Pages
▼
මිනීමරු වාස්ගේ මිනීමරු පුතා රවිඳු අත් අඩංගුවට: පොලිසියේ ගිනි අවි පාතාලයට විකුණලා
මිනීමරු වාස් ගුණවර්ධන පවුලේ වැඩිමහල් පුත්‍ර රවිඳු ගුණවර්ධන අද උදෑසන
විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගත්තේ ය. ඔහු කලක්
අධ්‍යාපනය ලත් කඩුවෙල කොතලාවල ස්ලිට් ආයතනය ආසන්නයේ නිවසක සැඟවී සිටියදී
අත් අඩංගුවට පත් විය.
බම්බලපිටියේ ව්‍යාපාරික සියාම් ඝාතනයට පෙර
ඔහු රැගෙන ගිය වෑන් රථයයට වාස්ගේ නිවසේ සිට ගිනි අවියක්ද සහිතව රවිඳු
ගුණවර්ධනද නැගුණු බව රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණ. සියාම් ඝාතනය
කළ ගිනි අවිය රවිඳු ගුණවර්ධන සතු එකක් බවත් එය ඔහු ලඟ තවමත් තිඛෙන බවත්
රහස් පොලිසිය අධිකරනයට ඊයේ වාර්තා කළේය. එම ගිනි අවිය මෙතෙක් හමුවී නැත.
මේ අතර මීට පෙර පාතාලයේ තිබී අල්ලා ගන්නා ලද පොලිසිය සතු ටී-56 ගිනි
අවියක්ද පාතාලය වෙත විකුණා තිබුණේ රවිඳු ගුණවර්ධන බව මේ වන විට හෙළි වී
තිබේ.
මේ වන විට රවිඳු ගූණවර්ධනගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරමින් සිටී.
ගුණවර්ධන පවුලම විවිධ ගිනි අවි සහිතව සිටින සේයාරූ කිහිපයක් ලංකා ඊ නිවිස් මීට පෙර පළ කෙළේය.
No comments:
Post a Comment