Pages

Thursday, 18 July 2013

‘පියාඹන මාළුවා’ට මුදල්දුන් මනෝහන් නානායක්කාර මහතා අගවිනිසුරු පුටුවේ වාඩිවෙන මොහාන් පිරීස් මහතාගේ මස්සිනා මනෝහන් නානායක්කාර මහත්තයාගේ භාර්යාව, ආණ්ඩුවේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහත්තයාගේ හිටපු බිරිඳ.

Published on Thursday, 18 July 2013 20:07
Print
Manohan-Nanayakkara 410px 1ආන්දෝලනයට ලක්ව ඇති,  ‘පියාඹන මාළුවෝ’  චිත්‍රපටය සඳහා එල්.ටි.ටි.ඊ. ඩයස්ෆොරාවේ දායකත්වය ලැබී ඇති බවටත්, එම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ  'මනෝහන්' නමැති 'දෙමල' ජාතිකයකු බවත් හැඟවීමටත්  ආරක්ෂක අමාත්‍යංශය හා ආණ්ඩුවේ මාධ්‍ය පසුගිය දින කිහිපයෙහි මහ ඝෝෂාවක් කලද,  එය ජනතාව නොමග යැවීමට සිතාමතා සැලසුම් කල 'මඩ' ව්‍යාපාරයක් බව එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා අවධාරනය කර සිටියි.
අද (18) දහවල් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීමේ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් අනාවරණය කරමින් සමරවීර මහතා මෙසේ පැවසිය.

'' මෙම නිෂ්පාදනය සඳහා  මුදල් දී ඇත්තේ දෙමළ ඩයස්පෝරාවේ අය බවත්, මෙහි නිෂ්පාදක මනෝහන් නමැති ද්‍රවිඩ ජාතිකයෙකු බවත් පෙන්වන්නට ආරක්ෂක අමාත්‍යංශය උත්සාහ කරනවා.
 ‘පියාඹන මාළුවෝ ’ නිෂ්පාදනය සඳහා ලක්‍ෂ 25 ක්  මුදලක් ලබාදී ඇත්තේ, ඩයස්පෝරාවේ කෙනෙක් නොව, මනෝහන් නානායක්කාර නමැති ඒෂියා කැපිටල් ආයතනයේ සභාපතිවරයායි.
 මනෝහන් නානායක්කාර මහතා අගවිනිසුරු පුටුවේ වාඩිවෙන මොහාන් පිරීස් මහතාගේ මස්සිනා.  එමෙන්ම, හමුදාවේ සිට තානාපති සේවයට එක් වූ මේජර් ජනරාල්වරයෙක් ගේ ඥාති සහෝදරයෙක්.
එමෙන්ම, මනෝහන් නානායක්කාර මහත්තයාගේ  භාර්යාව,  ආණ්ඩුවේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහත්තයාගේ හිටපු බිරිඳ.

මෙම නානායක්කාර මහතා උසස් ගණයේ සිංහල චිත‍්‍රපට කිහිපයක් නිෂ්පාදනය කර තියනවා.  මෑතකදී කැනඩාවේදී  සම්මාන ලැබූ ‘BEN KINGSLEY’ ගේ චිත‍්‍රපටයට ඔහු මිලියන 250 ක් ආයෝජනය කර තියනවා.  සුමිත‍්‍රා පීරිස් වැනි ප‍්‍රධාන පෙළේ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් සමග කටයුතු කරමින් චිත‍්‍රපට 05 කට වඩා සම්බන්ධ වී තියනවා.

 ආරක්‍ෂක ලේකම්වරයා,  ඔහුගේ  'උන්මාදය' සැමවිටම වසන් කර ගන්නේ තමන් අකමැති  ඕනෑම කෙනෙකුට හෝ සංවිධානයකට එල්.ටී.ටී.ඊ. ලේබලය නොහොත්, දේශද්‍රෝහී නම්බු නාමය ලබා දෙමින්.  මේ අනුව ගාමිණී වියන්ගොඩ වැනි ලොව පිළිගත් බුද්ධිමතෙක්ද, අද කොටි හිතවාදී බවට ලේබල්  කර 'ගෞරව' කරලා තියනවා.

