Pages

Thursday, 18 July 2013

පොර පිටියට බහින ඇමති පුත්තු ඊයේ පීරීක්ෂණයට

මෙවර මධ්‍යම සහ වයඹ යන පළාත් සභාවලට අපේක්ෂකයන් ලෙස පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ පුතුන් 7 දෙනෙකු ඉදිරිපත් වීමට බලාපොරොත්තුව සිටින බව වාර්තා වේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ පැවැත්වූ සම්මුඛ පරීක්ෂණවලට ඔවුන් ඉදිරිපත්ව ඇත.ඒ අතර අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ පුතණුවෙකු, අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ පුතණුවෙකු සහ නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතාගේ පුතණුවෙකු මධ්‍යම පළාත් සභාවට ඉදිරිපත් වීමට අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සම්මුඛ පරීක්ෂණයට පැමිණ තිබේ.

        වයඹ පළාත් සභාවේ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ජයරත්න හේරත්  බන්දුල බස්නායක,වික්ටර් ඇන්තනී යන මහත්වරුන්ගේ පුතුන්ද ඉදිරිපත්ව ඇතැයි වාර්තා ‍වේ. මීට අමතරව අදාල පළාත් සභා සඳහා මැති ඇමතිවරැන්ගේ ඥාතීන් රැසක්ද අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටී.
කසුන් දිසානායක

No comments:

Post a Comment