Thursday 27 November 2014

ආණ්ඩුවේ චන්ද සටන පුස්සක් වන විධිය

ජනාධිපතිවරනයට දින නියම වී තිබෙන මේ මොහොතේ අපේක්ෂකයන් දෙදෙනා අතර විශාල තරගකාරිත්වයක් දක්නට ලැබේ.එහෙත් එක්සත් ජාතික පක්ෂ ජාතික නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කල පරිදි LTTE සංවිධානය නමින් පොදු අපේක්ෂක මයිත්‍රී පාල සිරිසේන මහතා වෙනුවෙන් පෝස්ටරයක් රට පුර ඇලවීමට ආණ්ඩු පක්ෂ රෙජීමය විසින් සැලසුම් කොට තිබෙන බව වාර්තා වේ.එසේ නම් 
   


       01.මහින්ද රාජපක්ෂ ජනධිපති වරයා යුද්ධය අවසන් කොට නොමැත.
       02.රටේ සැම තැනකම LTTE සාමාජිකයන් බහුලව සිටිති.
       03.ත්‍රිවිධ හමුදාව අපහාසයට ලක් කිරීම.
                                                                                          මෙම කරුණු සලක බලු විට අපට පෙනී යන්නේ මෙය ආණ්ඩුවේ ක්‍රියාවක් බවය.එහෙත් මේ සදහා ජනධිපතිවරයා අවසර දී නොමතිබවක් වාර්තා වේ.මෙය මාතර දිස්ත්‍රික්කයේ චන්ජයකින් ජයග්‍රහණය කිරීමට නොහැකි ජාතික ලැයිස්තු ඇමතිවරයෙක් විසින් මෙහෙය වීමට සුදානම් වුවක් බව වාර්තා වේ.තවද ජනධිපති වරයට අනුකම්ප චන්ද ලබාගැනීමට 1992 රණසිංහ  ප්‍රේමදාස ජනාධිපති වරයා  යොදා ගත්තා කියන උපක්‍රිමය ,1999 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ඇස තුවාල වීමේ උප ක්‍රිමය සේ කුමක් හෝ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ ජනතා පිඩිත එහෙත් අනුකම්පා සහගත උපක්‍රමයක් යොදා ගන්නැයි මෙම ඇමතිවරයා ඉල්ලා තිබේ.එහෙත් ඒ සදහා තවම ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානින් අවසර දී නොමැති අතර,ඒ සදහා සාකච්චා කරගෙනයනු ලබන බවට වාර්තා වේ.

