රටක තානාපති වරයෙක් හෝ නියෝජ්‍ය තානාපතිවරයෙක් විදේශයකදී එම රටේ රාජ්‍ය නායකයා නියෝජනය කරන ප්‍රධාන තැනැත්තා වෙති. එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා හෝ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස ධූරන්දර පුද්ගලයා නියෝජනය කරන්නේ ද අදාල රටේ නායකයා ය. අදාල රට ය.
එවැනි ධූරයක් දරන්නෙකු පාර්ක් අස්සේ, ගස් යට, දුරාචාරයට කප් ගැසූ අඟනුන් සමග බිබී රස්තියාදු වෙන පුද්ගලයෙකු වී නම් ඒ රටට යන කළ දශාව කුමක්ද? එම ධූරය දරන්නා තවමත් අදාල රටේ නිත්‍ය හමුදාවේ මේජර් ජෙනරාල් ධූරයක් දරන්නෙක් නම් තත්ත්වය කෙතරම් ශෝචනීය ද? බරපතල ද?
මෙහි දැක්වෙන සේයාරූ වලින් දැක්වෙන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිව්යෝර්ක් නගරයේ පාර්ක් එකක ගහක් යට පිරිසක් සමග බිබී රස්තියාදු වූ අවස්ථාවකි. ඔහු අසලම සිටින අඟන, කලක් මහනුවර ප්‍රදේශයේ නාරි මාංශ වෙළෙඳාමේ යෙදී සිට පසුව ඇමරිකාවට සංක්‍රමනය වූ මොනිකා නම් දුරාචාරයට ප්‍රසිද්ධ අඟනකි. ඇය නිව්යෝර්ක් නගරයේ වෙසෙන වැදගත් ශ්‍රී ලාංකිකයන් පැත්ත පළාතකට වැද්ද නොගන්නා අම්මන්ඩි කෙනෙකි. නිව්යෝර්ක්හි සෙක්ස් ෂොප්ස් හි සේවය කරනා අයද, ටැක්සි රියැදුරන්ද මෙහි සිටිති. මොවුන් සමග හරි හරියට විස්කි බොමින් ශවේන්ද්‍ර සිල්වා පාක් එකක් අස්සේ ගහක් යට සිදුකළ රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත කුමක්ද? එය ශ්‍රී ලංකාවාසීන්ටම මහත් ප්‍රතිඵල ගෙන දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල රටේ නම ඉහලින් ඔසවා තැඛෙන මහා දේශප්‍රේමී ජාත්‍යන්තර මෙහෙයුමක් ද?
යුද උමතුව නිසා පළමුවෙන් තම පවුල් ජීවිතය විනාශ කරගත් ශවේන්ද්‍ර සිල්වා දැන් රට විනාශ කරමින් සිටී.
No comments:
Post a Comment