Pages

Thursday, 1 August 2013

ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම් සිංගප්පූරු සරත් ඝාතනය නොකිරීමට වාස් ගුණවර්ධන රු ලක්ෂ 30 ක් කප්පම් ඉල්ලලා


හසිත මඩවල ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන සිංගප්පූරු සරත් නමැත්තා ඝාතනය නොකර සිටීමට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන විසින් රුපියල් ලක්ෂ 30 ක කප්පම් මුදලක් ඉල්ලා පසුව එය ලක්ෂ 25 ට අඩු කර ඉන් රුපියල් දහ හතර ලක්ෂ අසූ දහසක මුදලක් ලබා ගෙන ඇතැයි අද අනාවරණය විය.

මේ බව අනාවරණය වූයේ හසිත මඩවල ඝාතන නඩුව අද මහර අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීය. මේ සම්බන්ධයෙන් ලබන 05 වැනිදා වාස් ගුණවර්ධන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහර මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන් වෙත නියෝග කළාය.

හසිත මඩවල ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සිංගප්පූරු සරත් නමැත්තා ඝාතනය කිරීමට තීරණය කර ඇති බවත් ඝාතනය නොකිරීමට නම් ලක්ෂ 30ක කප්පම් මුදලක් තමන්ට අවශ්‍ය බවත් වාස් ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ. කෝට්ටේ නිවසකදී වාස් ගුණවර්ධන සහ සිංගප්පූරු සරත් හමු වී සාකච්ඡා කර ඇති අතර කප්පම් මුදල ලක්ෂ 25 දක්වා අඩු කිරීමට වාස් ගුණවර්ධන කැමැත්ත පළ කර තිබේ. පසුව ඉන් රු. 14,80,000 ක මුදලක් වාස් ගුණවර්ධන වෙත ගෙවා ඇති අතර ඉතිරි මුදල ගෙවීමට යාමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගෙන තිබිණ.

සිංගප්පූරු සරත් නමැත්තා ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකි.

No comments:

Post a Comment