Friday 14 August 2015

ආණ්ඩුව යු,එන්.පි වෙයි.

පසුගිය ජනධිපතිවරණයේදී  චන්ද 58 ලක්ෂයක් ලබා ගෙන පරාජයට පත් වූ හිටපු ජනදිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණෙන බව වරත වේ.ඔහු ලබා ගත් මෙම චන්ද 58 ලක්ෂය ජාතීන්ගේ චන්ද පමණක් නොව ,ශ්‍රීලනිප ,ජානිපෙ,ශ්‍රී ලං කෝ ,සමසමාජ ,යන දේශපාලන පක්ෂ වලට අයත් පිරිසේ චන්ද වුහ.එහෙත් වාර්තා මානයේ කිහිපදෙනෙක් පමණක් එම චන්ද 58 ලක්ෂයට උරුම කම් කියන ආකාරයක් පෙන්නුම් කරයි. අප සැම මැතිවරණයකදීම  ''ශ්‍රී ලංකා පුවත්පත් සංසදය '' හා එක්ව එහි ප්‍රතිපලයට පෙර ,එහි ප්‍රතිපලය ලැබෙන ආකාරය ගැන සමීක්ෂණ සිදු කරන ලදී.මෙවර අප පරීක්ෂණයට භාජනය කරන ලද්දේ පසුගිය ජනධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත චන්ද 58 ලක්ෂය මෙවර ලැබෙන්නේ කාටද කියාය.අප ප්‍රාදේශිය ලේකම් කාර්යාල ගණන 313 ක්ද, උප දිසාපති කාර්යාල ගණන 16 ක්ද, උප කාර්යාල ගණන 3 සදහා ,ඉහත එක කොට්ටාශයකින්  ගත් 250ක් ගෙන මෙම සමීක්ෂණය සිදු කරන ලදී.
                                                   
 මැතිවරණයකදී ප්‍රතිපල ලබා දිම්ට් ප්‍රථම සමීක්ෂණයක් කොට ප්‍රතිපල ලබා දීම ඉදුරාම පහසු කටයුත්තක් නොවේ.එහෙත් අපගේ ආදරණිය පේක්ෂක ජනතාව උදෙසා අප විද්වත් මණ්ඩලය විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේ ජයග්‍රහණය පිලිබදව යම් ඉගියක් ලබා දීමට විශ්ලේෂණයක් කරන්නෙමු.
මෙහිදී අප තෝරාගත් නිර්නායකයන් වුයේ
01.ශ්‍රී ලංකාවේ මෑතකදී පැවැත්වූ ආසන්නම මැතිවරණයේ ප්‍රතිපලය ලබා ගැනීම.
02.එක් දිස්ත්‍රික්කයක් එක් මැතිවරණ කොට්ටාශයක් ලෙස ගැනීම.
03.එම දිස්ත්‍රික්කයේ චන්ද පදනම අනුව නව චන්ද එම අපේක්ෂකයන් වෙත එකතු කිරීම.
04.එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂය සන්ධාන ගත වීම,ජාතික නිදහස් පෙරමුණ ,පිවිතුරු හෙළ උරුමය, ලංකා සමසමාජ පක්ෂය,කොමිනිස්ට් පක්ෂය,වාමාංශික පෙරමුණ යන දේශපාලන ධාරාවන් ඇතුලත් වේ.
06.එක්සත් ජාතික පක්ෂය තුල හෙළ උරුමය,මනෝ ගනේෂන් මහතාගේ  ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ,පි .දිගම්බරම් මහතාගේ එක්ෂත් වතු කම්කරු පක්ෂයඇතුලත් වේ.තවද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය එක්සත් ජාතික පක්ෂය නම තරග කරයි.

මෙම ප්‍රතිපලය තුල එක් දේශපාලන පක්ෂයකටවත් තනි ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි අතර එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රිපාල සිරිසේන ජන්ධිපතිතුමට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සන්ධානයෙන් 25ක් පමණ එක වී  ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ඇතැයි අනුමාන කල හැකිය.

Wednesday 5 August 2015

චන්දෙට කොන්ඩේ දුන් කොල්ලා...

මාතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයකුගේ නම සහ අංකය ද කතිරය  කොණ්ඩ මෝස්තරයක් ලෙසා කපා ගත් තරුණයෙක් දෙවිනුවරින් වාර්තා විය.

ඔහු නමින් ජී තරංගය. වයස අවුරුදු 33කි. කොණ්ඩා මෝස්තරය කැපීමට රුපියල් 800ක් වැය වූ බව ඔහු කියයි.ඔහු  තම පක්ෂ්පතිත්වය් දක්වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙවිනුවර ආසන සංවිධයක නිලංග හෙන්දවිතාරණ මහතා වෙනුවෙනි.අප මේ පිලිබදව මැතිවරණ ලේකම් කාර්යාලයෙන් විමසු විට එහි ප්‍රකාශකයකු සදහන් කර සිටියේ දේශපාලන පක්ෂයක ලකුණක් නොමැති හෙයින් එය ගැටළුවක් නොවන බවය.අප මේ පිළිබධව විමසීමට අද උදැසන නිලංග හෙන්දවිතාරණ මහතා ඇමතීමට උත්සහ කල අවස්ථාවේ එතුමාගේ ජංගම දුරකතනය විසන්ධි කොට තිබිණි