Pages

Monday, 5 August 2013

සිරි පැරකුම් චිත්‍රපටය බලන අතරතුර පෙම්වතා පෙම්වතිය දූෂණය කරලා

 බාල වයස්කාර දැරියක් දූෂණය වූවායි ලද පැමිණිල්ලකට අනුව එම සිනමාහලේ පෙම්වතුන් සඳහා ලබාදෙන කුටි (බොක්ස්) ආවරණය නොකොට සියල්ලටම පේන ලෙස විවෘතව තැබිය යුතු යැයි ගම්පොළ පොලිස් මූලස්ථාන ස්ථානාධිපති චන්ද්‍රා ජයවීර මහතා එම සිනමාහල් කළමනාකාරීත්වයට දැනුම්දී තිබේ.ගම්පොළ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ටී. ආර්. තල්වත්ත ළමා හා කාන්තා අංශ ස්ථානාධිපතිනි පො.සැ. කමලා (759) යන නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සිනමාහල පරීක්‍ෂා කොට එහි කළමනාකාරීත්වයට මෙසේ දැඩි ලෙස අවවාද කොට ඇත්තේ මේ කුටි සම්පූර්ණ ආවරණය කොට සකස් කිරීම බොහෝ අපචාරවලට හේතු වන බවද පෙන්වා දෙමිනි. ගම්පොළ වැලිගල්ල දැල්පිටිය ප්‍රදේශයේ මවකගෙන් ලද පැමිණිල්ලකට අනුව තම පාසල් යන දියණිය ගම්පොළ නගරයේ පිහිටි සිනමාහලකදී දූෂණය වී ඇතැයි ගම්පොළ දැල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකුට එරෙහිව මේ පැමිණිල්ල ඉදිරිපත් කොට තිබිණි.
සිරි පැරකුම් චිත්‍රපටය බලන අතරතුර තම පෙම්වතා තමාව දූෂණය කරන ලදැයි එම තරුණිය කටඋත්තර දී තිබීමෙන් පසු ගම්පොළ පොලිසිය මේ පිළිබඳ පුළුල් පරීක්‍ෂණ අරඹා තිබේ.
බාල වයස්කාරිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා ඉදිරිපත්කොට ඇති අතර 20 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගෙන ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.
මධ්‍යම පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, ස.පො.අ. චූලනී වීරරත්න, ස.පො.අ. කපිල සෙනවිරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත සිනමාහල් පරීක්‍ෂා කොට මේ ආකාරයට පෙම්වතුන් සඳහා ලබාදෙන කුටිවල ප්‍රමිතිය සකස් කිරීමටත් සිනමාහල් නිතර පරීක්‍ෂා කිරීමට පියවර ගැනීමටත් කටයුතු යොදා තිබේ.
-මව්බිම-

No comments:

Post a Comment