Pages

Monday, 1 July 2013

සිඟාලෝවාද සූත්‍රයෙන් හෙළිකරන සමාජ සංවර්ධන සැලැස්‌ම

වසර පන්දහසක්‌ කල් නිර්මල බුදුදහම සුරැකෙන්නේ ශ්‍රී ලංකාද්වීපයේ පමණක්‌ බව පැවසීමෙන් බුදුරජාණන් වහන්සේ අප ජාතිය කෙරෙහි දැක්‌වූ විශ්වාසය අපමණ බව පැහැදිලිය. එම විශ්වාසය සාක්‍ෂාත් කිරීමට අදෘතන සමාජ ප්‍රවාහය තුළ සෑම ස්‌ථරයකටම විශාල වගකීමක්‌ ඇත. සිඟාලෝවාද සූත්‍රය තුළ අන්තර්ගත බෞද්ධ සදූපදේශ සැලැස්‌ම මෙහිදී ඉතා වැදගත්ය. දෙමාපිය දූ දරු අඹු සැමි යුතුකම් ඔවුනොවුන් අතරේ ඉටු නොවන හෙයින් නූතන සමාජ ව්‍යqහය තුළ පවුල් ඒකකය දෙදරා යන තත්ත්වයකට පත්වී තිබේ. අෙන්‍යාaන්‍ය සුහඳ බව වෙනුවට විරසක බව ඇතිවී පවුල විසිරී ගොස්‌ ඇත. කිරි පොවා ඇති දැඩි කළ තම බිළි¹ම මරු තුරුලට යවන මාතෘත්වයක්‌ තුළ "බහ්මාති මාතා පිතරෝ" යන ගාථා පාඨයෙන් දෙන අරුථ කාලෝචිතය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහරණ මාපියන් තුළ සතු විය යුතුය. ජාතක කථාවක සඳහන් වන අන්දමට මුහුදට වැටුණු ලේන පැටවාගේ ජීවිතය බේරා ගැනීමට තම වලිගයෙන් මුහුද ඉසින්නට තැත්කළ ලේන් මවගේ පටන් මුහුදු බත්වූ නැවෙන් පැන දින සතක්‌ මව කර තබා පීනූ පුත්‍රයාගේ චරිතය ඇතුළත් මාතුපෝසක ජාතකය තුළද මාපිය දරු සෙනෙහස මනාව විද්‍යමාන වේ. පෙරදිග හෙවත් නැගෙනහිරින් ඉර පායා ලෝකයට ආලෝකය ලබාදෙන්නේ යම්සේද එසේනම් දරුවන්ගේ ලෝකයට ආලෝකය වන්නේ මාපියන් බව සිහියෙන් තබාගත යුතුය.

අධ්‍යාපනය වනාහි බෙහෙවින්ම පූජනීය වූ කර්මයකි. මෙම කාර්යය කිරීමේදී ගුරු සිසු දෙපිරිසම මනා කැපවීමක්‌ දක්‌වමින් ක්‍රියා කළ යුතුය. විශේෂයෙන්ම ගුරු සිසු දෙපිරිස අතරේ අෙන්‍යාaන්‍ය බැඳීමක්‌ සුහඳ බවක්‌ හා අවබෝධයක්‌ද විශ්වාසයක්‌ද අනිවාර්යෙන්ම ගොඩ නැංවිය යුතුය. උපාධ්‍යාය තෙමේ සද්ධි විහාරිකයා කෙරෙහි මේ තෙමේ මාගේ පුතුය යන සංකල්පය ඉපද විය යුතුය. යන මහාවග්ගපාලියේ සඳහනින් පැහැදිලි වන්නේද ගුරුවරයා හා ශිෂ්‍යයා අතර පිය පුතු සබඳතාවය තිබිය යුතු බවයි. වාණිජමය ස්‌වරූපයක්‌ ගත් වර්තමාන අධ්‍යාපන රටාව තුළ ගුරුවරයා ආදර්ශමත් බවින් තොරවීම අනවශ්‍ය ලෙසින් තම ශිෂ්‍යයන්ට නීති පනවා දඬුවම් ලබාදීම නිසි පරිදි ඉගැන්වීමේ කාර්යයට යොමු නොවීම ලිංගික අතවර ආදිය නිසා සිසුවා තුළ ගුරුවරයා කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටෙන තත්ත්වයට පත්වී තිබේ. මේ නිසා ගුරුවරයාද ශිෂ්‍යයා කෙරෙහි දැඩි කලකිරීමකින් හා අපැහැදිළි වීමකින් යුතුව ක්‍රියා කරන තත්ත්වයට පත්වී ඇත. වල්මත් වී හසරක්‌ නොදකින සමාජ ප්‍රවාහය තුළ ශිෂ්‍යයා මැනවින් හික්‌මවා, මැනවින් උගන්වා ශිෂ්‍යයා යහපත් පුරවැසියෙකු ලෙස සමාජයට දායාදකරන විට ඔහු තුළ ගුරු ගෞරවයද මනාව ප්‍රතිනිර්මාණය වේ. ගුරුසිත නොරිදවා බැතිපෙම් උපදවා අකුරු ඉගැන්වීමට එයම මහඟු පිටිවහලකි.

