Pages

Monday, 7 October 2013

මල් වගේ ගැහැනු ළමයින්, පුංචි සමනල කෙළි පැංචියෝ යන්නෙ අඬාගෙන...............


ලැගුම්හල් සංස්‌කෘතිය ලිපිය 04


 

 ලංකාවේ ඇති ලැගුම්හල් සංස්‌කෘතිය ගැන හදාරා ඒ ගැන ලිපියක්‌  සමාජ විමර්ශනය තුළින් ඔබ වෙත එන්නෙමි

"වැඩි හරියක්‌ කාමර හොයන් එන්නෙ ටියුෂන් ජෝඩු, ගාමන්ට්‌ කෙල්ලො කොල්ලෝ, ආමිකාරයින්, පේමන්ට්‌ බිස්‌නස්‌කාරයෝ වගේ සාමාන්‍ය අය. ඉතින් ඒ අය කොහොමද අයියෙ ලොකු ගණන් ගෙවන්නෙ. ඒ නිසා තමයි අපි පුළුවන් විදියට අඩු ගාණට කාමර දෙන්නෙ".

මෙසේ කියන සමන් අවුරුදු දහයක්‌ පමණ මහරගම හයිලෙවල් පාරේ රෙස්‌ට්‌ එකක සේවය කරන තරුණයෙකි. ඔහු සතුව ඇති අත්දැකීම්ද සම්භාරයකි. රටම පිළිගත් දානපති වයෝවෘද්ධ භක්‌තිමත් ප්‍රභූ කාන්තාවකට අයත් භූමියක පිහිටා ඇති මෙම හවුස්‌ එකේ අරලිය ගසක්‌ යටට වී එහි එන ජෝඩු නිරීක්‍ෂණය කරමින් මම සමන්ගේ අත්දැකීම්වලට සවන් දුනිමි.

"හරි දුකයි මල් වගේ ගැහැනු ළමයින් මෙහෙට එනව. සමහරු පෙම්වතා එක්‌ක. හැබැයි කෙල්ලෙක්‌ව කාමරයකට අරන් එනව නම් ඌ ප්‍රේමවන්තයෙක්‌ නෙමේ කියලයි මට හිතෙන්නෙ. එතන ආදරයක්‌ නැහැ. රාගය තියෙන්නෙ. සමහර නාකි බල්ලො පොඩි කෙල්ලන්ව ගේනව. ඒ විතරක්‌ද ඇන්ටිලා පොඩි කොල්ලෙ එක්‌කන් එනව. ඔපිස්‌ වල බොස්‌ල තමන්ගෙ සෙකටි්‍ර එක්‌ක ඇවිත් කාමර ගන්නව. ගිය සුමානේ ආවා නුවර පැත්තෙ ලොකු පෝස්‌ට්‌ එකක්‌ කරන මැදි වයසෙ නෝන කෙනෙක්‌. රාජකාරී වැඩකට කියල ඇවිත් තමන්ගෙ වාහනේ එළවන් ආපු තරුණ කොල්ල එක්‌ක එක කාමරේ පැය විසි හතරක්‌ හිටිය. අපිට මේව අලුත් දේවල් නෙමේ සර් පුංචි සමනලියො වගේ සතුටින් මෙහෙට එන සමහර කෙළි පැංචියෝ සමහර විට යන්නෙ අඬඅඬා කෙඳිරි ගාගෙන. උන් කෙලෙසිලා මදිවට ඉතිරි කරල යන ලේ පැල්ලම් දැක්‌කම අපිට අපේ නංගිල මතක්‌ වෙනව. මහත්තයල මේව කෙළින්ම පත්තරේ ලියන්න. අපේ මහ එවුන් දැන ගන්න එපැයි දරුවො මොනාද කරන්නෙ කියල."

සමන් කියන පරිදි බහුතරයක්‌ ලැගුම්හල්වල මෙන්ම මෙම ස්‌ථානයේද බලන්නන් ඇස්‌ ආසික්‌ කාරයන් හෙවත් දර්ශකාස්‌වාදීන් සඳහා (නිරීක්‍ෂණ කාමුකත්වය ඩදහැමරසිප හෙවත් දර්ශාස්‌වාදය) අවස්‌ථාවන් ඇත. සමහර හෝටල් සේවකයන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් නිරන්තරයෙන් මෙම කාමර වල වෙන දේ බලන්නට හුරුවී සිටින්නේ ඒ සඳහා වෙනමම හදා ගෙන ඇති සූක්‍ෂම සිදුරු වලිනි. ජංගම දුරකථන වලින් සහ කුඩා කැමරා වලින් මෙම අනග රැඟුම් කැමරා කර ගන්නා අවස්‌ථාද එමටය. මේවා අද රටේ බහුතරයක්‌ ලැගුම්හල් වල සිදුවෙයි.

                                                              තානායම් හෝ ලැගුම්හල් තහනම් කරන්න යෑයි අපි කිසි වටෙකත් නොකියමු. නමුත් ඒවා ප්‍රමිතිකරණය කරන්නේනම් හොඳය. එසේ නොකළා කියා රාගික හැඟුම් උත්සන්න වූ ජෝඩු ඒවාට නොගොස්‌ පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල යන්නේ නැත. උන් තම පුරුදු අත නාරිති. නමුත් රජය විසින් යම් පියවර ගන්නේ නම් මෙයට වඩා සදාචාරාත්මක තරුණ පරම්පරාවක්‌ අපට සාදා ගත හැකි වනු ඇත.

අවසානයේ පැවසීමට ඇත්තේ විදින්න තිබෙන ජීවිතය විදවන්න එපා යනුවෙනි ..

No comments:

Post a Comment