Tuesday 25 November 2014

කාන්තාවකගේ පිටිපස්ස දෙස කෑදර කමින් බලපු අය මෙන්න

රනිල් වික්‍රමසිංහගේ සැගවූ අතීතයේ කෙරුවාව

1949 මාර්තු 24 වැනිදින එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා හා නාලිනී විජයවර්දන යුවලගේ දෙවන දරුවා ලෙස මෙලොව එලිය දුටු රනිල් වික්‍රමසිංහයන් හට ශාන් වික්‍රමසිංහ නම් වූ ලංකාවට රූපවාහිනිය හදුන්වාදුන්නාවූද වත්මනෙහි TNL හා ඉසිර මාද්‍ය ආයතන දෙකෙහි සභාපතීතවය දරන වැඩිමල් සොහොයුරෙකුද, නීතීඥ ශානිකා වික්‍රමසිංහ නම් වන බාල සොහොයුරියකද එරාජ් වික්‍රමසිංහ චන්න වික්‍රමසින්හ නමින් සොහොයුරන් දෙදෙනෙකුද සිටී. රනිල් වික්‍රමසිංහයන්ගේ මව වන නාලිනී විජයවර්දන මැතිනිය නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන D.R. විජයවර්දන සූරීන්ගේ වැඩිමහලු දියනියයි එතුමිය තම පියාගේ අභාවයෙන් අනතුරුව 1973 දී සමගි පෙරමුනු රජය මගින් ලේක් හවුස් ආයතනය රජයට පවරා ගන්නාතුරුම ලේක්හවුස් ආයතනයේ කතෲ මන්ඩල කළමනාකාර අධ්‍යක්ශවරිය වූවාය. එමෙන්ම ලාංකීය කලාකෙතට නොමැකෙන සේවයක් කල එතුමිය සුදර්ශී සිංහල සන්ස්කෘතික ආයතනයේ නිර්මාතෲවරිය ද වේ. එමෙන්ම නවකතා කෙටිකතා අත් පිටපත් සදහා පිරිනැමෙන D.R. විජයවර්දන සම්මානයේ නිර්මාතෲවරියද වෙයි. කැලනිය රජමහා විහාරයෙහි ප්‍රදාන දායිකාව ලෙස බුදු දහම වෙනුවෙන් ඇය කල සේවයද සදා අනුස්මරනීයය. 1930 ලංකාවේ මුල්ම සිංහල දිසාපතිදූරය (සබරගමුව) හා මුල්ම ශ්‍රී ලාංකීය ඉඩම් කොමසාරිස් දූරය දැරූ, D.S. සේනානායක මැතිදුන්ගේ ගොවිජන ව්‍යාපාරයේ යෝධ ශක්තිය වූ P.L. වික්‍රමසිංහ මහතාගේ වැඩිමහලු පුතනුවන් වනුයේ රනිල් වික්‍රමසිංහයන්ගේ පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය. ලංකා සමසමාජ පක්ශයෙන් දේශපාලනයට අත් පොත් තැබූ එස්මන්ඩ් වික්‍රමසිංහයන් එකල ලංකා සම සමාජ පක්ශයෙහි කැපී පෙනුනු චරිතයක් විය නීතිවේදියකු වූ එතුමා විවාහයෙන් පසු තම මාමන්ඩිය වන D.R. විජයවරදනයන්ගේ ලේක්හවුස් ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ශක දූරයට පත් විය. එකල එස්මන්ඩ් වික්‍රමසිංහයන් ප්‍රචලිතව සිටියේ රජුන් තනන්නා යන නාමයෙනි. D.S. සේනානායක මහතාගෙන් පසුව ඩඩ්ලි සෙනානායක මහතා අගමැති වීම හා 1964 සිරිමාවෝ බන්ඩාරනායක ආන්ඩුව පෙරලීම ඇතුලු ලාංකීය දේශපාලනයේ බොහෝ සිදුවීම් වල තිරය පිටුපස සිටි චරිතය වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය.
අනුර බන්ඩාරනායක දිනේශ් ගුනවර්දන වැන්නවුන් සමග කොලබ රාජකීය විද්‍යාලයෙන් අද්‍යාපනය ලැබූ රනිල් වික්‍රමසිංහයන් තම මවගේ අභාශය නිසාම කැලනි රජමහා විහාරය හා හුනුපිටිය ගංගාරමයේ නිතර ගැවසෙමින් බුදු දහමෙන් ජීවිතයට පන්නරය ලබා ගැනීමට කුඩා කල සිටම නැබුරුව සිටි අයෙකි. පාසැල් අද්‍යාපනය විශිශ්ට ලෙස නිම කල රනිල් වික්‍රමසිංහයන් හට තම පවුල් පසුබිම අනුව ලොව පිලිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකට ඇතුලත් වී උසස් අද්‍යාපනය ලබාගත හැකිව තිබුනද ලාංකීය පසුබිමක අද්‍යාපනය ලැබීමට ඇති කැමැත්ත නිසාම එකල ලංකා විශ්වවිද්‍යාලය නමින් පැවති වත්මනෙහි කොලබ විශ්වවිද්‍යාලය ලෙස හැදින්වෙන විශ්වවිද්‍යාලයට ඇතුලත්ව තම උපාදිය සම්පූරන කරගෙන නීති විද්‍යාලය මගින් පවත්වන විභාගයන්ට මුහුන දී 1972 වර්ශයේදී නීතීඥවරයෙකු ලෙස නීති වෘත්තියට එක් විය.
එවකට විපක්ශ නායකව සිටි ජේ ආර් ජයවර්දනයන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 1970 දී කැලනිය ආසනයෙහි ප්‍රදාන සංවිදායක ලෙස එජාපයෙන් දේශපාලන අත් පොත් තැබූ රනිල් වික්‍රමසිංහයන් බියගම ආසනයෙහි ආසන සන්විදායකවරයාලෙස පත්වන්නේ කැලනිය ආසනය බියගම සහ කැලනිය ලෙස බෙදා වෙන්කල පසුවයි 1977 වසරේදී බියගම ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන රනිල් වික්‍රමසිංහයන් එම මැතිවරනයේදී ඦන්ද 22045 ලබා ගන්නේ 57.50% ඦන්ද ප්‍රතිශතයක් වාර්තා කරමිනි. 1977 J.R. ජයවර්දන රජයෙහි ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස තේරීපත් වුනු රනිල් වික්‍රමසිංහයන් නියෝජ්‍ය විදේශ ඇමති ලෙස පත් වීම් ලද අවස්තාවේ තම හැකියාවන් ප්‍රදර්ශනය කරමින් විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගනිමින් නව තාක්ශනය මෙරටට ගෙන්වාගනිමින් කල මහගු මෙහෙවර හේතුවෙන්ම තරුණ කටයුතු ඇමතිවරයා ලෙස කැබිනට මන්ඩලයට ඇතුලත් වන්නේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා වෙමිනි. එහිදී ලාංකික තරුණ ප්‍රජාවට අදටත් නොමැකෙන් සේවයක් කල එතුමන් ජාතික තරුණසේවා සභාව ඇතිකරමින් තරුන තරුනියන්ට වෘත්තීය පුහුනුව ලබා ගැනීමට හා කැලයෙහි පිපී කැලයෙහිම පරවෙන්නට තීබූ කලා හැකියාවන් ගෙන් යුත් තරුණ තරුණියන්හට ජාතික තලයට පැමිනීමට කදිම මාවතක් විවර කර දුනි. අද වන විට ජාතික තරුන සේවා සභාව හරහා බිහිවූ වෘත්තිකයින් රට පුරා උසස් වෘත්තීන්හි නියැලෙන අතර ජාතික තරුණ සේවා සභාව හරහා කල එලි බසින ලද කලාකරුවන් ගනන මෙතෙකැයි කියානිමකල නොහැක. අදටත් ජාතික තරුන සේවා සභාවෙන් තම ජීවන ගමන හැඩ කරගන්නා තරුණ තරුණියන් ගනන අති විශාලය. බේල්වුඩ් කලා නිකේතනය ආරම්භ කල රනිල් වික්‍රමසිංහයන් කලාකරුවන්ට තම දක්ශතා එලිදැක්වීමට හා ඔප්නැංවීමට කදිම තෝතැන්නක් සකස් කර දුනි. ඉන් අනතුරුව J.R. ජයවර්දන රජයේම අද්‍යාපන අමාත්‍යවරයා ලෙස මෙරට අද්‍යාපන ක්ශේත්‍රයට නොමැකෙන සේවයක් කිරීමට ඉඩ ලැබෙන රනිල් වික්‍රමසිංහයන් එම අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් මෙරට එතෙක් පැවති දේශපාලන හිතවත් කම් මත ගුරුවරුන් බදවාගැනීමට තිත තබමින් සුදුසු කම් ඇති අයට පමනක් ගුරු පත්වීම් ලබා ගත හැකි ක්‍රමයක් ඇති කරන ලදී. විද්‍යාපීට මෙරටට හදුන්වාදුන් රනිල් වික්‍රමසිංහයන් නිසාවෙන් මෙරට දිදුලුනු ගුරු තරු ගනන අපමනය. ජාතික අද්‍යාපන ආයතනය ඇති කිරීමටද මූලික වූ එතුමන් විදිමත් අද්‍යාපනයක් ලාංකීය සිසු දරු දැරියන් වෙත ලබා දීමට කල මෙහෙය කියා නිමකල නොහැක නොමිලේ පොත් බෙදා දීමේ ව්‍යාපෘතිය තවත් පුලුල් කල එතුමානන් රට පුරා පාසල් ඉදි කරමින් මෙරටෙහි ජනතාවට අද්‍යාපනයෙහි අයිතිය ලබාදීමට කල මෙහෙවරද සදා අනුස්මරනීයය. බුදු දහමට විශාල ගැටලුවක්ව පැවති තරුන භික්ශූන් සිවුරු හැර යාම වැලැක්වීම සදහා ඉසුරුපායේ ආද්‍යාපන අමාත්‍යංශයට පිරිවෙන් සදහා ඒකකයක් එක් කල රනිල් වික්‍රමසිංහයන් එවකට දුර්වලව පැවති පිරිවෙන් අද්‍යාපන ක්‍රමය යලි නගාසිටුවමින් රට පුරා පිරිවෙන් අද්‍යාපන මද්‍යස්තාන ඉදිකරමින් භික්ශූන් වහන්සේලා සදහා විදිමත් අද්‍යාපනයක් ලබා දීමට ගත් පියවරද සදා අනුස්මරනීය වේ. එමෙන්ම 1989 වසරෙහිදී ආරක්ශක අංශ ශක්තිමත් කරලනු වස් Sri Lanka National Guard ලංකාවට හදුන්වා දෙන එතුමන් විසින් හමුදා සේවයේ දියුනුව වෙනුවෙන් කල තවත් අපමන ක්‍රියාවන් දැන් ගැනීමට යුද හමුදාවට 50 වසරක් පිරීම නිමිතිකොට ගෙන පොදුපෙරමුනු රජය යටතේ එලි දැක්වුනු පොත පරිශීලනය කිරීම ප්‍රමානවත්ය එම පොතෙහි යුද හමුදාවට විශාල සේවයක් කල එක දේශපාලකයෙකුගේ නමක් සදහන් වෙයි ඔවු ඒ රනිල් වික්‍රමසිංහයන් ගැනයි. නමුත් හොදක් කරන්නට යන මිනිසුන්ට භාදක අපමනයි යන්න සනාත කරමින් ප්‍රතම වතාවට රනිල් වික්‍රමසිංහයන්ට එරෙහිව විශ්වාසභංගයක්ද ගෙන ඒමට මන්ත්‍රීවරුන් ක්‍රියා කලේ ගෙස්ට් හවුස් ගුරු පත්වීම ක්‍රමය නවත්වා විදිමත් ආකාරයට තරග විභාග මගින් ගුරු පත්වීම් ලබාගත හැකි ක්‍රමයක් ඇති කල වරදටය.
1989 වසරේදී සමානුපාතික ක්‍රමයට පැවති පාර්ලිමේන්තු මැතිවරනයට මුහුන දෙන රනිල් වික්‍රමසිංහයන් මනාප 86477 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත්වන අතර එම පාර්ලිමේන්තුවේ සභානායක වරයා මෙන්ම කැබිනට් ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කිරීමට රනසිංහ ප්‍රේමදාස ජනාදිපතිවරයා යටතේ වරම් ලබා ගනියි එමෙන්ම රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත කටයුතු පිලිබදව අමාත්‍යවරයා ලෙස බියගම නිදහස් වෙලද කලාපය ඇති කරමින් එයට විදෙස් ආයෝජකයින් ගෙන්වාගනිමින් රැකියා විරහිත සුවහසක් ජනයාට රැකියාඅවස්තා ලගාකරදීමේ පුරෝගාමීසේවයක් ඉටු කරනු ලබන්න්නේද රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයා විසිනි.ඉක්බිතිව රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත විද්‍යාහා තාක්ශන කටයුතු අමාත්‍ය දූරයට පත් වන රනිල් වික්‍රමසිංහයන් විසින් තොරතුරු තාක්ශනය හා ජන්ගම දුරකතනය මෙරටට හදුන්වා දෙන්නේ එය අනවශ්‍ය දෙයක් බවට විපක්ශය විසින් ගෙනයන දහසකුත් භාදාකිරීම් මද්‍යයේය. 1991 වසරේ එතුමන් විසින් රටෙහි පැවැත්වුනු කර්මාන්ත ප්‍රදර්ශනය කාහටවත් අමතක නොවන මතකයන් එකතු කල තැනක් විය. අන්තර්ජාලය ලොවට හදුන්වාදී වසරක් ගත්වීමටත් පෙරටුව මොරටුව විශ්වවිද්‍යාලය හා එක්ව අන්තර්ජාලය භාවිතා කරන දකුනු ආසියාවේ ප්‍රතම රට බවටත් ආසියාවේ අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමුඛතම රටක් බවටත් පත්කර්ලීමට රනිල් වික්‍රමසිංහයන් ගත් උත්සාහයට අන්තර්ජාලය භාවිතා කරමින් දැනුම ලබා ගන්නා සියලුම ලාංකික පුරවැසියන් එතුමන්ට ණයගැතිය. එමෙන්ම විපක්ශයේ හා කාටූන්ශිපීන්ගේ දහසකුත් අපවාද මැද ජංගම දුරකතනය අප රටට හදුන්වාදීමේදී එතුමන් කියූ සෑම් මිනිසෙකු අතම ජංගම දුරකතනයක් තිබෙන යුගයක් බිහිවන කතාව එදා විහිලුවක් වුවද අද සත්‍යක් නොවන්නේද?තම පක්ශයේම ප්‍රභල පුද්ගලයින් දෙදෙනෙකු වන ගාමිනීදිසානායකයන් සහ ලලිත් ඇතුලත්මුදලි විසින් රනසිංහප්‍රේමදාස ජනාදිපතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව හමුවේ තම නායකයා ආරක්ශා කර ගැනීමට රනිල් වික්‍රමසිංහයන් ගත් ක්‍රියාමාර්ගයන් එකල එජාපය බේරාගැනීමටත් තම නායකයා ආරක්ශා කර ගැනීමටත් මහගු පිටුවහලක් වූබව කාටත් නොරහසකි.එමෙන්ම 1993 ප්‍රේමදාස ජනාදිපතිවරයානන් කොටි ත්‍රස්තවාදීන් අතින් ගාතනයට ලක්වූ අවස්තාවේදී සභා නායකවරයා ලෙස එම ගැටලුවට පුද්ගලිකව මැදිහත් වී රට අරාජික වීමෙන් වලක්වා ගනිමින් සහ රටේ අගමැතිවරයා ඇතුලු අනෙකුත් පුද්ගලයින්ගේ ආරක්ශාව ගැන පුද්ගලිකවම සොයා බලමින් කල මෙහෙවර සියලුම දෙනාගේ පැසසුමට ලක්වූවකි.
එවකට අගමැතිවරයාව සිටි D.B. විජේතුන්ගයන් විධායක ජනාදිපති ලෙස දිවුරුම් දීමට සලස්වා විධායක ජනාදිපති වරයෙකු ගාතනයට ලක් වූ පලමු අවස්තාවේදී එතුමන් නීතිගරුකව සම්ප්‍රදායන්ට ගරු කරමින් කටයුතු කල ආකාරය සැබවින්ම විශ්මයජනකය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු සම්ප්‍රදානුකූලව අග්‍රාමාත්‍යදූරයට පත්වන රනිල් වික්‍රමසිංහයන්ගේ එකම බලාපොරොත්තුව වූයේ කොටි ත්‍රස්තවාදයෙන් මවුබිම මුදාගැනීමත් එවකට රටෙහි පැවති තත්වය අනුව ආර්තික අතින් කඩා වැටෙමින් තිබූ රට යලි නගාසිටුවීමත්ය. එතුමන් විසින් අග්‍රාමාත්‍යදූරය දැරූ වසරක කාලයතුල (1993-1994) රටෙහි ආර්තික අරබුදයටද පිලියම් යෙදූ එතුමා නැගෙනහිර ප්‍රදේශය සම්පූරනයෙන්ම ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගෙන පුනරීන් අලිමන්කඩ කිලිනොච්චි හා මුලතිවු වැනි ප්‍රදේශද කොටි ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට රනවිරුවන්ට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබා දුන්නේ එදා මෙදාතුර විධායක ජනාදිපතිවරයෙකු යටතේ බිහිවූ ක්‍රියාශීලීම අගමැතිවරයා යන නාමය තම නම ඉදිරියේ සනිටුහන් කරගනිමිනි. 1994 දී එක්සත් ජාතික පක්ශය මහමැතිවරනය පරාජයට පත්වුවද කොලබ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරනයට ඉදිරිපත්වූ රනිල් වික්‍රමසිංහයන් මනාප 291194 ක් ලබා ගනිමින් මනාප ලයිස්තුවේ ප්‍රතමස්තානයට පැමිනීමට සමත්විය. මහ මැතිවරනය පරාජය ව්මෙන් අනතුරුව පැය 24ක් තුල අරලියගහ මන්දිරයෙන් ඉවත්වී මැතිවරනය ජයග්‍රහනය කල පාර්ශවයට ආන්ඩුව පිහිටවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු බව ලොවටම විද්‍යාමානකරමිනි. ප්‍රේමදාස මහතාගේ අභාවයත් සමගම පක්ශය වෙනුවෙන් තමන් විසින් ඉටු කල යුතු යුතුකම් ඉටුකිරීමට පෙරමුන ගන්නා රනිල් වික්‍රමසිංහයන් පක්ශය හැරදා ගිය ගාමිනී දිසානායකයන් නැවතත් පක්ශයට කැන්දාගෙන ඒමේ කාර්යභාරයට D.B. විජේතුන්ග ජනාදිපතිවරයා සමගින් පෙරමුන ගත් අයුරු සැබවින්ම අගය කල යුතුය. රනිල් වික්‍රමසිංහයන් ගාමිනී දිසානායකයන් නැවත්ත එක්සත් ජාතික පක්ශය සමගින් එක් කර ගන්නේ පක්ශයට ඇති ඇල්ම නිසාමය. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ශ මන්ත්‍රීවරුන් අතරෙහි පවත්වන ඦන්ද විමසුමෙන් විපක්ශ නායක දූරය ඦන්ද 2 කින් අහිමි වුවත් විපක්ශ නායකත්වයට පත්වන ගාමිනී දිසානායකයන් හා එක්ව පක්ශය යලි ජයග්‍රාහී මාවතට ගෙන ඒම සදහා අපමන වෙහෙස වෙමින් කටයුතු කල ආකාරය කාටත් ආදර්ශයක් සපයයි. 1994 වසරේදී පැවැත්වෙන ජනාදිපතිවරනයට D.B. විජේතුංග ජනාදිපතිවරයා ඉදිරිපත් නොවන බව දැන්වීමත් සමගම ජනාදිපතිවරන අපේක්ශකත්වයට නම් වන ගාමිනීදිසානායකයන් සමග එක්ව එක්සත් ජාතික පක්ශය දිනවීම සදහා කටයුතු කරන රනිල් වික්‍රමසිංහයන් ගාමිනී දිසානායක ඇතුලු පක්ශයේ ප්‍රභලයින් රැසක් ගාතනය වූ තොටලග බෝම්බ ප්‍රහාරයට පෙර ජනතාව අමතා රැස්වීම් භූමියෙන් ඉවත්ව ගිය හේතුව නිසා නොවන්නට රනිල් වික්‍රමසිංහයන්ද අප රටට අහිමිවන්නට ඉඩ තිබුනි.