 රාජපක්‍ෂ රෙජිමයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවන් විවේචනය කරන  ඕනෑම කෙනෙකු ඔවුන්ගේ හොරණෑවන් විසින් ජාතිද්‍රෝහීන් ලෙස හංවඩු ගැසුවද, සැබෑ ජාතිද්‍රෝහීන් කවුද යන්න, සැබෑ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් කවුද යන්න මේ රටේ ජනතාව දැන් හොඳින් හඳුනා ගනිමින් සිටිනවා.

 එදා ශී‍්‍ර මහා බෝධියට පහර දෙමින්, අරන්තලාවේ භික්‍ෂු ඝාතනයට මුල් වූ පිල්ලෙයාන් නමැති ත‍්‍රස්තවාදියා අද නැගෙනහිර පළාතේ මහ ඇමැති.

 එදා පොලිසියේ 500 ක් මරා දමමින්, පසුව ශී‍්‍ර දළඳා මාළිගාවට පහරදීමට මුල් වූ කරුණා අම්මාන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක්.

එමෙන්ම, මේ රටේ බෝම්බ පිපිරවීම සඳහා ජාත්‍යන්තරය තුළ මුදල් එකතු කරපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයා, ජනාධිපතිවරයාගේ හිතවත් උපදේශකවරයෙක්.

 එල්.ටී.ටී.ඊ.යේ සියලූ මිලේච්ඡ මිනීමැරුම් සාධාරණීය කර, කොටි මාධ්‍ය ප‍්‍රකාශක අද ශී‍්‍ර ල.නි.ප. අපේක්‍ෂකත්වයට පත්වෙලා.

 එපමණක් නොව, බුද්ධගයාවට පහර දුන් ත‍්‍රස්තවාදීන් කවුදැයි සොයමින්, එහි නායකයාට උතුරු පළාතේ මහ ඇමැති ධූරය පිරිනැමීම සඳහාද රජය තීරණය කර ඇතැයි සමහරු කියනවා.
 එසේ නම්, මම ගෝඨාභයගෙන් අහනවා, '' අයිසේ, කොටි හිතවාදීන් කියලා කියන්න  ඕනේ, දේශද්‍රෝහීන් කියලා කියන්න  ඕන අපිටද? එහෙම නැත්නම් තමුසෙටද ?, තමුසෙගෙ ආණ්ඩුවටද?’ කියලා.

