Pages

Thursday, 7 August 2014

විදේශ සේවය සඳහා අනුයුක්ත කර ඇති දේශපාලන ඥාති, හිතමිත්‍රාදීන්ගේ නම් මෙන්න

ශ්‍රී ලංකාවේ විදේශ සේව‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිතියක් බවට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු ඒ බව සඳහන් කළේ, විදේශ සේවය සඳහා අනුයුක්ත කර ඇති දේශපාලන ඥාති, හිතමිත්‍රාදීන්ගේ නම් ද හෙළි කරමිනි.
එම නම් පහත දැක්වේ.
sarath kongahage1. සරත් කෝන්ගහගේ – තානාපති ජර්මනිය 
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙස කලක් කටයුතු කළේ ය.
banet cooray2. නාවලගේ බැනට් කුරේ – තානාපති ඉතාලිය 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොලොන්නාව හිටපු සංවිධායකවරයෙකි.
4. ගාමිණී රාජපක්ෂ – තානාපති ජෝර්දානය 
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකි. පසුව ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයට එක්විය.
5. එච්.ආර්. පියසිරි – තානාපති මියන්මාරය 
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකි. පසුව ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයට එක්විය.
6. බුද්ධි ආතාවුද – තානාපති නෙදර්ලන්තය 
ඇමති ආතාවුද සෙනෙවිරත්නගේ පුතා
7. උදයංග වීරතුංග – තානාපති රුසියාව 
??ගේ ඥාතියෙකි.
jaliya8. ජාලිය වික්‍රමසූරිය – තානාපති අමෙරිකා එක්සත් ජනපදය  
??ගේ ඥාතියෙකි.
dickson dela9. ඩික්සන් දෑළ – මහ කොමසාරිස් මාලදිවයින 
දළදා මලිගාවේ බස්නායක නිලමේ ප්‍රදීප් නිලංග දෑළගේ පියා
asp liyanage10. A.S.P. ලියනගේ – තානාපති නයිජීරියාව 
දේපොළ වෙළඳාම්කරුවෙකි.
oshadhi alahapperuma11. ඕෂධී අලහප්පෙරුම – තානාපති ස්වීඩනය
ඇමති ඩලස් අලහප්පෙරුමගේ බාල සොහොයුරා
12. භාරතී විජේරත්න – තානාපතිනි තුර්කිය 
හිටපු ඇමති මනෝ විජේරත්නගේ බිරිඳ
13. ආචාර්ය ඉවෝන් අමරසිංහ – තානාපති වියට්නාමය 
??ගේ සමීපතම මිතුරෙකි.
14. ශ්‍රීමාල් වික්‍රමසිංහ – නියෝජ්‍ය ප්‍රධානී වියානා 
?? මැතිතුමියගේ සොහොයුරා
15. වරුණ ඈපාසිංහ – වොෂිංටන් තානාපති කාර්යාලය 
රජයේ උපදේශකවරයෙකුගේ පුතෙකි.
16. කරුණාරත්න පරණවිතාන – කොන්සල් ජනරල් කැනඩා‍ව 
රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකි. මැතිවරණයකට ඉදිරිපත් වී පරාජයට පත්වූවෙකි.
17. ඩබ්ලිව්.කේ.එස්. දිසානායක – පළමු ලේකම් අබුඩාබි 
?? ඥාතියෙකි.
18. ලලිත් යූ. ගමගේ – ඉන්දුනීසියානු තානාපති කාර්යාලය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයෙකි.
19. එච්.එන්.බී. රත්නායක – දෙවන ලේකම් රුසියාව
අමාත්‍ය සී.බී. රත්නායකගේ පුතා
20. ලයනල් ප්‍රේමසිරි – නියෝජ්‍ය මහ ලේකම් කැනඩාව 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිටපු සංවිධායකවරයෙකි.
21. හර්ෂණ හේරත් – දෙවන ලේකම් සිංගප්පූරුව 
සබරගමුව මහ ඇමති මහීපාල හේරත්ගේ පුතා
chamithri22. චමිත්‍රි රඹුක්වැල්ල – දෙවන ලේකම් නිව්යෝර්ක් 
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය
23. මුතූ පද්මකුමාර – දෙවන ලේකම් ලන්ඩන් 
ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාරගේ දියණිය
24. වෛද්‍ය කෝටින් වෛද්‍යරත්න – ලන්ඩන් මහ කොමසාරිස්  කාර්යාලය 
?ගේ බිරිඳ
25. ජේ.එම්. බණ්ඩාර – දෙවන ලේකම් කුවේට්
dickson j. perera26. ඩික්සන් ජේ. පෙරේරා – කොන්සල් ජනරල් නේපාලය 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්
27. එම්.අයි. කුඩුකේවත්ත – පළමු ලේකම් බීජිං 
ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියාගේ දියණිය
28. රත්න රණවීර – දෙවන ලේකම් කැන්බරා 
ජනාධිපති අතිරේක ලේකම්වරයාගේ දියණිය

No comments:

Post a Comment