ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල
මැතිවරණයට තරඟ කිරීමට නාම යෝජනා ලබා ගැනීම සඳහා සියළු සුදුසුකම් සපුරා
ඇතැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.
‘අද අපරාධ කරන පිරිස අතර ප්රමුඛ ස්ථානයක ඉන්නේ ප්‍රාදේශීය පළාත් සභාවල ඉන්න ආණ්ඩුපක්ෂයේ දේශපාලකයො. මේ අයට දේශපාලකයො කියන එක වැරදියි. දේශපාලනය සදහා අවම සුදුසුකම් මොනවද කියලා ලංකාවෙ ආණ්ඩුව ප්‍රකාශයට පත්කරලා නෑ. මැරවැඩ කරන්න පුළුවන්නම් හොදට සල්ලි වියදම්කරන පුළුවන් නම් දුෂණ වංචා අපචාර වැඩියෙන් කරලා තියෙනවා නම් අන්න ඒ තක්කඩි අමන රැළට තමයි නාමයෝජනා ලැබෙන්නෙ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. 70 දශකයේ මුල් භාගයෙත් ඔය වගේම පෙළපාලි ගිය කට්ටියක් හිටියා. සීනි නැතිව තේ බොන්නම් මිරිස් නැතුව හොදි කන්නම් කියලා කට්ටියක් පෙළපාලි ගියා. ඒ අයගේ අලූත් පරම්පරාව තමය ඔය ඊයේ පෙරේදා පෙළපාලි ගියේ.
ඊයේ පෙරේදා හරි අපූරු වැඩක් වුණා. මහපොළොවෙ නෙමෙයි. උඩුගුවනේ අඩි 35000 ක්ඉහල අහසෙ. කෙහෙළියගේ පුතා ටොයිලට් දොර කියලා වැරදිලා පිටවීමේ දොරටුව අරින්න ගිහිල්ලා. නින්දෙන් ගිහිල්ලා හීනෙන් ඇවිද්දලූ. තාත්තා හීනෙන් ඇවිදලා අඩි 35ක් ඉහල හෝටලේ තට්ටුවකින් පහළට වැටුණා. දැන් තාත්තා කියනවා මටත් වඩා ප්‍රසිද්ධ වුණු මගේ පුතා කියලා. දැන් පුතාට පළාත් සභාවේ නාම යෝජනා අනිවාර්යයි. පළාත් සභාවට විතරක් නෙමෙයි යුරෝපා පාර්ලිමේන්තුවටත් දැන් සුදුසුකම් ලබලා. ඇයි මොකද දන්නවද? වැඬේ ජාත්‍යන්තර වෙලා. මුළු ලෝකෙම ගුවන් සමාගම් සහ මගීන් වැඬේ දන්නවා’

No comments:
Post a Comment