සිඟාලෝවාද සූත්‍රයෙහි ෂට්‌ දිසා ප්‍රතිච්ඡාදනය තුළ සඳහන් අඹු සැමි සබඳතාවය යහපත් පවුල් පරිසරයක්‌ ගොඩනගා ගැනීමට ඉතා වැදගත් වේ. "පුත්තදාරා දිසා පච්ඡා" ලෙස පව්ජිම හෙවත් බටහිර දිසාව තුළ අඹු සැමි සබඳතාවය ප්‍රතීයමාන වේ. භාරතීය බමුණු සමාජය තුළ කාන්තාව පුරුෂයා යටතේ ජීවත් විය යුතු විය. ඇයගේ හදවතේ ඇත්තේ හලාහල විෂය, මිහිපිට සිටිනා රකුසියකි. එහෙත් බෞද්ධ සමාජය තුළ කාන්තාවකට ගිහි සමාජයේදී මවක්‌, ගෘහනියක්‌ සමාජ සේවිකාවක්‌, දියණියක්‌, උපාසිකාවක්‌ වශයෙන් දී ඇති නිදහස ගෞරවය අපමණය. මවගේ රක්‌තවර්ණ රුධිරය ශ්වේත වර්ණ බවට පත් කොට ජීවියෙකු ඇති දැඩි ශක්‌තිය ර¹ පවතින්නේ කාන්තාවකට පමණි. එබඳු කාන්තාවට පුරුෂයා විසින් ගරු කිරීමෙන්, අවමන් නොකිරීමෙන්, පරදාර සේවනයෙහි නොයෙදීම ආදියෙන් කරන සංග්‍රහය ඉතා උතුම්ය.

නූතන සමාජ ප්‍රවාහය තුළ බොහෝ සේව්‍යයන්ගේ අසාධාරණ ක්‍රියාකාරකම් හේතුවෙන් සේවකයන් බොහොමයක්‌ දැඩි අසීරුතාවලට මුහුණ දෙමින් තම අයිතීන් පවා අහිමි කරගෙන ක්‍රියා කරනු දක්‌නට හැකිය. එබැවින් සේවකයා දෙස ඉතා සානුකම්පිතව හා මානුෂිකව බලන සිඟාලෝවාද සුත්‍රය ඇසුරු කර ගනිමින් සුභසාධන කම්කරු ප්‍රතිපත්ති මාලාවක්‌ සකසා ගැනීම නුතන සේවකයන්ගේ යහපතට මහෝපකාරී වේ. මන්දයත් නූතන සේවකයන් සේවයHයන් ඉදිරියේ දැඩි අසරණ තත්ත්වයට පත්වන අවස්‌ථා බොහෝ නිසාය. වැටුප් සුදුසු පරිදි නොලැබීම, අසනීප වූ අවස්‌ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම, අසීමිත ශ්‍රමය සූරාකෑමට ලක්‌වීම ආදී අංශයන්ගෙන් නුතන සේවක පංතිය ඉතා අසරණතාවයට පත්ව සිටිති.