ගාමිනී දිසානායක මහතාගේ අභාවයෙන් පසුව රනිල් වික්‍රමසිංහයන් හට ජනාදිපතිවරනයට ඉදිරිපත්වීමට අවස්තාව ලැබුනත් ගාමිනීදිසානායකයන්ගේ බිරිද වන ශ්‍රීමා දිසානායක හට එම අවස්තාව ලබාදෙනු ලබන්නේ තමන් බලලෝභී පුද්ගලයෙකු නොවන බව ක්‍රියාවෙන්ම ඔප්පු කරමිනි. ඉන් අනතුරුව ශ්‍රීමා දිසානායකගේ කෙටි කාලීන ඦන්ද සටනට හැකි උපරිමයෙන් සහය දෙන රනිල් වික්‍රමසිංහයන් ශ්‍රීමා දිසානායකයන් පරදා චන්ද්‍රිකා බන්ඩාරනායක ජය ගත් පසුව ශ්‍රීමා දිසානායකයන් දේශපාලනයෙහි රැදීමට අදහසක් නොමැති බව දැනගෙන එජාප නායකයා බවටත් විපක්ශ නායකයා බවටත් තනතුරු ලබාගනු ලැබීය. එකල්හි රට පුරා පැතිරුනු මඩ ප්‍රචාරයක් වූයේ භීශන සමයේ ක්‍රියාත්මක වූ බටලන්ද වදකාගාරයට රනිල් වික්‍රමසිංහයන්ගේ සම්බන්දයක් පිලිබදවයි ඒ සදහා පත් කෙරුනු ජනාදිපති කොමිසමට හා නඩු විභාගයන්ට ඉදිරිපත්වූ රනිල්වික්‍රමසිංහයන් තමාගේ නිර්දෝශීභාවය ඔප්පු කරලීමට සමත් විය. ඉක්බිති කැඩුනු එජාපය නිසා එකතුවූ පැල්ලම්, ත්‍රස්තවාදය නිසා එජාපයට අහිමිවූ නායකයින් නිසා ඇතිවූ හිස්තැන්, සමහර නායකයින් නිසා එජාපයට ඇලවුනු කොටි ලෙබල්, J.V.P. භීශනය මර්දනය කල ක්‍රමය හේතුවෙන් රට තුල එජාපයට ඇතිවූ කලු පැල්ලම් හැකිතාක් ඉවත් කරමින් එජාපය දිනවීමේ කාර්‍යභාරය කරපින්නාගෙන එජාපය දිනවීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහයන් ඇපකැපවී වැඩ කල අයුරු නායකයකු වීමට පෙරුම්පුරනා සැමට ආදර්ශයක් සපයයි.
1995 යනු එජාප නායක හා විපක්ශ නායක රනිල් වික්‍රමසිංහයන්ට මංගල සීනු හැඩවුනු වසරයි එතුමානන්ගේ අතිනත ගත් මෛත්‍රී වික්‍රමසිංහ වත්මනෙහි කැලණිය විශ්ව විද්‍යාලයෙහි ඉංග්‍රීසි අංශයේ අද්‍යානාංශාධිපතිනිය වන අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගේ පියා සෙනෙවි B. වික්‍රමසිංහ හා මව ශිරානි බන්ඩාරතිලක වේ.
1999 වසරේදී නියමිත කාලයට කලියෙන් ජනාදිපතිවරනයක් කැදවන චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපතිවරිය බෝම්බ ප්‍රහාරයකටද ලක්ව අනුකම්පා ඦන්ද බලයෙන් සහ බොරු දේශප්‍රෙමයට රැවටුනු ජනතාවගේ බලයෙන් රනිල් වික්‍රමසිංහයන් ජනපතිවරන සටනින් පරදවනු ලැබුවද එම අවස්තාවේදී රනිල් වික්‍රමසිංහයන් වෙනුවෙන් කැමැත්ත පල කොට මෙරටෙහි ඦන්දය භාවිතා කල ප්‍රමානය 3602748 ක් විය. චන්ද්‍රිකා බන්ඩාරනායක රජය තුල පැවති පලමු පාර්ලිම්න්තු මැතිවරනය පැවැත්වෙන්නේ 2000 වර්ශයේදීය එහිදී කොලබ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන එජාප නායකහා විපක්ශ නායක රනිල් වික්‍රමසිංහයන් මනාප 363668 ක් ලබා ගෙන පාර්ලිමෙන්තුවට තේරී පත්වන නමුත් පක්ශය ජයග්‍රහනය කිරීමට අසමත් වේ. නමුත් එවකට තිබුනු ආර්තික අවපාතයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා රනිල් වික්‍රමසිංහයන් විසින් වසරක් ඇතුලත් පත්වූ ආන්ඩුව ගෙදර යවන්නේ ආන්ඩු පක්ශ මන්ත්‍රීවරුන් (පක්ශ මහ ලෙකම් ඇතුලු) 11 දෙනෙකුන් පමන විපක්ශයට කැන්දා ගනිමිනි. ජනතා රැල්ලක් ඇතිකරනු වස් කඩා වැටෙන ආර්තිකයට එරෙහිව ජනබල මෙහෙයුම සන්විදානය කරනුයේ ගාමිනී අතුකෝරාල මැතිදුන් ලබා දුන් යෝද ශක්තියත් සමගිනි.
ඉන් අනතුරුව 2001 වසරෙහිද පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වීමට සිදුවන අතර එම මැතිවරනයෙන් රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුක එජාපය ජයග්‍රහනය කරනුයේ එදාමෙදාතුර ජනතාවරමකින් පත්වූ විධායක ජනාදිපතිවරයෙකු යටතේ විරුද්ද පක්ශයක් බලයට පත්වූ ප්‍රතම සහ එකම අවස්තාව සනිටුහන් කරමිනි. කඩා වැටුනු ආර්තිකයකින් යුත් යුදමය වශයෙන් අසරනව සිටි රජයක් බාරගත් රනිල් වික්‍රමසිංහයන් ජනතාවගෙන් සිවුවසරක් ඉල්ලා සිටියේ වසර හතරකින් කඩා වැටුනු ආර්තිකය ගොඩ නන්වා යුද බිය තුරන් කරවා සැමට නිදහසේ ජීවත් විය හැකි ආර්තික අතින් සමුර්දිමත් රටක් බිහි කිරීමටයි. පාලන බලය ලබා ගෙන මාස තුනක් ඇතුලත රටෙහි පැවති යුද ගිනි දැල් නිවා දමමින් සාම සාකච්චා සදහා කොටි සන්විදානය කැමති කරවා ගත් රනිල් වික්‍රමසිංහයන් එදා වන තුරු දවසක් ගානේ හැඩූ කදුලින් සිටි දකුනේ මෙන්ම උතුරේ දෙමාපියන්ගේද හද ගිනි දැල් නිවාලීය. ආර්තික සම්බාදක පනවමින් නැවු හා ගුවන් භාන්ඩ සදහා රක්ශන අධිභාරයක් පනවමින් පැවති කාලය නිමා කල රනිල් වික්‍රමසිංහයන් අකාර්‍යක්ශමව පැවති රජයේ සේවකයින් සදහා විශ්‍රාම ක්‍රමයක් හදුන්වා දෙමින් සහ රජයට කිසිදු සේවකයකු බදවා නොගනිමින් ජනප්‍රිය නොවූ නිවරදි තීන්දු ගනු ලැබුයේ ඉතිහාසයේ ප්‍රතම වතාවට ආර්තික වර්දන වේගය සෘන වූ සහ මහා බාන්ඩාගාරය හිස්වූ දිනකට පැය 12ක් පමන විදුලි කප්පාදුවක් පවතින රටක ආර්තිකය ගොඩ නැංවීමට සිදුවූ නිසාය එම නිවරදි තීන්දු වලට පින් සිදු වන්නට සහ ජාත්‍යන්තරයෙහි පිලිගැනීමක් තිබූ රනිල් වික්‍රමසිංහයන්ගේ හැකියාවට පින්සිදු වන්නට ඉතාමත් කෙටි කලකින් රට නිවරදි මාවතට ගෙන ඒමට එතුමන්ට හැකිවිය. එවකට ලොව ඕනෑම පුරවැසියකු ජාත්‍යන්තර යුද අධිකරන වලට ඉදිරිපත් කල හැකි ලෙස ඉදිරිපත් කල රෝම ප්‍රඥප්තිය අත්සන් කිරීම ප්‍රතික්ශේප කල රනිල් වික්‍රමසිංහයන් නිසාවෙන් කිසිදු ලාංකීය පුරවැසියෙකු ජාත්‍යන්තර යුද අධිකරනයට ගෙන යෑමේ හැකියාව ඇහිරුනි. යොවුන් සේනාන්ක නමින් රට පුරා ආයතන බිහිකරමින් නව යොවුන් තරුණ තරුණියන්ට නායකත්ව පුහුනුව,ජාත්‍යන්තර භාශා දැනුම,තොරතුරු තාක්ෂනය ලබාගෙන නව ලොවට සාර්තකව මුහුදීමේ ක්‍රමයක් ඇතිකළා පමනක් නොව ඔවුන්ට දීමනාවක්ද ලබා දීමට කටයුතු කරමින් රනිල් වික්‍රමසිංහයන් හෙටට ඔබින යොවුන් පරපුරක් අද නිර්මානය කිරීමට වෙහෙස වූ ආකාරයද අගය කල යුතුමය. කොටි සන්විදානය සතුව තිබූ ජාත්‍යන්තර ජාලය බිද වට්ටමින් හමුදාවට නවීන යුදෝපරන මිලදි ගනිමින් කරුනා අම්මාන් වැනි කොටි ප්‍රභලයින් ත්‍රස්ත සංවිදානයෙන් කඩා ඉහිරවමින් සාමය පතුරුවමින් යුද ගිනි දැල් නිවා දමන ආකාරයද. "යලිපුබුදමු ශ්‍රී ලංකා" මගින් රට ගොඩ නගන ආකාරයද ක්‍රියාවෙන්ම ඔප්පු කරනු දුටු චන්ද්‍රිකා බන්ඩාරනායකයට සහ ජනතා මුදල් හොරකම් කරමින් ජීවත් වන්නට වෙර දරන දේශපාලුවන්ට දෙලෝ රත්වන්නට ඇත. එම අවස්තාවේදී රට යන අත ගැන පැහැදුනු ලෝක ප්‍රජාව ඇමරිකානු ඩොලර් බිලියන 45ක ණය ආදාර යලි පුබුදමුවැඩසටහන සදහා ලබාදීමට එකගව පැවතුනි. එමෙන්ම එතුමන්ගේ පාලන කාලයෙහි නිවරදි ආර්ථික පිළිවෙත් අනුගමනය කරමින් ඉන් පෙර -1.5% ක් ව පැවති දළ ජාතික නිශ්පාදනය 4% දක්වා නංවාලීමට සමත් විය. එසේම එය ඊළඟ අවුරුදු වළදී 5.9% ක් හා 5.4% මට්ටමකට ඔහු එය පත් කළේය. එසේම ඔහු පාලන සමය තුළදී උද්දමනය 10% කට පහළින් තබා ගැනීමට සමත් විය. එය 2%, 3% වැනි සාමාන්‍ය අගයක් ගැනීම නිසා මහජනතාවට ජීවන බරක් නොදැනෙන තරම් විය. තම දක්ශ තාවයෙන් උපරිම ප්‍රයෝජන ගත් රනිල් වික්‍රමසිංහයන් විසින් රටෙහි අරබුද එකින් එක නිරාකරනය කරනු බලාගෙන හිදිනු නොහැකිව චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපතිනිය රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමීමට අමාත්‍යංශ තුනක් පවරා ගන්නේ රනිල් වික්‍රමසිංහයන් ඇමරිකානු ජනාදිපතිවරයා හමුවීම සදහා ගොස් සිටින අවස්තාවකදීය. ඉන් අනතුරුව ජනතාවිමුක්ති පෙරමුන හා සන්දානගතවන චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපතිවරිය රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමුවද වත්මනෙහි එතුමිය ප්‍රකාශ කරන පරිදි එතුමිය දේශපාලන ජීවිතය තුල කරන ලද විශාලතම වැරැද්ද එයයි. එහිදී සිහිපත් කලයුතු වැදගත් කරුනක් වනුයේ නිදහසින් පසු මෙරට සහලින් ස්වයන් පෝශිත වූ එකම යුගයද රනිල් වික්‍රමසිංහයන්ගේ යුගය බවය.
2004 පාර්ලිමෙන්තු මැතිවරනයට ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහයන් කොටි හිතවාදියෙකු ලෙස කරනු ලැබූ මඩ ප්‍රචාර හා බලයට කෑදර රට ගොඩනගනාවට අකමැති සන්දාන හමුවේ කොලබ දිස්ත්‍රික්කයෙන් මනාප 329524ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ මනාප ලාභීන් අතර පලමු තැනට පත් වුවද එජාප රජයක් පිහිටුවීමට අසමත් වේ. ඉන් අනතුරුව 2005 ජනාදිපතිවරනය සදහා ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහයන් හට බියවන කොටි සංවිදානය එජාපයට වඩා වාසිදායක උතුරු නැගෙනහිර ඦන්ද භාවිතය වලක්වාලන පසුබිමක් තුලදීද එජාපය තුලම සිටින එජාප ජයග්‍රහනය නොපතන පිරිස් වෙතින් ගෙනයන ලද එජාප ආන්ඩුවක් තුල සමුර්දිකරුවන් පට්ට ගසනවා වැනි කතන්දර තුලින්ද කඩා වැටෙන ඦන්ද හමුවේ රනිල් වික්‍රමසිංහයන් මහින්ද රාජපක්ශ හමුවේ පරදින්නේ ඦන්ද 180000 කිනි. රනිල් වික්‍රමසිංහයන් විසින් එතුමන් විසින් පක්ශය භාරගන්නා මොහොතෙහි එජාප ඦන්ද පදනම වූ 2715283 (35.91%) 2005 වසර වන විට 4706366 (48.43%) දක්වා වර්දනය කරගෙන තිබුනි. එතැන් පටන් පක්ශය තුලින්ම එන කුමන්ත්‍රනද විදායක ජනාදිපති දූරයක් හොබවන මහින්ද රාජපක්ශ ජනාදිපතිවරයා සරත් ෆොන්සේකා මහතා සමග එක්ව යුද ජයග්‍රහනය ලබා ගැනීමත් සමග දේශප්‍රේමයෙන් අන්දව යන ජනතාවට දුර නොපෙනීම හේතුකොට ගෙන වර්තමානය වන විට රනිල් වික්‍රමසිංහයන් කල මෙහෙය ජනතාවට අමතක කරවන වටපිටාවක් ගොඩ නැගී ඇත. එම අවස්තාවෙදී උපක්‍රමශිලී වන රනිල් වික්‍රමසිංහයන් 2010 ජනාදිපතිවරනයට ඉදිරිපත් කරවන්නේ යුද ජයග්‍රහනය සදහා අයිතිය ඇති සරත් ෆොන්සෙකා මැතිතුමාය නමුත් එතුමන්ද එම ඦන්දය පරාජය වනුයේ ආතතිය සෑදී මැතිවරන කොමසාරිස්වරයා ආගිය අතක් නොමැති වටපිටාවක් තුල හා අදටත් එතුමන් තරග කල ලකුන වන හංසයා ලකුන සලකුනු කරන ලද වලංගු ඦන්ද පත්‍රිකා පාලම් යටින් බෝක්කු යටින් හමුවන වාතාවරනයක් තුලදීය. යුද ජයග්‍රහනයෙන් ඔද වැඩී කලගුන සලක මිත්‍යාවෙන් වැසී සිටි ජනතාව හමුවේ රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුක එජාපය 2010 මහ මැතිවරනය පරාජය වුවද එතුමන් කොලබ දිස්ත්‍රික්කයෙහි මනාප ලයිස්තුවේ එජාප ප්‍රතමයා වෙමින් මනාප 232957 ක් ලබා ගැනීමට සමත් වෙයි.
වත්මනෙහි දේශපාලන ක්ශේශ්ත්‍රය තුල සිටින දේශපාලකයින් අතුරෙන් රට වෙනුවෙන් රනිල් වික්‍රමසිංහයන් කල වැඩ කොටසින් බාගයක් වත් ඉටුකල අයෙකු නොමැති බව සක්සුදක් සෙ පැහැදිලිය. එමෙන්ම ජනප්‍රිය නොවූවත් රට වෙනුවෙන් ගත යුතු නිවරදි තීන්දු ගනිමින් රට නිවරදි මාර්ගයට ගැනීමට සමත් එකම පුද්ගලයා ඔහු බවද ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. එතුමන්ට රැක්මට දරු මල්ලන් නැත. ආර්තික අතින් ගොඩ් දැමිය යුතු සහෝදර සහෝදරියන් නැත. කිසිම දිනෙක හොරෙකු වන්චාකාරයෙකු ලෙස චෝදනා එල්ලවී නොමැත. එදාමෙදා තුර ලංකා ඉතිහාසයේ ලාංකීය විශ්වවිද්‍යාලයකින් උපාදියක් ලද අග්‍රාමාත්‍ය දූරයට හෝ පත්වූ එකම පුද්ගලයාද ඔහුය. තමා කල කීදෙය කියවමින් යන වාචාලයෙක් නොවීමේ වරදට රට වෙනුවෙන් අපමන වැඩ කර ඇති රටට තවත් වැඩ ගත හැකි රනිල් වික්‍රමසිංහ නම් වන උගත් බුද්දිමත් පලපුරුදු ලොවක් පිලිගත් රාජතාන්ත්‍රිකයා ගෙන් වැඩක් ගැනීමට ඇති අවස්තාව පැහැර නොහරිමු. එතුමන් විසින් හදුන්වාදුන් අන්තර්ජාලය භාවිතා කරමින්ම එතුමන් විසින් හදුන්වාදුන් ජංගම දුරකතනයක් අතෙහි දරමින් එතුමන්ට අපවාද කීම මඩ ගැසීම නවතමු.
මෙම ලිපිය ලිවීමට නන් අයුරින් සහය ලබාදුන් රටට හිතැති එජාප රජයක් පතන සියලු දෙනාටමද අන්තර්ජාලය ඇසුරෙන් තොරතුරු ලබා ගැනීමේ මග ලංකාවට විවරකර දුන් රනිල් වික්‍රමසිංහයන්ටද බෙහෙවින්ම ස්තුතියි
-
ඉනෝක ජීවන් අබේසිරිවර්ධන-
උපුටා ගැනීම
green blood official page

