Pages

Wednesday, 10 July 2013

දේශපාලඥයින්ගේ සුරතල් පාතාල නායක ජපන් චූටි පොලිස් දැලේ

පොලිසියට කට්ටි පණිමින් දේශපාලන රැුකවරණයන්ද ලබමින් මෙතෙක් කාලයක් නිදහසේ සිටි මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන තොටලග ජපන් චූටි නැමැත්තා හෙරොයින් තොගයක්ද සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින්  08 අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් ග්?ම් 100 ක් සමග පැපිලියාන ප‍්‍රදේශයේදි ඔහුව අත්අඩංගුවට ගත් බවත් ඇලියොන් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයකින් ඔහු ගමන් කරමින් සිටි බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ තොරතුරුවල සදහන්ය. ඔහුට අයත් රුපියල් එක්කෝටි තිස් ලක්‍ෂයක් පමණ වටිනා ලෑන්ඞ් කෲෂර් රථයකින් ඔහුගේ මස්සිනාද ගමන් කරමින් සිටි බවත් ඔහුද හොරොයින් බෙදා හැරීමේ ජාවාරමේ නිරතව සිටින්නෙක් බවට තොරතුරු හෙළිවී  වී තිබෙන බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ජපන් චූටිට තොටලග ප‍්‍රදේශයේ ඉඩම් රැුසක් තිබෙන බවත් ඔහුට ඇති දේපොලවල වටිනාකම රුපියල් කෝටි තිහ හතලිහ ඉක්මවන බවටත් තොරතුරු පොලිසියට ලැබී තිබේ. මත්ද්‍රව්‍ය වෙළදාමෙන් ඔහු උපයාගෙන ඇති එම මුදල් විශුද්ධිකරණ පනතින් දේපොල රාජසන්තක කිරීම කෙරෙහිද මේ වන විට අවධානය යොමුවී ඇතැයි දැනගන්නට තිබේ.
මෙම පුද්ගලයාට හෙරොයින් ලැබෙන්නේ ඉන්දියාවේ සිටින ජාවාරම් කරුවන්ගෙන් බවත් එ් අය අතර පාතාල මර්දන මෙහෙයුම් වලට බියෙන් ඉන්දියාවට පළාගොස් සිටින කිඔුලා ඇල ගුණා ද සිටින බවටත් පොලිසිය සදහන් කරයි.
කිබුලා ඇල ගුණා සිටින්නේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ඉන්දියානු මධ්‍යම මත්ද්‍රව්‍ය කාර්්‍යාංශ අත්අඩංගුවට පත්ව තමිල්නාඩු බන්ධනාගාරයේය. ඔහු සිය ගෝලබාලයින් සමග එක්ව දුරකථන ඔස්සේ හෙරොයින් ජාවාරම මෙහෙයවන බව සදහන්ය.
තොටලග වූටි නැමැත්තා කාලයක් තිස්සේ හෙරොය්න් ජාවාරමේ නිරතව සිටින බවත් කැලනිය කොහොල්විල ප‍්‍රදේශයේ ඔහුට අයත් සුඛෝපභෝගී නිවසක් තිබෙන බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අනාවරණය කරගෙන ඇත. එ් අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග එම නිවස සෝදිසි කිරීමේදි එ් තුළ තිබී හෙරොයින් ග්රූම් 25 ක් සමග බිරිදව අත්අඩංගුවට ගෙන තිබේ.
ලාලිත නැමැති පුද්ගලයෙකව ඉකුත් 2011 වසරේදී හෙරොයින් කිලෝ 8යි ග්රූම් 200 ක් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. එකී හෙරොයින් තොගය බෙදාහැරීමේ පිටුපසද ජපන් චූටි සිටින බවට එකළ තොරතුරු අනාවරණය වූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්්‍යාංශ තොරතුරු අනාවරණය කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අයි.එම්.කරුණාරත්න , අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී කමල් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙසින් පොලිස් පරීක්‍ෂක රංගජීව ඇතුළු කණ්ඩායමක් පරික්‍ෂණ පවත්වන බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

No comments:

Post a Comment