Pages

Wednesday, 21 August 2013

ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය..


..









1987 එක්තරා දිනක දෑතේ බැඳී මාන්චුද සමග සටන්කාමී තරුණයෙකු අනෙකුත් සටන් සගයන් අතරට පැමිණියා. එකවරම ඔහු හඳුනා ගැනීමට නොහැකි වුන අනෙකුත් සගයන් ඔහු දෙස සැකයෙන් පවා බැලීය. ඔහු අත්අඩංගුවට ගෙන රඳවා සිටි වධකාගාරයේ සිවිලිම තමන් විසින්ම බිඳ ගෙන යලි සිය සටන් බිමට , සටන් සගයන් වෙතට පැමිණී විශ්මයජනක ගමන ඔහු පක්ෂයට අනාවරණය කළා. ඔහු එතරම්ම සටන්කාමීයි. නොසැලෙන අයෝමය විප්ලවවාදියෙක් පක්ෂය විසින් බිහි කලේ එසේය. ඔහු නමින් ශාන්ත බණ්ඩාරය. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සමාරම්බක කැඳවුම්කරු වුයේද ඔහුය.
නිතර සිනහවකින් මුව සරසා ගත් ඔබ ,ගී පද මුමුනමින් සිටින විට අනෙකාට පෙනුනේ වගකීම් විරහිත හුදු සටන් සගයෙකු බවය. එහෙත් ඔහුගේ භාවිතාව තුල පක්ෂ විනය සහ ප්‍රතිපත්තීන් සැමවිටම දිවි දෙවෙනිකොට සුරැකී ක්ෂේශ්ත්‍ර ගණනාවක විශිෂ්ටයෙක්ම විය.
1989 ඉල් මහේ 15 වන දින ඔහු නුවරඑළියේදී තවත් සටන් සගයෙකු මුණ ගැසුනා . සිය ආදරණීය නායකයා, ලාංකීය ඉතිහාසය බිහිකළ අසම සම සටන්සගයා , රෝහණ සහෝදරයා අහිමි වීමේ චිත්ත සංවේගයෙන් සිටි ඔහු ශාන්ත සහෝදරයාගෙන් මෙසේ විමසුවා ..

" රෝහණ සහෝදරයා මරල නේද ? "
ශාන්ත බණ්ඩාර සහෝදරයා එදා මෙන්ම ඉතා කෙටියෙන් නිරවුල්ව පක්ෂයේ ඉදිරි කටයුතු ගැන විස්තරයක් කරමින් පසුව අසල ඇති විසල් ගසක් පෙන්වමින්
" සහෝදරයා , අපේ පක්ෂයත් මේ වගේ ගසක් . මිනිස්සු මරල මේක විනාශ කරන්න බෑ..."
ඒ වචන වල ගැබ් වී තිබු මහා ධෛර්ය අනෙත් සගයාගේ නෙත පිරුණු කඳුළු කැට වියැකී බලාපොරොත්තුවේ පහන දැල්වීය.

ශාන්ත බණ්ඩාර සහෝදරයා 1990 ජනවාරි මස දිනකදී ආණ්ඩුවේ කුලී මැරයන්ගේ අත් අඩංගුවට පත් වෙනවා. ඉන් පසුව ඔහු මත්තේගොඩ හමුදා කඳවුරට රැගෙන එන්නේ එ.ජා.ප. යේ මිනීමරු මස් වැද්දන්ට ලැබුණු රස මසවුලක් මෙනි. කුලී හමුදාවන් තමන් සතු සියලුම වධ බන්දනයන් ඔහු වෙනුවෙන් අත්හදා බැලුවා. තම සිරුර , ප්‍රාණය රක ගැනීමේ අවසන් තප්පර කිහිපයේදීත් ඔහුගේ ආත්ම ශක්තිය වානේ කඳක් මෙන් සවිමත් වෙන්න පටන් ගත්තා. ඔහුගේ හදවතේ ගැඹුරුම තැන් වල පක්ෂය කෙරෙහි තැන්පත්වී තිබු ශක්තිය නිසාම සතුරන්ට අවශ්‍ය එකදු වදනක් හෝ ඔහුගෙන් උදුරා ගන්නට ඔහු ඉඩ නොදුනි. ඔහු යටත් කර ගැනීමට සියලු උත්සාහයන් ගත් සතුරන් අවසානයේදී ඔහුගෙන් මෙසේ විමසුවා...

" උඹට අවසන් වතාවට කියන්නට තියෙන්නේ මොනවද ? "
" පක්ෂෙට කියපල්ලා ...ශාන්ත බණ්ඩාර වචනයක් වත් කියන්නැතුව මැරුණයි කියලා "
ශාන්ත බණ්ඩාර සහෝදරයා මරා දැමීමෙන් පසුව එම වධ කඳවුරේ සිටි අනෙකුත් සගයන් හමුවේ සතුරු කුලී භටයෙක් ඇසුවේ "ශාන්ත බණ්ඩාර වැනි නොසැලෙන ගල් ගෙඩි උඹලගේ පක්ෂේ කොහොමද හැදු වේ "යන්නයි

මුළුමහත් පක්ෂයම විනාශ වී , සියල්ල අහිමි වී තිබියදීත් නැවත ගොඩනැගෙන අනාගත පක්ෂය කෙරෙහි විශ්වාසය තබමින් අවසන් වදන් තුලින් පවා අනාගත පක්ෂයට ධෛර්ය දුන් ශාන්ත බණ්ඩාර නම් දෘඪ තර සටන් සගයා බිහිවෙන සෑම විප්ලවවාදියෙකුටම ගුරුවරයෙකි. පරමාදර්ශයකි.

No comments:

Post a Comment