Pages

Thursday, 18 July 2013

බොදු බලේ කිසිවෙක් අත් අඩංගුවට ගැනීමට පෙර ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කළ යුතුයි ගෝඨාගෙන් නීති විරෝධී නියෝගයක්-


මින් මතු බොදු බල සේනා සංවිධානයට අයත් කිසිවෙක් අත් අඩංගුවට ගන්නේ නම් ඊට පෙර ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් කළ යුතු යැයි ශ්‍රී ලංකාවේ අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් නීති විරෝධී නියෝගයක් පොලිස්පතිවරයා වෙත නිකුත් කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී තිබේ.

මීට ආසන්නතම හේතුව වී ඇත්තේ දෙමටගොඩදී මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් ලොරියක් පැට්‍රල් දමා ගිනි තැබීමට සම්බන්ධ බොදු බල සේනාවට අයත් සංඝ මැරයන් පිරිස අත් අඩංගුවට ගැනීමට පොලිසිය විසින් සූදානම් වීම නිසා එය වළැක්වීමය.

පෙරේදා (16) පාන්දර සිදුකළ මෙම ගිනි තැබීමට සම්බන්ධ සංඝ මැරයන් පිරිස ගැන පොලිසියට තොරතුරු ලැබී තිබුනද මෙතෙක් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත. විශාල පිරිසක් මෙම ගිනි තැබීම ඇසින් දැක ඇති අතර ඒ කව්දැයි යන්න ගැන පොලිසියට තොරතුරු ලබා දී ඇත.

මේ අතර මින් මතු බොදු බල සේනා සංවිධානයට අයත් කිසිවෙක් අත් අඩංගුවට ගන්නේ නම් ඊට පෙර ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් කළ යුතු බවට ගෝඨාභය විසින් පොලිස්පතිවරයාට වාචිකව දෙනු ලැබූ නියෝගය නීත්‍යාණුකූල එකක් නොවන්නේ ආරක්ෂක ලේකම් වරයා විසින් වාචිකව දෙනු ලබන නියෝගයක් පසුව ලිඛිත නියෝගයක් ලෙස ලබා දිය යුතු අතර එම වාචික නියෝගය ගැන එම අවස්ථාවේදී සටහන් තැබිය යුතු නමුත් එවැනි සටහන් තැබීමක් පවා නොකරන්නැයි ඔහු පවසා ඇති බැවිනි.

අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ නියෝගය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිය ඉදිරියේ සැවොම සමානය යන්න උල්ලංඝනය කෙරෙන අතර අපරාධ සංග්‍රහයද උල්ලංඝනය කරයි.

(දෙමටගොඩදී ගිනි තබා විනාශ කළ ලොරිය සේයාරුවේ දැක්වේ මිලියන 3 ක පමණ අලාභයක් සිදුව ඇතැයි වාර්තා වේ.)

No comments:

Post a Comment