ෂකයන් බවට අනාවරණය වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.

බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්ක දෙක නියෝජනය කරමින් තරග කරනු ලබන අපේක්ෂකයන් 33 දෙනකු හට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බාර් ලයිෂන් නිකුත් කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත්, එලෙස බාර් ලයිෂන් නිකුත් කර ඇති තවත් අපේක්ෂයන් බොහෝමයකගේ තොරතුරු සැඟවී පවතින බවත් එම පක්ෂයේ මධ්‍යම කාරක සභික ඌව පළාත් කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය.

ඌව පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින බාර් හිමි අපේක්ෂකයන් පිළිබඳව වැඩිදුරටත් විද්‍යාරත්න මහතා මෙසේද කීය. ඒ.එස්. සංජය නයන දර්ශන, දරනාගල රෙස්ටුර්න්, දරගල වැලිමඩ. මේ බාර් එකේ අයිතිකාරයා ඒ.එම්. බුද්ධදාසගේ පුතාගේ බාර් එක. බුද්ධදාස කියන්නේ ඌව පරණගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක. තුෂාර ටුවරිස්ට් හොටෙල්, වැලිමඩ. මේකත් බුද්ධදාසගේ පුතාගේ බාර් එකක්.

ඒ.එන්.ටී. චමින්. මේ පාර්ලිමෙන්තු මන්ත්‍රිකෙනෙක්. බුද්ධදාසගේ පුතා, ලුණුවත්ත වයින් ස්ටෝර්ස්, නොම්බර 14, නව නගරය ලුණුවත්ත. ඒ.එම්. බුද්ධදාස මහතා හිටපු පළාත් අමාත්‍ය. මේ පාරත් ඉල්ලනවා. මෙයාගේ බාර් එක නුවරඑළිය පාර, වැලිමඩ. මෙයාට දැන් බාර් 5ක් තියෙනවා. බුදුන්ට දාස වෙච්ච කෙනා රුපියල්වලට, ඩොලර්වලට දාස වෙලා. නිමල් පිංතු ජයතිලක සෙනෙවිරත්න. දැන් එ්ක අයිති කමණි පිංතු ජයතිලක සෙනෙවිරත්න. මේ කවුද ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ අයියාගේ නෝනා. අයියා මැරුණා. දැන් නෝනගේ නමට බාර් එක තියෙනවා. එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේ දීපු බාර් එකක්.

සීතා සමරවීර මහත්මිය, පැරඩයිස් ඉන්. මේ කවුද එක්සත් ජාතික පක්ෂයේ සමරවීර පරම්පරාව. වැලිමඩ රවි සමරවීර ආසන සංවිධායක, උපාලි සමරවීර, උව පරණගම ආසන සංවිධායක. එයාලටත් බාර් තියෙනවා.

මහියංගණයේ රවීන්ද්‍ර අනුර විදානගමගේටත් බාර් තියෙනවා. ඔහු තමයි උෟව පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා. මහින්ද මහත්තයාගේ මහියංගණ ආසන සංවිධායක. ටී.ඒ. විදානගමගේ මහත්තයාගේ බාර් එකක් තියෙනවා. යසෝදා රෙස්ටුරන්ට් කියලා. මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්. තේනුක විදානගමගේ අනුර විදානගමගේ මල්ලිගේ බාර් එක. අතුල රත්නායක මෙයා ගිරාඳුරුකෝට්ටේ ශ්‍රී ල.නි.ප. හිටපු ආසන සංවිධායක. එදා චන්ද්‍රිකා නෝනලා හිටපු කාලේ මෙයාටත් බාර් එකක් දීලා. බදුල්ල බසාර් වීදියේ තිබෙන්නේ ලියනගේ නයෝමි ප්‍රියන්ති ද සිල්වා කියන කෙනාගේ බාර් එක. එයා කවුද කියලා හොයපුවාම බිබිල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙක් කියලා අහුවුණා. මේ කවුද වනජීවී අමාත්‍ය සොයිසාගේ නෝනා.

රවීන්ද්‍ර අනුර විදානගමගේ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහියංගණය ආසන සංවිධායක. මෙයාට මහියංගණයේ බාර් එකක් තියෙනවා. බෝගහකුඹුර රත්නායක මුදියන්සේලාගේ සුජීවා හේමා රත්නායක මිය. මෙයාගේ බාර් එක තියෙන්නේ දියතලාව රෙස්ටුරන්ට් කියලා දියතලාවේ. මෙයා කවුද වනිතා කටයුතු හිටපු ඇමැතිවරිය. හිටපු පළාත් සභා සභාපතිතුමිය. මෙයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැලිමඩ හිටපු ආසන සංවිධායකවරියක්. මෙයා ගියපාර පෝස්ටරයක් ගැහුවා උෟවේ අම්මා කියාල. දරුවන්ට කුක්කු දෙන්න මෙයා බාර් දාලා!

කන්දකැටිය හන්දියේ තියෙන්නේ හිටපු වියලුව ආසන සංවිධායක ජේ.එම්. ගුණතිලක මහතාගේ දුවගේ බාර් එක. ඇයගේ නම ඒ.ජේ.එම්. තිලෝෂි ධනුෂ්කා.

බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයේ උගන්වන ගුරුවරියක් ඉන්නවා වියලුවේ බාර් එකක් තිබෙන. හිඟුරාන අරක්කු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේත් ඉන්නවාලු ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නෝනා. මේවා මාධ්‍යවල පළවුණා. නිලමේ වික්‍රමරත්නටත් බාර් එකක් තියෙනවා. එයා ඩිලාන් මහත්තයාගේ ගෝලයා. මේවගේ බාර් හිමි අපේක්ෂකයන් තමයි මෙවර ඌව පළාත් මැතිවරණයට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා එක්සත් ජාතික පක්ෂයෙනුයි, සන්ධානෙනුයි එන්න දඟලන්නේ.


කෙසේ නමුත් නීත්‍යානුකූලව මත්පැන් අලෙවිහල් බලපත්‍ර හිමිකමක් පැවතීම ඡන්දයක් ඉල්ලීමට නුසුදුසු කමක් වන්නේ කෙසේ දැයි පැහැදිලි කිරීමට සමන්ත විද්‍යාරත්න මහතා මෙහෙදී උත්සහ ගෙන නැත. ඔහු ඊට විරෝධය දක්වන්නේ ජවිපෙ පාලනයකදී මේ බාර් ලයිසන් අහෝසි කිරීමට හෝ මත්පැන් භාවිතය තහනම් කිරීමට හෝ ජවිපෙ බලාපොරොත්තු වන නිසාදැයි ඇත්තේ සැකයකි.