Pages

Monday, 12 August 2013

මේ ඡායාරූපයෙ ඉන්නෙ රණවිරු මවක්. රණවිරු ස්මාරකය මත ගලක කොටල තියෙන තම පුතුගේ නම සොයන මේ අම්මගෙ දෙනෙතින් ගලා යන කඳුලු වලින් කියෙවෙන දේ සිතා ගන්න පුළුවන්ද?



පෙව් කිරි මගේ ...
බලයෙන් පුතේ...
නුඹ දිනු දැයේ...
ජය කොඩි ලෙලේ...

නුඹ නැත පුතේ...
අප ඇත රටේ....
රට තුල ඇතේ...
සිනහව පුතේ..

සිහලුන් දැයේ...
ඇත දැන් තුටින්...
මා නම් පුතේ...
තවමත් දුකින්...

මගෙ රන් පුතේ...
මා සිත රිදේ...
නුඹ නැති ලොවේ..
මට මොන සැපා...

රුධිරය නුඹේ...
ගැලුවේ එදා..
ලක් මව වේතේ...
සෙනෙහේ නිසා...

ආදර පුතේ...
නුඹෙ නම තිබේ....
කොටලා ගලේ...
දුටුවම පුතේ...
කඳුලැල් නැගේ.

No comments:

Post a Comment