Monday, 23 June 2014

කාන්තා යට ඇදුම් සදහා වෙන්වූ දිනයේ සිදු වූ ලිංගික සැමරුම

ලොව බහුතරයක් කාන්තාවන් ඉතා උනන්දුවෙන් සමරන එහෙත් ලංකාවට ආගන්තුක ‍ ලෝක නෝ පෑන්ටිදිනය ජූනි මස 22 වනදාට යෙදී තිබුණි. සමාජ ජාල ඔස්සේ ගොඩනගාගත් කථිකාවතකින් පසුව මෙම දිනය සැමරීම මීට වසර දෙකකට පෙර ඇරඹිණ.
ජුනි 22 වනදායින් පසුව එළඹෙන ජුලි 09 වනදා ලෝක No Bra Day ලෙස හඳුන්වනු ලැබේ.
මෙම දින ලොවපුරා ප්‍රචලිත නමුත් ශ්‍රී ලංකාවට නම් තවමත් ආගන්තුක දින වේ.

බුදුන් හිමි කි අපාය පොළවෙන් මතුවේ..... මෙන්න

Friday, 20 June 2014

ඉන්දීය තරුණයෝ බංගලාදේශ ක්‍රීඩක ශකිබුල් හසන්ගේ බිරිද සමුහ ලෙස දුෂණය කරයි

ඉන්දියාව සමග පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් නතර කළ අවස්ථාවේ බංග්ලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන්ගේ බිරිඳට ලිංගික අතවරයක් කළ බව කියන තරුණයෙක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ෂකිබ් අල් හසන්ගේ බිරිඳ වන අහමඩ් ෂිෂිර්ට පසුගිය ජූනි 15 වන දා එලෙස අතවර කර ඇත්තේ, එරට ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ 23 හැවිරිදි පුතෙකි.
මේ සම්බන්ධයෙන් ෂකිබ් අල් හසන් මීර්පූර් පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම ප්‍රකාශය අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මීර්පූර් පොලිසිය පවසන්නේ, තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ය.
මෙම අතවරය සිදුවූ අවස්ථාවේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් අතවර කළ පුද්ගලයින්ට පහර දී තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, ෂකිබ් අල් හසන් ද නිලධාරීන් සමග එක්ව ඔවුන්ට පහර දුන් බව ය.

Thursday, 19 June 2014

Facebook ඇන හිටියි

Facebook සමාජ වෙබ් අඩවිය මීට සුළු මොහොතකට පෙර ක්‍රියාවිරහිතවීමට ලක් වුණා. මේ හේතුවෙන් ලොව පුරා සිටින Facebook සමාජ වෙබ් අඩවියේ සාමාජිකයින් දැඩි අපහසුතාවයකට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වන්නේ. කෙසේ වෙතත් Facebook පරිඝණක ඉංජිනේරුවන් විසින් කෙටි කාලවේලාවක් තුළ Facebook සමාජ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කරනු ලැබුවා. 

Facebook
සමාජ වෙබ් අඩවිය ක්‍රියාවිරහිතවීමට ලක් වූ අවස්ථාවේ දි ඔවන්ගේ වෙබ් අඩවියේ දිස් වූ පණිවුඩය පහතින් බලන්න....

Tuesday, 17 June 2014

මාතර ශ්‍රී.ළං.නි.ප යෝ මාලක සිල්වා වෙනුවට මංගල සමරවීර තෝරා ගනී ද..?

මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මාතර දිස්ත්‍රික්කයෙන් ලබන මහ මැතිවරණය සඳහා ගෙන ඒමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව ආණ්ඩුව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ හෙයින් ලබන මහ මැතිවරණයට ඉදිරිපත් නොවී මාතර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය උදෙසා ඇප කැප,ඒ වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් මර්වින් සිල්වාට ලබා දීමට ආණ්ඩුවෙ ප්‍රභලයෙක් කැමැත්ත පලකොට ඇත.

මෙසේ මාලක සිල්වා මාතර ප්‍රදේශයෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ ඔහු මගින් දුරාවේ කුලයේ ඡන්ද ආකර්ශණය කර ගැනීමටයි. දුරාවේ කුලයේ ප්‍රභලතම අපේක්ෂකයා වන හිටපු විදේශ අමාත්‍ය මාතර එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතාට ප්‍රභල සටනක් දීමට ජනාධිපතිවරයාගේ අරමුණයි.

මාතර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රතිශතයක් දුරාවේ ඡන්ද ඇති බැවින් ඔවුන්ව ආකාර්ශණය කර ගැනීමේ වැඩ පිලිවෙලක් මාතර දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරුම මහතාට නොමැතිවීම හේතුකොට ගෙන මෙම තීරණයට එළඹී ඇත.

