Pages

Tuesday, 9 July 2013

අන්තර් භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම් කාර හිමියන් අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම් කාර හිමියන් වන කිඹුලාවල චන්දානන්ද හිමියන් අද (09) සවස 2:10පමණ මිරිහාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
උන් වහන්සේට එරෙහිව අධිකරණය මගින් නිකුත් කල වරෙන්තු හතක් ඇති බැවින් මෙසේ අත් අඩංගුවට ගත් බව පොලීසය සඳහන් කර තිබේ.
හෙට (10) උන් වහන්සේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැකවූ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවසන්නේ ඔවුන් දන්නා තරමින් උන්වහන්සේට වරෙන්තු ඇති බවට කිසිඳු දැනුම්දීමක් මීට පෙර දැනුම්දී නැති බවයි. අද අත්අඩංගුවට ගන්නා තුරුම කැඳවුම් කාර හිමියන් ප්‍රසිද්ධියේ සිටි බවත් එවැනි වාරෙන්තු ඇති නම් මීට පෙර අත්අඩංගුවට ගැනීමට අවස්ථාව තිබූ බවයි.
අධිකරණයේ වරෙන්තු පිට සිටින සුධර්මන් රදලිය ගොඩ වැනි රජ්‍ය වංචාකරුවන් රජයේ ආයතනවලම සේවය කරමින් සිටින බවත් ආරක්ෂක ලේකම් වරයා සමග පවා නිදහසේ ඔහු ගමන් බිමන් යමින් සිටින බවත් පවසන සිසූහු, එවැන්නන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය යුහුසුළු නොවන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටී.
අන්තර විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම් කාර හිමියන් නායකත්වය දුන්නේ කඩාකප්පල් කාරී ක්‍රියාවන්ට නොවන බවත් ඉතිහාසය පුරාවටම ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් නිදහස් අධ්‍යාපන නම්වූ පොදු දේපල අනාගත පරම්පරාව වෙනුවෙන් රැකගැනීම සඳවූ අරගලයට බවත් ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අවධාරණය කර සිටිති.

No comments:

Post a Comment