Pages

Friday, 19 July 2013

මට ඕනෑ දහතුනටත් වැඩියමක්‌ – විග්නේෂ්වරන් දැන්මම ඉල්ලයි

http://sinhalanews.readsrilanka.com/wp-content/uploads/2013/07/Vigneswaran.pngදහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ පළාත් ආණ්‌ඩුකාරවරුන්ට ලබාදී තිබෙන බලතල කප්පාදු කළ යුතු බවත්, තමන්ට අවශ්‍ය දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නොව ඊට වඩා වැඩි යමක්‌ බවත් උතුරු පළාත් සභාවට ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් තරග කරන මහ ඇමැති අපේක්‍ෂක විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළකර ඇත්තේ ජාතික පුවත්පතක් වන ‘දිවයින’ කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
දහතුන් වැනි සංශෝධනයේ ප්‍රශ්න රැසක්‌ තිබෙන බව කී විග්නේෂ්වරන් මහතා ඒ සියල්ල වෙනස්‌ කළ යුතු බවද කීවේය. දහතුනට වඩා වැඩි යමක්‌ දෙන බව කී ආණ්‌ඩුව දැන් දහතුන් වැනි ව්‍යවස්‌ථාවේ බලතල කපා දැමීමට සූදානම් වන බව පැවසූ හෙතෙම මෙම සංශෝධනය යටතේ පළාත් ආණ්‌ඩුකාරවරයාටද බලතල රැසක්‌ ලබාදී තිබෙන බව කීය.
පළාත් ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්‌ බව කී විග්නේෂ්වරන් මහතා පළාත් සභාවට දකුණතින් දෙන බලය ආණ්‌ඩුකාරවරයා විසින් වම් අතින් ලබාගන්නා බවද එවැනි තත්ත්වයක්‌ යටතේ පළාත් සභාවක වැඩක්‌ කිරීමට තමන්ට නොහැකි බවද කීය.

No comments:

Post a Comment