Pages

Tuesday, 2 July 2013

අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය ඡන්ද දූෂනයට සියල්ල සූදානම් කරයි: ඡන්ද දූෂනයට කප් ගැසූ නි.පොලිස්පති ජගත් අබේසිරි වයඹට: පොලිස් 368 ක් මාරු කිරීමට යයි




මොහු පසුගිය උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී ද උතුරු මැද බාරව මරාණ්ඩුව වෙනුවෙන් කඩේ ගිය අතර "පොලිස්පතිගේවත් මැතිවරණ කොමසාරිස්ගේවත් චක්‍රලේඛ මට වැඩක් නෑ. හැමෝම මං කියන විදිහට වැඩ කරන්න ඕනෑ" යයි පොලිස් නිලධාරීන්ගේ සම්මන්ත්‍රණ වලදී ප්‍රසිද්ධියේම පවසා මැතිවරණ දූෂණ සඳහා අවනීතිය ක්‍රියාත්මක කළ නිලධාරියා ය.

මොහුගේ බිරිඳ මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ දැනට සේවය කරන අතර හැඳුනුම් පත් දෙපාර්තමේන්තුවේ ද සහකාර කොමසාරිස් වරියක් ලෙස සේවය කර ඇත. ඇයට විරුද්ධව අල්ලස් සහ දූෂන පැමිණිලි ගණනාවක් තිබුනද ඒ එකක් හෝ පරීක‍ෂණයට ලක්ව නැත්තේ ස්වාමියාගේ සට්ටැඹි සේවයට හිලව් වන්නට ය.

මැතිවරණ දූෂනය ගැන කප් ගසා ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන වයඹට කැඳවීමත් සමග වයඹ සිටි පොලිස් නිලධාරීන් 87 දෙනෙකුට අද සිට ක්ෂනික මාරු වීම් ලබා දී ඇත. මාරු වීම් ලද පොලිස් නිලධාරීන් 87 දෙනා අතර ප්‍රධාන පොලිස් පරීක‍ෂණවරුන්, පොලිස් පරීක‍ෂක වරුන් උප පොලිස් පරීක‍ෂක වරුන් මෙන්ම සැරයන් ලා ද සිටිති. එම පුරප්පාඩු පිරැවීමට තංගල්ල, හුංගම, රත්ගම, හික්කඩුව, දෙවිනුවර ආදී පළාත්වල සේවය කරන තෝරාගත් මරාවාදී සට්ටැඹියන් පිරිසක් ගෙන්වා ගෙන තිබේ.

කුරුණෑගල සිටි පොලිස් අධිකාරි සිසිල් සිල්වා, කොළඹ සංචාරක පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස මාරු කර යවා ඇති අතර මඩකලපුවේ සිටි පොලිස් අධිකාරි අජන්ත සමරකෝන් කුරුණෑගල පොලිස් කොට්ඨාශය භාර පොලිස් අධිකාරිවරයා ලෙස පත් කර ඇත.

මෙම මාරුවීම් කිසිවක් හෝ ඒ වෙනුවට තෝරා ගන්නා ලද කිසිවෙක් හෝ පොලිස් මූලස්ථානයේ අනුදැනුමකින් තොරව සිදුව තිඛෙන අතර සියල්ල මෙහෙයවන්නේ අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් අපරාධ ආරක්ෂක අමාත්‍යාංශය මගිනි.

අපරාධ ආරක්ෂක අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග 'ලංකා ඊ නිව්ස්' වෙත පවසා සිටියේ උතුරු වයඹ සහ මධ්‍යම පළාත් තුනේම මැතිවරණ දූෂන සඳහා ගෙන්වා ගැනීමට සට්ටැඹි නිලධාරීන් 368 ක ලැයිස්තුවක් මේ වන විට සකස් කර අහවර බවයි. එම සට්ටැඹි 368 දෙනා අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී, ප්‍රධාන පොලිස් පරීක‍ෂක, පොලිස් පරීක‍ෂක, උප පොලිස් පරීක‍ෂක සහ කොස්තාපල් දක්වා නිලධාරීන් සිටින බව පැවසේ.

ඉදිරියේදී එම පළාත් තුනේ පොලිස් ස්ථානාධිපතිවරුන් 18 දෙනෙක් මාරු කිරීමට නියමිතය. ඒ අය මාරු කෙරෙන්නේ මැතිවරණ දූෂන සඳහා ඉඩ හසර හදා දෙන්නැයි සන්ධාන ප්‍රාදේශීය දේශපාලනඥයන් කර ඇති ඉල්ලීම් අනුව බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු කරුවෝ පවසති.

මේ සම්බන්ධයෙන් අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පොලිස්පතිවරයා නොමැතිව වෙනත් ඉහල පොලිස් නිලධාරීන් තිදෙනෙකු සමග ඊයේ රහසිගත සාකච්ඡාවක් පැවැත්වීය. එම නිලධාරීන් තිදෙනා නම් නියෝජ්‍ය පොලිස්පති ආර්.ජී.ඉන්ද්‍රන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන යන තිදෙනාය.

No comments:

Post a Comment