Pages

Friday, 19 July 2013

ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කිරීම සඳහා හමුදා පුහුණුව ලබා සීගිරි බළකාය විසිර යාමේ උළෙලක්

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවට වාසිදායක ලෙස මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කිරීම සඳහා විශේෂ මැර කණ්ඩායමකට හමුදා පුහුණුව ලබාදී ඇතැයි සංස්කෘතික අමාත්‍යංශ අනාවරණය කරයි.


එම වාර්තාවේ සඳහන් පරිදි, පුහුණුව නිමවූ එම මැර කණ්ඩායම ජූලි 19 වෙනිදා විසුරුවා හැර තිබේ. ඒ සඳහා ඉබ්බාගමුව ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී රහසිගත විසිර යාමේ උළෙලක්ද සංවිධානය කර තිබුණු බවට තොරතුරු ලැබී ඇත.

පනස්අට දෙනෙකුගෙන් යුත් එම බළකාය සඳහා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී සති කිහිපයක සිට හමුදා පුහුණුව ලබාදී තිබේ. පුහුණු කිරීම් සිදු කර ඇත්තේ හමුදා නිලධාරියෙකු විසිනි. බළකායට පුහුණුවීම් කාලයේදී නවාතැන් සපයා තිබෙන්නේ ඉබ්බාගමුව කලාප ගුරු පුහුණු මධ්‍යස්ථානයේය. මෙම විශේෂ මැර කණ්ඩායම ‘සීගිරි බළකාය’ ලෙස නම් කර තිබේ.

යම් හෙයකින් ආණ්ඩුවේ වැඩපිළිවෙළ හෙළිදරව් වුවහොත් ‘සීගිරි බළකාය’ සංස්කෘතික ති‍්‍රකෝණයේ අවශ්‍යතාවයක් සඳහා පුහුණු කළ බව පැවසීමටද සැලසුම් කර ඇත. එවැනි අවශ්‍යතාවයක් සඳහා මෙම පිරිස යොදා ගන්නේ නම් ඔවුන්ට ද හිටිහැටියේම හමුදා පුහුණුව ලබාදිය යුතු නැත.

මෙම පුහුණු කිරීම් පිළිබඳව අපි ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයීය වැඩබලන විදුහල්පති එච්.එම්. පේ‍්‍රමරත්න මහතාගෙන් විමසුවෙමු. එම මහතා ප‍්‍රකාශ කළේ ටී.බී. ඒකනායක ඇමැතිවරයාගේ ඉල්ලීමක් මත විශේෂ පුහුණු කිරීමේ කටයුත්තක් සඳහා ජූලි 19 දින දක්වා කී‍්‍රඩාංගණය ලබා දුන් බවය.

හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වලිගසූරිය මහතා ප‍්‍රකාශ කළේ, එම කී‍්‍රඩා පිටියේ යුද හමුදාව විසින් කිසිදු පුහුණු කිරීමක් සිදු නොකරන බවයි. එහෙත් මේ වන විට එහි සංස්කෘතික අමාත්‍යංශ දැනුම්වත්ව යම් පුහුණු කිරීමක් සිදු වන බව විදුහල්පතිවරයා විසින් පැවැසූ බවද ප‍්‍රකාශ කළේය.

ටී.බී. ඒකනායක ඇමැතිවරයාද දුරකථනයෙන් සම්බන්ධ කරගත් නමුත් සීගිරි බළකාය පිළිබඳව විමසූ විට, තමා රැස්වීමක සිටින බව පවසා දුරකථනය විසන්ධි කෙරිණ.
(lankamirror)

No comments:

Post a Comment