Pages

Thursday, 1 August 2013

රතුපස්වල උද්ඝෝෂණය කල තරුණයෙකු මරුට


rathupaswala 410px 01-08-13රතුපස්වල ජල ගැටළුව මුල් කරගනිමින් වැලිවේරිය නගර මධ්‍යයේ විරෝධතාවයේ නිරතව සිටි, ප‍්‍රදේශවාසීන් විසුරුවා හැරීමට අද (01) පස්වරුවේ ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රහාරයට මැදිවූ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගම්පහ දිස්ති‍්‍රක් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ එම තරුණයා රැගෙන එන විටත් මියගොස් සිටි බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් 08 දෙනෙකු ප‍්‍රතිකාර සඳහා රෝහල වෙත ගෙනවිත් ඇති බවද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
වැලිවේරියේ උද්ඝෝෂණයේ නිරත වූවන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස්, රබර් උණ්ඩ සහ ජල ප‍්‍රහාර එල්ල කළේය.
ජල ගැටළුවට විසඳුම් ඉල්ලා  අද පස්වරුවේ ආරම්භ වු විරෝධතාව සඳහා වැලිවේරිය, ඇඹරළුව ඇතුළු ගම්මාන රැසක 5000කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

No comments:

Post a Comment