සංගීතය ඇයගේ ප්රකාශනය වූයේය. නමුදු සරසවි ඉම දක්වා සංගීත දැනුම ලබාගත්තද මේ වන විට ඇයගේ ආත්මීය ප්රකාශනය වී ඇත්තේ රංගනයයි. ඒ රංගනයට ඇය සතු නර්තන සහ ගායන හැකියාව සංකලනය වී ඇතැයි, සිතේ. එලෙසින් වේදිකා, පුංචි තිරයයෙන් හමුවන ඇය මාදනී මල්වත්තගේය. ඔබට තවත් අමුත්තියක නොවූ ඇය මේ සූදානම් වන්නේ, දහසය වසරක රංග භූමිකාවේ මතකාවර්ජන නාට්‍ය උළෙලක් ඉදිරිපත් කිරීමටය. මෙම නාට්‍ය උළෙලට ”ජගන්මා”, සුද්දෙක් ඔබ අමතයි, මහ සමයම, කලූ කුමාරී, සෙල්ලම් නිරිඳු යන නාට්‍ය ඇතුළත්ය. විශිෂ්ටතම නිළියකගේ සම්මාන රංග භූමිකාව ”මාදනී” ලෙස මෙම උළෙල පැවැත්වෙන්නේ ජනවාරි 10 සිට 14 දක්වා ලයනල් වෙන්ඞ්ට් රඟහලේ සහ 12 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදීය. සද්ජන සහෘද සංසදය ඉදිරිපත් කරන මාදනීගේ නාට්‍ය උළෙල අබිමුව අපි ඇයගේ හඬ අවදි කරමු මෙසේ.
පේ්රක්ෂකයා බලාගෙන සිටින සැහැල්ලූවේ තරමට රංගනය යනු සැහැල්ලූ දෙයක් නොවෙයි. එය පුංචි කාලයේ සිටම තිබූ ආසාවක, බලාපොරොත්තුවක ඵලයක්. ඒ ඉටු වූ බලාපොරොත්තුව සමග නිතරම මට කඩඉම් පසු කළ නාට්‍ය කරුවන්ගේ කඩඉම් වූ නාට්‍ය ඇතුළු හොඳ නාට්‍ය රැසක රඟපාන්න ලැබුණා.
බොහෝ විට සංගීත අංශයේ ගුරුවරියක වීමට ඉඩ තිබුණා. හැබැයි සරසවි ඉම දක්වා සංගීතය කළාට මට තිබුණෙ නාට්‍ය උණක්.
පුංචි කාලයේ ඉඳලාම හොඳ නාට්‍ය නැරඹීමේ අවකාශයක් තිබුනා. පසු කාලයක එය රංගනය දක්වා විහිදී ගිය පසු ගායන සහ නර්තන හැකියාවත් ඊට මුසු කරන්න පුළුවන් වුණා. මගේ නාට්‍ය උණ හොඳවුනේ නැහැ. තවමත් මට තියෙන්නෙ හොඳ නාට්‍ය රංගනයක යෙදීමේ පිපාසයයි.
දියුණු රටවල තරම් වෘත්තීය වටිනාකමක් හෝ වෘත්තීය තත්ත්වයක් නැහැ. අපේ වේදිකාවට නම් ආර්ථික වටිනාකමක් කොහෙත්ම ලැබෙන්නෙ නැහැ. ටෙලි චිත්‍රපට සහ වෙළඳ දැන්වීම් වලට පෙනී සිටීමෙන් නම් ආර්ථික වාසි ලබා ගත හැකි බව මගේ හැඟීමයි. කොහොම වුනත් හැකියාවන් අනුව අපි අපේ වටිනාකම ඇතිකර ගත යුතුයි.
සැමියා කීර්ති මට හමුවන්නෙ කලාකරුවකු ලෙස කටයුතු කරමින් සිටියදීයි. ඇත්තම කිව්වොත්, ඔහු රඟපාන්නේ මටත් පෙර සිටයි. ඔහුගෙ හමුව මගේ මේ ගමනට ලොකු ආලෝකයක් වුණා. පුතාටත් අපි දෙන්නගෙ ආභාෂය එන්න ඇති.