වරක්‌ කොසොල් ජනපදයෙහි හිමවත් පෙදෙසෙහි ආරණ්‍යයක විවේක සුවයෙන් කල් ගෙවූ බුදු රදුන්ට ඇතිවු වැදගත් සිතිවිල්ලක්‌ සංයුක්‌ත නිකායේ මාර සංයුක්‌තයෙහි රඡ්ජ සූත්‍රයෙන් පැහැදිලි වේ. එනම් අනුන් නොනසමින් තමන් නොදිනමින් ශෝක නොකරමින් කිසිවෙකුට රාජ්‍ය ගෙනයාමට හැකි වේදැයි උන්වහන්සේ කල්පනාවට පැමිණ ඇත. ඡන්දය ද්වේෂය, භව මෝහ ආදී සතර අගතියෙන් ජනතාව අසරණ තත්ත්වයට පත්වීම විටෙක මීට හේතු වන්නට ඇත. රටේ ආර්ථික අර්බුධ උග්‍රවන විට පාලකයන් නිරන්තරයෙන්ම අගතිගාමි වේ. දීස නිකායේ චක්‍ර වන්ති සිහනාද සුත්‍රයේද ඉතා පැහැදිලිව දක්‌වා ඇති කරුණක්‌ නම් පාලකයන් විසින් නිර්ධන කොටස්‌ නොසලකා හැරීම නිසා සොරකම් හා වෙනත් අපරාධ උග්‍රවී මුළු රටම ගැටලු රැසකට මුහුණපාන බවයි. දිළින්දන්නට තම කර්මාන්ත කර ගෙන යාමට ආධාර සැපෙයෙන විට ඔවුන්ගේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳී බොහොමයක්‌ සමාජ ගැටලු නිරාකරණය වේ. දුප්පත්කම නිසා අපරාධවලට යොමුවන එක්‌ අයෙකුට හෝ කීප දෙනකුට පමණක්‌ සහනාධාර සැපයීම හෝ දඬුවම් කිරීම ප්‍රශ්නයට විසඳුමක්‌ නොවන බවත් එය පොදු සමාජ ප්‍රශ්නයක්‌ ලෙස සලකා ආධාර සැපැය යුතු බවද මින් මනාව පැහැදිලි කරයි.

චතු සංවාස සූත්‍රයේ සඳහන් පරිදි භාර්යාව හා ස්‌වාමියා සිටිය යුත්තේ "දේවෝ දේවායං සද්ධිං සංවසති" දෙවි පුත්‍රයෙකු හා දෙවඟනක මෙන් බිරිඳ වධකාරියක්‌, සෙරක්‌ දාසියක්‌ දරදඬු යුවතියක්‌ නොවිය යුතුය. ඇය ස්‌වාමියාට යෙහෙළියක්‌, සොයුරියක්‌, මවක්‌ විය යුතුය.

පුද්ගලයෙකුගේ ලෞකික ලෝකෝත්තර දියුණුව විෂයෙහි මිත්‍රත්වය ඉතා වැදගත්ය. මුළු බුද්ධ ශාසනයම මිත්‍රත්වය මත ර¹ පවතින බව බුදුරජානන් වහන්සේ වදාළේ ආනන්ද හිමියන්ටය. මන්ද යත් මිත්‍රයාට කළහැකි බලපෑම අති ප්‍රබලවන නිසාය. එහෙත් භෝග විනාශ මුඛයන්හි සඳහන් වන පාප මිත්‍ර සේවනය නිසා සූදුකාරයන්, සල්ලාලයන්, බේබද්දන්, කපටියන්, වංචාකාරයෝ සහ හොරු ඔහුගේ මිතුරෝ වීමෙන් වන ව්‍යසනය ගම්‍යවේ. ඇසුරු කළයුතු මිතුරන් තුළ සද්ධා, සීල, තන්නාහ, ප්‍රඥ යන උතුම් ගුණාංගයන් තිබිය යුතුය. න හඡේ පාපකේ මිත්තේ ලෙස සඳහන් ධම්ම පද ගාථාව තුළින් මූර්තිමත් කරන්නේද ආශ්‍රය කරන මිතුරා තුළ උතුම් ගුණාංග තිබිය යුතු ආකාරයයි. අසු කෙළක්‌ ධනය ඇති සිටු පුත්‍රයා අවසානයේ හිඟා කෑවේ අයහපත් මිතුරු ඇසුරු නිසාය.