අපේ රණවිරුවන්ට අපහාස කරන්නේ මෙවැනි කලාත්මක චිත‍්‍රපට නොව, ආරක්‍ෂක අමාත්‍යංශය බව මම පැහැදිලිවම කියනවා.
 අද පේමන්ටවල ගල් අල්ලන්නෙත්, තැනින් තැන එළවළු විකුණන්නෙත්, හෝටල් කුස්සිවල නාකි සුද්දියන්ට පොකිරිස්සො තම්බන්නෙත් ආරක්‍ෂක ලේකම්වරයාගේ නියමය අනුව අපේ ති‍්‍රවිධ හමුදාවේ මේ රණවිරුවන්.
 නගරය සංවර්ධනය කිරීමේ මුවාවෙන් අද කෝටි ගණන් මේ රජයේ ඉහළම පුද්ගලයන් ගසා කන බව ප‍්‍රසිද්ධ රහසක්.
නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතුවලට රණවිරුවන් වහල් සේවයේ යොදවා ගෙන ඇතත්, රජයේ ප‍්‍රධානීන් කොළඹ සහ වෙනත් ප‍්‍රදේශවල ඉඩම් මංකොල්ල කමින් කෝටි ගණන් කොමිස් ගසන බව අද ප‍්‍රසිද්ධ රහසක්..
උදාහරණයක් හැටියට, ඉන්දියාවේ ‘කි‍්‍රෂ්’ කොම්පැණියට කොළඹ නගරයෙන් ලබා දුන් ඉස්තරම්ම ඉඩමක් සඳහා ලබා ගත් කෝටි 400 ක මුදල බෙදා ගන්න බැරිව අද බාප්පලා පුතාලා ගහ ගන්නවා.
රාජපක්‍ෂ රෙජිමය රණවිරුවන්ගේ ශ‍්‍රමයෙන් කෝටි ගණන් ගසාකද්දී, රණවිරුවෙකුගේ ජීවිතය මේ රජයට වටින්නේ රුපියල් ලක්‍ෂයක් පමණයි.
 පසුගිය කාලයේ තම ජීවිතය පූජා කළ රණවිරුවෙකුගේ වටිනාකම ගෝඨාභය රජපක්‍ෂ විසින් තක්සේරු කරන ලද්දේ රුපියල් ලක්‍ෂයක මුදලකට.. යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වලටද ලබා දුන්නේ රුපියල් ලක්‍ෂයක් පමණයි.  නමුත් කොළඹ පේමන්ට් හදන ගණුදෙනුවෙන් පමණක් වර්ග අඩියකට ලක්‍ෂයකට වැඩි මුදලක් ගසා කන අය ගසා කනවා.
 රාජපක්‍ෂ රෙජිමය විසින් පසුගිය කාලය තුළ රටට ප‍්‍රදර්ශනය කළ ‘13 වැන සංශෝධනය’ නමැති බයිස්කෝප් එක ඉන්දියාවේ මැදිහත් වීම මත හදිසියේම තහනම් කළත්, දැන් ජනතාවගේ අවධානය රටේ දැවෙන ප‍්‍රශ්නවලින් වෙන පැත්තකට යොමු කිරීම සඳහා මේ ‘පියඹන මාළුවා’ ජනතාවට පෙන්නන්න ආරම්භ කරලා.
ඊයේ නැවත වතාවක් ගෝඨාභයගේ කුලී සේනාව නොහොත් ‘RENT - A - MOB’ සංවිධානය පාරට බැහැලා ප‍්‍රංශ තානාපති කාර්යාලය වැටලූවා. ඒවායේ ප‍්‍රදර්ශනය කරන්න ආබාධිත රණවිරුවන්ද රැගෙන ගියා.
 එසේම, මීට ඉස්සෙල්ලා මේ බලූ සේනාව විසින්ම ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වැටලූවා.
 මෙයට නායකත්වය දුන්නේ විදුලි සංදේශ යකඩ සොරකම් කිරීම සඳහා ව්‍යාජ ලිපි සකස් කිරීම සම්බන්ධයෙනුත්, අහිංසකයන්ගෙන් රට යවන්න සල්ලි එකතු කරපු වරෙන්තු ලත් අපරාධකාරයෙක්.
 සුදර්මන් රදලියගොඩ නමැති මෙම වරෙන්තු ලත් අපරාධකාරයා ගෝඨාභයගේ කුලී සේනාවන් සමග ඉදිරියෙන්ම ගමන් කළා පමණක් නොව, ‘පියාඹන මාළුවා’ චිත‍්‍රපටය තහනම් කර ඇත්තේද මේ අපරාධකාරයාගේ නිර්දේශ අනුවයි.
අපගේ රණවිරුවන්ගේ කීර්ති නාමය විකුණාගෙන කමින්, තමන්ගේ ඒකාධිපති න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කරන රාජපක්‍ෂලාගේ දේශද්‍රෝහී වැඩපිළිවෙල අප හඳුනා ගන්න  ඕනෙ.
රාජපක්‍ෂලාගේ දේශද්‍රෝහී ගමන පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම, හමුදාවේ සහ පොලිසියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන සියලූ දෙනාට විශාල වගකීමක් පැවරෙනවා.
එපමණක් නොව, තමන්ගේ ඒකාධිපති ගමන් මඟ වෙනස් කොට, නැවතත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ගයට පිවිසෙන බවට මේ රජය පොදු රාජ්‍ය මණ්ඩලයටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත්, ඉන්දියාවටත්, ජාත්‍යන්තර ප‍්‍රජාවටත් දණින් වැටී පොරොන්දු වී සිටින මොහොතක, රාජපක්‍ෂ වියරුව නොකඩවා ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවේ අවධානයද මේ ගැන යොමු විය යුතුයි'' යයි ද සමරවීර මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment