ශ්‍රී ලංකාවට
නාවික සැතපුම් 215ක් නිරිත දිග මුහුදේ ගමන් කරමින් තිබූ යාත්‍රාවක් ලක්වී ලක්වී අතරමංව ඇති
බවත් එය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් "සාගර" නෞකාව අද දහවල් පිටත් කර යැවූ බවත්
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල
වර්ණකුලසුරිය මහත් පැවසිය." දිනූජ පුතා" නැමැති මෙම බෝට්ටුව
ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 215ක් නිරිත දිග මුහුදේ ගමන් කරමින් තිබියදී
යාන්ත්‍රික දෝෂයකට ලක්වී අතරමන්වී තිබෙන අතර එහි එම බෝට්ටුව වෙනත් බිද්දුවකට රෙදිඕ පණිවුඩ මගින් තත්වය තැනුම් දී තිබේ. එහිදී එම බෝට්ටුව මේ
සම්බන්දව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය දැනුවත් කර ඇති අතර අමාත්‍යංශය මෙම තත්වය පිළිබඳව නාවික හමුදාවට දැනුම් දී මෙන් පසු මෙසේ නාවික හමුදාවේ නෞකාවක්
ආපදාවට පත්ව ඇති බෝට්ටුව බෙර ගැනීම සඳහා පිටත්ව ගොස් ඇත.
මෙම
ආපදාවට පත් බෝට්ටුව පිළිබඳව වදී දුර විස්තර ධිවර හා ජලජ සම්පත් අමාත්‍යංශයෙන්
විමසීමේදී එහි ප්‍රකාශකයෙක් මව්බිමට පැවසුවේ මෙම බෝට්ටුව නීතිවිරෝධී
අන්දමට ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පුද්ගලයින් ප්‍රවාහනය කරන
බෝට්ටුවක් බවට වාර්තා වී ඇති බවත් බෝට්ටුව කවදා කුමන ප්‍රදේශයකින් පිටත්වූ
එකක්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු හෙළිවී නොමැති බව සඳහන් කළේය.
No comments:
Post a Comment