කොටින්ගෙන් ෆොන්සේකා ගොඩගත් රත්තරන් තහඩු තනි අයිතියට

මහින්ද රාජපක්ෂ මහතා විසින් අනුරාධපුරයේ ඉදිකරන සඳහිරු සෑය ධාතු ගර්භයේ කිලෝ තුන්දහස් පන්සියයක බරින් යුතු රත්‍රං තහඩු 16,960ක් තැන්පත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙම රත්‍රං තොගය සොයාගත්තේ කෙසේ දැයි බරපතල ප්‍රශ්නයක් මතු වී තිබේ.

ඇතැම් වර්තා සඳහන් කරන්නේ මෙම රත්‍රං ශ්‍රී ලංකා යුද හමුදාව සතුව තිබූ බවයි. මේ නිසා ඉතා බරපතල තත්වයක් මතු වී තිබේ. පසුගිය යුද සමයේදී හමුදාව විසින් සොයා ගන්නා ලද රත්‍රං මේ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගන්නා බව හෙළිවේ.

මෙය ඉතා බරපතල තත්වයක් බව ආරක්ෂක අංශවල මතය වී තිබේ.


විමල්ගෙන් පක්ෂය දෙකඩ වේ..පක්ෂයේ පිරිසක් මෙත්‍රිට


විමල් වීරවංස ඇමතිවරයාගේ පක්ෂයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
තම පක්ෂය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා 12 විමල් වීරවංස ඇමතිවරයා පාවාදී ඇතැයිද ආන්ඩුවේ රෙදි සේදීමේ කොන්ත‍්‍රාත්තුව බාරගෙන සිටින තම පක්ෂයේ නායකයාට වඩා පිවිතුරු හෙටක් සංවිධානයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට කෂේරුකාවක් ඇතැයිද පවසා ඇති ජයන්ත විජේසේකර ඇමතිවරයා මෙවන් දේශපාලන අපතයන් සමඟ වැඩකිරීමට වඩා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දිම වඩාත් උචිත යයි ද ප‍්‍රකාශ කර ඇත.

Monday 24 November 2014

දයාසිරි ජයසේකර,සරත් ඒකනායක එස්.එම්.රන්ජිත්,ශෂේන්ද්‍ර රාජපක්ෂ නිල නිවාස බාරදෙයි ?

පලාත් සභා හතරක බලය ද ආණ්ඩවෙන් ගිලිහී යාමේ අවදානමක් පවතින බව එම පලාත්සභා ආරංචි මාර්ග සදහන් කරයි.වයඹ, මධ්‍යම, ඌව, උතුරු මැද, මෙම පලාත්සභා අතර වන බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කරයි.
                                මේ වන විට මෙම පළත් සභා ගණනාවක එජනිස මන්ත‍්‍රීවරු කන්ඩායම් දෙකකට බෙදී කටයුතු කරමින් සිටිති.ශී‍්‍රලනිපයේ සාම්ප‍්‍රදායික කණ්ඩායම් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි දැන ගන්නට ඇත.
                                                     අනුර යාපා රූපවාහිණී  සාකච්චාව මගහරියි තණතුරු වලට මරාගැනීම උග‍්‍ර අතට,දැනට ඉවත්ව සිටින ඇමති වරුන්ගේ තනතුරු හා ශ‍්‍රිලනපයේ තනතුරු බෙදාගැනීමේ තරගය මත බපතල ගැටුමක් නැවත වටයකින් ආරම්භ වී ඇත එම ගැටුමේ ප‍්‍රථිපලයක් ලෙස නව ශී‍්‍රලනිප මහ ලේකම් අනුර පි‍්‍රයදර්ශණ යාපා අද උදෑසන 7 ට රූපවාහනී සංස්ථාව වසින් විකාශණය සැලසුම් කරතිබූ ආයුබොවන් වැඩසටහනට පැමිණීමද අවසන් මොහොතේ ප‍්‍රතික්ෂේප කර ඇත
                                                                                  නව තනතුර වෙන්වෙන් එස් බී දිසානායන නිමල් සිරපාල දීමු ජයරත්න විමල් වීරවංශ යන සිවුදෙනා අතර ප‍්‍රබල මත ගැටුමක් නිර්මාණය වී ඇත මේ වනවිට විමල් වීරවංශ විසින් එස් බී දිසානායක සහ නිමල් සිරිපාල ඉලක්ක කර ප‍්‍රහාරාත්මත ප‍්‍රචාරයක් දියත් කර ඇත මේ අතර කෙහෙලිය රඹුක්වැල්ල ඩලස් අලහප්පෙරුම ඇමති මන්ඩලයේ සමගිය රැුකගැනීම සඳහා වෙහෙසෙමින් සිටියි

ඉවත් කරපු පළාත් ඇමති ගැන මෙත්‍රී කතා කරයි.

උතුරු මැද පළාත් සමුපකාර වෙළෙඳ හා ආහාර කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත , ග්‍රාම සංවර්ධන හා සංචාරක අමාත්‍ය පේෂල බණ්ඩාර ජයරත්න මහතා එම ඇමැතිධුරයෙන් නෙරපා ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව වෙ ඇත්තේ ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වන්නේ යැයි සැකය මතය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම වසරේ පෙබරවාරී මාසයේදී පේෂල ගැන කළ ප්‍රකාශයක්

“පොළොන්රුවට මම අධ්‍යාපන ඇමැතිකම ගත්තේ පළාත් සභා ඡන්දෙට කලින්. මම ගත්තා වගේම ඒක හොරු අරන් ගියා. පේෂල ඇමැතිතුමාගේ අමාත්‍යංශය වෙනස් කිරීමට මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි”

“මම සෞඛ්‍ය ඇමැතිකම ගන්නකොට මගේ මිත්‍ර ඇමැතිවරු දෙන්නෙක් කිව්වා ඇමැතිතුමා මේකේ ලොකු වෙනස්කම් කරන්න යන්න එපා. එහෙම වුණොත් වැඩ කරන්න අමාරුයි කියලා. ඒ කියමන අහලා මම ලොකු වෙනස්කම් නොකර පුංචි, පුංචි වෙනස්කම් කළා. ඒ කිව්ව දේ අහන්නේ නැතිව මම ලොකු වෙනස්කම් කරන්න ගියානම් පේෂල ඇමැතිතුමාට සිද්ධ වුණු දේ මටත් සිද්ධ වෙනවා. වැඩ කරන කෙනකුට අධිෂ්ඨානය, නිර්මාණශීලී බව තියෙනවානම් ඉලක්කයට ඉදිරියටම යන්න පුළුවන්. මම මේ සියලු වැඩවලදීත් පෞද්ගලිකවත් පේෂල ඇමැතිතුමා සමඟ ඉන්නවා..

බස්නාහිර මහා ඇමති උදය ගම්මම්පිල...දිවුරුම් දීම....

බස්‌නාහිර, ඌව, උතුරුමැද,නැගෙනහිර ඇතුළු පළාත් සභා කීපයක බලය ලබාගැනීම සඳහා පොදු විපක්‍ෂය විසින් මෙහෙයුමක්‌ ආරම්භ කර තිබේ.
මෙහිදී වැඩිම අවධානය යොමුව ඇත්තේ බස්‌නාහිර පළාත් සභාවට වන අතර ආණ්‌ඩු බලය ලබාගැනීම සඳහාත් මහජනතාව තුළ යම් පිබිදීමක්‌ ඇතිකිරීම සඳහාත් එය අතිශය වැදගත් බව විපක්‍ෂයේ අදහස වී තිබේ.

එහිදී මහ ඇමතිවරයා ලෙස ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා පත් කිරීමට නියමිතය.

බස්‌නාහිර පළාත් සභා අයවැය දෙසැම්බර් 1 සිට 4 දක්‌වා පැවැත්වේ.

මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධුර 54ක් හිවී තිබෙන අතර විපක්ෂයට 48ක් හිමිව තිබේ.

මේ අතරින් හෙළ උරුමයේ උදය ගම්මන්පිල හා නිශාන්ත වර්නසිංහ මහතා හා ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙක්ද පොදු විපක්ෂයට් එක වනු ඇතැයි  ආණ්ඩුවේ බහුතර බලය අහිමි වෙයි. මෙලෙස පැමිණෙන පිරිස 5කට වඩා වෙතැයිද දැන ගැනීමට තිබේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙන්වියත් ආණ්ඩුවෙන් ඉවත්වනු ඇතැයි මත පළවී තිබේ

එමෙන්ම පළාත්පාලන ආයතන 60ක පමන බලය ඉදිරි සති කිහිපය තුලදී  වෙනස් වනු ඇතැයි විපක්ෂයේආරංචි මාර්ග පවසයි.



Friday 21 November 2014

මහින්දගේ 40,000 පැය 24කට පෙර මෙත්‍රී විය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පලකරමින් තිබූ එක්සත් ජනතා සන්ධානයේ නිල ෆේස්බුක් ගිණුම ඊයේ පස්වරුවේ සිට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල වශයෙන්ම සහාය පලකිරීමට පටන් ගෙන ඇත.

මෙම ෆේස් බුක් ගිණුමටfacebook/upfa මගින් පිවිසිය හැකි අතර ඊට Likes 40,000කට වඩා ප්‍රමාණයක් මේ වන විටත් ලැබී තිබේ.

මෙත්‍රිගේ සහයට එන ඇමතිවරු මෙන්න රාජිත සේනා...

මෙවර ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් මෙත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් වී සිටියි.ඒ සදහා ඔඅහුට සහයෝගය ලබා දීම සදහා ආණ්ඩු පක්ෂ කැබිනට් ඇමතිවරු 27 හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 8දෙනෙක් ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 35 ක්,පළාත් අමාත්‍ය වරු දෙදෙනෙක් සමග  එතුමා සමග තනතුරු අත්හරිමින් ,එතුමාගේ ජයග්‍රහනය පත ආණ්ඩුවෙන් ඉවත් වීමට සුදානමින් සිටිති.ඒ පිරිස නම්
අමාත්‍ය චම්පික රණවක ,
පළාත් අමාත්‍ය උදය ගම්මම්පිල,
පළාත් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි,
එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී රජිව විජේසිංහ,
 රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක,
අමාත්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණරත්න වීරකෝන්,
ජෙෂ්ට්ට අමාත්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,
සුළු අපනයන බෝග අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ ,
ධිවර අමාත්‍ය රාජිත සේනාරත්න ,
ජෙෂ්ට්ට අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක,
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක,
මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා ,
නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,
ජෙෂ්ට්ට අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු
 ජෙෂ්ට්ට අමාත්‍ය පි.දයාරත්න
ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ජගත් බාලසුරිය ,
අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක ,
බුද්ධ සාසන නියෝජ්‍ය අමාත්‍ය.එම්.කේ.දී.එස් .ගුණවර්ධන ,
වාරිමාර්ග නියෝජය අමාත්‍ය ඩබ්ලිව්.බි.ඒකනායක ,
දේශීය වෙද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පන්දු බණ්ඩාරනායක ,
පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය සුමේද ජි ජයසේන
 තැපැල් කටයුතු අමාත්‍ය ජීවන් කුමාරතුංග
සමාජ සේවා අමාත්‍ය ෆිලික්ස් පෙරේරා
සමාජ සේවා නියෝජය අමාත්‍ය සි .ඒ සුරියආරච්චි ,
නියෝජ්‍ය ධිවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ,
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර
ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජය අමාත්‍ය සිරිපාල ගම්ලත් ,
අමාත්‍ය තිස්ස කරලියද්ද
විදුලිබල නියෝජය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ,
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්ධදාස ,
අමාත්‍ය නවින් දිසානායක ,
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක ,
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී .රංගා
වව්නියා දිස්ත්‍රික් පර්ලිම්ව්න්තු මන්ත්‍රී මෂුර් නුර්දීන් ,
අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පි.පියසේන
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන්,
කොලබ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලග සුමිතිපාල

Thursday 20 November 2014

ඉන්දියාවට ලබා දුන් අපුරු තෑග්ග හේතුවෙන් ලංකාව දංගෙඩියට

මත්ද්‍රව්‍ය ජාවාරමකට වැරදිකරුවන් වී ශ‍්‍රී ලංකා අධිකරණය විසින් මරණ දඬුවම නියම කර සිටි ඉන්දීය ධීවරයින් පස්දෙනා නිදහස් කර ඇතැයි විදේස මාධ්‍ය වාර්තා කරයි.මේ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින්ද තහවුරු කර ඇත.
                                                   මෙම දඩුවම ඉවත් කිරීම හේතුවෙන් වෙනත් විදේශී රටවල් තම නොසතුට කල කර තිබේ.ඊට පකිස්ථානය,ඉරානය,යුක්රේනය,වැනි රටවල් ප්‍රධාන කොට ගනිමින් මෙම දඩුවම් ඉවත් කිරීම හේතුවෙන් විදේශීය සම්බන්දතා පලුදු වීමට ඉඩ ඇතැයි  වාර්තා වී ඇත.

                                                           මෙසේ ආණ්ඩුව විසින් ඉන්දීය කුඩු චුදියන් නිදහස් කොට තිබෙනුයේ ද්‍රවිඩ එක්සත් පෙරමුණේ සහයෝගය මෙවර ජනධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනධිපති වරයා වෙත ලබා ගැනීමේ මැදිහත් කරුවකු ලෙස ඉන්දියාව යොදා ගැනීමේ අරමුණ ඇතිව බවද තව දුරටත් වාර්තා වේ.             

