Pages

Thursday, 3 October 2013

ජනධිපතිවරයා, අගමැති පුතුට බැණලා !

Anuradha Mahinda 410px 03-1ඇමරිකාවට ගොස් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔහුව පිළිගැනීමට ගුවන්තොටුපලට ගොස් සිටි  අගමැති දී.මු. ජයරත්න මහතගේ පුත්  නීතිඥ අනුරාධ ජයරත්න මහතාට ජනාධිපතිවරයා දෝෂාරෝපනය කල බව වාර්තාවේ.
මධ්‍යම මහ ඇමතිකම දෙන බවට තමා කිවේ යයි මාධ්‍යවලට බොරු කිවේ ඇයි දැයි විමසා ඇති ජනාධිපතිවරයා, මාධ්‍ය සංදර්ශන වලින් තනතුරු ගන්න සුදානම් වන්නට එපා යයි ද දැඩිව අවවාදකල බවද පැවසේ.

හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාට මධ්‍යම මහ ඇමතිකම දීමට තමා පොරොන්න්දු ඇති  බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

මේ අනුව,  වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාත්, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාත් අද (03) දිනයේ දිවුරුම් දෙන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් 21 වන දින පැවති උතුර, මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයෙන් උතුර පළාත් සභාව ද්‍රවිඩ ජාතික සන්ධානය විසින්ද සෙසු පළාත් සභාවන් දෙක එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින්ද දිනාගනු ලැබිණි.

ඒ අනුව වයඹ පළාත් සභාවට කරුණෑගල දිස්ත්‍රීක්කයෙන් තරඟවැදුණු දයාසිරි ජයසේකර මහතා මනාප ඡන්ද තුන් ලක්ෂ තිස් හයදහස් තුන්සිය විසි හතක් ලබාගෙන දිස්ත්‍රීක්කයේ පළමු ස්ථානයට පත්වූ අතර මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රීක්කයෙන් තරඟවැදුණු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතා මධ්‍යම පළාතේ මනාප ලැයිස්තුවේ පෙරමුණට පැමිණියේය.

ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව එක් ලක්ෂ හත්දහස් හයසිය හතළිස් හතරක් වන අතර දෙවන ස්ථානයට පත්ව සිටින හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා හිමිකරගෙන ඇති මනාප සංඛ්‍යාව 70,171 ක් වේ.

කෙසේ වෙතත් මධ්‍යම පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇත්තේ වැඩිම මනාප සංඛ්‍යාවක් ගනු ලැබූ අග්‍රාමාත්‍යවරයාගේ පුතු නොව හිටපු ප්‍රධාන අමාත්‍යවරයාම බැව් කියැවෙයි.

No comments:

Post a Comment