උතුරේ දිස්ත්‍රික්ක පහෙන්ම තරග වැදීමට දෙමළ ජාතික සන්ධානය නාම යෝජනා භාර දුන්නේය
උතුරු පළාත් සභා මැතිවරණයෙන් සිය පක්ෂයට ජයග්‍රහණය සහතික බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඒ බව කියා සිටියේ, යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් සිය පක්ෂයේ නාම යෝජනා භාර දීමෙන් අනතුරුව අදහස් දක්වමින්.
උතුරේ මුල්ම පළාත් සභා මැතිවරණය සඳහා යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්ක පහෙන්ම තරග වැදීමට දෙමළ ජාතික සන්ධානය අද නාම යෝජනා භාර දුන්නේය.
වවුනියාව දිස්ත්‍රික්කයෙන් තරග වදින ජීටී ලිංගනාදන් බීබීසී සංදේශයට කියා සිටියේ දෙමළ ජනතාව යුද්ධයෙන් පත් විවිධ පීඩාවන්ට සහන ලබාදීම තම අපේක්ෂාව බවයි.
ආණ්ඩුව සාධාරණ මැතිවරණයක් පවත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
No comments:
Post a Comment