චතුරිකා පීරිස් හා ගයාන් ගේ පෙම් පලහිලව්ව කටත් දැන් රහසක් නෙවෙයි. මේ දෙන්න දැන් ජීවත් වෙන්නේ එකට. කොහොම නමුත් මේ මඟුලට චතුරිකාගේ මාපියන් ඒතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. නමුත් චතුරිකාගේ සැප දුක් බලන්නට මාපියන් අද උදැසන චතුරිකා හා ගයාන් පදිංචිව සිටින අතුරු ගිරියේ නිවසට ගොස් තිබෙනවා. කොහොමෙන් කොහොම හරි නිවසේ කුස්සියේදී වූ කතා බහ බහින් බස් වීමක් දක්වා දුර දිග ගොස් තියෙනවා. ඒ වෙලාවේ ගයාන් එළවලු වගයක් කපකප ලු හිටියේ . බහින් බස්වන මොහොතේ පිහිය අතේ තිබිලා එහට මෙහාට වැනිලා. ඒක උදුර ගන්න චතුරිකාගේ තාත්තත් උත්සහ කරලා ඒකෙන් වෙලා තියෙන්නේ දෙන්නාගෙම අත් කැපිල තුවාල වීම කියලයි ඒ කුස්සියෙන්ම ලැබුණු තොරතුරු මාර්ග අපට නම් කිව්වේ. |
ශ්රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්රී ලංකා
Pages
▼
No comments:
Post a Comment