Wednesday 19 November 2014

තවත් පක්ෂයක් සන්ධානයෙන් එලියට

මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල පාර්ශව කරුවෙකු වන 2009 යුද සමයේ දී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ හඬක් නැගු මහාචාර්ය රජීව විජේසිංහ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය නොදීමට තීරණය කර ඇත. මහාචාර්යවරයා බීබීසී සංදේශය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී කියා සිටියේ රට භාර ගැනීමේ දී ජනතාවටත් ජාත්‍යන්තරයටත් දුන් පොරොන්දු ජනාධිපතිවරයා විසින් අමතක කරනු ලැබ ඇති බවයි.
‘මීට මාසයකට පෙර අපි ප්‍රකාශනයක් කළා, මම ජනාධිපතිට ලියුමකුත් යැව්ව, අපි කිව්ව එකක් තමයි මේ ඡන්දෙ තියන්න එපා කියල. මේක කාලය නාස්ති කිරීමක්. ජනතාව අවුරුදු හයකට බලය දුන්නම සැරින් සැරේට ඡන්ද තියන එක වැරදියි.ආණ්ඩුවක් පත් කරන්නේ ආණ්ඩු කරන්න”. යනුවෙන් ඔහු කියා සිටියි.
පොරොන්දු වූ පරිදි ප්‍රතිසංස්කරණ සිද නොවන්නේ නම් පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහය දීම කළ නොහැකි බව දැනුම් දුන්නද ජනාධිපතිවරයාගේ ස්ථාවරය වෙනස් වී නැති බවයි මහාචාර්ය විජේසිංහ ප්‍රකාශකළේ.
ජනාධිපතිවරයා විසින් ක්‍රියාවට නංවා නොමැති ප්‍රතිසංස්කරණ මොනවාදැයි සංදේශය විමසූ විට ඊට පිළිතුරු දෙමින් මහාචාර්ය රජීව විජේසිංහ සඳහන් කළේ, දෙදහස් නමය වසරේ යුද්ධය ජයග්‍රහණය කළේ සිංහල දෙමළ සහ මුස්ලිම් යන සියලු ජනතාව වෙනුවෙන් වුවද සුළු ජනතාව වෙනුවෙන් ඉන්දියාවට හෝ එක්සත් ජාතීන් ගේ මහා ලේකම් බැන්කී මුන් ඉදිරියේ දුන් පොරොන්දු ආණ්ඩුව ඉටු කර නැති බවයි.
පොරොන්දු ඉටුකර නැහැ
‘දෙවෙනි කරණය තමයි මම අගෝස්තු මාසෙ ජනාධිපතිතුමා සමඟ කතා කළා, මේ බොදුබල සේනාව විසින් මුස්ලිම් ජනතාව ඈත් කරමින් සිටීම ගැන. ඒක නරක වැඩක් කියල මම කිව්වම ජනාධිපති තුමා කිව්ව ‘නෑ නෑ ඒක කුමන්ත්‍රණයක්’ කියල. ඉතිං මම ඇහුව ඇයි ගෝඨාභය රාජපක්ෂ මේ කුමන්ත්‍රණයට ඇතුල් වෙන්නෙ කියල’ යනුවෙන් තම අප්‍රසාදය පළ කළ මහාචාර්යවරයා පැවසුවේ රට භාර ගැනීමේ දී ජනාධිපතිවරයා තුළ පැවති හොඳ අදහස් දැන් වෙනස් වී ඇති බවයි.
ඒ අකාරයටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතට ගැනීම වැනි දේ ආදිය සලකා බැලීමේ දී තවදුරටත් ජනාධිපතිවරයාට සහාය දීම සුදුසු නැති බව හැඟී ගිය බවයි මහාචාර්ය රජීව විජේසිංහ ප්‍රකාශ කළේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන විපක්ෂයේ පොදු මතවාදය සමග එකඟවන්නේ දැයි විමසු විට මහාචාර්යවරයා කියා සිටියේ මෙම දේශපාලන ක්‍රියාවලීන් පිලිබඳ අධ්‍යයනය කරන්නේ ලිබරල් පක්ෂය පමණක් බවත් ලිබරල් පක්ෂයේ ස්ථාවරය වන්නේ ජනාධිපති නිලය අහෝසි නොකොට ජනාධිපති සතු බලය අඩුකළ යුතු බවයි.

ජනාධිපතිවරණය තවත් අවුරුදු 2කින් කල් යයි.


ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇසු ප්‍රශ්න දෙකට ලැබුණු පිළිතුරු මෙසේය.
1. තමන්ට තෙවැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද ? පිළිතුර –  හැකිය.
2. වත්මන් ධුර කාලයට වසර 4ක් පිරුණු පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැකිද ? පිළිතුර  - නොහැක.  දෙවන වාරය සම්පුර්ණයෙන් ගත කල යුතුය.
ඇමති නිමල් සිරිපාල පාර්ලිමේන්තුවේ කියවුයේ ඉහත පළමු කොටස පමණකි.  එම කොටස අතින් ලියා දී තිබෙන්නේද මහින්ද රාජපක්ෂ විසිනි. 

                          මෙම ශ්‍රේෂ්ඨාධිකරණ උපදේශය සමග නැවත ජනාධිපතිවරණයක් පැවැත්විය හැක්කේ 2016 නොවැම්බර් 19 වෙනි දිනයෙන් පසුවය.එයට හේතුව වන්නේ ආණ්ඩුව හා ආණ්ඩුවාදීන්ගේ මතය වන්නේ ජනාධිපතිවරයා දෙවන වර දිවුරුම් දී තිබෙනුයේ 2010 නොවැම්බර් 19 දිනය.එබැවින් එදින සිට තවත් වසර 6ක් ගත වන්නේ 2016 නොවැම්බර් 19 වෙනි දිනටය.එහෙයින් ප්‍රවීන දේශපාලන වේදීන්ගේ මතය වන්නේ මෙම තීන්දුව බලාත්මක වන්නේ නම් තවත් වසර 2කින් ජනධිපති මැතිවරණයක් නොමැති බවය .

ජනධිපතිවරයා විමසු ශ්‍රේෂ්ඨාධිකරණයෙ මතය මෙන්න

රාජපක්ෂලා හංගන්න හැදු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැන් එලියට පැමිණ තිබේ. එම රෙඩිමේඩ් මතයට අනුව රාජපක්ෂගේ සට්ටඹිරාලලා 10 දෙනා ප්‍රකාශ කොට ඇත්තේ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මහින්ද රාක්ෂයාට 3 වන වර ඉල්ලීමට කිසිදු බාධාවක් නොමැති බවත්, නමුත් 3 වන වාරය සඳහා ජන්දයක් ප්‍රකාශයට පත් කල හැක්කේ දෙවන වාරයේ කාලය සම්පුර්ණ වීමෙන් පසුව බවයි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇසු ප්‍රශ්න දෙකට ලැබුණු පිළිතුරු මෙසේය.
1. තමන්ට තෙවැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද ? පිළිතුර –  හැකිය.
2. වත්මන් ධුර කාලයට වසර 4ක් පිරුණු පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැකිද ? පිළිතුර  - නොහැක.  දෙවන වාරය සම්පුර්ණයෙන් ගත කල යුතුය.
ඇමති නිමල් සිරිපාල පාර්ලිමේන්තුවේ කියවුයේ ඉහත පළමු කොටස පමණකි.  එම කොටස අතින් ලියා දී තිබෙන්නේද මහින්ද රාජපක්ෂ විසිනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සහිත මෙම ලේඛනය පාර්ලිමේන්තුවේ සභාගත නොකළේ මේ සිදුවීම ලෝකයට හෙළිදරව් වීම වැලැක්වීමටය. නමුත් සත්‍යය කිසිදා යටපත් කල නොහැකි  සිහි තබා ගත යුතුය. 
ශ්‍රේෂ්ඨාධිකරණය මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයාගේ ප්‍රශ්නයේ පළමු කොටසට පදනම් කර ගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනයයි. එහිදී  සට්ටඹිරාලලා 10 දෙනාගේ නිර්වචනයට අනුව මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයා දෙවන දුර කාලය ආරම්භ කර ඇත්තේ 2010 නොවැම්බර් 19 දා දිවුරුම් දුන් දිනයේය.  ප්‍රශ්නයේ දෙවන කොටසට පදනම් කරගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන ව්‍යවස්ථාවේ 2 වන වගන්තිය හා 31 වන ව්‍යවස්ථාවේ 3වන වගන්තියයි.

Tuesday 18 November 2014

විපක්ෂයට එකතුවන ඇමතිවරයා හා පා.මන්ත්‍රීවරයා

විපක්ෂයට එක්වීමට නියමිත චන්ද්‍රසේන විජේසිංහ යනු ජනතා විමුක්ති පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වරයෙක් සේම ,හිටපු ධිවර ඇමතිවරයෙක්ද වෙයි.රණවීර පතිරණ යනු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලි මේන්තු මන්ත්‍රී වරයෙක් වේ.
                                                        නන්දන ගුණතිලක ප්‍රමුඛව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව සිටි කණ්ඩායමක් හා එජාපයට සම්බන්ධ පිරිසක් විසින් ගොඩනඟන ලද පළමු පෙරඹුණ නම් දේශපාලන සංවිධානය බැසිල් රාජපක්ෂ විසින් මෙහයවූ කණ්ඩායමක් විසින් අත්පත් කර ගෙන තිබුණද ඒ මේ වන විට පරාජය කිරීමට නනද්න ගුණතිලක චන්ද්‍රසේන විජේසිංහ රණවීර පතිරණ ප්‍රමුඛ කණ්ඩායම සමත්ව ඇති බව වාර්තාවේ.
මේ අනුව පිටකෝට්ටේ පිහිටි එම සංවිධානයේ කාර්යාලයද එම පිරිස අත්පත් කරගෙන ඇත.

අද දින රාත්‍රියේ ටීඑන්එල් රූපවාහිනියේ පැවැත්වෙන ජනහඬ දේශපාලන සංවාදයට නන්දන ගුණතිලක මහතා සහභාගී වීමට නියමිත අතර ඔහු එහිදී පළමු පෙරමුණ නියෝජනය කරමින් ඊට සහභාගී වන බවත් වාර්තවේ.



Monday 17 November 2014

බස්නාහිර පළාත් සභාවේ බලය විරුද්ධ පක්ෂයට..මහා ඇමති.....

ජාතික හෙල උරුමයේ මහ ලේකම් තාක්‍ෂණ හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක ඇමති ධුරවලින් ඉල්ලා අස් වී තිබේ.මෙම සිදුවීමත් සමගම බස්නාහිර පළාත් සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගැලවී විරුද්ද පක්ෂය බලයට පත් වීමේ අවස්ථාවක් හිමි ඇති බව වාර්තා වේ.ඒ සදහා බස්නාහිර පළාත් සභාවේ හිඅට්පු ඇමති වරුන් කිහිප දෙනෙක්ම විරුද්ද පක්ෂය වෙත සහයෝගය ලබා දෙන බවත්,ඔවුන් කෙනකුට මහා ඇමතිකම ලබා දෙන බවත් වාර්තා වී තිබේ 
නියෝජ්‍ය මහ ලේකම් බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල මහතා ද සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වූ බව රණවක මහතා විසින් ප්‍රකාශයට පත් කළේය.ජාතික හෙළ උරුමය විසින් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව දැනුම් දුන්නේය.
 මෙම තීරණය ගනු ලැබුවේ තම පක්‍ෂය විසින් ගත් තීරණයක අනුව යයි රණවක මහතා එහිදී කී අතර පක්‍ෂ නායක ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ මෙය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට උපන් දින තෑග්ගක් බවයි. 

