Pages

Monday, 5 August 2013

ශිෂ්‍ය භාවය අහෝසි කිරීම ගැන නීති පියවර ගන්නවා -


සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් 17 දෙනාගේ ශිෂ්‍ය භාවය තහනම් කිරීම සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සබරගමුව ශිෂ්‍ය එකමුතුව තීරණය කරයි.
විනය පරීක්‍ෂණයක් නොතබා අත්තනෝමතික ලෙස විශ්වවිද්‍යාල පරිපාලනය මෙම තීන්දුව ගෙන ඇතැයිද ඊට එරෙහිව මානව හිමිකම් නඩු පවරන බවද ශිෂ්‍ය එකමුතුවේ ක්‍රියාකාරීහු කියති.

සිසුන්ට සිදුවන අසාධාරණයන් මාධ්‍ය මඟින් හෙළිවීම වැළැක්වීමටද විශ්වවිද්‍යාල පාලකයන් උත්සාහ ගන්නා බවත් නම් සඳහන් නොකරමින් 'මව්බිම'ට කතා කළ ශිෂ්‍ය ක්‍රියාකාරීහු කියති.

කාන්තා නේවාසිකාගාරයට බාහිර අයකු ඇතුළු වීමේ සිද්ධියක් මුල්කරගෙන සිසුන් කතා කළා. ශිෂ්‍ය උපදේශකවරයකු එතැනට පැමිණ සිටියා.
මේ සිදුවීම මත විනය පරීක්‍ෂණ නොතබා ශිෂ්‍ය භාවය තහනම් කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවැරීමට කටයුතු කරනවා. අද සබරගමුව විශ්වවිද්‍යාලය දේශපාලන වුවමනාවන් මත ශිෂ්‍යයන් මර්දනය කරමින් තිබෙනවා යැයිද ශිෂ්‍ය නියෝජිතයකු කීවේය.

No comments:

Post a Comment