බම්බලපිටිය කෝටිපති ව්යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ ප්රධාන සැකකාර වාස් ගුණවර්ධන ඇතුලු සැකකරුවන් 9 දෙනා නැවත මේ මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට කොළඹ අතිරේක මහේස්ත්රාත් මොහොමඩ් සහබ්දීන් මහතා අද (14) නියෝග කළේය. මියගිය මොහොමඩ් සියාම් පරිහරණය කරන ලද wp KV – 3639 දරණ මෝටර් රථය රුපියල් ලක්ෂ 40 ක බැඳුම්කරයකට යටත්ව කොන්දේසි මත සියාම්ගේ සහෝදරයාට මුදා හැරීමට නියෝග කළේය. එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රවිඳු ගුණවර්ධනට පුද්ගලික ශරීර ආරක්ෂාව ලබා දුන් ශ්රීමාල් හෙට්ටිආරච්චි මිනීමැරුම් දෙකකට හා වෙනත් අපරාධවලට සම්බන්ධ බව ද අධිකරණයේ දී හෙළිවිය. ශ්රීමාල් හෙට්ටිආරච්චි ගාල්ල මහාධිකරණයේ හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියෝග කෙරිණ. වාස් ගුණවර්ධනගේ පරිඝණකයේ තිබී හමුවූ දුරකථන අංක 3 ක් පිළිබඳ රහස් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්රී ලංකා
Pages
▼
Wednesday, 14 August 2013
රවිඳුගේ ‘බොඩිගාඩ්’ ශ්රිමාල් මිනිමැරුම් දෙකක සැකකරුවෙක්...
බම්බලපිටිය කෝටිපති ව්යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ ප්රධාන සැකකාර වාස් ගුණවර්ධන ඇතුලු සැකකරුවන් 9 දෙනා නැවත මේ මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට කොළඹ අතිරේක මහේස්ත්රාත් මොහොමඩ් සහබ්දීන් මහතා අද (14) නියෝග කළේය. මියගිය මොහොමඩ් සියාම් පරිහරණය කරන ලද wp KV – 3639 දරණ මෝටර් රථය රුපියල් ලක්ෂ 40 ක බැඳුම්කරයකට යටත්ව කොන්දේසි මත සියාම්ගේ සහෝදරයාට මුදා හැරීමට නියෝග කළේය. එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රවිඳු ගුණවර්ධනට පුද්ගලික ශරීර ආරක්ෂාව ලබා දුන් ශ්රීමාල් හෙට්ටිආරච්චි මිනීමැරුම් දෙකකට හා වෙනත් අපරාධවලට සම්බන්ධ බව ද අධිකරණයේ දී හෙළිවිය. ශ්රීමාල් හෙට්ටිආරච්චි ගාල්ල මහාධිකරණයේ හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියෝග කෙරිණ. වාස් ගුණවර්ධනගේ පරිඝණකයේ තිබී හමුවූ දුරකථන අංක 3 ක් පිළිබඳ රහස් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
No comments:
Post a Comment