Wednesday 1 June 2016

රත්නපුර ප්‍රාදේශීය ලේකම්ගේ නොදත් වැඩ කිඩ මෙන්න

රාජ්‍ය සේවය යනු පැය 8 සේවය් වේ.ජනතව රාජ්‍ය සේවය ගැන තිබුන්නේද කලකිරීමකි.එහෙත් පැය 8 සේවයක් නොව එය වගකීමක් කොට ගෙන කටයුතු කල රත්නපුර ප්‍රාදේශීය ලේකම් මානෙල් කෝට්ටවත්ත මහත්මිය පිලිබදව ප්‍රසසනාත්මක විද්‍යුත් ලිපියක් අපට ලැබී තිබේ.
2016 වර්ෂයේ බක් මාසයෙන් පසුව ශ්‍රී ලංකාවට බල පෑ අයහපත් කාලගුණ තත්වය හේතුවේ රටේ ලක්ෂ ගණනක් පවුල් අවතැන් විය.එහෙත් රත්නපුර දිස්ත්‍රික්කය අඩු අවදානම් කලාපයක් විය.වෙනදා මෙන් විශාල ගං වතුරක් නොවිය.එහෙත් අපදා තත්වය පහව නොගියේය.ගං වතුර ගැලුවේය,නාය ගියේය.
එහෙත් අද කතා කිරීමට සුදානම් වන්නේ රත්නපුර රාජ්‍ය සේවකයා ගැනය.
පසුගිය දිනක දෙනියයෙන් ආධාර රැගෙන පැමිණි කණ්ඩායමක් සමග රත්නපුර ප්‍රාදේශීය ලේකම් මානෙල් කෝට්ටවත්ත මහත්මිය සවස 4.00සිට රාත්‍රි 7.00 පමණ වන තෙක් කැටලියන් පල්ල ග්‍රාම නිලධාරී වසමේ භාණ්ඩ බෙදා දීමසදහා විශාල කැපකිරීමක් සිදු කොට තිබේ.
මෙවැනි රාජ්‍ය සේවකයන් පිිලි බදව ජනතව ආඩම්බර වන අතර මෙය ආදර්ශයට ගෙන කටයුතු කරන්නේ නම් ජනතාවට වැඩත් පලදායි සේවයක් සැපයීමට රජය සේවකයාට හැකි වනු ඇත

දෙනියායේ හාස්කම

දෙනියාය යනු ශ්‍රී ලංකවේ දකුනු පළාතේ මාතර දිස්ත්‍රිකයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි නගරයකි,එසේත් නැත්නම් ලෝකයේ ස්වභාවික වනාන්තරයක් අසල පිහිටි සුන්දර අර්ධ නාගරීකරණය වූ සුන්දර නගරයකි.එහි හාස්කම් රාශියක් තිබේ.මේ අපි කියන්නට යන්නේ විශේෂිත වූ මිනිස් හාස්කමකි.
                                                                    2016 වර්ෂයේ බක් මාසයෙන් පසුව ශ්‍රී ලංකාවට බල පෑ අයහපත් කාලගුණ තත්වය හේතුවේ රටේ ලක්ෂ ගණනක් පවුල් අවතැන් විය.එහෙත් දෙනියායට පෙර මෙන් ආපදාවක් නොවුයේ ගැටබරු දේව කරුණාවෙන් බව මිනිසුන්ගේ මතය විය.
                                                                   එහේත් අසරණ වූ මිනිසුන් වෙත පිළිසරණක් වීමට දෙනියායේ බොහෝ පිරිස් එකතු වුහ.ඒ අතරින් විශේෂිත වූ පිරිසක් එකතුවිය. දෙනියාය සේවා කමිනියුටි ක්‍රෙඩිට් ආයතනයේ දෙනියාය ශාකව ,ජනතා ජාතික පදනම හා සිංහරාජ සේවා සංවිධානය එක්වී ''' සහන ''' වැඩසටහන ආරම්භ කළහ.එය සාර්ථක විය.
අවසානයේ කිසිවකු නොයන රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටශයන්හි අවතැන් වූ පවුල් 400 පමණ ඔවුන් ආධාර බෙදුහ.
                                                                            '''සහන '' වැඩසටහනේ සම කැදවුම් කරුවකු සුරේන් සාගර මහතා ප්‍රකාශ කලේ ''රුපියල් 1200ක් පමණ භාණ්ඩ කට්ටලයක් එක් අයකුට ලබා දීමට හැකි බවත් තවත් රුපියල් 40000/- පමණ අලුත්ම නිමි ඇදුම් ලබා දීමට හැකි වූ බවත්මේ සියලුම දේ කිරීමට හැකි වුයේ දෙනියාය ජනතාවගේ පරිත්‍යාගශීලි හා මනුසත් බව ඉහලින් තිබු නිසවෙන් බවය. තවද පානිය ජලය ලබා ගැනීමට දෙනියායේ ව්‍යාපාරික ප්‍රජාව උදවු කල බවත් ,ප්‍රවාහන පහසුකම් සදහා සේවා කමිනියුටි ක්‍රෙඩිට් ආයතනය උදවු කල බවත් මේ සියලුම දේ සාර්ථක වීම පිටුපස තිබුනුයේ එකමුතු කම බවත්,එය දෙනියායේ හාස්කම් බවත් ප්‍රකාශ කළහ.''
Like
Comment