Pages

Monday, 1 July 2013

ක්‍රිකට් ආයතනයේ රුපියල් බිලියන 25 ක් අතුරුදන්

ක්‍රිකට් ආයතනයේ රුපියල් බිලියන 25 ක් අතුරුදන්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2004 වසරේ සිට පරිපාලනය සිදුකරනු ලැබුවේ අතුරු කමිටු මගිනුයි.
ක්‍රිකට් නිලවරණය පවත්වා නිලධාරීන් පිරිසක් පත්කර ගනු ලබන්නේ 2012 වසරේදීයි. එහෙත් ක්‍රිකට් නිලවරණය උණුසුම් වන්නේ 2013 වසරේදීයි. ඒ නිලවරණය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා ඉදිරිපත්වීමත් ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීමත් හේතුවෙනුයි. කෙසේ වෙතත් පසුව තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසර 07 ක කාලය සදහා අය වැය ඉදිරිපත් කරන ලෙස වත්මන් පරිපාලනයෙන් ඉල්ලා සිටියා. එහෙත් වත්මන් පරිපාලනය මෙතෙක් එම තොරතුරු ලබා දිය හැකිදැයි ප්‍රකාශ කර නැහැ.
මේ අතර ක්‍රිකට් නිලවරණය පැවති අවස්ථාවේ තිලංග සුමතිපාල මහතා කියා සිටියේ අය වැය ලේඛණයේ රුපියල් බිලියන තුනකට ආසන්න මුදලක් සදහා රිසිට්පත් අතුරුදහන්ව ඇතැයි අනාවරණය වී ඇති බවයි. ඒ පිලිබදව පසුගිය පරිපාලනයෙන් පිලිතුරු බලාපොරොත්තු වන බව ප්‍රකාශ කලත් මෙතෙක් ඒ පිලිබදව කිසිවක් ප්‍රකාශ කර නැහැ. මේ අතර ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු කියා සිටියේ එම අතුරුකමිටු පැවති සමයේ රුපියල් බිලියන 25 කට ආසන්න මුදලක් පිලිබදව ගිණුම් තොරතුරු නොපවතින බවයි. මේ අනුව එම මුදල අගරු මුදලක් ලෙස සැලකීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි ඔහු කියා සිටියේ.
මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් ආයතනය පිලිබදව විවාදයක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා තිබෙනවා. එහිදී මෙම මුදල් පිලිබදව කථාබහ වනු ඇති. එමෙන්ම එහිදී එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතීව කරුණු දැක්වීමට ආන්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතාද කටයුතු කරනු ඇතැයි සදහන්.

No comments:

Post a Comment