ටෙලි නිර්මාණ දිහා බැලූවොත්, නිර්මාණ ලෙස බිහි වන්නෙ බොහොම ටිකයි. බොහෝ ඒවා රොබෝ අච්චු වගේ බිහිවන ඒවායි. අවශ්‍ය ශිල්පීය දායකත්වය නැහැ. නළු නිළියන්නාට්ය කම්කරුවෝ බවට පත්වෙලා ඒ නිසා බලන පිරිසට වඩා නොබලන පිරිස වැඩි බව හිතෙන්නෙ වේදිකා නාට්‍ය සමග ගමින් ගමට යන විට ලැබෙන ප්‍රතිචාර අනුවයි. බොහෝ වේදිකා නාට්‍ය කෙරෙහි ජනතාවගේ තිබෙන්නෙ ලොකු ප්රබෝධයක්.
”ජගන් මා”
මෙය සටන් කලාව එක්ක විකාශය වන නාට්‍යයක්. ඒ නිසා සටන් ගැන පුහුණු වන්නත් සිදුවුණා. මෙහි එක්තරා දර්ශනයකදී සම්පත් තෙන්නකෝන් මට එල්ල කරන පොලූ පහර වැරදිලා මගේ හිස මැදට වැදුණා. ඉතා දරුණු වේදනාවක් ඇති වුණත් සජීව දර්ශනයක් නිසා එය සඟවාගෙන මට රඟපාන්න සිදුවුණා.
සුද්දෙක් ඔබ අමතයි
මෙය සම්ප්‍රදායික විදියෙ නළුxනිළියන් එකිනෙකා දෙබස් සමග ගැටෙන නාට්‍යයක් නොවෙයි. විනාඩි 40ක් පමණ වේදිකාව මත කතා කරන චරිතයක්. මේ කතාව වෙතින් පේ්රක්ෂකයා ග්‍රහණය කර ගත යුතුයි. නාට්‍යයක් වන, එහෙත් නාට්‍යයක් නොවන එකක් වන මෙහි දෙබස් මතක තබා ගැනීමම අභියෝගයක් වුණා. ඒත් පුහුණුව නිසා ඒ අභියෝගය ජය ගත්තා.

මහ සමයම
මේක ඇත්තටම දෘෂ්‍ය කාව්‍යයක් වගෙයි. එක්තරා අවස්ථාවක වේදිකාවේ එක් කෙළවරක සිට තවත් කෙළවරකට පෙරළිලා යන්න තිබුණා. ඒ දර්ශනය හරියට ගඟක් තරණය කරන්නාක් වගෙයි. මේ දර්ශනයට දැලක් වගේ දෙයක් යොදාගෙන තිබුණා. පෙරැලීගෙන යනකොට දැලේ එතිලා මාව ලිස්සා ගොස් වැටුණා. ඒත් රඟපෑම අතෑරියේ නැහැ. දිගටම කළා. පේ්රක්ෂකයාට එය දැනුණෙ නැහැ.

කලූකුමාරි
මෙය ගායනයxරංගනය සහ නර්තනය ඇතුළත් නාට්‍යයක්. මට මගේ සියලූ දක්ෂතා ඒ නිසා පෙන්වීමේ හැකියාව ලැබුණා.
මෙය ගායනයxරංගනය සහ නර්තනය ඇතුළත් නාට්‍යයක්. මට මගේ සියලූ දක්ෂතා ඒ නිසා පෙන්වීමේ හැකියාව ලැබුණා.
සෙල්ලම් නිරිඳු
මෙහි කතා තේමාව දස්කොන් පුවතයි. මම රඟපෑවේ සුමිත්‍රා බිසවගේ චරිතයයි. මේ නාට්‍ය වේදිකාගත වන දිනවල තවත් නාට්‍යයක් ”දස්කොන්” නමින් වේදිකාගත වුණා. ඒ නාට්‍යයේ සුමිත්‍රා බිසව ලෙස රඟපෑවෙත් මමයි. හැබැයි චරිත දෙක එකිනෙකට වෙනස්. දෙබස් පවා වෙනස්. ඒත් ඒ අත්දැකීම මට කවදාවත් අමතක කළ නොහැකියි.