
හෙළිකර ඇත. ඊට හේතුව ඒ වන විට දැරියගේ පියා රාජකාරි සඳහා ප්‍රදේශයෙන් බැහැරව සිටීමය. තම දියණියගේ මෙම පැමිණිල්‍ලේ බරපතළ බව වටහා ගත් ඇගේ මව වහාම ඒ සම්බන්ධයෙන් එම විදුහල්පතිනියට පැමිණිලි කොට තිබේ.
එහෙත් ඉන්පසු අවස්ථාවක එම සිසුවිය තමන් වෙතට කැඳ වූ එම විදුහල්පතිනිය ඇයට පවසා ඇත්තේ අපූරු කතාවකි. “ඒවා මොනවටද ගෙවල්වල කියන්න ගියේ ; ඕවා ජීවිතයට අත්දැකීම්නේ”යනුවෙනි. මෙම සිදුවීම ද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ප්‍රසිද්ධියේ අනාවරණය විය. මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වුණි.
මෙහිදී කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කළ මාතලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා ප්‍රකාශ කොට සිටියේ එම දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් අධිකරණමය ක්‍රියා මාර්ග ගෙන ඇති බවකි. එමෙන්ම මෙහිදී අදහස් පළ කළ කමිටුවේ සභාපති නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා මෙම විදුහලේ පරිහානිය සම්බන්ධයෙන් මේ වන විටත් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශන කමිටුව සහ විෂය භාර අමාත්‍යවරයා දැනුම්වත් කර ඇතිබවද පැවැසීය.
එමෙන්ම මාතලේ ප්‍රධාන පාසලක් වන මෙහි හටගෙන තිබෙන මෙම සාතිශය ඛිෙදනීය තත්ත්වය සම්බන්ධයෙන් අදාළ සාක්ෂි ද සමග වහාම ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට ද කමිටුව මෙහිදී තීරණයකට එළැඹිණි.

සත්‍යතාව කෙසේ වුවද ලක් ඉතිහාසයේ කිසි කලෙක වාර්තා නොවූ අයුරින් නඩුවක තීන්දුව පක්ෂග්‍රාහී ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස එහි පැමිණිලි පාර්ශ්වයෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගැනීමේ වෝදනාවක් මත දිසා විනිසුරුවරයෙකුට එරෙහිව චෝදනා ගොනු වී තිබේ. එමෙන්ම පසුගියදා නියෝජ්‍ය පොලිස්පතිවරයකු අධිකරණය හමුවට පත්වූයේ මිනීමැරුම් චෝදනාවකට වගඋත්තරකරු ලෙසිනි. එවන් උසස් පොලිස් නිලධාරියකු මෙබඳු සාපරාධී වරදක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට පත් කෙරුනු ප්‍රථම අවස්ථාව ද එයයි. එමෙන්ම පසුගිය සතියේ වාර්තාවූ පුවතකට අනුව ආණමඩුවේ පාසලකට පැමිණි වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු සිසු දරුවන් හා ගුරුවරුන් ඉදිරියේදී එහි ගුරුවරියක දෙවරක්ම දණගස්සවා තිබේ. ඒ සඳහා ඇය කළ වරද වී ඇත්තේ එම මන්ත්‍රීවරයාගේ දියණියට විලිබිය ඇති ලෙස ඇඳුම් අඳින ලෙස අවවාද කිරීමය. මෙරට අධ්‍යාපනය කියා දෙයක් ඇතිවූ දින සිට ගුරු වෘත්තිය සම්බන්ධයෙන් සිදුවූ දරුණුතම නිග්‍රහය මෙය බව දැන් අනාවරණය වී තිබේ.
ඒ සිදුවීම් තුන සමග වාර්තාවූ ඉහත සඳහන් මාතලේ සිද්ධියෙහි යම් සැලකිය යුතු සත්‍යතාවයක් තිබේ නම් එය පසුව සඳහන් කෙරුනු බරපතළ සිදුවීම් තුනටත් වඩා අතිශයින් බිහිසුණුය, බරපතළය. මක් නිසාද යත් ලොව කිසිදු රටක නොමැති අයුරින් මෙරට පාසල් තුළට නොනිල වශයෙන් හෝ ‘ගණිකා විෂය’ පිවිසියේ නම් ලෝකෙන් උතුම් රට වශයෙන් අප විසින්ම හඳුන්වා ගනු ලබන ශ්‍රී ලංකාව නුදුරේදී ලෝකයේ ලොකුම ගණිකා මඩමක් බවට පත්වීමේ ඉතා පැහැදිලි ඛිෙදනීය අවදානමක් පවතින බැවිනි.
පසුබිම් වාර්තාව හේවා පී. කරුණාරත්න
විධිමත් විමර්ශනයක් කරනවා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි
නීතිඥ අනෝමා දිසානායක
අදාළ සිද්ධිය සම්බන්ධයෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මියගෙන් කරන ලද විමසීමකදී ඇය ප්‍රකාශ කරන ලද්දේ මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන බවයි. මාතලේ ප්‍රදේශයේ සිටින සිය නිලධාරීන් මාර්ගයෙන් අදාළ මූලික පරීක්ෂණ කඩිනමින් සිදුකරන බවත් එම පාසලේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම කඩිනමින් ගන්නා බවත් අනෝමා දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.
No comments:
Post a Comment