Pages

Friday, 19 July 2013

ශ්‍රිලංකාවට අවි ආයුධ අපනයනය කිරීම

weapons බ්‍රිතාන්‍ය පුවත්පතක් හෙළි කර ඇත්තේ එරට රජය විසින් ශ්‍රිලංකාවට අවි ආයුධ අපනයනය කිරීම සදහා අපනයන බලපත් 49ක් ලබාදී ඇති බවයි.
එම පුවත්පත වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු මානව හිමිකම් චෝදනා වලට ලක්වු රටවල් සදහා අවි ආයුධ සහ බුද්ධි උපකරණ අපනයනය සදහා අපනයන බලපත් 3000ක් බ්‍රිතාන්‍ය රජය විසින් ලබාදී ඇති බවයි. ඒවායේ වටිනාකම යුරෝ බිලියන 12 කට අධික බව වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකාවට යැවීමට නියමිත අවි ආයුධ තොගයට පිස්තෝල, සැහැල්ලු ආයුධ සඳහා පතරොම් සහ රයිෆල් හය සියයක් ඇතුලත් බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු වාර්තාවකින් හෙළිදරව් කොට තිබේ.ශ්‍රී ලංකාවට
යැවීමට නියමිත අවි ආයුධ වල ඇස්තමේන්තු ගත වියදම බ්‍රිතාන්‍ය පවුම් අසු එක් ලක්ෂයකට ආසන්න බවත් වර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.
මෙහිදී ඊශ්‍රායලය ආදී රටවල් කිහිපයකට අපනයනය කළ අවි ආයුධ සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් හෙළිව නැති බවද වාර්තා වෙයි.මානව හිමිකම් සහ සිවිල් අයිතීන් පැහැරගෙන ඇති බවට බ්‍රිතාන්‍ය රජය විසින්ම පිළිගෙන ඇති රටවලට මෙලෙස අවිආයුධ අපනයනය කිරීම පිළිබද එරට රජයෙන් විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රශ්න කර තිබේ.
මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය සදහන් කර ඇත්තේ අවි ආයුධ අපනයනයට තමන් බලපත් ලබාදී නැති බවයි.

No comments:

Post a Comment