සිය පුත්‍රයාගේ ඡන්ද ව්‍යාපාරය මේ වන විට ආරම්භ කොට ඇති මර්වින් සිල්වා ඇමතිවරයා පසුගිය පොසොන් පෝය උදෙසා මාතර නගරයේ විශාල බත් දන්සැලක් සංවිධානය කරනු ලැබීය. සාමාන්‍යන් මෙම පොසොන් බත් දන්සැල ඇමතිවරයා සංවිධානය කරනු ලබන්නේ කැළණිය ප්‍රදේශයේ වුවත් මෙවර එය මාතර ප්‍රදේශයේ පැවැත්වීමට මර්වින් ඇමතිවරයා තීරණය කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිටය.

මෙම පුවත් වාර්තා වීමෙන් පසු මාතර ප්‍රදේශයේ ජනතාව සේම මාතර දිස්ත්‍රික්කයේ වෙරල බඩ කලාපයේ ප්‍රබල ප්‍රාදේශීය සභා සභාපතිවරු දෙදෙනෙක් හා හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් උරණ වී ඇති  බවටද වාර්තා වේ.ඔවුන්ට දුරාව කුලයෙන් ප්‍රබල චන්ද පදනමක් තිබෙන බැවින් ඔවුන් පළාත් සභා මැතිවරණ වලදීද සැලකිය යුතු චන්ද ප්‍රතිශතයක් ගොඩනගා ගෙන ඇති බව  පසුගිය පළාත් සභා මැතිවරණ වලදී දක්නට ලැබුණු බවද වාර්තා වේ.මලක සිල්වා මාතර දිස්ත්‍රික්කයෙන් චන්දයකට ඉදිරිපත් වන්නේ නම් ඔවුන් ඔවුන්ගේ හිටපු ශ්‍රී.ලං.නි .ප මාතර දිස්ත්‍රික් නායක එ .ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සමග නැවත එක් දේශපාලන ගමනක් යාමට සුදානම් වී සිටින බවක් පෙනෙන්නට අතෙයි වාර්තා වී තිබේ.එහි මුලික පියවර ලෙස අදාල සභාපතිවරු දෙදෙනා හා හිටපු ඇමතිවරයාගේ පුත්‍රයා මංගල සමරවිර මහතාගේ සම්බන්ධිකරණ ලේකම් කෙනකු හා රහසිගත සාකච්චාවක් පවත්වා ඇති බවය.වහෙන් මාතර දේශපාලනය උඩු යටි කුරු කාරණයක් බලාපොරොත්තු විය හැකි බව අප කාටත් පෙනෙන්නට තිබෙන දසුනක් වී තිබේ.

මහාමැතිවරණයට මර්වින් සිල්වා මාතරින්....

කැලැ පාලුවෝ දෙනියාය රක්ෂිත සියල්ල විනාස කරයි.

මුළු ලෝකයෙන්ම ගත් කල ශ්‍රී ලංකාවට සෝභා සුන්දරත්වය අනුව ලැබෙන්නේ ප්‍රමුකම ස්ථානයකි.මන්ද ලෝකයේ පිරිසිදුම පානීය ජලය තිබෙනුයේ ශ්‍රී ලංකාවේ දෙනියාය සිංහරාජ රක්ෂිතය හා දියදාව රක්ෂිතය ආසන්නවය.එහෙත් දැනට මතුවී තිබෙන වට  පිටාව අනුව එම ජල උල්පත් තවත් වසරකට හෝ වසර කිහිපයකට පමණක් සිමා වෙතෙයි එම ප්‍රදේශ වාසින් ප්‍රකාශ කරයි.මන්ද එහි ආසන්නම සිදුවීම සිදු වී  තිබුනුයේ 2014 - 06- 14,15,16,17 යන දින කිහිපයේ දෙනියාය පල්ලේගම අරණ්‍ය සේනාසනය පිටුපස තිබෙන දියදාව රක්ෂිතයේ කලාමුල්දෙණිය ජාල පෝෂණ කලාපයේ සිදු වී තිබෙන වන සංහාරයි.මෙහිදී ප්‍රාදේශයේ රැකියාවක හෝ නිරත නොවන යම් පුද්ගලයකු මුලික කරගනිමින් 50 ක් පමණ පිරිසක් බන්ඩි කියත්,ගස් කපන යන්ත්‍රි සූත්‍ර යොදා ගනිමින් වල්ල පට්ට ලබා ගැනීමේ චේතන්වෙන් විශාල ප්‍රමාණයේ වන සංහාරයක් සිදු කරන බව වාර්තා වී තිබේ.මේ පිලිබදව අදාල බලධාරීන් නිසි ලෙස සොයා බලා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේ ජාතික අපරාධයක් බවට පත් වී තිබේ මේ පිළිබධව සොයා බලා නිසි අයුරින් ක්‍රියාත්මක වී ජාතියේ අනාගත දු පුතුනට පිරිසිදු වතුර ටිකක් බොන්න ඉඩ හසර සදා දෙන මෙන් දෙනියාය ජනතාව සේම ශ්‍රී ලංකික අප සැමද  ඉල්ලා සිටිමු

