අන්‍ය
ආගමිකයන්ට සහ අනෙකුත් ජාතීන්ට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයන් දියත් කිරීමට
මාන බලමින් සිටින අවස්ථාවාදීන්ට තෝතැන්නක් නිර්මාණය කරන්නට මෑතක දී බිහිවූ
ඇතැම් ආගමික මූලධර්මවාදී ව්‍යාපාර කටයුතු කරද්දී ඊට එරෙහිව බිහි වූ සමාජ
ව්‍යාපාරයන් ගර්හාවට ලක් කිරීම අලුත් වටයකින් ආරම්භ වී ඇති බව පෙණෙන්ට
තිබේ. මේ සදහා මූලධර්මවාදී සංවිධානයක ප්‍රබලයින් සහ ඔවුන් ගේ අනුග්‍රහය ලබන
ඇතැම් විද්‍යුත් මාධ්‍ය මේ වන විට පියවරක් තබා ඇති බව පැහැදිලිව දැක ගත
හැකි ය.
ස්වේච්ඡාවෙන්ම
ඉදිරිපත් වූ කණ්ඩායමකගේ පූර්ණ මැදිහත්වීම මත වර්ගවාදයට සහ ප්‍රචණ්ඩත්වයට
එරෙහි සෑම දේශපාලන මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වෙතම කරනල ද විවෘත
ආරාධනාවන් මගින් මාතර රැළිය සදහා ජන සහභාගීත්වය වර්ධනය කිරීමට මුල සිටම මෙම
රැළියේ සංවිධායකයෝ වෙර දැරූහ.
මෙම
එකමුතුව සදහා ජන රැළියට සහභාගීවූවන් සහ ඊට අනුග්‍රහය දැක්වූවන් අතර, නීතීඥ
ශිරාල් ලක්තිලක ගේ සිට ඩලස් අලහප්පෙරුම දක්වා සුවිශේෂී චරිත රැසක් වූහ. මෙම
රැළියේ ප්‍රධාන තේමාව වූයේ “වෛරයට විරුද්ධව මධ්‍යස්ථ මතධාරීන්ගේ එකමුතු බව
පෙන්වීමටත්, විවිධත්ත්වයේ හා එකමුතුබවේ අගය පිළිබඳ හැඟීම් අවදිකිරීමටත්
සංවිධානය කෙරෙන සාමකාමී ප්‍රයත්නයක තවත් පියවරක්“ බවයි.
කෙසේ
වෙතත්, මෙම මඩ ප්‍රචාර සදහා කිසිදු පදනමක් නැතිව සහ මාධ්‍ය භාවිතය මෙන්ම
මාධ්‍ය සදාවාරය පිළිබදව දැනුමක්වත් නැති විද්‍යුත් මාධ්‍ය භාවිතයට ගන්නා
කිහිප දෙනෙකුගේ ද සහාය ලබා ගන්නා බව පෙනෙන්නට තිබේ. මෙම පිරිස අනෙකාට
අල්ලස් ලබා ගන්නා බවට චෝදනා කළ ද, වෙනත් පුද්ගලයින්ට සහ මාධ්‍ය ආයතන වෙත
අල්ලස් ලබා දී නිහඩ කිරීමට ගත් උත්සාහයන් ද වන බව නොරහසකි. අවශ්‍ය වෙතොත්
අපි මේ පිළිබදව ඉදිරියේ දී කරුණු හෙළි කරන්නෙමු.
මංගල
සමරවීර මන්ත්‍රීවරයා විසින් එම ස්ථානයට පිරිස කැදවා ගෙන ඒම මෙන්ම මාතර මහ
නගර සභාවේ නගරාධිපති සොසින්ද්‍ර හදුන්ගේ ද ඊට සහභාගී වී සිටීම මෙහි දී කැපී
පෙණුනි. උදක්ම මෙම රැළිය නිර්පාක්ෂික ස්වේච්ඡා තරුණ කණ්ඩායමකගේ සද්භාවයෙන්
යුතු උත්සාහයක් වූබව මුල සිටම පෙණෙන්ට තිබුණි. මෙයට සහභාගී වී සිටි පිරි
300 ත් 400 ත් අතර වීය.
මාතර
රැළියට සහභාගී වී සිටි ඇතැමුන්ගේ සවිඥාණික භාවය පිළිබදව අපට ද පැනයක් ඇත. ඒ
පිළිබදව වෙනත් ලිපියකින් සාකච්ඡා කරන්නට අපි සූදානමින් සිටිමු. එය අපගේ
මාධ්‍ය භාවිතාවේ පැහැදිලි එක් අංගයක් වන අතර, පුද්ගලිකත්වය හෝ හුදු ඕපා දූප
ඔස්සේ පුවත් මැවීමට තරම් අපි පහත් මට්ටමකට නොවැටෙන මාධ්‍ය භාවිතයක නියැළෙන
බව ද සදහන් කරන්නෙමු.
No comments:
Post a Comment