Pages

Wednesday, 14 August 2013

කුහුඹු ආක්‍රමණයක අනතුරක්

ආක්‍රමණශීලී කුහුඹු වර්ග පරිසරයට හානිකර මට්ටමින් ව්‍යාප්ත වෙමින් ඇතැයි අලුත් වාර්තාවක් මගින් පෙන්වා දෙයි.

එම අනතුරු ඇඟවීම කරනු ලැබ තිබෙන්නේ, ස්පාඤ්ඤයේ
ගිරෝනා (Girona) සරසවියේ විද්‍යාඥයන් විසින්.

හත්සිය පණහකට අධික කුහුඹු වර්ග වෙනත් ප්‍රදේශ කරා නැව් සහ ගුවන් කන්ටේනර් මගින් නොදැනුවත්වම ප්‍රවාහනය කෙරෙමින් තිබෙනවා විය හැකැයි ගිරෝනා (Girona) සරසවියේ විද්‍යාඥයන් ඇස්තමේන්තු කර ඇත.

එම ආගන්තුක කුහුඹු වර්ග ඔවුන් සංක්‍රමණය වෙන ප්‍රදේශයන්හි ජීවත් වූ සාම්ප්‍රදායික කුහුඹුවන් නෙරපා හරිමින් නව වාසභූමි පිහිටුවා ගන්නා බවත් ඉහත කී වාර්තාවේ දැක්වෙයි.

මේ ආකාරයට දකුණු ඇමෙරිකාවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී සිටින කුහුඹුවන් විදුලි උපකරණ තුළ රංචු ගැසීම දැනටමත් ප්‍රශ්න මතු කරන ලැබ ඇති බවයි වාර්තා වන්නේ

bbc -

No comments:

Post a Comment