ගිහියා තම ජීවිතයේදී යොමුවන පස්‌පව් දස අකුසල් ආදියෙහි භයානක තත්ත්වය පෙන්වා දී ඉන් ඉවත්ව දැස කුසල්, දස පුණ්‍ය ක්‍රියා ආදියෙහි නිරත විය යුතු බව පෙන්වා දීම පැවිද්දා විසින් කළ යුතුය. බොහෝ ගිහියන් කෙළෙසුන් නිසා තම දිවිය මහත් වූ දුකකට ඇද තමා ගනී. එබැවින් කෙළෙස්‌ සිතිවිලි පාලනය කර ගනිමින් චාම්ව සරළව තම ජීවිතය ගත කළ යුතු බවත් සීලයෙහි පිහිටා තම කය වචනය කර සිතද සමාධියට පමුණුවා ගන්නා අයුරු පැවිද්දා විසින් පෙන්වා දෙන විට මෙත් සහගත කාය වාග් මනඃ කර්මයෙන් හා ගේ දොර විවෘතව තැබිමෙන් හා ආමිෂයෙන් සංග්‍රහ කරමින් ගිහියා විසින් ප්‍රති උපකාර දැක්‌විය යුතු බව ගිහි විනයෙහි අන්තර්ගතය. එම නිසා යමෙක්‌ සතර අගතියෙන් තොරව කරනා කටයුතු "සූක්‌කපක්‌ෙ€ ව චන්දිමා" පුර පක්‍ෂයෙහි චන්ද්‍රයා මෙන් බබළන බව ගාථා සාහිත්‍යය තුළ දක්‌වයි.

සිඟාලෝවාද සූත්‍රය තුළ ධන පරිහරණය පිළිබඳ දක්‌වා ඇති අදහස්‌ ඉතා වැදගත් වේ. පුද්ගලයා ධනය ඉපයිය යුත්තේ වම්මිනෝ චූපචීයති වේයකු හුඹස්‌ බදින්නාක්‌ මෙනි. හමරස්‌සේව ඉරියතෝ බඹරෙකු මලින් රොන් ගන්නා සේය. පුද්ගලයා ධනයෙන් කළ යුතු මූලික කාර්යයන් තුන නම් පරිභෝජනය, ආයෝජනය හා සංරක්‍ෂණයයි. එකේණ හෝගේ භුඤaජෙයෝ නම් ගාථාව තුළින් එය මනාව ප්‍රකට වේ. නොකා නොබී මියයාම (අඡ්ද්ධ මාරික) එකවර ධනය වියදම් කිරීම (උදුම්බර ජාදික) බුදු සමය කිසිසේත් අනුමත නොකරයි ආදින්න පුබ්බක, මව්ජරිය කෝසිය වැනි ධන ලෝබීන් නොවී ඥතීන්ට, ආගන්තුකයන්ට මිය ගිය ඥතීන්ට, ආගම හා රජය වෙනුවෙන් ධනයෙන් අනිවාර්යෙන්ම කළ යුතුකම් කොටසක්‌ද ධර්මයේ සඳහන් වේ. මෙහිදී ධනය විනාශ කරන අපාය මුඛ ඉතා වැදගත්වේ. භෝග විනාශ මුඛයන්හි මත්පැන් පානය පළමුව සඳහන් වන අතර ඒ නිසා පුද්ගලයා සුරාමේරය මඡ්ජපමා දට්‌ඨානුයෝගේ සන්දිටිඨිකෝ ධනඤaජානි කලහජප වඩ්ඩනි රෝගානං ආයතනං ලෙස 1 ධන හානිය 2. කලහ ඇතිවීම 3 රෝග සෑදීම 4. නුවන දුර්වලවීම 5. ලැඡ්ජාව නැතිවීයාම 6. කීර්තිය නැතිවීයාම යන අතරු කරුණු හයකින්ද පීඩා විඳින ආකාරය ඉතා විවිත්‍ර ලෙස දක්‌වා ඇත.

සිඟාලෝවාද සූත්‍රය තුළ දක්‌වා ඇති සමාජ සංවර්ධන සැලැස්‌ම නුතන සමාජ ව්‍යqහයේ සෑම ස්‌ථරයකටම ඉතා වැදගත්ය. එමනිසා බුදුරජානන් වහන්සේගේ තෙමඟුල සිහි කරන මේ උතුම් වෙසක්‌ පොහෝ දින තම යුතුකම් වගකීම් ඉටු කරන අන්‍යයන් දෙස දයාවෙන් කරුණාවෙන් බලන යහපත් සමාජයක්‌ උදා කිරීමට තව දුරටත් අධිෂ්ටාන කර ගනිමු.


No comments:

Post a Comment