ඉන්දියන් යතුරු පැදි සදහා ඉන්දීය ක්‍රිකට් සංචාරය මහින්ද පවා දුන් හැටි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කාලසටහනේ නොමැති සංචාරයක් වූ ඉන්දිය සංචාරය   5-0 ලෙස දරුණු ඉතිහාසගත වන වාර්තා සමගින් පරාජය විය.මෙය ක්‍රිකට් කාලසටහනේ නොතිබූ සංචාරයක් වූ අතර ක්‍රිකට් ආයතනය පසුව මුදල් ලබා දීමේ ගිවිසුම මත තරග කරන්නට විය.ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දුන් පොරොන්දු කිසිම දිනක ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ඉටු කර දුන්නේ නොමැත.එහෙයින් මෙම මුදල් ලබා දීම විශ්වාස කල නොහැක.
                                     මෙය වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුව හා ඉඅහල ප්‍රභූ වරයන්ගේ අණකින් ලබා දුන් සංචාරයක් බව මේ වන විට හෙළි වී තිබේ.මැතකදී ඉන්දියන් යතුරු පැදි ණය මුදලක් නොමැතිව ලංකා රජයට ලබා දුන් බැවින් එහි කළගුණ සැලකීමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ඉන්දිවට පාවා දීමට බලධාරීන් කටයුතු කළහ.මාලිංග ,රංගන හේරත්,විවේක ගැන්විය,බටහිර ඉන්දීය කොදෙව් A සංචාරය හොදින් ක්‍රීඩා කරන ලද උපුල් තරංග එක තරගයක් පමණක් ලබා දී ඉවත් කළහ.අජන්ත මෙන්ඩිස් අවසාන තරග 2ට පමණක් කැදවිය.මේ සියලු හේතු කරන වුයේ බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ඉන්දියාවට පාවා දීම සැලසුම් කල නිසාවෙනි

Thursday 13 November 2014

නන්දන ගුණතිලකගේ යන නොයන තීරණය මෙන්න


1994දී ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු 89 න් පසු එම පක්ෂය යළි ගොඩනැඟීමට කටයුතු කළ අයෙකි.
හෙතෙම කළුතර දිස්ත්‍රීක්කයෙන් තෙවතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.
ශ්‍රීලනිපය සමග ජවිපෙ එක්වී ගොඩනැඟු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස පත්වුයේද නන්දන ගුණතිලක මහතාය.
ඔහු වරක් ජනපති අපේක්ෂයෙකු ලෙස වාමාංශික පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත් විය.
පසුව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්ධූරය ද හෙබවූ ඒ මහතා සන්ධාන රජයේ සංචාරක අමාත්‍යවරයා ලෙසත්, තැපැල් ඇමතිවරයාත් ලෙසත් කටයුතු කරන ලදී.
අනතුරුව ශ්‍රීලනිපයට එක් වූ ඒ මහතා මේ දක්වා පානදුර නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියි.
එහෙත් වර්තමානයේ ක්‍රියාත්මක වන රාජපක්ෂ රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත පාලනයට එරෙහිව විපක්ෂය සමග එක්ව කටයුතු කිරීමට ඔහු තීරණය කර ඇති බවත්, ඒ ගැන හෙට (14) පෙරවරුවේ පිටකෝට්ටේදී මාධ්‍ය හමුවක් පවත්වා කරුණු හෙළිකරන බවත් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි..

මෙන්න අද ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරගයේ මුල් ඉනිම


Wednesday 12 November 2014

ජොන්ස්ටන්ගෙන් මෙත්‍රීපාල සිරිසේනට කනේ පහරක්

ංචාරයක නියැලීමට පිටත්ව යන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ විශේෂ අමුත්තන්ගේ මැදිරි පර්යන්තයේදී අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හමුවී ඇති බව වාර්තා වේ
පසුගියදා දකුණු කොරියාවේ ජවිපෙ ශාඛා සමිති විසින් සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණ මාලාවක් ඇමතීම සඳහා දකුණු කොරියාවේ ස
අනුර කුමාර දිසානායක මහතාගේ වැව් දස දහසේ ව්‍යාපෘතියට තදබල ලෙස පහරදෙමින් ‘වැව් හදනවා කියල ජේවීපී එක කලේ නිදන් හාරපු එක' යනුවෙන් රූපවාහිනී විවාද වලදී තපුල්ලන ජොන්ස්ටන් ඇමතිවරයාගෙන් ජවිපෙ නායකයා අසා ඇත්තේ ‘ ආ ඇමතිතුමා කොහෙද යන්නෙ? ' කියාය. ඊට පිලිතුරු නොදුන් ජොනී ඇමතිවරයා පෙරළා එම ප්‍රශ්නයම අනුර කුමාරගෙන් අසා ඇත. ඊට පිලිතුරු දී ඇති අනුර කුමාර දිසානායක මහතා තමා පක්ෂයේ සම්මන්ත්‍රණ කීපයක් ඇමතීම සඳහා දකුණු කොරියාවට යන බව සඳහන් කර තිබේ.
විනාඩි කීපයකට පසුව අනුර කුමාරගේ පැනයට පිලිතුරු දී ඇති ජොන්ස්ටන් ඇමතිවරයා පවසා ඇත්තේ තමා ‘ආතරයිටීස් ඉන්ජෙක්ෂන් එකක් දණහිසට ගසා ගැනීම සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට යන බව' යි.
‘ඉතිං ඇමතිතුමා ඕක ලංකාවෙ හොස්පිට්ල් එහෙකින් ගහගන්න තිබ්බනෙ' කියමින් අනුර කුමාර දිසානායක මහතා ජොනී ඇමතිවරයාගේ පිලිතුරුට ප්‍රතිචාර දක්වා ඇත. ‘මෙහෙ හොස්පිට්ල් ෂුවර් කරන්ඩ බෑ අනුර. මම මගේ සේරම මෙඩිකල් චෙකප් කරන්නෙ මවුන්ට් එලිසබෙත් එකේ' යනුවෙන් වැඩිදුරටත් පවසා තිබේ.
මෙම කතාබහ අසාඋන් ජොනී ඇමතිතුමා ගුවන්තොටුපොලට ඇරලීම සඳහා පැමිණි අයෙකු තම මිතුරෙකුට පවසා ඇත්තේ ‘අපේ ජොනිය මහ හරකෙක්' කියාය. ඒ ඇයි දැයි මිතුරා ඇසූ විට ඔහු දී ඇති පිලිතුර හුදී ජන පහන් සංවේගය උදෙසා මෙහි සඳහන් කරනු වටී.
‘ඇයි බං උඹට තේරෙන්නැද්ද කාට කිව්වත් අනුර කුමාර දිසානායක වගේ එකෙක්ට ඇත්ත කියන්න වටිනවද? අනුරයා පාර්ලිමේන්තුවෙ ඕක නොකිව්වොත් මං මගේ කණ කපනව. ඔය වගේ උත්තර දෙන්න ඕනෙ යූඑන්පී කාරයින්ට. උන් කන බොන එවුන් උන්ට ඕවා ගාණක් නෑ. අනික ජොනියා මේ වගේ බොරු ෂෝ දාන්නෙ කාටද? මොකාට දැම්මත් ජේවීපී කාරයින්ට බොරු ෂෝ දාන්න හොඳ නෑ. මොකද උන් දන්නව ජොනියා ඉස්සර හිටපු හැටි. කුරුණෑගල ඉදන් කොළඹ එනකොට පාර අයිනෙ පෙට්ටි කඩයක් ළඟ නවත්තල පොල්සම්බෝලයිරෝස්පානුයි කාලා ප්ලේන් ටී ගහපු හැටි. එහෙව් ජොනියා අද කන්නෙ ‘ඉංග්ලිෂ් බ්රෙක්ෆස්ට්' විතරයි. තුන් වේලටම ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් කාල ඌරෙක් වගේ මහත් වුනහම ඇඟේ බර දණිස්වලට දරා ගන්ඩ බෑ. ඒකයි ඔය ආතරයිටීස් කියල හිතාගෙන දණිස් වලට ඉන්ජෙක්ෂන් ගහන්න මවුන්ට් එළිසබෙත් යන්නෙ'

ජනපති රාජපක්ෂගේ වේදිකාවේ කුණුහරුප කියන්නට ආරාධනා කරනවා...

කණ්ඩායම් හදාගෙන රටේ කුණුහරුප වැපිරූ නිර්මාල් දේවසිරිලා සමඟ අතුරලියේ රතන හිමියන් පිවිතුරු හෙටකුත් මාදුළුවාවේ සෝපිත හිමියෝ සාධාරණ සමාජයකුත් හදන්නේ කෙසේදැයි පැහැදිලි කල යුතු බව මැදගම බෞද්ධ පුනර්ජීවන කමිටුවේ සභාපති මැදගම ධම්මානන්ද හිමියෝ ප‍්‍රශ්ණ කරති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ අද කොළඹදී පැවති ජාතික සංවිධාන එකමුතුවේ විශේෂ මහා සමුළුව අමතමිනි.
බොදු බල සේනා සංවිදානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ටත්, සිහලරාවයේ අක්මීමන දයාරත්න හිමියන්ටත් මෙම වේදිකාවට එක්වන ලෙසද එහිමියෝ ආරාධනා කලහ.
බොදු බල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති හිමියන්ද එවෙලේ වේදිකාවේ වැඩ සිටියහ.

                                    එහෙත් කුණු කරුවන් නිර්මාල් දේවසිරි නොව මැදගම බෞද්ධ පුනර්ජීවන කමිටුවේ සභාපති මැදගම ධම්මානන්ද හිමියන් ජාතික සංවිධාන එකමුතුවේ වේදිකාවට ආරාධනා කරනු ලබන බොදුබල සේනා සංවිදානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් බව විපක්ෂයේ ජාතික නායකයෙක් ප්‍රකාශ කළහ.ඒ බව මැදගම බෞද්ධ පුනර්ජීවන කමිටුවේ සභාපති මැදගම ධම්මානන්ද හිමියන්ට අමතක වී ඇති බවද ඔහු ප්‍රකාශ කළහ.

අපගේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරික ලැබීමක්

 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරික ලැබීමක්
කල්‍යාණ මිතුරු සංකල්පය උතුම් බෞද්ධ සංකල්පයකි. මෙත්තා යනුවෙන් ධර්මානුකූලව පෙන්වා දෙනු ලබනුයේ මිතුදමයි. “මෙත්තායිතස්ස මෙත්තාය පවත්තස්ස භාවෝ” - මෙත්තා යනු මිත්‍රත්වයේ ස්වභාවය යි.
මිත්‍රයා යනු කවුද? “මිජ්ජති තායතීවාති මිත්තො” යමෙක්ගේ සතුටේ දී සතුටු වීම මිත්තා නම් වේ. එමෙන් ම යමෙක් ගේ කරදරයක දී ආරක්ෂාව සැපයීම ද මිත්ත නම් වේ. (තායතී යනු ආරක්ෂාවයි)

දිනක් බුදු හිමි අසල සිටි ආනන්ද හිමියෝ “ස්වාමීනි, සසුන් බඹසරෙහි අඩක් ම පවතින්නේ මිත්‍රත්වය පදනම් කොට ගෙන නොවේ ද?” යයි ඇසූහ. එවිට බුදු හාමුදුරුවෝ “ආනන්දය අඩක් නොව මුළු සසුන් බඹසර ම පවතින්නේ මිත්‍රත්වය මතය යනුවෙන් වදාළ සේක.
“සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා - අඤ්ඤමඤ්ඤං පියචක්‍බූහි සම්පස්සන්තා විහරාමාති”
ඛීරොදකීභූතා - කිරි + දිය මෙන් එකට මුසු වී අඤ්ඤමඤ්ඤං පියචක්‍ඛූහි සම්පස්සන්තා - ඔවුනොවුන් දෙස පි‍්‍රය ඇස් වලින් බලමින් සම්මොදමානා අවිවද මානා - සංවාද කරමින්, විවාද නොකරමින් මිත්‍රයන් කටයුතු කරන බව දේශනාවේ සඳහන් ව ඇත. සැළලිහිණියේ මෙසේ මිත්‍රත්වය ගැන කියයි.
“මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවැති - බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති”
මිත්‍රයා බිත්තියක ඇඳි සිතුවමක් මෙනි. සිතුවම ඉදිරිය ම බලා සිටින්නා සේ පිටු නොදකින ස්වභාවය කල්‍යාණ මිත්‍රයෙක් සතු ලක්ෂණයකි.
එක් සංස්කෘත ශ්ලෝකයක ඥාති මිත්‍රාදීන් පිළිබඳ මෙසේ කියයි. “උත්සවෙ ව්‍යසනෙ චෛව - සංග්‍රාමෙ රාෂ්ට්‍ර විජ්ලවෙ - රාජද්වාරෙ ස්මශානෙ - ය තිෂ්ඨති ස බාන්ධවා”
එනම්, යමෙක් මිතුරෙක් නම් උත්සවයෙහි, ව්‍යසනයේ දී, යුද්ධයේ දී එකට සිටිය යුතුය. එසේ ම රටට යුද්ධයක් පැමිණි කල, රජ දොරට නැතහොත් රාජකීය දඬුවමකට යටත් වන විට, සොහොනට යන කල්හි එකට සිටින්නා මිත්‍රයෙකි. මෙසේ සියලු ස්ථානයන්හි දී වෙනස් නොවෙන්නා මිත්‍රයා ලෙස හඳුන්වනු ලැබේ. මේ පිළිබඳව බුද්ධ දේශනාවේ ඇතුළත් තවත් වැදගත් අවස්ථාවක් මෙසේ ය.
“තීහි භික්‍ඛවේ අඩ්ගෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො” - මහණෙනි, නියම මිත්‍රයෙක් කාරණා තුනකින් යුතු වේ. එනම්,
1. දුද්දදං දදාති - දෙන්න බැරි දේවල් දෙන්නා
2. දුක්කරං කරොති - කළ නොහැකි දේවල් කරන්නා
3. දුක්ඛමං ඛමති - ඉවසන්න බැරි දේවල් ඉවසන්නා
අද සමාජයේ සමහර මිතුරන් කළ හැකි දේ නොකරති. ඉවසිය හැකි තැන නොඉවසති. දීමට හැකි තැන නොදෙති. මුළු බුදු දහම මිත්‍රත්වය හා බැඳී පවතින බව පෙර ද සඳහන් කළෙමි. සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පාප මිත්‍ර හා කල්‍යාණ මිත්‍ර වශයෙන් කොටස් දෙකක් සිටින බව පැහැදිලි කළ සේක.
විමසා බලන්න, මා ඔබව මිත්‍රත්වයෙහිලා සලකන්නේ සැබෑවටම මිතුරන් ලෙසිනි... එහෙත් ඔබගේ හැසිරීම් කල්‍යාණ ගුණය පරයා පාපමිත්‍ර ස්වරූපයක් ගන්නා බව පෙනී යයි... අද මේ රටේ සිදුවන සෑම අකටයුතුකමකටම ප්‍රධාන හේතුව ඒ පාප මිත්‍ර ස්වරූපය නිසා එහි වරදකරුවන් වන්නේ ද ඔබමයි...

කොමියුනිස්ට් පක්ෂයේ සහාය කරුටද? සෝභිත හිමිටද?

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දිය යුතුය යන යෝජනාවක් නිසා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ  09 වැනි දා සවස පැවැති මධ්‍යම කාරක සභාව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
එහි මහ‍ලේකම් ඩිව් ගුණසේකර මහතා මෙම යෝජනාව මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර ඇත. මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 26 ක් ලැබි ඇති අතර විපක්ෂව ඡන්ද 14 ක් ලැබි ඇත. මධ්‍යම කාරක සභාවේ එක් සාමාජිකයෙකු ඡන්දය දීමෙන් වැළකී සිට ඇතැයි වාර්තා වෙයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබියදී එසේ නොකර නැවත මැතිවරණයකට යාම පිළිබඳව පිරිසක් දැඩි විවේචනයක යෙදී ඇත. එහෙත් බහුතර බලයකින් මෙම යෝජනාව සම්මත කර ගත් බව එහි මධ්‍යම කාරක සභික රාජා උස්වැටකෙයියාව මහතා පැවසීය.
මේ අනුව ශ්‍රී ලංකාවේ කොමුයුනිස්ට් පක්ෂය තුළ ද බෙදීමක් ඇති වී ඇති අතර එහි පිරිසක් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට සහයෝගය දැක්වීමට තීරණය කර ඇත.

චන්ද්‍රිකා මෙත්‍රීපාල සිරිසේන විපක්ෂයට ඇදා ගනී

රට බේරා ගැනීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකුට සහාය දීමට සූදානම් ප්‍රධාන පෙළේ ඇමැති වරුන් කිහිප පොලක් හමුවීමට බැසිල් රාජපක්ෂ පුද්ගලිකවම ගොස් ඇති අතර ඇමැතිවරුන් බැසිල්ගේ මුහුණට ඍජුවටම පිළිතුරු දී ඇතැයි වාර්තා වේ.
“අපි මෙතෙක් කල් කියපු දේවල් රාජපක්ෂලා විසින් පිළිනොගත් බැවින් දැන් අපිට දේශපාලන වශයෙන් දැඩි තීන්දුවක් ගැනීමට සිදුව තිබෙන බව“ එකී ඇමැතිවරුන් බැසිල් රාජපක්ෂට ඍජුවම පිළිතුරු දී තිබේ.
මේ අතර ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන ඊයේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගේ ගුණ වයමින් වත්මන් රාජපක්ෂ පාලනය දැඩි දෝෂ දර්ෂණයට ලක් කෙළේය. මෙය ශ්‍රීලනිප මහලේකම් වරයා සටන ආරම්භ කිරීමක් ලෙස දේශපාලන විචාරකයෝ පවසති. එම වීඩියෝව මෙහි පහත දැක්වේ.

පොදු අපේක්ෂිකා සුනේත්‍රා බණ්ඩාරනායක

එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු ‍අපේක්ෂකවරියක් ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ වැඩිමහල් සොයුරිය වන සුනේත්‍රා බණ්ඩාරනායක ඉදිරිපත් කිරීම පිළිබඳ යෝජනාවක් පසුගියදා කොළඹ සිනමන් ගාර්ඩ්න් හෝටලයේ පීච් වැලී නම් ස්ථානයේදී ඉහළ පෙළේ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු අතර පැවැති සාකච්ඡාවකදී සිදුව ඇති බව දෙමළ මාධ්‍ය වෙබ් අඩවියක් අද දින වාර්තා කරයි.
         ඒ අනුව මෙම සාකච්ඡාවේදී ඇය මේ සදහා වඩාත්ම සුදුසුකම් ඇති තැනැත්තියක් ලෙස හදුන්වා දී ඇති අතර ඒ සදහා වන සුදුසුකම් ලෙස සාකච්ඡාවේ නිරත වූවන් දක්වා ඇත්තේ කාන්තාවකගේ ඉදිරිපත් වීම ලංකා සමාජය විසින් ඉහලින් සැලකීමත් සුනේත්‍රාගේ පවුල් පසුබිම ලාංකීය ජනතාව ඉහලින් සැලකිය හැකි බව මෙන්ම දෙමළ හා මුස්ලිම් ජනතාවගේ මනාපය ගැනීමට ඇයට සුවිශේෂී සුදුසුකමක්ද ඇති බව සැලකිල්ලට ලක්කිරීමත් සමඟය. පීඩිත ජනකොටස්වල අයිතින් වෙනුවෙන් කාලයක් පුරා විවිධ සමාජ සංවිධාන සමඟ වැඩකළ සුනේත්‍රා සම්බන්ධයෙන් සිවිල් සමාජය තුලද ඉහළ ප්‍රසාදයක් ඇති බව එම පිරිස් අතර කතා බහට ලක්ව තිබේ. එමෙන්ම සියළු පක්ෂ කොටස්වල මෙන්ම නව මුහුණක් නිසා  ජනතාවගේ ප්‍රසාදය ලබා ගැනීමද පහසුවනු ඇති බවද එම පිරිසේ අදහස වී ඇත.

එසේම දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ සුනේත්‍රා බණ්ඩාරනායක යම්කිසි හෙයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එය මහින්ද රාජපක්ෂට වෙනත් කිසිවෙකුටත් වඩා ප්‍රබල අභියෝගයක් විය හැකි බවත්ය.

එසේම මේ පිරිස අතරෙහි වූ තවත් චරිතයක් පිළිබඳව යෝජනාවක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳවන මෛත්‍රී වික්‍රමසිංහ ගැනද සාකච්ඡාවට ගෙන තිබේ. සුනෙත්‍රා හා සමාන සමාජ සබඳතා සහිත කාන්තාවක වන මෛත්‍රී වික්‍රමසිංහද පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව සහිත බව මෙම පිරිසේ මතය වී තිබේ.

විශේෂයෙන්ම මේ වන විට විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් දිනා ගැනීමේ ජනාධිපතිවරණය සටනට වඩා විස්වාසදායක අපේක්ෂිකාවන් දෙදෙනකු ලෙස සුනේත්‍රා හා මෛත්‍රී මෙම පිරිසේ පිළිගැනීමට ලක්ව තිබෙන අතර එසේම පොදු අපේක්ෂකයා ‍තෝරා ගැනිම සම්බන්ධයෙන් පක්ෂ හා කණ්ඩායම් අතර ඇති විවාදයන් ‍රැසක් මෙමඟින් අවමකර ගත හැකිවීම වඩා වැදගත් වනු ඇතැයි ද එම කණ්ඩායම සාකච්ඡා කර ඇත.