Pages

Monday, 2 September 2013

" ශ්‍රී ලංකාවේ සැම පුර වැසියෙකුම පරිසරය ආරක්ෂා කිරීම සදහා බැදී සිටි "

ස්වභාවධර්ම විරෝධී ප්‍රචන්ඩත්වය සහා පුලුල් ලෙස ක්‍රියාත්මක වන පරිසරය මරා දැමීමේ ව්‍යාපෘති රට සිසාරා දක්නට තිබීම වත්මන් පරපුරට මෙන්ම අනාගත පරපුරටද තීරණාත්මකව බලපානු ඇත .

1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිරික සමාජවාදී ජනරජ පනතට පරිසරය සම්බන්දයෙන් රට වැසියෙක
ුගේ වගකීම පිළිබද වගන්තියක් ඇතුලත් කර ඇත " ශ්‍රී ලංකාවේ සැම පුර වැසියෙකුම පරිසරය ආරක්ෂා කිරීම සදහා බැදී සිටි " යන්න එම පනතේ 28 වැනි වගන්තියේ සදහන් වේ .

පෘතිව් ගෝලය පිඩාවට පත් කල හැකි සෞඛ්‍ය තර්ජන පිළිබද අධ්‍යනය යන අදහස දෙන (Global Burden of Disease study) වාර්තාවේ සදහන් වනුයේ ගෝලය සිසාරා බොහෝ රාජ්‍යයන් වල අවධිමත් සංවර්ධනය හේතුවෙන් නාගරික වායුව දුෂණය වී ඇති බවයි . දුෂිත නාගරික වායුව ශරිර ගත වීමෙන් ගෝලය සිසාරා මිය යන මිනුසුන් ප්‍රමාණය කොලොරෝස්ටෝල් වැඩි වීමෙන් මිය යන ප්‍රමාණයට වඩා වැඩි බවය .

උක්ත වාර්තාවේ තව දුරටත් සදහන් වනුයේ ආසියානු භු කලාපයේ රටවල නාගරික වායුව දුෂණය වීමෙන් වසරකට ලක්ෂ 32 ක් පමණ මිනුසුන් මිය යන බවය .

ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් බොහොමයක් ස්වභාවික සම්පත් ඇසුරෙන් ක්‍රියාත්මක වී ඇත .දිවයින එහි විශාලත්වයට සාපේක්ෂව නිරීක්ෂණයේදී පැහැදිලි වනුයේ සමහර ස්වභාවික සම්පත් අතින් පොහොසත් වුවද ,සමස්තයක් වශයෙන් වූ නිරීක්ෂණයයෙදී බොහෝ ස්වභාවික සම්පත් බහුල රටක් නොවේ .

දිවයිනේ විශාලත්වයට සම කරන විට කලාපිය සැම රටකටම වඩා ජන ඝනත්වයෙන් අධික වන බැවින් එක පුද්ගල සම්පත් ප්‍රමාණය පහළ මට්ටමක පවතී විශේෂයෙන් ම ජන සංඛ්‍යාව අධික වීම හේතුවෙන් සම්පත් පරිභෝජනය ඉහළ මට්ටමක පැවතීමත් ,පරිසරයේ දැරීමේ ධාරිතාව හෝ යලි සකස් වීමේ හැකියාව ඉක්මවා ඇත .උක්ත තත්ත්වය සැබවින්ම ජලය ,භූමිය ,හා වායුව දුෂණය කිරීමට හා ඒවා ගුණයෙන් හායනයට ලක් කිරීමට හෝ හේතුවන අතර , ඒ මගින් මිනිසා ජිවත් වන පරිසරයේ සෞඛ්‍යමත් බවට බලවත් පීඩා ඇතිවේ .

1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව විශේෂයෙන් ම පාරිසරික බලපෑම් තක්සේරුව (Environmental Impact Assessment) හා මුලික පාරිසරික පරික්ෂාව (Inital Environmental Examination) සියලු සංවර්ධන වැඩ සටහන් වලට පෙර සිදු කළයුත්තේ අනිවාර්යයෙනි .

නමුත් ස්වභාවධර්ම විරෝධී ප්‍රචන්ඩත්වය සහා පුලුල් ලෙස ක්‍රියාත්මක වන පරිසරය මරා දැමීමේ ව්‍යාපෘති රට සිසාරා දක්නට තිබීම වත්මන් පරපුරට මෙන්ම අනාගත පරපුරටද තීරණාත්මකව බලපානු ඇත .

මේ පිලිබදව සියලු ජන්දදායකයන් අවදානය යොමු කල යුතය එසේ නොකිරීමෙන් ඔබත් ඔබේ දරු මුණුපුරනුත් ?

No comments:

Post a Comment