Monday, 16 June 2014

සනත් ජයසුරිය ත්‍රිවිල් රියදුරාගෙන් රුපියල් 1000 හිගා කයි

නියෝජ්‍ය තැපැල් ඇමති සනත් ජයසූරිය මහතා පසුගිය දිනක සිය වාහනයට සිදුවූ හානියක් සම්බන්ධයෙන් අපූරු වන්දියක් ලබාගෙන ඇත. 
ප්‍රකට පාසලක් ආසන්නයේ රිය පදවමින් සිටියදී වාහනය නතර කිරීමේදී ඒ අසලින් පැමිණි ත්‍රී රෝද රථයක් ජයසූරිය මහතාගේ රථයේ යාන්තමින් ගැටී තිබේ. 
එම අනතුරෙන් සනත්ගේ මෝටර් රථයට සිදුව ඇත්තේ සුළු සීරීමක් පමණි. 
එයට ත්‍රීවිල් රථයේ පැමිණි රියදුරා සනත් ජයසූරිය වෙත ගොස් ඉතා යටහත් පහත ලෙස සමාව ඉල්ලා තිබේ.
නමුත් සමාව අනවශ්‍යය බවත් තමාගේ අලාභය ගෙවන ලෙසත් අලාභය නොගෙවන්නේ නම් පොලිසි යාමට සූදානම් වන ලෙසත් සනත් ජයසූරිය විසින් තර්ජනයකොට ඇත.
ත්‍රිවිල් රථ රියදුරාගේ ආයචානයට සනත් එකඟ නොවූ හෙයින් අවසානයේ පොලීසියද එම ස්ථානයට පැමිණි ඇත.
පොලීසිය සිදුව ඇති අලාභය දල වශයෙන් ගණනයකොට පවසා ඇත්තේ එම සිරීම් පහර මකා දැමීමට රුපියල් 1000 ක් පමණ වැය වනු ඇති බවයි. 
රුපියල් 1000ක් වන්දියක් ගෙවීමට ත්‍රි රෝද රථ රියදුරාට හැකියාවක් තිබී නොමැති අතර ඔහු අසල සිටි හිතවතෙකුගෙන් රුපියල් 1000 ක් ඉල්ලාගෙන සනත් වෙත ලබා දී ඇත. 
එම රුපියල් 1000 ඉල්ලාගත් සනත් වාහනයේ නැගී ගොස් ඇත.

Wednesday, 4 June 2014

හිටපු මහා ඇමති අතුල විජේසිංහගෙන් දයාසිරිට ''පුටු'' පහරක්

මම ගොඩක් කාලෙකට පස්සේ මේ කතාකරන්නේ. ලංකාදීප පත්තරේ ගිහින් තිබුණා මහ ඇමතිවරයාගේ ප්‍රකාශයක් එක්ක කලින් ඇමතිවරුන්ට ඕන ඕන විදියට පත්වීම් දීලා තියනවා කියලා. මම මේ කියන්නේ කාටවත් රිදවන්න නෙමෙයි. වයඹ ප්‍රධාන අමාත්‍යංශයේ අදටත් පුරප්පාඩු විශාල ගණනාවක් තියනවා. එව්වා හොයාගෙන පත්වීම් ගහන්න මොලයක් තියෙන්න ඕනේ. හරි හමන් ලේකම්වරු ඉන්න ඕනේ මෙව්වා හොයලා බලලා කරන්න. මම වයඹ මහ ඇමති විදියට අවුරුදු 12 ක් හිටියා. අපි කවදාවත් පූර්ව අමාත්‍යවරුන්ට අපහාස කරලා නෑ. මම පජාති වැඩ කරලා නෑ. කරන්නෙත් නෑ. දෙන්න පුළුවන් පත්වීම් මම දුන්නා තමයි. අදටත් බත් කටක් හරි කන ඒ පත්වීම්ලාභීන් දන්නවා මේ බත් කට හරි කන්නේ අතුල විජේසිංහ හින්දා කියලා - හිටපු මහා ඇමති අතුල විජේසිංහ මහතා